Katha Ahura

කන්‍යාරාමය| 08 කොටස | හොල්මන් කතා |

5/5 - (1 vote)

කන්‍යාරාමය…..

අටවෙනි දිගහැරුම…..

අනුරාධා කෙදිරිගාමින් අවසිහියෙන් තව තවත් පොරෝනය තුළට වී ගුලිවූයේ දැඩි ශීතලක් හා ගතට අපහසුවක් දැනුනු බැවිනි…ලොකු සිස්ටර් සමග පැමිණි වයිද්‍යවරිය අනුරාධාට නින්ද යෑමට එන්නතක් විද බීමට අවශ්‍ය බෙහෙත් ඔසුසලකින් ගැනීමට ලියා දී පිටව ගියේ අඩුවක් නොවුනහොත් රෝහල් ගතකරන ලෙස ලොකු සිස්ටර්ට පවසමින්ය….අනුරාධා සිහිසුන්ව සිටි බැවින් වයිද්‍යවරිය කන්‍යාරාමය වෙත කැදවීමට සිදුවිය….

සිස්ටර් සංජුලාද තවමත් රෝහලේය…සවස් වනවිට අනුරාධාට මද සුවයක් දැනුනු නමුත් සිරුර අප්‍රාණික ගතියක් දැනුනෙන් ඇය ඇදෙහි වැතිරී කල්පනා කරන්නට විය….සිතෙහි දහසකුත් ප්‍රශ්න මෙන්ම දැඩි බියක්ද ඇයට දැනෙන්නට විය…

එහෙනම් ඒක තමා කෞමදීව සිස්ටර් නිලංකා දැක්කෙ නැත්තේ…

ඒක තමා එහෙනම් අර එදා වත්ත පහළ ඉදලා එකපාර අන්තරස්දාන් උනේ….

ඒත් කෞමදී එදා අපි කියලා කිවුවෙ කාටද?????

එතකොට තව කවුරුහරි ඉන්නවද කෞමදී එක්ක????

එතකොට මම එදා කොරිඩෝවෙදි, හීනෙන් දැක්කෙ කෞමදීවමද????

හ්ම්ම්…..මම ඒ හැම පාරම එයාගෙ මූණ දැක්කෙ නැති නිසයි මට එයාව ලගටම ආවත් අදුරගන්න බැරි උනෙත් එහෙනම්…..

අනුරාධාට යළිත් නින්ද ගිය අතර ඇය සිහිනෙන් දුටුවේ කෞමදී වැසිකිළිය අසල බිම වැටී ඇගේ කුසට අත දමා ඉන් පිටතට බිළිදෙක් රැගෙන ඔහු සිය දෝතට ගෙන පෙකණිවැල සමග සිටි බිළිදාද ඇගේ විවරවී රුධිරය වැගිරෙන කුසද සමග වැසිකිළිය තුළට ගොස් දොර තදින් වසාදමමින් දුක්මුසු ලෙස අනුරාධා දෙස බලා “මෙහෙන් යන්න අනුරාධා”කියමින් වියරු ලෙස සිනාසෙන අයුරුය….. අනුරාධා බියවී අවදි වූ අතර ඇය අසල සිස්ටර් නිලංකා සිටියාය…..

දැන් අඩුයිද අනුරාධා අසනීප ගතිය????

සිස්ටර් නිලංකා ඇසූ විට අනුරාධා හිස සැලීය…

අනුරාධා අපහසුවෙන් වුවද නැගිට මුලුතැන්ගෙය දෙසට ගියේ ආහාර පිළියෙළ කිරීම සදහාය… නීතියටම වැඩ කරන්නට සිදුවූ නිසා අසනීප වූවත් වැඩ කරන්නටම ඇයට සිදුවිය….

අනුරාධා ඔයා මං ගැන දැන් ඇත්ත දන්නවනේ???

කෞමදීගේ හඩ පිටුපසින් ඇසුනෙන් අනුරාධාගේ දෑත් දෙපා වෙව්ලන්නට විය…පපුව ගැහෙන්නට වූ අතර ඩහදියෙන් සියොලඟම පෙගෙන්නට විය…. එහෙත් ඈ පිටුපස හැරී නොබැලුවාය…කෞමදීගේ සීතල අතක් අනුරාධාගේ උරහිසේ ස්පර්ශ වත්ම අනුරාධාගේ හදගැස්ම නවතින්නාසේ ඇයට දැනුනි…

එහෙත් හිතට දිරිගත් අනුරාධා “කෞමදී ඔයාට මගෙන් මොනවාද ඕන” අනික දැන් ඔයා මැරුන කෙනෙක්නේ….ඇයි ඔයා මිනිස්සු මරන්නෙ???? බය කරන්නෙ???

කෞමදී ඉකිබිදින්නට විය…අනුරාධාට තවත් ඇය දෙස නොබලා සිටීමට නොහැකි විය… කෞමදීගේ දෑස් දිගේ ලේ කදුලු ගලන්නට විය… අනුරාධාගේ පපුව අනුකම්පාවෙන් පිරී ගියද ඈ ඉදිරියේ සිටින්නේ මියගිය කෙනෙකි…..

උන් මාව මැරුවා අනුරාධා….

මම මැරුනෙ නෑ….

මම මැරෙද්දිත් මට දරුවෙක් ලැබෙන්න හිටියෙ…..

ඒ දරුවා වෙන කාගෙවත් නෙවෙයි මගෙම තාත්තගෙ….

අනුරාධාට කිසිවක් සිතාගැනීමට නොහැකිව ඇයද අසරණ ලෙස බියට පත්ව කෞමදී දෙස බලාසිටියි….

බණ්ඩාර සර් ආව නෙවෙයි මමයි එයාට මෙහෙට එන්න සිද්ධ කලේ….

බණ්ඩාර කියන්නෙ ගෑනු පෙරේතයෙක්…….

නවවෙනි කොටසින් මුණගැහෙමු….

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.