Katha Ahura

එකමත් එක දවසක | සිව්වන දිගහැරුම | නවකතාව | කතා අහුර

4.9/5 - (8 votes)

සිව්වන දිගහැරුම

නීශාගෙ අතිනුත් අල්ලන් පාර පැන්න සමීර් ටිකක් ඉස්සරහින් තිබ්බ තවමත් වහලා තිබුන කඩ පේලි දෙකක් අතරින් ඇයවත් රැගෙන ගියේ බස් යන මහ පාරට.උදේ බස් වලට නගින්න මිනිස්සු ගොඩාක් බස් හෝල්ට් වල පිරිලා.AC වාහන වල ගියපු කුමාරිකාව බස් වල එක්කන් යන එක මදිකමක් වගෙයි සමීර්ට දැනුනෙ.three wheel එකක් තියෙනවද කියලා වට පිට බලද්දිම තරමක් සෙනග පිරිච්ච බස් එකක් ඇවිත් ඒ දෙන්නා ඉස්සරහා නැවැත්තුවා.නීශා කිසිවක් නොකියාම සමීර්වත් අල්ලන් බස් රතයට ගොඩ උනේ සෙනග අතරින් පොඩි වෙවී පොර කකා.සමීර්ට හිතාගන්නවත් වෙලාවක් නෑ.ඒත් මොකුත් නොකියාම ඔහු ඇය අසලින්ම හිටියා.බස් එකේ සෙනග කට කපලා.නීශාට බස් වල ගිහින් පුරුදු නෑ.ඇය උන්නෙ සමීර්ව අල්ලගෙන

“මේ විදිහට අල්ලගන්න….එතකොට හරි..”සමීර් සීට් දෙක අල්ලන් කිව්වෙ ඒ විදිහට අල්ලගන්න කියලා.නීශා සමීර්ව අනුගමනය කලා.ඒත් බස් එකේ සෙනග වැඩි කමට සමීර් හිටියෙ නීශාගෙ ඇගටම ඇලිලා වගේ.සමීර්ට ඒක අපහසුවක් උනේ ඔහු ගැන ඇය වැරදියට හිතයිදෝ කියලා හිතුනු නිසා.නමුත් නීශාටනම් එය ගානක් වත් නෑ.ඇයට අවශ්‍ය උනේ සමීර්ගෙ ආරක්ශාව හා ආදරයේ උනුහුමයි.ටික දුරක් ගිය තැන ඔවුන් දෙපල සිටි තැනේ වාඩිවෙලා සිටි දෙදෙනා නැගිට්ටා.සමීර් හනිකට නීශාවත් කැටුව එහි වාඩිගත්තෙ නීශාට ජනේලය අසල ආසනයේ ඉදගන්න දෙමින්.

ජනේලයෙන් එපිට සිරි නරබමින් යන නීශා යන්නෙ කොහිදැයි කියාවත් සමීර්ගෙන් ඇසුවේ නැත.ඒ තරමට එක දවසකින් පොඩි වෙලාවක් ඇතුලත අදුනගත්ත සමීර්ව ඇය විශ්වාස කරනවා.සමීරුත් ඇය දෙස බලාගෙන ඉන්නෙ සතුටින්.ඇය කිරිල්ලියක් වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා.ඒ සතුට අද පමනක් නෙවේ ජීවිත කාලයටම ඇයට ලබාදෙන්න ඕන කියලා සමීර් හිතනවා.

එක හෝල්ට් එහෙකින් වයසක ආච්චි කෙනෙක් නැග්ගා .ඒ හාම නීශා නැගිට ඈට අසුන පිලිගැන්නුවෙ සතුටින්.

“නීශා..ඔයා මෙතනින් වාඩි වෙන්න ..” සමීර් නැගිටින්න හැදුවෙ ඇය සිටගෙන සිටියදී ඔහු වාඩි වෙලා සිටීම හොද නැති බවටත් වඩා ඇය වැනි සුකොමල තරුනියකට මේ වගේ අපහසුතා දැරිය නොහැකි බව වැටහීය.

“ඕන්නෑ සමීර්.මට මේ හොදයි…” එසේ කියමින් ඇය සමීරට සිතගැනීමටවත් ඉඩක් නොතබා ඔහුගේ උකුලේ වාඩි උනේ ඇගේ දෑත් ඔහුගේ කර වටා යවමිනි.ඔහු තිගැස්සි ගියේ නිතැතිනි.මෙවැනි දගකාරකම් මේ කොලු හිත ප්‍රිය කලත් මෙවැනි පොදු ස්තාන වල මෙය උචිත නොවන වග ඔහු දනී.බස් රතයේ උන් සැවොම පාහේ සිතුවේ මොවුන් අලුත බැන්ද ජෝඩුවක් ලෙසයි .

විනාඩි 20ක් පමන ගතවුනා.බස් රථය ගමනාන්තයට ලගාඋනා.නීශාවත් අල්ලන් බස් එකෙන් බැස්ස සමීර් කල්පනා කලේ මැයව අරන් යන්නෙ කොහෙද කියලා .

“සමීර්….මට බඩගිනි නෙහ්….”
නීශා කිව්වෙ සමීර්ගෙ අතේ එල්ලිලා.හරියට පුංචි දරුවෙක් වගේ.දැන්නම් ටිකක් දවල් වෙලා .උදේ 7.00යි.නිතරම කකා බිබී ඉන්න නීශට හරි ඉක්මනට බඩගිනි හැදෙනවා.සමීර් හිනාවෙවීම නීශවත් අල්ලන් පාරෙන් එහා පැත්තෙ තිබ්බ ටිකක් ලොකු කඩේකට යන්න ගියා.

“සමීර්…අපි කොහෙද යන්නෙ….” නීශා ඇහුවෙ පුදුමෙන්.

“ඇයි කෙල්ලෙ..දැන් බඩගිනි කිව්වෙ..අපි අර කඩෙන් මොනා හරි කමු..එන්න…”
ඔහු පෙන්නුවෙ පාරෙන් එපිට තිබ්බ තරමක් ලොකු කෑම කඩේ පෙන්නමින්.සමීර් නම් කවදාවත් ඒ තරම් ලොකු කඩේකින් කාලා නෑ.පෝසත් උදවිය යන කෑම කඩයක් ඒක.කොහොමත් පොඩි සයිවර් කඩවල් වලින් කන පුරුද්දක් නීශාට නැති වග ඔහුට තේරුනා

“ඔතනට වඩා අතන හොද ඇති…අපි එතනින් කමු…එන්න..”
නීශා සමීර්වත් ඇදගෙන ගියේ ඔවුන්ට ඉදිරියෙන් පදිකවේදිකාවේ හදලා තිබ්බ එලිමහන් දුප්පත් කෑම කඩ පේලියට .සමීර්ට හරිම පුදුමයි.සැප පහසුකම් මැද හැදුනු වැඩුනු රාජ කුමාරිකාවක් මේ වගේ දෙකයි පනහෙ කඩේකින් කන්න යන එක සමීර්ට අදහගන්න බැහැ.

උණු උණුවෙන්ම සමෝස දෙක තුනක් කාපු නීශාගෙ මුලු මූනෙම දාඩිය.

“හම්මෝ..මාර සැරයි….හැබැයි…රසායි ….” ඇස් වල කදුලු පුරෝගෙන ඇය කතා කලේ හිනා වෙවි.සමීර් අත් දෙකෙන්ම ඇගේ මුහුනෙ තිබ්බ දහඩිය පිහිදලා දැම්මා.නීශා ටික වෙලාවක් ඔහු දෙස බලා හිටියා.ඒ බැල්මට නම් සමීර්ගෙ හිත පිච්චිලා වගේ ගියා.ලගට තුරුල් කරගෙන සිපගැනීමේ අවශ්‍යතාවය ඔහු ආයාසයෙන් නවත්තගත්තෙ පාරක් දෙපාරක් නෙවේ.

“ඔයාලා නං කොච්චර සතුටින් ඉන්නවා ඇත්ද….මේ තරම් සරල විදිහට ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි අපි කොච්චර ආටෝප පිටද ජීවත් වෙන්නෙ……”
නීශා කිව්වෙ ඈත බලාගෙන.සමීර් ඒ මූණ ඔහුගෙ දෙසට හැරෙව්වා

“ඔයා මීට කලින් මේ වගේ තැනකින් කාලම නැද්ද…?”

“නෑ සමීර්…ඔයාට පින්..මට දැනුයි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ….”නීශා ඇත්තම කිව්වා.
ඒත් එක්කම සමීර් ආයෙම කල්පනා කරන්න ගත්තෙ මැයව අරන් කොහෙ යන්නද කියලා.

M.A.Rashmi

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.