Katha Ahura

නිකිණි | 03 කොටස | කතා අහුර රචක

4.9/5 - (16 votes)

“මොකුත් නෑ.. මට උදව් කරනවද ඔයා..?

“ඔව්…”
——————-

“එන්න මන් ඔයාට දෙයක් පෙන්නන්න..”

සෙනේශා එයාව එක්කන් ගියේ කලුවර කාමරේකට..එකේ එක තැනක තිබුනා පහනක් තියපු මේසයක්.ඒකේ උඩ තිබුන පෙට්ටියක් ඇරලා සෙනේශා නිකිණිට බලන්න කිව්වා.

නිකිණි බැලුවම ඒකෙ තිබ්බේ නිකිණි වගේම පොඩි ගෑනු ළමයෙක්ගෙ පොටෝ ටිකක්.. තව නිකිණිගෙ ස්කෝලෙ බැජ් පොටෝ එකක්..ඒවා දැකලා නිකිණි පුදුම උනා.

“මේ ඉන්නේ මන් නේ.. ඒත් මේ ළමයි මගේ පන්තියෙ ඉන්න ළමයි නෙවේ.. ඒත් ස්කෝලෙ මගෙ.?”

“ඔව්.. මාත් ගියේ පොඩි කාලේ ඒ ස්කෝලෙට.. ඔයා ගියපු පන්තියට..”

“මේ මන් නෙවෙද එතකොට?”

“නෑ මේ ඔයා නෙවේ මන්. නිකිණි ඔයා මගෙ නංගි. ඒත් ඒ ගැන කාටවත් කියන් නෑ කියලා පොරොන්දු වෙනවා නම් මන් හැමදාම ඔයා ලඟම ඉන්නවා..”

නිකිණිට දැනුනේ අමුතුම සීතලක් උරහිසට..එයා බෙල්ල හරවලා බැලුවා..ඒ තිබුනේ සෙනේශගේ අත..නිකිණිට සතුටක් දැනුණා..මොකද එයා එක්ක ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ කවුරුවත් මෙහෙම ලඟින් ඉදලා නෑ.

“හරි මන් කියන් නෑ..,අක්කා..”
එයා සෙනේශගෙ මූනට එබිලා කිව්වා.

“හරි..දැන් අපිට පුලුවන් එකතු වෙලා පලිගන්න..” සතුටින් හිනා වුන සෙනේශා කිව්වා.

“නිකිණි නංගී ඔයා මේ බෝනික්කා ගන්න..” එයා පෙට්ටියෙ තිබුන පොඩි බෝනික්කෙක් නිකිණිට දුන්නා.

“එපා..මට ඉන්නවා ආයුකී.”

“ආයුකී මට දෙන්න ඔයාව මතක් වෙන්න..මේ මගේ මීලි බෝනික්කා ඔයාගන්න මාව මතක් වෙන්න..”

නිකිණි කල්පනා කරා..

“හ්ම්..ආයුකී..මේ ඉන්නේ මගේ අක්කා..එයා නංගි වගේ නෙවේ.. මං වගේ..ඔයා බය නැතිව එයා එක්ක ඉන්න.. ටික දවසක් මන් මිලීව තියාගන්නම්..” එයා එහෙම කියලා ආයුකීව සෙනේශට දුන්නා.

“ඔයා දැන් යන්න. කාටවත් මන් ගැන කියන්න එපා..එහෙම උනොත් අපිට පලිගන්න බැරි වෙයි නිකිණි.”

“හා.”

“ඔයාට ඕනිම වෙලාවට මීලිට කතා කරන්න.. මන් ඔයා ලගට එනවා..”

“හා..”

නිකිණී එහෙම කියලා ආපහු ගෙදරට ගියා..යනකොට අම්මලා නිකිණිව හොයනවා හැම තැනම..

“නිකිණී.. චූටි දූ..මගෙ මැණික කොහෙද ගියේ..අපි ගොඩක් බය උනා පුතේ.”
නිකිණිගෙ අම්මා දුවගෙන ඇවිත් නිකිණිව තුරුල් කර ගත්තා.

“ඇයි මාව හොයන්නේ..? ඔයාට මෙතූ ඉන්නේ.”

“අනේ දූ..ඒම කියන්න එපා..අම්මිගෙ චූටි දූ ඔයානෙ..” ඇස් වල පිරිලා තිබුණ කඳුලු පිහදාගෙන යශෝ කීවා..

හැමෝම නිකිණිට ආදරෙන් කතා කරලා කොහෙද ගියේ ඇහුවා..

“මන් ගියේ වත්තේ ඇවිදින්න..”

“අපි බැලුවානෙ.. දූ හිටියෙ නෑ.” අත්තම්මා කිව්වා.

“හිටියා අර ලොකූම ලොකු ගහ ලග..”

ඇය කීවේ ඇයට තේරුණ හැටියට..ඒක අහලා හැමෝගෙම මූණ වෙනස් උනේ ලොකු බයකින්..

“දූ ආයෙ එහෙ යන්න එපා..ඒ පැත්තේ ලොකු ලිඳක් තියෙනවා..වැටෙයි. අනික නයි එහෙමත් ඇති එතන හුඹහේ..”

“හා..” ඇය ගස්සාගෙන ගෙට ගියා.

“යශෝ..මන් උබට කිව්වා කෙල්ල බලාගන්න කියල.අපිවත් නොයන මූකලානෙ මේ පොඩි එකී කොහොම ගියාද සියඹල ගහ ලගට..!”
අත්තම්මා කීවේ තරහෙන් වෙව්ල වෙව්ල.

“අනේ අම්මා මට සමාවෙන්න.මන් ආයේ දූ ගැන බලාගන්නම්..”

“හ්ම්..කියල විතරක් බෑ..එක විනාඩිය ඇති දෙයක් වෙන්න.පස්සෙ ඇඬුවා කියලා ආයෙ මුලට යන්න බෑ නෙ.”

“ඔව් අම්මා.. මට මගේ ලොකු කෙල්ල ගැන බලන්න බැරි උන ටිකට මට ඒ මැණික නැති උනා.ආයෙ ඒ දේ දෙවනි ට වෙන්න දෙන් නෑ මන්..”

“අපි ඕක නවත්තමු දැන්..වැලලුන දේ මතු කරන් අඬන්න ඕන් නෑ..”

ඔවුන් දෙන්නම සැනසුම් සුසුම් හෙලුවේ නිකිණි හොඳින් ආව නිසා..

———————————–

හවස් වෙනකන් නිකිණි මීලි අරන් සෙල්ලම් කරා..බෝනික්කාගෙ වෙනස ගැන කාටවත් ගානක් නෑ.

සෙල්ලම් කරන්න නුවන් ලඟට ගිය නිකිණි කතාකලේ එයාට අප්පච්චී කියලා.ඒක ඇහුනම නුවන්ගේ හිත ටිකක් ගැස්සුනා.ඒත් කාගෙන්හරි එයා ඉගෙන ගෙන කියනවා ඇති කියලා නුවන් හිත හදාගත්තා..මොකද එයා දන් නෑ කෙල්ල දවල් වත්තට ගියපු සිද්දිය.

රෑ වෙද්දී නිකිණි අම්මා ලඟ ඉන්න බෑ කියලා වෙන ඇඳක් ඉල්ලලා ඇඬුවා. කොහොමහරි අඬලා එයා දින්නා.නිකිණි මීලිවත් තුරුල් කරන් නිදගත්තා..

රෑ දොලහා වෙද්දී නිකිණිට නින්දෙන් ඇහුනා කවුරුහරි එයාට කතා කරනවා වගේ..

“නිකිණී..මගේ නංගී..නිකිණී..නැගිටලා එන්නකො.”

නිකිණි ඇහැරුනත් එයාට කාවවත් පෙනුනේ නෑ..ඒත් කටහඬ ඇහුනා..

“නිකිණී.. එලියට එන්නකෝ.. ජනේලෙ ලග ඉන්නේ මන්.. එන්නකො.”

නිකිණිට ඇහුනේ කෙදිරිලි සද්දයක්.. එයා හෙමින් හෙමින් ඇදෙන් බැහැලා ජනේලෙ ලගට ගියා.ජනේලෙ ඇරලා ඒකෙන් එලියට පැන්නා..එයාගෙ වෙලාවට ජනේලේ කූරු නෑ.

එලියට ගියපු නිකිණි කටහඬ දිගේ ඉස්සරහට ගියා..නිකිණිට පෙනුනේ කලුවර නෙවේ. ආලෝකය පිරුන පරිසරයක්. එයා ගිහින් තිබුනේ සියඹලා ගහ ගාවට.හරියට වශියකින් වගේ.

නිකිණිට දැනුනා තද සීතලක්. වටේට මීදුම එකතු වෙනවා වගෙ පෙනුනා.. මීදුම මැදින් පෙනුනේ ශෙනේශාව..

” අක්කී..ඇයි එන්න කීවේ..?”

“නංගී මට ඔයා උදව් කරනවා කීව නේ..මට දැන් උදව් කරන්න. ඔයාව ඕනී..”

“හා..”

“ඔයා කැමතිද පාවෙන්න..එතකොට ඔයාට වඩා ලොකු අය එක්ක උනත් ගහගන්න තරන් බලයක් එනවට කැමතිද..හරියට අර සුපර් මෑන් වගේ..”

“හානේ..ඔව් අක්කා..”

“හ්ම්..නංගී මන් ඒ බලේ ඔයාට දෙනවා.. ඔයා මන් කියන දේ කරන්න ඕනී..”

“හා..මොකක්ද..?”

“ඔයා යන්න මේ සියඹලා ගහ ලගට..ඒකේ මුල ලග තියෙනවා වලදාපු බෝතලයක්..ඒක අරන් ගිහින් ගමේ කෙලවර තියෙන ගඟට දාන්න ඕනී..තව වත්තේ දඹ, කෝන් ගස් මායිම් තුනක්.. තියනවා.ඒවා මුලත් තියෙනවා පොඩි බෝතල් තුනක්..ඒ ටිකත් අර ගඟට දාන්න ඕනී..”

“හා මන් ගස් දන් නෑ.”

“මන් ඒ තැන් හැම එකකටම එක්කන් යන්නම්..ආ මේ ඉන්න ගන්න පොලව හාරන්න..”

එහෙම කියලා සෙනේශා පොඩි යකඩ කූරක් නිකිණිට දුන්නා..දෙන්නම ගස් ලඟට ගියා.. සෙනේශා දුරින් ඉදන් චූටි කෙල්ලව හසුරුවනවා.. නිකිණිට වෙන දේ ගැන මහ ලොකු වැටහීමක් තිබුනේ නෑ..එයා නිකන් රොබෝවක් වගෙ සෙනේශගෙ කීමට වැඩ කලා..එයාගෙ ඇඟ ඇතුලේ අමුතුම ජවයක් තිබුනා.

හැම බෝතලයක්ම අරන් දෙන්නම
ගඟට දැම්මා.. සෙනේශට දැනුනේ ලොකු සතුටක්.. එයාගෙ නංගී ගැන පලවෙනි වතාවට දැනුණේ ලොකු දුකක් වගෙම ආදරයක්..හැබෙයි ඒක අන්තිම වතාව ත් උනා.

“නංගී දැන් ගෙදර යන්න..අදට මේ ඇති. මන් හෙටත් රෑ එන්නම්.. අපි දෙන්නම යමු ගමනක්..”

“හා..”

එහෙම කියලා නිකිණි ආපහු ගෙදර ගිහින් ඇදට වැටුණා.එයාට තදටම නින්ද ගියා..

————————————-

පහුවදා උදේ ඇහැරුනත් නිකිණිට රෑ උන මොන දෙයක්වත් මතක නෑ.. ඒත් එයා හැසිරුනේ නම් නිකන් පාවෙන කෙනෙක් වගේ.. කොහොමත් ටිකක් හිතුවක්කාර අමුතු ගති තිබුන තනිවමම ඉන්න නිකිණි ගැන එයාගෙ පව්ලේ අයට අමුත්තක් වෙනසක් තේරුනේ නෑ..

අත්තම්මගේ ගෙදර ඇවිත් ඉන්න තුන්වෙනි දවස මේ..එදා පරණ අවුරුදු දවස.. හැමෝම සතුටින් හිටියාට නිකිණි නම් හිටියේ සුපුරුදු විදියටම තමා..මිලී එක්ක මුල්ලකට වෙලා සෙල්ලම් කරා.

45 thoughts on “නිකිණි | 03 කොටස | කතා අහුර රචක”

    1. Sandu (kandy girl)

      සුබපැතුම් මිනෝන් akkiyo …??????????????????????????????????????????????????????????????????????????????????????

  1. සඳූ අක්කියෝ …

    අනේ ….. මොකක්ද මේ වෙන්න යන්නේ …. කතාවේ හැටියට නිකිණි බබාට කරදරයක් එයි වගේ … එයා සෙනේශා කියන දේ හරියටම අහනවා නේද .. නිකිණි ලවා එයා මොනවා කරගනීද අප්පේ … දැන් නම් ඉන්නවා නේද ගුප්ත බෝනික්කෙක්… මිලී…

    බඩ්ඩක් කියන්නද අක්කී …. මට අදනම් චුට්ටක් බය හිතුණා ….???

    පුංචි කෙල්ලගෙත් වැරැද්දක් නෑ නේද … ඕනෑම කෙනෙක් ළං වෙන්නේ තමන්ට වැඩිපුර ආදරේ දැනෙන තැනට..එයාලා එයාලාගේ ළඟ ඉන්න අයගෙන් ආදරේ මදි කියලා දැනුනොත් ආදරේ දැනෙන තැනට ළං වෙන්නේ එයාලාටත් නොදැනීම … විශේෂයෙන් පුංචි දරුවෝ … හොද නරක වැටහීමක් නැති එයාලා සමහර වෙලාවට ජීවිතේ අමාරුවේ වැටෙනවා දන්නෙම නැතුව …

    අයියෝ… කතාවෙන් පිට පැන්නා නේද …. නිකිණිට නම් සෙනේශාට ළං වෙන්න හේතුවක් තියනවා නේ… මොකද සෙනේශා කියන්නේ නිකිණිගේ අක්කීනම් ….

    මට නම් බය හිතුණා අද ….ඒත් කතාව කියවනව නොවරදවාම … හොදද අක්කියෝ … මට හොල්මන් කතා වලට ආසා හිතුණා .. ඊයේ රෑ කලින් දාපු එකකුත් කියෙව්වා …

    මං සුභ පතනවා මගේ අක්කියෝ …..
    ඔයාගේ වැඩ ටික කරගන්න පරිස්සමෙන් ….
    දළදා සමිදුන්ගේ පිහිටයි ????

    1. Sandu (kandy girl)

      නිශූ නංගා…

      නිකිණි පොඩ් ළමයෙක් නේ..එයාව ඕනිම දෙයකට පොළඹවා ගන්න හරි ලේසි යි. සෙනේශාගේ අරමුණ එයා දන්නේ නෑ..එයා කරන්නේ සෙනේශා කියන දේයි.

      මිලී බෝනික්කා ගැන හරියටම දැනගන්න නම් කතාව ඉවර වෙනකං ඉන්න වෙනවා..

      ඊයෙ බය හිතුනා නම් නංගට අද එක කියවන්න වෙන එකක්ම නැ…..

      හොල්මන් කතා තමා නංගා මාත් ආසම.. ඒව කියවන්න තමා මුලින්ම ඇප් එකට ආවෙ..

      පොඩි දරුවෝ විතරක් නෙවේ නංගා .. සංවේදී ඕනීම මනුස්සයෙක් හොයන්නේ ආදරේ ..තමන් කැමති වෙන ආදරේ කෙනෙක් ළඟ තියේ නම් ඒ කෙනා කව්ද කියලා හොයන් නෑ ඔය කවුරුවත් ම ගොඩක් වෙලාවට ..

      ස්තූතියි කමෙන්ට් එකට නංගා ..සතුටින් පරිස්සමෙන් ඉන්න ..

      බුදු සරණයි …
      ????????????

  2. කවුරුවත් නෑ වගේ නේද ….

    මාත් ගිහින් එන්නම් එහෙනම් …..

    ගුඩ් නයිට් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ …..
    ☺️☺️☺️☺️
    අසනීප දඟයෝ ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….
    ??
    එතකොට කලින් දොයියපු යාළුවනේ …සොරී හොදද වෙනවෙනම සුභ පතන්න බැරි වුනා මට …
    ???
    ඉතින් මගේ දඟ යාළුවෝ ඔක්කොටම දළදා සමිදුන්ගේ පිහිටයි …..????
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද ….

  3. Avi 1999 (kandy)?

    සදු අක්කියො නිදාගන්ට ගිහින් අක්කිගෙ කතාව දැකලා මම් ඔන් ආපහු ආවා ?? කතාව කියවනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ .. අද නම් මටත් ටිකක් බය හිතුනා අක්කි ..තව තව ඉස්සරහට යද්දි හොද හොද සිද්දි තියෙයි නෙද ??

    මට හිතෙන්නෙ සෙනේශා නිකිණිගෙම අක්කා කෙනෙක් කියලා … නිකිණිගෙ අම්මට නිකිණිව හම්බෙන්ට කලින් හම්බෙච්ච පළවෙනි දරුවා වෙන්ට පුළුවන් නේද ඒ.. එයත් මොකක් හරි වෙලා මැරෙන්න ඇති . නැත්නම් එයත් කොර ළමයෙක් නිසා එයාව හැමෝම විහිලුවකට ගත්‍ත නිසා එයාට ඒවා දරා ගන්ට බැරුව ජීවිතේ නැති කරගත්තද දන්නැ .. මට හිතෙන්නෙ සේනෙශාගෙ ආත්මයෙන් බේරෙන්න වලලපු බෝතල් වෙන්ටැති ඒ ගස් වල යට වලලා තිබ්බෙ…දැන් සෙනේශා නිකිණිගෙනුත් පලි ගන්ට ඉඩ තියෙයි මට හිතෙන විදියට ?

    අනෙ කතාව සුපිරි අක්කි ..ඒ තරම් ලස්සනයි කතාව … අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? …තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    1. Sandu (kandy girl)

      අවී නංගා..

      මට හරි සතුටුයි ඔයා මේ තරම් උනන්දුවෙන් ආසාවෙන් කතාව කියවනවට..

      අද මීට වඩා බය හිතේවි නංගියො.

      ම්…සෙනේශා නිකිණි ගෙ අක්කියද..නැත්තන් වෙන නෑ කෙනෙක්ද.. යශෝගෙ පළවෙනි දරුවා සෙනේශා ද.. වෙන කෙනෙක් ද.. එයාට මොකද උනේ…

      ඕං මං නම් මේවා දන් නෑ හරිය.

      සෙනේශා සියදිවි නසාගැනීමක් කරගෙන ද දන්නෙ නැතියෝ…

      ඔයාගෙ අනුමාන ඔක්කොම හරිද කියලා අද රෑට සන්දු කියන්නම් කීවා..

      ගොඩක් ස්තූතියි නංගා කමෙන්ට් එකට ..

      සතුටින් පරිස්සමෙන් ඉන්න …බුදු සරණයි ..

      ????????????

  4. අම්මා… සදු අක්කි… කතාවනම් සුපිරි එළකිරි පට්ට හැමදේම… ???

    එතකොට සෙනේශා නිකිණිගේම අක්කා…. අර යශෝ කීවේ ලොකු දුව කියලා… ඒ තමා එතකොට සෙනේශා නේද… මීලී නිකිණි ළග තියෙන හින්දා වෙන්න ඇති සෙනේශා පහසුවෙන්ම නිකිණිව හසුරුවන්නේ… මට නම් එහෙමයි හිතෙන්නේ… මිලී නිකිණිගෙන් ඈත් කරානම් හොදයි වගේ…??

    මට නුවන් ගැන කිසිම පැහැදීමක් නැ… එයා නිකිණි ගැන හොයන් නැ නැ වගේද කියලා මට හිතෙනවා… හැබැයි යශෝ නම් නිකිණි ගැන බලනවා… සමහර විට වැඩත් එක්ක හැමෝටම නිකිණිව මගැරෙනවා ඇති…??

    නුවන්ලා ගමෙන් යන්න ඇත්තේ සෙනේශා මැරුනන් පස්සේ වෙන්න ඇති… අර බෝතල් තුන සෙනේශාගෙන් ආරක්ෂා වෙන්න වලලපු ඒවා වෙන්න ඇති.. ඒවා හින්දා සෙනේශාට පලිගන්න බැරුව ඉන්න ඇත්තේ… ඒත් මට තියෙන ප්‍රශ්නේ සෙනේශාට පලිගන්න ඕන කාගෙන්ද කියන එක…එයාගේ පවුලේ අයගෙන් ද… ම්හ්.. හිතාගන්න බැ… බලමුකෝ නේද…??

    කතාව ගොඩක් ලස්සනයි අක්කි… හරිම ආසාවෙන් කි⁣යෙව්වේ මං.. හෙට කොටස එනකල් හදිස්සි දැන්නම්..??

    අක්කිගේ ප්‍රශ්න ඔක්කොම ඉක්මනටම විසදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා… පරෙස්සමින් ඉන්න අක්කි… බුදුසරණයි ❤️❤️❤️

    1. Sandu (kandy girl)

      .අනා සකලේ නංගා..
      අද උදේ සකලබුජං සිංදුව ඇහුණා රේඩියෝවකින්..ඔයාව මතක් උනා..

      නිකිණි ගේ අක්කා සෙනේශා කියලා ඔයා හිතනෝ නේද.. හ්ම්.. ඒම වෙන්න ඇති…

      බෝනික්කා නිසාද මේ හැම දේම වෙන්නෙ නිකිණි ට..

      ම්… නුවන් කියන්නේ නිකිණි ගෙ තාත්තා නේ.. එයා මීට වඩා එයාගෙ දූ ගැන හොයන්න ඔනි තමා.

      අම්මට නම් සමාව ඩිංගක් දෙන්න පුලුවන් ..එයාට තව දරුවෙක් ඉන්නවානෙ හැම දේම කරලා දෙන්න ඕන. ඒත් ඉතින් අම්මෙක් කියන්නෙ අම්මෙක්ට..

      එයාගෙ විශේෂ අවශ්‍යතා තියෙන දරුවා ගැන අවදානෙ ආදරේ දෙන්න තිබුනා ..

      ඔයාගෙ අනුමාන හරිද කියලා බලන්න අද.. හරි ගියොත් මට අයිස්ක්‍රීම් ඕනි..

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා ..ගොඩක් පින්.

      සතුටින් පරිස්සමෙන් ඉන්න …

      බුදු සරණයි ..

      ????????????

  5. Hello how are you guys? It’s raining heavily here….
    This is good time to sleep.

    I will read the story and leave a comment in a little while.

    චුටි චුටි අඩුපාඩු ඇති ඒවා හදාගෙන කියවන්න, ❤️

  6. උක්කූං පුතා

    අද කොටස නම් සුපිරි සුපිරි සුපිරි පට්ට suppa suppa suppa…ජනේලයෙන් පැනපු හරිය නම් චුට්ටක් බය උනා හොඳෙ එ ටික සුපිරියටම ලියලා තියෙනවා… ඔන්න ඔහොම තමයි ඔල්මන් කතා ලියන්න ඕනේ…

    දැන් තමයි නංගි කතාව කියවල ඉවර වුණේ පොඩ්ඩක් අවුල් වගේ අද මට..ඇත්තටම කතාව හරිම ලස්සනයි නංගි මම අනුමාන කරපු එකක් හරි යනවා වගේ මට තේරෙනවා…හොල්මනක් එක්ක පුංචි දැරිය කතා බව කරන විදිය ඔයා ලස්සනට ගලපලා තියෙනවා ඒක තමයි වැදගත් වෙන්නේ මේ කතාවෙන් මට නම්. එතකොට මේ ඇත්තම අක්කා… ඒ කියන්නේ මේ අක්කගෙන් ඉස්සර ගමේ කට්ටියට කරදර වෙලා තියෙනවා.. ඒකයි එහෙම ආරක්ෂා දාල තියෙන්නෙ…ඒත් පොඩි අවුලක් තියෙනවා ආරක්ෂා දාපු තැනකට හොල්මනකට යන්න පුලුවන්ද ? ඒ ගැන වැඩිය දන්නෙ නෑ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා

    අඩුපාඩු නම් කිසිම දෙයක් නෑ නංගී kathawa supirima supiri චුට්ටක් හදවතට දැනුණොත් බය වෙන සීන්…. පළිගන්න චේතනාව ඔය විදිහට ආවොත් අනේ මන්දා මං කිව්වේ මේකෙන් මට ගන්නා අදර්ශ දෙකක් තියෙනවා කියලා.. බලමු ඉස්සරහට තව කොටස් පහක් තියෙනවනේ

    ඉතින් මේ වගේ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සදු නංගි..ඔයා දුකෙන් ඉන්න දේවල් ඔක්කොම ඉවර වෙලා සතුට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්

    1. .ලොකු බ්‍රදර් හොල්මන් වලට යන්න බැ… ඔය කුප්පි ලඟට ඒකයි එයා කෙනෙක්ව ඒ වැඩේට යොදාගත්තේ..
      මිනිස්සුන්ට කොහොමත් ඔය කුප්පි අල්ලන්න පුළුවන්නේ.
      අනේ මන්ද ඉතින් මාත් ඕවා හරියටම දන්නෙ නැ හොදේ..

    2. Sandu (kandy girl)

      …ලොක්කයියේ …

      ම්..මේ කොටසෙ ටිකක් නේ ඔයාල බය උනේ..අද රෑට තව ටිකක් හීතල වෙයි…

      මං නම් හොල්මන් වලට කියන්නේ හොල්ලම් කියලා..අයියා කියන්නේ ඔල්මන් කියලද…මං වගේ හරියටම කියන්න අයියේ.

      අයියා අවුලෙන් ඇයි…???

      අයියා අනික් හැමෝම හිතන දේවල් වලට වඩා වෙනස් විදියට කතාව දකිනවා.. ඒ ගැන මට සතුටුයි ..ඒකනෙ අයියගෙ කමෙන්ට් එකට මං මෙච්චර කැමති.

      ම්..ආරක්ෂා කරන තැන් වලට හොල්මන් වලට යන්න බෑනි ලොකූ…ඒකනෙ නිකිණි ව යවන්නෙ සෙනේශා ඈතින් ඉදලා.. අනික ඒ ආරක්ෂාව දාලා තියෙන්නේ කොයි විදියට ද කියලා අයියට දැනගන්න පුලුවන් ඉස්සරහට …

      ගොඩක් ස්තූතියි කමෙන්ට් කරාට අයියේ.. ගොඩක් පින්…

      සතුටින් පරිස්සමෙන් ඉන්න …
      බුදු සරණයි ..

      ????????????

  7. දිල් (නුවර)

    ගුඩ් මෝර්නින් ලොකු
    ????????????
    ගුඩ් මෝර්නින් දග පවුලේ හැමෝටම
    ???????????
    හැමෝම පරෙස්සමින් ඉන්න
    බුදු සරණයි
    දෙවි පිහිටයි

  8. ?රශී ?

    අක්කි මේ කතාව කියවලාම නෑ මන්…කියවලා කමෙන්ට් එකක් දාන්නම් සමාවෙන්න හොඳද …???

  9. ?රශී ?

    මගෙ ඉශූ බෝලේ අනේ ඔයාව පේන්නැතිව නෙවෙයි මැණික මන් යනකොටනේ ඔයා එන්නේ ඉතින් .සමාවෙන්න ඒම මගෑරුන නිසා.මගේ බෝලේව පේනවා මට.එන්නම් ආයේ වෙලාවක හොඳද …සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ….????????

  10. ?රශී ?

    සුභම සුභ උදෑසනක් අයියා බෝලේ…??
    සුභම සුභ උදෑසනක් මගෙ මචී ??
    සුභම සුභ උදෑසනක් දග බෝල හැමෝටම ……??

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ….??

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම …බුදු සරණයි ….????

    මාශෝ මාව පච කරනවා නෙවෙයි හරිද….රස්තා බූබූ එක්ක එකතුවෙලා මන් දැක්කා හොදේ ….??

  11. අනේ ඇත්තටම සමාවෙන්න ඊයේ කමෙන්ට් එකක් දාන්න බැරි උනාට අකුණු ගහන නිසා නිදාගන්න ගියා.
    ඉතින් දැන් කමෙන්ට් එකක් දාන්නම්.
    කතාව ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම චුට්ටක් සමහර තැන් වල නම් ලාවට වගේ බය උනා….
    තව හොල්මන් කතාවට අමතරව චූටි අබිරහසකුත් තියෙනවනේ… කවුද මේ නිකිණි ගේ අක්කා කියන්නේ.
    එයා කොහොමද මැරුණේ…
    ඔන්න ඔය වගේ චූටි චූටි පුරස්න ටික තමයි තියෙන.. අපි බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නේ කියල…
    සුභ පැතුම් කිව්වා කැන්ඩි ගර්ල්.
    Uuummmmmaaaa…..

    1. Sandu (kandy girl)

      දඟයෝ ..

      ඔයාලගෙ පැත්තට වහිනෝද.. අපිට වහින් නෑ ..ඒත් වැහි අඳුර තියේ දවසම.

      ඊයේ ලාවට බය උනාට අද තව ටිකක් වැඩිපුර බය වෙයි..

      නිකිණි ගේ අක්කා කව්ද කියලායි කෝමද මැරුනෙ කියලායි අද රෑට කියන්නම්කො…

      ගොඩක් ස්තූතියි මල්ලී කමෙන්ට් කරාට…

      සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි .

      ????????????

  12. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ටිකට ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

    බලාපොරොත්තු ඉෂ්ට වෙත සුබම සුබම සුබ දවසක් වේවා හැමොටම ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  13. Sandu (kandy girl)

    සුබ උදෑසනක් වේවා දඟයෝ ඔක්කෝටම …???????????????????????

    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න …
    බුදු සරණයි …???????????????????????

    1. Sandu (kandy girl)

      තැන්කූ චතු නංගියා..

      ස්තූතියි කතාව කියවනවාට..
      හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි …

      ????????????

  14. සදූ අක්කි ඉක්මනින් කතාව කියවලා කමෙන්ට් එකක් දාන්නම් හොදේ මේ ටිකේ ටිකක් වැඩ අක්කි ඒක නිසා පස්සෙ කමෙන්ට් එකක් දාන්නම් අනිවාර්යයෙන්ම හරිද ?

    1. දිල් (නුවර)

      කතාව මරු අක්කී. බය හිතෙනවා රෑට කියවන්න නම්.ඒත් කුතුහලයක් තියෙන්නේ එතකොටනේ නේද. ඇත්තමට කතාව පට්ට ඔයා දක්ශයි අක්කී එක එක විදියේ කතා ලියන්න පුලුවන් ඔයාට. ඒ අතින් ඔයා නියම වැඩකාරියක්.

      අනේ ඇත්තටම මට ඔයාව මතක නෑනේ. ඔයාට තාරිකා අක්කීව මතකද, මදුශානී අක්කි අර කොට චූටි අක්කී , මට ඔයාව මතක නෑනේ.ඔයා කැඩෙට් කලාද සදු අක්කී . ඇත්තටම කවුද ඔයා ?

      ලස්සනට කමෙන්ට් නෑ කියලා තරහා වෙන්න එපා. පුලුවන් විදියට කමෙන්ට් දාන්නම් අක්කී. බුදු සරණයි .හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්තනා කරනවා මං.පරෙස්සමින් ඉන්න

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.