Katha Ahura

නොමියෙන සෙනෙහස | 09 කොටස | නවකතා

කතාව කොහොමද?

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය..

“ඉන්ස්පෙක්ටර්, ටිකක් ඉන්න.
මට මේ හැමෝම ඉස්සරහ ශේනුකට දෙයක් කියන්න තීනව”

“ර.. ර.. ත් තරන්”

“ශේනුක කට වහගන්න.
ඔවු මන් කලින් ඔයාට ආදරේ කලා. ඒ ඉස්සර.
මට මිස්ටර් මදනායක හම්බවෙන්න කලින් මන් තමුන්ට ආදරේ කලා තමයි.
ඒත් දැන්, දැන් මන් ඔයාට ආදරේ කරන්නෙ නෑ .
ඒක ඔයා හොදට තේරුම් ගන්න ඕකේ”

“සත්‍ය..”

“පොඩ්ඩක් ඉන්න ශේනුක මන් තාම කියල ඉවර නෑ.
ඔයා මට ගොඩක් ආදරෙ කරන්න ඇති.
ඒත් මන් ඔයාට කවදාවත් ලන් වෙන්න උත්සහ කලේ නෑ .
ඔයා තමයි මාව හැමදාම හොයාගෙන ආවෙ,
හා නැද්ද , මගෙ මූන දිහා බලාගෙන කියන්න ශේනුක”

කෙල්ලට කියන්න තීන දේවල් කියන්න දීල ශේනුක සද්ද නැතුව ඒ ඇස් දිහා බලාගෙන හිටියා.

“ප්ලීක්ස් ශේනුක, මෙන්න වැන්දා.
මන් තමුන්ගෙන් ඉල්ලන්නෙ මටයි ඩොක්ටර් මදානායකටයි පාඩුවෙ ඉන්න දෙන්න කියල ,
ප්ලීක්ස් මගෙ ජීවිතෙන් යන්න ශේනුක,
ප්ලීක්ස් මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න ”

කෙල්ල කදුලු කැට හල හල කියාගෙන යද්දි ශේනුකගෙත් ඇස්වල කදුලු බේරුනා.

“ඔ යා.. මදානායක එක් ක ඉන්..නෙ සතුටින්..ද ස..ත්‍යා..”
ශේනුක ඇහුවෙ හරිම අසරණ විදියට

“ඔවු ශේනුක ඔවු, ඇයි දෙයියනේ මට මේ විදියට කරදර කරන්නෙ.
මන් ඩොක්ටර් එක්ක ආවෙ මගේ කැමැත්තෙන් මට කවුරුත් බලපෑම් කලේ නැහැ”

“ස.. සත්..ය, මේ කතා කරන්නෙ ඔයාද?”??

“ඔවු ශේනුක මන් තමයි,
ඔයාගෙන් බේරෙන්න තමයි මන් ආදිත්‍ය කියල නම වෙනස් කලේ, ඒත් ඔයා මාව හොයාගෙන ආව,
මන් ඔයාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි ශේනුක, තවත් මට කරදර කරන්න එපා”

සත්‍ය අනික් කියල කට ගන්නත් කලින් පොලිසිය ශේනුකව ඇද ගෙන ගියේ බල්ලෙක් වගේ.

“ඉන්ස්පෙක්ටර් ඕක නවත්තන්න ”

“ඇයි මැඩම්. මේක අපේ රාජකාරිය.
මදනායක අපෙන් ඉල්ලීමක් කරල තියෙනව එයාගෙ වෙඩ්ඩින් එකේදි කරදරයක් වුනොත් බලාගන්න කියල,
මැඩම් අපිට ඩිස්ටැබ් කරන්න එපා”

“මන් ශේනුකව හොදින් දන්නව,
දැන් එයාගෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
ඒක මට හොදටම විශ්වාසයි”
ශේනුකව පොලීසිය ඇදගෙන යනව දකින්න සත්‍ය කැමති වුනේ නෑ

“මිස්ටර් මදානායක,
අපි මේකව රිලීක්ස් කරන්නද?”
ඉන්ස්පෙක්ටර් මදනායකගෙන් ඇහුවා.

“ප්ලීක්ස් ඩොක්ටර් මන් වෙනුවෙන්, අපි නිකන් හතුරො ඇති කර ගන්න ඕන නෑ ,
දැන් මන් ඔයාගෙ විතරයි.
ශේනුකව රිලීක්ස් කරන්න
අපිට ආයිත් කරදර කරන එකක් නෑ ”

“ඒත් ඩාර්ලින්..”

“ප්ලීක්ස් … මන් කියන නිසාවත්.”සත්‍ය මදනායකගෙ අතින් අල්ලගෙන කිවුවා.

“ඕකේ ඉන්ස්පෙක්ටර්. ඕකව අතාරින්න”
පොලිසිය ශේනුකව අතාරියා.

“ආයිත් වුවමනාවක් වුනොත් අපිට කතා කරන්න ”
පොලිසිය එතනින් යන්න ගියේ එහෙම කියාගෙන.

“ම..ට සමාවෙන්න , මට මදනායකට දෙයක් කියන්න තීනව,”
ශේනුක කදුලු පුරවගෙන මදනායක දිහාට හැරුනා.

“ඔවු මොකක්ද ?”
මදනායක ඇහුවෙ අමුතු ලොකුකමකින් වගේ.

“මි ..මිස්ටර් .
සත්‍ය කියන්නෙ මගෙ පන. මන් එයාට ගොඩක් ආදරේ කලා.
මන් මෙච්චර දවස් හිතුවෙ එයා මට තාම අදරේ කරනව කියල.
මට වැරදුනා.
එයා කොහෙ හිටියත් සතුටින් ඉන්න ඕන. එයාගෙ සතුට තමයි මගෙ සතුට.
එයාගෙ සතුට ඔයා.
ඔයා පුලුවන් තරම් හොදට එයාව බලා ගන්න.
කවදහරි සත්‍යව වදයක් කියල දැනුනොත් එදාට මන් සත්‍ය වෙනුවෙන් ඉන්නව.
මගෙ කෙල්ලව අදින් පස්සෙ ඔයාට බාරයි.
එයාව හොද්ට බලාගන්න.”

ශේනුක එක හුස්මට කියාගෙන ගියේ කදුලු බේරි බේරි??

“සත්‍ය මන් යන්නම් නන්ගි,”

සත්‍ය ආදරෙයි කියල හිතාගෙන පිස්සු නටපු ශේනුක මුව පොව්වෙක් වගේ අහින්සක වුනේ කෙල්ලගෙ කටින්ම ශේනුකව එපා කියල කියපු නිසා.

කොල්ල මදනායකටයි සත්‍යටයි සුබ පතල එතනින් යන්න ගියා.

දිලන්කයි රෙනුකයි පස්සෙන් ආවත් ශේනුක ඒ දෙන්බ නගින්නත් කලින් ටැක්සි කාරය කතා කරගෙන යන්න ගියා.

දිලන්කයි රෙනුකයි හැම තැනම හෙවුවත් ශේනුකව හොයාගන්න බැරි වුනා.
අන්තිමට කොල්ලො දෙන්න ශේනුකව නොබලපු තැනකට තිබ්බෙ වයින් ශොප් එක විතරයි

කොල්ලො දෙන්න එතනට යද්දි ශේනුක හොදටම බීල.
කොහොම හරි එතනින් ශේනුකව ගෙනත් ගෙදරට දාන්න කොල්ලො දෙන්නට පුලුවන් වුනා.

ශේනුකව ගෙදරට බාර දීල වසන්ති ආන්ටිගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන නිසා කොල්ලො දෙන්න ඉක්මනටම ගියා.

කොහොම වුනත් වෙලාව 8ත් පහු..

“අනේ රත්තරන් මොකද? මේ”
ශේනුකගෙ වැටි වැටි ගෙට ආපු ශෙනුකව සෝපාව උඩ හාන්සි කලා.

“අම්මි අරකි මාව නැති කලා අම්මි,
අරකි මාව නැති කලා”
ශේනුක ඉකිගහන්න ගත්තා.

ඔවෑ..ක්..
කොල්ල හොදටම වමනෙ කරන්න ගත්තා.

“ඇයි මගෙ රත්තරන් කවදාවත් නැතුව මේ ජරාව කටේ තිබ්බෙ”
තෙත මාත්තු කරපු රෙදි කෑල්ලක් අරගෙන ශේනුක්ව පිහිදාන ගමන් ශේනුකගෙ අම්ම ඉකි බින්දා.

“ඔයාගෙ තාට්ග්ත කවදාවත් මේ ජරාව කට ගැහුවෙ නෑ රත්තරන් ”

“අම්ම??.. ශේනුක වෙරි මරගාතෙ හිනාවෙන්න ගත්තා”

“අම්ම තාත්තිට බූට් තිබ්බෙ නෑනී..
මට තිබ්බ.
ඕ… මට අරකි. බූට් එක තිබ්බ.
ඉතින් මන් බිවුව”

ශේනුක වෙරි මරගාතෙ කියවන්න ගත්තා.

ශේනුකගෙ තාත්ති ගෙදර එද්දි රෑ 12ත් පහු වුනා.
ඒ එද්දි ශේනුක අම්මිගෙ උකුලට බර වෙලා හොදටම නිදි.

ශේනුකගෙ තාත්ති ආපු ගමන් හිනා වුනා.

“මොකෝ අද කොල්ල හුරතල් කරන්න හිතුනද?”

ශේනුකගෙ අම්මිගෙ ඇස්වල හොදටම කදුලු.

“ඇයි මොකද වුනේ”

ශේනුකගෙ අම්ම හැමදේම විස්තර කලා.

“ඕකි නෑ කියල කොල්ල බොන්නට්ග් පුරුදු ව්නාද?”

“අපි මේකට මොකක්ද මහත්තය කරන්නෙ?”

“ඔයි කෙල්ල තාම මගේ කොල්ලට වද දෙන එක නතර කරල නෑ වගේ”

“ඒ කිවුවෙ මහත්තයා”

“ම්.. නැ නෑ මන් කිවුවෙ තාම ඕකිගෙ වදේ ඉවරයක් නැහැනෙ ,
හොදයි මන් බලාගන්නම්කො”.??

ශේනුකගෙ ඩැඩී කිවුවෙ ගොඩක් කේන්තියෙන්.

“මහත්ත්ය, අපි පුතාව ටික කාලෙකට පිටරටකට යවමුද?

“ඒකත් නරක නෑ
කොහෙද?”

“ඉන්ග්ලන්ඩ් වලට.
නෑ නෑ ඕනෙ නෑ ”

“ඒත් මහත්තය..?”

“වසන්ති මන් කියන දේ විතරක් කරන්න ,
ආය්ත් ඒ කෙල්ලගෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
ඔයා බය නැතුව ඉන්න”

……………………………………………….

ශේනුක උදේ අවදි වෙද්දි කිසිම දෙයක් මතක නෑ .

“ගුඩ් මෝර්නින්ග් ශේනු බේබි”

“ම්… මෝනින්”
ශේනුක බොහොම අමාරුවෙන් ඔලුව උස්සගත්තා

“දෙහි එකක් ගෙනාවෙ බේබි බොන්න”

“ඊයෙ මොකද වුනේ නැනා අම්ම.

“බේබි ඊයෙ හොදටම බීල ආවෙ,
ලොකු මැඩම් සෑහෙන්න ඇඩුවා.
ඉයේ රෑ බේබි මැඩම්ගෙ ඇගෙත් වමනෙ කලා. පවු බේබි මැඩම්
බේබි නිසා ගොඩක් ඇඩුවා”

නැනා කිවුවෙ හිතේ ලොකු කලකිරීමකින් කියල මට තේරුනා.

“දෙයියනේ අම්ම!
මගෙ පවු කාරකමට මන් මගෙ රත්තරන් අම්මිවයි තාත්තිවයි කොච්චර රිද්ශනවද?
ඒකත් මන් ගැන චුට්ටක්වට් හිතන්නෙ නැති කෙනෙක් නිසා”

ශේනුක තමන්ටම කියා ගත්තා.

දවස් ගානක් යනකල් ශේනුකට සත්‍යගෙ මතකෙන් මිදෙන්න බැරි වුනා.

මේ විදියට දවස් ගනන් සති ගනන් ගෙවිල ගියා..

මතු සම්බන්දයි.

45 thoughts on “නොමියෙන සෙනෙහස | 09 කොටස | නවකතා”

      1. ?රශී ?

        ස්තූතියි මගෙ අක්කි…????
        මේ මේ අක්කියගෙ ඇහැ හැන්ඩ්සම් හොදේ…..???????

          1. ?රශී ?

            අහසේ අර මොකෝ ඒ ලැජ්ජා….???අක්කි මට වැළලෙන්න වෙන වැඩක් ඒම වෙලා නෑ නේද….මන් කීවේ මන් අදුරගෙන තියෙන විදිය වැරදිවත්ද….

    1. ?රශී ?

      ස්තූතියි පිච්ච මල….???තෑගි ගොඩටත් එක්කම ස්තුතියි හොදේ……

  1. ?රශී ?

    කෝ බොලේ වෙඩිමෙ කොටස….රයිටියෝ ඒකත් දැම්මොත්නම් මරු හොඳද ……

    මටනම් හිතෙන්නෙම සත්‍යා ශේනුගෙන් අයින් වෙන්න හේතුව ශේනුගේ තාත්තා කියලා….මොකක් හරි හොරයක් තියේ මෙතන….බලමුකෝ මොකක්ද හේතුව කියලා…

    ශේනූ දුක නැති කරගන්න කියලා බොනවා…බීවා කියලා දුක නැති වෙන්නෑනේ….වෙරි හිදුනාම තවත් මතක් වෙන එක විතරයි වෙන්නේ….

    බොදව ගිය
    මතක සිතුවම්
    මා ළගින් ම
    හරි පරිස්සමින්
    තියාගෙන ඉන්නම්
    කවදාක හෝ
    මතු දවසක
    ඔබ වෙනුවෙන්ම
    හැඩ කෙරූ සිහිනය
    යළි වර්ණ ගන්වන්න
    නැවත ඔබ
    පැමිණෙනතුරු..
    ❤❤❤❤❤❤

    1
  2. කතාව ගොඩක් ගොඩක් ලස්සනයි රයිටියො..එ්ත් ශේනුක පව් ගොඩක් පව්..sathya කියපු දේවල් වලට කොල්ලගෙ පපුව පිච්චිල යන්න අැති.දැන් ශේනුක sathyata වෙෙර කරයිද දන්නෑ..එ්මනම් කරවන්න එපා රයිටියො..sathya එ්ම කරේ මොකක් හරි අසරණකමක් හින්ද කියලමයි හිතෙන්නෙ..ඉතිං එ් ශේනුකත් වෙෙර කරන්න ගත්තොත් එ් කෙල්ල පව්නෙ..
    මං ඔයාට සුභ පතනව රයිටියො?

  3. Sandu 1995 thanamalwila

    ….රයිටියෝ.. ඔයා වෙඩිමෙ කොටස දීලා නෑ ද..නැත්තන් සර් ට අමතක වෙලා මේ කොටස දීලා ද..

    තාත්තගෙ බලපෑමටමයි සත්‍යා වෙනස් උනේ.. ඒම නැත්තන් එයාගෙ අම්ම හරි සහෝදරියක් හරි නිසා වෙන්න ඕනී..අනේ ඉතින් මට හිතෙන හැටි හොදේ..

    එලකිරි අනී කතාව.. සුබ පැතුම් රයිටියෝ..

  4. මං යන්නම් ???
    උක්කුං අයියෙ ඔයත් පරිස්සමින් ඉන්න…පුලුවන්නම් අැවිත් යන්න එන්න???
    ජේසු පිහිටයි හැමෝටම…

  5. අනේ ඔයාලා ආපහු එන්නකෝ ඔයාලා නැතුව app එකම පාලුවට ගිහින් please මං වෙනුවෙන්වත් එන්නකෝ අනේ ????????????

    1. අනේ මැනික කට්ටිය එයි.. මන් එන්නම් තව ටිකකින් හරිද අක්කිට මහන්සී බඩගිනි දෙකම.

    2. මදූ_දිල්ශා

      අනේ ඉතින් මාත් වැඩනෙ කෙල්ලේ…..ඉඩක් ලැබෙන විදියට තමා එන්නෙ.රෑට තමා සුට්ටක් ෆ්‍රී වෙන්නෙ මන්

    3. ?රශී ?

      මාත් ඒමම තමයි බෝලේ….වෙලාවක් ආවාම එනවා….එතකොට කාලුත් නෑ….ඒමම යනවා….??

  6. හෙයි ගයිස්….
    දැනුයි මන් ගෙදර ආවේ…
    නාලා කරල කාලා බීලා එහෙම එන්නම්…
    බඩගිනි හිදටම උදේට කාපු ගමන් තාම….
    ????

    1
    1. Ok මගෙ පීහු අක්කි බෝලේ පැටියෝ ආදලෙයි ගොඩක් හොඳේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      1
    2. මදූ_දිල්ශා

      නාලා,කාලා,පොඩි නින්දකුත් දාලම එන්න.එඑතකොට මහන්සියත් අඩු වෙනව නෙ

      1
    3. ?රශී ?

      අම්මෝ ඒනම් හොද ගණන් ඇති…නාලා කාලා නින්දකුත් දාලාම එන්නකෝ ඒනම්….

      1
  7. මදූ_දිල්ශා

    පාලූ කතරක
    තනි වී
    පිපාසයෙන්,
    බයෙන් ගැහෙමින්,
    තනිකමෙන් මිරිකෙමින්,
    නුබ එන
    පෙර මඟ බලන
    මා
    සඳ සාවියයි නුබේ
    කියන් මා
    සුපෙම්වත
    කිමද
    තවමත් නාවෙ නුබ,
    වැටහෙන්නෙ නැතිද
    නුබට,
    මගේ දිය පොද
    නුබම වන බව

  8. ඉපදෙන විට මව්
    කුසින් මං
    කෙතරම් සතුටුවෙන්න ඇතිද
    මව්නි නුඹ
    දෑතට ගෙන
    සුරතල් කරන්න ඇතිනෙද
    පියෙණි ඔබ මාව
    උස් මහත් වී වැඩෙන හැටි
    මං
    තුටින් විදින්න ඇතිනේද ඔබ
    දෙපල
    වයසින් මුහුකුරන මා
    පෙම් දැහැනක පැටලි
    විදින දුක් දැක ඔබ
    දෙපල
    විදවන්න ඇති නේද
    බෝම
    මට සමා වෙනු මැනවි
    ඔබ දෙපල
    මෙතරම් දුක් කදු ලු ඔබලා හට දෙන
    විට
    සමාවුව මැන මට
    සමා වුව මැන

    කතාව ගොඩාක් ලස්සනයි
    ????????
    ????????? ??????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.