Katha Ahura

දෝණී | 21 කොටස | හොල්මන් කතා |

5/5 - (1 vote)

#21 කොටස

මිතුන් සම්පූර්ණයෙන්ම හොඳ උනාට පස්සෙ දවසක අපි සෙට් එකම අපේ ගෙදර කාඩ් සෙල්ලම් කර කර හිටියෙ ගොඩක් සැහැල්ලුවෙන්. කිසිම අමුතු දෙයක්වත්, භූත බලපෑමක්වත් අඩුමතරමෙ මට නරක හීනයක්වත් පෙනුනෙ නෑ. හැමෝම වෙනදා වගේම සැහැල්ලුවෙන් කාලෙ ගත කලේ පහුගිය දවස් වල වෙච්ච දේවල් ගැන විහිලු කර කර.

“කොහොමහරි මුගෙ කලින් කෙල්ල තොට ජීවිතේටම මතක හිටින පාඩමක් උගන්නලා ගියා නේ මිතුනෝ…?” ඉසුරුවා මිතුනට විහිලු කලා.

“පල බිං ඌරො මමනෙ දන්නෙ එදා වෙච්ච දේ… මං හින්දම හොඳයි තෝ එහෙම දැක්කමනම් තොට කලිසමේ හුජ්ජ ගිහින් මැරෙන්නෙ…” මිතුනත් ගේම අතෑරියෙ නෑ. උගෙ කතාවට අපිට හිනා යද්දි මං ඇහුවෙ මොකද ඇත්තටම එදා උනේ කියලා.

“ශුවර් එකටම උඹ ඒ දවස්වල ඒකිට මුට හොරෙන් ලයින් කරන්න ඇති…” චාමරයා මැද්දට පැන්නා.

“පනින්නැතුව ටිකක් හිටපන්කො ඇට ගෙම්බො… හොල්මන් කතාවක් අහගන්න යන්නෙ අපි…” මං කිව්වෙ චාමරයව ටිකක් තල්ලු කරන ගමන්. ඒත් මංවත් නොහිතපු විදිහට ඌව පුටුවත් පෙරළගෙන බිමට පත බෑ උනේ අනිත් එවුන් හයියෙන් හිනාවෙද්දි.

“තොට පිස්සුද හු^%$ ??” අරූ කුණුහරපයක් කියාගෙනම නැගිට්ටෙ.

“අඩේ මං හෙමින්නෙ තල්ලු කලේ උඹව… උඹ හිතලමද කොහෙද වැටුනෙ…”

“කොහෙද බං හෙමින් තල්ලු කලා වෙන්නෙ..? උඹ නිකන් යෝධ ශක්තියක් ඇවිත් වගේනෙ තල්ලු කලේ මාව බිමට වැටෙන්නම.. මේ බලපිය අතත් සීරුණා ගොං ප%යා…” චාමරයා මට බැන බැන අතත් අල්ලගෙන ආයෙමත් මට ටිකක් එහායින් ඉඳගත්තෙ හරියට මං ඌව ආයෙමත් වට්ටයි හිතලා වගේ.

“හරි හරි බං සොරි… ඉඳින් මං ඕකට දාන්න බෙහෙත් ටිකක් අරන් එන්නම්…” එහෙම කියපු මං ගේ ඇතුලට ගිහින් බෙහෙත් පෙට්ටියත් අරන් ආපහු උන් ලඟට යද්දි මට ඇහුණු කතාවක් නිසා මං එතනම නැවතුනේ ඒකට ඇහුම්කන් දෙන්න.

“නෑ නෑ බං මාත් දැක්කනෙ උගෙ හැසිරීම වෙනදට වඩා අමුතුයි… ඇස් දෙක දිහා බලපංකොූ නිකන් ඉන්නෙ හඳට ගිහින් වගේ…” ඒ ආවෙ මිතුන්ගෙ හඬ. මේ කතාවෙන්නෙ මං ගැන කියලා තෙරුම්ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

“ඒක නම් උගෙ තල්ලුවක් වෙන්න බෑ බං… අනික මාත් දැක්කනෙ ඌ නිකන් මේ වගේ පොඩි තල්ලුවක් දැම්මෙ… මූව බිමට වැටෙන්න කොහොමත් විදිහක් නෑ ඒ තල්ලුවට…” ඉසුරුවා කිව්වා.

“මට ඒක හොඳටම තේරුණා බං… බර දාලා ආපු තල්ලුවක් ඒක… මෙතන සිමෙන්ති පොලවෙ ඇදකුත් නෑනෙ බං පුටුවක් පෙරලෙන්න තරම්වත්… මූට අරකි වැහිලද දන්නෑ නේ බං…?” චාමරයා එහෙම කියලා හිනාවුණා. මං තවත් ඉන්නැතුව එතෙන්ට යද්දි උන් මාව දැකපු නිසා කතාව නැවැත්තුවා.

“මොකෝ බං මං එද්දිම කතාව නතර කලේ..? උඹලා මට විරුද්ධව කුමන්ත්‍රණයක්වත් කලාද…?”

“නෑ බං අපි මේ කතා උනේ උඹට යකෙක්වත් වැහිලද කියලා…” චාමරයා ඇත්තම කිව්වෙ විහිලුවෙන් වගේ.

“ඔවු ඔවු හිටපන් ඊලඟට මං උඹේ බෙල්ලයි මිරිකන්නෙ…”

“බෙල්ලම මිරිකපන් වෙන කොහෙවත් නැතුව ඈ…”

“උඹේ ඉතින් මිරිකන්න තියෙන්න එපැයි… හා හා…” ඉසුරුවා කියද්දි මායි මිතුනයි කෑගගහා හිනාවුණේ චාමරයගෙ මූණ ගල් රෝලට යටවුණ දොඩම් ලෙල්ලක් වගේ වෙද්දි.

යාලුවො ටික එක්ක ඔය විදිහට සැහැල්ලුවෙන් එදා දවස ගත කරපු මං එදා නිදා ඇඳට වැටුණ ගමන් නින්ද ගියේ මටවත් නොදැනිම. තද නින්දක හිටපු මට දැණුනෙ කාගෙහරි ඇඟිලි මගෙ කොණ්ඩෙ අතරින් හරිම සනීපෙට යනවා. එකපාරටම ඇස් ඇරපු මං අන්ධකාරය අස්සෙන්ම ඉස්සිලා වටපිට බැලුවෙ කවුද මගෙ ලඟ ඉන්නෙ බලන්න. ඒත් කිසිම කෙනෙක් ඉන්න බවක් දැනුනෙ නම් නෑ. ලොකු හුස්මක් අරන් පිට කරපු මං ආයෙමත් කොට්ටෙට ඔලුව තියද්දිම මට ඇහුණෙ පහළ තට්ටුවෙ මොනාහරි වැටෙන සද්දයක්. ඒ වගේම සාලෙ ලයිට් එකත් පත්තු උනා කියලා දැක්කෙ දොරට යටින් එලියක් වැටුණු නිසා. ඇඳෙන් බැහැපු මං පහළට ගියේ මොකද වෙන්නෙ බලන්න. අම්මපා මටත් වෙන වැඩක් නෑ වගේනෙ කියලා මටම හිතුණා.

“නංගී…” මං පඩිපෙල උඩ ඉඳලා කතා කලේ ජනේලෙකින් එලිය බලන් මට පිටිපස්ස හරවන් හිටිය නංගිට. එයා මොකක්දෝ දිහා ලොකු උනන්දුවකින් බලන් ඉන්නවා කියලා මං දැනගත්තෙ මං කතා කරපු එක එයාට ඇහුණෙ නෑ කියලා තේරෙද්දි. “නංගී…!”

“අ…අ..ම්…මෝ….!!” පිටිපස්ස හැරුණ එයා එකපාරටම මාව දැකපු නිසාද කොහෙද කෑගැහුවා. ඒ සද්දෙට මාවත් ගැස්සිලා ගියේ අම්මයි තාත්තයි දෙන්නත් කාමරේ දොර ඇරන් එලියට එන ගමන්.

“දුව… සුදූ මොකද මේ බයවෙලා වගේ..?” අම්මා නංගි ලඟට ගිහින් එයාව හොල්ලලා අහද්දි මාත් එයා ලඟට ගියා.

“අ..අ..අ..යි..යා… එ..එ..ලි..යේ….” නංගි ගොත ගැහුවෙ මං දිහා බයවෙලා වගේ බලාගෙන.

“අයියා මේ ඉන්නෙ දුව.. ඔයා මොකද මේ මහ රෑ මේ සාලෙට වෙලා කරන්නෙ..? අනික මොකද මේ බයවෙලා වගේ..? මොනාහරි දැක්කද…?” තාත්තා නංගිගෙ ඔලුව අතගාන ගමන් ඇහුවා. නංගි තාත්තගෙ අත බදාගත්තා.

“න්..නෑ… මං නිදාගෙන ඉද්දි මට ඇහුණා කවුදෝ සාලෙ ඇවිදින සද්දයක්.. ඒත් ඒක නැතිවුණා ටිකෙන් ටික.. ඉතින් මං හිතුවෙ ඔයාලා කවුරුහරි කියලා.. වතුර ටිකක් බොන්න යද්දි මගෙ ජග් එකේ වතුර ඉවර වෙලා… ඒ නිසා මං දොර අරිද්දිම දැක්කෙ සාලෙ මැද්දෙන් අඳුරෙම අයි‍යා ඉස්සරහා දොර ලඟට යනවා.. අතේ තිබ්බ ජග් එක වැටුණෙ එයාව දැකලා ගැස්සුණ නිසා… අයියා ඉස්සරහා දොර ඇරන් එලියට යනවා දැකපු නිසා මං සාලෙ ලයිට් එක දැම්මෙ එයා නින්දෙන්වත් ඇවිදිනවද බලන්න… ඒත් මට දොර ඇරගන්න බැරි උනේ ඒක ලොක් කරලා නිසා.. අනික යතුරත් නෑනෙ අරින්න.. අයියා කොහෙද යන්නෙ කියලා බලන්න එලිය බලන් ඉද්දි එයා ගියේ අපේ ගාඩ්න් එකේ තියෙන ඔංචිල්ලාවට… ඒත් එක්කම තමයි අයියා මට පිටිපස්සෙන් ඉඳන් කතා කලේ… එතකොට මං බය උනා… ඒ..ඒ..ත් අර එලියෙ හිටියෙ අයියා නෙමෙයිද…??” නංගි කියන් ගියෙත් මගෙ දිහා බයෙන් වගේ බලබල. මං එයාගෙ අතින් අල්ලගත්තෙ බය නැති වෙයිනෙ කියලා. ඒත් එයා මගෙ අත ගලවගත්තෙ හරියට මං එයාව අරන් යන්න ආපු යකෙක් වගේනෙ. තාත්තා මාවත් එක්කගෙන ගෙයින් එලියට ගිහින් අපි දෙන්නම ටිකක් වටේ සෝදිසි කලේ හොරෙක්වත් ආවද දන්නෑ කියලා. ඒත් ඉතින් අයාලෙ යන බල්ලෙක් ඇරෙන්න වෙන මොකෙක්වත් එලියෙ හිටපු බවක් පේන්න තිබ්බෙ නෑ. අනික ඒ අඳුරෙ අපේ වත්තෙ කොහෙ කියලා හොයන්නද. මායි තාත්තයි නංගිට බැන බැනම ඇතුලට ගියා.

“එලියෙ නම් මොකෙක්වත් පේන්නවත් නෑ… ඒත් පුතා කොහොමද ලොක් කරපු දොරෙන් එලියට යන්නෙ..? අනික යතුර තිබ්බෙත් මගෙ ලඟනෙ…” තාත්තා ඇහුවෙ එයා අතේ තිබ්බ ටෝච් එක පැත්තකින් තියන ගමන්.

“පිස්සුද තාත්තෙ..? මං මේ මර නින්දෙ හිටියෙ… හීනයක්ද කොහෙද දැකලා මට ඇහැරුණාම තමයි මොකක් හරි බිමට වැටුණ සද්දෙට මං ටිකක් බලන්න ආවෙ… ඒ එද්දි තමයි මේ හොල්මන එලිය බලන් හිටියෙ වශී වෙලා වගේ… බයගුල්ලි…”

“අනේ යනවා මෝඩයෝ…. අන්නේ… අම්මා…..” නංගි කෑගැහුවෙ මං එයාගෙ කොණ්ඩෙන් විහිලුවට වගේ ඇදපු නිසා.

“ආ ආ මොකද මේ රෑ ජාමෙ බෙරිහන් දෙන්නෙ ළමයො පිස්සුද…? කෝ මෙහෙ එන්න අර ආසිරි පැන් ටිකක් බීලා ඔරසමක් කියලා නිදාගන්න යන්න… රෑ තිස්සට ඇහැරගෙන හොල්මන් කරනවා අපිටත් නිදාගන්න නෑ…” අම්මා නංගිට බැන බැන එයාවත් ඇදන් එතනින් යද්දි මං එයාට ඇද කලා.

“ඒක තමා මොකට ඇහැරෙනවද මන්දා මෝඩි… ශුවර් එකටම කොල්ලෙක් ආවද දන්නෙ නෑ රෑ ජාමෙ බලලා යන්න…”

“බූරුවා…!!!” නංගි හෙන ඇඬෙන මූඩ් එකකින් ඉඳන් කෑගැහුවෙ මායි තාත්තයි හිනාවෙවී එයා දිහා බලන් ඉද්දි.

තාත්තා ආයෙමත් දොර ටිකක් චෙක් කරලා සාලෙ ලයිට් එකත් ඕෆ් කරලා යන්න කියලා මට කියලා එයත් නිදාගන්න ගියේ නංගි ගැන කියලා විහිලු කරලා. එයා ගියාට පස්සෙ සාලෙ ලයිට් එක ඕෆ් කරපු මං නංගි බලන් හිටපු ජනේලෙ ගාවට ටිකක් ගිහින් බැලුවෙ වත්තෙ මොකක් හරි හෙලවීමක්වත් තියෙනවද බලන්න. ආපු හොරෙක් හැංගිලා ඉඳලා යන්නවත් නැගිටියිද දන්නෑනෙ. විනාඩි පහක් විතර බලලා මොකෙක්වත් නැති නිසා මං ආයෙමත් මගෙ කාමරේට ආවෙ පෝස් කරපු නින්ද අයෙ කන්ටිනියු කරන්න.

************************************************************************

“කොහෙද බබා ඔයා ඉන්නෙ…? මං ඕෆ් වෙලා පැය බාගෙකටත් වැඩියිනෙ.. බලන්න දැන් හතටත් කිට්ටුයි… ඉක්මණින් එන්නකො අනේ…” ජංගම දුරකථනයේ එහා පසින් ඇසුණු ඒ මිහිරි හඬට යතුරු පැදියේ වේගය වැඩි කල චමිල තම වම් අතෙහි වූ අත් ඔරලෝසුව දෙස බැලුවේය.

“හරි පැටියො තව විනාඩි පහෙන් ඔතන… මේ එන ගමන්නෙ ඉතින්… මං තියනවා උම්මා…” එසේ පැවසූ ඔහු දුරකථනය විසන්ධි කර කලිසම් සාක්කුවේ ඔබා ගත්තේය. පණහට තිබූ වේගය හැටත් පැන වේගයෙන් යතුරු පැදිය ඉදිරියට පැදවූ ඔහු අඬ අඳුරේ දුටුවේ පාර හරහා එක්වරම පනින රුවකි.

“ආ….හ්”

ඉදිරිපස තිරිංග තද වූ නිසා පැමිණි වේගයට යතුරු පැදියෙන් ඉවතට විසිවූ ඔහු මාර්ගය අයිනේ තිබූ මදක් විශාල පතොක් ගස් පඳුරක් කඩාගෙන කැලය තුලට වැටෙද්දී යතුරු පැදිය බොරළු පාරේ පෙරලී ගොස් අසල වූ කාණුවට වැටුණේ පාරේ යන කිසිවෙකුට එය නොපෙනෙන අයුරිනි.

“අම්මෝ… ආ…යි”

පතොක් ගසේ කටු ඇනීම නිසා වේදනාවට පත්වූ චමිල කෑගසන්නට විය. අඳුරුවූ තිබූ අවට පරිසරය තවත් අඳුරු වෙද්දී මාර්ගයේද කිසිදු එලියක් නොමැති වූ හෙයින් හෙතෙම තමාගේ ජංගම දුරකථනය අතට ගැනීමට සාක්කුවට අත දැම්මේය. එහෙත් එය එහි නොවීය. වේදනාවෙන් කෙඳිරි ගාමින් අඳුරේ අතපත ගෑවද එය සොයාගත නොහැකි වූ තැන ඔහු කෑගැසුවේය. ශරීරය පුරාම පතොක් කටු ඇනී ඇති බව තේරුණේ කොතැන ස්පර්ශ කලද එතැන කටුවක් ඇනී වේදනා ගෙන දුන් නිසාය. මාර්ගය දෙසට යන්නට සිතමින් ඉදිරියට පියවරක් තැබුවද වම් පාදයෙන් ආ දැඩි වේදනාව නිසා ඔහු එතැනම වාඩි වුවද ආපසු නැගිට්ටේ පිටුපසද කටු ඇනී වේදනා දුන් නිසාවෙනි.

“මොන කරුමයක්ද දෙයියනේ මේ…???”

තමාටම කියාගත් චමිල උදවු එල්ලමින් කෑගැසුවද ඔහුගේ අවාසනාවට මෙන් කිසිවෙකු එවෙලේ එම මාර්ගයේ ගමන් ගත්තේ නැත. හිතට ධෛර්‍ය ගත් ඔහු නැවතත් කොර ගසමින්ම මාර්ගය වෙත යාමට උත්සාහ ගත් අතර යාන්තමට කැලයෙන් එලියට විත් මාර්ගයට ගොඩ වීමට කන්ද නැග්ගා පමණි.

“අ..ම්..මේ…හ්..!!”

මාර්ගය මත සිටි කිසිවෙකුගේ ඉතාමත් දැඩි පාපහරක් පපුවට වැදී විසිවුණු චමිල නැවතත් මාර්ගයෙන් පිටත කැලය තුලට වැටුණි. වැටුණු වේගයත් පපුවට වැදුණු පහරත් නිසා හුස්ම ගැනීමට අපහසු වූ ඔහු දෑතින්ම තම පපුව අල්ලාගෙන අමාරුවෙන් හුස්ම ඉහළට අදින්නට වූයේ සිහි මද ගතියක් දැනී දෑස් පියවෙද්දීය. ඒ අතර කිසියම් කලු පැහැති රුවක් ඔහු දෙසට ඇදී එන බව යාන්තමට ඔහුට මතක් විය.

තමා කොහේ හෝ පාවෙමින් යන බව සිහිනෙන් මෙන් දැනුණු චමිල හෙමින් හෙමින් තම දෑස් විවර කලේය. අඳුර හැරෙන්නට කිසිවක් දෑසට හසු නොවුණු ඔහුට දැනුණේ ඔහු තණකොල මතින් පඳුරු මතින් ඇදී යන බවකි. පැවති දැඩි අඳුර නිසා කිසිවක් නොපෙනුණද ඔහුගේ දකුණු පාදයෙන් අල්ලාගෙන කිසිවෙකු ඔහුව ඇදගෙන යන බව ඔහුට තේරුම් යන්නට විය. වේදනා දෙන ගතද සිතට දැනුණු මහත් බියද නිසා ඔහු කෑගැසුවේය.

“ක්..කවුද මේ…??? ඇ..ඇ..ඇයි මට මෙහෙම කරන්නෙ…? ම්…මාව අතෑරපන් යකෝ….”

එහෙත් කොපමණ කෑගැසුවද තමාව ඇදගෙන යන පුද්ගලයාට එය ඇසුණු බවක් පෙනෙන්නට නොතිබූ නිසා ඔහු නැවත අමු කුණුහරුපයෙන් බනින්නට ගත්තේ මේ අමනුශ්‍යයෙක්දැයි සිතමිනි. එහෙත් එවැනි දෙයක්වත් එම පුද්ගලයාව නවත්වන පාටක් නැත. තම වේදනා දෙන වම් පාදය හොලවන්නටවත් බැරි තරම් හිරි වැටී ඇත. පතොක් කටු ඇනුනු ශරීරය බිම දිගේ ඇදීගෙන යන විට වදින ගල් කැබලි වලටද මස් ඉරී යන තරම් සීරීම නිසා වේදනාව දරාගත නොහැකි වූ චමිල හැඬුවේය. ඒ අතර තවත් කටු පඳුරක් මතින් ඇදී ගිය ඔහුට වේදනාව නිසාම මුත්‍රාද පිට වෙන්නට වූයේ ඔහු මරහඬ දෙද්දීමය. “තග්..!” වේගයෙන් ඉහළට එසවී විසිවී ගිය ඔහු වැදුණේ කුමක් හෝ බිත්තියක බව වේදනාව අතරින්ම ඔහුට දැනුණි.

“හහ් හහ් හහ් හා හා….!!!”

කාගේ හෝ භයංකාර වියරු සිනා හඬක් ඇසුණු චමිලගේ සිත මෙන්ම ගතද වෙවුලා ගියේ දැඩි බියකිනි.

“ක්..ක..ක..වු..ද්..ද….?” දැඩි බිය, වේදනාව අතරින් වෙවුලන කටහඬකින් ඔහු ඇසුවේ ඉතාමත්ම අපහසුවෙන් යාන්තමට නැගිට ගනිමිනි.

“චමිල……”

ඉතාමත්ම මිහිරි ගැහැණු කටහඬකින් තමාව අමතන්නේ කවුද කියා සිතාගත නොහැකිව ඔහු වටපිට බැලුවේය.

“මං මෙහේ…. අනේ චමිල එන්නකෝ මගෙ ලඟට…. එන්නකෝ චමිල මාව සතුටු කරන්නකෝ….”

තම යටිහිතේ කාමුක හැඟීම් ඒ හඬට අවදිවෙන බව ඔහුට දැනුණේ එතරම්ම ඒ හඬ රාගය පිරුණු මිහිරි හඬක් වූ නිසාවෙනි. වේදනාවද ‍යටපත් කරමින් තම ඉඳුරන් අවදි වෙන බව දැනුණු චමිල ආශාව පිරුණු කටහඬකින් කතා කරන්නට වූයේ තමා සිටින්නේ අනතුරක බවද අමතක කරමිනි.

“එන්න කෙල්ලේ මගෙ ලඟට… එන්න මං ඔයාව සතුටු කරන්නම් මගෙ වස්තුවේ… කොහෙද ඔයා ඉන්නෙ….”

“මෙහෙ බලන්න චමිල මං මෙතන…. ඉන්න මං ඔයා ලඟට එන්නම්….”

ඔහු ඒ හඬ ඇසුණේ ඔහුගේ ඉදිරියෙන්ම බව වටහාගත් නිසා ඉදිරිය බලා සිටියේ අවදිවූ තම ඉඳුරන් පිනවීමට පැමිණෙන ඒ කාම ධේනුව කවුරුන්දැයි සිතමිනි. ඒත් සමගම ඒ අඳුරු ‍රැයේ සඳ වසාගෙන සිටි කලු වලාව ඈත් වී ගියෙන් වැටුණු සඳ එලියෙන් දුටු දසුනෙන් බියෙන් ත්‍රස්ත වී ගිය චමිල කෑගසන්නට විය. නමුත් ඔහුගේ උගුරෙන් හඬක් පිටවූයේ නැත.

“චමිල….” ගොරහැඬි හඬකින් ඔහුගේ නම අමතමින් ඔහු ඉදිරියට ඇදී ආවේ කලුම කලු සෙවල පෙරාගත් දිගු කොණ්ඩය විසුරුවාගත් මුහුණෙන් බෙල්ලෙන් පවා කෑලි එල්ලා වැටෙමින් ඕජස් ගලමින් තිබූ ඒ භයංකාර මුහුණ මැද රතු පාටින් දිලිසෙන දෑසක් හිමි, තම දෙපා බිම දිගේ අද්දවමින් දෑත් වලින් බඩගාමින් ඇදී ආ කාන්තාවකි. එය දුටු චමිල හූ තියමින් කෑගසන්නට උත්සාහ කලද කිසිදු හඬක් ඔහුගෙන් පිට නොවුණේ උගුර කිසිවෙකු විසින් සිරකරගෙන සිටිනවා මෙන් ය. ටිකෙන් ටික තමා අසළට ඇදී එන ඒ රුව දකින් ඔහුට මේ අවස්ථාවේදී මළ මුත්‍රා දෙකම පිටවන්නට වූයේ සිතේ ඇතිවූ දැඩි භීතියටය. තම දෑතින්ම මුහුණ වසාගත් ඔහු ඉකි බිඳින්නට විය.

“චමිල… එන්නකෝ….. මගෙ ලඟට….”

තම මුහුණ අසළටම පැමිණි එම රුව ගොරහැඬි හඬකින් පවසද්දී තදින්ම දෑස් වසා සිටි චමිල කෑගසන්නට විය.

“පලයන් මගෙ ළඟින් පලයාන් මට ඉන්න දියන් පාඩුවෙ දෙයියන්ගෙ නාමෙට පලයාන්… පල්ග්.. අග් අග්….”

තම ගෙල තදින් අල්ලාගත් ඔහුව ඔසවාගෙන සිටියේ වියරු ලෙස භයංකර ගොරහැඬි හඬකින් සිනාසෙමින් සිටි ඒ ආත්මයයි. තම ගෙල දඬු අඬුවකට මෙන් හසුවී සිරවී ඇති බව දැනුණු ඔහුගේ සිතට ආවේ මේ තමාගේ අවසානය බවය.

“නෑ… මේ උඹේ අවසානය නෙමෙයි චමිල… මීට වඩා හුඟාක් උඹ විඳවන්න ඕනෙ… විඳවලා මැරෙන්න ඕනෙ…”

එසේ පැවසූ ඒ ආත්මය චමිලව බිම දිගේ ඇදගෙන ගියේ නිවසක් වෙතටයි. එක්වරම ඔහුව ඔසවා ඒ පාලු, අඳුරු නිවසේ කාමරයකට විසි කල ආත්මය වියරු ලෙස සිනාසෙන්නට විය. නැවතත් චමිලව ඔසවා කෙලින් කල ආත්මය ඔහු දෑස් විවර කරද්දීම තම ස්වරූපය වෙනස් කරන්නට වූයේ චමිලගේ වේදනාව පිරුණු දෑස් පුදුමයෙන් බියෙන් විශාල වෙද්දීය.

“උ…උ..ඹ… උ..ඹ… ම්..මැ..රු..ණ..නෙ….”

“හහ් හහ් හා හා…!!! ඔවු මං මැරුණා… මතකද… මතකද මේ මූසල කාමරේ ඇතුලෙ උඹලා මාව මාරුවෙන් මාරුවට දූශණය කරලා මරලා දැම්මා…? මතකද එදා උඹලා මට වස පොවලා මරලා දැම්මා…?? මං වතුර ඉල්ලද්දි උඹලා මට වස පොවලා මරලා දැම්මා… මං මැරෙන්න පණ අදිද්දි උඹලා මං දිහා බලාගෙන හිනාවුණා මතකද….???” ආත්මය වියරු ලෙස කෑගසා අසද්දී චමිල වෙවුලමින් එදෙස බලා සිටියේ දැඩි ලෙස භීතියට පත්වය. මීට වසර ගණනාවකට පෙර තමන් ඇතුලු මිතුරන් හතර දෙනෙකු ඇයව දූශණය කර වස පොවා මරාදැමූ අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය. දැන් ඇය පැමිණි ඇත්තේ තමාව විනාශ කිරීමටය. තම මිතුරා වන සමිත්ගේ මරණයද සිදුව ඇත්තේ ඇය අතින් බව ඔහුට සිතෙන්නට වූයේ සමිත්ගේ මියගිය සිරුර මතක් වෙද්දී සිතේ වූ බිය දෙගුණ තෙගුණ විය.

“අ..අ..නේ.. ම..ට… සමා..ව.. දෙන්න… එ..දා.. මගෙ අති……”

“සමාව…???” ආත්මය ගිගුරුවේ දැඩි කෝපයෙනි. “සමාව නෙමෙයි මං එදා ජීවිතෙයි ඉල්ලුවෙ… උඹලා කාටවත්ම වරදක් නොකරපු, උඹලට හැමදාකම යාලුකම නිසා ගරු කරපු මට එදා උඹලා ජීවිතේ දුන්නද…??? නෑ…. උඹලා හැමදාකම බලන් හිටියෙ මාව උඹලගෙ ඔය ජරා ඇඟට යටකරගන්නෙ කොහොමද කියලා… උඹලගෙ ඒ පහත් ආශාවල් ඉෂ්ට කරගන්න එදා මැරෙන තරම් අසරණ වෙලා හිටපු මට කොච්චර නම් වද දුන්නද..?? මේ ලෝකෙ කිසිම ගෑණියෙක් විඳලා නැති තරමෙ වේදනාවක් මං එදා වින්දා… උඹලා කලේ හිනාවෙවී උඹලගෙ ආශාවල් ඉෂ්ට කරගත්තු එක විතරයි…” එසේ කෑගැසූ ආත්මය චමිල සිටගෙන සිටිද්දිම ඔහුගේ අතක ඇඟිලි සියල්ලම එකවර දෙකට මැදින් කඩා දැම්මේ චමිලගේ දැඩි කෑගැසීම මැදය. “මේක නිසා නේද උඹලා ඔච්චරම අසරණ ගෑනුන්ට උඹලගේ ඔය නපුංසකකම් පෙන්නන්නෙ…???” අඩක් ප්‍රාණවත්ව තිබූ චමිලගේ ලිංගේන්ද්‍රිය ඔහුගේ සිරුරෙන් උදුරා ගලවා ගද්දී ආත්මය කෑගැසුවේ චමිලගේ මහත් වූ විලාපය මැදය. ඔහුගේ සිරුරෙන් ගලා ගිය රුධිරයෙන් ඒ ජරාවට ගිය පොලොව නැහැවී ගියේය. ඒ අතර ආත්මය විසින් ඔහුගේම ලිංගේන්ද්‍රිය ඔහුගේ මුව තුලට එබුවේ උගුරෙහි එය සිරවෙන තරම් තදිනි. ඒ නිසා චමිලගේ වේදනාත්මක හඬ ඒ පාළු මූසල රාත්‍රියේ නෑසී ගියේය.

“කාපිය ඕක…! උඹලා වගේ පවුකාරයන්ට මේ ලෝකේ ඉඩක් නෑ චමිල… ලෑස්ති වෙයන් උඹේ යාලුවා ගිය අපායටම යන්න… හහ් හා හා හහ් හා…!!!”

නැවතත් චමිලව බිම දිගේ ඇදගෙන ගිය ආත්මය ඔහුව ඒ පාලු මූසල නිවසින් පිටතට විසි කර දැමුවේ සෙල්ලම් බඩුවක් විසි කරනවාක් මෙන් සැහැල්ලුවෙනි. උඩින් විසිවී ගිය චමිලගේ හිස බිමට වැටෙන විට ගලක වැදුණි. නමුත් පුදුමයකට මෙන් ඔහුගේ සිහිය එයින්ද නැතිවුණේ නැත. ලේ ගලන හිසකින්ද වේදනා දෙන, ලේ ගලන ශරීරයකින්ද සිටි චමිල අවසන් වරට සිය දෑස ඉදිරියේ සිටගෙන තමන් දෙස සිනාසෙමින් බලා සිටින ඇය දුටුවේය. ඒත් සමඟම ඔහුගේ හිසට තදින් වැදුණු යකඩ පොලු පහර ගණනාවකින් ඔහුගේ හිස කැබලි වලට කැඩී යන විටත් ඔහුගේ ප්‍රාණය මෙලොවින් තුරන් වී තිබිණි. ඒ දෙස සැනසීමෙන් බලා සිටි අයෙකු එතනින් ඉවතට ගියේ
සැහැල්ලුවෙන් සිනාසෙමින්‍ ය.

***********************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.