Katha Ahura

මාරයා | 11 කොටස || හොල්මන් කතා ||

කතාව කොහොමද?

? මාරයා ?

#11 කොටස

“මොකක්ද දිනුක බලන්නකො දැන් වෙලාව කීයද කියලා… ෆිල්ම් එක පටන් ගනියි තව ටිකකින්… ඔයත් නම් ඇත්තමයි….”

“හරි හරි සුදූ මග ට්‍රැෆික් එකකට අහුවුනා… ඒකයි ටිකක් පරක්කු උනේ අපි යමු ඇතුලට මං ටිකට් බුක් කරලමනෙ තිබ්බෙ…”

දිනුක, ශේප් හිනාවක් දාන ගමන් ඔහුගෙ පෙම්වතිය වුන හිමාලිගෙ කරට අතක් දාගත්තා. ෆිල්ම් හෝල් එක ඇතුලට ගිය දෙන්නා තමන්ට වෙන් කරලා තිබ්බ බොක්ස් සීට් වල වාඩිවෙලා හරිබරි ගැහුනා.

“ඔයා ආස නිසයි මේ ෆිල්ම් එක බලන්න ආවෙ… නැත්තම් මට නම් මේවා හරිම කම්මැලියි අෆ්ෆා…” දිනුක කිව්වෙ හිමාලිව තමන්ගෙ තුරුලට ගන්න ගමන්.

“ඔයාට ඉතින් අර රෙස්ලින් කෙහෙල්මල්නෙ ලොකු… මේවා බලන්න එපා… බලනවකො මේ ෆිල්ම් එක සම්මානත් ගත්තා…”

“හරි හරි මගෙ දෙයියෝ මෙන්න වැන්දා අපි මේක බලමු…”

අත් දෙක එකතු කරලා දිනුක ඒක කියපු විදිහට හිමාලිට හිනාව නවත්තගන්න බැරි උනා. හිනාවෙන හිමාලිව ලඟට ඇදලා ගත්තු දිනුක හිමාලිගෙ තොල් තමන්ගෙ තොල් වලට මැදිකරගත්තා. තවත් විනාඩි ගණනාවක් දෙන්නා දෙන්නගෙම ලෝකෙ ඉඳලා එලියට ආවෙ හති දම දම.

“මැට්ටා… දැන් ෆිල්ම් එක බලමු….” ලැජ්ජාවෙන් හිනාවුනු හිමාලි ලේන්සුව අරන් තමන්ගෙ මුව පිහාගත්තා.

“හෙ..හෙ… බලමු බලමු අපේ ෆිල්ම් එකට ඉන්ටර්වල් දීලා…”

විනාඩි පහක් පමණ ගතවෙන්න ඇති. ෆිල්ම් එක කම්මැලි නිසාම දිනුකට තද නිදිමතක් දැනෙන්න ගත්තු නිසා ඔහු එහෙම්ම සීට් එකට ඇලවුනා.

“ඒයි මෝඩයො දොයිද ඔයා ම්ම්…?” හෙමින් මුමුණපු හිමාලි දිනුකගෙ පපුව හැපුවා.

තමන්ගෙ පපුවට උල් කටු වලින් විදිනවා වගේ දැනිච්ච දිනුක ගැස්සිලා වගේ ඇහැරුණා. ඇස් ඇරලා බලපු දිනුක දැක්කෙ තමන්ගෙ පපුව විකාගෙන ඉන්න හිමාලිව. දැඩි වේදනාවක් පපුවෙන් එද්දි දිනුක හිමාලිව තමන්ගෙ තුරුලෙන් ඈත් කරන්න හැදුවා.

“සුදූ මොකද ඔය කරන්නෙ මට රිදෙනවා… ආ…ව්…!”

ඒත් හිමාලි තාමත් පපුව හපාගෙනම ඉන්නවා විතරයි. එන්න එන්නම ඒ දත් තමන්ගෙ හම විදගෙන ඇතුලට යන්න හදනවා කියලා දිනුකට දැනුනා.

“හිමාලි අයින් වෙනවා මට රිදෙනවා…!!” තරමක් සැරෙන් කියපු දිනුක හිමාලිව තල්ලු කරලා දැම්මා. “ආ……හ්”

මුලු ෆිල්ම් හෝල් එකටම ඇහෙන්න දිනුක කෑගැහුවා. හිමාලි ඔහුගෙන් අයින් වුනේ නිකන්ම නෙමෙයි ඇය හපපු තැන පපුවෙන් කොටසක් ඉරාගෙනමයි. අඩ අඳුරෙ උනත් පපුව අල්ලගෙන දිනුක ඔලුව උස්සලා හිමාලි දිහා බැලුවා.

“හි..මා…ලි….???”

ඒත් ඔහුගෙ ඉස්සරහා හිටියෙ හිමාලි නෙමෙයි. අඳුරෙ උනත් රතු පාටට දිලිසුණ ඇස් කෙලින්ම යොමුවෙලා තිබ්බෙ දිනුක දිහාවට. පිච්චිලා කලුවෙලා තිබ්බ ඇඟේ සමහර තැන් වලින් මස් වැදලි ගැලවී ගිහින් තිබුණා. කහගැහුණු දත් අතර රතු පාට ලේ පෙරෙමින් තිබ්බෙ දිනුකගෙ පපුවෙන් ඉරාගත්තු මස් කෑල්ල. ඒ වගේම තමන් ෆිල්ම් හෝල් එක ඇතුලෙ ඉන්නෙ තට්ට තනියම කියලත් ඔහුට තේරුම්ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

“උ..උඹ කවුද….? කෝ මගෙ හිමාලි….??” භීතියටත් වේදනාවටත් පත්වෙලා හිටපු දිනුක ඇහුවෙ වෙවුල වෙවුල. සීට් එකෙන් නැගිටින්න හැදුවත් ඔහුට නැඟිටගන්න බැරි උනා.

“මැරෙන්න ලෑස්ති වෙයන්…!”

එහෙම කියපු පීටර් දකුණතේ තිබ්බ දිගු උල් පිහිය ඉස්සුවා.

“එපා….හ්…ග්..ග්..හ්….!!!”

දිනුකගෙ වේදනාත්මක කෑගැහිල්ල මැද්දෙ පීටර් උල් පිහිය අරන් ඔහුගෙ පපුවට වේගෙන්ම ඇනගෙන ඇනගෙන ගියේ ලේ විලක් මැද සීට් එකටම හේත්තු වෙච්ච දිනුකගෙ සිරුරෙන් අන්තිම හුස්ම පොද යද්දි.

“දිනූ….!!! ආ………හ්….!!!”

හිමාලිගේ කෑගැසීමෙන් මුළු සිනමා ශාලාවම දෝංකාර දුන්නා.

**********************************************************************

මේ අතර සමීර මල්මි එක්ක ගරා වැටුණු ගොඩනැගිලි මැද්දෙන් මීටර් සීයක් පමණ දුරින් තිබ්බ තවත් ලොකු ගොඩනැගිල්ලක් දිහාවට යන්න ගත්තෙ බයේ ගැහෙමින්. තමන් මේ කරන්නෙ මොකක්ද තමන්ට මුහුණ දෙන්න වෙන්නෙ කොහොම ඉරණමක්ද නොදැන ඇය හිටියෙ ගොඩක් බයවෙලා වගේම සමීරට හිතින් බනිමින්.

“සමීර… කොහෙද මේ යන්නෙ කියන්නකො… මට බයයි සමීර ඔයාව විශ්වාස කරලා ආවා මිසක් මේ ඉන්නෙ කොහෙද කියලා ඔයා මට කිව්වෙ නෑ තාම… ඇයි අපි මේක ඇතුලට යන්න හදන්නෙ…?” මල්මි ඇහුවෙ ඇඬුම්බර හඬින්.

“අහන්න මල්මි මෙතන අද හුඟක් දේවල් වෙන්න ඉඩ තියෙනවා… අපි මේ යන්නෙ මරු කටට වෙන්න පුලුවන්… ඒත් කොහොමත් මාරයා අපිව හොයන් එනවා අපි උගෙ කටට ගියත් නැතත්… අපිට මේකෙන් ගැලවෙන්න තියෙන එකම විදිහ මේ දේවල් පටන්ගත්තු තැනින්ම ඉවර කරන එක… ප්ලීස් මාව විශ්වාස කරන්න…” මල්මිගෙ අත් දෙකෙන් අල්ලගත්තු සමීර කියද්දි මල්මිට තේරුණා සමීරගෙ අත් දෙක සීතල වෙලා කියලා.

“මට… මට තේරෙන්නෑ සමීර… මේ දේවල් නිකන් නපුරු හීනයක් වගේ…”

“ඔව් මේ නපුරු හීනයක් තමයි මල්මි… අහන්න… අපිට ඌව අපේ හීන වලදි මරන්න තියා මොකුත්ම කරන්න බැරිනම් කරන්න තියෙන්නෙ එකම දෙයයි…”

“ඒ මොකක්ද…?”

“ඌව අපේ ලෝකෙට ගේන එක… ඔයා අහලා නැද්ද ඒක..? යක්කු වැහිච්ච මිනිස්සුන්ගෙ ඇඟෙන් තොවිලෙ පටන් ගන්න යද්දි යකා ගියාට ආයෙමත් කට්ටඩියා යකාව අර ශරීරෙ ඇතුලට ගෙන්නගන්නවා… ඊටපස්සෙ ඒ ඇඟ ඇතුලෙදි කොටු කරගත්තට පස්සෙ තමයි ආයෙ නොයෙන්නම යකාට දඬුවම් කරලා එලවලා දාන්නෙ… ඒ වගේම ඌට අවශ්‍ය මොනාද කියලත් අහන්නෙ එහෙම තමයි… අපි දැන් දන්නවනෙ පීටර් කියන එකාට ඕන අපිව මරලා දාලා අපේ දෙමව්පියන්ව මැරෙනකල්ම දුකෙන් තියන්න කියලා… ඒත් අපි උට ඒ දේ කරන්න ඉඩ තියන්න හොඳ නෑ… තේරුණාද මල්මි…?”

සමීරගෙ කතාවෙන් මල්මිගෙ හිතට ලොකු බයක් වගේම ශක්තියකුත් ආවා. ඒත් තමන්ට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියන බය නිසාම මල්මි ටිකක් අදිමදි කලා.

“ඒත් සමීර…”

“යමු මල්මි… මං මැරිලා හරි මං අද ඕකව ඉවරයක් කරනවා… ඔයාට එන්න බැරිනම් මෙතන ඉන්න… නැත්තම් ඔයාට යන්න පුලුවන් ගිහිල්ලා නිදහසේ උගෙ වදහිංසා විඳලා මැරිලා යන්න…”

තදින්ම එහෙම කියපු සමීර විශාල ගොඩනැගිල්ලේ දොර ඇරගෙන ඇතුලට ගියා. මල්මිට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ ඔහුගෙ පස්සෙන් යනවා ඇරෙන්න. මුලු ගොඩනැගිල්ල ඇතුලෙම තිබ්බෙ පුදුමාකාර අඳුරක් වගේම නිහැඬියාවක්. කලින් ලෑස්ති වෙලා ආපු ගමනක් නිසා සමීර තමන්ගෙ කරේ තිබ්බ බෑග් එකෙන් ලොකු ටෝච් එකක් එලියට ගත්තා. සුදුපාට අධික ආලෝක ධාරාව නිසා ගොඩනැගිල්ල ඇතුලෙ තිබ්බ ගොඩක් දේවල් බලාගන්න ඔවුන්ට පුලුවන් වුනා.

“මේක හරියට….” මල්මි කිව්වෙ යමක් මතක් වුන විලාසෙන්.

“ඔව් අපි හීනෙන් දකින ගොඩනැගිල්ල මේක තමා මල්මි… මෙතනදි තමයි මගෙ යාලුවො ඔක්කොම මැරුම් කෑවෙ… ඒ වගේම මෙතනදි තමයි ඒ යක්ශයා ඉපදුනෙත්…” සමීර දත්මිටි කෑවා.

“ඔ..ඔව්… මේක ගැන කවී…න්ගෙ ඩයරියෙ ලියලා තිබ්බා… මට මතක ඒ නිසයි…”

නැවතත් නිහඬවම ඉස්සරහ ඇවිදන් ගිය සමීර හදිස්සියෙම එක තැනක නතර වුනා. වටේටම ටෝච් එක අල්ලපු ඔවුනට දකින්න ලැබුනෙ මොනාදෝ කැඩිලා බිඳිලා ගිය ලොකු මැශින් වගේකුයි වෙන කැඩිච්ච බිඳිච්ච ලී, යකඩ බඩුයි විතරයි. මකුලුවන්ගෙ රජදහනක් වෙලා තිබ්බ ගොඩනැගිල්ල ඇතුලෙ තිබ්බෙ සත්තු ජරා කරපු ගඳ.

“ආ….. සමීර….!!!”

මල්මි එකපාරටම සමීරව පැනපු ගමන් බදාගත්තා. ඇය හිටියෙ හොඳටම බයවෙලා.

“ඇයි ඇයි මල්මි මොකද උනේ…? මොනාද ඔයා දැක්කෙ…??” සමීර කලබල උනා.

“ව..ව..වුල්ලු….”

එය ඇසුණු සමීරට කේන්ති වෙනුවට ආවෙ හිනාවක්. හෙමින්ම මල්මිව ඈත් කරපු සමීර හිනාව එලියට දාන්නෙ නැතුව ආයෙමත් ඉස්සරහට ඇදුණා.

“එන්න මල්මි අර අතන දොරක් වගේ මට පේනවා…”

ඔවුන් දෙන්නට ටිකක් ඉස්සරහින් තිබ්බ බිත්තියෙන් එලියට බාගෙට ඇරුනු දොරක් තිබුනෙ එතනින් කොරිඩෝවකට යන්න. බොහොම පරික්ශාවෙන් ඒ දොරෙන් කොරිඩෝවට ආපු සමීර වටේටම ටෝච් එක අල්ලලා බැලුවෙ හුරුපුරුදු දෙයක් හොයමින්. අන්තිමේදි කොරිඩෝවෙ වම් පැත්තට අඩි දහයක් පමණ ඇවිද්දට පස්සෙ ඔහු බලාපොරොත්තුවෙන් හිටපු දේ හම්බුණා.

“එන්න මල්මි මේක තමයි තැන… හිත හයිය කරගන්න අපිට මොන වගේ දේකට මූණ දෙන්න වෙයිද දන්නෑ මේක ඇතුලෙදි…”

සමීර එහෙම කියද්දි මල්මි ඔහුගෙ එක අතකින් තද කරලා අල්ලගත්තෙ බය වැඩි නිසාමයි. හිත් දෙකම එකම හඬින් වේගෙන් ගැහෙද්දි සමීර බිත්තියටම අල්ලලා තිබුණු යකඩ දොරේ අඟුල කැරකෙව්වා.

“ක්‍රී…….ස්”

*********************************************************************

?SanjaaN?

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

මෙහි කතෘ හදිසියේම කතාව නවතා ඇත

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.