Katha Ahura

කන්‍යාරාමය| 05 කොටස | හොල්මන් කතා |

5/5 - (1 vote)

කන්‍යාරාමය….

පස්වෙනි දිගහැරුම…..

ඔයා……….අනුරාධාගේ දෑස් විශාල විය.

ඔයා කොහෙද එකපාරට අර වත්තෙ දර අහුල අහුල ඉදලා අතුරුදහන් උනේ????

ඇයි ඔයා බයවුනාද???

බයවෙන්නෙ නැද්ද හලෝ එහෙ බලලා මෙහෙ බලද්දී තමුන් අතුරුදහන් උනාම????

අනුරාධා මදක් තරහෙන් කීවාය……

ඇයි ඔයා හිතුවෙ මම හොල්මනක් කියලද????

ඇය ඇසූ දෙයින් අනුරාධාගේ හිත ගැස්සී ගියද ඇය ඒ වගක් නොපෙන්වා අපහසුවෙන් සිනාසී වචන පෙලගැස්සුවේ ලොකු සිස්ටර්ගේ නීතිරීති පද්ධතිය මුලුමනින්ම අමතක කර දමමින්ය…

ඔයා මොකක්ද අර ඉස්සර වෙලා කිවුවෙ මම හිතුව දේ හරි කියලා???? ඔයා කොහොමද මම හිතුව දේ දන්නෙ???

ඔයා හිතුවදේ විතරක් නෙවෙයි මම ඔයා ගැනත් දන්නවා….

ඒ කොහොමද ඔයා පේන කියනවද??? අනුරාධා කට කොනින් සිනාසී ඇසුවාය…

ඒ වගේ තමයි…. ඇයද සිනාසී කීවාය…

ඔයා මෙහෙ ඉන්නෙ ඇත්තටම අකමැත්තෙන් නේද අනුරාධා????

ඔයා කොහොමද මගෙ නම දන්නෙ???? ආහ් මේ ඇත්තටම ඔයාගෙ නම මොකක්ද???

ඇයි මං දැන් ඔයාට කිවුවෙ මම ඔයා ගැන දන්නවා කියලා…. මගෙ නම කෞමදී.

හ්ම්ම්ම් ඔව් නේද….ඔව් මම අකමැත්තෙන් තමයි ඉන්නෙ කෞමදී..

ඉතින් ඔයා අකමැති නම් ඇයි මෙහෙ ඉන්නෙ???

යන්න මෙහෙන්….

මම වගේම ඔයත් මෙහෙනෙ ඉන්නෙ… ඉතින් ඔයාම දන්නවනෙ අපිට හිතුන හිතුන වෙලාවට මෙහෙන් පිටවෙලා යන්න බෑ කියලා… ඒකටත් ගෙදරින් කෙනෙක් එක්කන් යන්න එන්න ඕනෙ…. ඔයාම දන්නවනෙ ගෙවල් වලට කෝල් එකක් ගන්නත් ඕනෙ සිස්ටර් කෙනෙක් ලග ඉද්දි කියලා…. අනික අපිට වුවමනා උනත් අපිව අරන් යන්න අපේ දෙමව්පියො ආයේ එන්නේ නෑ කවදාවත්…. මොකද මාව මගෙම අම්මා ගෙනත් දැම්මෙ මෙහෙට එයා ආයෙ කසාද බැදපු නිසයි….

නෑ ඔයා මෙහෙන් යන්නම ඕනෙ කොහොමහරි යන්න ඕනෙ…..

ඇය ස්ථීර හඩින් අනුරාධාට කියද්දී අනුරාධා ඇය දෙස පුදුමයෙන් බලන් හිටියෙ “මෙයා මොකද මාව මෙහෙන් මෙච්චර යවන්න හදන්නේ” කියන්නාක් මෙනි…..

ඉතින් මට කියන වෙලේ ඔයාට යන්න පුලුවන්නෙ මෙහෙන්…..

මම ගිහින් ඉවරයි අනුරාධා… මම කියන දේ අහල පලයං අනුරාධා නැත්තන් උඹට වෙන්නෙ මැරෙන්නයි ඒකත් නිකම් නෙවෙයි වද විද විද මැරෙන්නයි වෙන්නෙ උඹේ අත් හිරිවැටිල උඹේ උගුර ලේ රහ වෙනකං කෑ ගහලා ලේ පිටින් ඉන්න උඹට ඒ දේ සිද්ධ වෙද්දී උඹ කෙල්ලෙක් වෙලා ඉපදුණාට උඹ උඹටම එතකොට සාප කරගනියි අනුරාධා…..රත්පහැයට හැරුණු කෞමදීගේ වියරු වැටුන දෑස් වෙව්ලන ගත හා වියලුණු දෙතොල් දෙස අනුරාධා මුව අයාගත් වනම බලාසිටියේ කරකියා ගන්නට දෙයක් නොමැතිවය…..

අනුරාධා…..

අනුරාධා………

අනු….රාධා….

හයවෙනි කොටසින් මුණගැහෙමු…..

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.