Katha Ahura

කතා අහුර පාඨක ඔබ වෙත ලියමි,

මුලින්ම කතා අහුර ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීම ගැන මම ඔබට ස්තුතිය වන්ත වෙනවා. මාස 2ක් වැනි කෙටි කාලයකදී අපි 10,000+ ඩවුන්ලෝඩ් ලබාගෙන ඇති බව දන්වන්නේ ඉමහත් සතුටෙන්.

ඒ වගේමයි කිසියම් පිරිසක් සංවිධාන‌ාත්මක විදියට අපේ ඇප් එක‌ට නෙගටිව් Feedback දීලා 1 ස්ටාර් Star දාලා තියෙනවා. මේ කතා අහුර ඇප් එක ඔයාගේ ඔයා වෙනුවෙන් තමයි මම දිනපතා කතා එකතු කරන්නේ ඒ නිසා තවම අපිට Feedback එකක් දුන්නේ නැත්නම් දැන්ම ඇප්එකේ දකුණු අත පැත්තේ උඩම තියෙන ඩොට් 3 ක්ලික් කරලා එතනින් Rate us තෝරලා අපිට තරු 5ක් ලබා දෙන්න.

කියවීමට රුචියක් දක්වන කෙනෙකුවන මා හට කාර්යබහුල ජීවිතයත් සමග කියවීම මගෙන් ටික ටික ඈත් වුණේ නොදැනුවත්වමයි. කැම්පස් එකේදී පොතක් අරන් කියෙව්වට කාර්යාලයට යන අතරමග පොතක් අරන් කියවන්නට තරම් සුවපහසුතාවක් මට ‌තිබ්බේ නැත.

ඒත් අපි හැමෝම අතේ තියෙන ස්මාට් ෆෝන් එකට මේක දාගන්න පුළුවන් නම් මේක ලේසී පහසූ වෙයි කියලා මට ආපූ අදහසක් තමයි. කතා අහුර කියලා ගිය අප්‍රේල් 28 වැනිදා Android PlayStore එකට දැම්මේ.

අද බොහෝ පිරිසක් මේක පාවිච්චී කරල‌ා දැනුම වැඩිකරගන්නවා දැක්කාම සතුටුයි. අනික් දේ තමයි අද ගොඩක් කතා කියවන ලියන අය සරල සුගම භාෂා රටාවකට හුරු වෙලා තියෙනවා, මේ නිසා භාෂාවේ අපූරූ ලස්සන වචන අපෙන් ගිළිහෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි කොයි කාටත් ඇවිත් කියවන්න පුළුවන් විදියට කතා එකතුවක් නිර්මාණය කලේ.

ඇප් එක පාවිච්චී කරන ඔයාට තේරෙනවා ඇති වෙන ඇප් වගේ හැමතැනම ඇඩ් දාලා මේක වාණිජ අරමුණු ඉටුකරගන්න හදන එකක් නොවන බව. මගේ අරමුණ වුණේ හරවත් කතා එකතුවක් නිර්මාණයටයි. අද කෙටිකතා කියවන්න ගොඩක් පිරිසක් එතරම් රුචියක් නැහැ. හැබැයි මං කියනවා ඔයා කියවන හැම කෙටිකතාවකම අවසාන වෙනකොට ජීවිතට අලුතින් යමක් එකතු වෙලා ඇති. හොදම වැඩේ තමයි මුල ඉදන්ම දාපු කෙටිකතා කියවන්න.ඒ නිසා මෙච්චර කාලක් කියෙව්වෙ නැත්නම් අද කියවලා බලන්න.

මේකට දාන හැමකතාවක්ම මුලින්ම මම කියලා තමයි දාන්නේ. කියවලා වෙන වෙනම ඒ කතාවට ගැලපෙන මුල් පිටුවකුත් නිර්මාණය කරන්නේ කතාවල ගුණාත්මක භාවයටයි. වැඩිපුර පොටෝ තියෙන නිසා සමහර වෙලාවට ඇප් එක ලෝඩ් වෙන්න විනාඩියක් විතර යනවා ඒ්කට මගේ කනගාටුව.

අද ඉදන් ඔයාට කමෙන්ට් කරන්නත් පුළුවන් කතා වලට.පහළ තියෙන මැසේජ් බොක්ස් එකට ක්ලික් කරලා මැසේජ් එකක් එවන්න නැත්නම් අපේ පේජ් එකට මැසේජ් කරොත් ඔයාට ඕනම දෙයක් ගැන ඉක්මනට දැනගන්න පුළුවන්. එහෙනම් ඔබ සැමට ස්තුතියි. දිගටම අපිත් එක්ක මේ විදියටම රැදී ඉන්න.

[-කතා අහුර ඇඩ්මින්-]

https://www.facebook.com/

chandimaOFFICIAL

[email protected]

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.