විද්‍යා ප්‍රබන්ධ

..ජීවීන් සොයා..| විද්‍යා ප්‍රබන්ධ ||කතා අහුර රචක

හෙලෝ….. හෙලෝ…. විශ්ව ගවේෂණය කරන මගේ ලෝකේ ඔයාලා හැමෝටම මං ගවේෂණයට ආව ගමනක ලස්සන අත්දැකීමක් කියන්නයි මං මේ ලෑස්තී.. මං කියන දේවල් අපබ්‍රන්ස කියලා හිතන්න එපා. අවසානෙදී කතාව තේරුම් ගන්න මං ඔයාලට උදව්වක් කරනවාමයි… මං හරිත.. වයස අවුරුදු තිහයි. මං වැඩ කරන්නේ මගේ තාත්තාගේ රාසා කියන විද්‍යා සංගමයට.ඒක ජනතාවගෙන් සැඟවුන සංගමයක්. මම හුඟක් ඉගෙන ගන්න …

..ජීවීන් සොයා..| විද්‍යා ප්‍රබන්ධ ||කතා අහුර රචක Read More »

කාල සංචාරය|හතරවෙනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ|කතා අහුර රචක

•කාල සංචාරය-හතරවෙනි සංචාරය “අම්මා…… කවුරු හරි දොරට තට්ටු කරනවා.” “චූටි දෝණි, මම වැඩක් පුතේ… ගිහින් බලන්න කවුද කියලා.” “හොඳයි අම්මා. මං බලන්නම්.” පාඩම් කරමින් සිටි පොත පැත්තකින් තැබූ සුලක්ෂිකා නැගිට ගොස් නිවසේ ඉද්දි දොර විවෘත කළාය. දොර අසල සිටි තැනැත්තා දුටු ඇය පුදුමයට පත් වී කෑ ගැසුවාය. “අම්මේ….. අම්මෙ ඉක්මනට එන්නකෝ….. අයියා ඇවිත්…..” “අනෙ මගෙ …

කාල සංචාරය|හතරවෙනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ|කතා අහුර රචක Read More »

කාල සංචාරය|තුන්වෙනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක

•කාල සංචාරය-තුන්වෙනි සංචාරය “අයියා ඇයි කලබලෙන්? ” කවිනි මෙතෙක් වෙලා තම හිතේ තිබූ ප්‍රශ්නය ඇසුවාය “Time Ghost ටීම් එක මේ කාලයට ඇවිල්ලලු.” “මොක්කු?” “TT ආයතනයට විරුද්ධ අය.” “ඉතින් අපි පැනලා යනවද?” “ඔව්….. මේ වගේ වෙලාවක ආධුනික නිලධාරීන්ව තියාගන්න බෑ. ඔයා….” “ඒගොල්ලො පහර දුන්නොත් මෙතන ඉන්න අයට මොකද වෙන්නෙ?” “අපිත් පහර දෙනවා…..” “TTලා පැරදුණොත්? ” “විකාර …

කාල සංචාරය|තුන්වෙනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක Read More »

කාල සංචාරය|දෙවැනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක

•කාල සංචාරය-දෙවැනි සංචාරය කවිනි ඇතුල් වූ කුටිය තුලට එහි බිත්තිවල සිට නිල් පැහැති ආලෝක දහරාවන් එල්ල විය. ස්වල්ප වේලාවක් පැවතුණු මේ ආලෝක දහරා නොපෙනී ගිය විගස යුරේකා තම යාන්ත්‍රික කටහඬෙන් කතා කළාය. “ආධුනික නිලධාරිනියගේ සම්පූර්ණ නම පවසන්න.” “වර්ණසූරිය ආලෝකා කවිනි වීරසිංහ ” “ආධුනික නිලධාරිනියගේ උපන්දිනය කවදාද?” “2006.04.07” “ආධුනික නිලධාරිනියගේ කාල සංචරකය ඇතුල් කරන්න.” කුටියේ එක් …

කාල සංචාරය|දෙවැනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක Read More »

කාල සංචාරය|පළමුවන සංචාරය| විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක

•කාල සංචාරය-පළමුවන සංචාරය “කවිනි,නැගිටින්න. අද සඳුදා කියලා අමතක වුණාද? සෙනසුරාදායි,ඉරිදායි දවල් වෙනකන් නිදාගෙන ඉදලා අදත් ඒ පුරුද්දටම නිදා ගන්නවා. අනේ මං දන්නෙ නෑ, මේ ළමයාව කොහොම වේලාසනින් ඉස්කෝලෙ යවන්න ද  කියලා. නැගිටින්න දුවේ ඉක්මනට නැගිටින්න. ” “හරි.හරි.මේ නැගිටින ගමන් ඉන්නෙ අම්මා. පොඩ්ඩක් කෑ ගහන්නෙ නැතුව ඉන්නකෝ. මම ඉක්මනට නැගිටින්නම්.” “දැන් හතත් පහු වෙලා ළමයො.මම මේ …

කාල සංචාරය|පළමුවන සංචාරය| විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක Read More »

“මානව හරණය” | විද්‍යා ප්‍රබන්ධ | කෙටිකතාව

__ මානව_හරණය __ බටහිර අහසේ ඈතින් නැගෙමින් තිබූ තවමත් තීව්‍ර නොවූ, රාත්‍රි හිරුගේ ආලෝකය , ශාක ගහනය ශුන්‍ය වූ නගරයේ අඳුරු නිවෙස් වල කවුළු අතුරින් පෙරී එමින් තිබිණි.මිනිසා සදහටම තම නින්ද අත්හල මුල් යුගයේ , රාත්‍රි කාලයේදීද තම කාර්යයන් කාර්යක්ෂමව සිදුකරගැනීම උදෙසා බොහෝ විට කටයුතු කළ අතර , එහිදී අත් විඳීමට සිදුවූ ගැටළු වලට ක්‍රම …

“මානව හරණය” | විද්‍යා ප්‍රබන්ධ | කෙටිකතාව Read More »

..පුනරාගමනය..|විද්‍යා ප්‍රබන්ධ|කෙටි කතා| කතා අහුර රචක

………………………………………………………………………………………….. රැගෙන ආ පුවත්පත මේසය කොනකින් තැබූ මා වේටර්වරයා කැඳවා නෙස්කැෆේ එකක් ඕඩර් කලෙමි. එවෙලේ එහි තිබූ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වීම නිසා මගේ දෙනෙත නිතැතින් යොමු වූයේ ඒ දෙසටය. නානාවිධ මෝස්තර යොදා ඇදුම් බතික් කරන ආකාරය මටද බලන්නට සිදු වූයේ රූපවාහියේ පාලනය හෝටලය අයිතිකාර යුවතියක අත තිබූ බැවිනි. වැඩසටහන අතරතුර එකවරම එහි පුවත් විකාශය වන්නට …

..පුනරාගමනය..|විද්‍යා ප්‍රබන්ධ|කෙටි කතා| කතා අහුර රචක Read More »

කෘතිම බුද්ධිය (Artificial intelligence) | විද්‍යා ප්‍රබන්ධ

දුෂ්කර රෝහල්වල කාර්ය කරන වෙෙදය භානුක ලද හැම විවේකයකම තම මිතුරු දේවින්ද සමඟ වයිබර් සංවාදයේ යෙදීමට කවදත් ආශා කළේය. තම පාසල් මිතුරු දේවින්ද, එංගලන්තයේ උසස් විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයකු ලෙස කටයුතු කරන්නේ තම ප්‍රියතම විෂය ධාරාව වන කෘතිම බුද්ධිය හා සම්බන්ධ නොයෙක් පර්යේෂණ වල නිරන්තරයෙන් යෙදීමෙනි. කාලයක් පුරා භානුකගේ හිතට වධ කළ කරුණක් වන රෝග …

කෘතිම බුද්ධිය (Artificial intelligence) | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට – දහහතරවන කොටස- අවසානය

Chapter 14 – 14 හිරු අවරගිර අහසේ සදාකාලිකවම සැඟවීමට තව ඇත්තේ තව විනාඩි විස්සක් පමණි.. මේ වන විට මා මගේ තීරණය අරගෙන හමාරය… මා ආදරය කල කිසිවෙක් අද මා ළඟ නැත..ඇත්තේ මා වෙලාගෙන ඇති තනිකම පමණ ය..මීට පෙර කෙදිනකවත් නොදැනුන තරමට මට මා ගැනම දුකක් ඇති වේ.. එක්වරම මගේ දුරකථනය නාද වූයේ, මම ඉක්මනින්ම ගොස් …

අවසන් විනාඩි අට – දහහතරවන කොටස- අවසානය Read More »

අවසන් විනාඩි අට | දහතුන් වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

Chapter 13 – 13 මම සිටියේ ඇලන් කොයි වෙලේ සෙත් සමග කතා කරාවි දැයි සිතමිනි.. ඊට ප්‍රථම ඇලන් , සංග්‍රහයට පැමිණ සිටියවුන් ඇමතීය.. “සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම.. සියලු දෙනාම දන්නවා ඇයි අපි අද මෙතන රැස් වුනේ කියලා… ඇත්තෙන්ම අභ්‍යවකාශ කොලනිය හදල නිම කිරිම අපගේ ජයග්‍රහණයක් උනත් අපිට ඒක සමරන්න බැහැ …මොකද අපි මේ ගත කරන්නේ …

අවසන් විනාඩි අට | දහතුන් වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට – දොළොස් වන පරිච්ඡේදය

Chapter 12 – 12 නාසා හි අවසාන මාස තුන මම ගතකළේ ඉතාම කණස්සල්ලෙනි.. ජීවිතයේ ප්‍රාර්ථනා කළ කිසිවක් අද මා ළඟ නැත.. සතුට වෙනුවට පාළු දොම්නස් බවක් මා වෙලා ගෙන ඇත… සෙත් එම කාලය තුළදී උපරිම ලෙස මා රිදවූයේ ය… මම අයින් වෙන්න ට සතියකට පමණ ඉහතදී සෙත් ප්‍රථම වරට එදින මාත් ෆේසාලුත් අතර සිදූ වූ …

අවසන් විනාඩි අට – දොළොස් වන පරිච්ඡේදය Read More »

අවසන් විනාඩි අට | එකොළොස් වන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ

Chapter 11 – 11 සෙත් හා මම ආදරයෙන් සිටි නිවස අද පාළුවට ගොස් ය.. ඔහු මා හැර දමා ගොස් අදට අවුරුදු එකහමාරකි…එම කාලය තුළ ඔහු මා සමඟ එකදු වදනක් හෝ කතා නොකළේ ය.. සෙත් නිව්යෝර්ක්හි ම මහල් නිවාසයක පදිංචි ව සිටින බව මට දැනගන්න ට ලැබිණි.. සිදු වූයේ කුමක්දැයි යන්න ඔහුට කිහිප අවස්ථාවකදීම පහදා දීමට …

අවසන් විනාඩි අට | එකොළොස් වන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | දහවන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ

Chapter 10 – 10 ෆයින් ගස ළඟින් මෑත් වී මම නැවතත් නිවස තුළ ට ගියේ වෙලාව බැලීමටය.. එහි පෙරවරු දහය පසුවී විනාඩි තිහක් ලෙස සටහන් වී තිබුණි.. තීරණයක් ගැනීමට මට ඉතුරු වී ඇත්තේ තව පැයක පමණ කාලයකි.. පෙරවරු 11.36 ට අභ්‍යවකාශ කොලනිය බලා පෘථිවියෙන් යන අවසාන යානාව පිටත් වේ… මටද එහි ආසනයක් වෙන් වී තිබුණි.. …

අවසන් විනාඩි අට | දහවන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | නමවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 9 – 9 ෆේසාල් මගේ අතින් ඇද මා නතර කළේය… “ඉන්න ජාන්යා… ඔයා බොහොම කලබලයි නෙ ..” මම ඔහුගේ මුහුණ දෙස බැලීමි..මා සිටියේ රැස්වීම් ශාලාවේ දොරට පිටුපාය..ෆේසාල් මගේ ඉදිරියේ සිටගෙන සිටියේය.. “ජාන්යා මං මේ ඇත්තමයි කියන්නේ..ඔයාව දැකපු දවසේ ඉඳන් ඔයාගේ හැඩරුව, හැසිරීම මගේ සිතට තදින් කාවැදුනා.. මට මීට කලින් මෙහෙම වෙලාම නැහැ.. මං හිතන්නේ …

අවසන් විනාඩි අට | නමවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | අටවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 8 – 8 “ඔයා කොහොමද මේකට බෑ කියන්නේ..? අපි ඊයේ හැම දෙයක්ම කතා කරගත්ත නෙ.. ෆේසාල් මේක කොහොම බාර ගනීද.. අනික ඔය රජ කුමාරවරු එහෙම තරහකරගෙන බැහැ..අපිට වටිනා ආයෝජකයින් එයාලා..” මම සිටියේ ඇලන් සමග අපගේ කුඩා රැස්වීම් ශාලාවේ ය.. “ඇලන්…, ඒක මගේ පෞද්ගලික හේතුවක්.. මේ ව්‍යාපෘතිය ට සම්බන්ධ වෙන්න මට බැහැ.. වෙනත් කෙනෙක් මේකට …

අවසන් විනාඩි අට | අටවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | හත්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 7 – 7 “ඔය කියන්නේ අර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ගැන නේද..?” “ඔව්… ඒත් මම නං එයාව අදයි දැනගත්තේ.. සෞදි රජ කුමාරයෙක් කියලා ඇලන් කිව්වා..” “පුදුමයක් නෑ ,ඔයා නොදැන ගන්න.. දැන් අවුරුදු අටක විතර ඉඳන් එයා ගැන කිසිම ආරංචියක් තිබුණේ නැහැ ..” මම සිටියේ රාත්‍රී ආහාරය සඳහා පාන් පෙති වල බටර් හා මයෝනිස් තවරමිනි.. “ඇයි ඒ..?” …

අවසන් විනාඩි අට | හත්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට – හයවන පරිච්ඡේදය

Chapter 6 – 6 එදින එම සාකච්ඡාව අවසන මා නිවසට පැමිණියේ හිස් වූ මනසිනි… මෙවැනිම පාළුවක්, සෙත් මගේ ජීවිතයෙන් ඈත් වූ දිනයේ දී ද දැනුනි. එයින් පසු මට දැනුනේ මගේ ශරීරයෙන් අඩක් නොමැති බව කි. මීට අවුරුදු එකහමාරකට පමණ කලින් සිදුවුන එම සිදුවීමේ ආරම්භය, හා අවසානය මට තවමත් සිහිනයක් මෙනි. තෙරක් නොපෙනෙන සිහිනයක්.. හරියට කවුරුන් …

අවසන් විනාඩි අට – හයවන පරිච්ඡේදය Read More »

අවසන් විනාඩි අට – පස්වන පරිච්ඡේදය

Chapter 5 – 5 මා එසේ පැවසීම සමග සියලු දෙනාම මගේ දෙස බැලීය සෙත් පවා මහ පුදුම වූ දෑසකින් මා දෙස බලා සිටීම මගේ සිතට සතුට ගෙනදෙන්නක් විය.. එබැවින් මගේ අදහස සභාව හමුවේ තැබුවේ මහත් උද්යෝගයකිනි.. “අපේ තවත් පරීක්ෂණයක් තියෙනවා අභ්‍යවකාශ ජනාවාස පිහිටුවීම ගැන.. අපිට පුළුවන් අභ්‍යවකාශ යානාවක් හදලා ඒක ඇතුලේ පුංචි ජනාවාසයක් පිහිටුවන්න… හරියට …

අවසන් විනාඩි අට – පස්වන පරිච්ඡේදය Read More »

අවසන් විනාඩි අට | සිව්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 4 – 4 දෑසට නිතැතින්ම කඳුලක් නැංගේ, සෙත් ගේ උණුසුම සිහිවීමෙනි… ඔහු අද මා අසල සිටියා නම්… සෙත් ගෙන් තොර ලොවක් මට තිබුණේ නැත.. පාසල් කාලයේ දී පවා පිරිමි ළමුන්ගෙන් කොතෙකුත් යෝජනා ආවද මම ඒවා ගනන් නොගෙන සිටියෙමි..ඒ වෙනුවට මා කළේ ඉඩක් ලැබෙන සෑම විටම ඉර,හඳ, තාරකා ගැන ලියවී ඇති පොත් පත් කියවීමයි.. එසේ …

අවසන් විනාඩි අට | සිව්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | තෙවන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

Chapter 3 – 3 ෆයින් ගස යට සිට මම මගේ කුඩා නිවස දෙස බැලුවෙමි… මේ මොහොතේ සමහරුන් ජීවිතාරක්ෂාව පතා අභ්‍යවකාශ කොලනි වලටත්, සමහරුන් තමන්ගේ අවසානය ළඟා වී ඇති බව නොදැන පෙරදා මෙන් ම ජීවත්වන බවත් පමණක් මම දනිමි… මේ දෙපිරිස අතරින් මා…? ජීවිතේ ඉතුරු කාලය අභ්‍යවකාශ කොලනියක ගෙවා දමනවා ද…? නැතහොත් මෙහිම මියදෙනවාද..? මට මාගේ …

අවසන් විනාඩි අට | තෙවන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.