Katha Ahura

එකමත් එක දවසක | හයවැනි දිගහැරුම | නවකතාව | කතා අහුර

5/5 - (11 votes)

හයවැනි දිගහැරුම

“තාත්තා මාව හොයාගනීද සමීර්…අනේ මට බෑ ඔයාව දාලා යන්න….මට ඕන ඔයත් එක්කම ඉන්න විතරයි……”නීශා සමීර්ගේ මුහුණට එබෙමින් කිව්වෙ දුකෙන්.

“නෑ.මං ඔයාව කාටවත් දෙන්නෑ.ඔයා බයවෙන්නෙපා….”සමීර් ඇය හැද සිටි සල්වාර් එකේ ශෝල් එක ඇගේ හිස සහ මුහුණ ආවරනය වෙන විදිහට සැකසුවා.

“ඔය විදිහට මූන වහන් ඉන්න.එතකොට අදුනගන්න බෑ….”
ඔහු කී ලෙසටම ඇය තමන්ගෙ මූන ශෝල් එකෙන් වහන් හිටියා.ඔහුගේ අත රැදි මුදල් ඉක්මනින් හමාර වෙද්දි සමීර් ඇයව රැගෙන ගියේ මුහුදු වෙරළට .මුහුදු වෙරළ දුටු විට නීශා පොඩි දරුවෙක් වගේ කෑගසමින් සිනහ උනා.එය දුටු සමීර්ටත් සිනහව නවතා ගත නොහැකි වුනා.

“අනේ…මං පුංචි කාලෙ birthday එහෙකට ආවයින් පස්සෙ මේ බීච් එහෙකට ආවමයි සමීර්…හරි ශෝක්….එන්න…අපි රැල්ල පාගමු…”කීවා පමනක් නොවේ ඇය සමීර්වත් ඇදන් මුහුදු රැලි සමීපයට දිව්වා.

“හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න..ඔයාට ඕනි මුලු ඇදුම්ම තෙමාගන්නද ..?”සමීර් හනික පාත් වී නීශාගෙ සල්වාර් කලිසම දනහිස දක්වාම සීරුවෙන් නැව්වා.

තමන්ගෙ සියලු අවශ්‍යතා සපුරාලන මේ සොදුරු කඩවසම් තරුනයා ගැන මහා ලොකු ලෝබ කමක් ඈට දැනුනා.ඔහුව තමන්ගෙම කරගන්න හැකි නම් යැයි ඈට සිතුනා.ඕන්නම් ඇය තව සුලු වේලාවක් ජීවත් වෙයි.ඒ ටික කාලයට හරි ඔහුගේ උනුහුමේ ගුලි වෙන්න ඇයට හිතුනා.සමීර් ඈව අතින් අල්ලන් රැල්ල පෑගුවා.මහ හයියෙන් හිනාවෙවී කෑගගහා නීශා තමන්ගෙ සැහැල්ලුව විනෝදය සතුට වින්දා.ලොකු මුහුදු රැලි එද්දි ඇය ඔහුව තදින් බදාගත්තෙ කෑගසමින්.මේ මනරම් දගකාරිට සමීර්ගේ මුලු ආත්මයම කැප වී ඇත.සොදුරු රුව සමීර් තදින් තෙරපා ගත්තෙ කිසිදාක ඇයව තනි නොකරන සිතිවිල්ලෙනි.

බොහෝ වේලා රැලි පාගමින් විනෝද උනු දෙන්නා හති ඇරියෙ ගල්තලාවක් මත වාඩි වෙලා.කාලය හරි ඉක්මනට ගෙවිලා යද්දි නීශාගෙ හදගැස්ම වේගයෙන් ගැහෙන්න ගත්තෙ ඇගේ මරනයේ අවස්ථාව ඉකමනට උදාවෙනවා නේද කියලා හිතලා.ඇය මරණයට බිය ඇත්තියක් නොවේ.නමුත් දැන් ඇය බිය සමීර්ව ඇතැර යාමටයි.මුලු හදවතින්ම ඔහුට ප්‍රේම කරද්දි ඒ පෙම්වතාව දමා ඈට මලගම් යා නොහැක.
සමීර්ගෙ හදවතේ ගැස්මත් වැඩි වුනේ නීශාව අදින් පසුව අහිමි වේවිදෝ යැයි සිතාය.ඊට පෙර ඇයව තමන්ගේම කරගන්න හැකි නම් යැයි ඔහු සිතුවා .

ඔහුගේ උරහිසින් ඔලුව තියන් ඈත ක්ෂිතිජය දිහා බලා උන්නු යුවතියගෙ සිහින් අතැගිලි ස්පර්ශ කරමින් සමීර් කතා කරන්න පටන් ගත්තා.

“නීශා….ඔයා අද සතුටින් නේද හිටියෙ…..”

“ඔව් සමීර්….කවදාවත් නොවිච්ච විදිහට මං අද ලොකූ සතුටක් වින්දෙ…ඒකට හේතුව ඔයා…..අනේ මට හැමදාම මේ සතුට විදින්න පුලුවන්නම්….”

“නීශා….මට ඔයාට දෙයක් කියන්න තියෙනවා….”
නීශා ඔහුගෙ උරහිසින් නිකට තියාගෙන ඒ ඇස් වලට එබුනා.

“මං ඔයාට ආදරෙයි නීශා.මගේ පණටත් වඩා මං ඔයාට ආදරෙයි රත්තරං …ඔයා මගේ වෙනවද?” ගැහෙන හදින් සමීර් ඇහුවෙ ඇගේ මුහුනට එබෙමින්.නීශාගෙ දෙතොලෙහි සොදුරු මදහසක් ඇදිනි.

“මාත් ඔයාට ආදරෙයි සමීර්.ගොඩාක් ආදරෙයි …මගේ මුලු ජීවිතේටත් වඩා මං ඔයාට ආදරෙයි පණ….” ඇය ඔහුගේ නලලත සිපගත්තෙ ආදරයෙන්.සමීර්ට දැනුනෙ ලොකූ සතුටක්.ඔහු ඇයව තදින් වැලදගත්තෙ හරිම ආදරෙන්.

“එහෙනං අපි හෙට බදිමු?”තුරුල් කරගෙනම සමීර් ඇහුවෙ ඇගේ කන්පෙති කිතිකවමින්.ඇය තිගැස්සී ගියා.හෙට.ඈ හෙට වෙනකන්වත් ජීවත්ව හිදීද.එය දන්නේ උඩ ඉන්න දෙවියන්ම පමනයි.

“ඉතින් ඇයි හෙට වෙනකං ඉන්නෙ.අපි අද බදිමු…”නිශා කිව්වෙ ඇයට අවශ්‍ය අද මේ දැන්ම ඔහුගේ මනමාලිය වීමටයි.ඇය ආත්මාර්තකාමි.ඈට අවශ්‍ය මියයන්න මොහොතකට පෙර හෝ ඔහු හා එක්ව වාසය කරන්නයි.එවිට ඈට හැකියි සිත සතුටින් දෑස් පියා ගන්න.නමුත් ඒ අවස්තාවට ඔහු කෙසේ මුහුන දේවිදැයි ඇය නොසිතයි.ඇගෙන් තොර ලොවක ඔහු කෙසේ නම් ජීවත් වේවිද.
නීශ කිව් දේට සමීර්ට සිනහ පහල විය .මැයට ඇති හදිස්සියක්.ඔහු සිතුවා.මැයගේ ඇති විශේශත්වය නම් ඇය සිතෙන දේ ඒ විදිහෙන්ම පැවසීමයි.සමීර් නම් ඇගේ ඒ ගුනයට කැමතියි.

ඈත ක්ෂිතිජයෙන් හිරු බැස යද්දි ගල්තලාවෙ වාඩි උන් ප්‍රේමවන්තයන් දෙදෙනා නික්මුනේ අලුත් ජීවිතයක් බලා.

මොවුන් දෙදෙන විවාහ වෙයිද.ඒ කොහොමද…ඇත්තටම අද දවස නීශාගෙ හුස්ම වැටෙන අන්තිම දවස වේවිද…ඒ ටික හෙට…ගිහින් එන්නම්…

M.A.Rashmi

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.