Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා|හොල්මන් කතාව|කතා අහුර රචක

2.3/5 - (3 votes)

? අන්ධකාරයේ යක්ෂයා

පලවෙනි කොටස

“ඔක්කොම ලෑස්තිද අර උයාගන්න ගත්තු බඩු ඔක්කොම දැම්මද උඩට”

“ආ ඒවා හරි ජගත් අයියේ…….කෙල්ලො ටික මගින් ගත්තහම බඩු ඔක්කොම හරි නේ”

“චික් තොගෙ ඔය හැකර කට වහපිය සිතුමා,උබේ කෑල්ලත් ඉන්නවා නේද එතන කෙල්ලොන්ට ඔහොම කතා කරන්නෙපා බං”

“අප්පට මූ බලහල්ලකෝ…………..අනේ උබේ උපාසක නැගහන් සමනල් පාට් නොදා”

” දැන්ම උබලා කෙලගන්නද හදන්නේ නවත්තපියව් සිතුම්…..,රුවන් කට වහන් හිටපන් ……….ඔක්කොමල්ලා හරි නේද බඩු සෙට් නේද”

“හරි මචන් හරි…………..අප්පට හු#*%$ කෝ යකෝ බෝතල් ටික”

“ආ ඒවා හරි බං………චමෝ උබේ බේබදු කම දැම්ම පටන් ගත්තොත් නම් පුතේ උබට මෙතෙන්ටම මදි වෙයි බෝතල් ටික………ඒ හින්දා මුලින් වත් පොඩ්ඩක් සිහියෙන් ඉදපන් බ්‍රෝ….”

“ආ……….ඒක අවුලක් නෑ සමිතෝ…….මට සිංහ මූනක් දියන්කො එතකොට ඇති”

“අප්පට හැ%&$# තොට මම ……..”

“අහා නවත්තපල්ලා තොපේ කුනුහරප පංතිය යමු නේද…..”

“හරි ජගත් අයියේ යමු……….ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් වාහනේට දෙහි ගෙඩියක් එහෙම තියපල්ලා,,,බුදු සරණයි ,දෙවි පිහිටයි …… අපිටනම් බෝතලෙයි සිකරට් එකෙයි පිහිටයි”

“හරි දෙහි තිබ්බෝ ජග්ගෝ ඉස්සරහට ගනින්”

හ්……….ක්…….රා……..ස්……..

“ජ …………… ජ…………ජග…………ත්…………..අය්……….යේ”

“මොකද හු#$% ගොත ගහන්නේ නැගපන්”

“ජගත් අයියේ වරෙන්කෝ බැහැලා……..දෙහි ගෙඩියට…….”

“මොකද බං ”

එක එකා බැහැලා දෙහි ගෙඩිය දිහා බැලුවේ චමෝද්ගෙ මූන දිහා බලලා…….

“අයියෝ චමෝ ඒක නරක් වෙලා බං”

“නෑ බං ලේ පාටයි…….මොකක් හරි නපුරක් වෙයිද බං”

“අනේ කැ@#$ නැගපිය වාහනේට තොට තොල කට ගෑවුන් නැත්තන් නරලොවත් හොල්මන්”

ආ කියන්න අමතක උනානේ මේ කුනුහරප සෙට් එක තමා ඉතින් ට්‍රිප් එක යන්නේ……අපේ ඩ්‍රයිවර් අයියා තමා ජගත් කියන්නේ….එතකොට චමෝද් තමා අපේ සෙට් එකේ බේබද්දා වගේම අහිංසකම කොල්ලා,සිතුමා තමා ඕන වලියකට දාන්න වටින්නේ,සාලිය තමා හොදම ප්‍රේම කුරුල්ලා,සම්තගේ කටේ කුනුහරප පිට කුනුහරප,රවිදු ඌ තමා ජගත් අයියගෙ ගෝලයා ජග්ගා කොහෙ ගියත් ඌ නිකන් නැට්ට වගේ පොඩි සමනල් පාට් එකකුත් ඌට තියනවා ඉතින්……..මම රුවන් අපි කොල්ලෝ හත් දෙනෙකුයි කෙල්ලෝ තුන් දෙනෙකුයි යනවා…..එකියක් රුවිනි ඒ සිතුමගෙ කෑල්ල උන් දෙන්නා කොයි වෙලේ බැලුවත් වලි විතරයි,අනිකි සදුනි සාලියගෙ කෑල්ල උන් දෙන්නා කොයි වෙලෙත් ප්‍රේම ජලේ ගිලිලා ඉන්නේ,අනිකි රිතූ ඒකි නම් පවු සමිතගෙ කරේ එල්ලුනු නිසාම ඉන්නවා ඌට ඕන ඉතින් වල්කමේ යන්නනේ ඒවා ඉවසන් ඒ අහිංසකී ඉන්නවා,ඒකිව මමයි කියලා ගෙන්නගත්තේ පවුනේ ඔන්න ඉතින් අපි කස්ටිය ……

“හෝව් හෝව් අන්න ඉන්නවා තුන් දෙනා බෑක් මලු තුනකුත් එල්ලගන….”

“බලහන්කෝ සාලිය උන් නිකන් ජීවීත කාලෙම ගත කරන්න යනවා වගේ”

“අනේ කට වහගනින් රුවනෝ………උබත් උපාසක බලලා නේ”

“හරි හරි බන් ඔතනින් නවත්තහන්”

ක්……….රා……….ස්

“අනේ අනේ අපිට පිටිපස්සෙ ශීට් එක ඕනි”

“අනේ මේ රුවී …… මගෙන් හරුප අහගන්නැතුව වාඩි වෙයන් මන් ලගින්”

“මොකද්ද සිතුම් මං ”

“කට වහන් ඉදගන්නවකෝ මගෙ පනේ”

“අහ් උන් දෙන්නා ඉස්සරහා…….”

“රීලග එකී නම් දැන්ම තුරුල් වෙලා නේ රුවන් අයියේ”

“උබ ඒකත් බැලුවද චමෝ……..”

“සමිත් කෙල්ලව ඔතන්නෙට ගනින්කෝ”

“ඔතන ඉන්න කියහන් රුවනෝ……..”

“රිතූ ඔයා මෙතන වාඩි වෙන්න……..චමෝ එහාට පලයන්”

“හ්ම්…………ආ වරෙන් මෙහාට……….වාඩි වෙන්න රිතූ අක්කේ”

“අම්මෝ චමෝ ඔයා ලග සිකරට් ගදයි නේ”

“අ…………හ්………ඒ………..හූ ඔක තමා රුවනෝ මං ඕකිව ලගට ගත්තේ නැත්තේ…..දැන් ඉතින් කාලා වරෙන්කෝ”

“අහා ඒවා අපි බලා ගන්නම් ඔයා ඉන්න රිතූ අක්කේ”

ඔන්න ඉතින් වලි පිට වලියි ඔක්කොගෙන්ම ගමන ආරම්භ උනා……..

මම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි
හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ
කාටත් උදවු කරමින්

වලව්වේ හාමුට කියනවා මං පුංචි හාමුයි මගෙ මනමාලි
අහ අහා අහ අහා
වලව්වේ හාමුට කියනවා මං පුංචි හාමුයි
මගෙ මනමාලී
………………………………..
…………………………………….
…………………………………………..
……………………………………………….

රුවන් තාලෙට කොන්ගො එකට ගහද්දී හැමෝම තාලේ අල්ලමින් සිංදු කියන්න පටන් ගත්තා……..,

ජෝඩුවක් නම් පෙම් පාරදීසේ සිරි නරබනවා,එකෙක් හොරාට හිමින් හිමින් සිකරට් එකක් අදිනවා,අනිකා මගෙ එහා පැත්තට වෙලා නප්පෙට ගහනවා,වෙන කවුරුත් නෙමෙයි අපේ බෙබා චමෝ…

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

අපි කන්තලේ කන්තලේ ඉදන් හබරණ කැලේ අස්සෙන් ………..??? ගිහින් දඹුලු ගලේ නැගලා…..??? පංසලත් වැදගන කුරුනෑගල ගිහින් ඇතුගලත් වැදලා ….??? කොළඹ සිරි නරබන ගමන් මේ ඉන්නේ අද අපි කොළඹ නවතිනවා හොටෙල් එකක කෙල්ලෝ තුන් දෙනාට එක කාමරයයි කොල්ලෝ හත් දෙනාටම එක කාමරයයි…….මොකද කෙල්ලො කියන ජාතියත් එක්ක බෑනේ පොඩ්ඩක් තොල කට සප්පායම් කර ගන්න…

“මොකද්ද ජග්ගෝ හොරාට ගහන්නෙපා බං”

“අහා පෙරේතයා උබ ගහපන්කෝ ඇති තරන් වඩාගනවත් යන්න බැරැයි”

“කොන්ගො එක ගනිල්ලා බන් සිංදුවක් හිමීට කියමු බං ”

“රුවන් ගහපන්කෝ”

සුර ලෝක මං සක්කර දෙය්යෝ
මේ පූරුවෙ පිනට උපන්නේ
…………………

සුදු අසු පිට නැගලා
මංගල රතේ තියා
………………..

පුංචි දෝනි තරහා වෙලා
පුංචි දෑසේ කදුලු සලා
……………………….

රත්තරං පෙම් පුරානේක
සිතුවම් මකා
………………………..

“ඇති නේද බං”

“දැන් ඇති බං නිදා ගමු ඔක්කොමල්ලා හෙට පාන්දර 5.00වෙද්දී ලෑස්ති වෙයල්ලා හරිද නොකීවයි කියන්නෙපා”

“අනේ රුවන් අයියේ ………….. තව……….එක …………සිංදුවක් …………කියමු………………කෝ”

“මේ බලපල්ලකෝ මේක……..හම්මෝ සෙක්සි විදියට කතාකරන්න එපා බං මගෙ නහර දිගේ ලේ ගමන් කරන වේගේ වැඩි වෙයි…………රුවනා ඔහෙ හිටපුවාවෙ මාව ගනින්කෝ රවියො ලගට”

“අහා සමිතෝ උබ අර කෙල්ලව අමාරුවේ නොදා ඉදපන්”

“මේ මේ රුවන් උබ…………..උබ ………මගෙ ………එකීගැන………ඔච්චර……..අනුකම්බා …….ක්න්වන්න් ……..ඒකීව උබ උබ උබ ගනින්………..මං මං මට තව හොයාගන්න පඋලු ……….පුලුවන් ”

සමිත් වෙරි මර ගාතේ කියවනවා……..රුවන්ට නප්පෙටම මල කොයි වෙලේ ඇරගනීද කියලා ඔක්කොම බලන් ඉන්නේ

“යකෝ උබේ එකීව මට ඕන නෑ ඒ අහිංසකී පව් ඔහොම කරන්නෙපා”

“හරි………….හරි මච්……………….ච……..න්”

එච්චරයි ඌත් ඩවුන්………..චමෝ නම් ඩවුන් වෙලා ගොඩක් වෙලා ඒත් ඌ ආපහු නැගිට නැගිට බොනවා…..සිතුමත් ඇල වුනා………ජග්ගනම් සෑහෙන වෙලා ඉදන් නිදි………………..

“අරුන් නිදිද දන්නෑ බං සාලිය………….කෝ…..ල් එකක් දාලා බලහන් කෝ.”

“හ්ම්…….උබ නිදාගනින් රුවනා……..මේ රවි දැන් ඇති නිදාගනින්……….”

“ට්…………..ඩ්……………..ට්……………ඩ්…………. හෙලෝ……….”

“හෙලෝ සදූ නිදාගන්නැද්ද මැනික ”

“ඔයා කෝල් එකක් ගන්නකල් හිටිඑ පන ”

“දැන් හරිනේ කෝ අනිත් දෙන්නා නිදිද?”

“හ්ම්……….ඔව්.”

“එහෙනම් ඔයත් නිදාගන්න වස්තුව…….මාත් නිදාගන්නම් ………තියන්නම් බුදු සරණයි …….පරිස්සමින් මැනික ”

“බුදු සරණයි පන ඔයත් පරිස්සමින් ……. ගොඩක් බොන්න එපා”

“රුවනෝ උන් හොදින් අරකි නිදිලු……..උබ නිදාගනින් හෙට උදෙන්ම යන්න එපැයි…..”

“හරි මචන් ගුඩ් නයිට් ”

“ගුඩ් නයිට් කොල්ලෝ”

? Sachini kavindya

????????????????

ඔන්න මමත් හොල්මන් කතාවක් ලියනවා……..හෙට කට්ටියම යනවා බූත බංගලාවකට කට්ටියම නිදහසේ ඉන්න අන්තිම දවසයි අද……………..?️

5 thoughts on “අන්ධකාරයේ යක්ෂයා|හොල්මන් කතාව|කතා අහුර රචක”

  1. Priyadarshani

    Wow wow කතාව නම් නියමායි ….???
    හෙටත් දිගම දිග කොටසක් දාන්න ….???
    All the best !?????

  2. මගෙ හොද සුදු අක්කි……..
    දිග කොටස් දාන්න පන ඉස්සරහටත් හොදේ………. හා නේද……….

    බය කරන්න හොදටම…. ආයි හොල්මන් කතා ගැන කතා නොකරන තරමට…????

    ??කතාව නම් මරු..???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.