Katha Ahura

නොමියෙන සෙනෙහස | 15 කොටස | නවකතාව

5/5 - (1 vote)

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…

හවස 5ත් පහු වුනා. ශේනුකටවත් හිමාශටවත් වෙලාව යනව දැනුනෙ නෑ.
එයාල එයාලගෙම ලෝකෙක තනි වෙලා.

“හිමාශා…”

“ම්…..”

“මට සමාවෙන්න කෙල්ලේ..,
මන් ඔයාට ගොඩාක් නපුරුකම් කලා”

“සමාව ඉල්ලන්න ඕනි නෑ මහත්තයෝ..
ඔයාගෙ නපුරුකම් ඇතුලෙ මට තීන ආදරේ මන් ඔයාගෙ ඇස් වලින් දැක්කා,

ඒත්, මට හිතාගන්න බැරි වුනා ඇයි ඔයා මේ තරම්ම මට නපුරුකම් කලේ කියලා ”

“මට ආයෙම ආදරයක් ගැන හිතන්න ඕනෙ වුන් නෑ හිමාශා ,
ඒකයි මන් එහෙම හැසිරුනේ”

“ශේනුක…”

“ඇයි මැනික”

“මන් ඉන්නෙ ගොඩක් බයෙන් රත්තරන්..
මට අම්මි නැති අඩුව කවදාවත් නැති වෙන් නෑ .
ඒ මදිවට මගෙ තාත්ති “??
කෙල්ල ආයෙම අඩන්න ගත්තා.

“නාඩ ඉන්න මැනික, නාඩ ඉන්න”
ශෙනුක කෙල්ලගේ කදුලු පිහි දාන්න ගත්තා

“ශෙනුක මගෙ තාත්තිට මො.. මොනව හරි වුනොත්..”
කෙල්ලට කියා ගන්න බැරි තරමට ඉකි ගැහුනා.

“ශ්… ශ්… කෝ ඉතින්..
ඔයි බලන්න අඩල අඩල මේ මූන රතු කරගන්නවනෙ ඉතින්”
කොල්ලට ඕන වුනේ දුකින් ඉන්න කෙල්ලගෙ හිතට සතුටක් දෙන්න

“ඔයා මේ ප්‍රශ්න නිසාද හිමාශා මෙච්චර අහින්සක වුනේ”
“ම්… ඔයා ඉස්සර කොච්චර නම් දගයිද?
ඔයා පසිදුලහ ආපු දවසෙත් මන් හිතුවෙ ඉස්සර ඉදපු ඒ දගකාර කෙල්ලට මක් වුනාද කියල ”

“ශේනුක අම්මි තාත්ති එක්ක හුරතල් වෙන කෙල්ලෙක්ට ජීවිතේ බරක්පතලක් තේරෙන් නෑ
ගෙදර ගියපු දාට හැමදාම අම්මි රෙදි සෝදලා කවල පොවල හැමදේම කරනව,
තාත්ති ගෙදර ආපු ගමන් මන් තාත්තිගෙ පපුවට තුරුල් වෙලා ගොඩක් වෙලා ඉන්නව.
කෙල්ලෙක්ට ලොකුම රැකවරණය තීන්නෙ අම්මි තාත්ති ලග,

ඉස්සර අපි ගොඩක් සතුටින් හිටියෙ ශේනුක ,
අම්මි තාත්තිට බත් කවද්දි මන් හැමදාම පාර්තනා කලේ මටත් ඒ වගේ ආදරයක් ලැබෙන්න කියල.

දන්නවද ශේනුක,
කෙල්ල ඉකි ගගහා කියවන්න ගත්තා.

“මන් එක්සෑම් ලියල ආවම අපි හැමෝම හිටියෙ ඕස්ට්‍රේලියා ගිහින් එන්න, ඒ වෙද්දි අපේ බාප්පි එහේ හිටියෙ,”

“ඒත් ඊට කලින් හිතා ගන්න බැරි විදියට අම්මි මාව දාල ගියා,
අපේ ගෙදර මිනි පහන නිමිල ගියා???
ඊට පස්සෙ මටම කියල මේ ලෝකෙ ඉන්න එකම වස්තුව තාත්ති,
එයත් අසනීප වුනා??”

“දැන් ඇති හිමාශා ,
දැන් ඇති ”

“ඇයි ශෙනුක මේව මටම වුනේ”

“වෙන්න තීන දේවල් නවත්තන්න බෑ නන්ගි,
අපි ගොඩක් ආදරේ කරන අය අපිව දාල යන්නෙ හිතා ගන්න බැරි විදියට ,
හරියට සත්‍ය මාව දාල ගියා වගේ”

කෙල්ල එක පාරටම ගැස්සුනා

“අ..අ..නේ ශේනුක ඔ..ඔයා තාමත් සත්‍ය ගැන හිතනවද?”

කෙල්ල එහෙම අහද්දි එක පාරටම කොල්ල ගැස්සුනා.
හිමාශාගෙ ඔලුව අත ගගා ඉදපු කොල්ල කෙල්ලගෙ ඔලුවෙන් අත් දෙක ගත්තා

“හිමාශා..”කොල්ල මොකක් හරි කියන්න හදන නිසා කොල්ලගෙ උකුල උඩ තියාගෙන ඉදපු ඔලුව, කෙල්ල උස්සගෙන බන්කුව උඩ වාඩි වෙලා කොල්ලගෙ ඇස් දිහා බලාගත්තා

“ඇත්තටම හිමාශා මට සත්‍යව අමතක කරන්න අමාරුයි ”

“එ.. ඒ.. කියන්නේ ඔයා මට ආදරේ නැත්ද ශේනුක”
කෙල්ලගෙ ඇස් දෙක හොදටම රතු වෙලා.

“හිමාශ මේ බලන්න්, ”
අහක බලාගෙන ඉදපු කෙල්ලගෙ මූන තමන්ගෙ දිහට හරවගෙන කොල්ල කතා කලා.

“මන් සත්‍යට ආදරේ කලා, ගොඩක් ආදරේ කලා.
අවන්කවම කරපු ආදරයක් එහෙම ලේසියෙන් මකල දාන්න බෑ හිමාශා
ඔවු මගේ හිතේ තාම සත්‍ය ජීවත් වෙනව”

“ශේනුක….”
අහින්සක කෙල්ලට ඉකිගැහෙන්න ගත්තා
කෙල්ල නැගිටලා යන්න හැදුවා

“ඉන්න හිමාශා,
මන් තාම කියල ඉවර නෑ.”
ශේනුක ආයෙම කෙල්ලගෙ අතින් ඇදල එතනින් වාඩි කර ගත්තා

“මන් ඔයාට ප්‍රොමිස් වෙනව,
මන් සත්‍ය ගැන තීන හැම මතකයක්ම මේ හිතින් අයින් කරන්න උපරිම උත්සාහ කරනව කියල ,
ඔයාට ඉවසන්න වෙනව රත්තරන් ”

“ඔයාව මට විශ්වාසයි ශේනුක,
මට ඒ හොදටම ඇති”
කෙල්ල ආයෙම ශේනුකගෙ පපුවට තුරුලු වුනා.

හදිස්සියේම හැමදේම සිද්ද් වුනා.
හිමාශයි ශේනුකයි කුරුලු ජෝඩුවක් වගේ ආදරෙන් මත් වෙලා,
වෙලව යනව කියලවත් තේරුමක් නැති තරමට ආදරෙන් මත් වෙලා.????

??????????????

ආදරෙන් තුරුල් වෙලා ඉදපු ජෝඩුව පියවි සිහියට ආවෙ ශේනුකගෙ පෝන් එකට ආපු කෝල් එකෙන්.

“පුතා කොහෙද ඉන්නේ,
මොකද මෙච්චර පරක්කු, නැනා අම්ම කිවුව උදේ තාත්ති කෝල් කලා කියල.
කරදරයක් නෑ නේද පුතා.
මන් මේ ඉන්නෙ ගිනි රත් වෙලා කියන්නකො පුතා”??

ශේනුකගෙ අම්මි කොල්ලට වචනයක්වත් කියන්න නොදී ප්‍රශ්න වැලක්ම අහගෙන ගියා.

“අයියෝ.. අම්ම.
ඒ කතා කලේ තත්ති නෙවෙයි ,
ප්‍රශ්නයක් නෑ… ඔයා බය නැතිව ඉන්නකෝ.
මන් මේ එන ගමන් ඉන්නේ,
ඉකමන්ට එනව”
එහෙම කියපු කොල්ල පෝන් එක කට් කලා.

“අම්මි බය වෙලා හිමාශ, මන් දැන් යන්න ඕනි.
මන් ඔයාව ගේ ලගින් දාන්නම්.
අපි යමු”

“ශේනුක මන් තාත්තිට ඔයා ගැන කියන්නද?”

“දැන්ම එපා මැනික.
මන්ම ඇවිත් අවසර ගන්නම්කෝ..
චූටි දෝනිව මට දෙනවද කියලා”
“අපි යමු”
කොල්ල එහෙම කියල නැගිට්ටා.

හිමාශා එක පාරටම නැගිටලා කොල්ලගෙ ලිප්ස් උඩින් ලිප්ස් තිබ්බා.

කෙල්ලගෙ ඉන වටේ අත් යවපු කොල්ල කෙල්ලට කතා කලා.

“මැනික හෙට මීට් වෙමු, දැන් රෑ වෙන්නත් කිට්ටුයි”

————————————————————————–

“අම්මී.. අම්මී…”
පහුවදා පාන්දරම ශේනුක එලියට බැස්සෙ හිමාශව මීට් වෙන්න යන්න කියල හිතාගෙන.

“පුතා කොහෙද යන්න හදන්නෙ මේ..”
අද මං යාලුවෙක්ව හම්බවෙන්න එන්න පොරොන්දු උනා අම්මි. පොඩි වැඩ වගේකට. ඉක්මනට එන්නම්.

“පරෙස්සමින් පුතා. ඉක්මනට එන්න බලන්න”

——

ශේනුක හිමාෂගෙන් ආපු මැසේජ් එකට අනුව ලොකේෂන් එකට ගියා. ශේනුක යද්දින් කෙල්ල ඇවිත් පැයක් විතර ගිහින්.

” මොකද ශේනුක පරක්කු උනේ. මේ කොල්ලා වෙලාවට වැඩක් කරන්න දන්නැද්ද? ” කෙල්ල හිනාවීගෙනම ඇහුවා.

” අපෝ විනාඩියක් පරක්කු වෙන්න ඇති” ශේනුක එහෙම කියාගෙනම වාඩි වුනා.

” මෙතන අපි ඉන්න බව කවුරුත් දකින එකක් නැද්ද හිමාෂා”

” නෑ. ඒකයි මං මෙතනටම ඔයාට එමු කිව්වෙ. අපිට නිදහසෙ කතා කරන්න පුලුවන් නිසා”

” හිමාෂා.. අයිස්ක්‍රීම් කමුද?
මං ඕඩර් කරල එන්නම්”

” අම්මෝ අයිස්ක්‍රීම් එකක් කාලා හරි කූල් වෙන්න තීනම් මං හරි කැමති ශේනුක”

ශේනුක හිමාෂට පිස්සීයි කියමින් නැගිටලා ගියේ අයිස්ක්‍රීම් දෙකක් ඕඩර් කරන්න හිතාගෙන.

දෙන්නත් එක්කල කතා කර කර ඉද්දින්ම හිමාෂා එක පාරටම ඈත බැලුවෙ ඇස් දෙක බෝල කරගෙන..!

මතු සම්බන්ධයි

32 thoughts on “නොමියෙන සෙනෙහස | 15 කොටස | නවකතාව”

    1. Fire ball ? ගිනී (ග්ලැසියර දිය කරනු පිනිස)

      සුභ පැතුම් දිල් අක්කේ ???????????

  1. ? මහිංසා ?

    Congratulations මගේ නංගා ..??????????????????????????????????????????? උණුසුම් සුභ පැතුම්
    .

  2. ? මහිංසා ?

    කතාව ගොඩක් ලස්සනයි ….???????????????
    හදවතින් ම සුභ පතනවා ඔයාට.. ?????????????

  3. Fire ball ? ගිනී (ග්ලැසියර දිය කරනු පිනිස)

    කතාව නියමයි රයිටි ….????
    හිමාෂා ඇයි ඇස් දෙක බෝල කලේ……………………..?????????
    කවුද ආවේ….????????
    සුභ පැතුම් ඔයාට ……??????
    ඊලග කොටසින් එන්න …. ???

  4. Sandu 1995 thanamalwila

    …රයිටියෝ අද තමා කතාව කියෙව්වේ. .. එලකිරි අනේ. ඔයගේ ලියන ස්ටයිල් එකට මන් ආසයි.

    සත්‍යා එතනට එනවාද හිමාශා දැක්කේ…

    නැත්තන් දෙන්නගෙන් කාගෙහරි තාතාවත් එනවා දැක්කද..ම්…

    නැත්තන් හිමාශා පස්සෙන් ආව කොල්ලෙක්වත් ආවද…

    ????????????????? අද කියන්න හොදේ අපිට ඒ ගැන…

    1. Avi 1999 (kandy)?

      Writy කතාව මරු හොදෙ .. හිමායි ශෙනුකවයි සෙට් කරපු එකනම් හොදයි..??? හිමාෂා කව වෙන්ටැතිද දැක්කෙ ?? දිලංකවද දන්නැ .. බලබලමුකෝ නෙ ?

      ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

  5. Kthwa nm maru hode.Eeth dennwa dmma st krapu hinda kthawe gemma nethi welwda kiylth hithenwa???????.Kma unath kthwa lssani itimm.♥️♥️♥️???????Congratulations!!!!

    1. Sleeping beauty

      මිනෝ අක්කී..මං නාලා එන්නම්කෝ..වලියකින් පටන් ගමු..??

      අක්කිත් නාලා කාලා එන්නකෝ..??

  6. Avi 1999 (kandy)?

    අනෙ මට මේකෙ ටයිප් කරන්ට බෑනෙ අප්පා ? එක අකුරක් ටයිප් කරාම ආයෙ අනිත් අකුර ටයිප් කරන්ට බෑ ?

      1. Avi 1999 (kandy)?

        ආනෙ නැ සුදු මෙහෙට අකුණු ඝනවා වහිනවා හොදටම ?? ..ඔයාව අමතක නැ මට මගෙ කොලමාලම ??

  7. ලස්සන හිනාවක් කට කොනේ පුරවා…
    ලොකු අැස් වතාවක් මා දිහා හරවා…
    හුරතල් කතාවක් ඔය මුවින් පවසා…
    එක හාදුවක්දී සනසවන් හිත මා….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.