Katha Ahura

පරවි | දාසයවන කොටස |නවකතාව|| කතා අහුර||

4.4/5 - (8 votes)

❤ පරවි❤
දාසය වන කොටස

️අප්පච්චී එහෙම කියලා කාමරෙන් යන්න ගියේ .. තවත් මගෙ හිත රිද්දන්න බැරුව වෙන්නැති

කොලබ නගරේ තියෙන කලබලෙන් මිදිලා ආයෙම ගමට වෙලා ඉන්න ලැබුන එක හිතට සතුටක් උනත් .. මගේ තිබ්බ එකම හිනේ .. මේ සතුටත් එක්ක නැතුවෙනවා කියලා මට මතක් වෙද්දී හිතින් මන් දුක් උනා…

හේශී මාව හොයනවා ඇතී.. තිලු නැනී මට ආදරෙයී කියලා හේශීට කියන්නත් කලින් මට හොස්ටල් එකෙන් එන්න උනා…

එකපාරම මටක් උනේ ටිනී…

මොනා කරනවාද දන්නේ නෑ… මන් නැතුව පාලු ඇතී…

හේශී බලයී ..එයා ගැන…

ඒ මෝඩී … උබ එතකොට හැමදම මේකව හුරතල් කර කර හිටපන් … උබගේ ගොන් මොලේට තේරෙන්නෙ නෑ … ඌ උබට ලව් … නැත්නම් රැන්ඩී අය්යා උබ ගැන මෙච්චර හොයනවාද…

යාලුවෝ ඉද්දී නිකමට උබ දැක්කත් කතාවක් නෑ…
ඒ උනාට කවුරුත් නැති තැන මොකක් හරි කියාගෙන එනවා…
උබට ඒකවත් තේරුම් ගන්න මොලයක් නෑ…

හේශී ඕක නවත්තන්න ඇති…

එහෙමයී කියලා මන් මොකද කරන්නේ … මට බෑ මන් ආවේ ඉගෙන ගෙන ගෙදර යන්න … අම්මාවයී තාත්තා වයී බලාගන්න… එච්චරයි …ආය රැන්ඩී අය්යා ගැන මට කියන්න එපා හේශී… ඔයා හැමදේම ඇත්ත උනත් මන් එයාව පිලිගන්න ලෑස්ති නෑ…

ඇත්තටම මට ඇඩුනා.. හේශී කියනවා වගේ රැන්ඩී අය්යා බලන බැල්මක් ගානෙ මොකද්දෝ දෙයක් තියෙනවා කියලා හිතුනා ඒත් .. ඒක දකින්න මන් කැමති නෑ…

සොරි පාරෝ…

හේශීට දුක හිතිලද මන්දා එහෙම කියාග්න මන් ලගින් වාඩි උනා

හේශී ..
රැන්ඩී අය්යාලා අපි වගේ දුප්පත් මිනිස්සු නෙමේ … මට බෑ ජීවිතේ නැතිකරගන්න ..

අප්පච්චී කිව්වා වගේ මේ කොලබ තිය්න මායාවල් වලට අහුවෙන්න මට බය හිතුනා…
ලොකුවට සුරසැප විදින සමාජේ මම හරි පොඩි මිනිහෙක්…
මට ඒ විදියට මේ සමාජේ ඇතුලේ ජීවත් වෙන්න ඉඩ දුන්නා නම් ඇතී…

උපතින්ම ලැබුන දේ නිසා.. වෙච්ච කරදර අනන්තයී ..ඒත් ඒ හැමදේකින්ම මන් බේරිලා ඉන්න තරම් වාසනාවන්ත උන එක ගැන මටම ආඩම්බර හිතුනා…

රැන්ඩී අය්යා රැපා අය්යා ගත්තාම මන් දැක්කේ අහසට පොලව වගේ… රැපා අය්යා හැමදාම හිටියේ අපිලිවෙලට … රැන්ඩී අය්යා වගේ සල්ලී කාරයෙක් නෙමේ කියලා මට හිතුනේ …

හේශී නොදැක්ක .. රැපා අය්යාගේ හිතේ තියෙන දේ මට තේරෙනවදෝ කියලා හිතුනා…

ඒ ඇස් වල තිබ්බේ රැන්ඩී අය්යා බලන විදියේ දෙයක් නෙමෙ කියලා මට හිතුනා රැන්ඩි අය්යා බලන බැල්මකින් උනත් මන් අසරන වෙච්ච වෙලාවල් අනන්තයී….

ඒත් රැපා අය්යා … බලන් හිටියෙ මොකද්දෝ වෛරයකින් කියලා මට හිතුනා…

ඒත් ඇයී…

උත්තරයක් නැති ප්‍රශ්නයක් මන් හිතෙන්ම ඇහුවා…

පාරෝ… ඇයී මේ … ලෙක්චර් එකට විනාඩි පහයී… යමූ…

මට බෑ … හේශී අද යන්න…

මන් සංස්කෘතික එක ලග තියෙන තෙල් බැම්මේ වාඩි උනේ අපිට ඒක තහනම් කියලාවත් ගානක් නැතුව…
මන් එහෙමම ටික වෙලාවක් දනිස් දෙක උඩ ඔලුව ගහගත්තා

නැගිටපන්..
. උබලට විතරක් වෙනම නීතියක්ද….

සත්තයී .. එවෙලේ අකුනක් ගැහුවා වගේ දැනුනේ …

මන් ඔලුව උස්සලා බැලුවේ වට පිට
හේශී ගල් ගැහිලා වගේ නැගිටලා හිටියා…

මන් ඉස්සරහ හිටියේ මාව අදුන්නන්නේවත් නැති කෙනෙක් වගේ හිටියා රැපා අය්ය

එදා විකර්නෙදී අල්ලාගත්ත රැපා අය්යා .. නෙමේ අද මෙතන හිටියේ. . ..
ඒ මූන බලන්නවත් බැරි නිසා බිම බලාගත්තා මන්…

තෙල් බැම්මේ ඉදගන්න උබලට අවසර දුන්නේ මොකාද…

කෙලින් බලනවා….

කෙන්තියෙන් ගුගුරන කට හඩ

මන් තවමත් බිම බලාගෙන හිටියේ…

කන් ඇහෙන්නේ නැද්ද නන්ගී උබට.. කෙලින් බලනවා මන් දිහා…

මන් හිතුවා ඒ කතාකරන්නේ මට කියලා … මන් ඔලුව උස්සලා බැලුවේ එවෙලාවේ…
මන් දිහා බලාගෙන රවාගෙන ඉන්න ඒ ඇස් වල තිබ්බේ ලොකු කේන්තියක් ….කවදාවත් කිසිම සීනීයර් කෙනෙක් ඒ විදියට අපිට බැනලාවත් රැග් කරලාවත් තිබ්බේ නෑ…

මගේ ඇස්වලට උනපු කදුලු කොහොමහරි යට කරගත්තේ… ඒකටත් බැනුම් අහන්න වෙයි කියන බයට…

අතේ තිබ්බ එකම පොත් රෝල් කරගෙන එක අතකට අරගෙන ඉද්දී ..මූනේ තිබ්බ ආවේගේ හිතේ තිබ්බ ආවේගේ ඇගිලි වලින් පිටවෙන චලන වලින් මන් අදුන ගත්තා ඒ කේන්තිය

දැන් පලයන් …

එහෙම කියලා රැපා අය්යා ගියේ අපිටත් යන්න කියලා…

හේශී කතා නොකරම ඉස්සරහින් ගියා…

හේ..ශී…

පා…රෝ… මොනාද බන් කරන්නේ මේ…

හේශී ටත් තරහා ගිහින්
මන් එහෙමම හේශිව දලා පුලුවන් තරම් වේගෙන් ගියේ හොස්ටල් එකට.. ..

මට දැනුනේ ලොකු දුකක් … හොදටම ඇඩුවා…
මගෙ හිතේ දුක මොකද්ද කියන්න තේරුනේ නෑ ..

රැපා අය්යා බැන්න එකද..

නැ එක නෙමෙ…

ඒ හේතුව මන් පිලිගන්න කැමති නෑ…

ඒත් මට ඒක දැනුනේ පපුවට පිහියෙන් අනිනවා වගේ.. තවමත් මට මැවි මැවි පෙනුනේ .. ගොරක පාට ඇස් වලින් කේන්තිය පිටකරන් බනින රැපා අය්යාව…

ඔය කල්පනා කලා මදැයී රාලහාමි ගේ ලමයට එන්න කියලා කතාකලා නම් හොදයී නේද….

මන් ගැස්සුනේ අම්මා ඇවිත් මගේ කල්පනාව බින්දාටත් වඩා… අම්මා කියපු දේට…

මන් මීට ටික වෙලාවකට කලින් අම්මා කියන දේට කැමති වෙන්න මන් පොරොන්දු උනානේ …

මගේ හිත මට මතක් කලේ

හ්ම්ම්…

අපිත් අද ද හෙටද කියන්න බෑ… බේතකට උනත් ඉන්නේ උබ විතරයී අපිට .. කොල්ලත් අකාලේ මැරුනා …

උබවත් අපිට රැකගන්න ඕනේ මයේ දුවේ….

අම්මා ලගට ඇවිත් මගේ ඔලුව අතගද්දී මන් අම්මා ට තුරුල් උනේ පොඩි ලමයෙක් වගේ…
අම්මගේ කට හඩ බොර වෙලා .. මට තේරුනා අම්මා අඩනවා..

රාලහාමිගේ ලමයා යහපත් ..මගේ දුවට නරකක් වෙන්නේ නෑ…

ඇස්වලට කදුලු ඉනුවා… හිතුවෙවත් නැති දේකට එකපාරම හිරවෙන්න උන එක .. හිතට ලොකු වදයක්… ඒත් අම්මාටයි අප්පච්චී ටයී සැනසීම දෙන්න මන් කරන්න ඕන ඒක න්ම් මන් ඒක කරන්නම ඕන…

තාත්තා අම්මාට කියන්න ඇතී නැත්නම් ඒ නිසයී අම්මා මෙහෙම කියන්නේ නෑ …

මට හිතුනා…

මන් දෙපාරක් නොහිතම කනිෂ්ක අය්යාට කැමති කිව්වට මගේ හිතේ එයා ගැන තිබ්බේ සහෝදර බැදීමක් විතරයී ..
ඒ ත් ..

මෙ හැමදේම හේශිට කියන්න විදියක් තිබුනානම් කියන එක බරපතලවම හිතේ තිබුනා… ඒත් ආයෙම කවදාවත් කැම්පස් එන්නේ නෑ කියලා කොහොම කියන්නද…

කැකුලී නන්ගී… ඔයාට කෝල් එකක්… කොලඹින්….

හේශී ද .. මන් ඉක්මනට සේපාලී අක්කාගේ අතේ තිබ්බ ෆෝන් එක ගත්තා…

පා…රෝ….

උබ කොහෙද ගියේ…

හෙශීගේ තරහා වෙන් පිරුනු කටහඩ… තරහකට නෙමේ කියලා මන් දන්නවා..

ගෙදර …

දැන් උබ ලෙක්චර් එන්නේ නැතුව අල තම්බන්න ද හිතන් ඉන්නේ.. විකාර නොකර කැම්පස් වරෙන්…

හේශී ගේ කතාවට මට හිනාත් ගියා…

මන් ආය කැම්පස් එන්නේ නෑ හේශී…

මොකක්… උබට පිස්සුද ….

හ්ම්ම් වෙන්නැති ….මන් බදිනවා …

මො…ක්…ක්….

හේශී හිමීට එහෙම කිව්වාම මන් ෆෝන් එක කට් කලේ නිරායාසයෙන් ම මගේ හිත කැම්පස් එකට ගිය නිසා…

හේශී ආයෙම ගත්තත් මන් ආන්සර් කලේ නෑ.. ඒකට හරියන්න මට හොදටම ඇඩුනා

ඊලඟ කොටසට ….

❤පියුමි සේනාධි ❤

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.