Katha Ahura

මාරයා | 10 කොටස || හොල්මන් කතා ||

5/5 - (1 vote)

? මාරයා ?

#10 කොටස

“ම..ල්..මි… ප්ලී…ස්… මට… උ..ද..ව්… කර..න්..න…..”

ඔලුව විතරක් එලියට දාපු කවීන් කෙඳිරිලි, ඇදෙන හඬකින් කිව්වෙ මල්මිගෙ ඇඟේ හිරිගඩු පිපෙද්දි.

“ක..වී..න්… ඔ..ඔ..යා…. මැරි..ල..නෙ….” හොඳටම බයවුන මල්මි ගොත ගැහුවා. ඉන් න තැනින් නැගිටින්න හැදුවත් ඇයට නැඟිටගන්න පණක් තිබුනෙත් නෑ.

“ඔව්… මං මැරිලා…. ඔ..ය..ත්… ම..ට… එක..තු… වෙ..න්..න….. එන්න…. ම..ල්..මි….”

ඒ වචන වලින් භීතියට පත්වුන මල්මි වෙවුලා ගියා.

“මට… මට… බෑ…. අ..න්..නේ…. ඔයා… මැරිලනේ… කවීන්… අනේ……” මල්මි අඬමින්ම කිව්වා.

ඒත් එක්කම වගේ…………

“ඌ කිව්වෙ උඹත් ඌත් එක්ක එකතු වෙයන් කියලයි… ඉතින් මැරියන්…!!!”

මල්මි ඉස්සරහා මතුවුනේ වෙන කවුරුවත් නෙමෙයි අර මල්ල ඇදන් ගිය කෙනා. පිච්චිලා කලුවෙලා ගිය මූණ, රතු පාටින් දිලිසෙන ලේ ගලන ඇස් දෙක, විලිස්සගත්තු කහගැහුණු උල් දත් තිබ්බ මහා කුණු ගඳක් එක්ක තමන් ඉස්සරහා ඉන්න මළමිනිය දැකපු මල්මි යටිගිරියෙන් කෑගැහුවා.

“ආ…….හ්”

තත්පරයක් ගතවෙන්න ඇති. කෑගහගෙන මල්මි පස්සට පැන්නෙත් පීටර් එල්ල කරපු පිහි පාරෙන් මල්මිගෙ වම් අතේ වැලමිටට උඩින් කැපිලා ගියෙත් එකපාර. ඒත් එක්කම….

“මල්මී….!! ඇහැරෙන්න ප්ලීස්… මල්මි… නැඟිටිනවා…. මල්මී…!!!”

තමන්ගෙ කණ අයිනෙ කවුරුහරි කෑගහන ගමන් තදින් හොලවනවාදැනිච්ච මල්මි ඇස් දෙක අරිද්දිම වතුර පාරකුත් මූණට වැදුනෙ ආයෙමත් ඇස් දෙක වැහෙන්නම. කලබල වෙලා හිටපු තැන තිබ්බ රාක්කෙ බඩුත් පෙරලගෙන මල්මි නැඟිට්ටෙ යටිගිරියෙන් කෑගහගෙනමයි.

“මල්මි මේ මම කෑගහන්න එපා….”

තමන්ගෙ ඉස්සරහා ඉන්න කෙනාව අඳුනගන්න භීතියට පත්වෙලා හිටපු මල්මිට ටිකක් වෙලා ගියා. එතකොටම වගේ ඇය කෑගහපු සද්දෙට එතෙන්ට ආවෙ සුපර් මාකට් එකේ හිටපු කස්ටර්මර්ස්ලා දෙන්නෙකුයි, මැනේජර් ඇතුලු සේවකයො හතර දෙනෙකුයි.

“මල්මි මොකද බං උනේ…? ඇයි මේ කෑගහන්නෙ…? දෙයියනේ… මේ ලේ….” සාරංගිත් බයවෙලා මල්මිගෙ උරහිස් වලින් හොලවන ගමන් ඇහුවා.

“ඒ..ඒකට කමක් නෑ සාරා…”

“කෝ හිටපන් ටිකක්….” එහෙම කියපු සාරංගි තමන්ගෙ ලේන්සුව අරන් මල්මිගෙ තුවාලෙන් ගැටගැහුවෙ එතනින් ලේ ගිය නිසා.

“මල්මි මොකද පැටියො උනේ…? ඒයි මිස්ටර් තමුන් කවුද…? මොකද මෙතන කරන්නෙ මේ ළමයට කරදරයක්වත් කරන්න හැදුවද ආ…??” වීරයා වෙන්න හදපු මැනේජර් එහෙම අහගෙන අල්ලගත්තෙ….

“සමීර…?? ඔයා….???” මල්මි සාරංගිගෙන් ඈත් වෙලා ආවෙ සමීර දිහාවට.

“ඔව් මල්මි මම තමයි… අපි ඉක්මණින් මෙතනින් යන්න ඕනෙ… එන්න මාත් එක්ක මං විස්තර පස්සෙ කියන්නම්… ප්ලීස් යමු….” සමීර මල්මිගෙ අතකින් අල්ලගන්න ගමන් කිව්වා.

“ඒත්…. සමීර මට කියන්න මොකද මේ වෙන්නෙ කියලා.. අනේ මට මේ කිසිම දෙයක් තේරෙන්නෑ…”

“මේ දැන්ම ඔයාගෙ බඩුත් අරගෙන ඉක්මණින් මාත් එක්ක එන්න මල්මි… මං හැමදෙයක්ම ඔයාට කියන්නම්… මෙතන ඒකට සුදුසු තැනක් නෙමෙයි… ඒ නිසා යමු….”

යමක් සිද්ධ වෙන බව තේරුණු මල්මි තාමත් බයෙන් ගැහෙන හිත ටිකකට නතර කලා. ඊටපස්සෙ සාරංගිවත් ඇදන් කෙලින්ම දිව්වෙ ස්ටාෆ් රූම් එකට.

“මල්මි මොකද කෙල්ලෙ මේ වෙන්නෙ…? කවුද බං ඒ හැන්ඩියා…?? අරූ මැරුණු ටිකට උඹ වෙන එකක්වත්….”

මල්මිගෙ තුවාලෙට බෙහෙත් දාන ගමන් සාරංගි ඇහුවෙ සමීර ගැන.

“ෂ්..ෂ්…. විකාර එපා සාරා ඒ කවීන්ගෙ යාලුවෙක්… මොකක් හරිම දෙයක් වෙලා තියෙනවා… මං ගිහින් එන්නම් කෙල්ලෙ ටිකක් මෙතන බලාගනින්…”

“හරි බං පරිස්සමට ගිහින් වරෙන්…”

සාරංගිට සමුදුන්න මල්මි සුපර් මාකට් එකෙන් එලියට ආවා. සමීර හිටියෙ හුඟක් කලබල වෙලා නිසාම මල්මි කාර් එකට නැඟලා දොර වහපු ගමන් විදුලි වේගෙන් එතනින් හරවලා යන්න ගියේ හලාවත පැත්තට. ටික දුරක් යනකල්ම දෙන්නා අතරෙ කතා බහක් ඇති උනේ නැත්තෙ මල්මි කතා කරන්න හැදුවත් සමීර අතින් ඇයව නවත්වපු නිසා.

“සමීර මේ කොහෙද…?”

මාදම්පෙ ටවුන් එකෙන් කුලියාපිටිය පාරට හරවපු වාහනේ වේගෙන් දිගටම යද්දි මල්මි ඇහුවෙ බයවෙලා වගේ.

“බයවෙන්නෙපා මල්මි මං ඔයාට කරදරයක් කරන්න නෙමෙයි එක්කන් ආවෙ… අපේ ජිවිත තියෙන්නෙ ලොකු අනතුරක… අපිට උත්තර ඕන කරලා තියෙනවා ප්‍රශ්න වගේකට… ඉතින් ඒවත් හොයාගන්න ගමන් අපේ ජීවිතත් බේරගන්නයි මං මේ උත්සහ කරන්නෙ…”

“මට මේ කිසිම දෙයක් තේරෙන්නෑ… මොකක්ද ඔයා මේ කියන්නෙ සමීර…? කවුද අපිට අනතුරක් කරන්න එන්නෙ…?”

“ඔයාව මං සුපර් මාකට් එකේදි දැක්කෙ අහම්බෙන්… ඔයාට නින්ද ගිහිල්ලයි තිබුණෙ හොඳටම මං එතනින් දෙපාරක් තුන්පාරක්ම එහාට යන එනකොටත්… මගෙ හිතේ කලබලේට වතුර බෝතලයක් හොයන්නයි එහාට මෙහාට ගියෙ… එතකොටයි මං දැක්කෙ ඔයාගෙ මූණ… ඔයා ඉන්නෙ නරක හීනයක් ඇතුලෙ කියලා තේරුම් ගද්දි මං පරක්කු වැඩියි මල්මි.. ඒක නිසයි ඔයාගෙ අත තුවාල උනේ… ඒත් මං එතන නොහිටින්න අද මේ වෙද්දි ඔයා මැරිලා…”

“මොකක්…? මොනාද දෙයියනේ මේ වෙන්නෙ…? අනේ සමීර මේ වාහනේ නතර කරන්න ටිකකට ප්ලීස්… මට කියන්න මොනාද මේ වෙන්නෙ කියලා එකටම….”

මල්මි අඬන්න ගත්තු නිසා සමීර වැඩිය ගෙවල් නැති පාලු හරියක් බලලා පාර අයිනට කරලා කාර් එක නැවැත්තුවා. ඊටපස්සෙ ලොකු සුසුමක් හෙලපු කවීන්ගෙ මරණෙ ඉඳන්ම වෙච්ච හැමදේම අකුරක් නෑර මල්මිට කිව්වෙ ඇය ඇස් දෙකත් ලොකු කරන් පුදෙමෙනුත් බයෙනුත් බලන් ඉද්දි.

“එ..එතකොට… ඔයා… ඔයා… ඔයාගෙ තාත්ත..ව….”

“නෑ නෑ නෑ මල්මි ඒක වැරදීමක්… මං ඒ හිතුවෙ, මං දැක්කෙ ඒ පීටර් කියලා එවෙලෙ… ඒකයි එහෙම දෙයක් උනේ… අනේ මං හිතලා කරපු දෙයක් නෙමෙයි ඒක… ප්ලීස් තේරුම්ගන්න…”

“මං දන්නෑ සමීර අනේ මට පිස්සු වගේ… මගෙ අහිංසකයව මැරුවෙ ඒ මිනිහා එහෙනම්…? පව් මගෙ කවීන්… ඉහ්…..” මල්මි කවීන්ව මතක් වෙලා අඬන්න පටන් ගත්තා. සමීර ආයෙමත් වාහනේ ස්ටාර්ට් කලා.

“සමීර ප්ලීස් මට ගෙදර යන්න ඕනෙ… මේ වෙන දේවල් මට දරාගන්න බෑ දෙයියනේ… ඒ මිනිහට මොකුත් කරන්න අපිට බැරිනම් අපි කොහොමද අපේ ජීවිත බේරගන්නෙ…? අනේ….”

“මට නොතේරෙනවා නෙමෙයි මල්මි… මගෙ යාලුවො, මං පණටත් වඩා ආදරේ කරපු මගෙ කෙල්ල, දැන් මගෙ තාත්තා පවා මේකෙන් නැති උනා… ඇයි ඒ…? එක මිනිහෙක් කරපු පවකට අපේ දෙමව්පි‍යොත් හවුල් උනු නිසා… මේ දේ අන්තිම හුස්ම යන්න කලින් හරි අපි නවත්තන්න ඕනෙ… ඒක තේරුම්ගන්න… ඔයාගෙ කවීන්ගෙ, මගෙ සඳරූගෙ මරණ වලට පලිය අපි ගන්න ඕනෙ… තේරුනාද…?” සමීර වේගවත් හඬකින් අහද්දි මල්මි කලේ ඔලුව වනපු එක විතරයි.

තවත් විනාඩි පහක් ගත වෙද්දි සමීර කාර් එක වංගු කීපයක් කරකවමින් රැගෙන ආවේ මිනිස් වාසයක් පෙනෙන්නවත් නැති පාලු ප්‍රදේශයකට. අවට දකිද්දි මල්මිගෙ හිතට බයක් ඇති උනත්, සමීර ගැන ලොකු විශ්වාසයක් වගේම ඔහු ලඟ ඉද්දි රැකවරණයකුත් ඇයට දැනුණා.

“හරි මේක තමයි තැන…”

සමීර වාහනය නතර කලේ, මළකඩ වලින් පිරී දිරා ගිය විශාල ගේට්ටුවක් ඉස්සරහා. වින්ඩ්ස්ක්‍රීන් එකෙන් ඉස්සරහා බලපු මල්මි දැක්කෙ ගේට්ටුව විතරක් නෙමෙයි අවට හැමදේම වහගෙන බිහිවෙලා තිබ්බ වල් දිහා.

“මේ කොහෙද සමීර… අම්මෝ මේ හරිය මාර පාලුයිනෙ…” කාර් එකෙන් බහිද්දි ගමන් මල්මි කිව්වෙ වටපිට බලන ගමන්.

“මේක තමයි හැමදේම පටන් ගත්තු තැන…”

*******************************************************************

“මිනිමැරුම වෙලා තියෙන්නෙ උදේ දහයයි හතලිස් පහට විතර… පිහියකින් ඇනලා තමයි මරලා දාල තියෙන්නෙ… ඒත් කිසිම ආයුධයක් නම් හොයාගන්න බැරිවුනා සර්… මං හිතන්නෙ කොල්ලා එක්කො ඒක අරන් ගිහින්… නැත්තම් කොහෙහරි හංගන්න ඇති අරන් ගිහින්…” උප පොලිස් පරීක්ශකවරයා එහෙම කියද්දි සාගර කට කොණින් හිනාවුනේ සමච්චලයට වගේ.

“එහෙමද තමුන් හිතන්නෙ ලසා…? බලනවා අර පිහි සෙට් එක මෙහාට ගන්නවා මෙහාට… ඒ ටික මට දීලා බලනවා ඩස්පින් එකේ කපපු කෑම, එලවලු මොනාහරි තියෙනවද කියලා… ඒ වගේම කෑම හදන්න ගන්න හැම භාජනයක්ම, වලඳක්ම බලනවා හොඳට ඒවල වතුර ගතියක්, තෙත් ගතියක් තියෙනවද කියලා…”

උප පොලිස් පරික්ශක ලසන්තට රාජකාරිය පැවරූ සාගර ඔහු ගෙන දුන් පිහි කට්ටලය පරික්ශා කරන්න පටන් ගත්තා. සූක්ශමව හැම පිහි තලයක්ම පරික්ශා කරපු සාගර තරමක් දිගින් වැඩි පිහි තලයක යම් වෙනසක් ඇති බව දැක්කා. එය අතට ගෙන බැලූ සාගරට යමක් තේරුණා.

“කිසිම දෙයක් නෑ සර්… මං හිතන්නෙ මේ ගෙදර අද මොකුත් කෑම හදලා නෑ වගේ… හැබැ‍යි මට කුණු දාන කූඩෙ තිබිලා…..”

“සර්… අපිට සී.සී.ටී.වී ෆුටේජ් ටික ලැබුණා… සර් ඇවිත් බැලුවනම්…”

ලසන්තට කතාව ඉවර කරන්නට ඉඩක් නොතබාම එතනට ආපු නිළධාරියෙක් කිව්වා. අර පිහියත් අතට ගත්තු සාගර, සමීරගෙ තාත්තගෙ ඔෆිස් කාමරේ ඇතුලට ගියා. කැමරා වල සටහන් වෙලා තිබ්බ හැමදේම තිතටම බලාගත්තු පොලිස් පරික්ශක සාගරගෙ මුවේ ඇඳුනෙ ජයග්‍රාහී හිනාවක්.

“මොකද සර් හිනාවෙන්නෙ…?”

“හාල්මැස්සො ගැන සැක කරපු අපිට හොඳ තල්මහෙක්ම අහුවෙලා තියෙන්නෙ අයිසේ… මේ පාරනම් පුතෝ ඕකට මං ලේසියෙන් ගැලවෙන්න දෙන්නෑ… සාක්ශි ඇති වෙන්නම තියෙනවා මේසැරේ නම්… සාජන්… මේ පිහියත් ලැබ් එකට යවනවා චෙක් කරන්න කියලා…” දාගෙන හිටපු අත්මේස් ගලවන ගමන් සාගර කිව්වෙ තාමත් හිනාවෙවී.

“ඒ කියන්නෙ කමල් සූරියාරච්චිගෙ රාජ්‍ය කාලය ඉවර වෙන්නයි හදන්නෙ නේද සර්…?”

“මිනිහවත් එක්කම…”

සාගර කිව්වෙ දත්මිටි කන ගමන්.

*******************************************************************
?SanjaaN?

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.