Katha Ahura

සඳලතා |12 වන (අවසන් කොටස) | හොල්මන් කතා

3.9/5 - (7 votes)

සඳලතා නිසා 12 (අවසන් කොටස)

” දැන් මම මොකද කරන්නේ ,අර නාග වේසෙන් එන මහසෝන මාව ඉක්මනට අල්ලගනියි……. ඌට දෙන්න තිබ්බ බිත්තරෙත් බිදුනා ,අනිත් පැත්තෙන් සුජාතාගේ මිනියට පන ඇවිල්ල බිහිසුණු විදිහට මම දිහා බලන් ඉන්නවා… තව මොහොතකින් ඒ මිනියත් මිනීපෙට්ටිය ඇතුලෙන් නැගිටලා මම ලගට ආවොත්

එක පැත්තකින් නාග වේසෙන් එන මහසෝනා, අනිත් පැත්තෙන් පන ආපු සුජාතාගේ මිනිය.. ”

කරකියාගන්න කිසිම දෙයක් නැති තැන මට එකපාරටම හිතුනේ නාගය ලගට එන්න කලියෙන් එතනින් පැනල දුවන්නයි.

” කොල්ලෝ උබ අතින් මොකක් හරි වැරද්දක් වුනාද ”

මන්තර ජපකිරිල්ල නවත්තපු ගුරුන්නාන්සේ ගේ හඩ මිනීවල ඇතුලෙන් ආවේ හොදටම කලබලයෙන් වගේ.

ඊට පිලිතුරක් නොදුන්න මම විදිලි පන්දමත් අරගෙන වෙගෙන් එතනින් දුවගෙන් ආවේ මේ පාලු මිනීපිටියෙන් ඉක්මනට පැන ගන්න හිතලා. ගුරුන්නාන්සේ කොහොම හරි එයාගේ මන්තරවල බලෙන් මොනව හරි දෙයක් අර නයාට කරාවි කියලයි මට හිතුනේ.

ඒත් එකවරම මට මිනී පිටිය පැත්තෙන් ආපු ඒ හඩවල්වලට මගෙ මුලු ඇගම හිරිවැටුනා.

” හූ……………..”

ඒ බියමුසු හූ හඩ මරනය පෙනි පෙනී වගේ හූ හඩක්. ගුරුන්නාන්සේ මාමද එහෙම හූ කිව්වේ. සිහි එලවාගන්න බැරිව මම හිතද්දිම ආයේ පාරක් අර හූවටත් වඩා හයියෙන් හූ හඩක් මිනිපිටියෙන් ඇහුනා.

” ඔව් ඒ ගුරුන්නාන්සේ මාමගේම කෑ ගැහිල්ල තමා….ගුරුන්නාන්සේ මාමා මහසෝනට අහුවෙලාද….. ගුරුන්නාන්සේ මාම වගේ බලසම්පන්න කෙනෙකුත් ඔහොම මහසෝනට අහුවෙනවනම් මම ගැන කවර කතාද”

බියෙන් හිතපු මම මිනීපිටියෙන් ඈත්වෙන්න කියලා දිවගෙන ගියේ උපරිම වෙර දරා……

” හූ……………..”

තුන්වෙනිවරතත් අර මර හූ තැලිල්ල මට ඇහුනා.

ඊට ඒ හූ හඩවල් තුනෙන් පස්සේ මට ආයේම එහෙම හඩක් ඇහුනෙ නෑ… ඒ වෙද්දී මම හිටියේ අර ගුරුන්නාන්සේ මාම කිව්ව අර මන්තර වලින් මතුරල බලවත් කරපු බෝතලේ මම හංගපු ගහ ලගට කිට්ටු කරලා.

” ගුරුන්නාන්සේ මාමාව මහසෝන බිල්ලකට ගත්තද ,එහෙම වුනානම් ඒ ලග මහසෝනගෙ බිල්ල වෙන්නේ මාව……ඌ ලගට එන්න කලින් මම අර බෝතලේ අතට ගන්න ඕනා……..ගුරුන්නාන්සේ මාම කිව්ව විදිහට ඒ මන්තර වලින් මතුරපු බෝතලේ ලගට කිසිම අමුනුශ්‍ය ආත්මයකට කිට්ටු වෙන්න බෑ කියලනේ….”

ඒක එහෙමද ,එහෙම නෙමේද මම දන්නේ නෑ. ඒත් ඉක්මනට මට ඕනා වුනේ ඒ බෝතලේ අතට අරගන්නයි. විදිලි පන්දම ගහගෙන මම හැකි ඉක්මනට දුවන් ගියා ඒ ගහ ලගට.

මම තිබ්බ විදිහටම බෝතලේ දාපු කලි උරය ඒ ගහේ දෙබලේ තිබ්බා. ඉක්මනට උරෙන් වතුර බෝතලේ අරගෙන එකේ තිබ්බ වතුර බීගෙන බීගෙන ගියේ වටපිටාවවෙන් ඇහෙන හඩවල් වලටත් ඇහුන් කන් දෙමින්.

බෝතලේ තිබ්බ වතුර සම්පූර්ණයෙන් ම මම බිව්වේ නෑ…..තව ටිකක් ඉතිරිකරගත්තෙ බැරිවෙලාවත් ඉස්සරහට ඕනාවෙයි හිතලා.

” බේරගන්ඩ ,අනේ…කවුරුවත් නැද්ද…..බේර ගන්ඩ………..”

එකපාරම මිනීපිටියට අල්ලපු වත්තක් දෙසින් ඒ ලාවට වගේ ඇහුන හඩට ආයේ මම කලබල වුනා.

” අනේ මට යන්ඩ දීපල්ලා……..”

ආයෙම වතාවක් ඇහෙන ඒ වේදනාත්මක ගැහනු කට හඩ මගෙ පැත්‍තට ටිකෙන් ටික ලංවෙනාව වගේ.

” කට මිරිකනවා…අයේ කෑගැහුවොත්.. උබව බේරගන්ඩ කවුරුවත් දැන් එන්නේ නෑ…….”

ඊට පස්සේ මට ඇහුනේ ගැබුරු පිරිමි තරහ ගිය හඩක්.

” ලොකු අම්මේ ,මාව බේරගන්ඩ ලොකු අම්මේ…..”

දෙයියනේ ඊට පස්සේ මට ඇහුන ඒ හඩ මාව කම්පනය කෙරුවා වගේ දැනුනේ. මට විශ්වාසයෙන්ම කියන්න පුලුවන් ඒ හඩේ අයිතිකාරිය මම පනටත් වඩා ආදරය කරන සදලතාගෙමයි.

” මේකිව මිනීමිටියට අරගෙන ගිහින් කරන දෙයක් කරමු හහ් හහ්…. කවුද හිතුවේ මුතුමාල සල්ලී හොරකම් කරන්ඩ ගිය අපිට කෙල්ලෙක්ව හොරෙන් උස්සගෙන එන්ඩ තරම් හිතක් පහල වෙයි කියල. හිහ්….”

ගිරවෙක් වගෙ පිරිමි හඩකින් කතා කරපු ඒ හඩ වියැකී යද්දීම මම දැක්කා මම හිටපු ගහ පැත්තට ඇදෙන අදුරේ චායාවන් කීපයක්. ඉක්මනට මම විදිලි පන්දම නිමල දාල ලග තිබ්බ ගහට මුවා වුනා.

” අම්මෝ මේකි ලගින් එන සුවද…වනමලක්ද මන්දා……”

” ඉක්මනට අරන් යමූ වන මල හෙමින් හෙමින් තලල දාන්ඩ.හිහ්…..”

” අනේ…..මට යන්ඩ දියල්ලා…….”

එහෙම එක එක හඩවල් දිගේ ඒ අය මම හැංගිලා උන්නු ගහ පස්කරන් ගියා. අදුරට හුරුවුන ඇස්වලින් මම දැක්කා එතන ම්නිස්සු තුන්දෙනෙක් මිනීපිටිය පැත්තට යනවා . එක මිනිහෙක් මම හිතපුවිදිහට සදලතාව කරේ තියාගෙන යමින් හිටියා.

” මේ ඉන්නේ අර මම සුජාතාගේ මලගෙදර ගිය වෙලාවේ මිනිස්සු කතාවුන ගමටපනින හොරු වෙන්න ඇතී. ගුරුන්නාන්සේ මාම මේ හොරුන්ට හෙට උදේ ගමේ මිනිස්සුන්ට පේන්ඩ මොකක් හරි පාඩමකුත් උගන්නනවා කිව්වත් එක්ක නේ.

ඒත් මුන් සදලතාව මිනීපිටියට උස්සගෙන යන්නේ සදලතාට කරදරයක් කරන්න…..ඔව් එහෙම තමා….ඒත් මම මගේ සදලතාට මොකුත් වෙන්න දෙන්නේ නෑ……..මම ඔවුන්ව මරනවා……”

ඒ ගැන ආවේගයින් හිටපු මට කලින් මම මිනීපිටියෙදී දැකපු අර බිහිසුණු සිදුවීම් පෙලත් අමතක වෙලා තිබ්බා.

” යකෙක් එක්ක හරි සටන් වැදිලා මම සදලතාව බේරගන්නවා….. සදලතාට ඉදිකටු තුඩක හීරීමක්වත් මම වෙන්ඩ ඉඩ තියන්නේ නෑ……”

මටම කියාගත්ත මම අරුන් පිටිපස්සෙන් ආයෙම පාරක් මිනිපිටියට උන්ට හොරෙන් ඇදුනා.

උන් තුන්දෙනා සදලතාව උස්සගෙන ගියේ සුජාතා වලදපු මිනීගොඩැල්ල පැත්තට නෙමේ. ඊට අඩි දෙසීයක් විතර දුරින් තිබ්බ ගස්වැල් අක්‍රමනය කරල තිබ්බ මිනි ගොඩැලි පවා එච්චරම තිබ්බ ඉසව්වකටත් නෙමේ.

” මේකිට මොනා හරි උනොත් ඔය තියෙන මිනි වල්ක්ම හාරලා ඒක ඇතුලට දාල වහල යමු…….”

අර ගිරා හඩක් තිබ්බ මිනිහා ඒක කියද්දී මට දැනුනේ නිම්හ්ම් නැති කෝපයක්.

” උබල මගේ සදලතාට මොනව හරි කරන්න කලින් මම උබල තුන්දෙනාව මරල මිනීවලක් හාරලා ඒකට දාල වහනවා…..”

මම ඒක මටම මුමුනා ගනිද්දී මම දැක්කා අරුන් තුන්දෙනා සදලතාව බිමින් තියලා එකෙක් සදලතාගෙ බෙල්ලෙනුයි තවත් එකෙක් සදලතාගේ කකුල් දෙකෙනුත් අල්ල ගන්නවා. කෑ ගහන සද්ලතාට උන් එක්ක් ඔට්ටුවෙන්න බෑ.

” සදලතාට මෙහෙම මුන් කරදර දෙනව බලන් ඉන්ඩ බෑ…….”

කෝපෙන් දත්මිටි කාපු මම ඉක්මනින්ම දුවල ගියේ සුජාතාගේ වල දාපු මිනිය ගොඩ ගත්ත තැනට.

සිතේ එතනට යන්න මට තැතිගැන්ම තිබ්බා ඇත්ත. ඒත් ඒ ඔක්කෝටම වඩා මට ඕනා වුනේ සදලතා බේරගැනීමෙ අරමුනයි.

ගුරුන්නාන්සේ මාමගේ ,අර නාග වෙසින් ආපු මහසෝනගේ අංශූ මාත්‍රයක්වත් මට එතනට යද්දි පෙනුනෙ නෑ. මට ආයේ එතනට යන්න ඕනා වුනේ වෙන දෙයකට නෙමේ. සුජාතාගේ වල හාරන්න ගෙනාපු නාරස්සනයයි ,උදැල්ලයි අරගෙන යන්න.

සුජාතාගේ ම්නිය තියෙන පැත්ත නොබලන තරමට මම පරිස්සම් වුනා. ඒත් න සුජතා වලදාන්න කපපු වලට ඇස ගියේ අහම්බෙන් වගේ. ඒ බිහිසුණු දසුන දැකපු මගේ නැතිවෙලා තිබ්බ බය ආයේ මතිවෙන්න පටන් ගත්තේ තත්පරයකටත් අඩු නිමේශයකින්.

මිනීවල ඇතුලේ තිබ්බේ ගුරුන්නාන්සේ ගේ නිසල මල සිරුර. නිකම් නෙමේ මිනීවලේ තැනක ගුරුන්නාන්සේ ගේ කදත් තව තැනක කදින් වෙන්වුන ගුරුන්නාන්සේ ගේ මූන තිබ්බේ ඉතා බිහිසුණු විදිහට. ඇස් ගෙඩි දෙක ලොකුකරගෙන ඒ නිසල මූන මම දිහා බලන් හිටියේ මගේ මුලු සර්වාංගෙම වෙව්ලමින්.

” එපා…….මට යන්න දියල්ලා…..”

ඒත් එක්කම මිනීපිටියේ පැත්තකින් ඇහුන සදලතගේ හඩට මම ආයේ පියවි සිහියට ආවා. දැකපු බිහිසුණු දසුනවල් ඔක්කොම අමතක කරලා මම අයෙම සදලත කැ ගහන පැත්තට දුවගෙන ගියේ නාරස්සනයි උදැල්ලයි අරන්.

උදලු බන්දෙන් හරි නාරස්සනෙන් හරි අරුන්ගේ ඔලුවට පිටිපස්සෙන් ගිහින් ගහන්ඩයි මට ඕනා වුනේ.

” අනේ….එපා………..”

එතනට ලංවෙද්දී ම සදලතාගේ විලාප හඩ ආයෙම පාරක් මට ඇහුනා.

” මේ වැඩේ හරියන්නෙ නෑ රංජියා ,මේකිගේ කට ඔය ඇදන් ඉන්න ගවුමෙන් කෑල්ලක් ඉරලා බදිමූ… මේ කෑ ගහන කෑ ගැහිල්ලට කාට හරි ඇහුනොත් එහෙම ”

ගිරා හඩකින් කතා කරන මිනිහා ඒ දේ කියද්දී මම ඒ පැත්තට ඉක්මන් අඩි තියා තියා ගියා. ඒත් මට එහෙම වැඩි දුරක් යන්න ලැබුනේ නෑ. මගේ කකුලක් එකපාරම පසුත් කඩාගෙන වලකට වැටිලා හිරවුනා.

” ආහ්………..”

මට ඒකපාරම එහෙම කියවුනේ වේදානාවක් දැනුන නිසා. මගේ කකුල හිරවිලා තිබුනේ මිනියක් තැම්පත් කරලා ඒක උඩින් ක්‍රොන්ක්‍රීට් ලෑල්ලකින් වහල දාපූ ,ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒ ක්‍රොන්ක්‍රීට් ලෑල්ලේ කොටසක් කැඩුනු සිදුරකිනුයි.

මම ඒ සිදුරෙන් කකුල මුදවගන්න සැරසෙනකොටම මගෙ මූනට ටෝච් එලියක් වැටුනා.

” කවුද මේකා…….”

එතන හිටපු තුන්දෙනාගේම මූනේ තිබ්බේ පුදුමයක්. ඒ ටෝච් එලියෙන් සදලතාත් මාව දකින්න ඇති.

” හොල්මනක්වත්ද බං”

එකෙක් කිව්වා.

” මොන හොල්මන්ද බං හොල්මන් එනවවැයි ,උදලු නාරස්සන අරන්……..මගෙ හිතෙ මේක එන්ඩ ඇත්තේ මේ කෙල්ලගෙ කෑ ගැහිල්ලට වෙන්ඩ ඇතී…….”

ගිරා හඩක් තිබ්බ මිනිහා කිව්වා.

” දැන් මූට මොකද කරන්නේ…..”

” කරන්නේද ,කරමු මූට ආයේ ජීවිතේට අමතක වෙන්නැති පාඩමක්, මම මේකිව අල්ලගෙන ඉන්නම් ,උබල දෙන්න ගිහිල්ලා ඌව අල්ලගනින් . ශ්හ් අපේ වැඩ ඔක්කොම කෑව ,මේ කාලකන්නියා කඩාපැනලා…….”

කියපු උන්ගෙ දෙන්නෙක් මම හිටිය පැත්තට එද්දි මම තව පාරක් හිරවුනු කකුල අර කොන්ට්‍රීට් ලෑල්ලෙන් මුදව ගන්න අසාර්ථක උත්සහයක් ගත්තා.

ඒත් එක්කම ආයෙ පාරක් පරිසරය වෙනඩ් වෙන්න පටන් ගත්තේ හරිම බයංකාරා විදිහට. මිනීපිටිය වටා තිබ්බ කැලෙ පැත්තෙ ඉදන් නරි හූ කියන්ඩ පටන් ගත්තේ තරගෙට වගේ. විශාල වවුල්ලු මිනීපිටියට ඉහල අහසේ ඉදන් පියඹගෙන ඇවිල්ලා අපේ ඇගේ වැඩි වැදී ගියා. අර ගැහනු හඩකින් විලාපදෙනවා වගෙ කෑගහ සතාගේ හඩත් ඒත් සමගම ඇහුනේ ගොඩාක් ලගින් හරියට මිනීපිටියේ ඉන්නවා වගේ ලගින්.

ඒ හඩට අර මම අල්ලගන්න ආපු මිනිස්සු දෙන්න නැවතුනේ ගල් ගැහිලා වගෙ…

” ඒ රංජි ඒ බෝදිලිමා නේ කෑකැහුවේ….”

මෙච්චර වෙලා චන්ඩිවෙලා හිටියා අර ගිරා හඩක් තිබ්බ මිනිහාගේ චන්ඩිකම කොහෙ ගිහිල්ලද මන්දා. ඒ හඩ ලොකු බයකට පරිවර්තනය වෙලා.

ඒත් එක්කම ඇග හිරිගඩු පුප්පවන සීතලක් එක්ක එකපාරටම කලු පොදියක් වගේ මොකෙක් හරි එකෙක් මිනීපිටියෙ මිනීගොඩැල්ලක් උඩින් මතුවුනා.

මට විශ්වාස කරන්නවත්බැරි තරම් මහේ ඉනටත් වඩා උස කලුම කලු බල්ලෙක් ඒ මිනීගොඩැල්ල උඩ හිටගෙන හිටියේ. ඌට තිබ්බේ ගිනියම් වූ ඇස් දෙකක්. අදුරට ඒ ඇස් දෙක බිහිසුණු ගිනිබෝල දෙකක් වගේ කැපිලා පෙනුනා. කිසිම බල්ලෙකුගේ දැකල නැති බිම දිග ගෑවෙන තරම් දිග දිවක් ඒ බල්ලට තිබ්බෙ….

” ම….ම….මහසෝ…නා……. දුවපල්ලා………”

රංජි කියන මිනිහා ගොත ගහමින් ටික ටික පස්සට ගිහින් එකපාරටම දුවන්ඩ පටන් ගත්තා.. සදලතාව අල්ලගත්ත මිනිහා සදලතාව අත ඇරලා එතනින් දුව්න්න පටන් ගත්තා…

” ගර්………..ගර්…………….”

මොහොතක ඒ දිහා බලන් උන්නු අර කලු බල්ලා එහෙම ගොරවලා විශාල පිම්මක් අර දුවන් යන මිනිස්සු දිහා බලං පැන්නා.

” ඉතිපි…….ඉතිපි……..”

එක මිනිහෙක් එහෙම කියන් දුවද්දී අර කලු බල්ලා එකපාරටම ඒ මිනිහා දුවනකොට ඈත්වෙන කකුල් දෙක මැද්දෙන් රිංගලා එකපාරටම අහසට පැන්න.

ඉහලට ඇන්න බල්ලා ඊට පස්සේ නැවතුනේ ඒ මිනිහාගේ බෙල්ල හපාකාමීන්.

” අම්මෝ………….”

බල්ලත් එක්කම බිම පෙරලුනු ඒ මිනිහාගෙ මර ලතෝනිය ගව් ගානක් දුරට ඇහෙන්න ඇති.

මේ බය හිතෙන දේවල් බල බලා මම අමාරුවෙන් අර හිරවුනු කකුල බේරගත්තා. පසෙකින් වැටිලා තිබ්බ අර බලවත් කරපු වතුර තිබ්බ බෝතලෙත් අරන් ඊට පස්සේ මම පිම්මේ දුවන් ගියේ සදලතා ලගට. සදලතා හිටියේ සිහි නැතුව බිම වැටිලා. අර කලු බල්ලා කරන දේවල් දැකල ඇය බය වෙන්ඩ ඇතී.

” සදලතා……..නැගිටින්ඩ ”
එහෙම කිය කියා මම ඉක්මන්න් අර වතුර බෝතලෙන් සදලතාවේ මූනට වතුර ඉස්සේ වටේ වෙන බය හිතෙන දේවලුත් බලමින්.

කලු බල්ලා එක පාරටම විශාල කලු නාගයෙකුට පරිවර්තනය වුනේ මම බලාගෙන ඉද්දිමයි. ඒ අර බිත්තරේ ගන්න ආපු නයාමයි. නාගය පෙනය පුප්පහෙන එකපාරටම පැන්නේ මර බයෙන් දුවන් යන අර ගිරා හඩක් තිබ්බ ම්නිහා ලගටයි.

” අයියෝ…..මාව බේරගන්ඩෝ………ම්…….”

ඒ ම්නිහා මරලතෝනි දෙද්දී අර කලු නයා පිබුරෙක් මුවෙක් ගිලින්ඩ වෙලා ගෙන ඉන්නවා වගේ අර ම්නිහාව වෙලා ගත්තා….ඒවා දිහා බලන් හිටපු මට එකපාරම ඇහුනා සදලතා කහින් හඩ. .

** සදලතාට සිහිය ඇවිල්ලා ,ඇරිලා තියෙන ඇස් මට අදුරේ උනත් දකින්න අමාරුවුනේ නෑ….

” සදලතා…බයවෙන්ඩ එපා සදලතා….මම ඉන්නවනෙ…….”

මම සදලතාගේ හිස අතගෑවේ උපරිම සෙනෙහසින් ,මොහොතකට හිතේ තිබ්බ බයත් අමතක කරලා.

” සු….සුනිමල් අයියේ…ඔයා……ඔයා කොහොමද ”

මගේ හඩ අදුරගෙන සදලතා හිටියේ පුදුමෙන්.

” ඒක දිග කතාවක් සදලතා….මම පස්සේ කියන්නම් , ඔක්කොටම කලින් මෙන්න මේ බෝතලේ තියෙන වතුර බොන්න…ඒවා බිව්වම අපිට අමුනුශ්‍යා බලපෑම් වලට අහුවෙන්නේ නෑලූ……”

මම ඒ දේ කියද්දී මම දැක්කා අර කලු නයත් මේ වෙද්දි තවත් බිහිසුනු රුවකට පරිවර්තනය වෙලා තියෙන හැටී. මට වඩා තුන්ගුනයක් විතර උස ,ඇග කලු රෝම වලින් වැහිලා තිබ්බ ඒ රුවට තිබ්බෙ වලහෙකුට සමාන මූනක්. ඒ රුවේ ඔලුවේ තිබ්බ කෙස් බට ලි වගේ කෙලින් වෙලා තිබ්බා. ඇස් දෙක ගොරක මද දෙකක් වගේ තිබ්බේ ලේ පාටින්.

මම පලමු වතාවට දැක්කා මහ සෝනාගේ ඇත්‍ත රූපය. රංජි කියන මිනිහාගේ බෙල්ලෙන් අල්ලගෙන උන්නු මහසෝනා මම බලා ඉද්දීම රංජිගේ බෙල්ල කඩලා අතට ගත්තා.

රංජිගේ හිස නැති ක්වන්ද සිරුර මිනී ගොඩැල්ලක් උඩ වැටෙද්දි මහ සෝන කදෙන් ගලවගත්ත ඔලුවෙ හිසේ කෙස් වලින් එල්ලගෙන පොලව දෙදරුම් කන ගෙරවවිල්ලක් කෙරුවා.

ඊට් පස්සේ ඒ හිස අහලකට යොමු කරපු මහසෝනාගෙ ගිනියම් ඇස් යොමුවෙලා තිබ්බෙ මායි සදලතායි ලගට.

” සද ලතා නැගිටින්ඩ අපි මෙතනින් යන්ඩ ඕනා….”

මරනය පෙනි පෙනී හිටපු මම සදලතාව නැගිට්ට ගත්තා. අර මතුරපු බීපූ ඒ වතුර ගුරුන්නාන්සේ කියපු විදිහට බලවත් කරපු වතුරනම් විතරයි මගෙයි සදලතාගෙයි ජීවිත බේරෙන්නේ. සදලතාත් මම කිව්ව විදිහට ඒ වතුර බිව්ව නිසා හිතට මගෙ දැනුනේ පොඩ්ඩක් හරි සැනසීමක්.

” සදලතා පිටිපස්ස බලන්නේ නැතුව ඉක්මනින් මෙතනින් යමූ…අපි ඉක්මනට ගිය තරමට තමා අපේ ජීවිත බේරගන්ඩ පුලුවන් වෙන්නේ.”

මම කියද්දි සදලතා හිසවැනුවේ බියපත් දෑසින්.

සදලතා මහසෝනා දැක්කොත් ආයේ පාරක් සිහි නැතිවෙලා වැටෙයි කියල හිතලයි මම ඇයට කිව්වේ පිටිපස්ස හැරිලා බලන්න එපා කියලා.

අර තවපොඩ්ඩ්ක් ඉතිරිවෙලා තියෙන වතුර බෝතලේ සදලතාට දුන්න මම ,විදිලි පන්දමත් එක අතකින් අල්ලගෙන අනිත් අතින් සදලතාව අල්ලගෙන හැකි ඉක්මනට මිනීපිටියෙන් පිටවෙන්න කියල හිතන් ගියා.

ඒත් මටයි සදලතාටය් ඒ විදිහට යන්න පුලුවන් වුනේ අඩි කීපයක් විතරයි. එකපාරම අපිට අඩි විස්සක් දුරින් අර බිහිසුණු මහසෝනා මත්වුනා.

මහසෝනා ටිකෙන් ටික අපිහිටපු පැත්‍තට එන්න පටන් ගත්තා. ඒත් එක්කම් සදලතා සිහි නැතිව වැටෙන්න හැදුවේ කපා හෙලූ ගහක් කඩන් වැටෙනවා සේ. ඒත් මරනය පෙනි පෙනී වුවද මම සදලතාව වැටෙන්න නොදී අල්ල ගත්තා.

ඒ අවසරයෙන් මහසෝනා තවත් අපි හිටපු දිහාට කිට්ටු කෙරුවා. ඒ රුව දිහා බල බල මම සදලතාත් ඔසවගෙන පිටිපස්සට ගියත් එක පාරටම මම විශාල ගහක කදකට හේත්තුවුනා.

අපේ මරනයට අතවනමින් ඒ රුව තවත් පොඩ්ඩක් දුර ඇවිත් එකපාරටම නැවතුනේ මාව පුදුමයට පත් කරමින්. මම දිහා එක එල්ලේ මොහොතක් බලන් උන්නු ඒ රුව කටින් හඩක් නගමින් අතුරුදහන් වෙලා ගියේ මාව තව ටවත් පුදුමයට පත්කරමින්.

” ඇයි මහසෝනා අපිව මැවුවේ නැත්තේ…….”

හිතපු මගෙ ඇස් එකපාරටම නැවතුනේ ගුරුන්නාන්සේ මතුරලා බලවත් කරපු වතුර දාපු තවත් පොඩ්ඩක් වතුර ඉතිරිවෙලා තිබ්බ බෝතලේ ලග.

” සමහර විට ඒ හින්දා වෙන්න ඇති මහසෝනට අපිට කරදර කරන්න එන්න බැරිවෙන්න ඇත්තේ……..”

මම සදලතා දිහා බැලුවා. ඇය තවමත් සිහි නැතිව මගේ අත්වල රැදී උන්නා.කරන්න තිබ්බේ එක දෙයයි . ඉක්මනට සදලතාව මගේ කරට අරන් මම ගම ඇතුලට යන්න හිතන් වේගෙන් දුවගෙන ගියා.

ගමේ ගෙවල් තියෙන පාර හරියේ යද්දී මට එකපාරම දැනුනේ මට උණ ගන්න ඇවිල්ලා වගේ. තවත් දුරක් යන්න තරම් පණක් තිබුනේ නැති මට මතක මම සදලතාව පාර දෙපස තිබ්බ තණකොල ගොල්ලක් මත දිගා කරනවා පමණයි.
*********************************

මට ආයේ සිහිය එද්දී මම උන්නේ කොහෙහරි පේමන්ට් එකක් උඩ එලපු පැදුරක් මත. මම ඉස්සරවෙලාම දැක්කෙ කටට ඇගිල්ලක් දාගෙන මම දිහා බලන් ඉන්න පොඩි කොල්ලෙක්.

” හාමුදුරුවනේ ,අර අයියට සිහිය ඇවිල්ලා………..කට්‍ටියම එන්ඩෝ….අයියට සිහිය ආවා…”

කොල්ලා හයියෙන් බෙරිහන් දුන්නේ බිත්තිත් එක්ක දෙදරන්ඩ. ඒ හඩට සෑහෙන්න සෙනගක් මම උන්නු තැනට එක් රොක් වුනා. කහ සිවුරක් දාගත්තු හාමුදුරුවොත් හෙමින් හෙමින් වැඩියේ ඉන් අනතුරුවයි. මට පොඩ්ඩ වෙලාවකින් ඊයේ රෑ වුන ඒ බිහිසුණු සිදුවීම අකුරක් නෑර මතක් වුනා.

” සස….සදලතා…කෝ……..”

මම මුමුනද්දී එතන හිටපු ගැහනු මිනිස්සු මූනට මූන බලාගත්තා.

” මගෙ හිතේ සදලතා කියන්නේ අර දැරිවි වෙන්න ඇතී….”

එතන හිටපු ගැහනියක් කිව්වා.

” සදලතා හොදින්ද…එයාට කරදරයක් නැනේද……”

මම ඇය ගැන ආයෙම ඇහුවේ ඒ ගැන දැනගන්න මට ඉවසිල්ලක් නැති නිසා.

” ඒ දැරිවිට ඔය ළමයට සිහිය එන්න කලින් ,සිහිය ආවා.. ඊට පස්සේ එයාගෙ මහප්පා එයාව ඒ ගෙදර එක්කගෙන ගියා…..”

ඒක කිව්වේ හාමුදුරුවෝ.

” ඊයේ රෑ ඔය ළමයට මොකද වුනේ…..මහ අමුතුම අමුතු දෙයක් මිනීපිටියේ ඇතුලේ වෙලා තියෙන්නේ….. ඔය ළමයි දෙන්න විතරක් බේරුනේ කොහොමද කියල හිතාගන්නත් බෑ…..”

” අපි තව පොඩ්ඩකින් ඒ ගැන මේ ළමයගෙන් අහමූ… තවම සිහිය ආව විතරනේ…..උණ විකාරෙන් මේ ළමයා දොඩවපු ඒවගේ හැටියටනම් මේ ළමයා මිනීපිටියේ වුන දේවල් ඔක්කොම දැකල තියෙනවා වගේ.”

” සීමියොන් ගුරුන්නාන්සේ හදල තියෙන්නේ සුජාතගේ මිනිය ගොඩ අරන් කාට හරි තුන්කුලුදුල් පිල්ලියක් යවන්ඩ…..”

” ගුරුන්ටත් අකුරු වැරදෙනවා කියන්නේ අහනනත් දෙයක්ද ,සීමියොන් ගුරුන්නාන්සේ ට එදා වැඩේ වැරදිලා ගුරුන්නාන්සේ ටත් මහසෝනගේ බිල්ලක්වෙන්ඩ වුනා…..”

” ඒත් ගුරුන්නාන්සේ ඊයේ කියපු එක දෙයක්නම් හරි ගියා. කිව්වේ මේ ගමට පනින හොරුන්ට හෙට උදේ වෙද්දි හොද පාඩමක් ඉගැන්නිලා තියෙයි කියල ගුරුන්නාන්සේ එදා කිව්ව මතකද… ඒ හොරු තමා මිනීපිටියේ අර විදිහට මැරිලා හිටියේ ,සාමෙල් අප්පුගෙ ගෙදරින් අරන් ගිය රත්තරන්මාලෙත් මිනීපිටියේ තිබ්බ පොට්ටනියක තිබිලා හම්බවුනා…

සාමෙල් අප්පුගෙ ගෙදරට පනින වෙලාවේ අර දැරිවි දැකල උස්සගෙන මිනීපිටියට ගිහිල්ල තියෙන්නේ අනාත කරල දාන්ඩ. එහෙම කරන්න හද්දදී තමා මහසෝනා එතනට ඇවිත් තියෙන්නේ…..”

” හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් එහම තමා වෙලා තියෙන්නේ…ඒ වෙලාවේ වෙන්න ඕනා සිමියොන් ගුරුන්නාන්සේ මේ ළමයත් එක්ක අර වැඩෙ මිනීපිටියේ කර කර ඉදල තියෙන්නේ….. බලමුකෝ ඒකෙත් හැටී….”

” ඒත් මේ දෙන්න විතරක් මහසෝනාගේ බිල්ලක් වුනෙ නැත්තේ ඇයී….”

ගම්මූ රහසින් රහසින් මුමුනන දේවල් මට නොඇසුනා නොවේ. ඒත් මට ඒ දෙවල් වලින් ගොඩක් දේවල් තේරුම් ගන්න හැකිවුනා.
**************************************

ඊට පස්සේ ගොඩක් දේවල් වුනා. බිහිසිනු පෙනුමක් තිබ්බ සුජාතාගේ මිනිය ආයෙත් වල දැම්මා. ගුරුන්නාන්සේ ගේ මිනිය වලෙන් ගොඩ අරන් ගෙදර ගෙනත් අවසන් ආගමින් වතාවන් කරල එහෙම ආයෙම වල් දැම්මා. හොරු තුන්දෙනාගේ මිනී තුනත් ඔවුගේ නෑදෑයින්ට බාරදුන්නා.

පන්සලේ හමුදුරුවෝ කිව්වේ අර රෑ සිදුවුනු බිහිසූනු සිදුවීම නිසා ඒක ටිකක් අකා මකා වෙනකම් ඉදලා පොඩ්ඩ කාලයක් පන්සලේ නැවතිලා ඉදල ආයෙම ගම් පලාතේ යන්න කියලයි. මම ඒ අදහසට කැමති වුනා. ඒත් එද රැයින් පස්සේ මම සදලතානම ඇහට දැක්කේවත් නෑ….

ඒ ගැනත් සිත වද වෙවී ඉන්න අවස්තාවකයි ඔහු ආවේ. ඒ සදලතාගේ මහප්පා.

” පොඩි දෙයක් කතා කරගන්න අපේ ගෙදර යමුද ”

ඔහු මට එහෙම ඇරයුමක් කලේ මාව වික්ශිප්ත කරමින්.

” මේ සදලතාගේ මහප්පා……..”

” ඔව් සදලතාගේ මහප්පා තමා……”

ඔහු ඒ දේ කිව්වට පස්සේ ඔහුත් එක්ක ගෙදර යන්න කැමති වුනා.

ඒ ගෙදරට කිට්ටු වෙද්දීම මම දැක්කා සදලතා පාර දිහා බල බලා මල් පැල වගයක් හිටවන හැටී….. මම දැක්කට පස්සේ හිනාවුන ඇයගේ හිනාව ඇතුලේ ගොඩක් දේවල් හැංගිලා තියෙන බව මට අදුරගන්න අමාරුවුනේ නෑ……

” ඔන්න කෙල්ලේ ,උබ හැමදාම හිනෙන් කෑ ගහබනවනේ සුනිමල් අයියා ගෙනවල දෙන්ඩ කියලා… ඔන්න අද මම සුනිමල් අයියා හැබහින්ම ගෙනත් දුන්නා……..”

සදලතාගේ මහප්පා ඒ දේ හිනාවෙලා කියද්දී සදලතාගේ මූන ලැජ්ජාවෙන් රතු වුනා.

” ඔන්න දෙන්න එක්ක කතා කරන දෙයක් කතකරගනිල්ලා ,මම යනවා….”

එහෙම කියපු සදලතා ගෙ ම්හප්ප එතනින් ගියේ මායී ඇයයි තනිකර.

” මට සමාවෙන්න සුනිමල් අයියේ ”

ඔහු ගියා ගියාමයි සදලතා කිව්වෙ බිම බලාගෙන පසුතැවිලි වෙන හඩකින්.

” ඒ මොකටද සදලත……..”

” ගමෙදී බැනපු ඒවාට ,ගමෙන් ඔයාට යන්න කිව්ව එකට ,ඒ දෙවල් ඔක්කොටම ,ඒත් මම ඒ දේවල් ඔක්කොම එහෙම කිව්වේ හේතුවක් ඇතිව සුනිමල් අයියේ…..”

” හේතුවක් ඇතිව ,මොකක්ද ඒ හේතුව……..”

” ඒ හේතුව තිබ්බේ නැත්නම් ,සමහරවිට මේ වෙද්දී මම සුනිමල් අයියව කසාද බැදල තියෙන්නත් ඉඩ තිබ්බා……. මම බයවුනා ඒ හේතුව හින්දා සුනිමල් අයියට කොච්කර කැමත්ත තිබ්බත් ,ඒ බව අගවන්නේ නැතිව දරාගෙන ඉන්න තරම්…”

” සදලතා කියන දෙයක් කියන්න තේරෙන්න…. සදලතා ඔයාට මොකක් හරි හොදකරගන්න බැරි අසනීපයක්වත් තියෙනවාද”

ඒ හේතුව් දැනගන්න බැරිව මම හිටියේ නිකම් පිස්සෙක් වගේ.

” නෑ සුනිමල් අයියේ එහෙම දෙයක් නෙමේ….. ඒක හෙන මෝඩ් හේතුවක් කියල හිතෙයි. මම බයවුනා සුනිමල් අයියේ අපි දෙන්න දාව ඉපදෙන වැඩිමල්ම ළමයා නිදානයක බිල්ලකට අරගෙන ගිහින් ඒ නිධනේ අරගන්න මරල දායි කියල……”

” මොකක් ”

” ඔව් සුනිමල් අයියේ ඔයත් ඔයාලගෙ පවුලේ වැඩිමලා, මාත් අපේ පවුලේ වැසිමලා… ඉතින් අපේ ඉපදෙන වැඩිම්ල් ළමයා තුන්කුලුදුල් වෙනවා… ඉතින් ඒ ළමයව නිදන් හොරු අරන් ගියොත් නිදනයක් ගන්ඩ බිලිදෙන්ඩ……තුන් කුලුදුල් කෙනෙක් මැරුනත් ඒ මිනියටවත් නිදහසේ ඉන්ඩ දෙන්නේ නෑ… දැක්කනෙ සුජාතාගේ ම්නියට කරපු දේ……….. ඔන්න ඔය හේතු නිසයි සුනිමල් අයියේ මම ඔයාට අකමැතියි කියන්න හේතුව වුනේ…….”

” අයියෝ සදලතා ඔච්චරම පොඩි දෙයක් හින්දද මට අකැම්තී කිව්වේ…….එහෙනම් ඔයා ඔය කියන විදිහට මාත් තුන් කුලුදුල්නේ… මගෙ අම්මා අම්මගෙ පවුලේ වැඩිමලා…… තාත්තා තාත්තාගෙ පවුලේ වැඩිම්ලා ,එහෙම බලද්දී මාත් තුන්කුලුදුල්,, ඒත් ඔයා ඔය කියන විදිහට මාව නිදානයක බිල්ලකට අරන් ගිහිල්ලා නෑ…… අනික ඔය නිදාන කියන දේවල් හම්බව්න්නේ ඒවාගේ උරුමක්කාරයට.

උරුමක්කාරයෙක් නොවෙන කෙනෙක් ඔය කියන නිදානයක් ගන්න හිතුවත් ඇති ඒ නිදානයට අරක්ගත්තු බහිරවයන්ට ඒක දැනෙනවලූ….. ඉතින් ඊට පස්සේ ඒ අයගේ මිතුරු යක්ශ යක්ශනියන්ටත් අගවල ඒ නිදානෙ ගොඩ ගන්ඩ බැරිවෙන ඉදිහට මොකක් හරි උපක්‍රමයක් කරනවලූ…..

ඒ හින්ද සදලතා අපෙන් ඉපදෙන තුන්කුලුදුල් දරුවෙක් උනත් නිදානයක බිල්ලකට අරන් ගියත් කොහොමහරි ඒ දරුවා බේරිලා ඒවී…… ඒ හින්දා ඔයාගේ අර හිතපු දෙ හිතින් අයින් කරල දාන්න…….”

” අම්මෝ……සුනිමල් අයියත් දන්න දෙවල්……….”

සදලතා ඒක කියද්දී ඇයගෙ මූනේ බොහෝ දේවල් මම ගැන ලියවිලා තිබ්බා.

” ඔය පොඩ්ඩයි….තව ගොඩක් දේවල් දන්නවා……තව දන්න දෙයක් කියන්න්ද”

” හා ”

සදලතා ඒකට කැමතිවුනේ එක පයින්.

” ඒ දේ කියන්න ඇස්දෙක වහගන්න ඕනා… නැත්නම් බෑ…..”

” ඒ මොකටද ඇස් දෙක වහගන්නෙ……”

” වහගන්නකෝ………ඉතින්”

සදලතා ඒ ඉල්ලීමට එකගවෙලා ඇස් වහගනිද්දී මම වටපිට බැලුවේ කවුරු හරි පේන්න ඉන්නවද කියලා…. එහෙම කිසිවෙක් පේන්න නෑ…..

ඒ අවසරයෙන් මම ඇස් වහන් ඉන්න සදලතාගේ මුහුන සිප ගත්තේ මලක් සිපගන්නවා තරම් පරිස්සමට…………………….සමුගන්න අවසරයි සඳලතා නිසා

වැඩ වැඩි ජීවිතයේ අයේ කවදා කතාවක් අකුරු කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ…..සමහරවිට ආයේ මම කතා ලියන්නෙත් නැති වෙයි….

ඉතින් කොටස් 12 ක් තිස්සේ කතාව කියවල ලයික් කමෙන්ට්ස් දීලා මාත් එක්ක හැමදාම හිටපු සියලුම දෙනාට ගොඩක් ස්තූතීයී.

බුදු සරණයි!!!!!!
දෙවිපිහිටයි!!!!!!

කතාව අවසන් කරපු විදිහ හොද නැද්ද දන්නෙත් නෑ……මොනව වුනත් අදත් ඔන්න දැවන්තම කොටසක් දැම්මා.☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

හෙට සිට අලුත්ම හොල්මන් කතාව කූලි නිවස කියවන්න හරියටම රෑ 9යට ඇප් එකට එන්න

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.