Katha Ahura

මාරයා | 07 කොටස || හොල්මන් කතා ||

කතාව කොහොමද?

? මාරයා ?

#07 කොටස

“ඕකිව දාගනින් ඇතුලට… ඉක්මණට….!!”

“කවුද උඹලා…?? එපා…හ්…. අම්මා….. අනේ මාව බේර….”

“කටවහපිය බැල්ලි…. ඔය දොර වහපන් යකෝ…. සනත් ඉක්මන් කරපං යකෝ පාගලා පලයන්…!!!”

“අග්..හ්… ම්ම්ම්ම්ම්හ්…..”

“ඔය ලේන්සුව අල්ලපිය මේකිට….”

එසැනින් විදුලියක් කෙටුවේ මුළු පරිසරයම එලිය කරමින්. දැඩි වර්ශාවේ ඉක්මන් ගමනින් ගෙදර යමින් සිටි තරුණියක් පැහැරගත් පිරිමින් පිරිසක් විදුලි වේගයෙන් එතනින් පලා ගියා. ක්ලෝරෆෝම් දැමූ ලේන්සුව නහයට ලංකිරීම නිසා තරුණිය සිහි මුර්ජා වුනා.

“මේකි මට දාපු ආඩම්බරකම් වලට අද දෙන්නම් වැඩේ… පර බැල්ලි… මේකි දන්නෑ සූරියාරච්චි ඇමති කියන්නෙ කවුද කියලා…” පිරිස අතර සිටි එක තරුණයෙක් වූ ගයාන් කෑගැහුවා.

“බොසා අපිටත් හම්බෙයිද…?” ගයාන්ගේ ගෝලබාලයෙක් වූ සුමල්ද ඇහුවෙ තරුණියගේ හැඩැති සිරුර දෙස කෑදරෙන් බලමින්.

“නැතුව යකෝ… මේකිව හපයක් කරලා බැල්ලියෙක් වගේ පාරට දාලයි මං නතර වෙන්නෙ… හහ්… පට්ට වේ… මේකි මට කොච්චර නම් ලොකු සීන් දැම්මද අර කොහෙවත් ඉන්න පොන්නයෙක් නිසා… සනත් හරෝපන් කෙලින්ම අපේ ෆාම් හවුස් එකට…” ගයාන් මහ හඬින් අණ කලා.

ගයාන්ගේ හඬින් සනත් වෑන් රථයේ වේගය තවත් වැඩි කරමින් කාපට් දැමූ පාළු පාර දිගේ රථය රැගෙන ගියා. තවත් කිලෝමීටර් පහක් පමණ කැලෑ පාර දිගේම ඇදී ගිය රථය අක්කර පණහක පමණ වූ විශාල ෆාම් එකකට ඇතුල් උනා.

“අරන් වරෙල්ලා ඕකිව ඇතුලට…!”

ගයාන් අනිත් අයට අණ කරලා ෆාම් හවුස් එක ඇතුලට ගියා. ගයාන්ව පිලිගැනීමට ඉස්සරහට ආවෙ වත්ත බලාගන්න සිරිදාස.

“අපේ පුංචි බේබි හොඳ වෙලාවට ආවෙ… මං ඔන්න අද හොඳ දඩමස් ටිකකුත් ලෑස්ති කරලම තිබ්බා…”

“හ්ම් ඒක හොඳයි සිරිදාස… අද අපි හොඳ ෆන් එකක් ගන්නයි හදන්නෙ… සිරිදාස මේ ගැන තාත්තිට ආරංචි වෙන්න ඉඩ තියෙනවා එහෙම නෙමෙයි තේරුණානෙ…?” ගයාන් සිරිදාස දෙස බලමින් තර්ජනාත්මක හඬකින් කිව්වා.

“ආ… මං නෝදන්නවැයි පුංචි බේබිගෙ ෆන් ගැන… හොඳා එහෙනම් මං බේබිලාට ඕන කරන දේවල් හදලා ගන්නම්කො…”

සිරිදාස කුස්සියට ගියාට පස්සෙ තරුණියව නිදන කාමරයට රැගෙන ගිය පිරිස එහි තිබූ ඇඳේ ඇයව දිගා කලා. ඇය තාමත් සිහි විසඥව සිටින නිසා ඔවුන් ඊලඟට ලෑස්ති උනේ කලින් අරන් තියාගත් අරක්කු බෝතල් වලට වගකීමටයි.

“ගහපන් මචෝ… අද විතරයි ඈ මෙව්වා… ඊලඟට උඹලට ඩෙසර්ට් එකටත් රස කෑමක් හම්බවෙයි…” අනික් එවුන්ට ඇහැක් ඉඟිමරන ගමන් ගයාන් කිව්වා.

“එකෙන්ම ඈ… කාලෙකින් මෙහෙම සැප බඩුවක් හම්බ උනේ… ගයියා තැන්කිව් මචෝ… උඹ තමා අපේ වීරයා…”

පැයක් පමණ ගත වෙද්දි අරක්කු බෝතල් දෙකක් පමණ ඉවර වී තිබුණා. ඒ වෙද්දි පස් දෙනාම හිටියෙ හොඳටම වෙරිවෙලා කෙලින් හිටගන්නවත් බැරි තරම්. ඒ අතරෙ ගයාන් ලෑස්ති උනේ ඔහු ගෙනවිත් තිබුණු මත්කුඩු පාවිච්චි කරන්නයි. වැනි වැනිම තමන් හිටපු පුටුවෙන් නැගිට්ට ගයාන් ඊලඟට ගියේ තරුණියව නිදි කර තිබූ කාමරය වෙතයි.

“ස..ස…ඳ…රූ…..”

උළුවස්සට අතක් තබාගෙන කෙලින් ඉන්නට වෙර දැරූ ගයාන් තවමත් සිහි විසඥව සිටින සඳරූව ඇමතුවා.

“උ..ඹ..ට… මං… මං… හරි… ආ…ස..යි… කෙ..ල්..ලේ…” එසේ පවසමින් ඉදිරියට තැබූ අඩියත් සමඟම ගයාන්ව බිම ඇද වැටුණි. “හා…රි… ක..ම..ක්… නෑ…. මං… බ..ඩ..ගා..ගෙ..න.. හා..රි.. උ..ඹ… ළ..ඟ..ට.. එ..න..වා….”

එසේ පැවසුවද ඊලඟට ඔහුගේ මතකයට ආවේ තමන්ගේ අතේ තිබූ මත්කුඩු පැකට්ටුවයි. මොහොතකට සඳරූ ගැන අමතක කල ගයාන් මත්කුඩු තිබූ පැකට්ටුව ඉරා දමා එහි තිබූ සියල්ලම ටයිල් පොළොව මතට හැලුවා. සාක්කුවෙන් ගත් කුඩා කාඩ්පතකින් සියල්ල එකට එකතු කල ඔහු කාඩ් පත රෝල් කර එය තම නහයට තබා මත්කුඩු සියල්ලම ඉහළට අදින්නට වුනා.

“රා..යි..ට්… ඔය තියෙන්නෙ….”

තමන්ටම මුමුණාගත් ගයාන් විනාඩියක් ගත් වෙන්නටත් කලින්ම අමුතුම ලොවකට පාවී යන්නට පටන් ගත්තා. දැඩි උත්සාහයක් දරමින් නැගිටින්නට හැදුවද ඊළඟට ඔහුව පාවී පාවී සැහැල්ලුවෙන් කොහේටදෝ ඇදී යන්නට ගත් නිසා සතුටට පත් ඔහු උමතුවෙන් මෙන් හිනාවෙන්නට ගත්තා.
****************************************************************

“එතකොට කීයට විතරද මේ මිනීමැරුම සිද්ධ වෙන්න ඇත්තෙ…?”

සාගර ප්‍රනාන්දු, හඬමින් සිටි තිසරගේ පියාගෙන් ඇහුවා.

“දන්නෑ සාගර… මං දන්නෑ… කොල්ලා රෑට කන්න ආවෙ නැති හින්දයි මං එයාගෙ රූම් එකට ගියේ මොකද උනේ බලන්න… ඒත්… ඒත්….” එහෙම කියලා කතාව නවත්තපු තිසරගෙ පියා පොඩි ළමයෙක් වගේ අඬන්න ගත්තා.

“ඕකේ ඕකේ මිස්ටර් ප්‍රියන්ත ජස්ට් රිලෑක්ස් ඕකේ…? අපි පස්සෙ මේ ගැන කතා කරමු… මං හිතන්නෙ බොඩි එක ගෙනියන්නත් ඇවිත් ඉන්නෙ… අපේ පරික්ශණ වලට බාධා නොවෙන්න ඕන නිසා අපි මේ කාමරේ සීල් තියෙනවා බොඩි එක ගෙනිච්චට පස්සෙ… ඔයාලට ප්‍රශ්නයක් නෑනෙ…?”

“කමක් නෑ සාගර කමක් නෑ… ඔයාට කැමති දෙයක් කරලා මට මගෙ අහිංසක දරුවව මරලා දාපු ඒ පාහර මිනීමරු බල්ලව හොයලා දෙන්න… ඌව මං මේ මගෙ අත් දෙකෙනුයි මරන්නෙ…”

“හා..හා… මිස්ටර් ප්‍රියන්ත දැන් අපි කලබල නොවී ඉමුකො… මං මේක කොහොමහරි හොයාගන්නවා… ඒ වගේම ඌට උපරිම දඬුවම් දෙන්න මං ඔක්කොම ලෑස්ති කරන්නම්… හැබැයි ඒ දේවල් නීතියට ඕන විදිහට මිසක් මෙහෙම ආවේගශීලී වෙලා බෑ… එහෙනම්… අපි අපේ වැඩේ ඉතුරු ටික කරගෙන යන්නම්…”

තිසරට වූ දෙ‍ය අදහාගත නොහැකි වූ සමීර, දිනුක හා ඔවුන්ගේ අනිත් මිතුරන්ද හැකි තරම් ඉක්මණින් තිසරලාගේ නිවසට ආවා. සමීර කෙතරම් කෝල් ගත්තත් සඳරූගේ දුරකථනය ඕෆ් කර තිබුණේ සමීරගේ හිත තවත් අසහනයට පත් කරමින්. ඇය සමහරවිට තමන්ටත් කලින්ම තිසරගේ නිවසට යන්නට ඇතැයි සිතූ ඔහු එහි පැමිණෙන විටත් ඇය සිටියේ නෑ.

“මචං…” සමීර ඉදිරියට ආවේ දිනුකයි.

“මොකෝ බං මේ බයවෙලා වගේ..? මොකද උනේ…??”

“උඹම ගිහින් බලපංකො… මට නම් තවත් බලන් ඉන්න බෑ මචං…”

දිනුකගේ කතාවෙන් කුතුහලයට පත්වූ සමීර හා යහලුවන් දෙන්නෙක් වහාම තිසරගේ කාමරය දෙසට ගියා. පොලිසිය විසින් ඔවුන්ට කාමරයට ඇතුල් වීමට ඉඩ නොදුන්නද සාගර ප්‍රනාන්දුගේ අවසරය මත ඔවුන්ට තිසරගේ මිනිය බැලීමට අවසර ලැබුණා.

“ආ…හ්..!!!” සමීරට කෑගැසුණා.

බාත් ටබ් එක ඉතිරිලා ගිහින් තිබුණෙ රතු පාට ලේ වලින්. සුදුපාට බාත් ටබ් එකේ රතුපාට අත් පාරවල්ද හැමතැනම තිබුණා. ඒ මැද දෙකඩ වී ගිය හිස් කබලක් සහිතව මුලු සිරුරෙහිම ම එලියට එන්නම කැපී තිබුණු කැපුම් පාරවල්ද සහිතව නිරුවත් තිසරගේ සිරුර ලේ ගංගාවක් උඩ පාවෙමින් තිබුණා. මස් කැබලි හා මොළ කැබලිද බාත් රූම් එකේ පොළොව මත විසිරී ගොස් තිබුණෙ හරියට සතෙක් තමන්ගෙ ගොදුර කෑලි කෑලි වලට ඉරා දමා තියෙනවා වගේ.

“සා…සා…ග..ර… මා…මෙ…. මේ……???” ගොතගැසූ සමීර සාගර දෙස බැලුවේ ඇස් වල කඳුලු මෙන්ම භීතියට පත් වී වෙවුලන මුහුණින්.

“කෝ මෙහෙට එන්න පුතා…” මෘදුව කියූ සාගර, සමීරව තමන් ලඟට කැඳවා ගත්තා. “පේන විදිහට ඔයාලගෙ යාලුවට කවුරුහරි ලොකු වෛරක්කාරයෙක් ඉඳලා තියෙනවා වගේ… පුතා දන්න දෙයක් තියෙනවනම් මට දැන් හරි පස්සෙ හරි කියන්න පුලුවන්… ඒක ලොකු උදව්වක් වෙයි අපිට ඒ මිනිමරුවව අල්ලගන්න…”

‘ඌව අල්ලන්න යන්න වෙන්නෙ හීනෙන් තමයි…’ සමීර කිව්වෙ හිතෙන්. මේ දේ එන්න එන්නම දරුණු වෙනවා කියලා ඔහුට තේරුණා. තිසරට කිසිම දිහාවක කොතැනකවත් හතුරෙකු හිටියෙ නැති බව සමීර දැනන් හිටියා. මොකද තිසර කියන්නෙ තමන්ගෙ පාඩුවෙ හැමෝම එක්ක හිනාවෙලා හිටපු කොල්ලෙක්. ඒ නිසාම සමිරගෙ හිතට ආවෙ ‘පීටර්’ ව. ඒත් කිසිම කෙනෙක්ට කට ඇරලා කියන්නෙ කොහොමද තිසරව මැරුවෙ හීනෙන් ආපු මිනිහෙක් කියලා.

“සමීර…”

සාගර ප්‍රනාන්දුගේ හඬින් කල්පනා ලොවෙන් මිදුණ සමීර ඔහු දෙස බැලුවා.

“මං දන්න විදිහට නම් තිසරට හතුරො හිටියෙ නෑ මාමෙ…මටවත් හිතාගන්න බෑ මේක කවුරු කලාද කියලා…”

“හ්ම්ම්… හොඳයි කමක් නෑ… පුතාට කාවමහරි සැකනම් මාව ඉක්මණට කන්ටැක්ට් කරගන්න හරිද…? එහෙනම් පුතාලා දැන් මෙතනින් යන්න…” සමීර දෙස සැකමුසු බැල්මක් හෙලමින් සාගර කිව්වා.

සමීර කුමක් හෝ දෙයක් සඟවන බව ඔහු දෙස බලා සිටි ඔහුගේ උකුසු ඇසට අහුවුනා. නමුත් ඔහුගේ මුහුණේ ඇඳුනු බය ගතිය නිසාවෙන් සමීර එය හෙලි කිරීමට අකමැති බවත් සාගරට තේරුණා.

“සර්….!!”

සාගර ලඟට දුවගෙන ආ පොලිස් කොස්තාපල් මොහාන් හති දමන්නට උනා.

“මොකද මනුස්සයො උනේ…? මොකද මේ හති දාගෙන…??”

“ස..ර්… විජයසිරි ඉස්කෝලෙ මහත්තයගෙ දුව අතුරුදන් වෙලාලු… ඒ වගේම… හාහ්…”

“මොකක්…? ඉක්මණට කියපං බං මොකද වෙලා තියෙන්නෙ…?”

“සූරියාරච්චි ඇමතියගෙ ලොකු පුතාව කවුදෝ මරලා දාලා….”

*****************************************************************

“ද..ඩා…න්”

“බුදු අම්මෝ….!!”

ගයාන්ව ඇද වැටුනේ විශාල යකඩ තට්ටුවක් උඩට. වැටුණ වේගෙට ඔලුව තට්ටුවෙ වැදුන නිසා ගයාන් ඔලුව අල්ලන් එහෙන්ම නැගිට්ටා.

“මේ මොන හු…ද යකෝ මං මේ කොහෙ කුණු ගොඩකද ඉන්නෙ…?” වටපිට බලපු ගයාන් කෑගැහුවා.

තමන්ගෙ ෆාම් හවුස් එක වෙනුවට එතන ඔහුට දකින්න ලැබුණෙ කැඩිච්ච බිඳිච්ච යකඩ බඩු, ලී බඩු වගේම මැශීන් ගොඩක් තැන් තැන් වල ගොඩ ගහලා තිබ්බ ලොකු ශාලාවක්. තැනින් තැන ඩිම් එලියෙන් දැල්වුන බල්බ වලට වැඩි යමක් නොපෙනුණත් තමන් ඉන්නෙ අතෑරලා දාපු කර්මාන්තශාලාවක කියලා ඔහුට තේරුණා. ඒ වගේම තමන් ඉන්නෙ උස තැනක කියලත් ඔහුට තේරුමගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. පුදුමෙකට වගේ තමන් මීට විනාඩියකට වගේ කලින් ගත්ත මත්ද්‍රව්‍ය නිසා ආපු මත්බවත් සම්පූර්ණයෙන්ම අයින්වෙලා ගිහින් තිබුණා.

“ෂිට් මේ මොන හුයන්නක්ද බං උනේ..? අර රෙද්දවල් ගහලා මට විකාර පේනවාවත්ද…? ඒත් වෙනදා වගේ නෙමෙයිනෙ අද වෙනස්නෙ…” තමන්ටම කියාගත් ගයාන් වේදනා දෙන තමන්ගෙ ඔලුවත් අතගාමින් පහළට බහින්න තැනක් හෙව්වා. “එක්කො අරුන්ගෙ ආතල් එකක්වත්ද දන්නෙත් නෑ… අඩෝ රමියා… ඉශාරයා… සමල්කයා… කෝ යකෝ තොපි…? ආතල් ගන්නැතුව මාව මෙතනින් ගනිල්ලකො බං… හැබැයි මං නරක මිනිහා කියලා කියන්නෙපා…”

ඒත් ඔහුගෙම හඬ ඔහුටම දෝංකාර දුන්නා මිසක් මියෙකුගේ සද්දයක්වත් ශාලාව ඇතුලෙන් ඇහුනෙ නෑ. සාක්කුවට අත දැම්මෙ ෆෝන් එක ගන්න උනත් ඒකවත් තිබ්බෙ නැති නිසා ගයාන් බිමට පනින්න සුදුසු තැනක් හෙව්වා.

“හම්මේ…හ් දැන් හරි… බලමු මේ ජරාවෙන් එලියට යන විදිහක්… ආ…හ් අන්න එලියක් තියෙනවා යමු බලන්න…”

ශාලාවේ මීටර් පණහක් පමණ ඈතින් ගිනි මැල‍යක් දුටු ගයාන් ඒ පැත්තට අඩිය ඉක්මන් කරල යන්න ගත්තා. ඒත්……

“කොහෙද යන්නෙ…..?”

එක් අඳුරු කොණක් පහු කරන් යද්දි ගයාන්ට කාගෙදෝ හඬක් ඇහුණා.

“අර ගිනි මැලේ ගාවට… ආ…. මොකක්…??” ගයාන් උත්තර දුන්නත් පස්සෙයි තේරුණේ කවුරුහරි කෙනෙක් ඉන්නවා කියලා. “කවුද ඔතන ඉන්නෙ…? මේ කොහෙද කියනවද මං හිතන්නෙ මගෙ යාලුවො මට මොකක් හරි විහිලුවක් කරලා වගේ…”

“විහිළුවක්…?? මෙහෙ කවුරුවත් විහිළු ක‍රන්නෑ කොල්ලො…”

දෙයියනේ… ඒ ගොරෝසු කටහඬ….?? තමන්ට දවස් ගාණක් හරිහැටි නින්දක් නොදෙමින් හීනෙන් ඇහුණු ඒ බිහිසුණු ගොරහැඬි කටහඬ. ගයාන්ව සීතල වෙලා ගියා.

“ක..කවුද උඹ…?” ගයාන් ගොත ගැහුවා.

ඒත් නිහඬ බව ඇරෙන්න කිසිම උත්තරයක් ලැබුණෙ නෑ.

“මෝඩ ප..යා… මෙහෙ මොකෙක්වත් නැද්ද කොහෙද… බඩු තාමත් වැඩ නිසා මට විකාර ඇහෙනවා වගේ…”

එහෙම හිතපු ගයාන් ආයෙමත් අර ගිනිමැලය ගාවට….

“මේ මොන හු….ක්ද යකෝ….??!!” ගයාන්ට කෑගැසුනා.

ඊලඟට ඔහු හිටියෙ ලොකු කාමරේක. එක පැත්තකින් ගිනි මැලයක් ඔහු එදෙස බලද්දිම වගේ ඇවිලෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඔහුට දැනුනා තමන්ගෙ කලිසමෙන් කවුරුහරි අදිනවා වගේ.

“අම්මෝ…!!”

භීතියෙන් කෑගහපු ගයාන් පිටිපස්සට පැන්නා.

“අනේ…. අංකල් අපේ තාත්තව බේරගන්නකෝ…. ප්ලීස්…..”

ගොරෝද අදිමින් උගුරෙන් ආ හඬින් ගයාන්ව ඇමතුවේ කුඩා දරුවෙකි. ඇගේ පපුවෙන් කලු පාට කුණු ලේ ගලා එමින් තිබුනු අතර ඇස් දෙක සුදුම සුදු පාටය. මුහුණ සුදුමැලි වී ගොස් තිබූ අතර එක අතක සිටියේ ඇස් නැති බාගෙට පිච්චී අළුවී ගිය බෝනික්කෙකි. කොණ්ඩය කොටසක්ම පිච්චිලාය. ඇය බකල් ගසමින් හෙමින් හෙමින් ගයාන් වෙතට එන්න පටන් ගත්තා.

“එපා… එපා… ළඟට එන්නෙපා… පලයන් යන්න… පලයා….න්…!!!”

භීතියට පත් වූ ගයාන් බෙරිහන් දෙන්න පටන් ගත්තා. ඔහු පිටුපසින් පිටුපසට ගොස් බිත්තියට හේත්තු උනා.

“ආ…. අම්මෝ….!!” මරහඬ දුන් ගයාන් නැවතත් පැන්නේ ඉස්සරහට.

බිත්තියට හේත්තු වීමෙන් ඔහුගේ පිට සම්පූර්ණයෙන්ම පිච්චී තිබුණි. නැවත හැරී බැලූ ඔහු දුටුවේ එම බිත්තිය සාමාන්‍ය බිත්තියක් නොව යකඩ බිත්තියක් බවයි. එය ඒ වන විටත් ගිනියම් වීමෙන් රත් පැහැයට හැරී තිබුණා. දැඩි වේදනාවෙන් කෑගැසූ ගයාන් දකුණතින් පිට අල්ලා බැලුවා. එහි ඔහුට අහුවුනේ පිලිස්සී උඩට මතුවී තිබූ පිලිස්සුම් ගෙඩියක්.

“අංකල්…..”

ගයාන්ගේ ඔලුව එකපාරම කොණ්ඩෙන් අල්ලන් උඩට ඉස්සුවෙ වෙන කවුරුත් නෙමෙයි අර කුඩා දරුවා.

“මගෙ තාත්තා අතන පිච්චෙනවා පලයන් ගිහින් බේරගනින්…!!!”

දරුවාගේ මුවින් පිටවුනේ ගොරෝසු, ගොරහැඬි කටහඬකි.

“අම්මෝ….. එපා…..!!!”

දැඩි ලෙස භීතියට පත් වූ ගයාන් කෑගසත්ම ඔහුව අල්ලා කාමරයේ එක් කොණකට විසි කල කුඩා දරුවා අර ගොරෝසු හඬින්ම සිනාසී අතුරුදහන් වුණා. විසිවී බිමට වැටීමෙන් තම පිලිස්සුණු පිට නැවත සීරුණු නිසා දැනුන වේදනාවෙන් ගයාන්ට කෑගසාගැනීමටවත් හැකි වුනේ නෑ. ඔහු පොඩි ළමයෙක් වගේ අඬන්න ගත්තෙ ජීවිතේටම එච්චර වේදනාවක් ඔහුට දැනිලා නැති නිසා. ඒ අතරෙ ඔහුට තමන්ගෙ ඉස්සරහින් යමක් පිච්චෙන ගඳක් දැනෙන්න ගත්තා. ඔව් ඒ මස් පිච්චෙන ගඳ…. වේදනාවෙන් උනත් ගයාන් හෙමින් ඔලුව උස්සලා බැලුවා.

“බුදු අම්මෝ…..!!!!”

*****************************************************************

ඊළඟ කෑල්ල තවත් රසවත් මිතුරේ

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.