ජාතක කතා

10 සුඛ විහාරි ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේට පැහැදුනු ශාක්‍ය කුමාරවරු බොහෝ දෙනෙක් මේ උතුම් බුදු සසුනේ පැවිදි වුනා. ඒ කාලේ ඉතාම ප්‍රසිද්ධ ශාක්‍ය කුමාරවරුත් ශාක්‍යරජවරුත් පැවිදි වුනා. රාජවංශික කුමාරවරු සය දෙනෙක් ඔවුන් අතර ගොඩාක් ප්‍රසිද්ධයි. භද්දිය රජතුමා, කිම්බිල කුමාරයා, භගු කුමාරයා, ආනන්ද කුමාරයා, අනුරුද්ධ කුමාරයා, දේවදත්ත යන මේ හය දෙනායි. මොවුන් සමග කරණවෑමියෙකුත් පැවිදි වෙන්න ගියා. …

10 සුඛ විහාරි ජාතකය | ජාතක කතා Read More »

09 මඛාදේව ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ ගණන් නොකළ හැකි තරම් කල්ප ගණන් පෙරුම් පිරූ බව අපි අහලා තියෙනවා. ඒ පාරමී පිරීම ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දෙයක් නොවෙයි. අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරා ඇති අයුරු ඉගෙන ගැනීමෙනුයි ඒ බව අපට වැටහෙන්නේ. උන්වහන්සේ අනන්ත අතීත ආත්මවලදී ත් සංසාර විමුක්තිය සොයාගෙන සියලු දේ අත්හැර ගිය කෙනෙක්. එයට …

09 මඛාදේව ජාතකය | ජාතක කතා Read More »

08 ගාමිණි ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, සිත වට්ටා නොගෙන උත්සාහය ඇති කරගැනීම ජීවිතයේ දියුණුවට ඉතාම අවශ්‍ය අංගයක්. බොහෝ දෙනෙක් ඉක්මණින් සිත වට්ටගන්නවා. අනේ මට මෙය කරන්ට අමාරුයි කියා උත්සාහය අත්හරිනවා. ඒ නිසා ම තමන්ගේ දියුණුව වළකිනවා. බුද්ධ කාලයේත් සැවැත් නුවර සිටිය එක්තරා තරුණයෙක් නිතර නිතර බණ අසන්නට දෙව්රමට ගියා. ඔහුගේ සිතටත් පැවිදි වීමේ ආශාව ඇති වුනා. ඉතා වෙහෙසී …

08 ගාමිණි ජාතකය | ජාතක කතා Read More »

07 කට්ඨහාරී ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කතාවත් උදව් වෙනවා. සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කතාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි. ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුගේ අභාවයෙන් පස්සේ මහානාම ශාක්‍යයා රජ බවට පත්වුනා. …

07 කට්ඨහාරී ජාතකය | ජාතක කතා Read More »

06 දේවධර්ම ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කව්රුත් දැන් මිනිස් ලොව ඉපදී සිටියාට අතීත සසරේ නොයේක් ආත්මවල ඉපදුන අය. නොයෙක් නොයෙක් සත්ව තල වල උපන්න අය. ජීවිතේ සැබෑ ස්වභාවය කථා කරන ධර්මය ඇති කාලෙක එය දැනගන්න පරිසරයක උපදින්න ලැබෙන්නෙ කලාතුරකින්. බුදු සසුනක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මේ කථාවෙන් කියැවෙන්නේ බුදු සසුනේ පැවිදි වූ ටිකාක් වයසක පහේ හිතුවක්කාර භික්ෂුවක් ගැනයි. සැවැත්නුවර …

06 දේවධර්ම ජාතකය | ජාතක කතා Read More »

05 තණ්ඩුල නාලි ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට ඇති සසර පුරුදු ගැන බලද්දි පුදුම හිතෙනවා. බොහෝ දෙනෙක් කලින් ආත්මවල කරපු දේවල් මේ ආත්මෙත් කරනවා. ඉස්සර කළ මෝඩකම් ආයෙමත් කරනවා. ඉස්සර නුවණින් වැඩ කළ අය මේ ආත්මෙත් නුවණින් වැඩ කරනවා. දැන් අපි ඉගෙන ගන්නේ කලින් ආත්මේ කළ මෝඩකම් ආයෙමත් කළ භික්ෂුවකගේ කතාවකුයි. භාග්‍යවතුන් වහන්සේ මේ තණ්ඩුලනාළි ජාතකය වදාළේ ඒ භික්ෂුව …

05 තණ්ඩුල නාලි ජාතකය | ජාතක කතා Read More »

04 චුල්ලසෙඨි ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින්වතුනේ, පින්වත් දරුවනේ, චූලපන්ථක මහ රහතන් වහන්සේ ගැන ඔබ කලින් අසා ඇති. එක් ගාථාවක් පාඩම් කරගන්න බැරිව ගොඩාක් අපහසුතාවන්ට පත්වුනේ උන්වහන්සේ තමා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ චූලපන්ථකයන්ට පිහිට වුනා. ඒ නිසා අගතනතුරු ලාභී මහා රහතන් වහන්සේ නමක් වුනා. උන්වහන්සේ ගේ ජීවිතය ගැන කියැවෙන ලස්සන කථාවයි අපි දැන් ඉගෙන ගන්නේ. රජගහ නුවර ධනවත් …

04 චුල්ලසෙඨි ජාතකය | ජාතක කතා Read More »

02 වණ්ණුපත ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කතාවත් හරී ලස්සනයි. ගොඩාක් අය තමන් තුළ ඇති හැකියාව දන්නෙ නෑ. හිතෙන් කඩා වැටිලා, උත්සාහය අත්හැරලා ඔහේ නිකරුනේ කල් ගෙවනවා. නිවන් අවබෝධයට තිබුනු උත්සාහ අත්හළ භික්ෂුවක් නිසයි මේ කතාව අහන්න ලැබුනේ. සැවැත් නුවර එක්තරා තරුණයෙක් හිටියා. ඔහුත් නිතර බණ අහන්න ජේතවනයට ගියා. ධර්මයට සිත පැහැදුනා. ගිහි ජීවිතයේ කරදර ගැන වැටහුනා. විමුක්තියට …

02 වණ්ණුපත ජාතකය | ජාතක කතා Read More »

01 අපණ්ණක ජාතකය | ජාතක කතා

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ අනේපිඬු මහාසිටාණන් ගැන දන්නවා ඇති. ඔහු ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්. සෝවාන් ඵලයට පත් ව සිටි මහා සැදැහැවතෙක්. ඔහු සැවැත් නුවර ජේත කුමාරයා සතුව තිබුනු ඉතාම ලස්සන උද්‍යානයක් කහවණු අතුරලා මිලට ගත්තා. කුටි සෙනසුන්, පැන් පොකුණු, සක්මළු, ගිනිහල් ගෙවල්, දම්සභා මණ්ඩප, සුගන්ධ කුටි ආදියෙන් සම්පූර්ණ කරවලා ‘ජේතවනය’ නමින් භාග්‍යවතුන් වහන්සේට මහා ආරාම පූජාවක් …

01 අපණ්ණක ජාතකය | ජාතක කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.