Katha Ahura

නොමියෙන සෙනෙහස | 25 කොටස | නවකතාව

5/5 - (1 vote)

???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය????

ශේනුක එදා හවස ගෙදර ගියත් කල්පනා කලේ හසිනි ඊලඟට කරන්න හදන්නෙ මොකක්ද කියල

කෙල්ලගෙ හිතේ ලොකු දුකක් තීනව කියල කොල්ලට තේරුනා.

අම්මගෙ බලේට රෑ කෑම ගත්තු ශේනුක ඉක්මනටම ඇදට පැන්නෙ හිමාශා එක්ක මැසේජ් කරන්න කියල හිතාගෙන

“හායි..”

“හායි සුදු මහත්තයෝ,
මොකද මෙච්චර වෙලා කලේ ආ..”

“කෑම කන්න කියල ගියා,
කෙල්ල මතක් වෙලා කෑම එකත් දාල ආවා”

“අනේ මැනික,
ගිහින් කාල එන්න”

“බෑ… කවන්න ඕනි ඉතින්”??

“ආහ් ඇත්තට..
එහෙනම් බඩකින්නේ ඉන්න”

“එතකොට ඔයා මට කන්න දෙන්නෙ නෑ”

“නෑ….”

“බායී”

“වේයිට්.. වේයිට්.. බේබී
හපෝ මේ කොල්ලට තරහ යන තරම්”

“”එහෙම නැතුව බෑනි”

“ශේනුක”

“ඇයි..”

“හසිනිගෙ වෙනසක් තේරුනේ නැද්ද ”

“ම්ම්…. තේරුනා,
දුකින් ඉන්නව වගේ ඇක්ට් කලා”

“ඇක්ට් කලා කිවුවෙ”

“මට හිතෙන්නෙ එයා බොරු කරන්නෙ හිමාශා ”

“නෑ ශේනුක
මන් එහෙම හිතන්නෙ නෑ”

“ඒත් මට එහෙම හිතෙනවා”

“ඔයාට හිතෙන හැමදේම හරියනවද?”

“ඔවූ…”

“යනව යන්න මෝඩ කොල්ල”

“ඔවු ඉතින්
මන් මෝඩයි තමයි”

“ඇයි ඒ”

“නැත්තම් තමුසෙ වගේ එලදෙනඅක් කරේ එල්ල ගනීවිය”

“යනවා යන්න”

“කොහෙද?”

“කොහේ හරි”

“කමල් නැද්ද
ඔයාට තමයි පාඩු වෙන්නේ'”

“බේබී වේයිට්..
තාත්ති කතා කරනවා”

“ඔකේ සුදු,
මන් දොයියනවා හොදේ”

හිමාශාගෙන් රිප්ලයි නැති නිසා කොල්ල හිමාශාට තව මැසේජ් එකක් දාල පෝන් එක ඕෆ්ෆ් කලේ තාත්ති රූම් එකට ආවොත් පෝන් එක බලයි කියලා.

ශේනුක එහෙමම නින්දට වැටුනා.

—————-

රෑ 12.30ට විතර එදිරිසිංහ ලොකු කලබලයකින් ගෙදරට ආවා.

“අනේ ඇයි මහත්තය මේ”

වසන්ති කලබල වෙලා ඇහුවා.

“ඉවරයි…
සේරම ඉවරයි”
එදිරිසිංහ වීදුරු මල් පෝච්චි දෙක තුනක් පොලොවෙ ගසමින් කෑ ගැහුවා.

“මොකක්ද වුනේ කියන්න මහත්තය ”

“අර *කෙල්ල අපිව කෑවා.”

“කවුද කියන්නකෝ”
වසන්ති ඇවිටිලි කලා.

ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහන සද්දෙට ශේනුක ගැස්සිලා ඇහැරුනා.

කොල්ල පහලට ආවෙ මොකක් නමුත් සිද්ද වෙලා තීනව කියල හිතුන නිසා.

“අර හසිනි කියන කෙල්ල,
විජේතුංගගෙ කෙල්ල!”

“ඒ රත්නායකගෙ දුවනේ”

“රත්නායකගෙ නෙවෙයි ගෑනියේ,
විජේතුංගගෙ කෙල්ල,
විජේතුංගගෙ කියන්නෙ රත්නායකගෙ වයිෆ්ගෙ මල්ලි.

ඔයි දේපළවල උරුමක්කාරි,
රත්නායකට ලමයි නෑ,
විජේතුංග වයිෆ් එක්ක ඇක්සිඩෙන්ට් වුනහම
ඔයි ලමයව අරගෙන තීන්නෙ රත්නායක දරු කමට හදාගන්න”

“මොකක්?”
වසන්ති දෑස් ලොකු කර ඇහුවා.

“ඔවු අයිසේ ඔවු,
මගෙ ඔලුව පිස්සන් කොටුවක් වෙලා තීන්නෙ
රත්නායක දරුවට ආදරෙයි.
ඊට වඩා ඒ කෙල්ලගෙ නමට තීන දේපළ වලට ආදරෙයි”

“අනෙ මහත්තය !??
මොන පවුකාර වැඩකටද මේ අපි හවුල් වුනේ”

“මන් දන් නෑ වසන්ති
මට ඕන වුනේ මගේ පුතා සැපට ජීවත් වෙනව දකින්නයි
ඒ වෙනුවෙන් මන් අර සත්‍ය කෙල්ල….”

දඩා……..ස්

ඒ වෙලාවෙදිම ශේනුක අතින් ලග තිබුනු මල් පෝච්චය බිමට වැටුනා.

එදිරිසිංහ සහ වසන්ති ඉබේටම උඩ බැලුවා.

ශේනුක උඩ තට්ටුවේ ඉදගෙන මේ හැමදේම අහගෙනයි හිටියේ.

“පු… පු..තා”

“තාත්ති මන් මේ හැමදේම දැනගෙනයි හිටියෙ
ඔයාල මගේ ජීවිතෙත් එක්ක කලේ ලොකු සෙල්ලමක්,
ලොකු සෙල්ලමක් තාත්ති ”

“මහත්තය ඒත් අර කෙල්ලට මොකක්ද වෙලා තීන්නෙ”

වසන්ති එහෙම අහද්දි ශේනුකත් එදිරිසිංහගේ මූන දිහා බැලුවා.

“ඒ කෙල්ල කොහේ ගියාද කියල නෑලු වසන්ති,
රත්නායක මිනිහගෙ මිනිස්සු යවල හැමතැනම හොයන්න කියල”

“දෙයියනේ හසිනිට කරදරයක් වෙලා නැතුව ඇති,
අනේ දෙයියනේ එහෙම දෙයක් නම් වෙන්න එපා”

ශේනුක පෝන් එක ඕන් කලේ හිමාශාට මේ ගැන කියන්න.
කොල්ල මැසේජ් එක ටයිප් කරද්දි එක පිට එක ඇලෙට්.
ශේනුක හිමාශාට මැසේජ් එක දාලා ආපු ඇලෙට් ටිකයි මැසේජ් ටිකයි බැලුවා.

“දෙයියනේ හසිනි”
ශේනුක ඉක්මනටම ඒ මැසේජ් ටික කියෙව්වා.

“ශේනුක මාව හොයන්න උත්සාහ කරන්න එපා
එලි වෙද්දී ඒක දැන ගන්න ලැබෙයි
ඔයාගෙ ප්‍රශ්න ඉවර වෙයි.
මගෙ ජීවිතේ දුක්කිතම දවස් කීපය තමයි මේ ගෙවුනේ,
චාමික තව විනාඩි ගානකින් මේ ලෝකෙ දාල යනවා.
මේක විතරයි මන් ඔයාගෙන් හැන්ගුවේ,
එයා ජීවත් වෙන්නෙ දවස් කීපයයි කියල මම දැනගෙන හිටියා.

ඔයාල එක්ක මේ දවස් ටික මන් සතුටින් ගෙවුවා,
ඔයාල දිහා බලල මන් චාමික එක්ක මගෙ අතීතෙට ගියා ශේනුක

කව්දාවත් හිමාශව තනි කරන්න එපා.
කවුරු කිවුවත් ඔයාගෙ ආදරේ මරන්න එපා.
කොල්ලෙක්ට වඩා අවන්කවම ආදරේ කරන කෙල්ලෙක්ට තමන්ගෙ ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ”

ශේනුක එක හුස්මට කියවගෙන ගියා.

තවත් මැසේජ් එකක් හසිනි එවල තිබුනා.
ඒ වෙනත් නම්බෙර් එකකින්.

“ශේනුක,
මට කියල හිටියෙ චාමික විතරයි
මාව බලාගෙන තීන්නෙ රත්නායක එයා් මගේ තාත්ති නෙවෙයි
මගේ ඇත්ත අම්මියි තාත්තියි මව දාල යන්න ගිහින්
චාමිකත් ඒ ලෝකෙටම ගියා ශේනුක
චාමික මාව දාල ගියා???????

අම්මි මට අඩුවක් කලේ නෑ,
ඒත් එයාල එයාලගෙ වැඩ වෙනුවෙන් මාව යූස් කලා.
එහෙම කලේ මන් එයාලගෙ නෙවෙයි නිසා නේද ශේනුක
ඒක නිසා නේද?

මට සමාවෙන්න මගේ තීරනේ ගැන,
ඔයාල හොද යාලුවෝ.
ගෝඩ් බ්ලේස් යූ ශේනුක
ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න.
මම යනවා,
හිමාශව ආදරෙන් මතක් කලා කියන්න”

ශේනුක කලබලයෙන් කියෙවුවා.

“දෙයියනේ මේ කෙල්ල කොහේ යන්න ඇද්ද?”

—————

එලිවෙනතුරුම හසිනිව හෙවුවත් කාටවත් හොයාගන්න බැරි වුනා.

ශේනුක හිමාශගෙ ගෙදරට ගියේ එහේවත් ඉන්නවද බලන්න.

ඒත් හිටියෙ නෑ.

ශේනුක හැමදේම හිමාශාට කිවුවා.

දෙන්න එක්ක එකතු වෙලා හැමතැනම බැලුවා.

“ශේනුක”

“හිමාශා
මොකක් හ‍රි මතක් වුනාද”

දුක්මුසු බැල්මෙන් ශේනුක ඇහුවා.

“අපි අර හොටෙල් එකට යමු,”

හිමාශාට එක පාරටම චාමික නවාතැන් ගෙන සිටි ගෙස්ට් එක මතක් වුනා.

දෙන්න එක්ක ඉක්මනටම හොටෙල් එකට ගියා.

කිසිම කලබලයක් පේන්න තිබ්බෙ නෑ.

රිසෙප්ශන් එක ලගට ගියපු ශේනුක හසිනිගෙ රූම් එකට යන්න අවසර ඉල්ලුවා.

“සර් එහෙම ඇතුලට යන්න දෙන්න බැහැ,
ඒක ඒ මිස්ගෙ කැමත්ත ඇතුවයි වෙන්න ඕන”

“ප්ලීක්ස් මේක හදිස්සියක්”

“සොරි සර්…
අපිට හෙල්ප් කරන්න බෑ”

“මේක හරියන් නෑ හිමාශා
ශිට්…..???”

“මිස් අර ටුවෙන්ටි ටූ රූම් එකේ ඉන්න කිසි කෙනෙක්ගෙන් ආන්ස්වර් එකක් නැහැනෙ”

එතනට ටී කෝප්පයක් අතේ තියාගෙන පැමිනි අයෙක් කිවුවා.

“මොකක් යමු බලන්න”

“රිසෙප්ශන් එකේ සිටි මිස් යතුරත් රැගෙන ගිය අතර ශේනුකත් හිමාශත් ඒ පසුපස ඇදෙන්න වුනා.

රූම් එකට තට්ටු කලත් කිසි ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ.

(මේ අතර රත්නායකත් එදිරිසිංහත් හසිනිව සොයන්නට විය.)

දොර අරින්නට සිදු විය.

“ශේ…නු..ක………”

හිමාශා ක්ලාන්ත විය.

————————මතු සම්බන්දයි—————-

65 thoughts on “නොමියෙන සෙනෙහස | 25 කොටස | නවකතාව”

      1. Avi 1999 (kandy)?

        අම්මො අද frist වෙලා නෙ ??

        Congratulations රස්තා මල්ලි ❤️
        ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          Thnq sleepy Akkiyoo අනිවා 8 වැනි පුදුමෙ දැකල නැහැනි මෙච්චර කල් දැම් දැක්කනී???♥️♥️♥️

          1. Sleeping beauty

            කොහෙද බොල රිප්ලයි කරන්නේ..අපි දාපු කමෙන්ට් එකට යටින් තියන රිප්ලයි කියන තැන ටච් කරන්නකො අලේ..??

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        සොලි සොලී අලේ හී දන්නි නැහැද මේ රස්තට මොන්ගල්????

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        Thnq ජැසී මචී??♥️♥️.ම්ම්ම් සසයි හොදේ??

  1. Sandu 1995 thanamalwila

    …අනේ රයිටියෝ.. ඔයා හසිනිවත් මැරුවද චාමික එක්කම….

    පව් අනේ ඒ දෙන්නා..

    මට ශුවර්.. හසිනි දේපල ලියන්න ඇති හිමාශාට එහෙම..

    මොනා උනත් පව් අනේ හසිනි.. අනේ එයාව මරන්න එපා..දිලන්කව වත් ලං කරන්නකො..

    හරි දුකයි මට…

    1. ඔව් ඔව් සන්දු අක්කේ මටත් දුකයි.
      හසිනි මැරෙන්නේ නැතිවෙයි.
      හසිනි මැරෙන්න උත්සහ කරල ඇති සමහර විට එත් බේරෙයි.
      හැමෝටම හොදක් කරල කතාව ලස්සනට ඉවර වෙයි

  2. මගේ රස්තා කොල්ලෝ බොක්කෙන්ම සුබපැතුම් හොදේ
    හොදවැඩේ
    FF ගැහුවත් කොල්ලා වෙලාවට ආවනේ

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      අනිවා බොක්ක දන්න්වනි ඉතිම්???thnq හොදේ

  3. මමත් කලබල වුණා කතාව කියවද්දී කලබලෙන් මාත් කියෙව්වේ එත් කතාව මරු හොදේ ?????

  4. ??? Imasha Shehani

    හසිනි ඊයෙ කිව්වත් වගෙ සියදිවි නසා ගෙනවත්ද? ???
    අනේ මන්දා අෆ්ෆා.. අහිංසක මිනිස්සුන්ටමයි නිදහසේ ජීවත් වෙන්න බැරි.කරදර පෝලිමට එනවා…??

    කුතුහලය ඉතිරි කරලා තමයි හැමදාම කතාව නතර කරන්නෙ writty .??
    එපාර ඉතින් මගෙ හිතට ඉවරයක් නැතුව එක එක අදහස් පහළ වෙනවා හෙට කොටස ගැන.??
    හිතට නෑ කිසි සහනයක්…??

    මොනවා උනත් කතාව මරේ මරු..??
    ඊලග කොටස කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.????

    සුබ පැතුම් writty යො…☺️☺️☺️
    ජය වේවා……

  5. අනේ දෙයියනේ.හසිනි චාමිකයි දෙන්නම මැරිලද….නැතිනම් හසිනි මැරෙන්න ට්‍රයි කරනෝද….මොකක්ද අප්පා ඒ උනේ….

    ප්‍රශ්න එකින් එක විසදෙනකොට ආයෙමත් එකක්…මොනා වෙලා ඇතිද…????

    ම්ම්ම්ම්හු හිතන්න බෑ ඒයි මේ දවස්වල හිතක් නෑ වගේ ඉන්නේ….පස්සෙ හිතලා කියන්නම්….හා ද….

    සමුගන්න දින ඇතත්
    ලග තියන් රැක්කා මන්
    සෝ සුසුම් දුක් මැදින්
    කදුලු හංගන් හිනැහුණා මන්
    ඔබේ ආදරේ දුටුවම
    මතක පොත දිග ඇරන්
    හදවතින් තුටු වුනා
    ඔබ දෙපල ගැන සිතමින්
    ඔහු නැතිව මේ සසර
    ඉන්න හිත මදි බැවින්
    යන්න සිතුවා මාත්
    මගෙ පණ සමගින්
    රැදෙන්නට හේතුවක්
    මේ භවයේ නැති බැවින්
    මෙලෙස සමුගන්නම්
    හැම දෙන සතුටු කරමින්
    ??????????

    හසිනි මැරිලා නැතිවත් ඇති අනේ….ඒම හිතලා දැම්මේ….ගනන් ගන්න එපා හා ද….

  6. Avi 1999 (kandy)?

    අනෙ රයිටි ඔයා මොකක්ද මෙ කරෙ ඔයා හසිනිව මරන්ටද හදන්නෙ ?? අනෙ එහෙම නම් කරන්න එපා… චාමිකත් එ කියන්නෙ මැරුණද.. පව් අනෙ එ දෙන්නා… එතකොට රත්නායක කියන්නෙ හසිනිගෙ තාත්තා නෙවෙ නෙ …අම්මො මාර ප්‍රශ්න ගොඩක් නෙ… මෙ කතාව නම් හරිම අමුතුයි රයිටි මම් හිතන් හිටිය කතාවක් නෙවෙ මේක… ඔයා වෙනස්ම පැත්තකට අරන් යනවා කතාව … ගොඩක් දක්ෂයි ඔයා ??

    රයිටි තවත් මෙ වගෙ කතා ලියන්න සුබ පතනවා ඔයාට ..බුදු සරණයි රයිටි ???

    පණ වගෙ පෙම් කරපු
    මගෙ ලොකෙ ඔහුම වුනු
    ආදරෙන් ලං ම වුනු
    ඔහුත් අද මා හැර දමා නික්මුනු
    ආදරෙන් අමතන්න
    කෙනෙකු නැත මෙලොව මට
    තනිකමක් දැනෙ සිතට
    කාත් කව්රුත් නැති විලස
    දෙමාපියොනුත් මගෙ
    මා හැර දමා ගොස් ඇතෙ
    හදාගත් මව්පියන් තුල
    කලකිරිමක් ඇත සිතෙ
    එහෙව් මට මෙලොව
    කිනම් සරණක්ද
    මමත් අද හැමගෙන්ම දුරකට
    නික්ම යිමි එයයි එකම
    සැනසුම ….
    ????????
    ••••••හසිනි••••••

  7. Sleeping beauty

    හැම දුකම උහුලගෙන
    හිටියෙ නුබ නිසයි මම
    අපි අපට හිමි නැතුව
    අසරනයි මුලු හිතම
    නුබෙන් තොර ලොවක් නම්
    නෑ ඇත්තෙ සත්තමයි
    නුබ ගියොත් හැරදමා
    මමත් නම් එනවමයි
    නුබෙ හුස්ම නැවතුනොත්
    මමත් නවතිමි ඉතින්
    නුබ නොමැති ලෝකයක්
    සිතා ගනු බැරි හැඩයි
    මගෙ හුස්ම නුබ ලගයි
    ගැහෙන හදවත නුබයි
    මතු සසරෙ ඉපදිලා
    අපි අපගෙ වෙමු ඉතින්.??

    1. Sleeping beauty

      හපොයි රයිටියෝ..කමෙන්ට් එක සෙන්ඩ් උනා.??.මේ ඒකෙ ඉතුරු ටික හොදේ..කතාව නම් හරිම ලස්සනයි …හිතට දැනෙනවා පට්ට විදියට..මං ඊයෙ කීවා වගේ හසිනි මැරෙනවා නේද..අම්මෝ මං කියපු දේකුත් හරි යයි වගේ..??ඒත් සසිනි පව් අයියෝ..ඒත් ලස්සන අවසානයක් තියෙයි කියලා හිතෙනවා මට..අවසාන දවසෙවත් කමෙන්ට් එකක් දාන්න හොදද රයිටියෝ …තෙරුවන් සරනයි ඔයාට..පරිස්සමට ඉන්න..??

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          ????.අක්කියෝ කෝමද ජීවිතේ සැපෙම් ඉන්නවැයි

          1. Sleeping beauty

            ආයෙත් අහලා..හැපි හැපෙනවා..??

            කෝමද ඉතින් මල්ලා ඔයාට.??

  8. කතාවනම් වෙනද වගේම මරු ??
    අනේ හසිනිට මුකුත් කරන්න එපා අක්කියෝ…. එයා ගොඩක් හොඳ කෙල්ලෙක්නේ… පව් අනේ හසිනි.

    කතාවනම් super අක්කි ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.