Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 15 වන කොටස | රසකතා || කතා අහුර ||

2.2/5 - (8 votes)

නින්ද

ඔන්න ඇම්ඩට රෑට නින්ද යන්නෙ නැති අව්ලක් තිබ්බලු. මූ ඉතින් ඒකට මොකක්හරි ප්රතිකර්මයක් කරගන්න කියල මනෝ ඩොකෙක් ගාවට ගියාලු. ගිහින් ඩොකාට සීන් එක කිව්වලු. ඉතින් ඩොකා ඇම්ඩගෙ නින්ද යන්නෙ නැති ලෙඩේට ප්රතිකර්මයක් දුන්නලු, ඇම්ඩත් හැපි එකේ ගෙදර ගියා… රෑත් උනා. දැන් මූ ඇදට වෙලා අර ඩොකා කියපු විදිහට ප්රතිකර්මය කොරනවලු මෙහෙම “මගේ අත් දෙක දැන් නිදාගන්න, මගේ කකුල් දෙක නිදාගන්න, මගේ කලවා නිදාගන්න, මගේ අතේ ඇගිලි නිදාගන්න” කියලා ඔහොම ඔහොම කියාගෙන යනවලු.. මූට නින්දක් යාගෙනම එද්දි ඇම්ඩගෙ බිරිද දුහුල් නය්ටියකුත් ඇදගෙනහරිම සරාගී විදිහට කාමරයට ආවලු… එතකොටම ඇම්ඩ හය්යෙන් කෑ ගහල මෙහෙම කිව්වලු “හා හා නැගිටපල්ලා නැගිටපල්ලා! දැන්ම නිදාගන්න වෙන්නේ නෑ”

ඇම්ඩාගේ අම්මා

ඔන්න අපේ ඇම්ඩා සුමණාව බැදලා ලමයි එහෙමත් හදලා ලොකු උනාට පස්සේ ඇම්ඩගේ රස්සාව නැති උනාලු. ඉතින් අකමැත්තෙන් උනත් සුමණට සිද්ද උනාලු ගණිකාවක් වෙන්න. නැති බැරි කමට ගණිකවක් උනාට සුමනා කැමති උන් නෑ මේක නැන්දම්මාවත් (ඇම්ඩාගේ අම්මා) ඇම්ඩාවත් දැනගන්නවට. ඔන්න මෙහෙම ටික කාලයක් ගතවෙනකොට දවසක් පොලිසියෙන් බඩු පොට් එකට පැනල ඇල්ලුව ගණිකාවො සෙට් එකක්ම. ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලො සෙට් එකක්ම අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ල පෝලිමට හිටෙව්වා.සුමණත් ඉන්නව දැන් පෝලිමේ. ඔහොම ඉන්න ගමන් සුමණගේ නැන්දම්මා පාරෙ යනකොට දැක්ක තමන්ගෙ ලේලි පාරෙ අනිත් පැත්තෙ පෝලිමක…
නැන්දම්මත් ගියා ඉතින් අපේ සුමණා ලඟට මොකද මේ කියල අහන්න… නැන්දම්මට වැඩේ නෝන්ඩි කරගන්න බැරි හින්ද කෙල්ල කිවුව මෙන්න මෙහෙම.
“ආ…මේ…පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා.මම මේ පෝලිමේ ඉන්නෙ ඒව ගන්ඩ.නැන්දා යන්ඩ ගෙදර…මං අරං එන්නම්..”
ඒක අහපු අත්තම්ම.
”අනේ දුවේ එහෙනං මාත් දොඩම් ගන්න ඉන්නම්…”
කියල පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු.
ඒත් එක්කම පොලිස් නිළධාරියෙක් පෝලිමේ දිගට එක එක්කෙනාගෙ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමට ආවලු මේ අත්තම්ම ලඟට. පෝලිමේ මේ අන්තිමට ඉන්න වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට එක අතකින් පුදුමයිලු. තව අතකින් දුකයිලු එන customersla ගැන. ඔක්කොටම වඩා full මලලු. ඉතින් පොරත් කට සද්දේ කරලා
“හහ්…වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නෙ…කොහොමද තමුන් ඔය වයසට ඔහොම කරන්නෙ..?”
කියල ටිකක් තදින් ඇහුවලු… අපේ ඇම්ඩගේ අම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු…
“අනේ පුතේ ඕක කරනෙක ඒ හැටි දෙයක් නෙවෙයි මට…මම මගේ දත් කූට්ටම ගලවලා පැත්තකින් තියලා.ඉස්සරහ හක්කෙන් පොත්ත පස්සට ඇදලා.ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ” කිව්වලු.

හෝටල් බිල

මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ….
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ….මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

කාන්තාව – මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

කැෂියර් – ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

කාන්තාව – ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

කැෂියර් – ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් – තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters…

කාන්තාව – අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

කැෂියර් – ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

කැෂියර් – නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

කාන්තාව – නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

කැෂියර් – අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

කාන්තාව – ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න

තුන වැදුන වෙලාව

මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු “ඇම්ඩ අයියේ වෙලාව කීයද ?” කියල.

“මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ” කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.