Katha Ahura

එකමත් එක දවසක | පස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර

5/5 - (9 votes)

පස්වන දිගහැරුම

මුලින්ම සමීර නීශාව අරං ගියේ කෝවිලකට.ඒක ප්‍රසිද්ධ කෝවිලක්.ගොඩක් හාස්කම් තියෙන මිනිස්සු රට වටෙන්ම වන්දනාමාන කරන්න පැමිණෙන මේ කෝවිල මනරම් ස්තානයක්.

“ශා…හරිම ලස්සනයි සමීර්…මං කවදාවත් මේ වගේ තැනකට ඇවිත් නෑ….”කටත් ඇරගෙන හරිම සතුටින් නීශා කිව්වෙ වටපිට බල බල.

“එන්නකෝ..තව තියෙනවා පෙන්නන දේවල් ගොඩාක්….”සමීර් ආසාවෙන් ඇයව එක්කන් කෝවිල වටේම පෙන්නුවා.ගණදෙව් කෝවිලට දෙන්නම යන්න අඩිය තියද්දිම කෝවිලේ වහලෙ එල්ලලා තිබ්බ සීනු එක පෙලට නාද වෙන්න ගත්තෙ වතාවත් කර කර හිටිය පූජක තුමාගෙ අවදානය ඒ දෙන්න දිහාවට යොමුකරගෙන .මේ වගේ දේවල් වෙන්නෙ හරිම කලාතුරකින් .සමීර් ඒ ගැන දන්නවා.හාස්කම් සපිරි මේ කෝවිලේ සීනු හඩින් ඔවුන් දෙදෙනාගෙ ජීවිත වල යම් අරුතක් කියාපාන බව සමීර්ට තේරුනත් නීශානම් සෙලවෙන සීනු දෙස ආසාවෙන් බලා උන්නා මිස වෙන හැගීමක් ඇගේ සිතට නොදැනිනි..පූජකතුමා ප්‍රසාද රැගෙන ඔවුන් අසලට පැමිනියා.සමීර් නීශාට ගණදෙව් යන් වදින ආකාරය කියලා දුන්නා.මේ ගැලපෙන ජෝඩුව දිහා පූජක තුමා බලා හිටියෙ පහන් සිතින්.

“මෙන්න දරුවො…ප්‍රසාද ගන්න…..”පූජකතුමා ඔවුන් දෙදෙනාට ප්‍රසාද දිගු කලා.නීශා සමීර් දිහා බැලුවා.සමීර් හිසින් එය ගන්න යැයි ඉගිකලා.දෙදෙනාම ප්‍රසාද දෝතින් රැගෙන මුවේ හලා ගත්තා .

“ආශිර්වාද වේවා ඔය දරුවො දෙන්නට…!!!”පූජකතුමා සමීර්ගෙත් නීශාගෙත් හිස් අතගෑවා.
‘මේ ආත්මෙ වගේම ලබන හැම ආත්මයකම ඔය දෙන්න ඔය දෙන්නගෙම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දරුවනේ’පූජකතුමා හිතින් හිතමින් ඔවුන්ට ආශිර්වාද කලේ.

කෝවිලේ ගොඩ වෙලාවක් ඒ දෙන්නා එහෙ මෙහෙ යමින් කාලෙ ගතකලා.නීශා නම් පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් වින්දෙ.ඒ සතුට දැක්කම් සමීර්ටත් සතුටු හිතුනා.

පස්සෙ සමීර් ඇයව රැගෙන ගියේ කානිවල් එකකට.ඒක තරමක් ලොකු කානිවල් එකක්.එක ටිකට් එකක්ම රුපියල් 200ක් උනා.ඇතුලෙ එක එක events වලට රුපියල් 50ගානෙ අය කලා.නීශා ගොඩාක් ආසාවෙන් සෙල්ලම් කලා.කානිවල් එකට එක්ක ගිය එක හොදයි කියලා සමීර්ට තේරුනේ ඇගේ නිදහස දැකලා.ඇය පුදුම සතුටක් බුක්ති වින්දෙ.

කානිවල් එකේ ගොඩක් වෙලා කල් ගත කරලා කානිවල් එකෙන් දෙන්නම එලියට එද්දි නීශා දිහා බලා උන්නෙ රස්තියාදුකාර කොල්ලො ටිකක්.වශී වෙලා වගේ ඇය දිහා බලා උන්න එක කොල්ලෙක් නීශා දිහාවට එන්න ආවෙ සමීර් ගැනවත් නොසිතා.

“ආ..කෙල්ලෙ…” නීශාගෙ අත තද කරලා අල්ලගෙන ඔහු ලගට ඇදලා ගන්න හැදුවත් එය අසාර්ථක උනේ නීශාගෙ අනිත් අත සමීර්ගෙ අත අල්ලන් හිටිය නිසා .

“සමීර්..” නීශා කෑගැහුවෙ ඇත්තටම ඇයට දැනුනු රිදීම නිසයි .

“මොකෝ පර බල්ලො කරන්නෙ….” සමීර්ගෙ යක්ශයා ආවේස උනා .දිගට හරහට රස්තියාදුකාර කොල්ලට තඩි බෑවෙ හැමෝම බලා ඉද්දිමයි.ඒක දැකපු අනිත් කොල්ලො සමීර්ට ගහන්න එද්දි සමීර් නීශාවත් අරන් දුවන්න ගත්තෙ හදිස්සියෙවත් නීශාට උන්ගෙන් කරදරයක් වෙයි කියලා හිතුන නිසයි.

“හම්මෝ….හහ්…හහ්….”

“හහ්…හහ්…ඒක මාර ජොලි වැඩේ සමීර්……හරි ශෝක්…..”නීශා හිනා වෙවී කිව්වෙ ඒ මැරවරයින්ගෙන් බේරිලා ඇවිත් හති ඇර ඇර.

“හහ්…ශෝක් වැඩේ තමා….තව ඩිංගෙන් උන් මටත් ගහලා ඔයාව කොහෙටහරි ඇදගෙන යන්නත් තිබ්බා….හොද වෙලාවට බේරුනෙ…..”
සමීර් කී දේ සත්‍යයකි .ඔහු බිය වූයේ ඈට කරදරයක් වේවි කියාය.

දහවල් 2.00ටත් කිට්ටු බැවින් දැන්නම් දෙන්නට යහමින් කුසගිනි දැනේ.නීශා ආසාකල පරිදි ඔවුන්ගේ දහවල් ආහරයද ගත්තෙ කුඩා සයිවර් කඩයකින්.
ආහාරගෙන අවසන සමීර් කල්පනා කලේ මීලග නැවතුම කොහිද කියාය.නීශානම් සමීර්ගේ අතෙහි එල්ල්නු ගමන්‍ ය.

“උබලා දන්නවැයි …මහේන්ද්‍රසිං ඇමතියගෙ දෝනියැන්දා අතුරුදහන් වෙලාලු….මුලු දිල්ලියම පීර පීර හොයනවැයි කියන්නෙ…..” තලත්තෑනි මිනිසුන් දෙදෙනෙක් කතා වෙනවා සමීර්ටත් නීශාටත් ඇහුනා.නීශාටත් වඩා එයට බිය වූයේ සමීර්.මන්ද හදිස්සියෙවත් නීශාව ඇගේ දෙමව්පියන්ට හසු වුවහොත් ඇයව ඔහුට සදහටම අහිමි වෙන නිසාය.කොහොමත් ඔහු සිතන පරිදි ඇය ඔහු හා කාලය ගතකරන්නෙ අද දවස සතුටින් ගෙවාදමන්නයි .හෙටින් පසුව ඔහුට ඇයව මුන නොගැසෙන්නත් පුලුවන් .නමුත් දැන්නම් ඔහුට ඇගෙන් තොර ලොවක් ගැන සිතිය නොහැක.ඒ තරමටම ඔහු ඇයට ප්‍රේම කරයි.ඇයටත් ඔහුගෙන් තොර ලොවක් වුවමනා නැත.ඈට අවශ්‍ය මියෙන තුරාවටම ඔහු අසලින් සිටිමින් ඔහුගේම වීමටයි.

නීශාගෙ දෙමව්පියන්ට ඇයව හසුවෙයිද..සමීර්ට කුමක් සිදුවෙයිද….සමීර් නීශාව ඊලගට අරන් යන්නෙ කොහාටද…..ඒ ටික හෙට දාන්නම්..

M.A Rashmi

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.