Katha Ahura

දෝණී | 20 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#20 කොටස

ඒ පාලු, මූසල රාත්‍රියේ කැලෑව බිඳගෙන වේගයෙන් හති දමමින් ඉදිරියට දුවන තරුණයෙකි. හඳ යාන්තමට පායා තිබුණු ඒ අන්ධකාර රාත්‍රියේ ඔහු කෙසේ ඉදිරියට දිව්වාදැයි ඔහුවත් දන්නේ නැත. බොහෝ දුරක් දිවවිත් හොඳින් වැඩුණු පඳුරක් අසළ වාඩිවුණු ඔහු වේගයෙන් හති අරින්නට වූයේ බල්ලෙකු විලසිනි. ඒ අතර වටපිටාවට හොඳින් තම සවන් යොමු කලේ කිසිවෙකු තමන් පසුපස හඹා ඒදෝ යන සැකයෙනි. බස්සන්ගේ හුම් හඬවල් ඇහෙද්දි සිතට තැතිගැන්මක් දැනෙන විට ඔහු තම කලිසම් සාක්කුවට අත දැම්මේ ජංගම දුරකථනය පිටතට ගැනීමටය. නමුත් ජංගම දුරකතනය වෙනුවට ඔහුගේ අතට හසුවුණේ යම්කිසි තෙත දෙයකි. වහා අත ඉවතට ගත් ඔහු යාන්තමින් වැටී තිබූ හඳ එලියට අතට හසුවුණ දේ දෙස බැලුවේය.

“ආ..හ්..”

එකෙණෙහිම තම අත්ල මත තිබූ දෙය බිමට දැමූ ඔහු ඉවතට පැන්නේ දැඩිව තැතිගැන්මට ලක් වීය. තම අත්ල මත තිබුණේ ලේ තැවරී තිබුණු මිනිස් කණකි. අඳුරේ උවද යාන්තමට වැටුණු සඳ එලියෙන් ඒ මත තිබූ ලේ දිලිසෙන බව දුටු ඔහු ඊලඟ මොහොතේ කෑගැසුවේ දැඩි පිළිකුලෙනි. මිනිස් කණ පණුවන් ගොඩක් වී වැලි පොලොව මත විසිර යන්නට විය. ඒත් සමගම ඔහුට දැනුණේ ඔහුගේ වම්පස කණ ලඟින් දැඩි වේදනාවකි. කණ අල්ලා බැලූ ඔහුට දැනුණේ තම කණ එහි නැති බවකි. ඒ වෙනුවට අතට ආවේ කුණුවි දඟලන පණුවන් කීපයකි. හිතට දැනුණු බි‍යත් දැඩි පිළිකුලත් නිසාම පැත්තකට ගිය තරුණයා තම උගුර අල්ලාගෙන වමනය කරන්නට විය. පපුව අල්ලාගෙන මද වේලාවක් එතැනම සිටි ඔහු දැඩි ලෙස බියට පත්වූයේ ඈතින් මෙන්ම ලඟ ලඟම ඇසුණු බල්ලන්ගේ මූසල උඩු බිරුම් හඬ නිසාවෙනි.

“හහ් හහ් හහ් හා හා හා…..!!!”

තම කණ ලඟින්ම ඇසුණු ඒ වියරු හිනා ශබ්දයෙන් එකවරම ගැස්සී බියවූ තරුණයා බිම වැටි වැටී නැවතත් දුවන්නට වූයේ කෑගසමින් හඬමිනි.

“දුවපන්… හහ් හා හා…. උඹේ ඔය පණ තියෙනකල් දුවපන්…. අද උඹට මගෙ බේරිල්ලක් නෑ….”

පිටිපස්සෙන් ඇහුණු ඒ භයානක කටහඬට ඇඳන් හිටි කලිසමේම මුත්‍රා පිට වෙන තරම් බියවූ තරුණයා දුවන්නට වූයේ තම දෙකකුල් අතරින් උණුසුම්ව ගලන මුත්‍රා ගැනවත් නොසිතමින්. පෙනෙන තෙක් මානයක නිවසක් නොවූ ඒ අන්ධකාර රාත්‍රියේ තමන් දුවන්නේ කොයි දිශාවකටද කියාවත් සිතාගන්නට නොහැකිව හිස හැරුණු අතේ දුවන්නට වූයේ තම පණ බේරාගැනීමේ අරමුණින්.

“ආ…….හ්”

වේගයෙන් පිටට වැදුණු පහරක් නිසා විසිවී ගොස් අසළ වූ කටු පඳුරක් තුලට විසිවූ ඔහුගේ පිට දිගේ උණු ලේ දහරාවක් ගලාගෙන යන්නට වූයේ විශාල කැපුම් තුවාලයකිනි. පහරේ සැරකමට මෙන්ම ඒ වේදනාවෙන්ද කටු පඳුර තුලට වැටුණු හෙයින් එහි තිබූ කුඩා උල් කටු ශරීරය පුරාම ඇණීම නිසාවෙන්ද තරුණයා මරහඬ දෙමින් කෑගැසුවේ ජීවිතය යදිමිනි.

“ම..ට… ය..න්..න… දි..ය..න්… ය…කෝ….! මා…ව… ම..ර..න්..නෙ..පා….. ව..ඳි…න්..න..ම්….”

කටු පඳුරෙන් පිටතට පැමිණි තරුණයා වේදනාවෙන් ඇඹරෙමින් බිම දණගසාගෙන වෙවුලන දෑත් එකතු කරගෙන කෑගැසුවේ හඬමිනි. මුහුණේ තැනින් තැන ඇනුණු කටු නිසා තුවාල වලින් ගැලූ ලේ ඔහුගේ දහදිය හා කඳුලු සමග එක්වී වියලි පොලොවට වැටුණි.

“හහ් හහ් හා හා…. දුවපන්… මං උඹට ජීවිතේ දෙන්නම් දුවපන්….”

තමන් ඉදිරියෙ සිටින ඒ රුව දෙස ඇස් ඔසවා බැලීමට පවා බිය වූ තරුණයා අමාරුවෙන් නැඟිට නැවතත් දුවන්නට ගත්තේ මරු විකල්ලෙනි. යාන්තමට සිහිනෙන් මෙන් ඈතින් ආලෝකයක් දුටු ඔහු එදෙසට දුවන්න ගත්තේ දින ගණනකින් කුසට අහරක් නොමැතිව සිට පාන් කෑල්ලක් දුටු පොඩි එකෙකු මෙනි. නමුත් ඔහුට මීටර් සියයකට වඩා දුවන්නට නොහැකි විය.

“බුදු අම්මෝ…!!”

ඉහලට එසවී ගිය තරුණයා වැදුණේ විශාල මාර ගසකය. ගසේ වැදී බිමට වැටුණු ඔහුගේ හිස තදින් ගලක වැදුනෙන් ඔහු සිහිමද ගතියට පත්විය. ඇස් දෙක පියවෙත්ම යාන්තමට පෙනෙන්නට වූ දසුන නිසා දැඟලූ ඔහු නැවතත් නැගිට ගත්තේ පිස්සුවෙන් මෙනි. වටේටම අතපය සොලවා කෑගසන්නට වූ ඔහු කෑගැසීම මධ්‍යයේ හඬන්නටද පටන් ගත්තේය.

“උඹ මැරුණා වේ$යේ… උඹ කොහොමද ආයෙමත් එන්නේ….. නෑ…නෑ…නෑ…. උඹ මැරිලා…. ප..ල..යා..න්…. මෙතනින් පලයා….න්”

“හහ් හහ් හහ් හා හා…!! ඔවු මං මැරිලා තමයි… මතකද… මතකද… උඹලා එකතුවෙලා මාව මැරුවා…??? මතකද උඹලා එකතු වෙලා මගෙන් හොඳට සතුටු උනා….??? හහ් හා හා… අද මං උඹෙන් සතුටු වෙනවා…. ඒ නිසා පණ බේරගෙන දුවපන්…. හහ් හා හා හා….!!”

රත්පැහැ ගැන්වී ඇති ඒ ඇස් දෙස එකවරක් පමණක් බැලූ තරුණයා මරහඬ නැගුවේ තමන් මුලු ජීවිත කාලයටම එවැනි භයානක මුහුණක් දැක නොතිබූ නිසාවෙනි. වචනයෙන් විස්තර කල නොහැකි තරමේ භයංකර මුහුණක් තිබූ ඒ ආත්මය ඔහු ලඟට මදක් ඇදී එත්ම නැවතත් ඔහු දුවන්නට ගත්තේ පණට ඇති ආදරය නිසාය. ඈතින් පෙනෙන නිවසක් දුටු තරුණයා එහි ඉදිරිපස දොරටුව විවර වී ඇති බව දැක ඒ දෙසට දිව්වේ හිතට පුංචිම හෝ සැනසිල්ලක් දැනෙද්දිය. එහෙත් තමා ඒ දොරටුවෙන් ඇතුල් වූ මෝඩකම කියා සිතෙද්දී ඔහු පරක්කු වැඩිය. වේගයෙන් ඉහලට එසවී ගිය ඔහු විශාල සාලයක් මැදින් විසිවී ගොස් අන්ධකාරය පිරුණු කාමරයක් තුලට ඇද වැටුණි. එලෙස වැටීමේදී එක දණහිසක් සිමෙන්ති පොළවේ තදින් වැදුණු නිසා එය පැලී ඔහුට දරුණු වේදනාවක් ගෙන දුන්නේය.

“බුදු අම්මෝ…. මා…ව… බේ..ර..ග..න්..න… ක..වු..රු..ත්… නැ..ද්..දෝ…..” ඒ අඳුරු මූසල කාමරය තුල වේදනාවෙන් පිරුණු ඔහුගේ කටහඬ එහි දෝංකාර දෙමින් තමන්ටම ඇසුණා මිස කිසිවෙකුට එය ඇසුණේ නැත.

“එන්නකෝ…… මාව සතුටු කරන්න…. එන්නකෝ මගෙ ළඟට…..”

තම හිස වටේට හීනෙන් මෙන් ඇසුණ ඒ මිහිරි හඬින් වේදනාවෙන් සිටි තරුණයාගේ සිතේ කිසියම් ආශාවක් ඇති කලේ ඔහුගේ වේදනාව මදකට අමතක කරමින්.

“ආ………….හ්……… එ….එ…..පා……….. අ….ම්…ම්….මෝ……..!!!!!”

වේදනාවෙන් දැඟලූ ඔහු තම ලිංගික ප්‍රදේශය අල්ලාගෙන කෑගහන්නට වූයේ එතැනින් ගලාගෙන ගිය ලේ වතු‍ර පයිප්පයක් හැරියා සේ ඒ සීතල ජරා වූ පොළොවට ඇද හැලෙන්නට විය.

“හහ් හහ් හහ් හා හා….!!! උඹට දැන් ඕකෙන් වැඩක් නෑ… මැරෙන්න ඉන්න එකෙකුට ඕක මොකටද… හහ් හහ් හා….!!!” කාමරය පුරාම දෝංකාර දුන් ඒ හඬින් වේදනාවෙන් සිටි තරුණයාගෙ සිතට කෝපයක් එක් කලත් මිය යාමට තරම් දැනුනු වේදනාව ඔහුට දරාගත නොහැකි විය. තම ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම නැති බව ඔහුගේ අත් වලට දැනුණේ සිතේ වේදනාවද උපරිමයට නංවමිනි.

“උ..උ..ඹ… ඇ…ඇ..ඇ..යි… ම්..මෙ..හෙ..ම… ක්…ක..ර..න්…නෙ… ම..ට….”

“මං උඹලගෙන් එදා මාව අතාරින්න කියලා කකුල් දෙක ලඟ වැඳ වැටි වැටි ඉල්ලුවා මතකද…? උඹලා මාව අතෑරියද…. නෑ…… උඹලා කලේ කෙලින් හිටගන්නවත් පණක් තිබ්බෙ නැති මට සතෙකුටත් අන්ත විදිහට බැන බැන උඹලගෙ පුරුශ ශක්තිය පෙන්නපු එක… මාව මාරුවෙන් මාරුවට දූශණය කරපු එක… උඹලා එදා මගෙ ගැන ටිකක්වත් හිතුවද යකෝ…. උඹලට මාව පෙණුනෙ සෙල්ලම් බඩුවකටත් එහා දෙයක් ගාණට… උඹට මතකද මං වතුර ටිකක් ඉල්ලද්දි උඹ මට කියපු දේ….? මතකද අරූ මට බලෙන්ම වස පොවද්දි උඹ මගෙ කට මිරිකගෙන හිටපු හැටි…?? මතකද යකෝ මතකද….???”

එසේ කියා කෑගැසූ ඒ ආත්මය තරුණයාගෙ කට ඇතුලටම උගුරටම යනකල් එබුවේ ඔහුගේම ලිංගේන්ද්‍රියයි. කොපමණ දැඟලුවත් ඔහුට ගැලවීමක් තිබුණෙ නෑ. ඔහුගේ ශරීරය පුරාම ලේ වලින් නැහැවී පෙඟී ගිය අතර ඔහු වේදනාවෙන් දඟලමින් කෑගැසීමට උත්සාහ කලත් උගුරෙහි සිරවී තිබුණු ඔහුගේම ලිංගේන්ද්‍රිය නිසා හඬක් පිටතට පැමිණියේ නැත.

“මේ කාමරේ බිත්ති හතර මැද්දෙ උඹලා මාව එදා කොච්චර නම් අසරණ කලාද..? ඒ හැමදේම වෙලත් ජීවත් වෙන්න අන්තිම ආසාවක් හිතේ තිබ්බත් උඹලා කලේ මාව මරලා දාපු එක… ලස්සනට තිබ්බ මගෙ ජීවිතේ අපායක් කලේ උඹලා… මගෙ අහිංසක බලාපොරොත්තු සේරම උඹලා නැති කරලා දැම්මා… මරණවා මරණවා උඹලා හැමෝවම මං මරලා ලේ බොනවා…!!!”

තරුණයාව ඒ අඳුරු කාමරය තුල එහාටත් මෙහාටත් බිත්ති වල තදින්ම වදින්නට වූයේ සිතාගත්ත නොහැකි අන්දමේ වේගයකිනි. වේදනාත්මක කෙඳිරිලි හඬ කිහිපයකින් පසු ඔහුව බිමට ඇද වැටී බිම දිගේ ඇදී යන්නට වූයේ අදිසි හස්තයකින් ඇදගෙන යන්නාක් මෙනි. එයට විරුද්ධ වීමට තබා අතක් පයක් සොලවා ගන්නටවත් ඔහුට නොහැකි වූයේ ඒ සියල්ලම කෑලි කෑලි වලට කැඩී තිබුණු බැවිනි. දැනුණ දැඩි වේදනාව නිසා හැඬුණත් දැන් හැඬෙන්නට කඳුලුත් නැත. ඇදී ගිය ඔහුව විසිවූයේ ඒ පාලු නිවසින් පිටතටය.

“අ….න්….නේ….. අ…ම්..ම්..ම්…මේ…..”

අමාරුවෙන් වචන පිට කල තරුණයා ඉතාමත්ම අපහසුවෙන් ඇසිපිය හෙලුවේ දෑස් පවා ලේ වලින් පෙඟී තිබූ නිසාය.

“දැන් ලෑස්ති වෙයන් අපායට යන්න… උඹලා වගේ පවුකාරයො මේ ලෝකෙට ලොකු සාපයක්… මැරිලා පලයන්…!! හහ් හහ් හහ් හා හා…!!!”

කුරිරු ලෙස සිනාසුණු ඒ ආත්මය ඔහුගේ දෑස් මානයට විත් ඔහු දෙස බලමින් වියරු ලෙසින් නැවතත් සිනාසෙන්නට විය. අන්තිම වතාවට යාන්තමට වැටුණු සඳ එලියෙන් ඔහුගේ දෑසට හසුවූයේ තමා දෙසට ඇදී ආ විශාල නාගයෙකු පෙනය පුප්පාගෙන ඔහු දෙස බලා සිටින ආකාරයයි. තමාගේ අවසානය ලඟා වී ඇති බැව් තේරුම්ගත් ඔහු දෑස් පියාගත්තේ නාගයා ඔහුට දිගින් දිගටම දෂ්ට කරද්දිය. මෙලොව ඇති විශාලම වේදනාව විඳි තරුණයා තම අන්තිම හුස්ම වාතලයට මුසු ක‍රද්දි ඒ දෙස බලා සිටි ඒ ආත්මය සැනසීමෙන් සිනාසෙමින් සිටියේ‍ය.
***********************************************************************

“අම්මා කොත්තමල්ලි නැද්දෝ…. හෙම්බා හැදිලෝ… හාච්චින්…!! අම්මෝ… අම්මා…”

මං උදෙන්ම කෑගහගෙන කුස්සියට ගියේ මට හොඳටම හෙම්බිරිස්සාව හැදිලා තිබ්බ නිසා. මං යද්දි කට්ටියම කුස්සිය ඇතුලෙ කයියක් දාගෙන හිටියෙ.

“මොකෝ ළමයො මේ බෙරිහන් දෙන්නෙ..? මගෙ කන් ඇහෙනවා තාම මං එච්චරම නාකි නෑ තේරුණාද…?” අම්මා කියද්දි නංගිට බකස් ගාලා හිනා ගියේ. කාලෙකට පස්සෙ ගෙදර අය සැහැල්ලුවෙන් හිනාවෙනවා දකිද්දි මගෙ හිතට දැනුණෙ ලොකු සැනසීමක්.

“මොකෝ හිනාවෙන්නෙ..? අම්මා නාකි නෑ වයසට ගිහින් මිසක්…” තාත්තා විහිලු කරද්දි අම්මා අතේ තිබ්බ පීරිසියෙ තිබුණු වතුර ටිකෙන් තාත්තට දමලා ගැහුවා.

“අපෝ මේ නාකි ගැටිස්සිට යන තරහක් අම්මපා…” එහෙම කියපු තාත්තා හයියෙන් හිනාවෙන්න ගත්තා.

“අප්පෝ ඔව් ඔව් පේන්නෙ නැද්ද කොණ්ඩෙත් ඉදිලා නාකිවෙලා තියෙන්නෙ කවුද කියලා… මේ හමත් රැලි වැටිලා…” අම්මත් පරාද වෙන්න කැමති නෑ.

“හූ හූ තාත්තී…” නංගි තාත්තට හිනාවුණා.

මේ විදිහට අපි ගොඩක් වෙලා විහිලු කර කර හිටියා. ඒ අතරෙ තාත්තා කුස්සියෙ සෙට් කරලා තිබ්බ ටී.වී එක දැම්මා. එකට එක කිය කිය විහිලු කර කර හිටපු මමයි නංගියි ඒක නතර කලේ එක චැනල් එකක ගිය බ්‍රේකින් නිව්ස් එකක් දැකලා.

“ඊයේ රාත්‍රියේ හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුමකින් මුලු ප්‍රදේශයම දැඩි කැළඹීමකට ලක්ව ඇතැයි ඒ ප්‍රදේශයේ අප මාධ්‍යවේදියෙකු වන ජගත් පෙරේරා අප වෙත තොරතුරු ලබා දෙමින් පවසා සිටිනවා… මෙලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වාසය කළ විසි හය හැවිරිදි වියේ පසුවූ සමිත් තිලක්ශණ මොරායස් යන තරුණයෙක්… ඊයේ රාත්‍රියේ සිට නිවසට නොපැමිණි නිසා ඔහුගේ පවුලේ උදවිය හා අසල්වාසීන් විසින් සොයාබැලීමේදී කැලෑබද නිවසක් අසළ වැටී තිබූ ඔහුගේ මළසිරුර සොයාගෙන තිබෙනවා… කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් ඉතාමත් දරුණු ආකාරයකට කල පහරදීම් නිසාවෙන් හා කපාකොටා දැමීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි සැක කරන බව හලාවත පොලිසිය පවසා සිටිනවා. මේ ගැන වැඩිදුර දැනගැනීමට අපගේ රාත්‍රී හත පුවත් විකාශය නරඹන්න… මෙන්න ඒ පුවත නැවතත්…….”

“අම්මෝ මේ වෙන දේවල් නම්.. මේ රටේ තත්ත්වෙ නම් එන්න එන්නම දරුණු වෙනවා… තව ඉස්සරහට මේකත් ජීවත් වෙන්න සුදුසු නැති රටක් කරයිද දන්නෙ නෑ ජාත්‍යන්තරයෙන්…” ඒ දිහා බලන් හිටපු අම්මා කිව්වා.

“ඒකනම් ඇත්ත තමයි අම්මෙ… ඒකනෙ මං ඔයාලට කියන්නෙත් මෙහෙ දේවල් අතෑරලා ගිහින් සුදු අයියා එක්ක ඇමරිකාවෙ ජීවත් වෙමු කියලා… කොහෙද ඉතින් ඔයාලා අහන්නෙ නෑනෙ ඉතින් මේවම බදන් ඉන්නවා මිසක්…”

“එහෙම කියන්නෙපා චූටි දූ… මේක අපේ රට.. අපිට මේ ලෝකෙන් අපේ රට කියලා ඉතුරු වෙලා තියෙන්නෙ මේක විතරයි… අපේ ජාතියට වෙන කොහෙවත් ඉඩක් නෑ… මේ පොඩි පොඩි දේවල් උනා කියලා මේ රට අතෑරලා යනවනම් ඒක මහ මෝඩකමක්… පේනවනෙ අයියා උනත් ආයෙ ආවෙ යන්නෙ නෑ කියලා හිතාගෙනනෙ.. මෙයා ඒකෙ අනිත් පැත්ත…” තාත්තා ඉතින් එයාගෙ ජාතිය ගැන තියෙන කැක්කුම එලියට දැම්මා.

“නෑ සුදූ අපි කොච්චර මෙහෙ හොඳ නෑ කියලා වෙන රටකට ගිහින් සැප වින්දත් අපිට දවසක හිතෙනවා අපේ රටට යන්න තිබ්බනම් කොච්චර එකක්ද කියලා… ආයෙ එන්නෙම නෑ කියලා ගිය මාත් ආවෙ ඒ නිසයි… මොනවා උනත් අපේ මිනිස්සු, අපේ රට තරම් කිසිම දෙයක් අපිට සෙට් වෙන්නෙ නෑ… ඔයාට ඒක තේරෙන්නෙ එහෙම ගිහින් හිටියම…”

“හරි හරි අපි ඒක ගියදාක බලමුකො.. හ්ම්…”

මටත් ගස්සලා නංගි එතනින් යන්න ගියේ හුරතල් විදිහට හිනාවෙලා. එයා ගියාට පස්සෙ ආයෙමත් පෙන්නපු අර නිව්ස් එක දිහා තවත් සැරයක් බලපු මං එතනින් එන්න ආවෙ මොකක්දෝ අමුතු සතුටක් මගෙ හිතට දැනෙද්දි. කුස්සියෙන් එලියට ආපු මං ගාඩ්න් එකට ගියේ මංවත් නොදන්න අමුතුම හිනාවක් මගෙ තොල් අතරින් ඇඳිලා යද්දි.

***********************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.