Katha Ahura

කන්‍යාරාමය| 09 කොටස | හොල්මන් කතා |

4.5/5 - (4 votes)

කන්‍යාරාමය….

නවවෙනි දිගහැරුම……..

මම කෞමදී නිසංසලා..මට අවුරුදු 19යි මම මෙහෙට එද්දී..මගෙ අම්මා මට අවුරුදු 15 දී අපිව දාලා ගියා..කොහෙද ගියේ??ඇයි ගියේ කියලා කවුරුත් දන්නෙ නෑ??හැබැයි අපේ තාත්තා ගොඩක් බ්ව්වා…ගමේ ගෑනු අයත් දෙතුන් දෙනෙක් ආශ්‍රයත් කලා…අම්මා ඒවට රංඩුත් උනා… අම්මා ගියාට පස්සෙ දවසක් තාත්තා ඒ දේම මටත් කළා…. අඩන්න පුලුවන් හැම විදියටම මං ඇඩුවා….කෑ ගහන්න පුලුවන් උපරිමයෙන් මම කෑ ගැහුවා.. ඒත් කවුරුත් ආවෙ නෑ….කවුරුත් මට හිටියෙත් නෑ.. ටික දවසක් යද්දි මට බබෙක් ලැබෙන්න කියලා දැනගත්තා….මේ හැමදේම දන්නවා අපේ ලොකු නැන්දා…එයා මාව පුනරුත්ථාපනේකට දැම්මා…. එතනින් මාව මෙහෙට එවුවා…මෙතෙන්ට ආවා කියලා බබෙක් ලැබෙන්න කියලා කිසිම කරුනාවක්වත්, වැඩ වලින් අඩුවක්වත් උනේ නෑ….. හරියට කන්නවත් දුන්නෙ නෑ…ඔයා විදපු දුක් වලට වඩා අන්ත දුක් මම මෙතනදි වින්දා අනුරාධා….ඔයා හරියටම මෙහෙට ඇවිත් තාමත් සතියක් විතරයි… ඒ නිසා ඔයා තාම මෙහෙ සිද්ධ වෙන ගොඩක් දේවල් දන්නෙ නැහැ,,දැකලා නැහැ… ඒත් මම මෙහෙ හිටපු කාලෙට ගොඩක් දේවල් දැක්කා… අත්වින්දා..මෙහෙට ගොඩක් සල්ලි තියෙන මිනිස්සු තමා එන්නෙ…මෙහෙ සිස්ටර්ස්ලාට ඒ අයගෙන් ගොඩක් උදව් තියනවා…මේක ඇතුලෙ සමහර ඉස්කෝලේ යන ළමයි විතරක් නෙවෙයි සිස්ටර්ලත් සමලිංගික අය ඉන්නවා…. ෆාදර්ස්ලත් එනවා, යනවා…..ගොඩක් දේවල් සිද්ධ වෙනවා… දෙමව්පියො හොයන්න බලන්න එන්නෙ නැති ළමයින්ට මොනව වෙනවද කවුරුත් දන්නෙ නෑ…. එකපාරට සමහර අය නැතිවෙනවා… ආයෙනම් කවදාවත් එහෙම නැතිඋන අය ඇවිත් නෑ….

මෙහෙ ගොඩක් ළමයි කන්න,අදින්න නැතුව හරියට නින්දක් නැතුව දුක් විදිනවා….යන්න තැනක් නැති නිසා කාගෙන ඉන්නවා ගොඩක් අය… එහා පැත්තෙ ඉස්කෝලේ හොස්ටල් එකේ ඉන්නෙ සල්ලි තියන ළමයි…එයාල මේ නැතිබැරි ළමයින්ට එහෙමත් නැත්නම් අපි වගේ ජීවිතේ වරද්දගත්ත අයට ගොඩක් අපහාස කරනවා….ගොඩක් කතා කියනවා…අපි ඒවා අඩලා දරාගන්නවා…සමහර දවස් වලට සිස්ටර්ස්ලා පාටි දාලා බීලා නටනවා… අපි නොහිතන ගොඩක් දේවල් මේක ඇතුලෙ මම ඔයා එක්ක මේ කතා කරන විනාඩි පහෙත් සිද්ධ වෙනවා….ඒ වගේම සමහර දවස් වලට පිස්සු හැදිච්ච ළමයි හොස්පිටල් අරන් යනවා….වත්ත සුද්ධ කරද්දී සමහරදාට සියදිවි හානිකරගත්ත අයගෙ වගේම මැරුනු අයගෙ ඇටකටු පවා අපිට හම්බෙනවා…. අපි එදාට පනබයේ නිදාගන්නෙත්…. ඒත් කවුරුත් මේවා පිටට කියන්න යන්නෙත් නෑනෙ…ඒ නිසා ඒවා කවුරුත් දන්නෙත් නෑ…මේක පිටට පේන්න ගොඩක් ප්‍රසිද්ධ පාසලක්…ඒක නිසා ඕනෙම අපරාධයක් වහන්න ඕනෙ කෙනෙක්ගෙන් උදව් ලැබෙනවා…විශේෂයෙන්ම බණ්ඩාර සර්ගෙන්…මෙහෙට එන ඉලෙක්ට්‍රීෂියන් එක්ක සිස්ටර් නිලංකා යාලුයි….ඒකයි එයා එන වෙලාවට ඔයාට කාමරේට වෙලා ඉන්න කිවුවෙත්… අනික ලොකු සිස්ටර් හැමදෙයක්ම දන්නවා… ගොඩක් ලොකු බිස්නස් කරන අය පිටරටවලින් එන අය සිස්ටර්ස්ලාව ටුවර් පවා එක්කන් යනවා…. දවසක් මෙහෙට ආවා සුද්දො වගයක්…එයාල අවුරුදු 10ක වගේ ළමයෙක් එක්කන් ගියා දරුකමට හදාගන්න කියලා….ඒත් අපි දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා…ඒ වගේම මේක ඇතුළට එකපාරක් එන ගෑනු ළමයෙක්ට මෙහෙන් පැනලා යන්නනම් හිතන්නවත් බෑ… මේක වටේට මෙච්චර උස තාප්ප තියෙන්නෙ ඒ නිසයි…. හැබැයි ඒ තාප්පෙන් පැනලා අනන්තවත් කොල්ලො නම් මෙහෙට එනවා…. එහෙම ආපු එකෙක් තමා ඊයෙ මගෙන් මැරුම් කෑවෙත්…මම මේක ඇතුළට එන්න කලින් ගොඩක් ගරුකලා සිස්ටර්ස්ලාට.. මෙහෙට ආවට පස්සෙ ඒ ගරුත්වය නැතිම උනා… මාත් ගොඩක් මෙහෙන් යන්න උත්සාහ කලා හැම විදියටම… ඒත් අවසානේ මාත් හිරකාරියක් උනා…. මම මැරෙනකන්ම වේදනා වින්දා… අනුරාධාට දැන් කෞමදී ගැන බියක් නැත…ඇය කියන මේ දේවල් අනුව අනුරාධාට දැන් මරණ බිය දැනෙන්නට විය….

මම මැරුණට පස්සෙ මෙහෙට තව ගෑනු ළමයෙක් ආවා වැඩට…. ඔයාව වගේම එයාව මෙතනින් යවන්න මම ගොඩක් දේවල් කලා….මට ඕනෙ කලේ බයකරන්න නෙවේ… එයාට මෙහෙන් යන්න කියන්න…ඒත් මම මැරිලා..මම කොහොමද එයාට ඒක කියන්නෙ…එයා මාව දැකපු ගමන් බයවුනා… එයාට අන්තිමට පිස්සු හැදුනා…. ඒ නිසා එයාව මානසික රෝහලට ගෙනියන්න උනා….මම එක පැත්තකින් ඒ ගැන සතුටු උනා….එහෙම වෙලා හරි එයා මෙහෙන් ගිය එක ගැන….ඒත් ඔයා මට බයවුනේ නෑ අනුරාධා…..ඒකයි අද මට ඔයාට මේ හැමදේම කියන්න පුලුවන් උනෙත්…

එක දවසක් රෑ මෙහෙ පාටියක් තිබ්බා කට්ටියම බිවුවා,නැටුවා…මම කුස්සියේ කෑම හදන්න ඕනෙ හැමෝටම…..පාන්දර 2 වෙනකං බණ්ඩාර සර් එක්ක ආපු පස්දෙනෙක් එක්ක හැමෝම කෑවා බිවුවා නැටුවා….මම කෑම හදලා තියලා කාමරේට යන්න ගියා නිදාගන්න…. එතකොටම කුස්සියේ පිටිපස්සෙ දොර ගාව තුන්දෙනෙක් හිටියා මම දැක්කා…
මම ඉක්මනට එතනින් ගිහින් දොර වහන්න යද්දිම…….???????

දසවැනි කොටසින් මුණගැහෙමු……

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.