Katha Ahura

ජාවාරම |සිව්වනකොටස | රහස් පරීක්ෂක කතා

කතාව කොහොමද?

? RUN OF KILLERS ?
ජාවාරම ?️
සිව්වන කොටස

ගොදුරකට පොර බදන හිවලුන් මෙන් ඔවුන් සිව් දෙනා තරුණිය සහ ඇගේ දැරිය අසලට ක්‍රම ක්‍රමයෙන් ලංවිය. නමුත් ඔවුන් නොසිතූ පරිදි එම ස්ථානය පසු කරගෙන ධාවනය වූ මෝටර් රථය ආපසු හරවා බස් නැවතුම්පොළ අසලටම පැමිණෙයි. එයින් බැසගත්තේ උත්තුංග දේහදාරී ශරීරයකින් යුතු තරුණයෙකි. ඔහු නිශ්ශබ්දව සියල්ල බලා සිටියේය.
” ඕයි, මොකද ආපු අතක් බලාගෙන පලයන් ”
තරුණයා කිසිවක් නොගෙන සල්ලාලයින් සිව් දෙනා අසලටම ගොස් ඔවුනට පිටුපසින් බිය වී සිටි තරුණිය හා කුඩා දැරිය දෙස බැලුවේය.
” උඹට කියපු දේ තේරුනෙ නැත්ද?”
” මල්ලිලා දැන් යන්න, මෙතන තව ඉන්න එකේ තේරුමක් නෑ ”
මෝටර් රථයෙන් පැමිණි තරුණයා පැවසුවේ බියෙන් සිටි තරුණියගේ දෑස් දෙස බලානය.
” උඹට කියන⁣ දේ තේරෙන්නේ නෑනේ හිටපන් ”
එක් සල්ලාල තරුණයෙකු ඔහුගේ ඉන තිබී කුඩා පිහියක් අතට ගත්ද තවත් මොහොතක් ගතවීමට බෙර ඔවුන් සියලු දෙනාම භීතියට පත් කරමින් තරුණයා තම ඉන තිබූ පිස්තෝලය අතට ගත්තේය .
“දු ..දු දුවපල්ලා ⁣”
ඔවුන් පලා යාමට සැරසුනද ඔවුන්ගෙන් එක් අයෙකු තරුණයාගේ ග්‍රහණයට නතු විය. ඔහු පලා යාමට සැරසුන ඒ සල්ලාල තරුණයාගේ ⁣ගෙලෙන් අල්ලා ගත්තේය.
” දැක්කනෙ උඹේ යාළුවො උඹව දාලා යනවා. අසරණ වුන ගෑනියෙකුයි පොඩි දරුවෙකුයි ඉස්සරහ රඟන්නෙ ,තොපි පිරිමිද නැත්නම් ⁣පො%&$ ද? , හොඳට මතක තියාගනින් මට දෙවතාවක් කියලා පුරුදු තියෙන මිනිහෙක් නෙවෙයි.මට පේන්න ආයෙ තොපි මේ ටවුමෙ ඉන්න එපා , පලයන් ”
තරුණයා සල්ලාලයාගෙ කනට පහරක් ගසමින් ඇද දැමුවේය.
” මිස් මොකද මේ වෙලාවෙ මෙතන, මිස්ට මුකුත් කරදරයක් කරාද අර හිටපු එවුන් ”
තරුණයා රත් පැහැ ගැන්වී ඇඟලි සලකුණු තිබූ ඇයගේ කම්මුල් දෙස බලා ඇසුවේය.
” නෑ සර් , සර් වෙලාවට ආවේ”
” ඇයි මිස් මේ පොඩි දරුවත් එක්ක මෙතන , දැන් දහයටත් කිට්ටුයි. බය වෙන්න එපා මම හොරෙක් මැරයෙක් නෙවෙයි”
තරුණයා තම පිස්තෝලය ඉනේ සඟවා ගත්තේ කුඩා දැරිවිය බලා සිටි නිසාය. පසුව ඔහු තම පිටුපස කලිසම් සාක්කුව තිබූ යමක් අතට ගෙන ඇයට පෙන්වූවාය.
” මම B10 ක්‍රයිම් බ්‍රාන්ච් එකේ අයි.පී කෝසල , දවස් තුනයි මෙහෙට ඇවිත් , බස් එක මිස් වුනානම් දරුවත් එක්ක ගිහින් කාර් එකට නගින්න මම ගෙදරට ගිහින් දාන්නම්”
ඒ ඇසූ තරුණිය තම දරුවාද තුරුලු කරගෙන ඉකි ගසන්නට විය.
” සර් කරපු උදව්වට බොහොම ස්තූතිය , සර්ට පුළුවන් නම් මේ දරුවට කන්න මොනවා හරි අරන් දෙන්න කීයක් හරි දෙන්න,සර්ට පිං සිද්ධ වෙනවා”
තරුණයා කිසිවක් නොපවසා බෝනික්කියක් මෙන් තම මවට තුරුල් වී සිටි කුඩා දැරිවියට අත පෑ අතර දැරිවියද තම මව මවිතයට පත් කරමින් තරුණයා අතට ගියේය.
” මගෙ පැටියට බඩගිනීද?”
දැරිවිය අහිංසක ලෙස හිස වැනුයේය
” එහෙනම් අපි ගිහින් මේ චූටි බන්ඩිය පිරෙන්න ⁣ බයියං කමු, මිස් එන්න යන්න , ඔය බෑග් එකත් අරන් ගිහින් කාර් එකට නගින්න ”
………………………………………?

රාත්‍රී සුපිරි අවන්හලකට ගොඩවදින කෝසල උදෑසන සිට නිරාහාරව සිටි තරුණියටත් ඇගේ කුඩා දියණියටත් අවශ්‍ය පරිදි කෑම ඇණවුම් කලද තරුණිය ආහාර ගැනීමට කැමැත්තක් නොදැක්වූ අතර තම දරුවාගේ කුසගින්න නිව්වා පමණි.
” ටීෂා , ඔයාගෙ අකමැත්තක් නැත්නම් මට ඇත්ත කියන්න. මොකද වුනෙ?”
අවන්හල තුල මේසයක තමා ඉදිරියේ සිටි ටීෂාගෙන් ඇසුවේය.
” මට හංගන්න දෙයක් නෑ සර්, අපේ ෆැමිලි එකට ගොඩක් සල්ලි තියෙනවා , එයාලට කොහොම හරි ඕන වුනේ අක්කවයි මාවයි සල්ලි තියෙන මිනිස්සුන්ට කසාඳ බන්දලා දෙන්න , මම ඒ ලෙවල් වලින් පස්සෙ කැම්පස් යන්න සිලෙක්ට් වුනා , ඒත් හරිම අසාධාරණ විදිහට ගෙදර අ⁣ය මාව රෝයිට බන්දලා දුන්නා. එයා කම්පනි එකක එම්.ඩී කෙනෙක්, මැරි කරනකොට මට අවුරුදු විසි දෙකයි . හිත හදාගත්තා මම එයත් එක්ක ජීවත් වෙනවා කියලා, ඒත් දරුවා හම්බෙලා අවුරුදු දෙක තුනක් යද්දි රෝයි හරිම වෙනස් විදිහට හැසිරුනේ , දැන් සතියකට උඩදි ඉදලා එයා ගෙදර එන්නෙ පාන්දර එකට විතර , වීකෙන්ඩ් එකෙත් දවසෙම ගෙදර නෑ, ඇත්තම කිව්වොත් දරුවයි මමයි ඉන්නවද කියලවත් ගානක් නෑ , බලන් ඉඳලා බැරිම තැන අද මම ඇහුවා …………………………………………………. ..”
ටීෂා එදින සිදු වූ සියල්ල කෝසල ඉදිරියේ කියා සිටියේය.
” අවුරුදු හතරක් එකට හිටියා මම ඒ මිනිහට කිසිම වෙනසක් කරේ නෑ ඒත් අද මේ පුංචි දරුවවයි මාවයි හිඟන්නො වගේ මහ පාරට දැම්ම ඒ තිරිසනා, දරුවත් එක්ක මහ පාරේ මැරිලා ගියත් මම යන්නෙ නෑ ඔය මිනිහගෙ මූනවත් බලන්න”
තරුලේ සුව නින්දේ සිටි තම දියණියගේ හිස අතගාමින් ඇය පැවසුවේය.
” දැන් ඔයා කොහෙද යන්නෙ , ඔයාට ඒ මිනිහා ළඟට යන්න බැරිනම් ගෙදරවත් යන්න , මෙහම තනියෙන් ඉන්න එකෙන් වෙන්නෙ ඔ⁣යාගෙයි දරුවගෙයි දෙන්නගෙම ජීවත අනතුරේ කියන එක”
” බෑ සර් , එයාලා එදා මට ඉගෙන ගන්න දුන්න නම් අද මගෙ ජීවිතේට මේ වගේ දවසක් එන්නෙ නෑ , එයාලට ඕන වුනෙ රටට ලෝකෙට පෙන්නන්න දරුවො සල්ලිකාරයො ළඟ ඉන්නවා කියලා ”
” ටීෂා මේ අහන්න , මේ අපි සංසාරේ ගෙනාපු දේවල් . ඒව අපිට වෙනස් කරන්න බෑ , දෙයක් වෙන්න තියෙනවනම් ඒක කාටවත් නවත්තන්න බෑ . දැන් ඔය දරුවත් එක්ක ගිහින් කාර් එකට නගින්න ”
” සර්, සර් මේ කරපු උදව් මදිද, කොහෙවත් යන මටයි ළමයටයි දෙවි කෙනෙක් වගේ මෙච්චර වෙලා සැළකුවනෙ . සර් පොලීසියේ අයි.පී කෙනෙක් . මම නිසා සර්ගෙ තනතුරටත් අවනම්බුවක් වුනොත් ”
” අසරණ වුන ගෑනියෙක්ටයි පුංචි දරුවෙක්ටයි පිහිට වුනා කියලා මගෙ පෝස්ට් එක මුකුත් වෙන්නෙ නෑ ටීෂා. අනිත් එක මට මේ දරුවා දිහා බලාගෙන ඔය දෙන්නව මහ පාරේ දාලා යන්න බෑ . ප්ලීස් ගිහින් කා එකට නගින්න”
……………………………………….?

අහම්බෙන් හමු වූ ටීෂා හා ඇගේ කුඩා දියණියත් සමඟ කෝසල අවසානයේ ගමන් කරේ තම කුලී නිවස වෙතයි.
” ගේ හදන නිසා මම කුලියට මෙහේ ඉන්නෙ ”
තම කුලී නිවසේ ඉදිරිපස දොර විවිෘත කරමින් සාලයට පැමිණි කෝසල ටීෂාට පැවසුවේය.
” මම ඇවිල්ලා සර්ගෙ නිදහසට බාධාවක් කරා නේද?”
” මේක පොලීසිය නෙවෙයි , ඒ හින්දා සර් සර් කියන්න ඕන නෑ කෝසල කියන්න බෑ වගේ නම් අයියා කියන්න,
අනිත් එක මගෙ නිදහසට බධාවක් කියලා හිතුනා නම් ඇයි ඔයාවයි දරුවවයි ඔයා බෑ කියද්දිම මම එක්කන් ආවේ , විකාර කියවන්නෙ නැතුව ගිහින් දරුවව ඇදෙන් තියලා වොෂ් එකක් දා ගන්න. ”

පෙර හමු වීමක් නිසාදෝ ටීෂාද කෝසලගෙ බසට අවනත වී දියණියව ඇඳෙන් තබා නානකාමරයට ගොස් පිරිසිදු වී පැයකින් පමණ පැමිණියේ රෝස පැහැති දණක් තෙක් දිගු ගවුමකින් සැරසීය.
පසුදින රාජකාරියට යාමට ඇඳුම් මදිමින් සිටි කෝසලද උදෑසන සිට හෙම්බත්වී සිට මොහොතකට කලින් තමා දුටු රුවට වඩා රූ සපුවකින් යුතු යුවතියක් සිනාසෙමින් තමා ඉදිරියට එනු දැක පුදුමයක් මෙන්ම නුහුරු හැගීමක්ද ඔහුගේ සිතට ආවේය.
” දෙන්න සර් මම ඇඳුම් ටික මැදලා දෙන්නම්. සර් ගිහින් වොෂ් එකක් දා ගන්න”
” පුළුවන්ද ?”
” ඕක මොකක්ද සර්”
” මේ මං දැන් කලිනුත් කිව්වා ඔය සර් කෑල්ල අයින් කරගන්න කියලා, එහෙනම් මේක මැදලා ගිහින් නිදාගන්න ”
………………………………………………………?

? මේ දෙදෙනාගේ හමුවීමත් , ගයනිගේ සියදිවි නසාගැනීමත් , වික්‍රමගේ අතුරුදහන් වීමත් අතර ඇති සම්බන්ධය මොකක්ද ?……………….

40 thoughts on “ජාවාරම |සිව්වනකොටස | රහස් පරීක්ෂක කතා”

    1. Sleeping beauty

      මට දැන් notification ආවෙ..කඩාගෙන බිදගෙන පෙරලගෙන ආවා…බලද්දි කමෙන්ට් ගොඩයි..??

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ සදු අක්කි ????????????????????????????????????????????????????????????????????????????????????

          1. Avi 1999 (kandy)?

            Congratulations මගෙ ඉෂු මැණික ?? ????????????????????????????????????????????????????????????????????????

  1. ????? ඔන්න සදූ ඔයාට.. ෆ්‍රස්ට් කමෙන්ට් ඇන්ඩ් සෙකන්ඩ් රේට් එකට..

  2. …ඔය් වික්‍රම් කියන්නේ රෝයිම වෙන්න බැරිද අර්ජුන්…

    එතකොට ගයනි කියන්නේ එයාගෙ තවත් හොර ගෑනු කෙනෙක්..

    මිනිස් ජාවාරමක් නම් යනෝ තමා කියල හිතෙනෝ..

    ඔයා පටලවනවා මිසක් ලිහලා දෙන් නෑ නෙ අර්ජුන් කතාව…

    නියමයි සහෝ ඔයාගෙ හැකියාව..ඔයා අයියෙක්ද මල්ලියෙක්ද කියලවත් කියන්නකෝ..

    සුබ පතනවා තව ලස්සන කතා ගොඩක් ලියන්න ලැබෙන්න කියලා ..

  3. Sleeping beauty

    රෝයි ලක්ශ ගානක් දීලා ගත්තු කෙල්ල එක්ක ඉන්න ඕනි නිසා වෙන්න ඇති ටීශා වයි දුවවයි ගෙදරින් පැන්නුවේ..වික්‍රම් කියන්නෙ කෙල්ලො සප්ලයි කරන කෙනෙක් වෙන්න ඇති..කෝසල ටීශට ආදරේ කරයි වගේ..කතාව නම් නියමයි අර්ජුන් …හරිම ලස්සනයි..පට්ට…ඊලග කොටස කියවන්න ඉවසිල්ලක් නෑ..??

  4. එ…. අයියේ කතාව කියෙව්වා….
    ඒක ලස්සනයි … එතනින් එහාට මන් මුකුත් කියන්නේ නෑ..
    හෙට කොටසට රිප්ලයි එකක් දාන්නම්.. ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.