Katha Ahura

උන්මාදිනි | 22 කොටස | නවකතාව || කතා අහුර ||

3.7/5 - (4 votes)

නාලකත් මාලිකත් මුනගැහිල දැන් හරියටම මාසයක් ගත වෙලා තිබුන. ඒත් මොන හේතුවක් හන්දද මන්ද කෙල්ල නාලකත් එක්ක පුදුමාකාර විදියට යාලු උනා. ඒ යාලුකම ටිකෙන් ටික ආදරේකට හැරේවි කියල නාලක තියා මම වත් කිසිමදාක හිතුවෙ නෑ. ඛොහොමින් කොහොම හරි නාලක එක්ක එකදවසක් මාලිකා මේ ගැන කිව්ව. හරියටම ඒ මාලිකාගෙ අයියල දෙන්න තමන්ගෙ නංගිව බලන්න කියල පිටත් වෙච්ච දවසෙමයි. වෙනදා වගේම දෙන්නම ලෑස්ති වෙලා ඉස්කෝලෙ යද්දි නාල්ක දිහා මාලිකා බැලුවත් නාලක කිසිම දෙයක් ගැන දන් නැති හන්ද වෙනද වගේම සෙල්ලක්කාර හිනාවක් දාල

“ගුඩ් මෝනින්” කිව්ව.

මාලිකාත් බයෙන් වගෙ පිළිතුරු දීල නාලක එක්කම ඉස්කෝලෙ යන්න ගෙදරින් පිටත් උනා. ථමන් ඊයෙ රෑ ඉදන් හිතපු දේවල් ගැන මාලිකා ආයෙම මතක් කලත් නාලකගෙන් ඒක අහන්න එයාගෙ හිතේ තිබුනෙ බයක්. ඈදරේ කරනවනම් නාලක ඒකට හොදම කෙනා බව මාලිකා දැන් අත්දැකීමෙන් දැනන් උන්නා. ඒත් මාලිකා තමන්ගෙ ආදරේ නාලක එක්ක කිව්වෙ නෑ. එයා බය උනා. නාලක ඒකට අකාමැති වේවි කියල.

“අකමැති උනොත් මට කවදාවත් දැනිල නැති විදියෙ ලැජ්ජාවක් දැනේවි”

මාලිකා හිතුව.
අන්තිමේ එයා කල්පනා කලේ තමන්ගෙ හිතවතී ශානිකත් එක්ක මේ ගැන කතා කරන්න.

“මාලිකා ඊයෙ දුන්න ගෙදර වැඩ ටික කලාද?”

හදිස්සියෙම නාලක ඇහුවා. ඒත් වෙන ලෝකෙක ඉදිය මාලිකාට ඒක ඇහුනෙ නෑ.

“එයි පිස්සී”
නාලක එහෙම කියල මාලිකාගෙ ඔලුවට තට්ටුවක් දැම්මා.
එතකොටයි මාලිකාට සිහිය ආවෙ.

“අහ්! අනේ ඇයි නාලක, මොකක්ද කිව්වෙ, මට ඇහුනෙ නෑ”

“මොකෝ ඔයාට මේ වෙලා තියෙන්නෙ? ආ?”
නාලක ඇහුවෙ තරහින් වගේ.

“මම ඇහුවෙ ඊයෙ දුන්න වැඩ ටික එහෙම කලාද කියල?”

“අහ්! අනේ අමතක උනා!”
මාලිකා කිව්ව.

“හපොයි”

නාලක බිම බලාගෙන යන්න පටන් ගත්තා.

————————————————
මාලිකා එයාට කොච්චර ළන් උනත් මොකක්දෝ දෙයක් නිසා අවුලෙන් වගේ ඉන්න බවත් ඒක කාටවත් නොකියන බවත් නාලක දනන් උන්නා. ඒක නිසාමයි එයා ඊයෙ මාලිකා නැති වෙලාවක් බලල ශානිකාගෙන් මේ ගැන ඇහුවෙ.

“අනේ දන්නෙ නෑ නාලක. මටත් ඕක තේරුනා දැන් ටික දවසක ඉදන්. එයාට අසනීපයක් එහෙම නම් නෙවෙයි. ලොකු ප්‍රශ්නයක්. ඒත් මොකක්ද කියල කියන්නෙ නෑ. ඔයා මොකෝ ඉතින් ඒ ගැන හොයන්නෙ?”

නාලක නිරුත්තර උනා.

“නෑ ඉතින් යාලුව හන්ද හොයා බලන එක යුතුකමනෙ”

“ආ එහෙමද නැත්නම්…………………”

නාලක මෝඩ හිනාවක් දාල ඔලුව වැනුව.

“ඔන්න මාලිකා එනව, මොකුත් කියන්නෙ නෑ එයාට එහෙම”

“හරි හරි නාලක ඒ ගැන බය වෙන්න එපා”

ශානික කිව්ව් පුරුදු විදියෙ පිස්සු හිනාව දාල ඇහැක් වහල.
——————————————————————

එදා ඉස්කෝලෙ වැඩ කටයුතු හරියට කරන්න මාලිකාට කිසිම උනන්දුවක් තිබුනෙ නෑ, ඒ මොකද කියල ශානිකා ඇහුවෙත් නෑ. ඒක නිසා මාලිකාගෙ හිතේ දහිරිය අන්තිම බින්දුවටම පිරිහ්ලයි තිබුනෙ. කොහොමින් කොහොම හරි අන්තිමේ ශානිකා මාලිකාවත් ඇදගෙන පිට්ටනිය පැත්තට ගියේ ඉන්ටවල් එක දුන්න ගමන්ම වගේ.

“මකද මාලි උඹට වෙලා තියෙන්නෙ? ඈ? කොල්ලෙක්වත් සෙට් උනාද”

මාලිකා අහිංසක විදියට ඔලුව වැනුව.

“නෑ බන්, මේ මම උඹට දෙයක් කියන්න, ප්‍රොමිස් වෙයන් කාටවත් කියන් නෑ කියල. මම ලොකු ප්‍රශ්නෙක හිර වෙලා වගේ, විසදුමක් ඕනෑ”

“ඇත්තටම උඹ ප්‍රශ්න මූඩ් එකේ තමා ඉදියෙ, ඊයෙ නාලකත් මගෙන් ඇවිත් ඇහුව මොකක්ද් උඹට වෙලා තියෙන අවුල කියල.”

මාලිකාගෙ උගුර හිර උනා වගේ දැනුන. නාලක????

“නාලක මොනාද උඹෙන් ඇහුවෙ? ඇත්ත්මන කියපන් මට”

“ඈ යකෝ! මොකෝ ඔය හැටි ඇඹරෙන්නෙ, ඊයෙ විතරක් නෙවෙයි, හැමදාම ඔයා කරපු කියපු දේවල් ගැන එයා මගෙන් අහනවා.”

“එයා මොකෝ මන් ගැන හොයන්නෙ?”

“ඊයෙ මගෙන් ඔයා ගැන ඇහුව වෙලාවෙ මට නම් මොකද කියල තේරුනා” ශානිකා කිව්වෙ හිනාවක් දාගෙන, මාලිකා බයෙන් වග ඉන්න දිහා බලල.

“ඉතින් උඹට තියෙන ප්‍රශනෙ කිවෙ නෑ නෙ”

“කියපන් උඹට මොකක්ද තේරුනේ” මාලිකා ශානිකාගෙ අතින් ඇද්දා.

“කියපන්කෝ”

“අනේ මී හරකියේ වෙන කවුරුත් උඹ ගැන හොයා බලන් නෑ. ඌ ව්තරයි ඔහොම හරි බලන්නේ. අනික කොල්ලෙක්, කෙල්ලෙක් ගැන හොයා බලන්නෙ වෙන මොකටද? උබට හිතා ගන්නවත් බැරිද?”

“ඒ කිව්වේ………” මාලිකා කරකවල අතෑරියා වගේ උනා.

“ඌ උඹට ආදරෙයි මට පේන්නෙ”

“හෑ………………………………………”
මාලිකා බය උන බව පෙන්නන්න ඕන උනත් අන්තිමේ එයාගෙ මූණට ආවෙ හිනාවක්.

“අහා! මොකෝ කෙල්ල හිනා වෙන්නෙ, මම හිතුවෙ බය වේවි කියල”

මාලිකා ආයෙමත් අර කලින් දාපු මෝඩ හිනාවෙන් ශානිකාට සංග්‍රහ කලා. එතකොට තමයි ශානිකාට මාලිකාගෙ ප්‍රශ්නෙ ගැන තේරුනේ.

“අහා! දැන් මට හිතා ගත්තෑකි උඹේ ප්‍රශ්නේ, උඹ ඌට මයින්ඩ් එකෙන් ලව් නේ?, ඕක කියාගන්න බැරුවද උඹ ඔය ඇඹරුනේ?”

මාලිකා ලැජ්ජාවෙන් වගේ ඔලුව වැනුව. ශානිකා මහදැන්මුත්තියක් වගේ හිනා උනා.

“ඉතිං බං ඕක මටවත් කියන්න තිබුනනේ, දැන් මම නාලකයට කතා කරල ඔය වැඩේ කරල දෙන්නම්. හයියෝ බය වෙන්ඩ එපා”

“අනේ ශානි” මාලිකා ටිකක් ඇඹරුනා.
“ඌ අකමැති උනොත්?”

“අකමැති උනොත් වෙන එකෙක් හොයා ගනින්” ශානිකා හිනාවෙලා මාලිකාවත් ඇදගෙන අයෙම ක්ලාස් එකට ගියා.

**********************************

ශානිකා මාලිකා එක්ක ක්ලාස් එකට ගිය ගමන්ම පීරියඩ් බෙල් එකත් ගැහුව. නාලකගෙ යාලුවො දෙන්න උන් කරන විශය තිබුන පන්තියට පිටත් උනා. වාසනාවට සිකුරාද දවසක්, ඒ නිසා එද මේ පීරියඩ් එකේ මේ විශය හදාරන්න ඉදියෙ නාලක, මාලිකා, ශානිකා සහ තවත් කොල්ලො පස් දෙනෙක්. ටික වෙලාවක් ගත උනත් තාම මිස් ආවෙ නෑ. ඒක නිසා නාලක එක්ක මේක කියන්න මේක හොදම වෙලාවය කියල ශානිකා තීරණය කලා. ඊට පස්සෙ නාලකට කතා කරල මාලිකත් තමනුත් ඉන්න තැනින් වාඩි කරව ගත්ත.

“නාලක වැඩි කතා ඕන නෑ, මම දන්න විදියට උඹල දෙන්නම දෙන්නට කැමතියි, ඒත් කියාගන්න කැමති නෑ. දැන් කියපල්ල උඹල දෙන්න යාලු උනාම මොකෝ වෙන්නෙ කියල?”

කොල්ලයි කෙල්ලයි දෙන්නම එකපාර ශානිකා දිහා බැලුවෙ කෑලි කපල කන්න වගේ. දෙන්නම රතු උන බව ශානිකා දැක්ක. ඒත් එයාගෙ මූණට ආවෙ හිනාවක්.

“නාලක මොකෝ උඹ ගොලු වෙලාද? මාලි?”

“නෑ”

තරහින් කියපු කටහඩවල් දෙකක් එකපාරම ඇහුනා.

“ඔය, යසට කතා කරන්නේ, ඉතින් කියහල්ලකෝ, නාලක මැතිතුමණි ඔබතුමා මෙම කෙල්ලව තම පෙම්වතිය හැටියට බාර ගන්නවාද?”

විහිලුවෙන් වගේ ඇහුවත් ටිකක් සීරියස් පෙනුමක් නාලකගෙ වගේම මාලිකාගෙත් මූනට ආරූඩ උනා.

නාලක කතා කලේ නෑ. ඒත් ටික වෙලාවකට පස්සෙ එයා මෙහෙම කිව්ව.

“ශානිකා උඹ නම් ඒක දන්නවනේ, ඒත් මාලි නම් ඒක දන්නෙ නෑ. ඔව්, මම කැමතියි තමයි, ඒත් ඉතින් ඒ මෙයා කැමති නම් තමයි. බලමුකෝ මෙයාගෙ උත්තරේ”

නාලක මේ ටික කිව්වෙ මාලිකා දිහාවත් නොබල. ලැජ්ජාවෙන් වගේ. ඒත් මාලිකා හෙමීට කාටවත් පේන්නෙ නැති වෙන්න නාලකගෙ අතින් අල්ල ගත්තා.

“මම මොකටද අකමැති වෙන්නෙ නාලක”

“ඔය තියෙන්නේ අපූරුවට”

දෙන්නටම මොහොතකට අමතක උනාට ශානිකා සතුටින් කෑගැහුවා. ඉස්සරහ පේළිවල උන්න කට්ටියත් එකපාරට හැරිල බලපු හන්ද මාලිකා අකුනක වේගෙන් නාලකගෙ අත අතෑරියා. කටියම බැලුවෙ ශානිකා දිහා. කිසි කෙනෙක් කපල් එක දිහා බැලුවෙ නෑ. අන්තිමේ කට්ටියම හිනාවෙලා ඉස්සරහ හැරුනේ

“කොහොමත් ඕකිට පිස්සුනේ” කියල.

මාලිකත් නාලකත් දිහා බලපු ශානිකා අන්තිමේ මෙහෙම කිව්ව.

“ඇත්තටම කියන්නෙ උඹල දෙන්නගෙ ෆේස් කට් එක පවා එක වගේ බන්. අම්මපා උඹල දෙන්න හොදට ගැලපෙනවා”

———————————————————————————

මීලග කොටසින්…………….

මාලිකාගෙ අයියල දෙන්න මොකද කලේ?
ආදරේ පටන් ගත්තු දවගෙම දෙන්නට ආදරේදි මුහුන දෙන්න වෙන ලොකුම කරදරේටත් මුහුන දෙන්න උනා. මොකක්ද ඒ?
අන්තිමේ මාලිකාට, නාලකට මොකද උනේ?

ඉතිරිය දිනපතා උදෑසන 10ට

✍ Tharuka Gunaratne

කතාව ලස්සනයිද? එහෙනම් ඇයි තනියම කියවලා සතුටුවෙන්නේ. ඔයාගේ ළගම යාළුවාටත් ඔයාගේ කතාඅහුර ඇප් එකගැන කියන්න

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.