Katha Ahura

එකමත් එක දවසක | පළමු දිගහැරුම | නවකතාව | කතා අහුර

4.9/5 - (15 votes)

මේක ලස්සනම ලස්සන චූටි ආදර කතාවක්.ඇත්තටම මේ ආදර කතාව දිවෙන්නෙ එක දවසක් වටා.එක දවසක ඇතිවෙන මුලු ජීවිතේම වෙනස් කරන සුන්දර ආදරයක්.දැකපු පළවෙනි දවසෙම ඒ මොහොතෙම ඇතිවෙන ආදරය ගැන විශ්වාස කරනවද?.මේ ඒ වගේ ආදර කතාවක්.රස විදින්න ඔයාලා හැමෝම.මේ මගේ ප්‍රථම ආදර කතාව.එකමත් එක දවසක .

“ආ……..මේක කන්න…..ඔයාට බඩගිනි ඇතිනේ….” සමීර් එහෙම කියාගෙනම නීශා දිහාට බනිස් ගෙඩියක් දික්කලේ ඇය බඩගින්නෙ වග දැනුන නිසයි.

වෙලාව ඇති ඔන්නම් උදේ 5.00ට විතර.ඇය උන්නෙ දිල්ලියෙ central park එකට ඇතුල්වෙන තැන තියෙන ගල් බැම්මෙ වාඩිවෙලා ඔහේ බලාගෙන.වයස තවමත් 18නොසපිරුනු ඉතා සුන්දර රූමත් තරුනියක් ඇය.
ඔහු central park එකේ තියෙන canteen එහෙක කෑම බීම අල්ලන වේටර් කෙනෙක් කිව්වොත් නිවැරදියි.තල එලලු සමක් හිමි ඔහුත් උස මහත ගානට තියෙන කඩවසම් තරුනයෙක්.වයස 21ක් පමණ වන ඔහු මේ උදේ පාන්දරම පාක් එකට ආවෙ පාක් එක අරින්න කලින් canteen එක සුද්ද පවිත්‍ර කරලා අස්පස් කරලා කෑම බීම ටික පිලිවෙලකට තියන්නයි.සෙනඟ පිරෙන්න කලින් ඒ වැඩ ටික කරගත්තාම ලේසි බව ඔහු අත්දැකීමෙන්ම දන්නවා.ඒත් වෙනදා පාක් එකට එද්දි ඉන්නෙ පාක් එකේ මුරකාරයයි canteen එකේ අනිත් සහයක අයයි විතරයි.ඒත් අද ටිකක් වෙනස්.පාක් එකට ඇතුල්වෙන තැනම සුරංගනාවියක් ඉන්නවා.ඔහු හිතන්නෙ එහෙමයි.ඈත අහසේ හිරු යාන්තමින් දිලෙද්දි ඒ සියුම් ආලෝකයෙන් අවට අදුර මකාගෙන ඔහුගෙ දෑස් යොමු උනේ නීශා දිහාවට .ඔහුගෙ හදවතම මොහොතකට නතර උනා වගේ දැනුනා.ඒ සුන්දර වත දිහා ඔහු බලා උන්නෙ ඇස් පිල්ලම් ගහන්නැතිව.නමුත් ඇය නම් උන්නෙ බර කල්පනාවක.කකුල් දෙකත් පද්ද පද්ද ඈත අහස දිහා බලාගෙන කල්පනා කරනවා.නීශා සමීර්ව දකින්නෙ නෑ.සමීර් පාක් එක ඇතුලට යනවා.කිසි කතා බහක් නැතුවම.ඒත් canteen එකට ගියත් ඔහුගෙ හිත තිබ්බෙම නීශා ලග.මේ වගේ වෙලාවක මේ වගේ තැනක ලස්සන කෙල්ලෙක් තනියම.ඔහුට ඇය ගැන බයක් හිතෙනවා.ඇයට කාගෙන් හෝ කරදරයක් හිරිහැරයක් උනොත් යැයි ඔහුට සිතෙනවා.canteen එක පිරිසිදු කලත් වෙනද වගේ ඔහු එය හරියාකාරව කරන්නෙ නෑ.මොකද ඉතින් හිත ලස්සන සමනලියක් හොරකම් කරලනේ

හිත හිත ඉදලා සමීර් නීශා ලගට යාවිද.ඔහු ඇය සමග කතා කරාවිද?නීශා මොන වගේ කෙල්ලක් වේවිද ?ඇගේ හැසිරීම සමීර්ට කෙසේ දැනේවිද…..ඒ ඔක්කොම හෙට බලමු….

M.A Rashmi

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.