දෝණී

දෝණී | පසුවදන | හොල්මන් කතා |

*පසුවදන මාසක් පුරාවටම ‘දෝණි’ කතාව ඔයාලට ගෙනාපු මගේ අන්තිම හොල්මන් කතාව තමා ඒක. ඉඳලා හිටලා පුලුවන් උනොත් කෙටි කතා දාන්න ට්‍රයි කරන්නම්. ඒත් ආයෙමත් කොටස් වශයෙන් දිගටම කතා දාන්න මගෙ අදහසක් නෑ ? මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා පලකරන්න ඉඩ දීපු අපේ ඇඩ්මින්ට. ඒ වගේම likes, comments වලින් මාව දිරිමත් කරපු පාඨක ඔයාලටත් ගොඩාක් ස්තූතියි. ආහ්… …

දෝණී | පසුවදන | හොල්මන් කතා | Read More »

දෝණී | අවසන් කොටස කොටස | හොල්මන් කතා |

#32 කොටස “කෝ මැට්ටො තාම ඇඳගත්තෙ නැද්ද…? අනේ අනේ මෙතෙන්ට වෙලා බකන් නිලාගෙන, බඩ උලාගෙන ඉන්නැතුව ඇඳගන්නකෝ…. බලන්න දැන් අටත් පහු වෙලානෙ… කීයටද අපි යන්නෙ…?” පහන්දිගෙ හඬින්, අවුරුදු හතරකට කලින් අතීතෙන් මං අයින් උනා. සුදුපාට ලස්සන දිග සායක් ඇඳලා, ඒකටම මැච් වෙන බ්ලවුස් එකකින් සැරසිලා කොන්ඩෙත් තනි කරලට ගොතාගෙන හිටපු එයා ඉනට අත් දෙකත් තියාගෙන …

දෝණී | අවසන් කොටස කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 31 කොටස | හොල්මන් කතා |

#31 කොටස කැලය බිඳගෙන කෙසේ හෝ එයින් පිටතට පැමිණි සඳුන් යාබද වූ නිවසක් දැක එහි වසා තිබුණු දොරට තඩි බාන්නට වූයේ උදව් ඉල්ලමිනි. නමුත් කෙතරම් දොරට ගැසුවද නිවසේ කිසිවෙකු සිටින බවක් දක්නට නොවූ නිසා ඔහු නැවතත් සැරසුණේ දුවන්නටය. “මෙන්න මං එනවා….” එක්වරම ඔහුට ඇසුණේ අර කාන්තා කටහඬය. භීතියට පත් හෙතෙම දුවන්නට අතක් නොමැතිව කලබලයෙන් වටපිට …

දෝණී | 31 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 30 කොටස | හොල්මන් කතා |

#30 කොටස “අනේ… එයා කෝ අම්මී….. මගෙ මහත්තයට මොකද උනේ….. අනේ මට එයාව ගෙනත් දෙන්න අම්මී……” පහන්දි, අහස්ගේ මව බදාගෙන හැඬුවාය. අහස් අතුරුදහන් වී දින දෙකක් ගතවුණිද ඔහු ගැන කිසිම ආරංචියක් මෙතෙක් ලැබුණේ නැති නිසා සැවොම සිටියේ මහත් කම්පාවෙන් මෙන්ම ශෝකයෙනි. පහන්දි ලංකාවට පැමිණියේ අද දින පාන්දරය. ඇය ලංකාවට එන තෙක්ම මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් …

දෝණී | 30 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 29 කොටස | හොල්මන් කතා |

#29 කොටස තද සීතලක් මූණට දැනෙද්දි මං හෙමීට ඇස් ඇරියා. ඒත් එක්කම මගෙ මූණට වැදුණෙ සීතල වතුර පාරක්. ඇස් දෙකට වතුර ගිහින් ඇස් දනවා උනත් මට ඒවා පිහාගන්න විදිහක් තිබ්බෙ නෑ මගෙ අත් දෙක පිටිපස්සට කරලා ගැටගහලා තිබ්බ නිසා. මට තේරුණා කවුරුහරි මාව පුටුවකට තියලා ගැටගහලා කියලා. යාන්තමට වගේ මතක් උනේ අතුල කාරයව. මිනිහා වෙන්න …

දෝණී | 29 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 28 කොටස | හොල්මන් කතා |

#28 කොටස “දුවන්න අහස් දුවන්න….!!!” මිස්ටර් අතුල මගෙ දිහාවට හැරිලා හයියෙන් කෑගහන්න ගත්තා. ඒත් එයාව දාලා යන්න බැරි නිසා මං එයා දිහාවට දිව්වෙ එයාවත් ඇදගෙනම දුවන්න හිතාගෙන. “පණ බේරගෙන දුවපන් යකෝ දුවපන්…!! මං මූව කොහොමහරි අල්ලගන්නම් උඹ දුවපන්…!!!” මං දුවන් එනවා දැකපු මිස්ටර් අතුල යක්ශයා ආවේස වෙලා වගේ කෑගහන්න ගත්තා. එහෙමම නැවතුණු මං ආයෙම හැරිලා …

දෝණී | 28 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 27 කොටස | හොල්මන් කතා |

#27 කොටස එක තප්පරේකට මගෙ හදවත නතර වුණා වගේ දැනුනා. එතන තිබ්බෙ මං හැමදාම වගේ හීනෙන් දකින, සඳසාවි එයාට වුණ දේවල් මට පෙන්නපු ඒ පාලු මූසල ගේ. මිදුලෙ පොඩි ඉඩක් ඇරෙන්න ඒ මුලු වටපිටාවම ගස්වැල් වලින් වහගෙන හිටියෙ හරියට එතන නිධානයක් හංගලා තියෙනවා වගේ. වටේම පරිසරය වගේම එලියට පේන්න තිබුණු විදිහට ගේ ඇතුලෙත් තිබ්බෙ ලොකු …

දෝණී | 27 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 26 කොටස | හොල්මන් කතා |

#26 කොටස “එතකොට මිස්ටර් අහස් කියන්නෙ ඔයාට මේ ගැන කියන්න කිසිම තොරතුරක් නෑ කියලද…?” එක හවස් වරුවක අපේ ගෙදර ආපු සී.අයි.ඩී ඔෆිසර් මිස්ටර් අතුලයි තවත් කෙනෙකුයි මගෙන් ප්‍රශ්න කරන්න ගත්තෙ අපි හැමෝම ගෙදර ඉන්න දවසක. මං කිසිම කලබලයක් කලේ නැතත් තාත්තට නම් මල පැනලා තිබුණා නැති ප්‍රශ්න වලට අපිව පටලවන එකට. “නෑ ඇත්තටම නෑ… මං …

දෝණී | 26 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 25 කොටස | හොල්මන් කතා |

#25 කොටස උදෙන්ම ඇහැරුණු මං මුලින්ම කලේ දෙවියන්ට ‍‍යාච්ඥා කරපු එක. එදා දවසෙ කිසිම කරදරයක්, බාධාවක් නොවී හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න පිහිට ආශිර්වාදය ඉල්ලපු එක. ඊටපස්සෙ හොඳට නාගත්තු මම ලෑස්ති වෙන්න පටන් ගත්තා. වෙසටර්න් ටයිප් එකට තමයි මගෙ ඇඳුම හදලා තිබ්බෙ. හම්මේ ඉතින් කිට් එක ඇඳපු මටම මාව අඳුනගන්න බැරි උනා. හැමදේම ලෑස්ති කරගෙන පහළට …

දෝණී | 25 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 24 කොටස | හොල්මන් කතා |

#24 කොටස “ගේ..ගේ ඇතුලෙ…” අම්මා ගොතගැහුවෙ ලොකු බයක් ඇස් දෙකේ තියාගෙන කියලා මට තේරුණා. ඒ වගේම එතන හිටපු ගොඩක් අයගෙ ඇස් වල බයක් තියෙනවා කියලා මට තේරුණා. එය ගේ ඇතුලෙ කියපු ගමන් මමයි පහන්දියි ඇතුලට දීව්වෙ මොකද මේ වෙලා තියෙන්නෙ කියලා බලන්න. “ඕහ් ජීසස්..!!” ගේ ඇතුලෙ ලේ විලක් මැද වැටිලා හිටියෙ පහන්දිගෙ හුරතලා වෙච්ච ෂැඩෝ …

දෝණී | 24 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 23 කොටස | හොල්මන් කතා |

#23 කොටස “ආරච්චිකට්ටුව භීශණය…” උදේ කෑම කද්දි තාත්තා පත්තරේ දිහා බලාගෙන ටිකක් සද්දෙට කිව්වා. අපි එයා දිහා බැලුවෙ මොකක්ද මේ කියන්න හදන්නෙ කියලා. “ඒ මොකක්ද තාත්ති…?” නංගි ඇහුවෙ කටත් ඇරගෙන. “නෑ සුදූ මේ වෙද්දි ආරච්චිකට්ටුවෙ අහිංසක කොල්ලො තුන් දෙනෙක්ම මරලා දාලා… මරපු කෙනෙක් හොයාගන්නත් නෑ… මහ දරුණු විදිහට වද දීලලු මරලා දාලා තියෙන්නෙ… ගොඩක් මිනිස්සුන්ට …

දෝණී | 23 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 22 කොටස | හොල්මන් කතා |

#22 කොටස පහන්දි ලංකාවට එන්න සතියක් විතර තියෙද්දි නංගිට ඕන උනා ශොපින් කරන්න යන්න. අම්මයි තාත්තයි මට තමා ඒකත් බාර දුන්නෙ මං බෑම කියද්දි. ඇයි ඉතින් කෙල්ලෙක් එක්ක ශොපින් ගියාම කන්න වෙන කටු ගැන ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑනෙ. එයාලා ඇඳුම් තෝරනකල් අපි ඉන්න ඕනෙ ඔහේ පැත්තකට වෙලා බලාගෙන. එහෙමත් නැත්තම් ඉතින් තෝරන තෝරන ඇඳුම …

දෝණී | 22 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 21 කොටස | හොල්මන් කතා |

#21 කොටස මිතුන් සම්පූර්ණයෙන්ම හොඳ උනාට පස්සෙ දවසක අපි සෙට් එකම අපේ ගෙදර කාඩ් සෙල්ලම් කර කර හිටියෙ ගොඩක් සැහැල්ලුවෙන්. කිසිම අමුතු දෙයක්වත්, භූත බලපෑමක්වත් අඩුමතරමෙ මට නරක හීනයක්වත් පෙනුනෙ නෑ. හැමෝම වෙනදා වගේම සැහැල්ලුවෙන් කාලෙ ගත කලේ පහුගිය දවස් වල වෙච්ච දේවල් ගැන විහිලු කර කර. “කොහොමහරි මුගෙ කලින් කෙල්ල තොට ජීවිතේටම මතක හිටින …

දෝණී | 21 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 20 කොටස | හොල්මන් කතා |

#20 කොටස ඒ පාලු, මූසල රාත්‍රියේ කැලෑව බිඳගෙන වේගයෙන් හති දමමින් ඉදිරියට දුවන තරුණයෙකි. හඳ යාන්තමට පායා තිබුණු ඒ අන්ධකාර රාත්‍රියේ ඔහු කෙසේ ඉදිරියට දිව්වාදැයි ඔහුවත් දන්නේ නැත. බොහෝ දුරක් දිවවිත් හොඳින් වැඩුණු පඳුරක් අසළ වාඩිවුණු ඔහු වේගයෙන් හති අරින්නට වූයේ බල්ලෙකු විලසිනි. ඒ අතර වටපිටාවට හොඳින් තම සවන් යොමු කලේ කිසිවෙකු තමන් පසුපස හඹා …

දෝණී | 20 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 19 කොටස | හොල්මන් කතා |

#19 කොටස මට තවත් එතන ඉන්න හිත දුන්නෙ නෑ. ඒ නිසාම මං තාත්තා එක්ක ගෙද‍ර ආවා. අපේ හිත් වල තිබ්බෙ බලාපොරොත්තු කඩවෙච්ච නිසා ඇතිවුණු කළකිරුණු හැඟීම්. ගෙදර හැමෝම වාඩිවෙලා කල්පනා කලේ මේ මොකද වෙන්නෙ කියලා. අපිට උදවු කරන්න ආපු අහිංසක ජීවිත දෙකක් නිරපරාදෙ නැතිවෙලා ගිය එකත් අපේ හිත් වලට තදින්ම බලපාලා තිබුණෙ. කිසිම දාක නැති …

දෝණී | 19 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 18 කොටස | හොල්මන් කතා |

#18 කොටස “තා…ත්…තී…….!!!” මහ ගොරෝසු කැඩි කැඩි වගේ ආපු හඬකින් මට කතා කර කර එයා මගෙ ලඟට ඇදිලා එන්න ගත්තා. මං එහෙමම බිම දිගේම පස්සෙන් පස්සට ගියේ එයාගෙන් ඈත් වෙන්න හිතාගෙන. ඒත් එයා එක කකුලකුත් බිම දිගේ ඇදගෙන මගෙ ලඟට ටිකක් වේගෙන් එන්න ගත්තෙ මගෙ හිතේ තිබ්බ බය තවත් වැඩි කරමින්. අතේ තිබුණු ෆෝන් එකත් …

දෝණී | 18 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 17 කොටස | හොල්මන් කතා |

#17 කොටස සති දෙකක් විතර කිසිම කලබලයක්. කරදරයක් නැතුව ගෙවිලා ගියේ අපේ පවුලට ආයෙමත් සැරයක් ඉස්සර තිබුණා වගේම සතුට, සැහැල්ලුව ලබා දෙන ගමන්. නංගිත් හොස්පිටල් ඉඳන් ඇවිත් සුපුරුදු විදිහටම එයාගෙ දඟකාරකම් එක්ක කාලෙ ගත කලත් එයා හිටියෙ බයකින් කියලා මට තේරුණා. එයා විතරක් නෙමෙයි අපි හැමෝගෙම හිත් වල බය තිබුණා. ඒ හැමදේටමත් වඩා මගෙ හිත …

දෝණී | 17 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 16 කොටස | හොල්මන් කතා |

#16 කොටස “එයාට සිහිය එනවා… අම්මී සුදු අයියට සිහිය එනවා….!” ඈතින් වගේ ඇහුනෙ කවුරුහරි සද්දෙන් කතාකරන හඬක්. මුලු ලෝකෙම අන්ධකාරෙන් වැහිලා වගේ මට දැනෙද්දි මං හරිම අමාරුවෙන් ඇස් දෙක හෙමීට අරිද්දි මං දැක්කෙ බොඳවෙච්ච ඡායාවල් දෙක තුනක් මාව වටකරගන්නවා. ඇස් දෙක ඇරපු මං දෙතුන් වතාවක් ඇස් පිල්ලන් ගැහුවෙ ඇස් වල කඳුලු පිරිලා තිබ්බ නිසා. ඇස් …

දෝණී | 16 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 15 කොටස | හොල්මන් කතා |

#15 කොටස **අහස්ගේ නිවස තුළ…. “ෆාදර්… ෆාදර්…..!” අහස්ගෙ තාත්තා, මොහාන් ගල්ගැහිලා වගේ හිටපු අයිවන් පියතුමාට කතා කලේ ඉවසීමක් නැතුව. ඒ සද්දෙට පියතුමා මොහාන් දිහා බැලුවා. “මොහාන් මහත්තයා මේ යක්ශණීගෙ බලය එන්න එන්නම දරුණු වෙනවා මට ඒක දැනෙනවා… ඒ ආත්මෙ ශක්තිමත් වෙන්නෙ අර දරුවා ඒ යක්ශණී ලඟ ඉන්න නිසයි.. ඒකෙන් තමයි ඒ ආත්මෙ තවත් බලවත් වෙන්නෙ… …

දෝණී | 15 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 14 කොටස | හොල්මන් කතා |

#14 කොටස මගෙ ඇස් ඇරෙනකොට අඳුර ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඇස් කරකවලා වටපිට බැලුවත් මොකුත් පෙනුනෙ නෑ. අඩුමතරමෙ දෝණිවත් පේන්න හිටියෙ නෑ. වෙච්ච දේවල් ටිකෙන් ටික මතකෙට එද්දි මං ඉන්නෙ ටිකක් තෙත පොළොවක වැතිරිලා කියලා මට තේරුණේ පිටට තද සීතලක් දැනුණ නිසා. පොළොවට අත් දෙක තියලා මං නැගිට්ටත් ඝණ අඳුර නිසා කිසිම දෙයක් …

දෝණී | 14 කොටස | හොල්මන් කතා | Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.