ගන්දර කලපුව

අද්භූත මැ`දුරක සෘංගාරය පිරි රාත්‍රියක්‌ | ගන්දර කලපුව -අවසානය || නවකතාව||

මෙතෙක්‌ කථාව ගන්දර කලපුව -9 || නවකතාව|| උපසේන ගන්දර කලපුවේ සුවිසල් මැඳුරේ නවාතැන් ගත් දා පටන් මුහුණදීමට සිදුවූයේ අද්භූත වූ සිදුවීම් රාශියකටය. එම මැඳුරෙන් පිටව යැමට කොතරම් උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැත. එහි සිටින පිරිස අතරින් ජයසේනට යම් තරමක හෝ සමීපව ඇසුරු කිරීමට හැකිවූයේ “පංචිමා” සමඟ පමණි. එහෙත් පංචිමා ද යම් ගුප්ත බවකින් කටයුතු …

අද්භූත මැ`දුරක සෘංගාරය පිරි රාත්‍රියක්‌ | ගන්දර කලපුව -අවසානය || නවකතාව|| Read More »

පංචිමා ළඟත් නාරිලතා මලක්‌ |ගන්දර කලපුව -9 || නවකතාව||

මෙතෙක්‌ කථාව ගන්දර කලපුව -8 || නවකතාව|| උපසේන මාධ්‍යවේදියෙකි. හෙතෙම රාජකාරි ගමනක්‌ සඳහා පිටත්ව යන අතරවාරයේ අපූරු අද්භූත මිනිසකු මුණ ගැසේ. උපසේන රාජකාරි ගමන නවතා එම අමුත්තාගේ නිවස යෑයි කියන ගන්දර කලපුව අසබඩ පිහිටි විශාල මන්දිරය කරා යයි. එතැන් සිට උපසේන එම නිවසේ අමුතුම අන්දමේ ”සිරකරුවකු” බවට පත්වන අතර ඔහු මුහුණ පාන්නේ අමුතුම ආකාරයේ සිදුවීම් …

පංචිමා ළඟත් නාරිලතා මලක්‌ |ගන්දර කලපුව -9 || නවකතාව|| Read More »

පුදුම හිතෙන මාලිගාව | ගන්දර කලපුව -8 || නවකතාව||

මෙතෙක්‌ කතාව ගන්දර කලපුව -7 || නවකතාව|| උපසේන මාධ්‍යවේදියෙකි. හෙතෙම ගන්දර කලපුව අසල සුවිසල් මන්දිරයේ නවාතැන් ගත් දින සිට මුහණපාන්නේ අමුතුම අත්දැකීම් ගණනාවකටය. එහිදී මුණ ගැසෙන “පංචිමා” නම් තරුණිය කෙරෙහි උපසේන දැඩි ලෙස ආකර්ශණය වන්නේය. ගන්දර කලපුව අසල මන්දිරයෙන් පැන යාමට උපසේන කොතරම් උත්සාහ කළත් එය ව්‍යර්ථ වේ. මේ අලුත් උසෑසනකි. අද එතැන් සිට උපසේනගේ …

පුදුම හිතෙන මාලිගාව | ගන්දර කලපුව -8 || නවකතාව|| Read More »

මට ඕනෙ ඔයාට සුවයක්‌ දෙන්න | ගන්දර කලපුව -7 || නවකතාව||

මෙතෙක්‌ කතාව ගන්දර කලපුව -6 || නවකතාව|| අද්භූත මන්දිරයේ නවාතැන් ගෙන සිටි උපසේන වෙත පැමිණි කාන්තාව උපසේනගේ සිරුර සම්භාහනය කරන්නට වූවාය. ඒ සමඟම කොහේදොa සිට හමා ආ රෝස මල් සුවඳක්‌ සමග තද නිදිමත ගතියක්‌ ඔහුට දැණුනි. මේ කාන්තාව දෙවඟනක්‌ ද යක්‍ෂණියක්‌ දයි සිතමින් යහනින් නැඟී සිටින්නට උපසේන උත්සාහ දැරුවේය. තමා සිටින්නේ නිරුවතින් බව ඔහුට දැණුනේ …

මට ඕනෙ ඔයාට සුවයක්‌ දෙන්න | ගන්දර කලපුව -7 || නවකතාව|| Read More »

මේ ගෑනි යක්‍ෂණියක්‌ද? දෙව්දුවක්‌ද?| ගන්දර කලපුව -6 || නවකතාව||

මෙතෙක්‌ කතාව ගන්දර කලපුව -5 || නවකතාව|| උපසේන ගන්දර කලපුව අසබඩ පිහිටි අද්භූත නිවසේ නවාතැන් ගත් මොහොතේ සිට මුහුණ පෑවේ ත්‍රාසය හා භීතිය මුසු අමතුම ආකාරයේ අත්දැකීම් කිහිපයකටය. පසුදින උදැසන එළිවන මොහොතේ හෝ අද්භූත මන්දිරයෙන් පිටව යා යුතු යෑයි සිතන උපසේනට තමා නවාතැන් ගෙන සිටි කාමරයට පැමිණි අමුතුම කාන්තාවක්‌ නිසා ජීවිතයේ එතෙක්‌ නොලද අත්දැකීමකට මුහුණ …

මේ ගෑනි යක්‍ෂණියක්‌ද? දෙව්දුවක්‌ද?| ගන්දර කලපුව -6 || නවකතාව|| Read More »

ඈ සැබැවින් ම සුරංගනාවක්‌ මෙනි| ගන්දර කලපුව -5 || නවකතාව||

ගන්දර කලපුව -1 || නවකතාව|| ගන්දර කලපුව -2 | නවකතාව|| කතා අහුර|| ගන්දර කලපුව – 3 || නවකතාව|| ගන්දර කලපුව -4 || නවකතාව|| නෑ නෑ විදුලිය තියෙනවා’ උපසේන සිතුවේය. ‘මේ මිනිහා මට කොලේ වහන්න මේ සේරම කරන්නෙ. චිමිනි ලාම්පු පත්තු කලාම ශාලාවෙ ගතියක්‌ තියෙනවා. මගේ හිත දිනාගන්න කරන උප්පරවැට්‌ටියක්‌ මේක’ උපසේන තමාටම කියා ගත්තේ මුල්ම …

ඈ සැබැවින් ම සුරංගනාවක්‌ මෙනි| ගන්දර කලපුව -5 || නවකතාව|| Read More »

කලබල වෙන්න එප කෑම ටික කාලා ඉන්න| ගන්දර කලපුව -4 || නවකතාව||

මෙතෙක්‌ කතාව ගන්දර වලව්වේ රාත්‍රී නවාතැන් ගත් ජයසේනට එදින රාත්‍රියේ අත්විඳින්නට සිදුවූයේ බියකරු සහ අමුතුම ආකාරයේ අත්දැකීම රැසකටය. පසුදින එම නිවසින් පිටව යන්නට උත්සාහ කළ ජයසේනට ඔහු බලාපොරොත්තු නොවූ කරදර රැසකටද මුහුණපාන්නට සිදුවිය. ජයසේන තවමත් කල්පනා කරන්නේ ගන්දර වලව්වේ සිටින අද්භූත අමුන්තා කවරෙන්ද යන්නය. අද එතැන් සිට දිග කලු කබායක්‌ හැඳගත් සේවකයෙක්‌ මේසය මත පිඟන් …

කලබල වෙන්න එප කෑම ටික කාලා ඉන්න| ගන්දර කලපුව -4 || නවකතාව|| Read More »

පුදුම හිතෙන කාමරයක්‌ | ගන්දර කලපුව – 3 || නවකතාව||

මෙතෙක්‌ කතාව ගන්දර වලව්වේ රාත්‍රී නවාතැන් ගත් ජයසේනට එදින රාත්‍රියේ අත්විඳින්නට සිදුවූයේ බියකරු සහ අමුතුම ආකාරයේ අත්දැකීම රැසකටය. පසුදින එම නිවසින් පිටව යන්නට උත්සාහ කළ ජයසේනට ඔහු බලාපොරොත්තු නොවූ කරදර රැසකටද මුහුණපාන්නට සිදුවිය. ජයසේන තවමත් කල්පනා කරන්නේ ගන්දර වලව්වේ සිටින අද්භූත අමුන්තා කවරෙන්ද යන්නය. අද එතැන් සිට ප්‍රණීත තේ කෝප්පයෙන් පසු කාලිංග උපසේනව මතු මාලයට …

පුදුම හිතෙන කාමරයක්‌ | ගන්දර කලපුව – 3 || නවකතාව|| Read More »

ගන්දර කලපුව -2 | නවකතාව|| කතා අහුර||

ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ ජීවත්වන ලාංකික සිංහල ලේඛකයකු වන භද්‍රජි මහින්ද ජයතිලක දිගු කලකට පසු පුවත්පතකට ලියන නවකතාව ගන්දර කලපුවය. මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සමුද්‍රdසන්න ප්‍රදේශයක සිදුවූ සත්‍ය සිද්ධි සමූහයක්‌ ඇසුරෙන් මේ නවකතාව ලියා ඇත. ZOMBI ලෙස බටහිර ලෝකයේ හඳුන්වන, මනුෂ්‍යයන් අවනත කර ගැනීමේ සහ හැසිරවීමේ ක්‍රම වේදයක්‌ තිබේ. ZOMBI නායකයාට එම හැසිරවීමේ …

ගන්දර කලපුව -2 | නවකතාව|| කතා අහුර|| Read More »

වැහිබර සවසක අඳුරත් රැගෙන ආ ‘අමුතු අමුත්තා’ | ගන්දර කලපුව -1 || නවකතාව||

වැහිබර සවසක කලුතර ගාලුපාර අද්දර ගඟසිරි හෝටලයට අමුත්තෙකු ගොඩ වැදුනේය. හෝටලය තුළ වැහි අඳුරේ හිඳ සිටි කීප දෙනා මේ අමුත්තා ගැන කිසිවගක්‌ නැතිව තම තමන්ගේ මේස මතවූ මාළුÊපාන්, පැටිස්‌, කට්‌ලට්‌ස්‌, සීනි බනිස්‌ හෝ කේක්‌ කමින් තේ බොමින් වල්පල් දෙඩූහ. එක්‌ මේසයක්‌ අසල තනිවම හිඳ සිටි උපසේන යන්තම් හිස ඔසවා බලා අමුත්තා ගැන වගක්‌ නැතිව තම …

වැහිබර සවසක අඳුරත් රැගෙන ආ ‘අමුතු අමුත්තා’ | ගන්දර කලපුව -1 || නවකතාව|| Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.