Katha Ahura

ජාවාරම |තෙවන කොටස | රහස් පරීක්ෂක කතා

කතාව කොහොමද?

? RUN OF KILLERS ?
ජාවාරම ?️
තෙවන කොටස

සුපුරුදු පරිදි B12 ග්‍රාමයේ වැසියන් එදිනෙදා වැඩ කටයුතු වල නියැලුනු අතර ඇතැම් තරුණයන් එක් ස්ථානයක රොක් වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය.
ඔවුන්ගේ කතා බහට තිත තබමින් එකවරම තරුණයින් සිටි ස්ථානයට පැමිණි පොලිස් ජීප් රථයයි.
තරුණයන් පිරිස තරමක් කලබලයකට පත් විය.
” ඒයි , වික්‍රමගෙ ගේ තියෙන්නෙ කොහෙද ?”
” අර තියෙන්නෙ සර්”
තරුණයෙකු ඒ අසල වූ නිවසක් පෙන්වූයේය. ජීප් රථයෙන් බැස ගත් පොලිස් නිළධාරීන් පිරිස තරුණයා පෙන්වූ නිවස වෙත ගියද එහි ඉදිරිපස දොර අගුළු ලා තිබුනි.
” නිහාල් , කඩනවා ලොක් එක”
ස්ථානාධිපතිවරයා තමා සමඟ පැමිණි කොස්තාපල්වරයෙකුට පැවසුවේය . ඒ අනුව ක්‍රියාත්මක වූ නිළධාරියා අගුල ගලවා දැමුවේය. පසුව පැමිණි නිළධාරීන් සියලු දෙනාම නිවස පරික්ෂාවට ලක් කරන්නට විය.
……………………………………………….?

” සර් අපිට දැන් තියෙන එකම සාක්ෂිය තමයි වික්‍රම අන්තිමට ෆයිසාඩ් ටැක්සි එකේ සල්ලි ගන්න ගිය කෙල්ල කවුද කියන එක”
උප පොලිස් පරීක්ෂක ධනංජය තමා ඉදිරියේ සිටි ස්ථානාධිපතිවරයා හට පැවසුවේය.
” ඔව් ධනංජය , අපි දැනට දන්න දේවල් වල හැටියට සුයිසයිඩ් එක කරගත්ත ගයනි කියන්නෙ මිනිහගෙ වයිෆ් , නමුත් CCTV වල තියෙන විදිහට එදා මිනිහත් එක්ක හිටියෙ වෙන කෙල්ලෙක්. ”
” සර්ට පෙන්නන්න තව වැදගත් දෙයක් තියෙනවා ”
උප පොලිස් පරීක්ෂකවරයා එසේ පවසමින් තම මේසය මත වූ ඡායාරූප කිහිපයක් ස්ථානාධිපතිවරයා ඉදිරියට රැගෙන ආවේය
” සර්, මේ ගයනි කියන කෙල්ලගෙ පෝස්ට්මොටර්ම් එකේදි ගත්ත ෆොටෝස් වගයක්, මේ බලන්න සර් මේ කෙල්ලගෙ පිටේ තියෙන පාරවල්”
මියගිය තරුණියගේ ශරීරයේ පිට ප්‍රදේශයට වන්නට යමකින් පහර දුන් ලකුණු ඉස්මතුව පෙනෙන්නට විය.
” ධනංජය ,තමුසෙට හිතෙන්නෙ නැත්ද මේ කෙල්ල වැඩ කරපු ගෙදර ගෑනි මේකට සම්බන්ධයි කියලා”
“එහෙමත් හිතෙනවා සර්, ඒත් මෙහෙම දේකුත් තියෙනවා. වික්‍රමව අන්තිමට දකින්නෙ 08/14 එදා මිනිහා වෙන කෙල්ලෙක් එක්ක ඇවිත් වැඩ කරන තැනින් සල්ලිත් අරගෙන යනවා . එදායින් පස්සෙ මිනිහා අතුරුදහන් .. මම කියන දේ සර්ට තේරෙනවා ඇති කියලා හිතනවා”
” තමුසෙ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා , කොහෙන්ද පටන් ගන්නෙ?”
……………………………………………….?

?( සතියකට පසු )

” රෝයි ඔයා අදත් වැඩද, මොනවද අනේ වීකෙන්ඩ් එකේ වත් ඔයා ගෙදර නෑ , දරුවත් හැමදාම රෑ වෙනකන් බලන් ඉන්නෙ ඔයා ගෙදර එනකන්”
එදින සති අන්තයේ දවසක් බැවින් රෝයිගේ බිරිඳ විසින් ඔහුට ඇනුම්පද කීවේය.
” ටීෂා , ඔයා ඔහොම කිව්වට මමනෙ දන්නෙ දවසක් හරි නොගියොත් වෙන්නෙ මොනවද කියලා . එතන ඉන්න බාගෙට බාගයක් පිස්සො, මම මේ දවස් දෙක නිවාඩු ගන්නවා කියන්නෙ මට සතියෙ දවස්වලට ඔලුව උස්සන්න හම්බවෙන්නෙ නෑ කියන එක”
” ඔයාට ඕන එකක් කරගන්න , පාන්දර එකට දෙකට ගෙදර එනවා ආපහු හය වෙනකොට වැඩට යනවා , මම යනවා දරුවත් එක්ක අපේ ගෙදර ”
” ඉතින් පලයං ගෑනියේ”
නොසිතූ ලෙස කෝපයට පත් රෝයි තම බිරිඳගේ කන හරහා පහරක් ගසන්නේ තම දරුවා ඉදිරියේදිමය. එයින් බියට පත් කුඩා දරුවාද ඉකි ගසමින් හඩන්නට වූ අතර ටීෂා වේදනාවෙන් තම කම්මුල අල්ලාගෙන සිටියේය.
” තොට ඕන මගුලක පලයං , මට උඹ හිටියත් එකයි නැතත් එකයි”
” ඔව් මට කලින්ම තේරුනා පාන්දර ගෙදර එනකොටයි , නිවාඩු දවස්වලට වැඩට යන්නේ මොකද කියලා. මොකද ඒ පාර මාව එපා වෙලා තව…… ”
” කට වහපන් බැල්ලි”
රෝයි තවත් කම්මුල් පහර කිහිපයක් එල්ල කල අතර
ටීෂා තම දරුවාද තුරුල් කරගනිමින් කාමරයේ මුල්ලකට වී හඩන්නට විය.නමුත් අතර රෝයිගේ කෝපය වැඩි වූවා මිස අඩු නොවීය.
” අනේ අප්පච්චි අම්මිට ගහන්න එපා”
කුඩා දියණියද විලාප තියන්නට විය
” හිටපන් , මම උඹට අද ”
එවර ටීෂා හීනෙකින්වත් නොසිතූ පරිදි රෝයි මුළුතැන්ගෙයි තිබූ කොස්ස ගෙනවිත් ටීෂාට පහර පිට පහර එල්ල කල අතර එයින් එක් පහරක් දෙකක් කුඩා දරුවාටද වැදුනි. ඇය විලාප තියමින් හඬන අයුරු අසල නිවෙස් වලටද යාන්තමට මෙන් ඇසුනි.
” අදම උඹයි උඹේ දරුවයි ,මේ ගෙදරින් යන්න ඕන මං එන්න කලින් උඹේ ඇඳුම් ටිකත් අරන් මෙහෙන් පලයං . මට තවත් උඹ වගේ ගෑනියෙක් එක්ක මේ ගෙදර ඉන්න ඕන නෑ”
” අනේ වඳින්නම් ඔයාට, ගහන්න එපා , මමයි දරුවයි අදම යන්නම්”
……………………………………..?

රාත්‍රී නවය පසු වී ඇත .ඒ වන විටත් නගරය තරමක් හුදෙකලාවට පත්ව ඇත . කොතෙක් ජනශුන්‍ය වුවද ඉදහිට කාලය කා දමන තරුණ පිරිස් නගරයේ තැනින් තැන අහම්බෙන් මෙන් දැගකන්නට ලැබේ.

” ඒයි , අර බලපංකො පට්ට කෑල්ලක් ඉන්නවා හෝල්ට් එකේ”
කඩයක් අසල ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි තරුණයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු පැවසුවේය .
” චීස් කෑල්ල වගේ, පොඩි කෙල්ලෙත් මරු බං අම්මා වගේමයි”
“කවුද බං දන්නෙ අම්මද කියලා , ඕක දැන් හවස ඉදන්ම ඔතන , මම දැක්කා බෑග් එකකුත් අරගෙන එනවා , මොකද කියන්නෙ ඉවරක් කරලා දාමුද ”
එක් අයෙකු බස් නැවතුපලේ සිටි තරුණිය සහ කුඩා ගැහැණු දරුවා දෙස බලා පැවසුවේය. සැබැවින්ම ඇය කාගෙත් උකුසු ඇස් වලට අසුවන තරුණයක් වූ අතර කුඩා දැරිවියද රෝස මලකට සමාන විය.
” ඉවරයක් කරලා දාලා යනවට වඩා හොඳයි , අපේ පොට් එකට උස්සන් ගිහින් ඉවරයක් කරමු , එහෙම වුනොත් අපිට ඕන වෙලාවක වැඩේ කරගන්න පුළුවන්”
එසේ සිතමින් සල්ලාලයින් සිව් දෙනාම තරුණිය සහ ඇගේ කුඩා දැරිවිය අසලට ලං වේ.
” නංගි කොහේ යන ගමන්ද ?”
” බය වෙන්න එපා පැටියෝ , අපිත් එක්ක කතා කරන්න”
තරුණිය බියට පත්ව තම දරුවාද තුරුල් කර ගත්තේය.
” අනේ අම්මෙ ”
දරුවා තම මවට තුරුල් වූයේ ගැහෙන හදවතිනි..
” අනේ අයියේ කකුල් දෙක අල්ලලා වඳින්නම් අපිට පාඩුවේ ඉන්න දෙන්නකො”
” නෑ නෑ පැටියො ඔයා වඳින්න ඕන නෑ , අපි කියන දේ අහලා හොඳ ළමයා වගේ අපිත් එක්ක යමු”
…………………………………………………………?

? ගයනිගේ සියදිවි නසා ගැනීමට ඇය මෙහෙකාර සේවය කල නිවසේ කාන්තාවගේ සම්බන්ධයක් ඇතිද
නැත්නම් ඔහුගේ සැමියා වික්‍රම සම්බන්ධයිද?
? තරුණිය සහ ඇගේ කුඩා දියණිය සල්ලාලයින්ට බිලි වෙයිද?

STAY TUNE
මේ ඝාතකයින් පසුපස හඹා යන හෝරාව
?️ RUN OF KILLERS

98 thoughts on “ජාවාරම |තෙවන කොටස | රහස් පරීක්ෂක කතා”

    1. Sleeping beauty

      අනෙ අම්මෝ..මා මේ දකින්නේ ස්වප්නයක්ද …මගෙ ස්වීටි ෆස්ට් වෙලා අද..???

      CONGRATULATIONS මගෙ සූටියෝ..??

      ????????????????????????????????????????????????????????????????????????????????????

      1. Avi 1999 (kandy)?

        අනා මම් ඔයාගෙ ස්විටිද ?? ??
        තැන්කු මගෙ සුටික්කි ??

        පළතුරු වලටත් ගොඩක් තැන්කු මගෙ සුදු බෝලෙ ??

          1. Avi 1999 (kandy)?

            අනා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මගෙ බෝලෙ ?? ??

    1. Avi 1999 (kandy)?

      හයියො ඉතින් ඔයත් frist තමා දග පැංචො ?? තැන්කු හොදෙ

      Congratulations මගෙ දග පැංචො ❤️❤️???????????????????????????????????????????????????????????????????????????

  1. .තැන්ක්ස් කට්ටියගෙම සුබපැතුම් වලට…ඒ… . වුනාට මේකේ fist අවි
    ඒක නිසා මට සුබපැතුවේ නැති වුනත් එයාට සුබපතන්න ok….
    මන් ගානේ අවිශ්ක අක්කිට තෑග්ගක් ????????????????????????☂️?ඔයා ලස්සනට ඉන්නකෝ හොදේ..
    දැන් අනිත් අය අවුල් ගන්න එපා විශේෂයෙන් බියුටි මචී බතලි එයාලට මෙහෙම තෑගි හම්බුනේ නැනේ කියලා. ……….
    තව මන් ගානේ මගේ අවියට උම්මා එකක්… uuuuummmmaaaaaaaa……………
    මගෙයි බියුටිගෙයි යාලු කම අදින් ඉවරයි… මොකද එයා.. මගේ හදවතට සිනි දාලා වෙඩි තියෙනවා කිව්වා කුබි කාලා මැරෙන්න. .. ඉහි ඉහි ඉහී..
    දැන් මට ගොඩක් කේන්ති ගිහින් තියෙන්නේ… ඒ නිසා මට නරක වචනයක් කියන්න ඕනි …..

    1. Sleeping beauty

      අහ් බොලා ඒමද කියන්නේ..ගේම නම් ගේම සාමෙ නම් සාමෙ හරිය..??

      ඒනම් තලා වෙමු..??

    2. Sleeping beauty

      අනික පොඩි ලමයි නරක වචන කියන් නෑ..පොඩි උනත් ලොකු උනත් නරක වචන කියන්න හොද නෑ…

          1. .හොටු බතලි…. ආ… කොහොමද මේක කොහොමද මගේ නරක වචනේ….
            මන් දන්නවා මන් මේ කරේ පිරිමි සංහතියටම ලැජ්ජාවක් කියලා… එත් කමක් නෑ…
            කොහොමද මගේ නරක වචනේ හොදයිද

          2. Avi 1999 (kandy)?

            අනෙ තැන්කු මගෙ දග පැංචො ?? … මට ආයේ අවුරුද්දට කියලා ශොපින් යන්ට ඕනි නෑ නෙ.. මේ ටික තියෙනවා නෙ ??
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා දගයො ??

  2. ඒ.. කතාව දැනුයි කියෙව්වේ කතාව නම් සුම්මා…..
    මන් ඊයේ අනුමාන කරා වැරදි..

  3. ඔය බතල මූන බලාගෙන මට නරක වචනයක් කියන්න හිතෙන්නේ නෑ ……
    ඔයාට නරක වචනයක් ඔනිමනම්
    මේ කතාව කියවන්න එකේ තියනවා සාමාන්‍ය නරක වචන 2ක්‌ විතර ♥️

  4. ඔය සුදු මුහුණට මගේ සිත බැදුනේ…..
    කෙසේද මා නුබ හැරදා යන්නේ…….
    මගේ සිතේ සක්මන් කෙරු දෙව් ඔබනේ…….
    සැමදා ආදරේ දෙන්නම් ලදුනේ……..

    පෙම් බස් දොඩලා සනසන්නම්
    ඔබගේ තොල්පෙති සිපගන්නම්
    හාදු වර්ෂාවෙ සතපන්නම්
    ඔබ මගේම කරගන්නම්….. අපි අපේම දැන් වෙන්නම් //

    ඔය සුදු මුහුණට මගේ සිත බැදුනේ…..

    *LOVE SOUNG 1*

    ආදරයෙන් හා රාගයෙන් පිරුණු සුබ රාත්රියක් වේවා !
    සියලු පෙන්වතුන් එක්‌ වේවා !
    සැමටම සාමය අත් වේවා !

  5. ✨Piumi malsha 2001✨

    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    ගුඩ් නයිට් හැමෝටම …පරිස්සමෙන් සතුටින් ඉන්න හොදේ …බුදු සරනයි …දෙවි පිහිටයි ඔයාලට …?
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  6. “මැණික මතකද ඒ… දවස මන් ඔයාට ආදරෙයි කියපු විදිහ”
    “මතකයි වස්තු ඒ.. දවස කොහොමද අමතක කරන්නේ.
    කොහොමද මන් මගේ ජිවිතේ සතුටුම දවස අමතක කරන්නේ ”

    ඉතින් ඔයාලත් කැමතිද මන් කොහොමද මෙයට ආදරෙයි කියලා ප්‍රකාශ කරේ කියලා දැනගන්න….

    “අම්මා අම්මා කෝ … කෑම එක දෙන්නකෝ අම්මා… අද හවස් වෙනකම්ම class එද්දී 5 විතර වෙයි. තාත්තාට කියන්න 5ට එතනට එන්න කියලා….
    හරි එහෙනම් මම යනවා uummaaa… කෝ.. නංගි ”
    “එයා පහලට ගියා සෙල්ලම් කරන්න”

    ~~~~~~~.
    මේකේ ඉතුරු ටික පස්සේ දවසක දාන්නම් ok අම්මා බනිනවා දැන් නිදාගන්න යන්නලු ok gb gn…

    1. කතාව නම් හොඳයි මල්ලී..වැරද්දක් තියේ.

      සිංහල වචන අස්සේ ඉංග්‍රීසි වචන දාන්න එපා කතාව ලියද්දී..

      මේක ඔයාගෙ කතාවෙ කොටසක් නෙවේ නේද?..

  7. Avi 1999 (kandy)?

    Good morning මගෙ දග මලු ටිකට

    Good morning මගෙ ලොකු අයියෙ

    ඉමා පැංචි ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම

    බලාපොරොත්තු ඉෂ්ට වෙන ..පින්බර උදුවප් පොහෝ දිනක් වේවා ??

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. ?රශී ?

      සුභම සුභ උදෑසනක් අවී බෝලේ …
      සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි …..??????????????

  8. ?රශී ?

    පහන් සිලෙන් සිත නිවන
    බෝ සිසිලෙන් ගත නිවන
    බුදු රදුන් දෙසු වදන
    සිතම හරි මග යවන
    පුන් පෝ දා සද මතින
    අදුරු ලොව එළි කරන
    උදුවප් සීතල ගෙනෙන
    පින්බර පුන් පෝ දිනක්
    වේවා දග පවුලට මගෙන
    ???????????

    සුභම සුභ උදෑසනක් අයියා බෝලේ….????

    සුභම සුභ උදෑසනක් දග බෝල ටිකට ….?????

    අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..?????

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම …..??????????????

  9. ?රශී ?

    ආහ් අවී බෝලේ උණුසුම් සුභ පැතුම් හොදේ…..?????

    පියූ බෝලේ ඒ දාලා තිබ්බ dp එකට මන් කැමති නෑ…ඒකයි මාරු කරන්න කීවේ….ශෝයි බබා මාරු කරලා එකක්….?????තැන්කූ හොදේ….දැන් එක ශෝයි …..????

  10. Sleeping beauty

    ගුඩ් මෝනින් හැමෝටම?????

    ගුඩ් මෝනින් ලොකු අයියේ ????

    පිංබර උදුවප් පුර පසලොස්වක පොහෝ දිනක් වේවා ඔබ සැමටම..???

    අසනීපෙන් ඉන්න හැමොටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ????????

    තෙරුවන් සරනයි හැමෝටම ?????

    හැමදාමත් සතුටෙන් පරිස්සමට ඉන්න ????????

  11. ආයුබෝවන් ? පින්බර උඳුවප් පෝ දිනක් වගේම සුබ උදෑසනක් වේවා හැමෝටම.. ☺️☺️☺️☺️☺️?????

      1. Sleeping beauty

        එයාලව නෑවුවා…නාවලා පිහිදලා පව්ඩර් ගාලා කිරි හදලා දුන්නා..දැන් බන්ඩි ෆුල්..හොදට ගුලි වෙලා දොයි දෙන්නා..??

      2. Sleeping beauty

        යකෝ..මේ බලහල්ලකො..අපේ සැප සනීප අහන්න කලින් දැන් අහන්නෙ පූසන්ගෙ සැප සනීප..??

        1. ??_?_?_??_? ???

          ඒම තමයි අක්කියෝ අපි කෑගල්ලෙනි ඔයාගෙ විස්තර අහන්න කලිම් ගෙදර ඉන්න සතුන්ගෙ සැෆ සනීෆ තමයි අහන්නි???

          1. Sleeping beauty

            කෑගල්ලෙ මිනිස්සු ඒමද මල්ලා..??

  12. ??_?_?_??_? ???

    Gm කස්ටිය????????????.
    ඔක්කොලාටම පින් බර උඳුවප් පොහෝ දිනක් වේවා?????
    අද සිල් ගන්න ගිය අය තරහ නැතුව මේ කොනට?????.
    Sry ෆෙන් ඊයෙ කොල්ල ගෙදර එද්දි 9ත් පහු වෙලා???.ඉතිම් අම්මගෙම් බැනුම් අහල wash දාල එහෙම්ම නිදා ගත්ත ඒකයි ඇෆ් එකට එන්න බැරි උනේ..
    අම්මොහ් ඊයෙ නම් ආතල් කෝටියයි ඉතිම්???????.
    මගෙ ෆෙන්ල ටික ෆරිස්සමට සැෆෙම් ඉන්න ඕනි හරිය.
    බුදු සරණයි ඔයාල ඔක්කොටම?????

      1. ??_?_?_??_? ???

        ඇම්මොහ් අක්කියෝ කතා කරල වැඩක් නෑ ඒ ගැන???.ඇල්ලට යද්දි 10ට විතර ඇති ඇල්ලෙම් ගොඩට එද්දි 7ත් පහු වෙලා..
        එද්දි කොල්ලෙක්ගෙ බිකෙ එකක්නම් පොඩ්ඩක් ඇල උනා පිටිපස්සෙ ගිය එකාගෙ හක්ක තුවාල වෙලා එහෙම්ම ඌව එක්කම් ගීම් බෙහෙතුත් දාගෙන ආවෙ ඒකයි ගොඩක් පරක්කු උනේ එද්දි.
        මොනවත් නෑ අක්කියෝ එද්දි මීටරේ 60kmhට වඩා අඩු උනේම නෑ වාහනත් නෑනි පාරෙ??????

          1. ??_?_?_??_? ???

            නෑව කියන්නෙ අක්කියෝ නානව ආයෙ ගොඩ එනව..ටිකක් වෙලා ආතල් එකක් ගන්න්ව ආයෙ පනිනව.එකෙක් ඇන්නොත් ගොඩ ඉන්න උන් ඔක්කොමල පනිනවනි??.කකුල් වල පතුරු නෑ ගල්වල වැදිල ඉතිම්

          2. Sleeping beauty

            අනෙ අම්මෝ..තුවාලත් උනාද..ඒම ට්‍රිප් වලට මං නම් බයයි..??

          3. ??_?_?_??_? ???

            අයියෝහ් ඒව ගානක් නෑ ඉතිම් අර යට තියෙන ගල් වල වැදිල තුවාල වෙන්නෙ අක්කියෝ???

        1. Sleeping beauty

          එන්ඩ එපා හොදේ..මං හතර පෝයටම සිල් ගන්නවා හරිද බ්‍රෝ..?

          1. ??_?_?_??_? ???

            එතකොට ඉතුරු පෝයවල් 8ට අක්කිය මොනවැයි කරන්නෙ??

          2. Sleeping beauty

            රස්තා මල්ලිව ඇලේ ඉන්න මාලුවො තියා ගත්තෙ නැද්ද ..එයාලා වගේම කෙනෙක් ඇවිත් කියලා..??

          3. ??_?_?_??_? ???

            හිතුන ඒක මට??
            ඇෆ්ෆෝ ඊය මාලු?????.එකෙ ඉන්නව දඩ මාලු උන් එක්ක පීනන්න බැහැ ඇවිල්ල කකුල් වලට කොටනවනි ඉතිම්.
            ආහ් ඉස්සො අල්ලන්න කවුද මන්ද කට්ටියක් ඇවිල්ල හිටිය අපේ උන් ඒකට hlp කරන්න ගීම් වැඩේ වන කරා.තව පොඩ්ඩෙම් ඒ මිනිස්සුන්ගෙම් ගුටි කාල එන්නෙ????

          4. Sleeping beauty

            හ්ම්ම්…මට ඉතින් ඇල්ලකට බැස්සොත් කෝප්පෙකින් තමයි නාන්න වෙන්නෙ..පීනන්න බෑනෙ..??

          5. Sleeping beauty

            වැව් වල ඉන්න මාලුත් කකුල් වලට කොටනවා..?

          6. ??_?_?_??_? ???

            අපේ සෙට් එකෙත් පීනන්න බැරි උන දෙතුන් දෙනෙක් ඉන්න්ව අක්කියෝ උන් එක එක බොරු කිය කියා ඇල්ලට බහින්නෙ නැතුව ඉන්න හැදුවෙ අෆි කෝම හරි එක එකාව බැස්සුව ඇල්ලට උන් ගැඹුරු නැති ටිකේ හිටියෙ ඉතිම්.කොල්ලො කියනව ලාලු කොටද්දි සනීෆයිලු මට නම් අප්පිරියාවෙ බෑ????

  13. …අර්ජුන්…

    ඔයා ඒ ගමන් කතාව පැටලුන නූල් බෝලයක් කරලානෙ.. මේ වගේ සංකීර්ණව නම් මට ලියන්න තේරෙන් නෑ රහස් පරීක්ශක කතා..

    වික්‍රම් ගයනිව මරන්න කියලා සමහරවිට ගයනි වැඩ කරපු තැන ගෑනු කෙනාට කියන්න ඇතී..ඒ ගෑනු කෙනාත් එක්ක මොකක් හරි සම්බන්ධයක් වික්‍රම ට ඇති .

    රෝයි කියන්නේ කවුද .???

    අර ගෑනු කෙනායි එයාගේ දරුවයි කියන්නෙත් කවුද.. එයාලා මේකට සම්බධ වෙන්නේ කොහොමද … නැත්තං ඒක වෙනමම කේස් එකක් ද…

    අනේ මන්දන්නෑ ඕව නං හිතන්න බෑ arujun මඟ ඔලුව නිකං මඤ්ඤං වෙලා වගේ ..ඔයා නම් සුපිරි දක්ශයෙක්.. හොල්මන් කතා වගේම මේ කතාත් ලස්සනයි…

  14. ??_?_?_??_? ???

    කෝ ඇෆේ පිච්ච මලයි සහන් බ්‍රෝයි????.ගොඩ ඩ්ගවසකිම් දැක්කෙ නෑ මන්..අසනීෆයක්වත්ද

    1. Sleeping beauty

      සහන්ට නම් අසනීපයක් නෑ..ඔය ඉන්නේ..ජැසී බෝලෙ නම් ආවෙ නෑ තමයි..ඇයි දන් නෑ..??

      1. ??_?_?_??_? ???

        ආහ් ඒමද.ජැසී එදා අර පොඩි නංගිලාගෙ වලිය බේරන්න ගීම් ගුටි කාල වෙල්හට icu එකේද දන්නි නෑ නේහ්??

  15. ??_?_?_??_? ???

    මාත් දැම් ගීම් wash දාල කාල ඒම එන්නම් හොදේ.තාම ඇදේ ඉන්නෙ අත පය නෑ වගේ අෆ්ෆ මහන්සියි???????

  16. Avi 1999 (kandy)?

    අම්මො අර්ජුන් මටත් ඔක්කොම ටැපලිලා වගෙ…කුතුහලය උපරිමයි..

    මට හිතෙන්නෙ ගයනිව මැරුවේ එයාගෙ මහත්තයා කියලා ..එයයි එයා එක්ක සල්ලි ගන්ට ගිය කෙල්ලයි එකතු වෙලා මැරුවා කියලා …

    එතකොට අතන හිටියෙ රෝයිගෙ නෝනා නෙ.. මට හිතෙන්නෙ එයාවයි දුවවයි අර සල්ලාලයින්ට බිලි වෙන්ට යනකොටම කව්රු හරි එයාලව බේරගයි කියලා ?? එතකොට රෝයි කියන්නෙ ජාවාරම් වලට සම්බන්ධ කෙනෙක් ද ??

    කතාව ගොඩක් ලස්සනයි අර්ජුන් .. ඔයා කුතුහලය උපරිමයටම තියෙන විදියට ඔයා ලියලා තියෙනවා .. ඔයාට සුබ පතනවා තව මේ වගෙ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.