Katha Ahura

එකමත් එක දවසක | දෙවෙනි දිගහැරුම | නවකතාව | කතා අහුර

4.4/5 - (7 votes)

දෙවෙනි දිගහැරුම

ඇය ගැනම හිත හිත හිටිය සමීර් අන්තිමේදි තීරණය කලා ගිහින් ඇයත් සමග කතා කරන්න.වැඩ කරන අනිත් අයට බොරුවක් කියලා ඔහු හනි හනිකට පාක් එකෙන් එලියට ආවෙ තවමත් අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කර කර ඉන්න ඇයව හමුවෙන්න.ඇය ලගින්ම ගිහින් ඒ ගල් බැම්මෙ වාඩි වෙච්ච සමීර් ඇය දිහා මොහොතක් බලා හිටියෙ වශී වෙලා වගේ.දුරට වගේම ලගටත් මේ මල මාර ලස්සනයිනේ .ඔහු හිතෙන් හිතනවා.

“මොකෝ….මගේ දිහාම බලා ඉන්නෙ..කතා කරන්න ආවනම් කතා කරන්නකෝ…..”
ඉස්සරහ බලා ගෙන හිටිය නීශා එක පාරටම ඒම ඇහුවා.සමීර් ගැස්සිලා වගේ ගියා.ඒ මියුරු කටහඬ හරියට සංගීතයක් වගේ.ඔහුට පුදුම මෙච්චර වෙලා කල්පනා සයුරෙ ගිලිලා හිටිය ඇය කොහොමද තමාව දැක්කෙ කියලා.??
පොඩි සබකෝලයක් දැනුනත් සමීර් කතා කලා.

“නෑ..මේ …මං පොඩ්ඩක් try කලා ඔයා දිහා බලං භාවනා කරන්න පුලුවන්ද කියලා…මොන…මගේ මුලු ඇගම හිරිවැටිලා ඔයා දැකලා …..”ඔහු කිව්වෙ ඇත්ත.අමුතු හැගීම් රාශියක් ඔහුව වෙලා ගෙන ඉන්නෙ.සමීර් කිව්ව දේට ඇයට සිහින් සිනාවක් ගියා.ඇය හිනා වෙනකොට දෙපැත්තේ කම්මුල් වල ගැහෙනවා හරිම ලස්සනයි.

“ඔයා හිනාවෙනකොට තවත් ලස්සනයි….”ඔහු කිව්වෙ ලාවට හිනා වෙන ගමන්.දැනුයි ඇගේ නෙත් සමීර්ව දුටුවෙ.ඔහුව දැකපු ගමන් ඇගේ සිතත් ඔහු කරා ඇදී ගියේ සංසාරගත බැදීමක් වගේ.ඇය සිහින් සිනාවකින් ඔහුට සංග්‍රහ කලා.

“බොහෝම ස්තූතියි ඔයාගෙ වර්ණනාවට…”සියුම් සතුටක් හිත ඇතුලෙ මෝදු වෙද්දි ඇය කිව්වෙ ඔහුගෙ නෙත් දිහා කෙලින් බලාගෙන.ඇගේ නෙත් දිහා බලන් හිටිය සමීර්ට ඇගේ නෙත් වල තිබ්බ විඩාබර ගතිය හොදට තේරුනා.උදේ පාන්දර අඩ අදුරෙ උනත් ඇගේ වතෙහි තිබ්බ මලානික බව කනස්සල්ල සමීර් දුටුවා.ඇය ඉන්නෙ කුසගින්නෙ.ඊයෙ රෑ ඉදන්ම ඇගේ කුසට අහරක් නෑ.ඇය නොකිව්වත් ඒ බව සමීර්ට දැනුනා.ඒකත් හරි පුදුම දෙයක්..නැවතත් ඇයව එහිම තනිකර හනිකට canteen එකට දිව්වෙ ඇයට මොනාහරි කන්න දෙයක් ගේන්න….

“මොකෝ බං…මේ ආයෙම…..මොකෝ මේ හති හල හල….??”
Canteen එකේ උන් තවකෙක් ඇහුවෙ හති දදා පැමිණි සමීර්ගෙන්.ඔහු මොකුත් නොකියම බනිස් ගෙඩියක් අරන් ආයෙම පාක් එකෙන් එලියට දුවන් ආවා…ඒ බනිස් ගෙඩිය තමා නීශා අත තිබ්බෙ ඇගේ කුසගිනි හමාර කරන්න…සීරුවෙන් බනිස් ගෙඩිය කන ඇය දිහා සමීර් බලං හිටියෙ ආසාවෙන්.ඇයත් සමග ජීවිතය ගත කල හැකිනම් යැයි ඔහුට සිතුනු වාර ගනන අනන්තයි…

“මං සමීර්…ඔයා….???”

“මං නීශා…නීශා අවුරෝරා මහේන්ද්‍රසිං…”
නම ඇසුනු සැනින් ඔහු හිද හුන් අසුනෙන් නැගිට්ටෙ හීයක වේගයකින්..ඇය ඔහු දෙස බලා උන්නෙ පුදුමයෙන්.

“ම..ම..මහේන්ද්‍රසිං ..???…මහේන්ද්‍රසිං ඇමතිතුමාගෙ දුවද..ඔයා….????”
ඔහු ඇසුවෙ විශ්මයෙන්.

“ඔව්..මහේන් මහේන්ද්‍රසිං කියන්නෙ මයෙ තාත්තා…”ඇය හිනාවෙවි පිලිතුරු දුන්නා.
ඔහුව නිකන් කරකවලා අතෑරියා වගේ උනා.ඉන්දියාවේ ප්‍රබල ඇමතිවරයෙක්ගෙ එකම දියණිය දිල්ලියෙ පාක් එකක් ලග තනියම.ඔහුට පුදුමයි.ඔහු හැමතැනම යන්නෙ ලොකු ගාඩ් එකක් එක්ක.ඔහු පමනක් නෙවේ මුලු පවුලම කොහේ යතත් යන්නෙ ආරක්ශකයන් පිරිවරා.එතරම් ආරක්ෂා කරන ඒ ඇමති පවුලෙ එකම දරුවා මෙලෙස තනියම සිටීම ගැන ස්මීර්ට ආවෙ කුතුහලයක් .

“වාඩි වෙන්න..ඔයා මගේ නමට ඔච්චර බය වෙයි කියලා දන්නවනං මං නම කියන්නෙත් නෑ..” ඇය හිනාවෙලා ඔහුගෙ අතින් ඇදලා ඇය අසලින් වාඩිකෙරෙව්වා.නමුත් ඔහු දැන් ඉන්නෙ බියෙන්.ඇය ආරක්ෂා කල යුතු මැනිකක්.

“ඔ..ඔ..ඔයා ඇයි මෙතන…කෝ ඔයාගෙ ගාඩ්ලා..??”
සමීර් ඇහුවෙ වටපිට බල බල .

“හ්ම්….ඇත්තම කිව්වොත් සමීර්…මං ගෙදරින් පැනල ආවෙ….පැනලා එද්දි ගාඩ්ලා එන්නෑනෙ…නේද??”
සැහැල්ලුවෙන් නීශා කිව්වෙ.ඒත් සමීර් ඒකෙන් තවත් අපහසුතාවෙට පත් උනා.මැය නිවසෙන් හොරෙන් ආවනම් ඒ ඇයි?ඊටත් වඩා ඔහු බිය උනේ ඇය සොයාගෙන මෙලහකටත් ඇගේ ආරක්ශකයන් පමිනෙනවා ඇති යැයි හිතලා.

“ඔයා බයවෙන්න එපා…එයාලට මාව හොයන්න බෑ…”ඔහුගෙ ඇතැගිලි අතරින් ඇගේ සිහින් සුමුදු ඇතැගිලි යවමින් ඒ අත ඇය තදින් අල්ලගත්තා.ඔහුගෙ දෑස් ගියේ ඒ අතැගිලි දෙසට.ඔහුත් ඒ අත තදින් ආපිට අල්ලගත්තෙ කවමදාකටවත් ඒ අත අතඅරින්නෙ නෑ යැයි සිතින් සිතමින් .

“ඉතින් ඇයි ඔයා ගෙදරින් පැනලා ආවෙ..??”තවත් මොහොතකට පස්සෙ සමීර් ඇහුවෙ නීශාගෙ තරු කැට වන් නෙත් දෙස බලමින් .

“හ්ම්..මං ගෙදරින් පැනලා ආවෙ අද දවස සතුටින් ගත කරන්න…”ලොකු හුස්මක් පිටකරමින් නීශා කිව්වා.සමීර්ගෙ ඇහිබැමි රැලි වැටුනෙ ඉබේටමයි.

“හයියෝ….මේකනේ…අපිට ගොඩක් සල්ලි තිබ්බත් අපේ ජීවිතේ සතුට කියලා දෙයක් නෑ සමීර්…මං ඉපදුනු දවසෙ ඉදන්ම සතුටක් කියලා දෙයක් වින්දනම් ඒ හරිම කලාතුරකින්.යාලුවෙ ආශ්‍රය කරන්න දෙන්නෑ,කොහේවත් විනෝද වෙන්න කියලා එක්කගෙන ගිහින් නෑ.ගෙදරටම කොටු වෙච්ච ජීවිතයක් මං ගෙවන්නෙ….එයාලා බය මාව කොහේවත් අරින්න හදිස්සියෙවත් මාව කවුරුහරි kidnappe කරලා එයාලගෙන් කප්පම් ඉල්ලයි කියලා…ඉතින් ඒ හින්දා පොඩි කාලෙ ඉදන්ම විනෝද වෙලා සතුටු වෙලා එක දවසක් වත් නෑ.පිටින් පේන්න හැමෝටම හිනා වෙලා හිටියත් හිත ඇතුලෙන් ඉන්නෙ හැමතිස්සෙන අඩ අඩ සමීර්…..මට ඕනි අද දවස ජීවිතේ කවදාවත් නොවෙච්ච විදිහට සතුටින් ගත කරන්න.ඒකයි මං හැමෝටම හොරෙන් මෙහෙම ආවෙ.හැබැයි මෙහෙම ආවත් මං මෙහෙ පාරවල් ගැන යන්න ඕනි තැන් ගැන මෙලෝ හසරක දැනුමක් නෑ…..”නීශා හිනා වෙලා සමීර්ගෙ උරහිසින් ඔලුව තියාගත්තා.

සමීර්ගෙ හදවත ඇතුලෙ විදිලි කොටනවා වගේ.හදවතම හොල්ලපු පුංචි සුරංගනාවි ඔහුත් එක්ක හුරතල් වෙන අපූරුව.අද දවසෙ ඇයට උපරිම සතුට ලබා දෙන්න ඔහු අවසානයේ තීරණය කරනවා.අදින් පස්සෙ සමහරවිට ඇයව මුණ නොගැහෙන්නත් පුලුවන්.ඒ නිසා මේ දවස ඇයත් එක්කම ගත කරලා ඇගේ ජීවිතේට සතුට ලබා දෙන්න සමීර් හිතනවා .

“එහෙනං මං ඔයාව අද දවසෙම සතුටින් තියන්න…ඔයා මා එක්ක එනවද…..ම්…”ඔහු ඇසුවෙ ඔහුගෙ දකුණු අත දිගුකරමින්.

ඇය ගෙල හරවා ඔහු දෙස බැලුවෙ හරිම ලස්සනට හිනා වෙවී.

ඇය ඒවිද ඔහුත් සමග.ඔහු ඇයට සතුටක් දෙන්න කියා කුමක් නම් කරාවිද…
ඒ ටික හෙට..මාත් එක්කම ඉන්න ඔයාලා..

M.A Rashmi

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.