Katha Ahura

උන්මාදිනි | 24 කොටස | නවකතාව || කතා අහුර ||

කතාව කොහොමද?

කොළඹ නගරෙ එක්තරා ප්‍රසිද්ද පාරක්. වෙලාව උදේ අටට විතර වෙන්න ඇති. ඉර පායල තිබුනත් ඒ තරම් ලොකු කල එළියක් අවට පරිසරේ තිබ්බෙ නෑ. මලානික ඉර එළිය අහස සිඹින ගොඩ නැගිලි අස්සෙන් ලාවට තැනින් තැනට කඩා පාත් වෙලා තිබුනෙ ටිකක් ලස්සන රටාවක් මතක් කරල දෙන්න වගේ. අහස වළාකුලු වලින් යාන්තමින් වැහිල තිබුන. කවුරු කවුරුත් වගේ හිතන් ඉදියෙ මේ මලානික ගතිය දවල් වෙද්දි නැති වෙලා යාවි කියල. මේ පාරෙ තියෙන එක ගොඩ නැගිල්ලක් වෙත ඔයාලගෙ අවදානය යොමු කරන එක වටිනවා.

ඒක තට්ටු පහේ උසම උස ගොඩ නැගිල්ලක්. ඒකෙ පහළම තට්ටුවෙ ගොඩනැගිල්ල අයත් සමාගමේ නම ලොකු බෝඩ් එකක ගහල එල්ලල තිබුන. ඒකෙ පහළම තට්ටුවට පිටිපස්සෙන් කාර් පාක් එකේ ඉදපු සෙකියුරිටි ගාඩ්ල දෙන්න සෙකියුරිටි රූම් එකට වෙලා මොකක්දෝ වැඩක්. සමාගමේ වැඩ කරන උදවිය එක එක ජාතියෙ වාහන වලින් බැහැල ඉක්මනින් වගේ ඇතුලට දිව්වෙ ටිකක් හදිස්සියෙන් වාගෙ. සෙකුටිට්යිලගෙන් ටිකක් වැඩිමල් අයසෑ කෙනා මේ සමාගමට අවුරුදු දෙකක ඉදල වැඩ කරනව. එයාගෙ මූන සතුටින් පිරිල. ඒත් අනිත් කෙනා නම් මෙතැනට අලුත් වගේ. එයා මේ සිද්දි හිහා බලන් ඉදියෙ උනන්දුවෙන් වගේම පුදුමෙන්.

“මොකෝ සිරිදාස මාමේ අද හැමෝටම වෙනද නැති හදිස්සියක්?”

“අහා! ඔය ළමයටත් තේරුනා එහෙනම්” එහෙම කිව්වෙ අර මැදිවියේ සෙකියුරියි ගාඩ්වරයා.

“ඇත්තටම මොකෝ මාමෙ මේ? අර අර වෙනද රතු ඉර ගැහුවටත් පස්සෙ එන මැනේජර් මහත්තය ඕන් අද පාන්දරම මේ පැත්තෙ එනව”

“ඈ උන්දැ මේ පැත්තට එනවද? වරෙන් කොල්ලෝ එළියට එහෙනම්”

මැනේජර් මහත්තය එනව ඈත තියාම දැක්කෙ නැති සිරිදාස එළියට බැස්සෙ ඔලුවෙ තිබුන නිළ කැප් එකත් අතට අරන්. එයා ඉස්සරහට ආවෙ අපි මැනෙජර් කියල සාමාන්යෙන් කියන ජාතියෙ මිනිහෙක්ම තමා. ටිකක් ලොකු බඩක් තියෙන කොණ්ඩෙ හෙම කපල තට්ටෙටම වගේ.

“සිරිදාස”

“ඔව් කියන්ඩ සර්”

“සිරිදාස අද චෙයාමන් මහත්තය එනව. ඒක හන්ද ටිකක් මේ එළියෙ වැඩ ගැන බලන්න. එයා ගැන දන්නවනෙ. හැම වැඩේම නීට් එකට තියෙන්න ඕන. අනිත් එක හිතුන හිතුන තැන් වල පාකින් දෙන්න එපා. පිළිවෙලට පාකින් ස්පේස් හෙන්න. ඕ කේ. හෙනම් මන් යනව. ගොඩක් වැඩ තියෙයි”

මෙතෙක් වෙලා මැනේජර් කියපු දේව්ල් වලට ඔලුව වනපු සිරිදාස හිනාවෙලා

“හරි සර්” කිව්ව. මැනේජර් නොපෙනී ගියා.

“කව්දෝ එන කතාවක් කිව්වෙ?”

නවක සෙකියුරිටි සමන් ඇහුවෙ සිරිදාස දිහාවෙ ප්‍රශ්නාර්ත බැල්මක් දාල. පුදුමෙන් වගේ. සිරිදාස සමන් දිහාවෙ බැලුව. තාම වැඩට ඇවිත් මාස දෙක තුනක් හන්ද සමන් මොකුත් දන් නෑ.

“ආ අද මෙහෙ චෙයාමන් මහත්තය එනව ළමයො. ඒකයි. ඒ මහත්තය ළගදි රට ගියානෙ. ගිය සතියෙලු ඇවිත් තියෙන්නෙ. අද උදේ නවය හමාරට මෙහෙ එනව කිව්වලු. වැඩි වයසක් නෑ මයෙ හිතේ. විසි පහක හයක කොල්ලෙක්”

“වෙන්න බෑ. මගෙ වයසෙ විතර ඇතිනෙ”

“උත්සාහෙ තමා ළමයො. උන්දැ ඒ.ලෙවල් පාස් උනත් කැම්පස් කාරිය ගොහින් නෑ. රස්සාවක් කරන්න පටන් ගත්තලු. ඒව ටික ටික ඉතුරු කරල අන්තිමේ තමන්ගෙම කියල සාප්පුවක් පටන් ඇරන්. උන්දැගෙ කැපවීමයි, මොලෙයි හන්ද ඔන්න දැන් රට වටේ එයාගෙ සාප්පු තියෙනව.”

“එහෙම නම් වෙන්ඩ ඇති”

දෙන්න කතාව නතර කලා.

හරියටම අට හමාරට වගේ දිලිසෙන කලු පාට මොන්ටෙරෝ එකක් කාර් පාක් එක ඇතුලට ආව. කවුරුත් බහින්න කලියෙන්. සිරිදාස දුවල ගිහින් දොර ඇරිය. එළියට බැස්සෙ කොල්ලෙක් තමා. ඒත් චෙයාමන් කෙනෙක්ගෙ ආඩම්බර උද්දච්ච පෙනුම එයාගෙ තිබුනෙ නෑ. එළියට බැහැල සිරිදාසගෙ කරට අත දා ගත්තු ඒ තරුණයා මෙහෙම ඇහුව.

“දෙයියනේ සිරිදාස අංකල්ව දැකපු කල්. හරියටම මාසයක් විතර ඇති.”

“ඔව් මහත්තයෝ. දැකපු එකත් ලොකු සතුටක්.”

කියාපු සිරිදාස සමන් දිහාවට හැරුන.

“සමන් ළමයෝ මේ මහත්තයගෙ බෑග් එක ගෙනිහින් දීපන්”

“ආ! ඕන නෑ” මහත්තය කිව්වා.

“මම බෑග් එකක් ගෙනාවෙත් නෑ නෙ”

කියල අහිංසක විදියට හිනා උනා.

“සිරිදාස අංකල්ට ගෝලයෙකුත් හම්බෙලා තියෙන්නෙ. දැන් තනියක් නෑ නෙ. යමුද පොඩ්ඩක් ඔෆිස් එකේ ලස්සන බලන්න.”

“අහ්! එන්ඩ මහත්ත්යෝ, එන්ඩ”

සිරිදාස ඉස්සර උනා. තමන් වත්ත පිටිය කොච්චර මහන්සියෙන් හැදුවද කියල මෙයාට පෙන්නන්නකම් ඉවසිල්ලක් නෑ වගේ. ලොක්කා සමාගම් වත්තෙ වටයක් ගියා. අන්තිමේ සිරිදාසගෙ පිටට තට්ටු කලා.

“ලස්සනයි සිරිදාස අංකල්. නියමෙට මේන්ටේන් කරල තියෙනව. කවුරු ලව්වද කෙරෙව්වේ? කීයක් විතර ගියාද?”

“අපොයි මහත්තයො. ඕක මම නිකම් ඉන්න වෙලාවටයි කලේ”

සිරිදාස අවංක හිනාවක් පෑව.

“මටත් සෙනසුරාද ඉරිද ජොබ් එක කරන එකේ කිසි ගතියක් නෑ නෙ මහත්තයෝ. නිකම් ඉන්න එකේ කලා”

“නියමයි! ඇත්තටම” මහත්තය කිව්වා.

“එහෙනම් අංකල් මම ඇතුලට යනව. පරක්කු වෙන්න බෑ නෙ. බෝම ඉස්තූතී මට වටේ පෙන්නුවට”

“අනේ ඕක මොකක්ද මහත්ත්යා” සිරිදාස කිව්ව. මහත්තයා ඇතුලට ගියේ සිරිදාස දිහාවෙ ස්තූති බැල්මක් දාල.

සුපුරුදු විදියටම ලිෆ්ට් එකෙන් නොයා පඩිපෙළින් නැගපු මහත්තයා පළවෙනි තට්ටුවට ගියේ තනියම. එයාව දැකපු ගමන් අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරේ ඉදපු කෙල්ල තිගැස්සුනා. ඉක්මනට ඉද්පු තැනින් නැගිටපු එයා

“ගුඩ් මෝනින් සර්”

කියල ලස්සන හිනාවක් දැම්ම.

“ගුඩ් මෝනින් නිශාදි, වාඩිවෙන්න” ලොක්කා එහෙම කියල ඇතුලට ගියේ නිශාදි දිහාවෙ බලල හොදට හිනාවෙලා.

ලොක්කා ඇතුලට ආපු බව දැකපු ඇතුලෙ ඉදපු හැමෝමත් සීට් වලින් නැගිටල එයාට ආචාර කලා. එකිනෙකා ළගට වෙන වෙනම ගිය මහත්තයා සැලකිය යුතු කාලයක් අරන් හැමෝම එක්ක කතා කලා. හැමෝටම ශේක් හෑන්ඩ් කරලා. අන්තිමේ ඒ ලොකු හෝල් එක කෙලවරේ තිබුන මැනේජර් තුමාගෙ කාමරේටත් ගියා. ටිකකින් එළියට ආවෙ මැනේජර් එක්ක. දෙන්නම උඩ තට්ටුවට ගියේ එකට.

දෙවැනි තට්ටුවෙ තිබුනෙ කන්ෆරන්ස් හෝල් එක. තුන් වැනි තට්ටුවට ගිය එයා කැන්ටින් එකේ තැනක වාඩි උනා. මැනේජරුත් වාඩි උනා.

“ඇයි සර් මෙතැනට ආවෙ?”
මැනේජර් ඇහුවෙ පුදුමෙන් වගේ.

“නෑ ලාල් මම උදේ කෑවෙ නෑ!” චෙයාමන් හිනා උනා.
ඊට පස්සෙ මැනේජර් දිහාවෙ බැලුව.

“ලාල් කාලද ඉන්නෙ?”

“නෑ සර් මම පස්සෙ කන්නම්”

“පිස්සු නැතුව කනවා” එහෙම කියපු එයා කෑම දෙකක් ගේන්න කිව්ව.

කෑම කන අතරෙ මැනේජර් එක්ක එයා ගොඩක් දේවල් කතා කලා. ඒත් එව්ව කිසිවක් සමාගමේ වියාපාර වලට අදාල නෑ. චෙයාමන් කිවෙ

“බ්‍රේක්ෆස්ට් ටයිම් එකෙත් බිස්නස් කරන්න එපා” කියල.

අන්තිමේ දෙන්න කාල ඉවර උනා. මැනේජර් එපා කියද්දි චෙයාමන් බිල ගෙව්ව. ඊට පස්සෙ දෙන්නම හතර වැනි තට්ටුවට ගියා. ඒකෙ මුල් රූම් එක තිබුනෙ ඩිරෙක්ට බෝඩ් එකේ අයගෙ ඔෆිස් කාමර. කොනේම තිබුන චෙයාමන්ගෙ කාමරේට දෙන්න ඇතුල් උනා.

“මොකෝ ලාල් මෙතැන් හිස්?”
චෙයාමන් ඇහුවෙ එයාගෙ සෙකට්‍රි ටේබල් එක හිස් වෙලා තියෙනව දැකල.

“මොකෝ අර ආකාශ්ට උනේ”

ආකාශ කිව්වෙ කලින් ඉදපු සෙකට්‍රිට.

“එයා අස් උනා සර්. ඩිග්‍රිය කරන්න ඇමරිකා යනවලු.”

“එහෙමද? දැන් කාවද අලුතින් පත් කරන්නෙ?”

“අලුතින් දාන්න කෙනෙක් නෑ සර්”

“එහෙනම් වෙනසකටත් එක්ක පේපර් ඇඩ් එකක් දාල ඉන්ටවිව් කැදවමු. එහෙම හොදයිනේ?”

“හොදයි සර්. මම අදම ඇඩ්වටයිස් කරන්නම්”

“හොදයි එහෙනම් ලාල් යන්න. වැඩත් ඇතිනේ. ඕන උනොත් මම කෝල් කරන්නම්. අහ්! යන්න කලින් අර මිස්ට. කරුනාතිලකට එන්න කියන්න. අලුත් වැඩක් කරන්නයි මගෙ අදහස”

“ගුඩ් ලක් සර්. එහෙනම් මම අන්නම්”

“ඕකේ”

එහෙම කිව්ව ලොක්කා තමන්ගෙ පුටුවෙ වාඩි උනා. මැනේජර් පිටත් උනා. මේසෙ උඩ තිබුන නේම් බෝඩ් එක මමත් දැක්කෙ දැනුයි. පිත්තල පසුබිමේ කලු පාට අකුරින්

“නාලක සමරසිංහ”
“චෙයාමන්”
“####### කම්පනි”

කියල ගහල තිබුනා.

ඉතිරිය දිනපතා උදෑසන 10ට

✍ Tharuka Gunaratne

කතාව ලස්සනයිද? එහෙනම් ඇයි තනියම කියවලා සතුටුවෙන්නේ. ඔයාගේ ළගම යාළුවාටත් ඔයාගේ කතාඅහුර ඇප් එකගැන කියන්න

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.