Katha Ahura

නිකිණි | 01 කොටස| කතා අහුර රචක

3.5/5 - (4 votes)

————————————————————

“දූ… චූටි දූ…කොහෙද ඉන්නේ ඔයා?

“..ඇයි අම්මේ?” නිකිණි අම්මා ලගට දුවගෙන ආවා.

“මේ නූල් බෝලේ ඇද යටට වැටුනා දූ..අරන් දෙන්නකො.”

“ඔයා ගන්නකො අම්මේ.. මන් සෙල්ලම් කර කර හිටියේ..”

“අනේ මැණික මට ගන්න අමාරුයිනේ.. ඔයාගෙ චූටි නංගියා බන්ඩියේ නේ අම්මගේ..”

“හ්ම්.. හැම එකකටම ඕක තමා කියන්නේ..” නිකිණි අමනාපෙන් කියමින් නූල් බෝලය නිලූ අතට දුන්නා.

“ඒම කියන්න එපා දූ..ඔයාට සෙල්ලම් කරන්නනේ නංගි ගේන්නේ..”

“දැන් ඔය නංගි ආව ගමන් මාත් එක්ක සෙල්ලම් කරන් නෑනෙ අම්මා. ඔයා කිව්වනේ ලොකු වෙනකන් ඉන්න ඕනි කියලා එදා?”

“ඔව්..එයා ඉක්මනටම ලොකු වෙයි..”

“හ්ම්.. ” ඇය ගස්සාගෙන සාලයට දිව ගියේ ඇගේ කෙටි වූ කකුල නිසා පැත්තකට ඇලවෙමින්.

නිකිණි කියන්නේ අවුරුදු දහයක් උන චූටි දුවෙක්. එයා පාසලේ කොන්සට් දවස්වල පුහුණුවීමකට යද්දී උන ඇක්සිඩන්ට් එකක් නිසා දකුණු කකුලේ බල නහරයට ඩැමේජ් එකක් වුනා. කකුල අඟලකින් විතර කෙටි වෙලා තමා සනීප උනේ.පෙර මතකය නැති වෙලා වර්ධනයත් බාල උනේ ස්නායු වලට උන හානිය නිසා.නිකිණි ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඉස්කෝලෙට යන දෙවනි දවස මේ.

උදේම නැගිටලා ලෑස්ති වෙලා නුවන්ගේ අතේ එල්ලිලා පාරේ දකින දකින හැමදේම දිහා බල බල කල්පනා කර කර ආව නිකිණි ස්කෝලේ ගේට්ටුව දැක්ක ගමන් අඬන්න පටන් ගත්තා..

“අනේ තාත්ති මට මේ ස්කෝලේ යන්න බෑ..”

“ඇයි දූ..?”

“බෑ බෑ යන්න බෑ..”

“අනේ පැටියා.. ඇයි.. අනේ..”

“මට බෑ තාත්ති බෑ..”

“හ්ම්..හරි මන් එන්නම් පන්තියටම..”

“අනේ බෑ..මට ගෙදර යන්න ඕනී.. අම්මා ඕනී.. ” ඇය දිගටම ඇඬුවා..

නුවන් ඇයව බලෙන්මෙන් පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකය වෙත එක්කන් ගිහින් පන්ති කාමරෙන් ඉඳගස්සලා ආවා..දුවගේ දුර්වල මනස නිසා එයා බය වෙලා කියලයි නුවන් හිතුවේ.නිකිණි ඩෙස් එකේ ඔලුව ගහන් ඇඬුවා.ටීච ඇවිත් රවට්ටගෙන එයාව පන්තියේ වැඩ වලට යොමු කරා..

දවස් කීපයක්ම එහෙම කරපු නුවන් ඊලග දවසෙ ඉදන් ගේට් එක ලඟින් ආපහු හැරිලා වැඩට යන්න පටන් ගත්තා.

නිකිණි ඒ හැමදාම තාත්තාගෙ අතෙන් මිදිලා ගේට් එකෙන් ඇතුලට ආවේ යන්න බෑ කියකියා අඬ අඬ..ඒ එයාට ස්කෝලේ අනික් පන්ති වල ළමයි විහිළු කරපු නිසා..නිකිණි ඇඬුවත් කාටවත් කීවේ නෑ අඬන්න හේතුව..

එයාට එහා පන්තියේ ඉන්නේ හය වසර ළමයි.ගුරුවරු එපා කීවත් හොරෙන් හොරෙන් ඇවිත් නිකිණිව අඩවලා සද්ද නොකර හොඳ ළමයි වගේ ඉන්න නම් පොඩි උන් දක්ශයි..

“ආ කොරී.. ඔයා මොකද අනේ කොර ගහන්නේ..”

“එයත් එක්ක කතා කරන්න එපා හිරුනි ..එයා කොරයිනේ..”

“අපෝ ඔව් පාරි අපිටත් කොර බෝ වෙයි..”

“සාවින්දි අපේ ලඟින් නම් යන්න දෙන්න එපා අද එයාට..”

ඔය වගේ එහා පන්තියේ ළමයි කියන දේවල් නිකිණිගේ පුන්චි මනසට අදත් ගොඩක් ලොකු වේදනාවක් දුන්නා..

“ඒයි කොරිච්චී.. හු හූ..අල්ලයි අපිව..හූ හූ..”

“කොර කෙල්ල.. කොරවක්කී.. හූ හූ..”

කොලු පැටව් ඇගේ කොන්ඩෙණ් ඇද ඇද කෑ ගැසුවා.. චූටි නිකිණි අඬාගෙන පන්තියේ ටීච ගාවට ගියත් ටීච නම් එයාව වැඩිය ගනන් ගත්තේ නෑ. ඒ ඇයි කියන්න එයා දැනන් හිටියේ නෑ..හැබෙයි අද එයාලගෙ පන්ති බාර ටීච ඇවිත් නැති නිසා වෙන ටීච කෙනෙක් හිටියෙ.

නිකිණි වගේ ළමයි දහයක් විතර ඒ පන්තියේ හිටියා.. ඒ හැම කෙනාටම යාලුවෙක් කියලා කෙනෙක් නෑ ඒ පන්තියේ..

ගොඩක් ළමයින්ගේ උසුළු විසිළු වලට විටින් විට මේ ළමයි ලක් උනා. ගුරුවරු ඉන්න වෙලාවට විතරයි එයාලට නිදහසක් ලැබුනේ ලොකු ළමයිගෙන්.. හොරෙන් හරි මේ පුන්චි එවුන් අවුස්සන්න ළමයි ඇවිත් ගියා මේ පන්තියට..

පීඩාවට පත් උන නිකිණි හැම කෙනාටම දැක්වූයේ වෛර සිතක්. එයාගෙ පන්තියේ අනික් ළමයින් වගේ හැමදේටම නිකිණිත් ඇඩුවා.

අඬලා අඬලා ඉවර වුනාම නිකිණි තනියම මුල්ලකට වෙලා සෙල්ලම් කරේ ආයුකී කියලා නම දාගත්ත රෙදි බෝනික්කෙක් එක්ක.. ඒ බෝනික්කා ගොඩක් පොඩී.. ස්කෝලේ උගන්වද්දීත් එයා බෝනික්කා අරන් සෙල්ලම් කරා සමහර වෙලාවට.. එයාට කවුරුවත් බැන්නෙත් නෑ.නිකිණි ස්කෝලේ ඇරිලා අදත් ගෙදර ආවේ අම්මත් එක්ක.. ඒ ඇවිත් එයා අයුකී එක්ක සෙල්ලම් කරන්න පටන්ගත්තා විතරයි..

“චූටි දූ ..අනේ එන්නකො බබා ටිකක්..”

“හ්ම්..ඕන් අදත් කෑ ගහනවා මට වද දෙන්න.” නිකිණි එහෙම හිත හිත අම්මා ලගට ගියා.

“සුදු දූ හොද පැටියා වගේ අම්මිගේ කාමරේ තියන නංගිගෙ රෙදි ටික ගෙනත් දෙනවාද මට..”

“ඒ මොකටද? එයා ඒවා ඇන්ද ය ”

“නංගිගෙ රෙදි හෝදලා මැදලා තමා ඉස්පිරිතාලේ ගෙනියන්න ඕනී..”

“ආයෙනම් මට වැඩ කියන්න එපා.එයත් ලොකු වුනාම මට විහිළු කරයි.අනික එයා ආවම එයාගෙ වැඩ වලට එයාව ගන්න.”

ඇය හෙමින් මිමිණුවත් නිලූශාට එය ඇහුනා..

“එහෙම වෙන් නෑ දූ..ඒ ඔයාගෙ නංගිනේ.. මන් එයාට දෙන් නෑ ඔයාට මොකවත් කියන්න…”

නිකිණි එයාගෙ අම්මා දිහා හිනා වෙලා බලලා ගිහින් රෙදි ටික ගෙනත් දුන්නා..

යශෝ නිකිණි ගැන ලොකු දුකකින් තමා නිතරම හිටියේ.. ඒත් දූගෙ කකුල වෙනුවෙන් කිසි දෙයක් කරන්න බෑ එයාලට.

කාලය ගෙව්නේ හැමදාමත් ඔය විදියට..නිකිණිගේ අම්මා නිකිණිට ගෙනාවා චූටි නංගියෙක්.. එයාව දැක්ක මුල් දවස් වල නිකිණි හිටියේ ලොකු සතුටකින්.. නංගිගෙ වැඩවලටත් එයා අම්මට උදව් කරේ කිසි පැකිලීමක් නැතිව.

“අම්මේ නංගි ඇයි මෙච්චර චූටි..?”

“එහෙම තමයි දූ.. ගොඩක් ලොකු වෙන්නේ ටික ටිකනේ..”

“නංගි මට වඩා සුදුයි.”

“නෑ දූ තමා සුදුම”

“තාත්තා මන් වගේ ලු.. නංගි අම්මා වගේලු.එහා ගෙදර අක්කා කිව්වා.”

“ඕ ඒක නම් හරි දූ..ඔයා ආදරෙත් තාත්තිට නිසා ඔයා තාත්ති වගේ..”

“අම්මා..”

“ම්..”

“නංගිට කතා කරන්න බැරි එක හොඳයි.”

“අනේ ඇයි දු එහෙම කියනේ..?”

“එතකොට මට ඇද කරන්න බෑ එයාට..”

“එහෙම හිතන්න එපා සුදු දූ..
නංගි ඔයාට ආදරෙයි. අනික නංගි ලොකු වෙනකොට කතා කරාවිනෙ…”

“එයා එහෙම කිව්වද?”

“නෑ නෑ.. අම්මට ඒක දැනෙනවා නේ දූ..”

“හ්ම්..මන් යනවා සෙල්ලම් කරන්න..”

“හා පුතේ පරිස්සමින්.. ඈතට යන්න එපා”

“හා..”

තවත් මාස දහයක් විතර ගෙව්නේ ඔය විදියට.දවසක් නිලූ ඇගේ පොඩි දුව නිදි කරලා කුසියට ගියේ රෑ කෑම උයන්න.. එයා නිකිණිට නුඩ්ලස් හදලා තියලා නුවන්ටයි ඇයටයි කන්න බත් ඉව්වා..

“අම්මේ මේන් තාත්ති ආවෝ..”
එලියේ හිටපු නිකිණි නුවන්ගේ කර මතින් කුසියට ආවා..

“යශෝ චූටි දූ නිදිද..?”

“මේ මන් ඇහැරන් ඉන්නේ තාත්තී..” නිකිණි ඇස් දෙක ටික් බෝල වගේ ලොකු කරලා පෙන්නුවා..

267 thoughts on “නිකිණි | 01 කොටස| කතා අහුර රචක”

  1. කතා අහුරට කතා එකතුවෙන විදියට තමයි කියවලා බලලා එකතු කරන්නේ. තව තියෙනවා. හොල්මන් කතා දෙකක් ඊළඟට. මාධවීගේ සහ සුමිත්ගේ. දිගටම ආයේ හොල්මන් කතා කියවන්න පුලුවන්

    1. Sandu (kandy girl)

      ..ම්..හරී..තැන්ක් යූ සර් කතාව දැම්මට.. කවර් පොටෝ එකත් ශෝයි…
      ???????????

    2. Sandu (kandy girl)

      හානේ..මාදිගෙ හොල්මන් එකක්.. කමෙන්ට් එක හරියට දැක්කේ දැන් නේ සර්..

      නිල් කවය ද.. නැත්තන් වෙන එකක්ද…

    1. දිල් (නුවර)

      සදු අක්කී කතාව ගොඩක් ලස්සනයි. මොනා වෙයිද කියලා හිතාගන්න බෑ. ගොඩක් බය හිතෙන කොටස් තියේද අක්කී. රෑට කියවන්න පුලුවන් නේද. මං බයම චූටි ලමයි හොල්මන් වලට ඉන්න කතා වලට.

      අක්කී මොනාට හරි හිරවෙලාද, ආවේ නැත්තේ වැඩිය. පරෙස්සමින් ඉන්න .
      කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්තනා කරනවා.
      බුදු සරණයි ඔයාට..

  2. දැනුයි කතාව කියෙව්වෙ සදු අක්කේ …අනේ මටනම් කතාව කියවද්දි ගොඩක් දුක හිතුනා නිකිනි ගැන …එයා කොච්චර පීඩනේකින් ඉන්නවා ඇතිද …ඇත්තටම ඒ වගේ දරුවෙක්ට එහෙම කරන එකනම් හරිම පව්…එයාට විහිලු කරපු ලමයිනම් අනේ මන්දා…පොඩ්ඩක්වත් සංවේදී නැහැනෙ …මටනම් තරහ ගියා ඒකට…ඔයා ලස්සනට කතාව ලියලා සදු අක්කේ …ඊලග කොටස කියවන්න හරිම ආසාවෙන් බලන් ඉන්නෝ … මේ කතාවත් අනිත් ඒවා වගේම ලස්සන එකක් වෙයි කියලා හිතෙනවා … ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …තෙරුවන් සරනයි ඔයාට …?

  3. .සුබපැතුම් මලී අක්කණ්ඩි…
    ඔයා මල්ලිකාගේ නෑදෑයෙක් නෙමෙයි නේද

    1. දගයා මල්ලියා??

      කාද බොලේ ඔයා ඔය කියන මල්ලිකා…මන් එයාව දන්නෙත් නැහැනෙ …ඒ නිසා නෑයෝ වෙන්න බැහැ ????

  4. උක්කූං පුතා

    Mama bohoma baya wuna, mage pana epa wuna
    Ra dolahakata holmanakata mawa asu wuna //

    Mama uthsawayakata giya sindu kiyanna
    Mata apasu yanta labuna jaame solahata
    Mama bahala paarata haruna kanaththa desata
    Mage gitareka athata aragena yanta yanakota
    Shabdayak asila man apahu balana ekalata
    Kalu ballek agata pannane buragena mata
    Mama herila passata apasu duwana ekalata
    Kalu minihek usata hitiyane paare harahata

    Wada sandu kelle avilla comment ekak dannam

  5. Sandu (kandy girl)

    ..දිල් නංගා..මලී නංගා..

    කමෙන්ට් කරාට ගොඩක් ස්තූතියි …

    මේක බය හිතෙන එකක් වෙයිද මන්දා.. රෑටම කියවන්න දිල් ඒක බලන්න නම්..

    මලීයෝ නිකිණි පව් තමා.. අපි බලමු නේද එයා ඒකට මූන දෙන්නෙ කෝමද… මොනාද වෙන්නේ කියලා ඉස්සරහට ..

    දඟයිනේ ..
    සමාවෙන්න..

    මට කමෙන්ට් වලට එන්න වෙන් නෑ වැඩිය ටික දවසක් යනකං.. ඒත් ඔයාලට ස්තූතියි කියන්න මං මේ විදියට හරි චූටි කමෙන්ට් එකක් දාන්න එනවා..

    නැත්තං ඒක අසදාරණයි නේ..

    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න .. අසනීප දඟයෝ ඔක්කෝටම ඉක්මනින් සුවයක් ලැබෙන්න ..

    ලොකූ කමෙන්ට් එක පුලුවන් වෙලාවට දාන්න..

    හැමෝම ..

    මං බලන් ඉන්නවා හොඳද..

    ????????????

  6. Avi 1999 (kandy)?

    සදු අක්කි කොහොමද ඔයාට .. පරිස්සමින් සතුටින් ඉන්නවා නේද … හොල්මන් කතාවක් නෙ මම් මාරම ආසායි හොල්මන් කතා වලට අක්කි ??

    නිකිණි ගොඩක් පව් අනෙ… එහෙම දරුවන්ව නොසලකා හරින්ට හොද නැ එයාලව ගොඩක් ආදරෙන් බලාගන්ට ඕනි… නිකිණිට ස්කෝලෙ ළමයි විහිලු කරන නිසා එයා බය ඇති එයාගෙ චුටි නංගිත් එයාට විහිලු කරයි කියලා .. සමහර විට අම්මයි තාත්තායි නංගි ගැන වැඩි උනන්දුවක් දක්වනකොට එයාට ඊර්ෂ්‍යා හිතෙන්ටත් පුළුවන් .. එයා තාම චූටි නිසා එයාව ස්කොලෙදි ප්‍රතික්ෂේප වෙන නිසා එයාට එහෙම දැනෙන්ට පුළුවන් නේද ?? කතාව සමහර තැන් වලදි මට ඒක දැනුනා…

    කතාව ලස්සනයි අක්කියො ..කතාව හොල්මන් එකක් නිසා ආසාවෙන් බලන් ඉන්නවා කියවන්ට.. අක්කිගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි තෙරුවන් සරණයි ඔයාට ??

          1. එහෙමද…අයියෝ…දැන් කාවවත් අදුරගන්න බැහැනේ

      1. ඩෑශ් බෝඩ් එකෙන් එන්නත් බැහැනෙ දැන්…මට විතරද වෙනස්කම්???

  7. සඳු අක්කි කතාවනම් හරිම ලස්සනයි නිකිණි ගොඩක් පව්… මේ වගේ ළමයින්ට ගොඩක් අය විහිලු කරනවා ඇති නේද? මෙයා තාම කොච්චර චුටියිද? මේ වගේ චූටි දරුවෙක්ට ඒක මහා ලොකු බරක්නේ….
    අනේ මන්ද අක්කි මොනා වෙයිද දන්නේ නෑ…. මේ කතාව ගොඩක් බය හිතෙයිද? එහෙම වුනොත් මම කතාව දවල් වෙලා කියවලා වත් කමෙන්ට් එකක් දාන්නම්කො..ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !බුදුසරණයි අක්කි !???

    අනේ අක්කි මට මේ දවස් වල හැමදාම කතාව කියවලා කමෙන්ට් කරන්න බැරි වෙයි… exam නිසා පාඩම් කරනවා… ඒ හින්ද තමයි app එකට වැඩිය එන්න බැරි වුනෙත්… පුළුවන් වෙලාවට ඇවිත් කමෙන්ට් එකක් දාල යන්නම් අක්කි

  8. මේ මිනූ අක්කි මම යනව අනේ යන්න bye ???
    Good night මගේ දඟ බෝල හැමෝටම ❤❤❤
    Good night ලොකු අයියේ ❤❤❤

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා….
    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි!???
    මට මේදවස්වල වැඩි එන්න වෙන්නේ නෑ… exam තියෙනවා…
    එහෙනම් bye ???

    1. යනෝද පිච්ච මල…ගුඩ් නයිට් ඔයාට …පරිස්සමෙන් සතුටින් ඉන්න හරිද …තෙරුවන් සරනයි ඔයාට …?

  9. කවුරුත් නැහැ නේද …මාත් යනෝ එහෙනම් …
    ගුඩ් නයිට් ලොකු අයියේ …
    ගුඩ් නයිට් දගයිනේ…
    සතුටින් පරිස්සමෙන් ඉන්න හරිද …
    ආදරෙයි ඔයාලා හැමෝටම …
    තෙරුවන් සරනයි ඔයාලට …?

  10. මාත් යනව අනේ…තනියම පොල් ගාන්නද? සදුවො කතාව කියවල හෙට කමෙන්ට් එකක් දාන්නහ්..

  11. .මේ මට විතරද ඔයාලා ඒ නිල් පාටින් පේන්නේ ඒ වගේම username එක නිමින පෙන්නන්න.
    අපි කතා අහුර app එකට පලවෙනිපාර ඇඩ් වෙද්දි දාපු first name එකයි last නියමය ඉන්න පෙන්නන්නෙ…
    මාව මටම පෙන්නනවා නිල් පාටි ඉමාන් අරුන්දිත් කියලා.. ඔයාලවත් එහෙමයි

  12. .පුදුමයි නේ ඔයාට මාව ඉමාන් අරුන්දිත් කියලා මතකයිද එ නම.
    අනේ සම්මානයක් දෙන්න වටිනවා නේ පියුමි අක්කි
    Uuummmaaa

  13. උක්කූං පුතා

    මේ ඇහුවට තරහ වෙන්න එපා මේකෙ ඉන්න ඔක්කොම අලුත් අයද අමුතු නම් තියෙනවානේ…

    1. ?_?_?_??_? ?(නිම්?..)

      ඒකනි ලොකු අයියෙ??.
      ආහ් චන්දිම සෑර් ඇෆ් එකට update පාරක්වත් දුන්නඩ දන්නි නැහැනි නේද☺️☺️

  14. ?_?_?_??_? ?(නිම්?..)

    ඊයෙ ඉදම් කතා අහුරට log වෙන්න බැරුව හිටියෙ මම විතරද?.
    අනේ සොරි වෙන්න ඕනි ෆෙන් ඉයේ හවස මන් comment කර කර ඉද්දි 523 error මඥුලක් වැටුන.ඊර පස්සෙ log වෙන්න හැදුව හැදුව බැරි උනා.Admin sirta msg එකක් දාන්නත් හදල නිකමට වගේ දැම් ඇප් එක open කලාම හරි ගියානෙ…
    ඊයෙ මන් comment කර කර හිටිය වෙකාවෙ හිටපු කවුරුත් තරහ වෙන්න එඔආ මාත් එක්ක හොදද.මාත් දන්නෙ නෑ ඇත්තටම මොකක්ද උනේ කියල.මන් මේ ඒක කියා ගන්න විදියන් නැතුව හිටියෙ ෆෙන්??.
    ඔන්න හට ඉදම් අනිවා එනව තව මොකක් හරි මරාලයක් වැටුනෙ නැත්තම්.
    කස්ටියම ෆරිස්ස්මට සැෆෙම් සතුටිම් ඉන්නලා හොදද.
    බුදු සරණයි ඔක්කොලාටම??
    Gn ෆෙන්??
    Gn ලොකු අයියේ.??♥️
    ආහ් හෙට උදේ එන්න වෙන්නි නෑ හෙට slc අෆිට?.
    අසනීෆ කාරයො ටික ඉක්මනටම සනීෆ වෙන්නලා හරිය.
    Byee???
    Love u all♥️♥️♥️

  15. ?_?_?_??_? ?(නිම්?..)

    මොක්ක්ද අනේ මේ වෙලා තියෙන නස්පැත්තිය..dp අතුරුදම් වෙලා..නම් මාරු වෙලා හෙන කේස් එකනි අෆ්ෆ.මට නම් මඤ්ඤං වගේ.ඒක උනෙත් මට විතරද දන්නි නෑ??

    1. උක්කූං පුතා

      ඔයාට විතරක් නෙමේ මල්ලා අපිටත්… අඩු ගානේ අනිත් කතා වලට වත් යන්න බැරි වුණා,. dashboard එක පවා පෙන්නුවෙ නෑ… හැමෝගෙම අමුතු අමුතු නම් තිබ්බේ… මම ඒකයි ඇහුවෙ මේ ඔක්කොම අලුත් අය ද කියලා… බැරිම තැන අපි වැඩේ අතහැරලා දාලා මම වැඩ කරා.. හැබැයි දැන් නරි ඒත් profile pictures ටික නැතිවෙලා ??

  16. ?_?_?_??_? ?(නිම්?..)

    සඳූ අක්කියෝ මන් හෙට කතාව කියවලා comment එකක් දාන්නම් හොදද☺️

  17. Sandu (kandy girl)

    Gm දඟයිනේ ..

    මට නම් චන්දිම සර්ගෙ නම විතරයි නිල් පාටින් පෙන්නන්නේ..

    සර්ගෙ ප්‍රොෆයිල් පික් එක විතරයි පෙන්නනෙ ලා කොල පාට කෙසෙල් කොලයක් …

    කාගෙවත් පොටෝ පේන් නෑ.. හැමෝගෙම නම් නම් වෙනස් වෙලා පේන්නෙ නෑ මට.. තිබ්බා වගේමයි… ????

    1. Sleeping beauty

      Profile picture නැති කේස් එක විතරයි මටත් තියෙන්නේ අක්කී..වෙන නම් අවුලක් නෑ මටත්..ඊයෙ රෑ ඇප් එක පිස්සුවක් නටන්න ඇති සමහර විට.?

  18. උක්කූං පුතා

    හොල්මන් කතා කියවන්න ඕනේ යක්කු ගස් නගින වෙලාවට මෙන්න මේ වගේ වෙලාවට..
    හැබැයි ඉතින් බය උන් නෑ හොල්මන් මුකුත් නැති නිසා.. අද ඉතින් මුල් කොටස නේ එහෙත් කතාව හරිම ලස්සනට ලියල තියනවා… මුල් කොටස කොහොමද හොල්මන් එන්නෙ… හැබැයි ෆොටෝ එකේ තියෙන විදියට කතාවෙ නම විදියට ගෑනු ළමයා තමයි හොල්මන වෙන්නේ ,..

    මේ කතාව ලඟදි ද ලිව්වෙ නංගී කලින් ද මොකද මේ කතාවේ මං අඩුවක් දැක්කා ඔයා ටයිම් එක පෙන්නලා නෑ මේ කතාවේ… එක පාරටම වෙන කෑල්ලකින් ඇදලා ගන්නවා. කතාවකදී අනිවාර්යෙන්ම ඉරකින් ඡේදය වෙන් කරන්න නංගි එතකොට හිතාගන්න පුළුවන් ආ මේක අළුත් දෙබසක් කියලා…. beauty නංගිගෙ කතාවේ බලන්න ඔයාගේ කලින් කතාවේ බලන්න ඔයා එක හරියටම කරලා තිබ්බා… කතාවක් ලියද්දි එක හරි වැදගත් නංගි..එතකොට හිතාගන්න පුළුවන් මේක උනේ මේ වෙලාවේ මේක වෙන්න ඇත්තෙ මේ වෙලාවේ එහෙම අපට දැනෙනවා..බලන්න ඉස්කෝලේ යනවා ආයෙත් දෙබසක් පටන් අරන් තියෙනවා ගෙදර එනවා ආයෙත් දෙබසක් තියෙනවා මාස දහයකට පස්සේ කියලා ඒ වගේ තැන්වලින් ඉරකින් වෙන් කරන්න… මේ අඩුපාඩුව මං ගොඩක් කතා වල දැක්කා ඔයාගේ හැබැයි නවකථාවේ නම් දැක්කේ නෑ නවකතාව දැක්කේ ඔයා හදිස්සියෙන් කතාව ලියලා ඉවර කරනවා කියන එක විතරයි

    හොල්මන් කතාවක් උනාට මටනම් ගොඩක් දුක හිතුනා මුල ඉඳලම ගෑණු ළමයට දීපු චරිත ගැන ගෑණු ළමයට කතා කරන විදිහට විහිළු කරන විදිහට ඒ වගේ අහිංසක ජීවිත කොච්චර නං ඇති ද දුක් විඳින ඇඟපතේ අඩුපාඩුවක් තිබුන කොට… මිනිස්සු හරි කුහකයි කියන්න ඔන්න ඕකට තමයි… අනේ මන්දා මට හිතාගන්න අමාරුයි

    ඔයාගේ දක්ෂතාවයට නං මං රෙක්ස්පට් කරනවා නංගි ඔයාට හැම මාතෘකාවකට ම කතාවක් ලියන්න.. හැකියාවක් තියෙනවා ඒ හැකියාව හැමෝටම පිහිට වන්නේ නැහැ නංගී… ඒ අතින් ඔයා හරි උසස්. හරි දක්ෂයි

    ඉතින් නිතරම එන්න බැරි වුණත් පුළුවන් හැම වෙලාම ඇවිල්ල කතාවට වටිනාකමක් දෙන්නම් අවසාන කොටසට කෝම හරි ඇවිල්ලා කොමිට් 1000ක් දෙන්නම්..හිතෙන් සඳුන් ආණ්ඩුව මේ වගේ ලස්සන කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සුභ උදෑසනක් ඔයාට

  19. ගුඩ් මෝනින් ලොකු අයියේ …
    ගුඩ් මෝනින් දග බෝල ඔක්කොටම …
    පරිස්සමෙන් සතුටින් ඉන්න හරිද …
    අසනීප අය හැමෝටම ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …
    තෙරුවන් සරනයි ඔයාලට …?

  20. .gm daga babala….

    Iye dawasa maha amuthu dawasak නේද…
    දැන්නම් හරි එත් කස්ටියගෙම dp නැති වෙලා වගේ ?

  21. මන් තාම කතාව කියෙව්වේ නෑ පස්සේ කියවල කමෙන්ට් එකක් දාන්නම් හොදේ

  22. Sandu (kandy girl)

    ඔව් අවී නංගා…

    අනිවාරෙන් ම පුංචි නිකිණි ට ගොඩක් ලොකු දුකක් අඩුවක් දැනෙනවා ඇති..එයාගෙ නංගි ගැන ඉරිසියාවක් හිතෙනවත් ඇති නේද.. බලමු ඉතින් මොනා වෙයිද කියලා..
    ……………….
    ජේසි පැටියෝ..

    හැම තැනකම ඒ වගේ ආබාධිත අය විහිලුවක් වෙන්නේ නෑ.. ඒත් බහුතරයක් දෙනා ඒ අයට විහිළු කරනවා..

    කතාව ඔයාට පුලුවන් වෙලාවට බලන්න නංගා..හොඳට පාඩම් කරලා ඉන්න මුලින්ම.. කමෙන්ට් නෑ කියලා තරහා නෑ.. කතාව කියවනවා කියලා දැනගත්ත එක සතුටක්..
    ………….

    ලොකු අයියේ..

    ඔයා කීවා වගේ ආඅ නම් මේකෙ නම් හොල්මන් නෑ..ඒත් කෙටියෙන් ලීව කතාවක් නිසා ඉක්මනට හොල්ලමක් රිංගයි..

    කතාව ලීවෙ නම් මාස දෙකකට කලින් වගේ අයියේ.. මං කාල රේඛාවක් ඇන්දා එඩිට් කරනකොට..ඒත් ඒක සේව් වෙලා නෑනේ…

    ගෑනු ළමයද හොල්මන වෙන්නේ කියලා බලමුකෝ..
    මේ කතාව ලියන්න හිතුනේ අයියගෙ යූටියුබ් එකේ දපු අර වීඩියෝව නිසා..මං අර කමෙන්ට් කරේ ඒ වගේ ළමයි පුතාගෙ ස්කෝලේත් ඉන්නවා කියලා.. එයාලට පොඩි උන් විහිළු කරනවා දැක්කාම දුක හිතුනා.

    තුන්දෙනාටම ගොඩක් ස්තූතියි කමෙන්ට් කරාට.. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි ..

    ?????????????

  23. Sandu (kandy girl)

    ..මිනො අක්කී.. රස්තා මාළුවෝ.. දඟයෝ..

    පුලුවන් වෙලාවට කතාව කියවලා කමෙන්ට් එකක් දාන්න …

    පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි ..

    ???????

  24. Sleeping beauty

    සුබම සුබ උදෑසනක් වේවා මගෙ දගයෝ හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    තෙරුවන් සරනයි ..හැමෝම හැමදාමත් සතුටෙන් පරිස්සමට ඉන්න …❤️❤️❤️❤️

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤️❤️❤️❤️

  25. Sleeping beauty

    විහිලු වල නිමක් නෑ
    මාව බිම වට්ටන්න
    කදුලු වල නිමක් නෑ
    මගෙ දෑස තෙත් කරන
    අඩු පාඩුවක් කලේ
    දෙවියනේ ඇයිද මට
    මේ ලෙසට අවමාන
    විදින්නෙ මං විතරමද
    අනිත් ලමයින්ගෙ නෑ
    අඩුපාඩු දකින්නට
    මට මෙහෙම රිදවන්නෙ
    මගෙ වරද කුමක්ද
    හිතලා කර ගත්තෙ නෑ
    මේ කිසිම දෙයක් මං
    අනතුරක් හින්දා දැන්
    කොර කෙල්ල වෙලා මං

    ???????

    නිකිණි…හරි ලස්සන නමක්??..ඒ නමත් ටිකක් අද්භූතයි වගේ දැනෙන්නෙ මට විතරද..??

    පොඩි කෙල්ල පව්??..ඔහොම විහිලු කරන්න හොද නෑ චූටි ලමයින්ට..එයාලගෙ හිත් හරිම ලාමකයි..පොඩි දේටත් හිත රිදවා ගන්නවා..ඒ නිසා අඩුවක් දැක්කත් එයාලට ආදරේ අඩුවක් කරන්න හොද නෑ..

    නිකිණිගෙ පුංචි හිතට දැනෙන දේවල් අක්කි හරි ලස්සනට අකුරු කරලා..අක්කිට ඉතින් පුංචි ලමයින්ගෙ හිත් ගැන හොද අවබෝධයක් තියනවනේ..??

    මට හිතෙනවා නිකිණි මැරෙයි කියලා..හොල්මන නිකිණි නේද …ඒ වගේම නිකිණිගෙ බෝනික්කා..එයත් සුපිරි හොල්මනක් වෙයි..තාත්තා අම්මගෙන් අහන්නෙ චූටි දූ නිදිද කියලා නේද ..ඒත් ඒකට උත්තර දෙන්නේ නිකිණි ..ඉතින් නිකිණිට දුක හිතෙයිද දන් නෑ..නිකිණිගෙ හිතේ චූටි නංගි ගැන ඉරිසියාවක් ඇති වෙලා ඒක වයිරෙකට පෙරලෙයි කියලා හිතෙනවා ..ඒ හේතුව නිසා මොනා හරි දේකින් නිකිණි මැරෙනවා ඇති..??

    අම්මෝ මේවා වැරදුනොත් විලි ලැජ්ජාවයි..??

    පලවෙනි කොටසම මාරම ලස්සනයි අක්කී..අක්කී බිසී කියලා දන්නවා මං..කමෙන්ට් එකට රිප්ලයි ඕනි නෑ..අක්කිගෙ වැඩ පරිස්සමට කරගන්න..තෙරුවන් සරනයි මගෙ අක්කී..හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරනයි අක්කී..සතුටින් ඉන්න හැමදාමත් ????

        1. උක්කූං පුතා

          සෑක් මේ කෙල්ලො නං හරිම selfies මට නෑනේ උම්මා දෙන්නේ ?????

    1. Sandu (kandy girl)

      මං චූටි දූ ගෙදර
      මගෙ තාත්තිගේ මැනික
      නංගියෙක් එනවාලු
      මගේ තැන අරගන්න
      මං කොරයි හරි කැතයි
      ලොකු ළමයි දැක කියයි
      නංගියත් ලොකු උනොත්
      මට ඒම ඇද කියයි
      අඩුව මගෙ හින්දාම
      අම්මා ආදරෙ නැතියි
      එයාලගෙ චූටි දූ
      දැන් මතක නැති හැඩයි…

      බියූ නංගියා..

      ඔයාගෙ ලස්සන නිසදැසට රිප්ලයි කරන්න මට මෙලොවම පදයක් ගලපන්න බැරි උනා. ඒ නිසා මේක ලීවා..

      නිකිණි කියන නම අත්බූතයි ද අනී… ඒනම් මං අද ඉදන් ඒ නම ඔයාට කියන්නද..?

      ලෝකේ බහුතරයක් පව්ලේ ලොකු ළමයාට මූන දෙන්න වෙන ගැටලුවක් තමා ඔය පව්ලේ අවදානය අලුතින් එන සාමාජිකයෙකුට ලැබීම. එයා විශේෂ අව්ශ්‍යතා ඇති ළමයෙක් නම් ඒක දැනෙනවා වැඩියි..
      ලෝකේ ළමා අපරාධ කරුවන් බිහි වෙන්න ප්‍රධානම හේතුවක් ඒක.. අවාසනාව කියන්නේ වැවැඩිහිටියන් ට තේරුම් ගන්න බෑ ළමා මනස..

      මට කලින් ඔයාලා කතාව කියලා වත්ද..???

      අපි බලමුකො නිකිණි හොල්මනක් වෙයිද කියලා..ඒ වගෙම බෝනික්කාත් ….

      නිකිණි නංගිට වයිර කරයිද ඒ නිසාම මොකක්හරි වෙලා එයා මැරෙයිද කියලා අපි අද බලමු ආ..

      කමෙන්ට් කරාට ස්තූතියි බියූ නංගියා. සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..බුදු සරණයි ..

      ???????????

      1. Sleeping beauty

        අනේ ඒ නිසදෙස මාරම ලස්සනයි අක්කී..ඇත්තමයි ..ඒකෙ වචන පට්ට ගති .???

        හෑ..??
        ඒ කියන්නෙ ඔයා හිතාන ඉන්නේ මාත් අද්භූතයි කියලද අහ්..??ඉන්නකෝ මං සුදු මැනිකෙට කියන්න අම්මට ගුටියක් දෙන්න කියලා…මට අපහාස කරනවට..??
        ඔයාට කැමති නමක් කියන්න අක්කී..කමක් නෑ අනේ..??

        ඔයා කියන කතාව ඇත්ත..පවුලෙ වැඩිමල් ලමයි මුරංඩු වෙන්න ප්‍රධානම හේතුවක් තමයි එයලට පස්සෙ ඉපදෙන ලමයින්ට එයාලට වඩා ආදරේ කරනවා කියලා දැනෙන්න ගන්න එක..ඒකට ලොකු හේතුවක් එක ලග ලමයි ඉපදෙන එක..දරුවො හදන්න ඕනි අවුරුදු 4ක විතර ගැප් එකක් තියාගෙන කියලා කියන්නෙ ඒ නිසා වෙන්න ඇති ..මං පවුලේ බාලයා නිසා ඒ අද්දැකීම මං විදලා නෑ..ඒත් අයියා අසනීප නිසා අම්මා අයියට මට වඩා ආදරෙයි කියලා නම් වෙලාවකට හිතිලා තියනවා ..ඒත් ඒක වැරදී..අම්මා මට තමයි ගොඩාරියක් ආදරේ ..??

        සදූ අක්කී..රිප්ලයි එකට ටැංකූ හොදේ..???

  26. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

    බලාපොරොත්තු ඉෂ්ට වෙත සුබම සුබ දවසක් වේවා හැමොටම ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  27. ගුඩ් මෝනින් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ …

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ..

    පරිස්සමෙන් සතුටින් ඉන්න කට්ටියම ….

    ඊයේ ඩේටා ඉවර උනු නිසා එන්න බැරි වුනා ..

    1. උක්කූං පුතා

      සුභ උදෑසනක් නංගි යා කොහොමද ඔයාට දැන් සනීපයි තෙරුවන් සරණයි

        1. උක්කූං පුතා

          මම ඉතින් නැව ගිලුනත් බෑන් චූන් එකේ නේ කෙල්ලෙ…ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඉස්සර හිටපු බෝධි නංගී තමයි අපට ඕනේ… දැන් ඉන්න එක්කෙනා නම් දුකෙන් ඉන්නේ කියලා තේරෙනවද ට… පරිස්සමෙන් ඉන්න නංගි සතුටින් ඉන්න බලන්න හැමදාම

          1. හරි අයියේ …
            මං උත්සාහ කරන්නම් ඒ බෝධි වගේම ඉන්න ….

  28. සඳූ අක්කී …
    තරහ වෙන්න එපා හොදද ..මට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා …

    අද දවස ඇතුලත කෝමහරි කමෙන්ට් එකක් දාන්නම් හොදද ..අක්කී මං පොඩි අවුලක ඉන්නේ… ඒකයි කමෙන්ට් එක පරක්කු වුනේ …

    මගේ යාළුවනේ මං ගිහින් එන්නම් ..
    ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න හොදද …
    බුදු සරණයි …

    1. උක්කූං පුතා

      ඔයාගේ අවුල ඉක්මනටම විසඳිලා ආයෙත් app එකට ඉක්මනටම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

      1. ගොඩක් පින් අයියේ …
        ඒ අවුල කවදා විසදෙයි ද දන්නේ නෑ …

        ඒත් ඇප් එක කියන්නේ ඒවා ටික වෙවෙලාවකට හරි අමතක කරන්න පුළුවන් තැනක්…ඒ ඉතින් ඔයාලා නිසාම තමයි අයියේ …..???

        1. උක්කූං පුතා

          මම ඉතින් පුළුවන් හැම වෙලාවෙම එනව නංගී හැබැයි ඉතින් කියන්න දුකයි අයියාගේ කතාව දානකම් විතරයි.. එතකං ඔයාලත් එක්ක මං අනිවාර්යෙන්ම සතුටින් ඉන්නවා

          1. ඒත් අනේ….

            ඔයා කීවනේ මගේ කතාව එනකල් ඉන්නවා කියලා …????

          2. උක්කූං පුතා

            කොහේ හිටියත් එදාට එන්නම්කො…මේ ඇප් එකේ කතා ලියපු හැමෝටම වටිනා කමක් දුන්නා ඉතින් අලුතෙන් ලියන කට්ටිය ගේ කතා දැම්මොත් මං කොහේ හිටියත් ඇවිල්ල අනිවාර්යෙන්ම කොමෙන්ට් එකක් දාලා යන්නම්..

          3. අනේ මන්දා අයියේ ….

            අයියා යනවා කියද්දී හරි දුකයි ඒත් ..???

          4. දිල් (නුවර)

            අපිට ආදරේ නම් අපි ඔයාගේ නංගිලා නම්, ඔයාගේ පවුල වගේ නම් කවදාවත් ලොකු නෑවිත් ඉන්න එකක් නෑ නේද

          5. උක්කූං පුතා

            Dill පොඩ්ඩි මං මේ හරි එන්නේ උඹලට ආදරේද නිසා තමයි…කියන්න ගොඩක් තිබ්බත් මං කියන්නෑ මෙතනත් පුළුවන් වෙලාවට ඇවිල්ල කොමෙන්ට් දාලා දුක සැප බලලා යනවා ඇරෙන්න මං ආයෙ වචනයක් කතා කරන්න කිසිම දෙයක් ගැන

  29. උක්කූං පුතා

    සුභ උදෑසනක් මගේ දඟයෝ ඔක්කෝටම හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම..අසනීප වෙලා ඉන්න අම්මලා සහෝදර සහෝදරියෝ වගේ මගේ දගයෝ ඔක්කොටම ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  30. දිල් (නුවර)

    අපිට වටින සමහර මිනිස්සු ඉන්නවා නේද,
    එයාලව කොයිතරම් හිරකරලා ලගින් තියාගන්න හැදුවත් යන්න ඕන නම් ඉන්න තියෙන හේතුවටත් පයින් ගහලා යන්න යනවා.
    අපෙන් වැරදි වෙලා ඇති.
    එක්කෝ අපිව එපා වෙලා ඇති
    නැත්තන් අලුත් අය හමුවෙලා ඇති
    පුංචිම හරි දුකක් තියෙනවා නම් එහෙම යන්නේ නෑ.

    1. උක්කූං පුතා

      මං මේකට රිප්ලයි කරන්නෙ නෑ මයි නෑමයි… හැබැයි දෙයක් කියන්නම් වටින මිනිස්සු ඉන්න ඕනේ හදවතේ ????

          1. දිල් (නුවර)

            ඒකත් ඇත්තනේ. ලොකූ දන්නවය.

  31. ? Imasha Shehani ?

    සදූ.අක්කේ ????????
    ඔන්න දැන් තමයි කතාව කියෙව්වෙ ?

    හොල්මන් කතාවක් නිසා රෑට කියවන්නෙ නෑ.? මං තනියමනේ දොයි ගන්නේ ඉතින් ?? එපාර එක එක එව්වා මැවිලා පේනෝ මට.

    කතාව හරි සිත් ඇද ගන්නා සුලුයි. තාම හොල්මන් නෑනේ පළවෙනි කොටස නිසා. නිකිණි ළග ඉන්න සෙල්ලම් බෝනික්කද දන්නෙ නෑ හොල්මන් කරන්නේ ? සමහර විට බෝනික්කා කියන ඒවා නිකිණි කරයිද මන්දා.

    අලුත් බබාගෙ වැඩ එක්ක අම්මයි, තාත්තයි busy වෙලා නිකිණිව එයාලට මග ඇරෙයිද දන්නේ නෑ ?

    අක්කිට සුබ පතනවා තවත් ලස්සනට කතා ලියන්න හැකියාව ලැබෙන්න කියලා.
    ජය වේවා ✌

    1. Sandu (kandy girl)

      ඉමා නංගී..

      මේක තාම නම් බය හිතෙන් නෑ.. ඒ නිසා සෑ කියවන්න.. අන්තිම හරිය තමා ඉතින් බය..ම්න්න් කීවට ඒත් බය හිතෙයිද දන් නෑ ඉතින්.

      හොලමන් කරන්නේ කව්ද කියලා අනිවාරෙන් අද දැනගන්න පුලුවන් ..

      නිකිණි ව අම්මලාට මඟ හැරෙයිද කියලා අපි බලමු අද ආ..

      ස්තූතියි කමෙන්ට් එකට නංගා ..සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..බුදු සරණයි

      ??????????

  32. දිල් (නුවර)

    සුභ උදෑසනක් ඔයාලා හැමෝටම
    ?????????????
    සතුටින් පරෙස්සමින් ඉන්න.
    ?????????????
    බුදු සරණයි

  33. සඳූ අක්කියෝ ….

    මං ඊයේ රෑ එහෙට මෙහෙට කැරකිලා කැරකිලා සිග්නල් ටිකක් හොයාගෙන ඇප් එකට එනකොට දොලහත් පහුවෙලා .. ඇත්තටම කීවොත් මට කතාව කියවන්න බය හිතුණා …ඒත් තාම බය හිතෙන දෙයක් නෑ නේද …

    ‘නිකිණි’….ඒ නම මට නම් හරි ලස්සනයි …

    ඒ දරුවා ගොඩක් පව් නේද …ඒ වගේ අයට රිද්දන එක ගොඩක් පව් වැඩක් .. මොකද මං එ දරුවා හිතාමතා කරගත්ත දෙයක් නොවන නිසා … විශේෂ අවශ්‍යතා තියන දරුවන් ඒ විදියට සමාජයෙන් කොන් කරද්දී එයාලා සමාජයට වෛර කරන්න පටන් ගන්නවා … ඒ විදියට බලද්දී ඒකට හේතුවත් සමාජයම තමයි …

    අනික අලුත් බබා ආවම එයා ගැනම හොයල බලද්දී එයාට ගොඩක් දුක හිතෙනවා ඇති …

    අක්කී … කතාව ලස්සනයි කියලා මට දැනෙනවා ..ඒත් බය හිතෙන එක ගැන නම් තාම කියන්න බෑ ….

    මං අක්කිට සුභ පතනවා ….
    අක්කී පරිස්සමෙන් වැඩ ටික කරගන්න …
    බුදු සරණයි …
    දළදා සමිදුන්ගේ පිහිටයි ????

          1. Sleeping beauty

            මාත් හොදින්..??හොදින්ම කියන්නත් බෑ ඉතින්…කැස්සයි හෙම්බයි හැදිලා..හච්චින් යනෝ අප්පා එක දිගට..මාව විසික්කා වෙනවා..??

          2. ? Imasha Shehani ?

            ඊයේ හොදට හිටියේ ?
            එකපාරටම මක්කයි උනේ ?

          3. Sleeping beauty

            ඊයෙත් ඒම තමා හිටියෙ මැණික ..ඒකනෙ වැඩිය එවෙන් නැත්තෙ…??

          4. ? Imasha Shehani ?

            ඒ උනාට කමක් නෑ හොට්ට අමතක කරලා නිතරම එන්න ඕන ඉතිං ?

        1. Sleeping beauty

          මේ බලහල්ලකො…මැරෙන්න වැටිලා හිටියත් ඇප් එකට වරෙන් කීවා වගේනේ..??

          1. Sleeping beauty

            ගේ වැඩ පටන් ගත්තද අක්කී..සදූ අක්කි වගේම ඔයත් බිසී වෙයි ඒනම්..

          2. දිල් (නුවර)

            ඊයේ ටිකක් වැඩ ඇල්ලුවා විතරයි නංගා. මැෂින් එකෙන් ගොපොල කපන්න ඕන. ඒකට මං නිවාඩු දවසක් වෙන්නත් ඕන.

          3. Sleeping beauty

            එහෙමද ..පරිස්සමට වැඩ ටික කර ගන්න අක්කී..??

          4. දිල් (නුවර)

            හපොයි බෝලේ. ඉඩමේ පස් කපන්න ඕන කීවේ. ගේ හදන්නනේ. ඒකයි අරම කීවේ

    1. Sandu (kandy girl)

      ඕ නිශූ ..

      බය හිතෙන එකක් නම් ඉතින් නෑ..ඉස්සරහට බලමුකෝ..

      මාත් ආසයි නිකිණි කියන නමට…

      ගොඩක් වෙලාවට සමාජයයේ වැරදි කරන පුද්ගලයන් බිහි වෙන්නේ කොන් කිරීමක එහෙම නැත්තන් විවේචන බහුලවම කෙනෙක්ට කීම වගේ දේවල් නිසා..ඒක ගොඩක් ම වෙන්නේ කුඩා කාලෙදී…

      කෙනෙක්ගෙ යටි හිතේ තැන්පත් වෙන සියුම් වේදනාවන් කාලයක් යද්දී පැසවලා මතු වෙනවා තුවාලයක් වගේ.. නැනැත්තන් පිළිකාවක් වගේ..

      එහෙම උනාම ඒ පුද්ගලයා නාස්ති වෙනවා විතරක් නෙවේ සමාජෙටත් පිලිලයක් වෙනවා..

      ගොඩක් ස්තූතියි නංගා කමෙන්ට් එකට ..සතුටින් පරිස්සමෙන් ඉන්න..

      බුදු සරණයි …

      ??????????

      1. ? Imasha Shehani ?

        මම වතුර බීවේ නෑ අනේ වෙරි වෙන්න.?
        ජෝ බීවෙත් ගෙදර ඇවිත්.

          1. ? Imasha Shehani ?

            ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවට අපහාස කරන්න එපා අක්කේ ??

          2. Sleeping beauty

            එතකොට වතුර කියන්නෙ මොන භාශාවෙන්ද මැණික ??

          3. Sleeping beauty

            එතකොට ජෝ??ශුද්ධ සිංහලෙන් මං හිතන්නේ..??

      1. දිල් (නුවර)

        මට නම් කම්මැලි. මේ දවස් වල වැඩ අඩුයි. දොයි මතයි ???

          1. දිල් (නුවර)

            මටත් ඒත් බෑනේ ඉතින්. ගෙදර නෙමේනේ

      2. ? Imasha Shehani ?

        ???? ම්ම්ම්ම්
        අදත් දිව්‍ය අමුර්තය බොන්න ලැබුණා එහෙනම් ?

        දිල් අක්කි නියමයි හොදේ

        1. Sleeping beauty

          පොඩි කාලෙ නම් ඇන්දා.ගොඩක්ම කොට ඒවා නෙමේ හොදේ…හැබැයි ඕලෙවල් කාලෙ ඉදන් එහෙම ඇන්දෙ නෑ..දැන් නම් ගොඩාක් අදින්නෙ දිගට ගවුම

          1. Sleeping beauty

            අත් කොට ඇදුම් අදින්නෙත් නෑ..මං ආසම අතේ මැණික් කටුව ගාවටම අත් දිග ඇදුම් අදින්න..ඒවාන්තමයි වැඩිපුර තියෙන්නෙත්..??

          2. ? Imasha Shehani ?

            බුදාම්මෝ ??
            මන් නම් අත් දිග ඒවට කැමති නෑ. මට හරිම අපහසුයි ඒවා. ??
            මන් අදින්නෙ සාමාන්‍යයෙන් ටී-ෂර්ට් වගේ ඒවා ?

          3. Sleeping beauty

            මං ගෙදර ඉන්නේ තනියමනේ දවල්ට..ඒ නිසා ටී එකයි ශොඉටයි තමයි මගේ ජාතික ඇදුම..??

          4. Sleeping beauty

            මං ගෙදර ඉන්නේ තනියමනේ දවල්ට..ඒ නිසා ටී එකයි ශෝටයි තමයි මගේ ජාතික ඇදුම..??

          5. Sleeping beauty

            මාත් එහෙමයි අක්කී..trouser අදිනවා..ඒත් දැන් මහත නිසා ඒවා අදින්න බෑ??..අලුතින් ගත්තු ඔක්කොම ගවුම්..මං ආසම ගවුම් අදින්න තමයි..??

          6. ? Imasha Shehani ?

            මං ගවුම්වවලට ආස නෑ ?
            ගවුම් වැඩිය මං ළග නෑ.

          7. Sleeping beauty

            මාශා මැණික ..මාත් ඉස්සර ඔයා වගේ තමයි ඉන්න ඇත්තෙ..ඇටකෝටු පෑදිලා හිටියේ..ඒකට දැන්..කුට්ටි කරලා මස් කඩේකට වික්කැහැකි..??

      1. ? Imasha Shehani ?

        ඒනම් ලස්සනයි අෆ්ෆා.?
        තාරි කිව්වනම් ඊටත් වඩා සස්සනයි ?

          1. දිල් (නුවර)

            දිල් කියන්නේ ගමේ අය. ගෙදර අය. මං.ආසම නම

        1. Sleeping beauty

          මගෙ එකත් දැක්කොත් අහුලා ගන්න හොදේ..ඒකෙ හිටියෙ real sleeping beauty ??

          1. හම්බුනොත් ගෙනත් දෙන්නම්..මගේ එකෙත් හිටියෙ real මිනෝ?

    1. ? Imasha Shehani ?

      ඒක තමයි ?
      කොහොමද මිනෝ ආන්ටියේ ජීවිතේ? ?
      මල්ද ,ගෙඩිද, මුල්ද ?

          1. Sleeping beauty

            අක්කිගෙ දිව දිග වැඩිද මංදා..??

  34. ? Imasha Shehani ?

    මට ගෙදරට කියන්නේ චූටි දූ ?
    ආයේ ඉතින් මට අවුරුදු 55ක් උනත් චූටි දූම තමයි ?
    ගෙදර අය, නෑදෑයෝ, අසල්වාසීන් හැමෝම කියන්නේ එහෙමයි.

    මගෙ පොඩියා , පොඩි දූ
    ලොකු අක්කි , ලොකු දූ ☺️☺️

    1. Sleeping beauty

      මට නම් එහා ගෙදර ඉන්න අවුරුදු 1 හමාරෙ පොඩි බබී කතා කරන්නෙත් සුදූ කියලා..??

      1. ? Imasha Shehani ?

        මරු ?
        මරු නෙවෙයි අපි මරා ගන්නවා ?
        මේ ළගදි පොඩී මගෙ අත හපලා මට ජලභීතිකාවත් හැදෙනවා තව පොඩ්ඩෙන් ?

        1. Sleeping beauty

          හපන ලෙඩේ මටත් තියනවා..මගෙ හොදම යාලුවන්ව..එතකොට ලගම නෑයෝ..මගෙ දත් පහරවල් වලට නිතරම මූන දෙනවා..මගෙ වැඩේම හපන එක..??

          1. ? Imasha Shehani ?

            අපොයි අපොයි ?
            අක්කිව ඉක්මනින් ම දොස්තර කෙනෙක්ට පෙන්නන්න ඕන. ඕක එච්චර හොද ලෙඩක් නෙවෙයි ?

    1. ? Imasha Shehani ?

      මොන පිස්සුද අක්කෙ ?
      මං ඉදලා හිටලා එයාගේ අත පය පොඩ්ඩක් ඇල්ලුවට වඩා ගන්නෙ නෑ ?
      මට හරි බයයි අනෙ… ?

      1. Sleeping beauty

        අනේ ඇයි ඒ..වඩා ගන්න්කෝ..මං නම් ඉපදුනු ගමන් බබාලවත් වඩා ගන්නවා..ඕනි වයසක බබෙක් මං වඩා ගන්නවා..බය වෙන් නැතුව වඩා ගන්න අනේ..??

        1. ? Imasha Shehani ?

          අපෝ පුරුදු දාංගලයක් අක්කි එයාට තියෙන්නේ ?
          අත පය ගස ගසා දගලනවා .
          ඒ නිසයි ගන්න බය ?

          1. Sleeping beauty

            අනේ චූටි පැටව් ඒම තමයි..හරහට වඩා ගෙන පපුවට තද කර ගත්තම ශෝක් එකට ඉන්නවා…මට නම් ඕවා හොදට පුරුදුයි..??

          2. ? Imasha Shehani ?

            ??????????

            අපේ ගෙදර අයට මාව සත පහකට sure නෑ අක්කි ?

            මං පොඩි එක්කෙනාව බිම අතාරියි කියලා බයයි හැමෝටම ??

            ඊයෙ නම් හැමෝම කොට්ටයක් උකුළෙන් තියලා වාඩිවෙලා මට තියාගන්න දුන්නා

  35. Sleeping beauty

    අභී ව දැක්කෙ නෑ නේද ගොඩාක් කාලෙකින්..ෆියූ මචීව දැක්කෙත් නෑ..එයාට වැඩ ඇති මේ දවස් වල ගොඩාක් ..

  36. Sandu (kandy girl)

    කෝ මේ බුබූ මල්ලී.. නහයෙන් අඬ අඬ මට හීනෙනුත් කරදර කරා හොල්මන් කතා ඉල්ලලා..

    ඒත් කතාව දුන්නම කොල්ල මිසින්..?

  37. සදූ අක්කි ඔන්න අද තමයි කතාව කියෙව්වේ මේ දවස් ටිකේ පොඩි වැඩ වගයක් තියනවා අක්කි. ඒකයි පරක්කු වුනේ හොදේ කතාවනම් සුපිරි. මන් ආසයි හොල්මන් කතාවලට තාම ඉතින් අද්භූත ජවනිකා නෑනේ බලමුකෝ ඉතින් ඉස්සරහට

    නිකිණි පව් අනේ.ඒ වගේ ළමයිව සමාජයෙන් කොන කරන එක කොච්චර නම් නරකද ඒ අයට ආදරයයි ඕනේ පව් ඒ පුංචි හිත කොච්චර රිදෙන්න ඇතිද . ඉස්කෝලේ ළමයි එයාව කොන කරද්දි ඒ කෙල්ල අසරණ වෙන්න ඇති.බලමුකෝ ඉතින් ඉස්සරහට මොකක් වෙයිද කියලා

    ඉතින් අක්කි කතාව ලස්සනයි.මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ?❤️
    තෙරුවන් සරණයි?❤️

  38. ?_?_?_??_? ?(නිම්?..)

    සඳූ අක්කියෝ දැම් තමයි කතාව කියෙව්වෙ☺️☺️.
    කතාවනම් අක්කිය ලස්සනට පටම් අරම් තියෙනව හොදද.ඉක්මනට හොලම්න් සීන් එකට එන්ටර් වෙන්න හොදේ ශීට් එක ඔලුවෙ ඉදම් පොරවන් ගැහි ගැහී නිදා ගන්න ආසයි ඒකයි??.
    ඇත්තටම අක්කිය හොලන කතාවක් ලීවට ඒක කියවන ඔක්කොටම ලොකු ආදර්ශයක් අක්කිය දීල තියෙනව.මුලිම්ම ඒකට ස්තූති කරන්න ඕනි ඔයාට??.
    ඇත්තටම අද ගොඩක් විශේෂ අවශයතා තියෙන ළමයි ඉන්නව.ඒ ගොඩක් දෙනෙකුට ගොඩක් තැන්වල වෙන්න නික්ණිට උනා වගේ දේවල් තමයි.අනේ මන්ද මිනිස්සු මෙච්චර ගොන්ද කියල මටනම් හිතා ගන්න්වත් බෑ අක්කියෝ.ඕම අයට විහිලු කරන මිනිස්සුන්ටත් ඒ විදියටම වෙන්න ඕනි එතකොට තේරෙයි ඒක කොච්චර දුකක්ද කියල….??
    කරපු පින් මහිමයෙන්
    මිනිසෙක්ව ඉපදුනා
    දෛවයේ සරදමෙන්
    එක පයක් ලෙඩ උනා
    මාව දකිනා සැවොම
    සිනහවී සරදම් කලා
    ඒ දුකට උණු කදුළු
    ඇස් අඟින් රීටුවා…
    අම්ම ගෙන ආ
    මගෙ සූටි නංඟියට
    පණ තරම් ආදරෙයි
    ඇයත් ලොකු වී
    මට සිනහා වේ දැයි
    පුංචි මගෙ සිත
    මැසිවිලි නගයි
    මව පියා දුන් සෙනේ
    දැම් ඉතිම් අඩු වෙන හැඩයි
    හිතේ ඇති දුක් කන්ද
    තව තවත් ඉහල යයි…?
    ……..නිකිණි……
    කෝම උනත් කතාවනම් ලස්සනයි අක්කියෝ.දිගටම කතාව ලියන්න ඕනි හොදද.☺️☺️.
    බුදු සරණයි අක්කිට.හැමදාම හිනා වෙලා පරිස්සම්ට සතුටිම් ඉන්න හොදද??

    1. Sandu (kandy girl)

      ඉශූ නංගා..

      ඔයාට පුලුවන් වෙලාවට කමෙන්ට් එකක් දැම්මා නේ.. ඒ ඇති මට.. කතාව කියව්වා කියලා දැනගත්තම සතුටුයි …

      ම්… මේ කතාවෙ ඉන්නෙ නිකිණි කියලා විශේෂ අවශ්‍යතා තියන තවත් එක ළමයෙක් විතරයි …

      ඒත් ඒ වගේ කිදෙනෙක් අද වෙනකොට ලෝකේ තමන් ගැන දුක් වෙනවා ඇත්ද..

      නේද…

      රස්තා මාළුවෝ..
      ————————-

      අද හොල්මනව අදුන්වලා දෙන්නම්කො හරිය..ඕං නම් කියන්න මං එවන්නම් තනියට හොල්ලමක්…

      ඔයා කීවා වගේ මේ කතාවෙ තියන එකම ආදර්ශේ විශේෂ අවශ්‍යතා තියන දරුවන්ට ආදරේ කරමු කියන එක..ඒක තේතේරුම් ගන්න ඕනි දගයෝ මයි…

      අනිවාරෙන් ම මල්ලී අපි කාටහරි ඇද කරොත් ඒ කෙනෙක්ගෙ හිත පෑරුවොත් ඒක පටිසන් දෙනවා මයි..

      නිසදැස ලස්සනයි මල්ලී …

      ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නට ම…සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම …

      බුදු සරණයි …

      ???????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.