Katha Ahura

රණ හංසි | 07 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

06 කොටස

තොල් දෙකේ ලිප්ස්ටික් තවරගෙන අයිබ්‍රෝස් ශේප් කරල ඇගිලි වල කියුටෙක්ස් ගාගෙන ඉන්න කෙල්ලෙක් වගේ හැසිරෙන අපෙ ක්ලාස් එකට එහායින් තියෙන සැලෝන් එකේ වැඩ කරන රයන් අයියා කොහෙදෝ ඉදන් පද්ද පද්ද ඇවිත් ෂෙනාල්ගෙ බෙල්ලෙ එල්ලුණ විදියට

“පුහ්..හ්…”

ඒත් එක්කම මං හිර කරන් ඉදපු හිනාව එලියට පැන්නෙ රයන් අයියා ඒක නලව නලව කියපු තාලෙට

පිටට පැනපු හිනාව මං යටිතොලත් හපන් ආයාසයෙන් නතර කරන් බැලුවෙ ෂෙනාල්ගෙ මූණ් දිහා අම්මේ බලන්න ලස්සනයි ඒ මූණ හරියට නිකන් කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ

“අහකට යනව ඕයි මගෙ ඇගේ වෙලෙන්නැතුව”

ඒ සැණින් ෂෙනාල් රයන් අයියගෙ අත ගසල දාලා ඈත් වෙන්න හැදුවෙ හරියට නිකන් ජරාගොඩක් ඇගේ ගෑවුණ ගානට

“ඕ..හ් මයි ගෝඩ්”

“ෂෙනාල් අයියා මේ මොකෝ මේ……….”

“ඊ…යා ඒ කියන්නෙ ඔ..ඔ..යා ම්…මෙහ්”

ඒත් එක්කම කොහෙදෝ ඉදන් දුවන් ආපු නදීකා ඇහැව්වෙ ඇස් දෙකත් කටේ දාන් ෂොක් එක වැඩි කමට ඒකිට ගොතත් ගැහෙනවා

අම්මෝ සාන්ත මටනම් බෑ.මදි පාඩුවට තිබ්බෙ ඔච්වරයි.මෙව්වනෙ යකෝ මංගල දර්ශන කියන්නෙ

“ඇගේ නගින්නැතුව අහකට යනව ඕයි”

ෂෙනාල් කේන්තියෙන්ම රයන් අයියගෙ අතත් ගසල දාලා කෑ ගැහැව්වෙ

“අනේ මේ නංගි තම්…….”

ඒ සැණින් ෂෙනාල් අයියා නදීකගෙ පැත්ත හැරිල කියන්න ගියපු දේත් ගිලගත්තෙ රයන් අයියා කිරපු දේට

“ආ..නේ ඩාර්ලිං මේ එක එක නැට්ටිච්චියො එක්ක ඔයාට මොනාද අනේ තියෙන කතා? මලසමයං”

“අපි යන් අනේ මගෙ සැලොන් එකට ටිකක් නිදහසේ ඉන්න.”

“කමෝන් බේබි එන්නකෝ අප්පා”

රයන් අයියා එහෙම කියල නදීකටත් ගස්සල ඇගෙත් හැප්පීගෙන ෂෙනාල්ව මරන්න ගෙනියන හරකෙක් ගාණට ඇදන් ගියෙ ෂෙනාල්

“ඒ බන් දනියා අනේ බන් මාව මෙ කුණ්ඩවාලෙන් බේරගනින්කො”

කියල මෙච්චර වෙලා මේක දිහා කටත් ඇරන් බලන් ඉදපු දනිදුට කෑ ගහල කියද්දී

ඒත් එක්කම මං මෙච්වර වෙලා හිරකරන් ඉදපු හිනාව එලියට පැන්නෙ මගෙ එහාපැත්තෙ ඉදන් මෙච්චර වෙලා කට ඇරන් බලන් ඉදපු අරුන් තුන්දෙනත් දෙකට නැවිල බඩ අල්ලන් සද්දෙට හිනාවෙද්දී

“අම්මෝ හිරූ මට නම් බෑ බන්”

“මගෙ බඩත් රිදෙනව හිනාවෙලාම”

අනූ කිව්වෙ හුස්මත් අල්ල අල්ල අසීරුවෙන් හිනාව පාලනය කරගන්න ගමන්

මාත් අසීරුවෙන් හිනාව පාලනය කරගෙන බැලුවෙ ලොකූලා ඉදපු පැත්ත

අපරාදෙ කියන්න බෑ කෙශාන් අයිය යි රිතුවගෙ අයිය යි නම් තාමත් දෙකට නැවීගෙන බඩ අල්ලන් හිනාවෙනව හැබැයි ලොකූ තාමත් ගල් ගැහිල වගේ කටත් ඇරන් බලන් ඉන්නෙ රයන් අයියා ෂෙනාල් ව ඇදන් ගිය පැත්ත

පොටො එකකට කියාපු ෆෝස් එක මං ටග්ගාල ෆෝන් එක අරන් පොටො එකකුත් ගහගත්තෙ ඔව්වා අනාගතේට ප්‍රයොජනවත් වෙන නිසා

“ඔය කට වහගන්නව ලොකූ ”

“මං දැක්කා දැන් මැස්සො දෙන්නෙක්ම ඔය කට ඇතුලට ගියා.හැබැයි එක්කෙනෙක් වත් එළියට නම් ආවෙ නෑ”

මගේ වැඩේ කරගෙන මං ශේප් එකේ ලොකූට ලං වෙලා කණට කරලා කිව්වෙ

පව් අප්පා මිනිහට ලැජ්ජා හිතුනද කොහෙද ටක්ගාල කට වහගත්තා

“මොකක්ද බන් ඒ වුනේ?”

ටිකකින් ලොකූ ඇහැව්වෙ කෙශාන් අයියගෙ පිටට එකක් අනින ගමන්

“ඒක ඉතින් දන්නෙ මේන් මේ ජෝඩුව තමා”

රිතූගෙ අයියා කිව්වෙ උන් දෙන්නව ඇස් දෙකෙන් පෙන්නන ගමන්

“ඇ..හ් මොකක්ද යකො ඒ හරුපෙ තේරුම?”

මං අහන්න ගියපු එක ඇහැව්වෙ කෙශාන් අයියා

හැබැයි ඉතින් මුන් දෙන්නගෙ මූණු දෙක දැක්කාම මටත් හිතෙනව තමා මේකෙ කොණකින් හරි මුන් දෙන්නත් සම්බන්ධ ඇති කියල

“මං බලන් හිටියෙ උබලගෙ නංගි ව ඇදල ගත්ත වෙලේ ඉදන් මුන් දෙන්න මෙතන කුටු කුටු ග ගා හොරගල් අල්ලනවා”

රිතූගෙ අයියා කෙශාන් අයියට කිව්වෙ හැමෝම උන් දෙන්න දිහා බලද්දී ඒ සැණින් මාත් උන් දෙන්න දිහා බැලුවෙ ඇස් හීන් කරන්

“හී”

ඒත් එක්කම මුන් දෙන්න දත් සෙට් එකම එලියට එලියට දාල ගොන් හිනාවක් දැම්මෙ අපි දිහා බලල

“ඔහොම බලන්නෙපා……. ඉතිංං ලැජ්ජා හිතෙනවනේ අප්පා…. ”

“පු..හ්හ්හ්”

රිතූ ඒක ඇඹරි ඇඹරි කියපු විදියට මට හිනහත් ගියා

“හරි හරි කෝලං කරන්නැතුව කියපන්කො මොනාද කලෙ කියල”

ඒ පාර ටිකක් කලබලෙන් වගෙ කිව්වෙ අනූ

“මෙන්න මේකයි බන් උනේ”

එහෙම කියල කතාව පටන් ගත්තෙ රිතූ.අපි හැමෝම නිෂ්ශබ්දව අහගෙන ඉද්දි

______________________________________________

ඕගොල්ලො හිතන්නෙ මොනා කලා කියලද ඈ ලමයි

2 thoughts on “රණ හංසි | 07 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.