Katha Ahura

දෝණී | 19 කොටස | හොල්මන් කතා |

4.9/5 - (20 votes)

#19 කොටස

මට තවත් එතන ඉන්න හිත දුන්නෙ නෑ. ඒ නිසාම මං තාත්තා එක්ක ගෙද‍ර ආවා. අපේ හිත් වල තිබ්බෙ බලාපොරොත්තු කඩවෙච්ච නිසා ඇතිවුණු කළකිරුණු හැඟීම්. ගෙදර හැමෝම වාඩිවෙලා කල්පනා කලේ මේ මොකද වෙන්නෙ කියලා. අපිට උදවු කරන්න ආපු අහිංසක ජීවිත දෙකක් නිරපරාදෙ නැතිවෙලා ගිය එකත් අපේ හිත් වලට තදින්ම බලපාලා තිබුණෙ. කිසිම දාක නැති විදිහට අපි මානසිකව වැටිලා හිටියා. කාගෙවත් මූණක හිනාවක් යන්තමින්වත් ඇදිලා ගියේ නැති තරම්.

“මං හිංදයි මේ හැම කරදරයක්ම.. මං ලංකාවට නෑවිත්ම හිටියනම් ඔයාලට සැනසීමෙ ඉන්න තිබුණා…” මං කිව්වෙ අපි හැමෝම සාලෙට වෙලා කල්පනාවෙ ඉන්න අතරෙ.

“මෝඩ කතා කියන්නෙපා පුතා… මොකද ඔයා හැමදාම රට රටවල් ගාණෙ රස්තියාදු වෙවී ඉන්නද..? ඔයාට ගෙදරක් තියෙනවා, පවුලක් ඉන්නවා.. ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න අහිංසක ගෑණු දරුවෙක් ඉන්නවා… මේ හැමදේම අතෑරලා ඔයා හැමදාම එහෙට වෙලා ඉන්නද…?” මගෙ කතාවෙන් ටිකක් තරහා ගිය අම්මා කිව්වා.

“ඒත් අම්මෙ මං ලංකාවට ආපු දවසෙ ඉඳලා නේද මේ හැමදෙයක්ම පටන්ගත්තෙ..? බලන්න මිතුනා ඇක්සිඩන්ට් වෙලා තාම එකතැන.. නංගි පඩිපෙලෙන් වැටිලා තුවාල වෙලා සති ගාණක් හොස්පිටල් හිටියා.. දැන් මේ අපිට උදවු කරන්න ආපු අහිංසක ජීවිත දෙකක් නිරපරාදෙ නැති උනා… මේවා බලාගෙන කොහොමද මං ඉන්නෙ කියන්න…”

“හරි දැන් පුතා කියන්න හදන්නෙ මොනාද..? මේ දේවල් නිසා මේ කොහෙවත් ඉන්න භූතයෙකුට බයේ මේ රට අතෑරලා යන්නද..? ඔයා හිතන්නෙ මෙච්චර දේවල් වෙච්ච එකේ ඒ යක්ශණී ඔ‍යාට යන්න දෙයි කියලද..?” තාත්තා අහපු දේට මං ටිකක් සද්ද නැතුව හිටියෙ දෙන්න උත්තරයක් තියා විසඳුමක්වත් මගෙ ලඟ නැති නිසා.

“පහන්දි අක්කිට මේ දේවල් කිව්වද අයියෙ..?”

“ඒ දරුවට මේ දේවල් කියන්න ඕන නෑ… හිත් වලට බය ඇති කරන්න හොඳ නෑ… අනික මේ දේවල් වලින් පුතාටමයි හරි නැත්තෙ…” අම්මා කිව්වා.

“පිස්සු කතා කරන්නෙපා නදී… අපි අද නොකිව්වත් ඒ දරුවා මේ දේවල් දවසක දැනගන්නවා.. එදාට මොකද කරන්නෙ..? මේ දේවල් නොකිව්වා කියලා අපේ කොල්ලට නේද ප්‍රශ්න ඇති වෙන්නෙ එදාට..? ඊට වඩා හොඳයි අපි මේ දේ එයාට තේරුම් කරලා කියලා විසඳුමක් හොයාගන්නකල් ලංකාවට එන්න එපා කියන එක.. ආවත් මෙහෙ එන්න එපා කියන එක… නැත්තම් මේ යක්ශණී ඒ දරුවටත් කරදරයක් කරන්න බැරි නෑ…” තාත්තා කියපු එක ඇත්ත උනත් ඒ ප්‍රශ්නෙත් වැටෙන්නෙ මගෙ ඔලුවට නිසා මට දැනුණෙ අසරණකමක්. හැම පැත්තෙන්ම මාව හිරවෙලා වගේ දැනෙද්දි ජීවිතේම එපා වෙන තරම් හැඟීමක් එනවා.

“එයාට මේ දේවල් කියපු ගමන් එයා දුවගෙන එනවා තාත්තෙ.. කොහොමත් එයා ලංකාවට එන්න තව මාසයක් විතර තියෙනවනෙ.. එතකල් අපි මේකට විසඳුමක් හොයාගන්න බලමු එයාට මේ ගැන මොකුත්ම නොකියා… එයා ආවත් කෙලින්ම මෙහෙ එන්නෙත් නෑනෙ.. ඒ නිසා අපිට කාලය උනත් තියෙනවා…” හිතට සහනයක් ආවෙ නංගිගෙ ඒ කතාවෙන්. මං ඒකට එකඟ වෙද්දි අම්මයි තාත්තයි ඒකට එකඟ උනේ ඒ අදහස හොඳ නිසා.

ෆාදර් අයිවන්ගෙයි ෆාදර් ජෝන්ගෙයි භූමදාන පහුවදා හවස තිබ්බෙ ගමේ සොහොන් පිට්ටනියෙ නිසා අපේ පවුලෙ හැමෝම ඒකට සහභාගි වෙන්න ගියා. ඒ දෙන්නම පුංචි කාලෙ ඉඳන් හැදුනෙ වැඩුණෙ මේ ගමේලු. ඒ නිසා මේ ගමේ සොහොන් පිටියෙම භූමදානය කරනවට එයාලගෙ පවුලෙ නෑයො කැමති උනාලු. මුලු සොහොන් පිට්ටනියම පිරෙන්න සෙනඟ හිටියෙ ෆාදර්ස්ලා දෙන්නම ගමේ මිනිස්සුන්ගෙ විතරක් නෙමෙයි අවට ගම් වල මිනිස්සුන්ගෙ හිත් වලත් ජීවත් උනු නිසා. හැමෝගෙම හිත් දිනාගෙන හිටපු ඒ දෙන්නට ගරු කරන්න රටේ සමහර පැති වලින් ආපු කට්ටියත් හිටියා. ගොඩක්ම හිටියෙ ෆාදර් ජෝන්ගෙ මරණෙ ආරංචි වෙලා. මොකද එතුමා මේ රටෙත් හුඟක් ජනප්‍රිය කෙනෙක් වෙලා හිටිය කෙනෙක් නිසා. හැමෝටම මේ මරණ දෙක ගැන කතා කරන්න හුඟක් දේවල් වගේම අභිරහසක් වෙලා තිබ්බෙ කිසිම කෙනෙකුට වචනෙකින්වත් වරදක් නොකරපු කවුරුවත් වෛර නොකරපු දෙන්නෙක් උන නිසා වෙන්නැති කියලා මට හිතුණා. සමහර අය හිටියෙ ඇස් වල කඳුලු පුරෝගෙන. ඒ අතරෙ මං දැක්කා සිවිල් ඇඳුමෙන් හිටපු පොලිස් නිළධාරින් වගේකුත් මිනිස්සු අතර ගැවසෙනවා. එයාලා හිතනවා ඇති මිනීමරුවා මෙතනට ඇවිත් ඇති කියලා. ඒත් ඇත්ත මිනීමරුවා කවුද කියලා මේ කවුරුවත් දන්නෙ නෑ. දැනගත්තත් කොහොමද අල්ලගන්නෙ? දඬුවම් කරන්නෙ?

“මිස්ටර් මොහාන්…”

භූමදාන කටයුතු ඉවර වෙලා අපි කාර් එක ලඟට යද්දි පිටිපස්සෙන් ආපු කටහඬින් අපි හැමෝම පිටිපස්ස හැරිලා බැලුවා. හවස් කාලෙට ගැලපෙන සන්ග්ලාස් දාගත්තු කලු කලිසමක් ඇඳලා සුදු ශර්ට් එකක් උඩින් දාගත්තු, කලුපාට සපත්තු දෙකක් දාගත්තු හොඳ උස මහත මනුස්සයෙක් අපේ ලඟට ආවා. තාත්තට අතට අත දීපු ඒ මනුස්සයා එයාව අඳුන්වලා දුන්නා.

“මිස්ටර් මොහාන්, මං අතුල ජයවික්‍රම… මං වැඩ කරන්නෙ සී.අයි.ඩී එකේ…”

“අඳුනගන්න ලැබුණට සතුටක් මිස්ටර් අතුල.. මේ ඉන්නෙ මගෙ පවුලෙ අය… ඉතින්.. කොහොමද මං ඔයාට උදවු කරන්න ඕනෙ…?” තාත්තා අර මනුස්සයට අතට අත දෙන ගමන් හිනාවෙලා ඇහුවා.

“උදව්වක්ම නෙමෙයි මිස්ටර් මොහාන්.. මට ඕන කරන්නෙ පොඩි කාරණා කීපයක් ගැන කතා කරන්නයි මේ මරණ දෙක ගැන.. මොකද මේ ෆාදර්ස්ලා දෙන්නම අන්තිම වතාවට ඔයාලට තමයි උදවු කරලා තියෙන්නෙ ඔයාලගෙ ප්‍රශ්නෙකදි… ඒකෙන් පස්සෙ එයාලා වෙන කටයුතු වලට කොහෙවත් ගිහින් නෑ… ඉතින් මට ඕනෙ ඒ ගැන ටිකක් කතා කරන්න…” මිස්ටර් අතුල තාත්තට කිව්වෙ මගෙ මූණ දිහාත් හොඳට බලන ගමන්.

“ඔවු මිස්ටර් අතුල මගෙන් මොනාද ඉතින් ඒ සම්බන්ධව දැනගන්න ඕනෙ..?”

“මෙහෙම මේ වගේ තැනක නෙමෙයි මිස්ටර් මොහාන්.. අපිට ටිකක් පෞද්ගලිකව මේ ගැන කතා කරන්න පුලුවන් නම්….”

“හරි කමක් නෑ අපේ ගෙදර එන්න ඕන වෙලාවක.. මෙන්න මගෙ කාඩ් එක.. ඕකෙ ඇඩ්‍රස් එක තියෙනවා.. ඕන වෙලාවක එන්න කෝල් එකක් දීලා, මං ඔයාට ඕන කරන තොරතුරු දෙන්නම්…” තාත්තා හිනාවෙලා එයාගෙ විසිටින් කාඩ් එකක් දික් කලා.

“නෑ නෑ මිස්ටර් මොහාන් අපි ඔයාගෙ ඇඩ්‍රස් එක දන්නවා.. එහෙනම් අපි හෙට උදෙන්ම එන්නම් කෝල් එකක් දීලා… එහෙනම් හෙට හම්බෙමුකො ගිහින් එන්නම්…” එහෙම කියපු මිස්ටර් අතුල තාත්තට ආයෙමත් අතට අත දීලා අපිටත් හිනාවක් දාලා එතනින් යන්න ගියා.

“ඒ පාර තවත් කරදරයක්.. ඕක කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ… ගමේ මිනිස්සුත් දැනගත්තොත් එක එක කතා හදයි.. දන්නවනෙ හැටි…” අම්මා කියවන්න ගත්තෙ අපි කාර් එකට නැග්ගට පස්සෙ.

“අම්මෝ ඒ මිනිහා අපි දිහා බැලුවෙ නිකන් අපරාධකාරයො දිහා බලනවා වගේනෙ…” නංගි කිව්වා.

“කමක් නෑ අපෙන් දැනගන්න ඕන දේවල් ඇතිනෙ.. අපි වරදක් කරලා නෑනෙ ඉතින් බයවෙන්නෙපා.. අනික සී.අයි.ඩී එකෙන් අපේ ගෙදරට ආවා කියලා කවුරුත් දැනගන්න එකක් නෑ මොකද ඒ මිනිස්සු වටේටම කිය කියා ‍යන්නෙ නෑනෙ ඒගොල්ලො සී.අයි.ඩී කියලවත්.. අපෙන් තොරතුරු අරන් යයි එච්චරයි…” කාර් එක ඉස්සරහට ඩ්‍රයිව් කරන ගමන් තාත්තා කිව්වා. මං කිසිම දෙයක් නොකියා ජනේලෙන් එලිය බලන් කල්පනා කර කර හිටියා.

************************************************************************

පහුවදා උදේ මිස්ටර් අතුල ඇවිත් අපෙන් ප්‍රශ්න කරලා විස්තර අරන් ගියා. අපි එයාට කිසිම දෙයක් හංගන්නෙ නැතුව කිව්වෙ එයාගෙන් පිට මේ දේවල් කාටවත්ම යන්නෙ නැති නිසා. හැම කාරනයක් දිහාම හොඳට කල්පනා කරලා බලපු එයා අමනුශ්‍ය බලපෑම ගැනත් විශ්වාස කරපු පාටක් තිබුණා. මගෙන් වෙනම ප්‍රශ්න කරපු එයා සඳසාවි ගැනත් විස්තර ගොඩක් ඇහුවා.

“කිසිම සාක්ශියක් නෑ අහස් කිසිම දෙයක් නෑ.. අඩුමතරමෙ ඒ මිනිමැරුම වෙච්ච කාමරේවත් පල්ලිය වත්තෙවත් කිසිම දෙයක් නෑ… මිනිමරුවා හරියට පාවෙලා ඇවිත් අතින්වත් අල්ලන්නෙ නැතුව මේ මිනිමැරුම කලා වගේ දෙයක් මෙතන තියෙන්නෙ… අති දක්ශම මිනීමරුවෙක් උනත් පුංචිම හරි සාක්ශියක් ඉතුරු කරලා යනවා.. අඩුමතරමෙ ඉවක්වත් ඉතුරු කරලා ගිහින් නෑ… වෙලාවකට මටත් හිතෙන දෙයක් තමයි මේක අමනුශ්‍යයෙක් කලාවත්ද කියන එක…” මගෙන් ප්‍රශ්න කරලා ඉවර වෙලා මිස්ටර් අතුල කිව්වෙ ලාවට හිනාවක් දාන ගමන්.

“මේක විහිලුවක් නෙමෙයි ඔෆිසර්… අපේ පවුලම මේ හේතුව නිසා මේ ටිකේම දුක් විඳිනවා.. මෙහෙම හරි බේරිලා ඉන්නෙ ඒ ෆාදර්ස්ලා දෙන්නා එයාලගෙ ජීවිතත් පරදුවට තියලා අපිට උදවු කරපු නිසයි.. ඒ ආත්මෙට ඕන වෙලා තියෙන්නෙ මට කියලා එයාගෙ පලිගැනීම සම්පූර්ණ කරගන්න වෙන්නැති.. ඒත් මට ඕනකමක් නෑ මගෙ අත්වල අහිංසක නොවුණත් කිසිම ජීවිතේක ලේ ගාගන්න…”

“හරි හරි මට තේරෙනවා ඔයා කියන දේ.. මං මේ දේවල් පිලිගන්න කෙනෙක් නම් නෙමෙයි.. ඒත් සමහර අවස්ථා වල අපිට සිද්ධ වෙනවා ඒ දේවල් පිලිගන්න… මං මීට කලින් විසඳපු මර්ඩර් කේස් වගේකත් මෙහෙම දේවල් උනා… මං හිතන්නෙ මට පුලුවන් වෙයි ඔයාලගෙ ඔය අමනුශ්‍ය දෝසෙට විරුද්ධව මොනාහරි කරන්න උදව්වක් කරන්න…”

“ඒ කිව්වෙ ඔෆිසර්..?”

“ඒ කිව්වෙ මං කලින් විසඳපු ම්‍ර්ඩර් කේසස් වලදි මට උදවු කරපු බොහොම දක්ශ කට්ටඩියෙක් හිටියා.. ඒ මනුස්සයා හරිම දක්ශයි මේ දේවල් වලට… මගෙ ඇස් දෙකටම දැකලා තියෙනවා ඒ මනුස්සයා ඈත්ම අල්ලලා හිර කරන හැටි ආයෙ නොයෙන්නම… ඔයාලා කැමතියි නම් මට පුලුවන් ඒ උදව්ව කරලා දෙන්න…” මිස්ටර් අතුල එහෙම කිව්වම මගෙ හිතට පොඩි සහනයක් දැනුනත් කට්ටඩියො ගොඩක්ම කරන්නෙ බොරු නිසා මං ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ. එයා ඒක සහතික කලත් මංවත් ගෙදර අයවත් ඒ අදහසට කැමති උනේ නෑ.

“හරි ඒක ඔයාලගෙ කැමැත්තක් ඉතින්.. මං උදව්වක් කරන්න හැදුවෙ.. කමක් නෑ මෙන්න මගෙ නම්බර් එක.. ඔයාලට මොකක්ම හරි උදව්වක් ඕන උනොත් මට කතා කරන්න… එහෙනම් මං ගිහින් එන්නම්…” එහෙම කියපු මිසටර් අතුල එයාගෙ ෆෝන් නම්බර් එකත් දීලා යන්න ගියේ ආයෙත් ඕන උනොත් එන්නම් කියාගෙන.

“නරකද මොහාන් මේ ගැන අර මාදම්පෙ ඉන්නවයි කියන හාමුදුරුවන්ට ගිහින් කිව්වොත්..? එයා මේ වගේ වැඩ වලට හරි දක්ශයිලු… අනික ඔය යන්තර මන්තර වලට වඩා බුදු බණට ඕනම යකෙක් මට්ටු වෙනවනෙ…” අම්මා කිව්වෙ අපි දවල්ට කන්න මේසෙට වාඩිවුණ වෙලාවෙ.

“ඇයි දෙවියන්ව විශ්වාස නැද්ද නදී මේ හැම ආගමක් පස්සෙම යන්න හදන්නෙ..? විකාර නැතුව ඉන්න…” තාත්තා අම්මට ටිකක් සැරෙන් කිව්වෙ. අම්මගෙ මූණ ටිකක් අප්සට් උනා. කොහොමත් තාත්තා කියන්නෙ උපන්දා ඉඳලා තමන්ගෙ ආගමට හුඟක්ම ලැදි කෙනෙක්. එයා එක අතකට ටිකක් ආගම්වාදියි කිව්වත් හරි.

“නෑ අනේ මං මේ කිව්වෙ ඉතින් ඒ පැත්තෙනුත් උදව්වක් ගත්තනම් මොකද කියලා… මෙතන තියෙන්නෙ දෙවියො ගැන අවිශ්වාසෙ නෙමෙයි අපි මේ කරදරෙන් ගැලවෙන ක්‍රමයක් හොයාගන්න එකයි…ඒකට කොයි ආගමෙන් උදවු ගත්තත් අපිටමනෙ හොඳ…”

“ඒ උනාට කමක් නෑ වෙන ආගම් පස්සෙ යන්න ඕන නෑ… ඒවට ගරු කලාම ඇති… මං මගෙ යාලුවෙක්ගෙන් ඊයෙ කෝල් එකක් දාලා ඇහුවා මේ කාරණේ ගැන.. එයා කිව්වා මේ වගෙ දේවල් වලට දක්ශ තව ෆාදර් කෙනෙක් ජා ඇල ඉන්නවා කියලා… අපි එයාව හම්බෙන්න යමු අනිද්දට… ඊටපස්සෙ අපි බලමු මොකද කරන්න ඕන කියලා…” තාත්තා එයාගෙ අන්තිම තීරණේ කිව්වා. එතනින් එහාට එයා එක්ක තර්ක කරලා වැඩක් නැති නිසා අම්මා සද්ද නැතුව හිටියා. තාත්තා දෙන්නෙක්ටම කලින් කතා කරලත් සඳසාවිව යවාගන්න බැරි උන එකේ මේ පාර කාව එක්කන් ඇවිත් මොනවා කරයිද දන්නෙ නෑ. ඔය ගැන හිත හිතාම කෑම කාපු මං තව ටිකෙන් මස් කට්ටක් කියලා හිතලා ඇඟිල්ලක් කාගන්නවා.
**********************************************************************

එදා උදේ ඉඳන් සඳසාවි හිටියෙ අඬ අඬා. තමන් මෙච්චර ආදරේ කරපු අහස් එහෙම එයාගෙන් වෙන් වෙයි කියලා කෙල්ල හිතුවෙ නෑ. ඒත් එක අතකින් බැලුවොත් එයත් සාධරණයි. ඒ උනත් ඇත්ත කිසිම දෙයක් හරියටම නොදැන හිටපු අහස් කොහෙන්හරි හොයාගත්තු සම්පූර්ණ නොවුණත් ටිකක් විතර දේවල් දැනන් හිටියා කියලා එයාට තේරුණා. අහස්ට කෝල් කීයක් ගත්තත් එයා ආන්සර් කලේ නෑ. අන්තිමට වදයක් උන නිසාද දන්නෑ එයා ෆෝන් එකත් ඕෆ් කරලා තිබුණා. අහස්ගෙ නංගි තරුකිට කෝල් ගත්තත් එයත් ආන්සර් කලේ කෝල්ස් විස්සකට වඩා ගත්තට පස්සෙයි.

“හෙලෝ සඳූ අක්කි.. සොරි අනේ මං ක්ලාස් එකේ ඉන්නෙ.. දැන් මේ ඉන්ටර්වල් එක නිසයි කෝල් එක ආන්සර් කලේ…”

“අ..නේ… ත..රූ….”

“අනේ ඇයි මේ ඔයා අඬන්නේ…? මොකද අපේ බූරුවා රණ්ඩු උනාද ඔයා එක්ක…?”

“නෑ… දෙයියනේ….. එ..එ..යා…. මා…ව… ද්..දා…ලා… ය..න..වා… කි..ව්..වා…. ත..රූ….” සඳසාවි අඬ අඬා කිව්වා.

“මොකක් කිව්වා..?? මේ අපේ අයියා ඔයාට එහෙම කිව්වා..? මේ භූතයට මොනවා වෙලාද ඒ ගමන..? මේ ටිකේ හැබැයි පිස්සු නට නටා හිටියා තමයි අම්මිගෙනුත් බැනුම් අහගෙන.. මං හිතුවෙ ඔයාලා රණ්ඩු වෙලා කියලනෙ.. ඉන්නකො අක්කි මං බලන්නම් එයාට කතා කරලා මොකක්ද මේ නටන නාඩගම කියලා.. මගෙ අක්කි දැන් අඬන්නෙ නැතුව ඉන්නකෝ… මං කියන්නම් අයියට…” තරුකි එහෙම කිව්වත් කෙල්ලගෙ හිත හැදුණෙ නැත්තෙ අහස් ගැන දන්න නිසාමයි. අහස් කියන්නෙ හිතුවක්කාර ගති තියෙන කිව්වොත් ඒ දේ කරන කොල්ලෙක්. ඒ නිසාම මේ සැරේ එයාගෙ තීරණේ දරුණු උනත් එයා ඒක අරන් තිබුණා.

“අ..නේ… ත..රූ…. ප්..ලී..ස්…. පු..ලු..ව..න්..න..ම්… එ..ක.. කෝ…ල්.. එ..ක..ක්.. ග..න්..න.. කි..ය..න්..න..කෝ….”

“හරි අක්කි දැන් අඬන්නැතුව ඉන්නකෝ… මං ඉන්නවනෙ ඉතින් ඔයාට… මං ගන්නම් එයාට මේ දැන්ම… කෝ දැන් අඬන්නෙ නැතුව ඉන්නකෝ හොඳ අක්කි වගේ….” එහෙම කියපු තරුකි තවත් ටිකක් වෙලා සඳසාවිව සනසලා කෝල් එක කට් කලා. ඒ උනත් තවත් දවස් ගාණක් යනකම්ම අහස්ගෙන් කෝල් එකක් තියා චූටි මැසේජ් එකක්වත් ආවෙ නෑ. තරුකි හැමවෙලාවෙම වගේ සඳසාවිගෙ දුක ඇහුවත් අහස්ගෙ හිත වෙනස් කරන්න එයාටවත් බැරි උනා. සඳසාවි හැම තප්පරේකම වගේ මැසේජ් යැව්වා අහස්ට. ඒත් ඒ එකක්වත් ඩිලිවර් උනේවත් නැත්තෙ අහස් ෆෝන් නම්බර් එක පවා වෙනස් කරලා නිසා. තරුකිගෙන් ඇහුවත් අහස් එයාටවත් අලුත් නම්බර් එක දීලා තිබුණෙ නෑ. ඒ තරම්ම කොල්ලගෙ හිත ගලක් වෙලා. සඳසාවිගෙ කලින් හිටපු පෙම්වතා, සඳුන්ගෙන් කෙල්ලට හැමදාම වගේ තර්ජන,ඇනුම් බැනුම් පවා එන එක වැඩි උනා. සඳුන්ට ඕන උනේ කෙල්ලගෙ නිරුවත විතරයි කියලා එයා දැනන් හිටියෙ. මේ ටිකේම ගෙදරට වෙලාම හිටපු නිසා සඳුන්ට කිසිම දෙයක් කෙල්ලට කරගන්න බැරිවුණේ සඳසාවිගෙ මාමා කෙනෙක් නිතරම වගේ සඳුන් ගැන ඇහැ ගහන් හිටපු නිසයි. මේ නිසාම සඳුන් හිටියෙ ලොකු වෛරෙකින්.

එක මූසල හවසක තරුකිගෙන් ආපු කෝල් එක සඳසාවිගෙ මුලු හිතම පිහි තුඩු දාහකින් විතර එක සැරේ ඇන්නා වගේ වේදනා දුන්නා.

“අනේ අක්කි සුදු අයියා අද රෑට ලංකාවෙන් යනවලු… බලන්නකො අපි දන්නෙත් අද අනේ….”

“මො..ක..ක්…???” තමන්ගෙ මුලු ලෝකෙම කඩන් වැටෙනවා වගේ දැනෙද්දි සඳසාවිට කියවුණා. දෙයියනේ මේ ඇහෙන්නෙ ඇත්තක්ද කියලා හිතාගන්න බැරිවුණු එයාගෙ ඇස් වලින් ගලන් ගිය කඳුලු ආයෙමත් අලුත් වෙන්න ගියේ තප්පරේටත් වඩා අඩු කාලයක්.

“ඔවු අක්කි ඔවු… අම්මි මෙහෙන් අඬනවා… මේ මෝඩයා මොනවා කරනවද කියලා එයාම තමයි දන්නෙ… අපිට කිව්වෙත් අන්තිම මොහොතෙ අක්කි… අනේ තාත්තිගෙන් ගුටිත් කෑවා එයා හිතුවක්කාර වැඩියි කියලා… ඇයි අක්කි එයා මෙහෙම හැසිරෙන්නෙ..? අනේ ඔයාලා අතරෙ මොනාද උනේ මේ විදිහට අපේ අයියා හැසිරෙන්න තරම්..?” තරුකි කතා කලෙත් අඬ අඬා.

“අ..නේ…. දෙයියනේ…. ත..රූ…. මා..ව… මැ..රෙ..යි…. අ..නේ… ම..ගෙ… තා…ත්..තී….” සඳසාවිට කියාගන්න හම්බුණේ එච්චරයි. ඒ කම්පන‍ය දරාගන්න බැරුව දවස් ගාණක් තිස්සෙ බඩට කෑමක් නැතුව අඬ අඬාම හෙම්බත් වෙලා හිටපු කෙල්ලට සිහි නැතුව ගියේ ඇඳ උඩදිමයි. තරුකි කොච්චර කතා කලත් සඳසාවිට ඇහුණෙ නෑ.

එදා රෑ කටුනායක ගුවන් තොටුපලෙන් ඇමරිකාව බලා පිටත් උන අහස් යානයෙ, අහස් වාඩිවෙලා හිටියෙ ඇස් වල කඳුලු පුරෝගෙන. ආයෙ කවමදාවත් ලංකාවට එන්නෙ නෑ කියලා තදින්ම හිතාගත්තු අහස් සඳසාවිගෙ මතකයන් අස්සෙ ඉඳන් ඇඬුවෙ කාටත් හොරෙන්. මෙච්චර දවසක් හිර කරන් ගලක් වගේ තියන් හිටපු හිත අද මෙලෙක් වෙලා අඬනවා. හැම මතකයක්ම අමතක කරන්නත් කොල්ලා තදින්ම හිතට ගන්නවා. එහෙම නැති උනොත් තමන්ට ඉස්සරහට ජීවත් වෙන්න අමාරුයි කියලා එයා දැනන් හිටියා.

පහුවදා උදේ සඳසාවිගෙ ගෙදර ටිකක් ලොකු කලබලයක්. කෙල්ල ගෙදරත් එක්ක රණ්ඩු කලේ තමන්ට ගෙදරින් කොහෙවත් යන්න නොදෙන නිසා. කලින් දවසෙම අඬලා අඬලා හෙම්බත් වෙලා සිහියත් නැතුව හිටපු කෙල්ල උදෙන්ම ලෑස්ති උනේ අහස්ව හොයාගෙන එයාගෙ ගෙදරට යන්න. අහස් ගියා කියලා විශ්වාස කරන්න කෙල්ලගෙ හිත ඉඩ දුන්නෙ නෑ. ඒ උනත් සඳසාවිගෙ මාමයි බාප්පයි කෙල්ලට බැන්නෙ ගෙදරින් එලියටවත් බහින්නෙපා කියලා. එදා හැමෝම කෙල්ලට කියන්න ඕන නැති කතා පවා කියලයි බැන්නෙ. හිතේ තිබ්බ දුකට කෙල්ලට ඒවා වැඩිය ගාණක් උනේ නැතත් තමන්ට අපහාස කරන තමන්ගෙම නෑයන් ගැන ඇතිවුණේ කළකිරීමක් එක්කම ආපු වෛරයක්.

“ඕගොල්ලො නෙමෙයිනෙ මාව මෙච්චර කාලයක් හැදුවෙ… කරුණාකරලා ඒ නිසා මට එක වචනයක්වත් කියන් එන්නෙපා… මගෙ ආච්චි හිටියෙ නැත්තම් මං මෙලහකටත් මැරිලා.. අදටත් එනවද කවුරුත් අපි දෙන්නා කෑවද බිව්වද කියලවත් හොයන්න..?” හෙම්බත් වෙලා හිටපු කෙල්ල කෑගහද්දි හැමෝම කටවහගත්තා. අතට ගත්තු බෑග් එකත් කරේ දාගෙන පුංචි ගේට්ටුවෙන් එලියට ආපු කෙල්ල පාර දිගේ යන්න ගත්තෙ හරිම අමාරුවෙන් ඇවිදිමින්. ඒ යද්දිත් කෙල්ලගෙ ඇස් වලින් අහස් වෙනුවෙන් ගලපුු උණු කඳුලු කම්මුල් දිගේ ගලාගෙන ගිහින් මහ පොළොවට වැටුණා.

“ආ…කුමාරිහාමි නෑගම් යනවද…??” සඳසාවිගෙ ඉස්සරහට ආවෙ වෙන කවුරුත් නෙමෙයි සඳුන්. ඒ මූණෙ තිබ්බෙ අසරණ වෙච්ච මුවෙක්ව අහුවුණු කොටියෙක්ගෙ වගෙ බැල්මක්. හිතට ලොකු බයක් දැනුණත් සඳසාවිෙතනින් මඟ ඇරලා යන්න හැදුවා.

“කොහෙද මේ යන්නෙ කියපන්… මේ ටිකේම මං කොච්චර කතා කලාද උඹට ඒත් උඹ ගෙයින් එලියට එක අඩියක්වත් තිබ්බෙ නෑ… අද උඹ මේ යන්නෙ උඹේ අර ප්‍රේමවන්තයව හම්බවෙන්නද ආහ්..???” කෙල්ලගෙ පාර හරස් කරමින් සඳුන් එයගෙ අතින් තදින් අල්ලගත්තා. කෙල්ල අත ගන්න දැඟලුවත් හරි ගියේ නෑ.

“අතෑරපන් වනචරයා මාව…!: කෙල්ල සැරෙන් කියද්දි සඳුන්ගෙ මූණ යකෙක් වගේ වෙනස් උනා.

“වනචරයා…??? ආ යකෝ තෝ අරූ එක්ක බීච් ගාණෙ ගිහින් කරන ඒවා හොඳයිද එතකොට..? තොට මං ඉද්දිත් තෝ ඌ එක්ක යන්නෙ.. පට්ට බැල්ලි උබ එනවද මට වනචරයා කියන්න ආ…” කෙල්ලගෙ කම්මුලකට හයියෙන් පාරක් ගහපු සඳුන් කෑගැහුවා. ඒ හරිය ටිකක් කැලෑබද පාරක් නිසා කිසිම කෙනෙක් කෙල්ලගෙ උදව්වට හිටියෙවත් ආවෙවත් නෑ.

“සඳුන් ගහන්නෙපා ප්ලීස්… ඔයා මාව දාලා ගියාමයි මං එයාට ආදරේ කලේ… ඔයාට මගෙන් ඕන උනේ සෙක්ස් විතරයි.. ඒක කරගත්තම ඔයා මගෙන් ඈත් වෙලා ගියානෙ.. ඇයි තවත් මට මේ විදිහට වද දෙන්නෙ…” කෙල්ල ඇඬුවා. ඒත් තව පාරක් කම්මුලට ගහපු සඳුන් කෙල්ලට අමු තිත්ත කුණු හරුපෙන් බැන බැන කෙල්ලව ඇදගෙන ගියේ කැලේ ඇතුලට. කෑගහගන්නවත් පණක් තිබ්බෙ නැති කෙල්ල අඬ අඬාම සඳුන්ගෙන් ගැලවෙන්න උත්සාහ කලත් ඒක හරිගියෙ නෑ. පාරෙ අයිනෙ ඉඳන් මීට‍ර් තුන්සීයක් විතර කැලේ ඇතුලට වගේ තිබ්බ ගරාවැටිච්ච පරණ, ටිකක් විශාල ගෙදරකට සඳසාවිව ඇදගෙන ගිය සඳුන් කෙල්ලව ඒක ඇතුලෙ තිබ්බ අඳුරු කාමරේකට තල්ලු කලා. කෙලින් ඉන්නවත් හරියට පණක් තිබ්බෙ නැති කෙල්ල විසිවෙලා ගිහින් ජරා පොලොව මත ලිස්සලා වැටුණා.

“අ..නේ… තා…ත්..තී….!” කෙල්ලට කෑගැහුණා.

“හහ් හහ් හා… තෝව බේරගන්න මෙහෙ එන තාත්තියෙක් නෑ බොල… බලපන් මං අද උඹේ ඔය අහංකාරකම් බිංදුවටම බස්සන හැටි…” එහෙම කියපු සඳුන් දො‍ර ලඟින් ටිකක් එහාට ගිහින් කාටදෝ කෝල් එකක් ගනිද්දි සඳසාවි ජරාවට ගිය බිත්තියකට පිට දීලා ඉඳගත්තෙ කෙලින් හිටන් ඉන්නවත් පණක් නැති නිසා. දවස් ගාණක්ම මොකුත් කෑවෙ නැති නිසා කෙල්ල හිටියෙ හොඳටම හෙම්බත් වෙලා.

“අනේ සඳුන් මට යන්න දෙන්නකෝ ප්ලීස්… මට හිටන් ඉන්නවත් පණ නෑ…” කෙල්ල අඬ අඬා සඳුන්ගෙන් ඉල්ලුවා.

“උඹ හිටන් ඉන්න ඕන නෑ බැල්ලියෙ.. බුදියන් හිටියම ඇති…” අවලම් හිනාවක් දාපු සඳුන් කියද්දි සඳසාවිට තවත් ඇඬුනෙ තමන්ට වෙන්න යන දේ දැනුණ නිසා.

මේ විදිහට පැයක් විතර එතන ඉද්දි සඳසාවි කොච්චර ඉල්ලුවත් සඳුන් කෙල්ලට යන්න දුන්නෙ නෑ. ඒ වෙනුවට කෙල්ලට ලැබුණෙ අහන් ඉන්න බැරි තරමෙ කුණුහරුප විතරයි. ටික වෙලාවකින් තවත් කවුදෝ එන සද්ද‍යක් කෙල්ලට ඇහුණෙ හීනෙන් වගේ. ඇස් පියාගෙන හිටපු කෙල්ල ඇස් ඇරලා බලද්දි දැක්කෙ තමන්ගෙ ගමේම සඳුන්ගෙ ගජ මිතුරන් වෙච්ච නුවන්, සමිත්, චමිල වගේම තමන්ටත් වඩා බාල සංදීප් මල්ලිත් දොර ලඟ හිටගෙන ඉන්න බව. සංදීප් මල්ලිගෙ ඇරෙන්න අනිත් එවුන්ගෙ ඇස් තිබ්බෙ තමන්ගෙ උඩට ඉස්සිලා තිබුණු සායෙන් පෙනුන කකුල් අස්සෙ කියලා කෙල්ලට තේරුණ නිසා එයා ඒක හදාගත්තා.

“ඒ සඳුන් අයියෙ ඇයි බං මේ..? මොකක්ද බං උඹ මේ කෙල්ලට කරන දේ තේරුම..??” සංදීප් ඇහුවෙ සඳසාවි ගැන ඇතිවෙච්ච දුක නිසාමයි. පොඩි කාලෙ ඉඳන් තමන්ට ආදරෙන් සලකපු සඳසාවි ගැන සංදීප්ගෙ හිතේ තිබ්බෙ ලොකු සහෝදර බැඳීමක්. සඳුන් තමන්ගෙ හොඳම යාලුවෙක් උනත් සඳසාවිට සලකන විදිහ ගැන සංදීප්ගෙ හිතේ ලොකු කැමැත්තක් තිබ්බ නෑ.

“මේ උඹ හු^&නෙ නැතුව හිටපන් පොඩි එකෝ… මගෙ වැඩ වලට අතදාන්න උඹට අයිතියක් නෑ…” සඳුන් කෑගැහුවා. සංදීප් සඳුන්ගෙ හැටි දන්න නිසාම කටවහන් එතනින් ගියේ කරන්න දෙයක් නැති නිසා.

“අඩෝ අපිටත් අද වාසියක් තියෙයිද සඳුනා…?” නුවන් ඇහුවෙ සඳසාවි දිහා කන්න වගේ බලන් ගමන්.

“ඔවු ඔවු මොකද නැත්තෙ… මං දන්නවනෙ උඹලා මේකිට කෙල හල හලා හිටියෙ කියලා… අද ඇති තරම් සතුටු වෙයල්ලා… හැබැයි ඉතින් හැමදාම වගේ මං විනෝද උනාට පස්සෙ… හ‍රිනේ..??” හයියෙන් හිනාවුණ සඳුන් කිව්වෙ අනිත් උනුත් හිනාවෙද්දි. “දැන් වරෙල්ලා මුලින්ම ශොට් එකක් දාලා ඉමු…”

යාලුවො සෙට් එකම බොන්න සෙට් වෙද්දි සඳසාවි කලේ අඬපු එක. තව ටික වෙලාවකින් තමන්ගෙ ජීවිතේ අර පාපතරයන් අතින් නාස්ති වෙලා යනවා නේද කියලා හිතපු කෙල්ල හයියෙන් ඇඬුවා. “අනේ තා..ත්..තී…. එදා ඔයා කියපු දේ ඇහුවනම් අද මට මෙහෙම වෙන්නෙ නෑ…. මගෙ කරුමෙ දෙයියනේ මේක… මට මහ ගොඩක් ආදරේ කරපු ඔයත් අද මගෙ ලඟ නෑ… මගේ කියලා කිසිම කෙනෙක් අද මාව ආරක්ශා කරන්න මගෙ ලඟ නෑ… අම්මා..තාත්තා… ඔයා… හැමෝම මගෙන් ඈතට ගිහින්… අනේ ඔයාලගෙ මේ දෝණි මෙහෙ අපා දුක් විඳිද්දි ඔයාලා මාව තනිකරලා ඇයි ඈතට ගියේ…. අනේ ඇයි මගෙ තාත්තී මට මෙහෙම උනේ…. අනේ ඇයි…???” ඒ අඳුරු කාමරේ මුල්ලකට වෙලා කෙල්ල ගොඩක් වෙලා ඇඬුවා. අහස් ගැන මතක් කර කර කෙල්ල ඇඬුවෙ.

“ආ කුමාරිහාමි… මොකද මේ හොටු පෙරාගෙන ආ… කඳුලු වැක්කෙරුවා කියලා උඹව බේරගන්න මෙතෙන්ට දෙවියොවත් එන්නෙ නෑ කෙල්ලෙ… අහසෙ දෙවියො නෑ… අපි තමයි දෙයියො මෙහෙ ඉන්න… මෙහෙ වරෙන් උඹේ දෙවියන්ව සතුටු කරපන් ඇවිත්…”ෙකපාරටම ටිකක් වැනි වැනි එතෙන්ට ආපු සඳුන් කෙල්ලව තමන් ලඟට ඇදලා ගත්තෙ හරියට පරඬැලක් ඇදලා ගන්නවා වගේ.

“අ…නේ…. ස..ඳු…න්…. ම..ට… ය…න්…න… දෙ..න්..න්..කෝ…. ම..ට… අ…මා…රු…යි…..” කෙල්ල කිව්වෙ අඬමින්.

“හරි හරී බං උඹේ අමාරුව අපි ඇරලා දෙන්නම් අද… ඒයි චමියා ඔය ෆෝන් එකේ කැමරාවත් ඔන් කරන් වරෙන් හු%# ඔන්ලයින් වැලක් වීඩියෝ කරන්න… ඔය සුද්දන්ගෙ එව්වා වගේද ඩෝ අපේ ඒවා බලන්න ආසාවෙ බෑනෙ…” එහෙම කියපු සඳුන් සඳසාවිව ඉඹින්න පටන් ගත්තෙ එතෙන්ට ආපු චමිල ෆෝන් එකකින් වීඩියෝ කරද්දි. තමන්ගෙ ආත්මෙම අද නිරුවත් වෙන බව දැනගත්තු සඳසාවි සඳුන්ගෙ කකුල් දෙක ලඟ වැඳ වැටුණා.

“අ..නේ… ස..ඳු..න්….”

“වහපිය බැල්ලි කට…”එහෙම කියපු සඳුන් තදින් පරක් කෙල්ලගෙ කම්මුලට ගැහුවා. ෆෝන් එකේ වීඩියෝ එක මාරුවෙන් මාරුවට යාලුවන්ගෙ අතට යද්දි අහිංසක කෙල්ලවත් අතින් අතට යන්න ගත්තෙ ඒ පාපතරයන්ගෙ පහත් ආශාවල් ඉෂ්ට කරගනිමින්. කෙලින් හිටන් ඉන්නවත් පණක් තිබුනෙ නැති කෙල්ලව ඒ ජරා අඳුරු කාමරේ ඇතුලෙ ඒ ජරාවට ගිය පොලොවෙ දිගා කරවගෙන පැය ගාණක් තිස්සෙ වෙරිමතෙන් හිටපු ඒ පාපතරයො විනාශ කරලා දැම්මෙ කිසිම හිතක් පපුවක් නැතුව.

“ඒයි සංදීපයා…!!!” සඳුන් කෑගැහුවෙ මේ කිසිම දේකට සහභාගි වෙන්නෙ නැතුව ඒ ගරා වැටුණු ගෙයින් එලියට වෙලා කල්පනා කර කර හිටපු සංදීප්ට. ඒත් සංදීප් ඒ හඬ ගාණකටවත් ගත්තෙ නෑ.

“තොගෙ කන් ඇහෙන්නැද්ද මූසලයො…?” සඳුන් ලඟටම ඇවිත් ඇහුවා.

“ඇයි සඳුන් අයියෙ..?”

“යමන් අපේ වැඩේ ඉවරයි.. උඹටත් ඕනෙ නම් ගිහින් අර බඩුවෙන් සතුටු වෙයන්… අද විතරයි මල්ලී ආයෙ නෑ…” සඳුන් කිව්වෙ ටිකක් අමුතු කටහඬකින් කියලා සංදීප්ට තේරුණා.

“අනේ බං අනිත් ඕන වැඩක්.. ඒත් ඔය සබ්ජෙක්ට් එකට මං එන්ටර් වෙන්නෙ නෑ.. ඊට වඩා හොඳයි අත පාවිච්චි කරනවා…”

“තෝ එහෙනම් අතක් කසාද බැඳගනින් පො%$යා…” එහෙම කියපු සඳුන්, සංදීප්ට පාරකුත් ගහලා එතනින් යන්න ගියා.

“හම්මේ… අදනම් ඇති තරම් සතුටු උනා බං මේකිගෙන්.. පුදුම සැපක්නෙ බං මේ කඳ… කැමැත්තෙන් එහෙම දුන්නා නම් තවත් මරු එකට තියෙයි…” අරක්කු වීදුරුවක් පුරවගන්න ගමන් සමිත් කිව්වා.

“මට නම් තවත් ආසයි බං.. කොහෙද වේ%ට පණ නෑනෙ බං…” චමිලත් කිව්වෙ බයිට් එකට තිබ්බ ඌරුමස් කෑල්ලක් කටේ දාගන්න ගමන්.

“හා හා වරෙල්ලා දැන් ඕකිව ඉවරයක් කරලා දාමු… නැත්තම් ඕකි අනිවා ගිහින් ගමටම අපි ගැන කියයි… මචං අර වහ බෝතලේ ගෙනෙන්…”එහෙම කියපු සඳුන් තමන්ගෙ යාලුවොත් එක්ක සඳසාවි වතිරිලා හිටපු කාමරේට ආවා.

“අඩේ බලපංකො බං සනීපෙට නිදාගෙන ඉන්න ලස්සන… අඩෝ නැගිටපන් හු%$#යෙ…” නැගිටගන්නවත් පණක් නොතිබ්බ සඳසාවිගෙ බඩට හයියෙන් පාරක් ගහපු සඳුන් කෑගැහුවා. යාන්තමට ඇස් ඇරලා බලපු කෙල්ල මොනාදෝ මිමිණුවා.

“ඒ මේකි මොනාද මන්දා කියෝනවා.. තව පොර ඉල්ලනවද දන්නෑ ටිකක් ලංවෙලා අහපන්…” නුවන් හයියෙන් හිනාවෙමින් කිව්වෙ කෙල්ලගෙ නිතඹ පයින් පාගන ගමන්. සමිත් සඳසාවිගෙ කට ලඟට ටිකක් ලංවුණේ මොනාද කියන්නෙ කියල අහගන්න.

“ව….තු…..ර…….”

“ඒයි මේකි වතුර ඉල්ලනවා… ඇයි බං අපි පොවපුවා මදි වෙලාද දන්නෑ…” එහෙම කියපු සමිත් හිණාවුනේ අනිත් එවුන්වත් හිනස්සමින්.

“හරි බං අපි මේකිට දැන් අමෲතය පොවමු ආයෙ තිබහක් ඇති නොවෙන්නම.. එකටම මේකිට ඇඳුම් අන්දපල්ලා.. අර වතුර බෝතලේ ගෙනත් ටිකක් ඇඟට දාපන් අරවා ටික හේදිලා යන්නම.. නැත්තම් වැඩේ ටිකක් අවුල් යයි…” සඳුන් කිව්වට පස්සෙ අනිත් එවුන් කලේ සඳසාවිව අමාරුවෙන් නැගිට්ටවලාෙතන තිබ්බ ලොකු වතුර බෝතලෙන් ඇඟ තෙත මාත්තු කරලා ඇඳුම් ටික අන්දපු එක. කෙල්ලගෙ මූණට වතුර වැටෙද්දි කෙල්ලගෙ දිවෙන් වතුර බින්දුවක් ගන්න හදද්දි චමිල කලේ කෙල්ලගෙ කට වහපු එක.

“හරි කුමාරිහාමි දැන් උඹට අමෲතය පොවන්න කාලෙ හරි… දැන් යමන් උඹේ දෙයියො හොයාගෙන… ඉඳා මේක බීපිය පට්ට වේ%…” එහෙම කියපු සඳුන් අනිත් එවුන් කෙල්ලගෙ කට ඇරන් ඉද්දි වස බෝතලේ තිබ්බ වස අන්තිම බිංදුව වෙනකල්ම සඳසාවිගෙ කටට හැලුවා. අනිත් එවුන් ඒවා කටෙන් පිටට යන්න නොදී අල්ලන් හිටියා. ඔක්කොම ටික කෙල්ලට පෙවුණට පස්සෙ සඳුන් ඇතුලු යාලුවො ටික උගුර අල්ලාගෙන දඟලන සඳසාවි දිහා බලන් හිටියෙ හ‍යියෙන් හිනාවෙවී. මේ හැමදේම සංදීප් දොර ලඟ ඉඳන් හැංගිලා බලන් හිටියත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. අන්තිමට දඟලලා දඟලලා අහිංසක කෙල්ලගෙ ශරීරය නිසල උනා. අන්තිම පාරටත් සඳසාවි දිහා බලපු සඳුන් ආයෙමත් ඒ පණ නැති මළ සිරුරට පයින් පාරක් ගැහුවෙ “පට්ට වේ$..” කියමින්.

***********************************************************************

“දෝ…….ණී………..!!!!!”

කෑගහගෙන ඇහැරුණ මං හයියෙන් හුස්ම ඉහළට පහළට දැම්මා.

***********************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.