Katha Ahura

ජාවාරම |පස්වන කොටස | රහස් පරීක්ෂක කතා

කතාව කොහොමද?

? RUN OF KILLERS ?
ජාවාරම ?️
පස්වන කොටස

තම දෛනික පුරුද්දක් වශයෙන් කෝසල දිනපතා පාන්දර අවදි වී ව්‍යායාම වල නිරත වෙයි . එදින අවදි වී ශාරීරික අභ්‍යාස අවසන් කල කෝසල නානකාමරයට ගොස් පිරිසිදු වී පැමිණෙන අතරතුර කිසිදා නොවූ වෙනස් අත්දැකීමක් දැකගන්නට හැකි විය. මින් පෙර තමාම උදෑසන තේ කෝප්පය සාදා ගන්නා අතර ඇතැම් දිනයන් වලට එය මගහැරී යයි. නමුත් එදින ටීෂා විසින්
එය සාදාගෙන පැමිණියේය.
” වෙනදට නම් ඕක මම තනියම හදාගන්නෙ , ඒත් සමහර දවස්වලට ඒකත් අමතක වෙනවා”
කෝසල ඇය විසින් පිළිගැන්වූ තේ කෝප්පය අතට ගෙන පැවසුවේය.
” මට මේ වැඩ හොඳට පුරුදුයි ”
” ටී එක නම් මරු ”
ඇය කෝසලට ⁣නොදැනෙන සේ ඔහු තේ කෝප්පය පානය කරන අයුරු බලා සිටියේය.නිවසින් පිටත්ව යාමට පෙර කෝසල තම මුදල් පසුම්බිය අතට ගෙන රුපියල් දෙදාහක් ටීෂා අතට දුන්නේය.
” ඇයි සර් මේ”
” ගෙදර ඕන කරන දේවල් තියෙනවා , බය වෙන්න එපා තමන්ගෙ තැනක් කියලා හිතාගෙන ඉන්න. මේ ළඟ හෝටලයක් නෑ . ඒ හින්දා මොනවා හරි හදාගන්න , අඩුපාඩුවක් තියෙනවනම් ඉස්සරහ පොඩි කඩයක් තියෙනවා ඒකෙන් ගන්න ”
” හරි සර් ”
” මේ ඕක දැන්වත් නවත්තනවකො හලෝ .කවුරුත් ඉන්න තැන මට සර් කිව්වොත් විනාසයි. ”
කෝසල තම මෝටර් රථයේ දොර විවර කරමින් පැවසූ දෙයට ටීෂාගේ මුහුණට සිනාවක් ගෙනාවේය.
” හ්ම්… අයියා ලන්ච් එකට ගෙදර එනවද?”
” අද නම් බැරි වෙයි , කොහොමත් මම එනකොට රෑ අට විතර වෙනවා , උදේම ගන්න තියෙන දෙයක් අර කඩෙන් අරන් දරුවත් එක්ක ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න. තව දෙයක් ඔයාව නුහුරු නිසා ඔය කඩේ මනුස්සයා අහයි කවුද කියලා , කවුරු ඇහුවත් ඔයාට වෙච්ච කිසි දෙයක් කියන්න එපා . වෙලාවෙ හැටියට කියන්න තියෙන්නෙ එකම දෙයයි . තේරුනාද?”
කෝසල තවත් වැදගත් යමක් ඇයට වටහා දී නිවසින් පිටත් විය.
………………………………..?

තම බිරිඳ හා දරුවා නිවසින් පලවා දැමූ රෝයි. චන්ද්‍රෂේකර් නැමති පුද්ගලයාගේ ජාවාරම් නිවසින් රැගෙන ආ සුරංගි නැමති කාන්තාව සිය නිවසට රැගෙන ආවේය.
” අද ඉදලා මේ තියෙන්නෙ ඔයාගෙ ගේ , ඔයයි මමයි විතරයි. ” රෝයි ඇයව යහන මතට ගනිමින් පැවසුවේය .
” කෝ ඔයාගේ වයිෆ් , දරුවා ”
” සුරංගි මන් කිව්වනෙ , ඒ දෙන්නා ආයෙත් එන්නෙ නෑ”

රෝයි ඇය වටා එතී කම්සැප විඳින අතරතුර ටීෂා තම දියණිය සමඟ කෝසලගේ නිවසේ තනිවිය.
………………………………………….?

B10 පොලිස් මූලස්ථානයේ පොලිස් පරීක්ෂක අංශයේ වැඩ බාරගත් කෝසලට ලැබුනේ වික්‍රමගේ අතුරුදහන් වීම සහ ඔහුගේ බිරිඳ ගයනිගේ සිය දිවි හානි කර ගැනීම අතර සම්බන්ධය සෙවීමයි. උදෑසන සේවයට වාර්තා කල ⁣පො.පරීක්ෂක කෝසලට නැවුම් බවක් දැනුනේ පෙර දින රාත්‍රියේ තමාට හමු වූ තරුණියත් කුඩා දියණියත් නිසා බව කෝසලට මනාව වැටහී තිබුනි. ඒත් සමඟම උදෑසන සුභ ප්‍රවෘත්තියක් ඔවුනට ලැබී තිබුනි. ඒ B13 ප්‍රදේශයේ කැළැවක් තුල අයිතිකරුවෙකු නොමැති ත්‍රී රෝද රථයක් තිබෙන බවයි. ඒ අනුව පො.පරීක්ෂක කෝසල සහ සැරයන් කපිල ඇතුලු තවත් නිළධාරීන් දෙදෙනෙක් එම ස්ථානයට පිටත් විය. එහිදී ඔවුනට දැකගන්නට ලැබුනේ කැළෑව තුල සඟවා තිබූ ත්‍රී රෝද රථයයි.

” කපිල, දැන්ම කෝල් එකක් ගන්න වික්‍රම වැඩ කරපු ටැක්සි කම්පනි එකට , අහන්න මේ ත්‍රී වීල් නම්බර් එක රෙජිස්ටර් කරලා තියෙන්නෙ ඒ කම්පනි එකටද කියලා”
” හරි සර්”
ඒ අනුව සැරයන්වරයා ෆයිසාඩ් කුලී රථ ප්‍රවාහන ආයතනයට දුරකථන ඇමතුමක් ලබා ගත් අතර ඔවුන්ගෙන් ගන්නා ලද තොරතුරු වලට අදාළව එය වික්‍රම නැමති පුද්ගලයා භාවිතා කල ත්‍රී රෝද රථය ලෙස තහවුරු විය.
ඔවුන් ත්‍රී රෝද රථය පොලිස් බාරයට ගෙන අවට පරීක්ෂා කොට පොලිස් මූලස්ථානයට පැමිණි අනතුරුව කෝසල තම පරීක්ෂණ කටයුතු ආරම්භ කලේය.
” සර් , අපිට මේ සිද්ධියට කෙලින්ම වික්‍රම වැරදිකාරයා කරන්න බෑ. මොකද සතියකට කලින් වික්‍රම අතුරුදහන් වෙනවා.හරියටම ඊට දවස් අටකට පස්සෙ
ගයනි සුයිසයිඩ් කර ගන්නවා. මේ සිද්ධි දෙක එක ළඟ වගේ වුනා නම් අපිට තිබුනා වික්‍රම සැක කාරයෙක් කියලා හිතන්න. ”
” ඒ වුනාට කෝසල එදා වික්‍රම සල්ලි ගන්න ආවේ වෙන කෙල්ලෙක් එක්ක , කෝසලට හිතෙන්නෙ නැත්ද වික්‍රමට ඔය CCTV වල හිටිය කෙල්ල එක්ක අනියම් සම්බන්ධයක් තිබුනා. ඒක ගයනි දැනගත්තා. සතියක් විතර එක දිගට වික්‍රම ගයනිව බලන්න ආපු නැති එකේ
⁣හිත් වේදනාවට ගයනි සුයිසයිඩ් කර ගත්තා කියලා”

ස්ථානාධිපතිවරයා ඔහුගේ මතය ඉදිරිපත් කලේය.

” වෙන්න පුළුවන් සර්, ඒත් ඇයි වික්‍රම අර විදිහට ත්‍රී වීල් එක කැලේක දාලා ගියේ, වැදගත්ම දේ තමයි එදා ගයනි මාකට් ගිහින් අරන් ආපු එළවළු මල්ල ඇනෙක්ස් එක ළඟ වැටිලා තිබුනා කියන එක , මොකද වොචමන් කියන විදිහට ඒ වෙලාවෙ කවුරුත් ගයනිගෙ පස්සෙන් ඇවිල්ලත් නෑ ”

” ඔව් සර් , කෝසල සර් කියන කතාවත් අපිට අහක දාන්න බෑ , ෂික් කොහෙද මේ අපාර්ට්මන්ට් එකේ CCTV ත් වැඩ නෑනේ”
………………………………………….?

සියලු රාජකාරී වැඩ අවසන් කල පො.පරීක්ෂක කෝසල තම නවාතැනට යන විට රාත්‍රී නවය ආසන්නව තිබුනි. වෙනදා පුරුද්දට දොර අගුල හැරීමට සැරසුනි ඔහු තම හිසටම තට්ටුවක් දමමින් දොරට තට්ටු කලේය.
” කවුද ?”
” ටීෂා , මම කෝසල ”
ඇය දොර විවර කල අතර සාලයට පිවිසි කෝසලට දැක ගත හැකි වූයේ සියල්ල පිළිවෙලකට සකස් කර තිබූ නිවසකි.
” වෙනදට ඉතින් මේව කෙරෙන්නෙ නිවාඩු දවසක් ආවොත් තමයි, බබා කෝ?”
” එයා නිදි, සර් වොෂ් එකක් දාගෙන එන්න මම කෑම ලෑස්ති කරලා තියෙන්නෙ ”
” ඔයා කෑවද? ”
” නෑ, මම ඔයා ….. නෑ සර්”
කෝසල ඇය පැවසීමට ගිය දේ වැළැක්වූයේ ඔහුගේ අත ඇගේ මුව මත තබාය.
” හැමදාම ඔහොම මගෙ ළඟින් ඉන්න පුළුවන්ද?”
” සර් , සර් මොනවද මේ කියවන්නෙ , මම කසාඳ බැදලා ළමයෙක් ඉන්න ගෑනියෙක් . මගෙ මිනිහා මාවයි දරුවවයි එළියට දැම්ම එක ඇත්ත.ඒත්, යන එනමක් නැතුව අනාථ වෙලා පාරේ හිටිය මට සර් දවසක් හරි කන්න ⁣බොන්න දීලා මෙහෙම ඉන්න දුන්න එකටත් මම සර්ට ණයයි. සර් වැදගත් රස්සාවක් කරන මනුස්සයෙක් සර්ගෙ අම්මලා තාත්තලා සර්ට කවදා හරි හොඳ වැදගත් පවුලක කෙනෙක් හොයලා දෙයි. තවදුරටත් මම මෙහේ ඉන්න එක සර්ට හරි නෑ ඒ හින්දා මම හෙටම දරුවත් එක්ක ගමට යනවා”

” ඔයාගෙ කතාව ඉවරද ටීෂා , එහෙනම් මෙතනින් චුට්⁣ටක් වාඩිවෙන්න ”
කෝසල ඇයට එසේ පවසා තම කාමරයේ වූ ලාච්චුවෙන් යමක් ගෙන විත් ඇය අසලින් වාඩි විය.
ඉන් පසු ඔහු ඡායාරූප කිහිපයක් ඇය ඉදිරියේ තැබුවේය.
” ටීෂා , ඔයාට අදටත් අම්මා තාත්තා කියලා දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා, ඔයා අකමැති වුනාට දැන් වුනත් ඒ මිනිස්සු ඔයාව බාර ගන්නවා. අම්මා , තාත්තා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකන් තමන්ගෙ දරුවන්ට ආදරෙයි. මම ඉපදෙනකොට මගේ අම්මා මාව දාලා ගියා. ෆොටෝ එකකින් ඇර මම කවදාවත් මගෙ අම්මව දැක්කෙ නෑ . ඊට අවුද්දකට පස්සෙ මගෙ තාත්තා වෙන කෙනෙක්ව කසාඳ බැන්දා , ඒත් ඒ මනුස්සයා මම ගෙදර ඉන්නවට කැමති වුනේ නෑ , හැබැයි අම්මා මාව දාලා ගියාට එයා මාව තනි කරේ නෑ , ඊට පස්සෙ මගෙ ආච්චියි සීයයි මාව අවුරුදු විස්සක් වෙනකන් බලාගත්තේ එයාලගෙම දරුවෙක් වගේ . මට අවුරුදු පහලවේදී සීයා නැතිවුනා. ඒත් ආච්චි කොහොම හරි දුක්විඳලා මට ඉගැන්වුවා. සීයා නැතිවෙන්න කලින් කියපු දෙයක් තමයි, ‘ පුතේ කවදා හරි රස්සාවක් කරපන් අහස් මාළිඟා හදලා සුර සැප විඳින්න නෙවෙයි, උඹ පය ගහලා ඉන්න මේ රටට සේවයක් කරන්න පුළුවන් ‘ ඒ වචනෙ අදටත් මට මතකයි , මට අවුරුදු විසි පහේදී මේ ලෝකේ මට හිටපු එකම කෙනා ආච්චිත් මාව දාලා ගියා, හැබැයි මම අද සතුටු වෙනවා මම එයාලගෙ හීනෙ ඉෂ්ට කරා, එස්.අයි බැජ් පළන්දන දවසෙ මගෙ ආච්චිගෙ ඇස් වල තිබුන කදුළු මට මැවිලා පේනවා. එයා නැති වුන දවසෙ ඉදලා අවුරුදු දෙකක් තනියම මම මේ ගෙදර හිටියා. මොකද අම්මා තාත්තා නැති මට කවදාවත් ගෙදරකට ගිහින් කසාඳ ගැන කතා කරන්න බැරි නිසා. ඔයාට දැනුනේ නැති වුනාට ඊයෙ මන් සීතලේ සෝෆා එකට වෙලා ඉන්නකොට ඔයා ඇවිල්ලා මගෙ ඇඟට බෙට් ෂීට් එක දාලා ගිය වෙලාවෙ මම ඇහැරුනා. මට ඒ වෙලාවෙ මට හිතුනෙ මගෙ අම්මා මගේ තනියට කෙනෙක් එවලා කියලා. කමක් නෑ ටීෂා , මම තරහා නෑ , ඔයාට කැමති කාලයක් ඔයයි දරුවයි මෙහේ ඉන්න , මගෙන් කිසිම කරදරයක් ඔයාට වෙන්නෙ නෑ මොකද මගෙ අම්මට තියන ගෞරවය මම මේ ලෝකේ ඉන්න හැම ගෑනියෙක්ටම තියනවා”

කතාවේ අවසානයේ ටීෂාගේ මෙන්ම කෝසලගේ ඇස්ද කදුලින් තෙමී තිබුනි . කෝසල පුටුවෙන් නැඟිට යාමට සැරසුනත් ටීෂා ඔහුගේ අතින් අල්ලා ගත් අතර සිය දෑතින් කෝසලව බදාගත්තේ කදුළු සලන දෑස් වලිනි.

” නෑ , අයියේ මට සමාවෙන්න ඔයාගෙ හිත රිද්දුවා නම් , මම ඔයාව දාලා කොහෙවත් යන්නෙ නෑ . මම ඔයාගෙ අම්මා වගේ හැමදාම ඔයා ළඟින්ම ඉන්නවා . අනේ අයියෙ කවදාවත් මගෙ දරුවව නම් මගෙන් ඈත් කරන්න එපා. ”
” නෑ ටීෂා එයා දැන් ඔයාගෙ විතරක් නෙවෙයි මගෙත් දරුවා , අම්මා කෙනෙක්ට දරුවෙක්ගෙ තියෙන වටිනාකම මම ඉපදුන දවසෙ ඉදලම දන්නවා. අපි තුන් දෙනාම එකම පවුලක් කියලා හිතන්න.”

…………………………………………..?

? හිතපු නැති විදිහට ටීෂා මේ කතාවට ආවේ ඇයි?

107 thoughts on “ජාවාරම |පස්වන කොටස | රහස් පරීක්ෂක කතා”

    1. M.M.Shameeka Bhanu

      සුභ පැතුම් අයියා.
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. .තැන්ක්ස් කිව්වා… ඕන් බානුවෝ….
        ඔයා ඔය දීපු කෑම ටික ටික කන්නම්කෝ…..?

      1. .මටනම් ලොකු වැඩ නෑ… චූටි වැඩ ටිකක් තමයි තියෙන්නේ..
        ඔක්කොම වැඩ අපි කලින් කරා..
        ඊයේ තමයි ඔක්කොම වැඩ ඉවර වුනේ…. දාන්නම් full happy එකේ ඉන්නවා ???

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ දග පැංචො ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      කොල්ලා නහයෙන් අඬ අඬ ඉදලා අද් එක වෙලා නෙහ්..එළ ආ..

      සුබපැතුම් දඟයෝ..???????

  1. මන් එහෙනම් කතාව කියවල එන්නම්කෝ…. හොදේ කවුරුත් නැතෙයි ???

  2. මන් කතාවනම් කියෙව්වා ඒක සුපිරි එත් මට දැම්මම එකට කමෙන්ට් එකක් දෙන්න බැ…
    මොකද මන් මේක කියෙව්වාට ගොඩක් අය මේක කියවල නෑ….
    ඉතින් මන් දැන් මේකට කතාවේ අන්තර් ගත දේවල් ඇතුල් කරලා කමෙන්ට් එකක් දැම්මොත්…
    කතාව කියවල නැති අයගේ හාසය අඩුවෙනවා… ඒක නිසා මන් පස්සේ පුළුවන් වුනොත් මේකට කමෙන්ට් එකක් දාන්නම්… ??

  3. කවුරුත් නැනේ ඉහි ඉහි ඉහී
    එහෙනම් මන් යනවා ගූඩ් නයිට්..
    බෝදි අක්කි gn

  4. සුභ උදෑසනක් හැමෝටම…
    අනේ අපොයි!!! කෝ මගෙ අක්කිලා ටික…???
    එන්නකො අදවත්….
    අස් කරනවද ගෙවල්…??

  5. ?පියුමි මල්ශා(2001)?

    ???????????
    ගුඩ් මෝනින් හැමෝටම …සතුට සිනහව පිරුණු වාසනාවන්ත සුබ දවසක් වේවා !?
    ???????????

  6. Sleeping beauty

    ගුඩ් මෝනින් දගයෝ හැමෝටම ❤️❤️❤️

    ගුඩ් මෝනින් ලොකු අයියේ❤️❤️❤️

    හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ..තෙරුවන් සරනයි හැමෝටම …අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …❤️❤️❤️

    1. Sleeping beauty

      අනේ මට පෙරේදා ඔලුවෙ කැක්කුම හැදුනේ..ඊයෙ දවල් වෙද්දි හොදයි..චුට්ටෝ..මාශා බෝලෙට මං අසනීපෙන් කියලා කීවට තැන්කූ හොදද ..ඊයෙ හවස ආවෙ නැත්තෙ ගෙදර වැඩ ගොඩාක් කරන්න තිබුනා..ඒකයි..අදත් ටිකක් බිසී..අසනීප නිසා නෙමේ හොදද එන් නැත්තෙ අද..මාශා මැණික ..මං රෑ වෙලා එන්නම්කෝ..මාලු පැටියෝ ..මං වැවේ නාන්න ගිහින් හෙම්බිරිස්සාව හැදිලනෙ ඉන්නෙ අනේ.??

      1. ??_?_?_??_? ???

        මන් කීවෙ බියූ අක්කිය බැරි වැඩ කරන්න ගීම් හෙම්බ හදා ගෙන කියල???

        1. Sleeping beauty

          අඩෝ රස්තා ..මට0 දැන් හොදයි කියලා ,කියලා තියෙන්නේ ඩෝ..බොලාගෙ ඇස් වලට මාලු කොටලද පේන් නැත්තේ .??

          1. ??_?_?_??_? ???

            ????.මන් comment එක type කරන වෙලාවෙ අක්කිය ඕක දාල තිබ්බෙ නෑනි ඉතිම්??

    2. ??_?_?_??_? ???

      Gm බියූ අක්කියෝ.
      අක්කියත් ඉක්මනට් සනීෆ වෙන්න හරිය.බුදු සරණයි???

      1. Sleeping beauty

        ගුඩ් මෝනින් රස්තා මල්ලා..ඔයත් ෆන් එකේ හොදට ඉගෙන ගන්න ඕනි හරිය.?

    3. Good morning මගෙ බියුටි අක්කියෝ ❤❤❤ඔයාට දැන් හොඳයි නේද? ඔයාට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !??හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි !?

      1. Sleeping beauty

        ගුඩ් මෝනින් මගෙ ජැසී බෝලේ..අනේ ගොඩාක් දවසකින්..හරියට කතා කරන්නත් බැරි උනානෙ අපිට..හෙටින් පස්සෙ නම් ආපහු කතා කරන්න පුලුවන් වෙයි..වැඩ අනේ මේ දවස් ටිකේ මං..පූස් කොල්ලො දෙන්නගෙ වැඩත් මංනෙ කරන්නෙ..නාවන්න,කිරි හදලා දෙන්න,වලි බේරන්න..වැඩ ගොඩයි..??

          1. Mmm… හා අක්කි… ???
            හැබැයි මටනම් සමහර විට හවස එන්න වෙන්නේ නෑ

  7. ??_?_?_??_? ???

    Gm ලොකු අයියා ඇතුලු දඟ පවුලේ ඔක්කොටම…???
    අද කස්ටියම busy ඇති නෙහ්….අපේ ගෙදරත් අම්මයි නෑන පොඩ්ඩයි උදේ ඉදම් බැන බැන අස් කරනව???
    මාත් කාමරේ අස් කරන්න ඕනි ඒත් කම්මැලියි අෆ්ෆ?????????
    හැමෝම ෆරිස්සමට වැඩ ටික කර ගන්නලා හරිය.
    බුදු සරණයි ෆෙන්????
    හැමෝම හිනා වෙලා සැෆේ ඉන්න ඕනි හරිය.
    අසනීෆ කාරයො ටික ඉක්මනට සනීෆ වෙන්නලා හොදේ

    1. Sleeping beauty

      හෑ..??රස්තා කාමරේ අස් කරනවද අද එහෙනම් ගිනි නිවන හමුදාවටයි,සෙන්ජෝන් ගිලන්රථ හමුදාවටයි,වන ජීවී එකටයි කලින් දැනුම්දීමක් කරලා ඉන්න..පෙර සූදානම වැදගත්නේ හැමදේටම වඩා..??

      1. ??_?_?_??_? ???

        එකෙම්ම අක්කියෝ ඒ ඔක්කොලාම දැනුවත් කරල ත්මයි කොල්ලහ් වැඩේ පටම් ගන්න ඉන්නෙ????.දුකයි අෆ්ෆ කාමරේ අස් කරන්න මේ අවුරුද්දම මාත් එක්ක හිටිය මකුළු පැටව්,කැරපොත්තො යන්න යනෝනි ඒම උනොත්??

          1. ??_?_?_??_? ???

            අඩ්ඩෙහ් අක්කිය මකුළුවන්ට බයයිද???.කාටවත් කියන්න එෆා හොදේ අෆෙ අයියත් මකුලුවන්ට බයයි සිරාවටම?????.
            හැබැයි මගෙනම් බොක්කලා තමයි උන්????

          2. Sleeping beauty

            හත් දෙයියනේ..නෑ නෑ මං කාටවත්ම කියන් නෑ ..???

            මකුලුවට තරම් මං නයෙක් පොලගෙක්ට වත් අය

            බය නැතුව ඇති..මකුලුවො ගැන පොඩි කාලෙ මං අහල තිබුනු කතා නිසා තමයි මං එහෙම බය වුනේ..මකුලුවෙක් දැක්කොත් තැන අදාල නෑ මට..යටිගිරියෙන් කෑ ගහනවා…ඉස්කෝලෙත් එහෙම කෑ ගහල තියනවා ..ලමයි එතකොට දන්නවා මකුලුවෙක් ඇවිත් කියලා.??

          3. ??_?_?_??_? ???

            අෆෙ අයියත් එක්ක බලද්දි අක්කිය මකුළුවන්ට බය වෙන එක සාදාරනයි??.
            අනේ මන්ද මට නම් තේරෙන්නි නෑ ඔයාල මොකට උන්ට බය වෙනවද කියල????
            මන් නම් දැම් බය කෙල්ලො කියන ජාතියට විතරයි????????

    2. Good morning රස්තා ❤❤❤
      මට ඔයත් එක්ක ගොඩ දවසකි හරියට කතා කරන්න බැරි වුනානේ….
      හොඳට ඉගෙනගන්න… සතුටින්,පරිස්සමින් ඉන්න, බුදුසරණයි !??

      1. ??_?_?_??_? ???

        Gm පිච්ච මල???.
        ඒකනි කියන්නි ඉතිම්????
        ඔයත් ෆරිස්සමට වැඩ ටික කර ගන්න හරිය.ෆරිස්සමට හොදට ඉගෙන ගන්න.
        බුදු සරණයි???

      1. අනේ හොඳ කෙල්ල… මේ බලන්න හැමෝම හංසි අක්කි දිහා එයා ගැන හිතලවත් හැදෙන්න බලන්න ???

      2. ??_?_?_??_? ???

        මගෙත් එම්මමයි අක්කියෝ??.
        බුද්ධිමතුන්ට පොත් මේසේ අස් කරනවට වඩා කරනන් වැඩ තියෙයි කියල නිව්ටන් අංකල් කීවෙ කට කහනවටයැයි??

  8. Sleeping beauty

    මගෙ අවී බෝලේ..???

    කෝ අද ගුඩ් මෝනින් මැසේජ් එක.??.ගුඩ් මෝනින් මගෙ අවී මැණික ???

  9. Good morning මගෙ දඟ බෝල හැමෝටම ❤❤❤

    Good morning ලොකු අයියේ ❤❤❤

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !???

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි !???
    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤

    1. මම ???
      අපි ඉරිදා හුන්නස්ගිරියේ ගියා…. අම්මෝ ලොකු දිය අල්ලකටත් ගියා

  10. අම්මෝ අර්ජුන් අයියේ දැන් තමයි කතාව කියෙව්වේ… wow කතාව නියමයි ?????

    මම රහස් පරීක්ෂක කතා කියවන්න ගොඩක් ආසයි… මරු අයියේ…

    ඔයාට මේ වගේ තව කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !???

  11. Sleeping beauty

    යේ යේ මං කියපු එක දෙයක් හරි ගියා..කෝසලයි ටීශයි ආදරේ කරන්න පටන් ගත්තා..අනේ ඒක නියමයි ??

    රෝයි කියන්නෙ මහ ජරා මිනිහෙක්..මට නම් sure..මේ ශේකර්ට කෙල්ලො සපයන එකෙක් වෙන්න ඕනි මේ වික්‍රම් කියන්නේ…නැත්තම් රෝයි කලා වගේම වික්‍රම් එයාගෙ නෝන එක්ක රන්ඩු වෙන්න ඇති..ඒ නිසා ගයනි සූසයිඩ් කර ගන්න ඇති..ඒත් මට හිතෙනවා ගයනිව කවුරු හරි කෙනෙක් මැරුවා කියලා..අනේ මංදා..අර්ජුන් ඔයා කතාව interesting විදියට ගලපලා..පට්ට අනේ ..සුප්පා..මං මේ වගේ කතා කියවන්න පට්ටම ආසයි..ඒ වගේ රහස් හොයන්නත් ආසයි..කොටින්ම කීවොත් CID එකට බැදෙන්න මං පට්ටම ආසයි…??

    ඔයාට සුබපතනව මේ වගේ තව කතා ගොඩාක් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා අර්ජුන්..තෙරුවන් සරනයි

      1. Sleeping beauty

        ඒම තමයි හංස පැටියෝ ..කනාවට වගේ කියපු දෙයක් හරි ගියාම..??

          1. Sleeping beauty

            ඔයාලා දෙන්න ඒනම් චැට් එකක් දාගෙන ඉන්නකෝ..මං දත් මැදලා එන්නම්..??

          2. ??_?_?_??_? ???

            කෙල්ලො දත් මදින්නෙ නෑ කීව එකනම් සහතික ඇත්ත???

          3. Sleeping beauty

            දත් මදින එක පට්ට කම්මැලි වැඩක් ඕයි මට නම්..ඒ වගේම තමයි බත් කන එකත්.හැබැයි ෆ්‍රයිඩ් රයිස් ,කොත්තු වගේ දේවල් නම් ඉට්ජින් ඕනි වෙලාවක හා…???..මේ අවුරුද්දට අවසාන වතාවට මං අද නානවා..මේ අවුරුද්දටම අය නම් මං නාන් නෑ..??

          4. ඒකනම් සහතික ඇත්ත මං ආසම නැති වැඩේ දත් මදින එක….
            හරි හරි මයෙ අම්මා අවුරුද්දේ අන්තිම වතාවට නාගෙන ඉන්නකො

          5. ??_?_?_??_? ???

            ?????
            අද ඒනම් නා ගන්න අක්කියෝ ලබන අවුරුද්දටත් හරියන්නම් එතකොට හරිනේ??
            කොත්තු ඊයා????.
            ඔය ජරාව කන්න ෆුලුවම්ද අෆ්ෆ මට නම් පේන්න බෑ.

      1. ??_?_?_??_? ???

        ඕහ් මට එක ෆාරටම අදුර ගන්න බැරි උනානි ඉන්න්ව කියල මන් දැක්කෙ අපායෙ තියෙන කැලැන්ඩරයක් වගේ ජැසීව??

  12. ??_?_?_??_? ???

    හී ඔන්න මට අද රෑ එන්න වෙන්නි නැතෝ අෆේ සැට් එක 31 party යේහ් යේහ්.අද හොද ළමයෙක් වගේ ඉන්න ඕනි නැත්තම් අම්ම යන්න දෙන්නි නෑනි????????

  13. Sandu (kandy girl)

    ..අර්ජුන් මල්ලී..එක්කො අයියා …
    අන් හිතුවා වගේම මිනිස් ජාවරම වෙනවා නේද..

    රෝයි ගෙනත් තියෙන්නේ ශේකර්ගෙන් කෙල්ලක්.මං හිතන්නේ රෝයිටම තමා වික්‍රම් කියන්නේ.. ඔය මිනිහා ගයනිව රවට්ටන් කසාද බඳින්න ඇති.. ගයනි මිනිහා ගැන දැනගත්තාම මිනිහා ගයනිව මරලා ඒක සුවිසයිඩ් එකක් වගේ පෙන්නන්න හදලා වෙන්න ඇති..වොච්මන් වගේම ගයනි වැඩ කරපු තැන ගෑනිත් මේකට සම්බන්ධ ඇතී..

    ටීශා ගෙන් ම වික්‍රම් කියන්නේ රෝයිට කියලා එලිවෙයි..

    අනී මන්දා ඔයා අපිට හිතන්න කියන දේවල් අෆ්ෆා..

    එලකිරි කතාව..

    සුබපැතුම් අර්ජුන් ඔයාට මේ වගේ කතා තව ගොඩක් ලියන්න..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.