Katha Ahura

නිකිණි | 05 කොටස | කතා අහුර රචක

5/5 - (1 vote)

එකපාරටම තද සීතල හුලඟක් ආවා..
……………….

විල්සන් වෙව්ල වෙව්ලා ටෝච් එක මිදුල වටේටම ඇල්ලුවත් කිසි කෙනෙක්ව දැක්කේ නෑ..

“නිමලා… තොපි ගෙට වෙලා හිටපියව්. මා..න් ගේ ව..ටේ ඇවිදලා එන්නම්. මේ..මේ මොන එකාද ම..මාට කොලොප්පම් කරන්නෙ බලන්න.”

“අනේ ඒයි තමුසෙ වැනි වැනී යන්න ඕන් නෑ. මෙහෙට වෙලා ඉන්නවා.දැන් ගල් ගහන් නෑ මොකෙක්වත්..”

“නෑ නෑ….මාන් බලලා..එන්නම්.උබ වහගනින්කො දොර!”

නිමලා එපා කිව්වත් විල්සන් දොර එලියෙන් වහන් ගේ වටේ ඇවිදින්න ගත්තේ කුනු හරපෙන් බැන බැන. එයා වට දෙකතුනක් ඇවිදලා ගෙට යන්න හැදුවෙ.

විල්සන්ට කවුරුහරි කතා කරනවා ඇහුණා.

“විල්සන්..විල්සන්..එන්න විල්සන් මේ පැත්තට….”

යව්වනියකගේ හරිම ලස්සන කටහඬක්..අහන් ඉන්න ආස හිතෙන කිංකිණි හිනාවක්..තාලෙකට ගීතයක් වගෙ මුමුණන හඬට විල්සන් මෝහනය උනා..

“විල්සන්..මෙහෙ එන්නකෝ..මේ මන්.. ”

“ක. ක..කව්ද..?” ඔහු ඇසුවේ කිසි දෙයක් හිතාගන්න බැරිව. මේ තරම් ලයාන්විතව තමාට කතා කරන කෙනා බලාගන්න විල්සන්ට ඇති උනේ ආශාවක්.

“..ම්…කියන්නේ නෑ..එන්නකො බලන්න.. ”

“කො කොහෙද ඔයා ඊන්න්නෙ..?”

“ම්ම්… මේ වත්ත පහල.. දොල ගාව.. මේ බලන්න විල්සන්… මේ දොලට හඳ එලිය වැටිලා ලස්සනයි..මන් ආසයි මේ හඳ එලියට..එනවද ඒ ලස්සන විඳගන්න මාත් එක්ක..”

ඇයගේ කටහඬට මත් උන විල්සන් ඒ හඬ ඔස්සේ පහළට ගියා.ඔහුට පෙනුනා ලස්සන සිහින් උස සිරුරක් තියන තරුණියක් දිග ගවුමක් ඇදන් උස හැට් එකක් දාන් ඔහුට අත වනන හැටි..

ඇයට කිට්ටු වෙත්ම ඇගේ සුන්දරත්වයෙන් රාගයෙන් මත් උන විල්සන් ඇය පස්සෙන් යන්න පටන් ගත්තා..

ටික වෙලාවකින් නැවතුන තරුණිය විල්සන් එයා ලඟටම එනකන් බලන් හිටියා.ඇගේ සොඳුරු රූපයට වශී උන විල්සන් මත් ගතියෙන්ම ඇයට ලං වුනා.සෙනේශාගේ අතින් ආශාවෙන් ඇල්ලුවා..එතකොටම සඳ එළිය අතුරුදහන් වෙලා රතු පාට ආලෝකයක් පැතිරුණා.ඒ එළිය නිවි නිවී පරිසරය පුරාම පැතිරුනා.බකමූණන් නරියන් වගේම උලමකුගේ කෑ ගැසීමක් ආයෙමත් ඇහුණා.

වෙන දේවල් වලට විල්සන් හෝන්දුමාන්දු උනත් එයාගේ ආශාව ඊට වඩා ලොකු උනා.විල්සන් උමතුවෙන් වගේ සෙනේශාගේ ඇගට අත තිබ්බා. ඒත් උනේ සෙනේශාගේ අත විනිවිද වෙලා අල්ලන්න බැරි උණ එක. ඒ ගමන නම් විල්සන් තිගැස්සුනා.. තමා වෙරි වෙලා ඉන්න නිසා පේන දේවල් කියලා එයා ආයෙමත් සෙනේශාව අතගාන්න හැදුවා.

සෙනේශා විල්සන් ට හිතාගන්නවත් බැරි වේගෙකින් එයාගෙ වටේ කැරකුනා.ඒ දිහා බලපු විල්සන්ගෙ වෙරි හිඳිලා ඇස් ගෙඩි දොඹ ගෙඩි වගේ ලොකු උනා.

තරහෙන් හිටපු සෙනේශා පරක්කු උනේ නෑ..එකවරම පොළවෙන් ඉහලට පාවෙන්න අරන් ටික ටික විරූපී වෙලා එයාගෙ මරණසන්න වෙලේ තිබූ රූපයට පත් උනා.කොන්ඩේ අවුල් වෙලා මූනට වැටිලා. නලලේ ඉදලා පහලට ගලන් ගියපු ලේ පාරක් මූනෙ තිබුනා. ඇග හැම තැනම වගේ ලේ.. ඇස් දෙක තනි සුදු පාටයි. .විල්සන් බලන් ඉදිද්දීම කෙල්ලගේ ඇදුම ලේම ලේ පාට උනා.මේ සිදුවීම් අස්සේ ඇහුණේ සෙනේශා මැරෙනකන්ම එයාට කරදර කරන්න එපා යන්න දෙන්න කියලා හිතෙන් විදවපු අදෝනාව..

ඒක දැකලා විල්සන් ගේ කටේ කෙලත් හිඳිලා කතා කරගන්න බැරි උනා.

“හහ් හහ් හා..හහ් හහ් හා.. විල්සන්.. උබට මාව මතකයිනෙ..නේද.. මේ සෙනේශව මතකයිනෙ..?”

“අ..අ අම්මෝ.. සෙ සෙනේශා. අ අනේ මට ය..න්..න දෙන්න්න.. කරදරයක් ..ක කරන්න ඒ එපා..”

“හහ් හහ් හා.. කරදර කරන්න එපා..? උබ මන් දෙවියෙක් කියලද හිතන්නෙ සමාව ඉල්ලන්න.අනික මන් උබව අල්ලගන්න මෙච්චර කාලයක් බලන් හිටියේ අත හරින්නද මිනිහෝ..?”

“අ අනේ මට සමා..ව.. දෙන්න දුව..!”

“ඒවා හිතන්න ඕන් නෑ විල්සන්.. එදා තමුන් මාව පනපිටින් ලිදේ එබුවෙ බේරෙන්න නෙවේනේ.තිරිසන් ආශාවන් ඉශ්ට කරගත්තෙ මන් අසරණ පොඩි කෙල්ලෙක් දුවෙක් කියලා හිතලා නෙවේනෙ. ”

එහෙම කියපු සෙනේශා විල්සන්ව බෙල්ලෙන් උස්සලා විසි කරා. ලග තිබුන ගහක වැදිලා ඔලු කට්ට පුපුරපු විල්සන් වේදනාවෙන් කෑ ගැහුවා.ඒ එක්කම ඔහුගේ කමිසය ඉරාගෙන කටේ එබුව ආත්මය අත් දෙක පිටිපස්සට තියලා වැලකින් ගැට ගැහුවා. ගහේ දර අත්තක් කඩන් යටි බඩට ගහපු ආත්මය හයියෙන් හිනා උනා.

“තොපි මගේ කට බැදලා මාව නොමරා මරද්දී මට දැනුන වේදනාව උබට අද දැනෙනවද..?”

ලේ වලින් කටේ එබූ රෙදි කෑල්ල පෙගුනා. වේදනාව හිර කරන් දැඟලුවත් විල්සන්ට කරන්න කිසි දෙයක් නෑ.තව පාරක් විල්සන් ගේ යටි කයට පහර දීපු සෙනේශා කකුලෙන් ඇදලා ගත්තා.ගැටගහලා තිබුන අත් දෙක ගහේ හීරිලා ඇගිලි කීපයකුත් ගහේ දෙබලක හිරවෙලා ගැලවුනා.විල්සන් ව අරන් දොලට ගෙනියපු ආත්මය ඔහුව වතුර යට ඔබන් හිටියා..තුන් හතර පාරක් උස්ම හිර වෙද්දී ගොඩට උස්සලා වේදනාව උපරිමයෙන් විඳවන්න සලස්වලා සෙනේශා ඔහුව ආයෙමත් වතුරේ ඔබාගෙන හිටියේ මැරෙනකන්.

මේ අතරේ නිමලායි ඔවුන්ගේ දුවයි විල්සන්ගේ සද්දයක්වත් නැති නිසා කෑ ගහ ගහ ඔහුව හෙව්වා.ගේ වටේම නැති නිසා ඇය ලඟපාත අය කීප දෙනෙක් එකතු කරන් වත්ත පහලට ගිහින් විල්සන්ව හෙව්වා.

ඔවුන්ගෙන් දෙන්නෙක් දොළ පැත්තට එනවා දැකලා සෙනේශා විල්සන්ව දොළ යටට අරන් ගිහින් ලොකු ගස් මුලක හිර කරලා ඉක්මනින් අතුරුදහන් උනා.

නිකිණිගෙ ඇදට ඇයව අරන් ගිය සෙනේශා එයාගේ ඇගෙන් අයින් වෙලා පරණ ගෙදරට ගියා.

මේ දේවල් වෙද්දී නිකිණි හිටියේ අඩ සිහියකින්. එයාට එහෙම්මම නින්ද ගියා. උදේ පාන්දර ඇහැරුනත් නිකිණිට රෑ උන දේවල් මතක තිබුනේ යන්තමට. ඇයට මහන්සියක් නම් දැණුනා.කෙල්ල ආයෙමත් ඔලුව කැකුමයි ඇග රිදෙනවා කියලා අම්මට කියලා නිදාගත්තා.

මේ වෙද්දි ගමේ හැමතැනම විල්සන්ගේ අතුරුදන් වීම ප්‍රසිද්ධ වෙලා. විල්සන්ව හොයපු මිනිස්සුන්ට දවල් වෙලා එයාගෙ මිනිය හම්බුනේ දොලේ පහළ ගල් තලාවක රැදිලා තිබිලා.

නිමලාගෙයි විල්සන්ගෙ දුවගේයි විලාපය ගමේම අවුරුදු සතුට නැති කරා.සෙනේශා නම් හිටියේ යම්කිසි සතුටකින් වගේම අනික් කෙනාගේ මාරයාව එයාට ලං කරන්නෙ කොහොමද කියලා හිත හිත..

නිකිණි ගැන ගෙදර අයටත් ගානක් නෑ හැමෝම එයාලගෙ වැඩ වල..නිකිණි ඇහැරුනේ කන්න විතරයි.වෙනදට වඩා ගොඩක් බත් කාලා ආයෙම නිදාගත්තා. කවුරුවත් එයා ගැන හොයන්න වද වුනේ නැත්තේ මරනෙ ගැන ගමේ ගිය එක එක කතන්දර වලින් යශෝගෙ පව්ලේ අයගේ ඔලුව අවුල් උණ නිසා. මොකද ඒ මරණෙ ස්වාභාවික හරි මිනිහෙක් අතින් උන මරණයක් හරි කියලා හැමෝටම තේරුන නිසා.
————————–

රෑ මැද වෙද්දී සෙනේශා නිකිණිව ඇහැරෙව්වේ ඊලඟ පළිගැනීමට යන්න..නිකිණි එක්ක එකතු වෙලා සෙනේශා සියඹලා ගහ ලගට ගියා.. ඊට පස්සේ දෙන්නම එක්කෙනෙක් වුනා..

ඊලඟට සෙනේශා ගියේ විල්සන්ගේ මළ ගේ පැත්තට.. මොකද එයා දන්නවා අද එහාට විලසන්ගේ අතිජාත මිතුරො එන බව.අනිවාරෙන් එයාලා එක්කෙනෙක් හරි රෑ වෙනකන් ඉන්නවානේ.

සෙනේශා මළ ගේ කිට්ටුවදි ලොකු කොස් ගහක් පිටිපස්සේ හැංගුනා. දැන් තියෙන්නේ සෙනේශට ඉන්න අය අතරින් පාලු තැනකට එයාගේ ඉලක්කය ගෙන්න ගන්න .සෙනේශා ටික වෙලාවක් හිටියා..එයා දැක්කා නිමල් කියන මිනිහා අජිත් එක්ක වැටමායිමට එනවා. ඒ අය ආවේ බෝතල් දෙකක් හංගලා යන්න.

“ශික් පෙරේතයෝ..එදා පටන් එකට බීපු එකාගෙ මල ගේ වෙලාවෙත් මුන්ගෙ හොර හිතයි පෙරේත කමයි හිස් මුදුනේ.” සෙනේශා හිතුවා.

නිමල් අජිත් එක්ක වැට අස්සෙන් රිංගලා පහලට යද්දී සෙනේශත් පහළට ගියා. උන් බෝතල් දෙක හැංගුවේ ලොකු අකුලක. සෙනේශා දැනගත්තා උන් දැනටමත් බීලා ඉන්නේ කියලා.

එයා ලා රෝස පාට කොට ගව්මක් ඇදපු තරුණියක් වගේ වේශයක් අරන් අඬ අඬ එයාලා එන ඉස්සරහට ගියා.

“ආන් බාන්..අර කෙල්ලක්..”

“කෝ බන් අජියා..කොහෙද..?”

“මේ එන්නෙ බන් අපි ඉන්න දිහාට.. ඒකි අඩනවා..”

“ම්..මරු කෙල්ල.දෙමුද වැඩක් එදා වගේ.”

“එකෙන්ම ආ.ඒකි සැප කඳ..”

දෙන්නම නැවතිලා කෙල්ල දිහා බැලුවේ ඇස් කරකව කරකව.

“මා..මෙ.. මගේ අම්මාට සනීප නෑ.. මට උදව් කරන්න..”සෙනේශා කිව්වා.

“ම්..හරි කොහෙද අම්මා ඉන්නේ?”නිමල් ඇහුවා.

“අර අර පාරෙන් ටික දුරක් ගියහම..”

ඇය පෙන්නුවේ හන්දියකින් එහා පැත්ත. ඒ පැත්තේ තිබුනෙ වෙලක්. නිමල් කල්පනා කරේ මේ කෙල්ල කව්ද කියලා.. ඒ වෙලෙන් එහා පැත්තේ ගෙවල් කීපයක්ම තිබුනා.ඒත් මේ වයසෙ කෙල්ලෙක්ව එයාට මතක් උනෙම නෑ.

“මේ.. අජියා මට මතක නෑනෙ බන් මේකි කවුද කියලා” එහෙම කීවේ රහසින්.

174 thoughts on “නිකිණි | 05 කොටස | කතා අහුර රචක”

    1. Sleeping beauty

      Congratulations මගෙ ස්වීටි බෝලේ..??

      ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Avi 1999 (kandy)?

        මගෙ සූටික්කි බෝලෙ ??
        අම්මො කෑම ජාති ගොඩායි ..ඔක්කොම සසායි ??

        මගෙ බෝලෙටත් congratulations දෙක වුනාට ??
        ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      2. Sandu (kandy girl)

        ??????????????????????????????????????????????????????????????????????
        ?සුබ පැතුම් මගේ බියූ බබා.?
        ??????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      ????????????????????????????????????????????????????????????????????????
      ?සුබ පැතුම් මගේ ගිනි අවිය..?
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. ?? Imasha Shehani

        congratulations අවිශ්කා අක්කී
        ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. Avi 1999 (kandy)?

    Good night ලොකු අයියෙ ❤️❤️

    Good night දග පැංචො ටිකට ??

    මගෙ බියු මැණික ඇතුළු අසනීප වෙලා ඉන්න හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  2. . සුභ පැතුම් කිව්වා අවී අක්කි..
    හෙට එන්නම් මෙහෙට වැසිබර කාල ගුණයක් එහෙනම් gb and gn

  3. උක්කූං පුතා

    කොටස් දෙකම දැන් තමයි කියවලා ඉවර වුණේ. beauty නංගිගෙ කතාවේ කොටස් දෙකයි.. ඔක්කොම කියවලා ඉවර වුණේ… ඉතිං හෙට අනිවාරෙන්ම කොමෙන්ට් කරන්නම්… තෙරුවන් සරණයි සඳු නංගී

    මාව හොයපු මගේ නම මෙන්සන් කරලා මං ගැන බලපු ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තුතියි.. ඒ වගේම ගොඩාරියක් ආදරේ මේ ලෙංගතුකමට ගොඩාක් පින්… තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම සතුටින් පරිස්සමෙන් ඉන්න,… ඇයි මේ ඇප් එක පාළුවට ගිහිල්ලා මං දැක්කා…කොමෙන්ට් ගොඩක් අඩු වෙලා තියෙනවා කට්ටිය ඇවිල්ලා ත් නෑ හෙට නාවොත් එහෙම බලාගන්න පුළුවන් ඔක්කොටම… සුබ රාත්‍රියක් පරිස්සමෙන් සතුටින් ඉන්න ඔක්කොම

    1. ?? Imasha Shehani

      ආ නපුරුස් ?

      Good morning ayiye ?
      වාසනාවන්ත ලස්සන සුබ දවසක් වේවා ඔයාට ?

      1. ? මහිංසා ?

        ලොකු කොහොමද ඉතින් ….පරිස්සමින් වැඩ කරන්න …බුදු සරණයි ඔයාට

  4. ?රශී ?

    අම්මෝ අක්කි වෙලාවට මන් දැන් කියෙව්වේ.හීනෙන් පෙනිලා නූල් දාන්නත් වෙනවා මට…කොටස් ටිකම දැන් කියෙව්වෙ ඔන්න….????

    සෙනේශා පළිගන්න එකනම් සාධාරණයි අනේ ඒත් නිකිණි පව්නේ..එයා දන්නවනම් එයාට ඔහොම උනේ අක්කා නිසා කියලා.ඇත්ත අක්කි ඔහොම බබාලා මාත් දැකලා තියේ.ඇත්තම කතාව ඒ අයට බයයි මන්.සමහරු එයාලගේ මානසික මට්ටම් නිසා වෙන්න ඇති වසයි නේද.පව් එයාලා සමාජෙන් ඒ අය කොන් වෙන අවස්ථා වැඩි පිළිගන්න අවස්ථා වලට වඩා ….මේම අක්කි ලීව එකනම් ඇත්තටම නියමයි ඉස්සරහට ශෝයි ඇති කියලා හිතෙනවා..කියවන්න බය එක තමයි අවුල…දවාලක කියවන්න උපරිම ට්‍රයි කරන්නම්කෝ මන්….හොඳද ….

    හොල්මන මටනම් මැවිලා පෙනුනා විල්සන්ට දුන්න වද ඒම…අම්මො නෑ ඉතින් සෙනේශා විදවපු තරමටම විදවලා මැරෙන්නත් එපැයි….

    කතාව මරු අක්කි ආසාවෙන් කියෙව්වා….සුභම සුභ උදෑසනක් ඔයාට…..සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි ….??

    1. Sandu (kandy girl)

      රශී නංගා…

      ඒ තරම් බය හිතුනද මේ කොටසෙදී..

      විශේෂ අවශ්‍යතා තියන ලමයි දරුනු වෙන්නේ එයාලාට වෙනස් විදියට සලකද්දි නංගා.. ඒ අයත් අනික් ලමයිට වගේම තමන්‍ ට සලකනවට කැමතී. ඒ අයව තේරුන් ගන්න ඕනි අපි.මොකද එයාලට බෑ නේ අපිව තේරුම් ගන්න.

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා ..පරිස්සමෙන් සතුටින් ඉන්න ..
      බුදු සරණයි …
      ????????????

  5. ?රශී ?

    සුභම සුභ උදෑසනක් අයියා බෝලේ….??

    සුභම සුභ උදෑසනක් දග බෝල ටික…??

    අසනීපෙන් ඉන්න දග පවුලේ අයට වගේම ඒ අයගේ නෑදෑ වෙන අය ඉන්නවානම් එයාලටත් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..???

    මාව මතක් කරපු අයටත් පින් ගොඩාරියක් …මචියෝ මාව මතක් වෙලානේ බොලේ හෙනටම….වෙලාවක් ආවාම එන්නම්කෝ මන්…ඇප් එකේ කට්ටිය කෝ අනේ….පාලුවට ගිහින්නේ….හැමෝම.හොදින් ඉන්නවා නේද……

    සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි හැමෝටම ….???

  6. ?? Imasha Shehani

    Good Morning උක්කුං අයියා
    Good Morning දග ගෙඩි හැමෝටම

    හැමෝටම සිතන සිතුම් පතන පැතුම් සියල්ලක්ම එලෙසින්ම ඉටුවන වාසනාවන්ත ,සුබ ,ලස්සන දවසක් වේවා ?

    හැමෝටම දළදා සමිදු සරණයි ?

  7. ?_?_?_??_? ?(නිම්?..)

    Gm ලොකු අයියේ☺️?
    Gm අෆේ දඟ සැට එකට☺️?
    ඔක්කොලාම ෆරිස්සම්ට සතුටෙම් හිනා වෙලා ඉන්න ඕනි හරිය
    අද කොල්ලට clz උදේ ඉදම්??.මන් හවස් වෙලා එන්නම්කො ෆෙන් හරිය??.
    සඳූ අක්කියෝ දැම් කතවට comment එකක් දාන්න වෙලාවක් නෑ මන් හවස් වෙලා comment එකක් දාන්නම් හොදද.
    ඒනම් බුදු සරණයි කස්ටියටම??
    Byee???
    Love u all???

    1. ?? Imasha Shehani

      අයියෝ ?
      මං උඩ good morning කිව්වා රස්තෝ ?
      හොදට ඉගෙනගන්න මතන් .
      පරිස්සමෙන් ඉන්න.
      තෙරුවන් සරණයි

  8. Sleeping beauty

    ගුඩ් මෝනින් ලොකූ❤️
    ගුඩ් මෝනින් දග බබාලා❤️
    තෙරුවන් සරනයි ???
    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න??? ..අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …❤️❤️

    ලොකු අයියා අසනීපෙන්ලු නේද ..ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව අයියට..තෙරුවන් සරනයි ❤️❤️

    1. උක්කූං පුතා

      මම අසනීපෙන් ???.. කවුද දෙයියනේ එහෙම කිව්වේ

      ඔයා අසනීපෙන් කියලා දැක්කම මම ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි තෙරුවන් සරණයි

  9. Sleeping beauty

    ඇරඹුනා පලිගැනුම
    ඇගෙ රුදුරු ආත්මේ
    වින කරපු උන් සැමගෙ
    අත ලගයි විනාසේ
    එක එකා මරා ගෙන
    පලි ගැන්ම නිමා කර
    නැගනියට තුති වේවි
    මට කරපු උදවුවට
    මට මෙනම ඈ හටත්
    හිමි වුනේ තනිකමයි
    මගෙ මරනෙ සිදුකරපු
    සැමට දැන් හිමි මරනයයි

    විල්සන් මරපු විදියට ගොඩාක් බය හිතුනා..අම්මෝ ඒ වේදනාව මතක් වෙද්දි ඇග හිරිවැටෙනවා..කොහොම උනත් විල්සන් කාරයට දුන්නු දඩුවම නම් සුපිරී..??

    ඊලගට අජිත් ඇන්ඩ් නිමල්..සෙනේශගෙ ඊලග ගොදුරු..එයා උන්ව මරන්න පාවිච්චි කරන්නෙ උන්ගෙ දුර්වලම පොයින්ට් අල්ලලා නේද ..මොකද උන් ගෑනු පෙරේතෙයොනේ..ඒ නිසා ලස්සන කෙල්ලක් විදියට වෙස් වලා ගත්තම උන්ව මරනයට ගෙනියන්න ගොඩක් ලේසියි…

    අනේ නිකිනිව දැන් එයාලගෙ අම්මලටත් මග ඇරිලා නේද ..සෙනේශා නිකිණිටත් කරදරයක් කරයිද..නිකිනිටයි චූටි නංගිටයි මොනවත් කරන්න එපා හොදද …ඒත් ඉතින් හොල්මනක්නේ කතාව ලියන්නේ..ඒ නිසා මට ඔයාව නම් ෂුවර්ම නෑ..??

    මගෙ සදූ අක්කී ..ඇත්තටම බය හිතෙන විදියට ,පිලිකුලක් දැනෙන විදියට ඔයා විල්සන්ව මරලා..ඒක නම් නියමයි…අනිත් දෙන්නවත් ඉක්මනට මරලා දාන්න ..ඔහොම එවුන් ජීවත් වෙන්න හොද නෑ..

    ඉතින් අක්කී..කතාව සුපිරී …පට්ට…අක්කිගෙ දක්ශකම තමයි ඉතින්..තව කතා ගොඩාරියක් ලියන්න හොදද ..අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි මගෙ අක්කී..හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න ..????

    1. Sandu (kandy girl)

      ..බියූ නංගියා..

      නිසදැස නම් ලස්සනයි කෙල්ල… ඒත්….එක්කො ඕං නෑ කියන්න.. ඔයාම බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

      අනිවාරෙන් ම නංගා.. ස්ත්‍රී දූශකයෙක් අල්ල ගන්න ඇමට ගන්න ඕං උන් කැමතිම දේ තමා.
      ඔතන්ට කොල්ලෙක් වගේ වෙස් වලන් ආවා කියලා උන් ගනන් ගන් නේ නෑ නේ.. තැනේ හැටියට ඇනේ ගහලා ඉන්න ඕනි..

      ඕ වැඩිහිටියෝ මානසිකව පරශ්න වලින් පීඩා වින්දම ඒක බලපාන්නේ පොඩි දරුවන්ට.. මොකද එයාලට දරුවො මග හැරෙනවා..

      දෙමාපියෝ දරුවෝ ගැන බලන්න ඕනි තමයි හැම මොහොතකම ..ඒත් ඇසිපිය ගහන ක්ශණයත් ඇති දෙයක් වෙන්න.. ඒ නිසා වැඩිහිටියන් ට අත් දික් කරන්න කලින් අපි සාධාරණව හිතන්න ඕනි හැම පැත්තම..

      අහ්..මට හොල්මනක් කීවා නේහ්.. යකූ හිතකින් ද මෙච්චර ලස්සන මට ඕම කීවෙ ඉබ්බියේ..

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා ..

      සතුටින් පරිස්සමෙන් ඉන්න ..
      බුදු සරණයි ..
      ????????????

  10. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වේවා හැමොටම ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  11. සුභ උඋදෑසනක් හැමෝටම… ඊයේ 9.30 ට මං නිදාගත්තනේ .. ඊට පස්සේනේ කතාව දාලා තීන්නේ …??

    පලිගැනීම ඇරඹුණු වගයි…. ??

    මරු අක්කි විල්සන්ට කරපු වැඩේ⁣ නම් යටි බඩට ගහපු එකමයි හොද… ඔවුන්ට දැනෙන්න ඕන වේදනාව කියන්නේ මොකද්ද කියලා.. ?? සිහිය නැති වෙනකල් බොනවා බීලා වනචර කම් කරනවා…??

    ⁣විල්සන්, නිමල් ,අජිත් ගෙන් විතරක් පලි අරගෙන සෙනේශා නවතී නේද… නිකිණිටවත් මෙතූ ටවත් කරදරයක් කරන් නැති වෙයිනේ… එහෙම නම් කරන්න ⁣එපා අක්කි… එතකොට සාධාරණ නැනේ…

    නිමල්ටයි අජිත්ටයි එකටම දඩුවම් දෙන්න ද අක්කි යන්නේ… එතකොට කතාව ඉක්මනට ඉවර වෙයි ද.. තව ටිකක් කතාව ඇදන් යමු නේද අක්කි…

    කතාව මරේ මරු අක්කි… සුපිරි… ආයි කතා දෙකක් නැ… අදත් හොද කොටසක් අරන් එන්න අක්කි… පරෙස්සමින් ඉන්න.. බුදුසරණයි ❤️❤️❤️

    1. Sandu (kandy girl)

      ආ..දුලා නංගා..

      කමක් නෑ ..ඔයා බය නිසානේ කලින් නිදාගත්තේ..??

      ම්.. නංගා සෙනේශා කියන්නේ හොල්මනක්..මිනිස්සු වගේ හිතන්න හිතක් නෑ එයාට..එයාට අරමුණක් නම් තියේ රිද්දපු අයගෙන් පලිගන්න ..

      ඉතින් එයාගෙන් අපි මොනා බලාපොරොත්තු වෙන්නද මන්දා කෙල්ල..

      ම්.. කතාව තාම ඉවර වෙන් නෑ නංගා.ඔක්කොම කොටස් අටයි.. ඒත් ලොකූ කීව අඩුපාඩු හැදුවම තව කොටසක් දෙකක් දික් වෙයි ද මන්ද..

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා ..
      සතුටින් පරිස්සමෙන් ඉන්න ..
      බුදු සරණයි ..
      ???????????

  12. ?? Imasha Shehani

    සදූ අක්කො ☠️??

    කතාව නියමයි අක්කි. විල්සන්ට නම් ලැබුණේ හොදම දඩුවමක් ⚒️

    මට මැවිලත් පෙනුණා විල්සන්ගෙ ඇගිලි ගස් දෙබලේ හිර උන හැටි. ?

    සෙනේශා පළිගැනීම අවසන් කරලා නිකිණිට යහතින් ඉන්න දේවිද කියලා මට සැකයි. ?
    නිකිණිට නම් කරදරයක් වෙන්නෙ නැති උනොත් හොදයි.

    සදූ.අක්කිට තව තවත් මේ වගෙ ලස්සනට කතා ලියන්න ශක්තිය ,ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
    ජය වේවා

    1. උක්කූං පුතා

      නපුරි අන්න මං ඔයා ආස කරන උදාර අයියාගේ සිංදුවක් අප්ලෝඩ් කරා මගේ යූ ටියුබ් චැනල් එකේ

    2. Sandu (kandy girl)

      ඉමෝ නංගා..

      විල්සන් මැරුනට සතුටුයි ද.. බලාගෙන විල්සන් එයි ඔයාව මරන්න එයා මැරුණ එකට සතුටු උනා කියලා තරහෙන්..

      අහ් තව බලගෙන ගස් උඩ ඒම නඟින්නේ..විල්සන් ගේ ඇගිලි ඇති ගස් වල හරිද..

      මං නම් දන් නෑ සෙනේශා මොනා කරයිද කියලා ඕං.. ඔයාම බලන්නකො ඈ ..

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා ..සතුටින් පරිස්සමෙන් ඉන්න ..
      බුදු සරණයි ..
      ????????????

    1. හොද වැඩේ හොදම වැඩේ විල්සන් ගොයියට… මම නම් කියන්නේ මේ හොද වැඩි… තව කුරිරු වෙන්න තිබ්බ අක්කේ ඔයාට.. ?? ඔය වාගේ උන්ට දෙන්න ඕනේ ඔයිට වඩා අන්ත අවසානයක්… මම බලාපොරොත්තු උනේ ඒම…?
      හරි හරි කොම හරි කමක් නෑ විල්සන් ?
      දැන් ඉතින් ඊලග ටිකට් එක කාටද කියලා තමා බලන් ඉන්න තියෙන්නේ….
      කතාව නම් මරු අක්කේ… සුපිරි…
      ජය වේවා… තවත් මේ වාගේ කතා ලියන්න හැකියාව දියුණු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා…
      තෙරුවන් සරණයි…
      ❤❤❤

      1. Sandu (kandy girl)

        පීහු නංගෝ..

        අනේ බන් කෙල්ලේ මට බෑ නෙ ඔයිට වඩා බය හිතෙන්න ලියන්න..මට වචන එන් නෑ. මන්වත් බය වෙන් නෑ අනේ ලියන ඒවට ගොඩක්.. මං හිතන්නේ මේක හොල්මන් කරන එකට වඩා පලිගන්න එක කරන කතාවක් නිසා හොල්මන් සීන් ලියන්න බැරි හැඩක්.

        ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා ..සතුටින් පරිස්සමෙන් ඉන්න ..
        බුදු සරණයි ..

        ???????????

  13. Good morning දගයෝ හැමෝටම…❤❤❤

    ඔයාටත් good morning වේලු…❤❤❤

    වාසනාවන්ත ලස්සන දවසක් හැමෝටම….

    අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා…???

    හිනා වෙලා සතුටින් ඉන්න හැමෝම…

    තෙරුවන් සරණයි….

    පරිස්සමින් ඉන්න…

    ❤❤❤ආදරෙයි හැමෝටම..❤❤❤

  14. උක්කූං පුතා

    සුභ උදෑසනක් මගේ දඟ ඔක්කොටම. කොහොමද ඉතින් ඔයාලට මාව මතකද ??. කොමෙන්ට් අඩුවෙලා ඇප් එක පාළුවට ගිහිල්ලා… මොකද ඒ… හවස් වෙලා එන්නම්කො මම… ආදරෙයි ඔක්කොටම

    සඳ හිරු තරු මත
    ලියැවුනු දේවල්
    අපමණ තියෙනවා ලොවේ අපේ
    ගහ කොළ මල් වල
    සිසිලස විදිමින්
    ඇවිදන් යන් ලොව සතර අතේ

    මිහි මව තරමට
    අප රැකගන්නා
    කවුරුන් වේවිද
    තවත් ලොවේ
    එහෙව් අපිම මිහිමව් වනසනා
    කරනා පාපය මෙතෙක් නොවේ

    රැක ගමු පන මෙන්
    නෙත් මෙන් අප මෙන්
    මතු පරපුර වෙනුවෙන් සැමදා
    මිහිමව තරමට
    වටින දෙයක්
    මේ තුන් ලොවටම
    අපහට නැතුවා

      1. උක්කූං පුතා

        කොහොමද මගේ බෝලෙ මාව මතක් කරලා තිබ්බා ගොඩක් පින් ඔයාට ආදරෙයි ඒ ලෙන්ගතු කමට

          1. Avi 1999 (kandy)?

            මම් හොදින් ඉන්නවා අයියෙ ..අයියත් පරිස්සමින් සතුටින් ඉන්නවා නේද ??

  15. උක්කූං පුතා

    4 වෙනි කොටසට කොමෙන්ට් දාන්න බැරි උනා.. දෙකටම ගැලපෙන්න මේකට දාන්නම්කො…

    හතරවෙනි කොටසේ මම පොඩි අවුල් වගයක් දැක්ක නංගි ඒක තමයි අර ඔයා එකපාරටම කතාව මැදින් පැනලා කියලා වගේ දැනුන මට.. හොල්මන් එන හරිය තව ටිකක් ඔයාට බය කරන විදියට ලියන්න තිබ්බ නංගි.. තව කුතුහලය වැඩි වෙන විදියට… හැබැයි කතාවේ බෝරින් ගතියක් නෑ කියවන්න ආසයි මොකද දරුවෙක්ගේ සහෝදරයෙක්ගේ දෙබස් ඔයා කියවන්න ආස වෙන විදියට ලියලා.. ඒ චරිත වලට පණ දීලා තියෙනවා ඇත්ත විදියට එක තමයි සාර්ථකත්වය නංගි

    දැන් කියන්නම් පස්වෙනි කොටස.. මේකෙ නම් චුට්ටක් බය වෙන සීන් තියෙනවා හැබැයි ලොකුවට එන්නේ නෑ ඔයා ඒ බය කරන විදිය තාම ඔයාට වුණු නෑ වගේ දැනෙනවා මට.. මේ කොටසේත් ඔයා කතාවලට මැදින් පැනල වගේ තේරුම මට ඒක කියන්න තේරෙන්නෑ ඒක කතාව කියවනකොට විතරයි දැනෙන්නෙ..ඒ වගේම අකුරු වැරදි එහෙම තියෙනවා කතාවක් කියවද්දී ඒවත් බලන්න නංගි හරිද…මං මේකෙ දැක්ක දෙයක් තමයි හොල්මන් සීන් වලට වඩා ඔයා පලිගැනීම කියන දේ ලස්සනට නිරූපණය කරල තියනව. ඒකත් ලොකු හැකියාවක් නංගි… පළිගන්න පුරුදු කෙනෙක් නෙමෙයි නේද ??..කතාව ලියද්දි එක පාරටම පළිගන්න ඒවා ඉවර කරන්න එපා නංගියේ ඒ අතරින් පතරින් වෙන වෙනත් සිදුවීම් දාන්න එතකොට කතාව දිග වෙනවා තව කොටස් වැඩි කරගන්න පුළුවන්…
    ඉතිං කතාව සුපිරියි පට්ට නියමටම තියෙනවා කියවන්න ආසයි ඇත්තටම අර අඩුපාඩු හදාගෙන ඊලඟ හොල්මන් කතාව ලියන්න එතකොට ඔයාගේ කතාව තමයි ලස්සනම කතාව මේ ඇප් එකේ තියෙන හොල්මන් වලින්

    ඉතින් දැනට මේ ඇති අයියා ගොඩාරියක් වැඩ නංගි… පුළුවන් වෙලාවට යූටියුබ් එක පැත්තෙ යන්න මං අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා…

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට ලස්සන දවසක්

  16. Sandu (kandy girl)

    අහ් ලොකූ.. ඉන්න මං ඔයාගෙ කමෙන්ට් එක බලලා එන්නම් අයියා..

  17. Sandu (kandy girl)

    කමෙන්ට් එක බැලුවා අයියේ.. මට තේරෙන් නෑ නේ කතාව මැදින් පනින සීන් එක.. මං නිවාඩු වෙලාවට ආයෙමත් කියවලා බලන්නම් අයියේ ඒක..

    ආ පලිගන්න සීන් එක මැදට දාන්න ඕනි කියන්නේ මොන වගේ කොටස් ද අයියේ..ගෙදර පරිසරය ඒම නැත්තන් විල්සන් ගේ පව්ලේ ඒ වෙලාවෙ වෙන දේවල් ඒමද..

    1. Sandu (kandy girl)

      අයියේ මට තව ප්‍රශ්නයක් ආවා ලියද්දී..සෙනේශා නිකිණි ගෙ ඇගට ගියහම මං එතනින් එහාට කතාව ලියන්න ඕනි තනිකරම සෙනේශා විදියටද..

      ඒ කීවෙ හොල්මන් කරන එක .. ඔය බඩු පෙරළන,පේන්න නොපෙනෙන්න එන එක වගේ දේවල් ලියන්න පුලුවන් හොල්මන් ඇගට ආවෙ නැති උනාම විතරද..නැත්තන් නිකිණි සෙනේශා උනාම ඒවා කරන්න පුලුවන් ද

      1. Sandu (kandy girl)

        ඕ ඔයා හරි අයියේ .. මට බය කරන්න ලියන්න ඕනි හැටි තේරෙන් නැනේ..මැදින් පනින එක මට තේරුනෙම නෑ නෙ අයියේ..අකුරු ගැන විශේෂයෙන් බලන්නම් අයියේ ආයේ..

        අහ්..මං මේ ඇත්තටම කියන්නෙ අයියේ..☺️මං නම් පලිගන්න හරි දක්ශයි හොඳේ.. ?මට රිද්දන හැමෝගෙන්ම මං පලි ගන්නෝ ඈ.?. එ නිසා මාව ආශ්‍රේ කරද්දී හරි පරිස්සමෙන් ..?මොකද මං හොල්මනක්..(මං නෙවේ බියූ කීවෙ)

        ම්..මේ ටිකට අද හවස් වෙන්න කලින් රිප්ලයි කරන්නකො අයියේ පුලුවන් නම්..එතකොට මට හෙට කොටසෙ ඒවා හදාගන්න පුලුවන් ..

        වැඩ පාඩු කරන් නම් එපා ඉතින්..

        අයියගෙ දිග කමෙන්ට් එකට මං කඩ කඩ රිප්ලයි දැම්මේ ප්‍රශ්න අහන්න පහසුවට..

        ගොඩක් ස්තූතියි අයියේ මේවා කියලා දෙනවට..

        සතුටින් පරිස්සමෙන් ඉන්න ..
        බුදු සරණයි ..

        ???????????

        ????? දැම්ම යනෝ වීඩියෝ එක බලන්න..???

      2. උක්කූං පුතා

        Holamana agata awama thmayi hamadeyakam karanna one abayi ekA penawanna hidan na karanne agata avilla kiyala ethakota dannwa meka holamanak kiyala mage kathawe mula nathiuwa 3weni eke hidala wage balanna ethakota thervi mama me kiyana de a balana balama pawa api danna one Baya wena vidiyata

    2. උක්කූං පුතා

      ඔයා ෆ්‍රී වෙලාවට මගේ මායාවි කතාව බලන්න.. එතකොට මං ඔය කියන හැම දෙයකටම උත්තර ඔයාට ලැබේ නංගි

      1. Sandu (kandy girl)

        ඒක මං මුලින්ම බැලුවා අයියේ ඇප් එකට ආව ගමන්..ඒත් ඒක ලියලා තිබුන හැටි මතක නෑ.. ඒක කොටස් විස්සකට වැඩි දිග එකක්නේ නේද ලොකූ..

        අපොයි එතකොට මට හෙට එක නම් වෙනස් කරන්න වෙන් නැති වෙයි…

        හරි අයියේ..ඒනම් මං ආයෙ ලියද්දී ඒකත් බල බල ලියන්නම්..

  18. Avi 1999 (kandy)?

    අම්මො සදු අක්කි ඔයා නම් ශෝයි අනෙ … විල්සන්ට නියම දඩුවම දුන්න නෙ… ඔය වගෙ තිරිසන් ගති තියෙන මිනිස්සුන්ට ඔහොම දඩුවමක් තමා දෙන්ට ඕනි … කතාවෙ සෙනේශා විල්සන්ව දොල ගාවට ගෙන්න ගද්දි අක්කි එතන විස්තර කරලා තිබ්බ විදියයි සෙනේශා වෙස් අරගෙන හිටිය විදියයි මට මැවිලා පෙනුනා අක්කි .. එතනදි අක්කි ගොඩක් සාර්ථකයි….

    සෙනේශා මැරෙන්ට කලින් වින්ද වේදනාව විල්සන්ට නියමෙට දැනෙන්ට ඇති … එයාව මරපු අනිත් අයටත් ඔය සෙතේම තමා ඉතින් නෙ… අද නිමල්වයි ,අජිත්වයි අවසන් ගමන් යවයි ?… නිකිණිව ආයෙත් එයාලගෙ ගෙදර අයට මග ඇරිලා නෙද .. නිකිණිගෙ පව්ලෙ අයගෙනුත් පලි ගයිද ඔහොම ??

    කතාව සුපිරි අක්කි ..ඇත්තටම මේ කොටස ගොඩක් බය හිතුනා… තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් අක්කිට… පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    මියදෙන්න කලියෙන්
    මා වින්ද දුක් කදුලු
    ජිවිතේ ඉල්ලලා
    වැද වැටුනු තරම් මම්
    දැනුනෙ නැ උන්හට
    මම් ගැන අනුකම්පාවක්
    ඉෂ්ට කරගත්තා මාගෙන්
    උන්ගෙ රාග ආශාවන්
    පලිගන්න කාලයයි දැන්
    මා මරපු හැමගෙන්
    විදවන්න ලෑස්තිද
    එදා මා විදි වේදනාවන්

    ?සේනෙශා ?

    1. Sandu (kandy girl)

      අවී නංගියා..

      මං ගොඩක් ට්‍රය් කරා ඔයාලව බය කරන්න.. අනී මට පුලුවන් වෙලා තියෙන්නේ ඔච්චරමයි ..? අයියගෙ කතාව බලලාවත් හැදෙන්න ඕනි මං…

      සෙනේශා ගේ පලිගැනීම පටන් ගත්තා විතරයි .. තව මොන මොනවා කරයිද මන්දා නංගා එයා..

      කෝකටත් ඔයාලත් පරිස්සමෙන් ඉන්නකො ඇප් එකෙ ඉද්දී..

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා ..

      සතුටින් පරිස්සමෙන් ඉන්න ..

      බුදු සරණයි ..

      ???????????

  19. ?? Imasha Shehani

    මං සෙනේශා නොවුණෙ විල්සන්ගෙ හොද වෙලාවට.

    එහෙනම් මං ඒ ජරා මිනිහගෙ කටේ දත් එකින් එක ගලවනවා ගලක ගහලා ?
    ඊට පස්සෙ ඇස් දෙකට අනිනවා මගෙ දිග නියපොතුවලින් ලේ ගලන්න.?

    බඩ දෙකට ඉරලා බඩවැල් අරගෙන ඔබනවා විල්සනාගෙ කටේම. ?
    එතකොට ඒ යකාටම තේරේවි ඒකගෙ බඩේ හැටි ?

    කකුල්වල නියපොතු එකින් එක ගලවලා හම ඉරනවා මස් එළියට එන්න.?

    ඔක්කෝම කරලා තමයි ඔලු කට්ට දෙබෑ කරලා මොළේ එළියට ගන්නෙ …????
    හහ්…හා හා….
    මොකද මං අර ඔක්කෝම කරන කන් විල්සනා පණ පිටින් ඉන්න ඕන.

    1. ?? Imasha Shehani

      සදූ අක්කි ?

      මේ අහිංසක කෙල්ලට දෙනවද නිමල්ව මරලා දාන්න
      ම්ම්ම්ම් ??

      1. Sleeping beauty

        අන්න මාශගෙ කතාව ඇහිලා නිමල් පෙනඩෝල් බීලා බෙල්ලෙ වැල දාගෙන පිහියෙන් ඇනගෙන ගලක් බැදන් වැවේ පැනලලු..??

        1. Avi 1999 (kandy)?

          ????

          ඇයි අර අජිත් ලාම්පුතෙල් බීලා, කොච්චියට බෙල්ල තියලා.. මුහුදටත් පැනලා.. දැන් නිව්ස් වලට කිවෙ ????

  20. සුභ පැතුම් අවියෝ..❤❤❤
    සදූ නංගි කතාවෙ කොටස් දෙක තුනක් කියවන්න බැරි උනා..කියවල කමෙන්ට් කරන්නම්..
    බියුටි නංගා ඔයාග කතාවත් කියවල කමෙන්ට් කරන්නම් එ්කෙත් කොටස් ගොඩක් මග අැරැණා..

  21. Sandu (kandy girl)

    අම්මොහ් යකූ මුන්.. අර සෙනේශා හොඳයි..දාහකින් හොයන්න බෑ ඒ වගෙ කෙල්ලෙක්…

  22. හූල්ලන සුසුම්
    හිර කර
    විද දරන් සඳවතට
    තුරැලු කර
    අහස් කුසම සොයනවා
    සෙනෙහසේ
    නෙත් ඉම
    තරැ වලා අතරින්
    මං තනන සෙනෙහසේ
    නවාතැන
    ඉක්මනින් පාවුණේ අැයි
    සුදු සේල වලා පෙළ
    ඝන අඳුරට නික්මුනත්
    හදවතින් විලිබර
    පිනි පලස නම්
    සඳ වතුර හිමින් සිප
    දෙන්න උණුහුම
    හදවතට පණ ගේන…

  23. ? මහිංසා ?

    සඳු මැණික …කතාව බය හිතෙන විදියට ලියලා තියෙනවා ..ඔයා හරි දක්ෂයි නේ මැණික .මං රෑ කියවන්න ආවේ නෑ බය වෙලා නින්ද ගියේ නැත්නම් පවුනේ නේද …අද නම් ගොඩක් වැඩ ලන්ච් ටයිම් එකේ චුට්ටක් ආව බලලා යන්න …

    ඉතින් මගේ නංගී හොඳින් ඉන්නවා නේද .

    කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින් ම පතනවා ..සතුටින් සනීපෙන් පරිස්සමින් ඉන්න …බුදු සරණයි මැණික …❤️❤️❤️❤️

    1. Sandu (kandy girl)

      මහී අක්කී…

      මං හොදින් ඉන්නෝ.. ඔයා බයයි ද අනී හොල්මන් වලට.. ඉතින් ඇයි ඒනම් මාව ආශ්‍රේ කරන්නේ..????

      අක්කි පුලුවන් වෙලාවට එන්න ..

      ස්තූතියි අක්කියෝ ..
      පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ..බුදු සරණයි ….

      ????????????

  24. Sleeping beauty

    අනේ මගෙ ඔලුවෙ කැක්කුම තවම අඩු නෑ..මගෙ කතාවෙ කමෙන්ට් වලට රිප්ලයි නෑ කියලා කවුරුවත් තරහා වෙන්න එපා මාත් එක්ක..??

    මං පුලුවන් වුනු ගමන් රිප්ලයි කරන්නම්..ලොකු අයියේ කොහොමද ඉතින්..

    1. Sleeping beauty

      අර හීනෙ එතනින් පටන් ගත්තෙ කුතුහලය දැනෙන්න තමයි ලොකූ..මොකද ඊට කලින් කොටසෙ තියෙන්නේ එයා නිදා ගන්න ඇදට ගියපු කොටස..මං නතර කලේ එතනින්..??

      1. Sleeping beauty

        තෙරුවන් සරනයි ලොකූ ඔයාටත්..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️

    2. ඔයා මාත් එක්කත් තරහ වෙන්න එපා අෑ..හැමදාම කියනව කතාව කියවල රිප්ලයි දාන්නම් කියල එ්ත් හැමදාම බැරි වෙනවා..පොරොන්දුව ඉටු කරනවමයි මං.කොටස් ටිකක් මග අැරැණා එ් ටික කියවල දිගගගගගගගග කමෙන්ට් එකක් දාන්නම් ඔක්කොටම හරි යන්න??❤

        1. Sleeping beauty

          ඔයත් පරිස්සමට ඉන්න මිනෝ අක්කි..තෙරුවන් සරනයි..ජේසු පිහිටයි..??❤️❤️

        1. මගෙ මූණ දිහා බලන් අාච්චියේ කියන්න ඔය දිව නැමෙනවද බොල???

  25. උක්කූං පුතා

    මගේ දඟයෝන්ට බොහොමත්ම ස්තුතියි. මගේ වීඩියෝ බලලා ආදරණීය කොමෙන්ට් දානවට

    1. Sleeping beauty

      අනේ මං වීඩියෝ බලනවා..ඒත් කමෙන්ට් කරන්න තේරෙන් නෑනෙ අප්පා..?

          1. හායි….අාදරෙන් කෑදරෙන් පිළිගන්නවා?❤

  26. ඔන්න සදූ අක්කි අද තමයි මග ඇරුණු කොටස් ටික කියෙව්වෙ .සමාවෙන්න ඕනා කමෙන්ට් එක පරක්කු වුනාට.දැන්නම් කතාව සුපිරි හොදේ

    විල්සන්ගෙන් පළිගත්තු විදිය මරු හොදේ, ඒකට ලැබුනේ නියම දඩුවම
    අජිතුයි නිමලුයි කියන්නේ කෙල්ලන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලන් කරන දෙන්නෙක් ඕකුන් දෙන්නට සෙනේශා දෙන්න හදන්නෙ සුපිරි වැඩක් නේද.ලස්සන කෙල්ලෙකුගෙ රූපෙන් ඇවිත් පළිය ගන්නේ සුපිරියට ඒක මරු ?
    හැබැයි සදුවො නිකිණිටනම් කරදරයක් කරන්න එපා ඕං ?

    කතාව හරිම ලස්සනයි අක්කේ මේ වගේ කතා ලියන්න තව තවත් ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ?❤️
    තෙරුවන් සරණයි?❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.