Katha Ahura

එකමත් එක දවසක | තෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර

5/5 - (5 votes)

තෙවන දිගහැරුම

දෙවරක් නොසිතාම නීශා ඇගේ වමත ඔහු අත මතින් තිබ්බෙ සිහින් සිනාවකින් මුව සරාගෙන.සමීර්ට දැනුනෙ පුදුමාකාර සතුටක්.

“පොඩ්ඩක් ඉන්න එහෙනම් …මං පටාස් ගාල එන්නං …කොහේවත් යන්න එපා….ඔතනම ඉන්න…….මං ඉක්මන්ට එනවා…”
සමීර් එහෙම කියාගෙන අයෙම හනිකට දිව්වෙ පාක් එක ඇතුලට.ඒ කඩවසම් රූපෙ දිහා නීශා බලා හිටියෙ හිනාවෙවී.ඇයට ඔහු ගැන ආදරයක් ඇති උනේ එක පාරටමයි.ඒත් ඇය ඒ ආදරය ලබන්න තරම් වාසනාවන්තයිද…
උපතින්ම ඇය හරිම දුර්වල කෙනෙක්.නිතර නිතර ලෙඩ රෝග වලට පාත්‍ර වෙන ඇය ජීවත් වෙන්නෙ vitamins වල පිහිටෙන්.පුංචි කාලෙ ඉදන්ම මේ ගති තිබ්බත් ඈට වයස 16වෙද්දි නිතර නිතර කැස්සෙන් ඇය පීඩා වින්දා.නිතර නිතර ප්‍රතිකාර ගත්තත් කැස්සට හේතුව මොකද්ද කියලා doctors ලට හොයාගන්න බැරි උනා.ඒ ඉද්දියි ඇයට එක පාරටම කැස්සත් එක්ක ලේ පිටවෙන්න ගත්තෙ..ඒ පාර නම් නීශාව පිටරටකට ගෙනිහින් ප්‍රතිකාර කලා.ඒත් ඇගේ වෙලාවට ඒ අසනීපය තුන්වෙනි අදියරේ තියෙන මොලේ පිලිකාවක්.රෝගය සනීප කරන්න බැරි බවයි ඔවුන් කිව්වෙ.කොච්චර ප්‍රතිකර්ම කලත් ඇගේ අසනීපය එන්න එන්න වැඩි උනා මිස අඩු උනේ නෑ.මීට මාසෙකට පෙර ඇයව වෛද්‍ය පරීක්ෂණයකට ඇතුලත් කරහමයි ඇය දැනගත්තෙ ඇයට ජීවත් විමට තව ඇත්තේ මාසයක් පමනක් බව.ඔවුන් පැවසූ දින ගනන් අනුව නම් මේ ඇය ජීවත් වෙන අවසන් දිනයයි.ඒකයි ඇයට අවශ්‍ය ඇය ජීවත් වෙන අවසන් දිනය අමතක නොවන සුන්දර සතුටුදායක දිනයක් බවට පත් කරගන්න.

සමීර් ආයෙම canteen එකට ගියේ ඉහවහ ගිය සන්තෝශයෙන්.ඔහුත් ඇයට ආදරය කරන වග නම් දැන් සහතිකයි.ඇය වෙනුවෙන් ඔහුගෙ මුලු ජීවිතේම කැප කරන්න ඔහු සූදානම්.

“හහ්..ම..ම..මචං…මට සල්ල් කීයක් හරි දීපන්කො…මං හෙට දෙන්නම්….”සමීර් ඇහුවෙ canteen එකේදි තමාත් එක්ක හරි හරියට වැඩකරන තමාගෙ යාලුවාගෙන්.ඔහු පුදුමෙන් සමීර් දිහා බලං හිටියෙ

“තොට අද අමු කැවිලද යකෝ..මොකෝ මේ උදේ පාන්දර ….එහෙට දුවනවැයි..මෙහෙට දුවනවැයි .. ..බනිස් ගෙඩ් අරං දුවනවැයි …දැන් ඒ ගමන සල්ලිත් ඉල්ලනවා…බොසා දැක්කොත් තෝව ගහලා පන්නයි …..”ඔහු කියන්නේ සත්‍යයකි .සමීර්ගේ ප්‍රදානියා නම් කිසිම හිතක් පපුවක් ඇති අයෙක් නම් නෙවේ.

“අනේ බං…උබ හොද එකානේ…මට තියේනම් දෙතුන්දාහක් දීපන්කො …මං හෙට අනිවා දෙනවා….අනේ බං…”සමීර් බැගෑපත්ව ඉල්ලුවා.

“උබට පිස්සුද සමීර්….මං ගාව කොහින්ද එච්චර…හිටපං බලන්න..”සාක්කුවෙන් ලෙලි ගැලවෙච්ච හම් පර්ස් එක එලියට ගත්ත ඔහු බැලුවෙ පර්ස් එකේ කොච්චර සල්ලි තියෙනවාද කියලා..සන්තකේටම තිබ්බෙ රුපියල් 500යි.ඒක අරං ඔහු සමීර් අත තිබ්බා

“හරි..මං අහන්නෑ මේ සල්ලි උබට මොකටද ඔනි කියලා…ඒත් මචං. ..මං අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි..හරි දේකට යොදෝපන්…ආ …”එහෙම කියාගෙන ඔහු නැවතත් වැඩෙහි යෙදුනා.මූණ බෙරි කරගෙන සමීර් රුපියල් 500ගත්තා.මේ සල්ලි වලින් කොහොමද අද දවසෙ නීශාව සතුටු කරන්නෙ.කල්පනා කර කරම ඔහු canteen එකෙන් එලියට ආවෙ තමන් අද නිවාඩු ගන්නවා කියන්නෙවත් නැතුව.ඔහු අත ඇත්තේ රුපියල් 200කි.රුපියල් 700කින් කුමක් නම් කරන්නද. හිත හිතම ඔහු ආවෙ නීශා ලගට .ඇගේ සුන්දර සිනහව ඉදිරියේ සමීර්ගේ සියලු ප්‍රශ්න අහවර විය.අත රැදී මුදල් වලින් නොව ඇයව සතුටු කල යුත්තේ හැගීම් වලිනි.ඔහු එසේ සිතමින් ඇගේ අත අල්ලන් එතනින් නික්මුනේ හිරු පායා විත් දසතම ආලෝකමත් කරද්දි අද දවසේ ඈව සතුටින් පුරවන්නට යන අවංක අධිශ්ටානයෙනි.

ඔවුන් කොහේ යයිද?සමීර්ට පුලුවන් වෙවිද ඇයව සතුටින් තියන්න.ඇත්තටම අද ඇගේ අවසන් දිනය වේවිද? කල්පනා කරන අය කල්පනා කරන්නකෝ.අදට මං ගියා.හෙට හමු වෙමුකෝ….✋✋✋

M.A.Rashmi

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.