සිහින සිත්තරාවී

සිහින සිත්තරාවී /තිස් අටවන කොටස/ නවකතා/ කතා අහුර රචක

ආන්ටිලාගේ ඇනුම් පද මැද්දේ තවත් දවස් ගත වුණේ ඉක්මනට..කෝස් එකේ තිබුණ එක්සෑම් එකටත් ලියලා මං ඒ ටිකේම ගෙදරට වෙලා හිටියේ රිසාල්‍ට් එනකම්.. “විමංශා..මට ටිකක් කතා කරන්න ඕනේ..” “කියන්න ආන්ටි..” මාත් හිනාවෙලාම පුටුවකින් වාඩි වුණේ ආන්ටි මේ කතා කරන්නේ ගොඩක් කාලෙකට පස්සේ නිසා.. “දැන් කෝස් එක ඉවරයිනේ..රිසාල්‍ට් ආවා කියලා විමංශාට මෙහේ ඉදන් කරන්න දෙයක් නෑනේ..ඒ නිසා …

සිහින සිත්තරාවී /තිස් අටවන කොටස/ නවකතා/ කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | තිස් හයවන කොටස | නවකතා|කතා අහුර රචක

“ඒන්ජල්..ලෑස්ති වෙන්න ගමනක් යන්න..” “කොහෙද අප්පා..මේ උදේ පාන්දර..” රශිත් ඇවිල්ලා මට කතා කරද්දී මං නැගිටලවත් නෑ..කොහොමත් මේ දවස් වල සීතල වැඩි නිසා උදෙන්ම නැගිටින්න හිතෙන්නෙත් නෑ..ක්ලාස් නිවාඩු දීලා හින්දා මගේ වැඩේම නිදාගන්න එක.. “නැගිටින්නකෝ මැණිකේ..ඉක්මනට..” ඒ වචන වලින් එළියට එන ආදරේටත් මං හරි ලෝබයි..ඒත් බයයි..රැවටෙන්න බයයි..නැත්නම් මමත් ආසයි.. ඒ පපු තුරුල්ලේ හුරතල් වෙන්න ඒ අතකින් …

සිහින සිත්තරාවී | තිස් හයවන කොටස | නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | තිස්පස්වන කොටස | නවකතා | කතා අහුර රචක

“ඔයාලා තීරණ ගන්න පුතේ..මගේ කිසිම අකමැත්තක් නෑ..ඒත් මං කැමති මේක ඉක්මනින් වෙනව නම්..” “මොනවා ගැනද අම්මා කියන්නේ..” “මං කියන්නේ ඔයාගෙයි විමූගෙයි මැරේජ් එක ගැන..” රශිත්ගෙයි ආන්ටිගෙයි කතාව මට ඇහුණේ වොශ් රූම් එකේ ඉදන් එළියට එද්දී..කකුල් දෙකම පණ නැති වෙලා ගියා වගේ..දේශිත අයියගේ වැඩ නිසා අන්තිමට ප්‍රශ්න වෙන්නේ අපිට..රශිත් කිසිම කතාවක් නැතුව තේ බොනවා..ආන්ටි වද කර …

සිහින සිත්තරාවී | තිස්පස්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | තිස් හතරවන කොටස | නවකතා | කතා අහුර රචක

“පලයන් යකෝ එහාට..උඹ මොනවද මේ කරන්නේ..$##” “ර..ර..ශිත්..” “ඔව් රශිත් තමයි..උඹ මෙහෙම එකෙක් කියලා දන්න නිසා තමයි මං මේ කෙල්ලව ආරක්ෂා කරන්න හැදුවේ..අද පව්කාරයා මං ආවේ නැත්තං උඹ මොනවද මේ කෙල්ලට කරන්නේ..” “න්..නෑ..බ..බං..මං..” “පලයන් යකෝ..මගේ දෑහෑට නොපෙනී..මං උඹව මරනවා අද..මගේ අක්කා අරෙහේ විදවනවා..උඹ..උඹ..” රශිත්ගේ පාරවල් වලින්  බේරෙන්න දේශිත අයියා කොච්චර උත්සහ කලත් වැඩක් වුණේ නෑ..බිම වැටෙනකම්ම …

සිහින සිත්තරාවී | තිස් හතරවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | තිස්දෙවන කොටස | නවකතා | කතා අහුර රචක

දේශිත අයියා ඇවිල්ලා තිබුණේ සමිදි එක්කමයි..ලොකු බඩකුත් උස්සන් කාර් එකෙන් බහින සමිදිට දේශිත අයියා නිකන්වත් උදව් කලේ නෑ..දෙන්නම මාව දැක්කා..දේශිත අයියා නම් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා..සමිදි නම් මං ලගට දුවලා වගේ ආවා.. “කොහොමද නංගී..හැමදේම හොදින් නේද..කෙල්ල ලස්සන වෙලා..” “හොදයි අක්කේ..අක්කාව දැක්කත් සතුටුයි” මං එහෙම කිව්වේ සමිදිගේ පිරුණු බඩ අතගාන ගමන්..අම්මාව මතක් වුණා මට..මගේ අම්මත් …

සිහින සිත්තරාවී | තිස්දෙවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | තිස්එක්වන කොටස | නවකතා | කතා අහුර රචක

විශේෂ කිසිම දෙයක් නොවී දවස් ගණන් ගත වුණේ නොදැනීම..සේමිණී ආන්ටිත් ලංකාවට ගිය නිසා සමහර දේවල් තනියම කරගන්න හුරුවෙන්න වුණා..රශිත්ගේ උදව්වෙන් කෝස් එකේ වැඩ කරගන්න පුලුවන් වුණ එක නම් හිතට සැනසීමක්…ටික කාලයක් ගතවෙනකොට ඉංග්‍රීසී වුණත් අමාරුවක් නැතුව ඉගෙන ගන්න පුලුවන් වුණා..හැබැයි මොන දේ කලත් රශිත්ගේ ලග තියන මගේ ෆෝන් එක නම් ලැබුණේ නෑ..ගෙදරට කතා කරන්න ඕනේ …

සිහින සිත්තරාවී | තිස්එක්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | තිස්වන කොටස | නවකතා | කතා අහුර රචක

රෑට කෑවෙත් නැති නිසාද කොහෙද උදේ හරිම අමාරුයි..වේලාසන නැගිටලා කිරි එකක් හදාගෙන බිස්කට් පැකට් එකකුත් අරන් කාමරේට ආවා..කිරි එක නිවෙනකම් මේසේ උඩින් තියලා හෙමින් සැරේ මූණ සෝදන් ඇවිල්ලා කිරි එක බීලා බිස්කට් කෑවා..ලෑස්ති වෙන්න තව වෙලා තියෙනවා..සේමිණී ආන්ටිටවත් කියන්න ඕනේ අද ගිහින් දාන්න කියලා..අර පිස්සා මාව එක්කන් යන එකක් නෑ..ගියත් එයා එනකං මං පැය ගාණක් …

සිහින සිත්තරාවී | තිස්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | විසිනවවන කොටස | නවකතා | කතා අහුර රචක

උදෙන්ම නැගිටලා ඉක්මනින් ලෑස්ති වුණේ කෝස් එකේ පළවෙනි දවසේ වේලාසන යන්න ඕනේ නිසා..ඒත් මොන කරුමයක්ද මන්දා මට කවදාවත් නැතුව වැඩි වෙලාවක් නින්ද ගියා..සීතලට නැගිටින්න හිතෙන්නෙම නෑ..ලෑස්ති වෙලා අයියටත් මැසේජ් එකක් දාලා සාලෙට ආවට කවුරුවත් පේන්න නෑ.. “ගුඩ් මෝනින් ඒන්ජල්..” “ගුඩ් මෝනින් රශිත්..කොහේ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නේ..” “ඔයා යන තැනටම තමයි..” “මොකක්..” ඇස් දෙකත් පොල් …

සිහින සිත්තරාවී | විසිනවවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | විසිඅටවන කොටස | නවකතා | කතා අහුර රචක

ෆ්ලයිට් එකට නැගලත් මං ගොඩක් වෙලා ඇඩුවා..අම්මාගේ මූණ මතක් වෙද්දී ගෙදර දුවන්නමයි හිතෙන්නේ..ඒත් මොනවා කරන්නද..මේ ගමන මං යන්නම ඕනේ..කටුනායකින් උඩු ගුවනට ෆ්ලයිට් එක යද්දී මං පහළින් පේන සුන්දරත්වය දිහා බලන් හිටියේ ජීවිතේ කිසිම දවසක මට මෙහෙම අත්දැකීමක් තිබිලා නැති නිසා..මේ යන ගමනේ මට තියෙන්නේ එකම එක හයියයි..ඒ සේමිණී ආන්ටි..ආන්ටිත් මාත් එක්කම යන්න ආව නිසා කිසිම …

සිහින සිත්තරාවී | විසිඅටවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | විසිහත්වන කොටස | නවකතා | කතා අහුර රචක

සේමිණී ආන්ටිලා ගියාට පස්සේ දැණුනේ පාලුවක්..කොහොමත් ආයෙත් දේශිත අයියා මෙහේ නොඑනවනම් හොදයි..මගේ හිත රිදෙනවා වගේ එයාලගේ අලුත් ජීවිතේටත් ඒක බලපාන්න පුලුවන්.. කාලය ගෙවිලා යන්නේ හරි ඉක්මනට..මාස දෙකක් ගත වුණා දැණුනෙවත් නෑ..ගෙදර හැමදේම සුපුරුදු විදියට වෙනවා…වෙනසකට වුණේ මං ආයේ දෙපයින් හිට ගත්ත එක විතරයි..දෙයියනේ කියලා දැන් ඇවිදගන්න පුලුවන්..ඒ නිසා හැමෝම ඉන්නේ හිතේ සතුටින්..කීප වතාවක්ම දේශිත අයියා …

සිහින සිත්තරාවී | විසිහත්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | විසිපස්වන කොටස | නවකතා | කතා අහුර රචක

මාසයක් විතර හොස්පිටල් ඉදලා තමයි ගෙදර එන්න ලැබුණේ..ඒත් හරියට අඩියක් තියාගෙන ඇවිදගන්න බෑ..හැබැයි මට ඒකේ අඩුවක් දැණුනේ නෑ..වෙනදටත් වඩා අයියා මාව බලාගත්තා..අම්මටත් ඒක ලොකු පහසුවක් වුණාද කොහෙද.. “චූටි..මොකද කියන්නේ..පල්ලෙහා ළිදට ගිහින් නාමුද..” කාමරේට ආව අයියා මගේ ලගින් වාඩි වුනේ එහෙම අහගෙන.. “කකුල තෙමන්න හොද නෑනේ..අම්මා බනීවිද දන්නේ නෑ..” “මේ..යකෝ මං උඹේ අයියා..මගේ නංගිව පරිස්සම් කරන්න …

සිහින සිත්තරාවී | විසිපස්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | විසිහතරවන කොටස | නවකතා

“චූටි පුතා..අපි ගෙදර ගිහින් එමු..” “මං නංගි ළග ඉන්නම් අම්මා..” “එහෙම කියලා බෑනේ..මේ ගමන යන්නම ඕනේනෙ..හ්ම් හ්ම්ම්..කෝ ඉක්මන් කරන්න..” දේශිත අයියා මගේ ලගින් අකමැත්තෙන් වගේ නැගිටලා ගියේ මගේ නළලට හාදුවකුත් දීලා..අනේ මට ඒ උණුහුම හොදටම දැණුනා…ගොඩක් වෙලා මං තනියම හිටියා..කවුරුවත් ආවේ නෑ ළගට..රෑ දවල් මොකද්ද කියලවත් තේරෙන්නේ නෑ..ඇගට අමුතුම හීතලක් දැනෙනවා.. අමාරුවෙන් ඇස් ඇරලා වටපිට …

සිහින සිත්තරාවී | විසිහතරවන කොටස | නවකතා Read More »

සිහින සිත්තරාවී | විසිතුන්වන කොටස | නවකතා | කතා අහුර රචක

මුලු රෑම නින්දක් නැති නිසාද කොහෙද උදේ ඇස් ඇරගන්නවත් බෑ..ඊටත් වඩා ඊයේ පාරවල් වැදුණ තැන්වල වේදනාව..ඇදෙන් නැගිට ගන්න බැරි තරම් රිදෙනවා..ෆෝන් එක එක දිගටම රින්ග් වෙනවා..ඒක ගන්නවත් හිතක් නෑ මට..කවුරු කතා කලත් මොකටද දැන්..වෙන්න ඕනේ හැමදේම වෙලා ඉවරයිනේ.. “විමූ කෝ තමුසෙගේ ෆෝන් එක..” “අ..අතන..” මං අත දික් කරලා පෙන්නුවේ පුටුව..දේශිත අයියා ෆෝන් එක බලලා ආයේ …

සිහින සිත්තරාවී | විසිතුන්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | විසිදෙවන කොටස | නවකතා | කතා අහුර රචක

“ඇයි විමූ මට මෙහෙම කරන්නේ..මං තමුසෙට ආදරේ නිසාද..නැත්තං මාත් එක්ක මොකක් හරි තරහක් තියනවද..කතා කරනවා විමංශා..” “අනේ..ඇයි අයියේ මේ..මං..මං මොනවද කලේ..” “වැඩක් නෑ..හැමදේම ඉවරයි..මං හිතුවේ තමුසේ වෙන කෙල්ලෝ වගේ නෙවෙයි කියලා..බලාගෙන ගියාම උන් හොදයි..” ඇස් වලින් කදුලු ගලාගෙන ගියේ කවදාවත්ම දේශිත අයියගෙන් මෙහෙම කතාවක් බලාපොරොත්තු නොවුන නිසා..වචනෙකින්වත් එයාට වැරැද්දක් නොකරපු මට මෙහෙම කතා කරද්දී පපුවත් …

සිහින සිත්තරාවී | විසිදෙවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | විසිඑක්වන කොටස | නවකතා | කතා අහුර රචක

රෑ වෙනකම්ම පාඩම් කල නිසාද කොහෙද ඔලුව පුපුරන්න වගේ රිදෙනවා..ක්ලාස් යන්නත් ඕනේ..ඉස්සර වගේ පොඩි ලෙඩේටත් ක්ලාස් කට් කරන්න බෑ..මට දැන් පැහැදිලි අරමුණක් තියනවා.මං ඒකට යන්න ඕනේ..මූණ හෝදගෙන ඇවිල්ලා ඉක්මනට ලෑස්ති වුණේ තාත්තා එක්කම පාරට යන්න පුලුවන් නිසා..කලුපාට ස්කර්ට් එකට කහ පාට ටී ශර්ට් එකක් ඇද ගත්තේ මං ආසම පාටවල් දෙක ඒවා නිසා..කොහොමත් ඩෙනිම් අදිනවට වඩා …

සිහින සිත්තරාවී | විසිඑක්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | විසිවන කොටස | නවකතා | කතා අහුර රචක

“මොකද වුණේ කියන්නකෝ..මේ එළියට වෙලා ඉන්නේ..” “අයියා ගෙදර එන්න ගොඩක් වෙලා යනවද නංගී..” “එයා එන වෙලාවක් කියන්න බෑ ඉතින්..සමහර දවසට එන්නෙත් නෑ..මෙහෙම ඉන්න බෑනේ..අපි යමු ඇතුළට..” “ඔයා යන්නකෝ..ගිහින් නිදාගන්න..” “ඔයා එළියේ ඉද්දී මට ගෙට යන්න බෑනේ අයියේ..” “එහෙනම් දෙන්නම මෙහෙම ඉමු..” එහෙම කියලා මගේ අතින් ඇදලා දේශිත අයියා මාව එයාගේ උකුල උඩින් වාඩි කර ගත්තා..මට …

සිහින සිත්තරාවී | විසිවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී| දහනවවන කොටස| නවකතා කතා අහුර රචක

මං කලේ වැරැද්දක් ද කියලා වෙලාවකට මටම හිතෙනවා..සති දෙකක් ගත වුණත් දේශිත අයියා අපේ ගෙදරවත් ක්ලාස් එක ළගටවත් ආවේ නෑ..හැබැයි ක්ලාස් එකට ඕනේ සල්ලි නම් වෙලාවට ගෙවලා තිබුණා..අන්තිමට ආපු දවසේ අම්මගේ අතටත් සල්ලි වගයක් දීලා ගිහිල්ලා..සමහරවිට මාත් එක්ක තරහෙන් ඇත්තේ..ඒත් මට වෙන කරන්න දෙයක් නෑ..දවසක එයා මාව තේරුම් ගනී..කොච්චර හොද කොල්ලෙක් වුණත් අපිට ළං වෙන්න …

සිහින සිත්තරාවී| දහනවවන කොටස| නවකතා කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | දහඅටවන කොටස | නවකතා | කතා අහුර රචක

නෙතූෂා නංගී ක්ලාස් ඇරිලා ගෙදර ආවේ මං දේශිත අයියා එක්ක එලියේ කතා කර කර ඉද්දී.. “අක්කා අද වැඩට ගියේ නැද්ද..” “නෑ නංගී..ආයෙත් යන්නේ නෑ..මාත් එක්සෑම් කරන්න හැදුවේ මේ පාර..” “බොරු වැඩක්නේ අනේ..දෙවනි පාර කරලා මොනවා කරන්නද..ගාමන්ට් ගියා නම් කීයක් හරි හම්බෙනවනේ..” නංගිගේ කතාවට හිත රිදුණත් මං ඒක හංගගෙන හිනාවුණා.. “මේ ඉන්නේ දේශිත අයියා..මට ඔයාට අදුන්වලා …

සිහින සිත්තරාවී | දහඅටවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | දාහත්වන කොටස | නවකතා | කතා අහුර රචක

සේමිණී ආන්ටි ඉස්සරහ කිසිම වෙනසක් නොපෙන්නා ඉන්න උත්සහ කලත් සැරෙන් සැරේ ආන්ටි මොකද කියලා අහනවා..ගමන් මහන්සිය නිසා කියලා යාන්තම් ශේප් වෙන්න පුලුවන් වුණා..දේශිත අයිය නම් කිසිම කතාවක් නැතුව වාහනේ අරන් යනවා..ගේ ලං වෙද්දී අම්මලා එළියට බැහැලා බලන් ඉන්නවා මං දැක්කා..වාහනේ නතර කරන්නත් කලින්ම දොර ඇරගෙන මිදුලට පැන්න මං නතර වුණේ අම්මගේ තුරුලේ.. “මං බය වුණා …

සිහින සිත්තරාවී | දාහත්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | දහසයවන කොටස | නවකතා | කතා අහුර රචක

“ඔය ළමයා මෙහේ ඉන්න..හෙට උදේම මං ගෙදර ගිහින් දාන්නම්..අම්මලට විස්තරේ කියන්න පුලුවන්නේ..” චේතියගේ අම්මගේ ඒ වචන වලට නම් මට දැණුනේ සහනයක්..අපේ අම්මා වුණත් බය වෙන එකක් නැහැ එහෙම වුණොත්..ඒත් අද රෑ මෙහේ ගෙවා ගන්න එපැයි..පිට තැනක ඉදලම නෑ අම්මලා නැතුව..අද ඒකත් කරන්න වෙලා.. සේමිණී ආන්ටි..ඒ කියන්නේ චේතියගේ අම්මා මාව එක්කගෙන ආවේ ලොකු කාමරයක් ලගට..ඇදක්,අල්මාරියක් එක්ක …

සිහින සිත්තරාවී | දහසයවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.