Katha Ahura

රණ හංසි | 08 කොටස | කොටස් වශයෙන් පළවන කතා

4.7/5 - (3 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

08 කොටස

අපි ඉන්ටවල් එකෙ එලියට ගිහින් උබල දෙන්නට ඉන්න කියල මායි සිතූ යි ආපහු ඇරිලා පන්තියට ආවනෙ වතුර බෝතලෙ ගෙනියන්න එතකොට තමා අපි දැක්කෙ අර ෂෙනාල් දනිදු එක්ක ඇවිත් වටපිට බලල උබේ පොතක් ඇතුලට දෙකට නවපු කොලයක් දානවා.”

“අපි දෙන්න උන් යනකන් ශේප් එකෙ දොරට මුවා වෙල ඉදල දුවන් ගිහින් දිගඇරල බැලුවෙ උබෙ පොත අස්සට දාපු දෙකට නවපු කොලෙ මොකක්ද කියල”

“ඒකෙ රතු පාටින් හාර්ට් එකක් ඇදල ලියල තිබ්බෙ I Love You Baby කියල”

“ම්….මේ… තව කිස් එකකුත් තියල තිබ්බා”

ඒක නම් රිතූ කිව්වෙ මං දිහා බල බල ගොත ගගහ

“මොකක්?”

“තොපි දෙන්න දැන්ද ඕක කියන්නෙ?”

මං ටිකක් සද්දෙට ඇහැව්වෙ රිතූගෙන්.මොකද ඒක අහපු ගමන් මට ෂෙනාල්ගෙ බෙල්ල ගලවන්න තරම් කේන්තියක් ආපු නිසා
??

“අයියෝ ටිකක් ඉදපන්කො මැද්දෙන් පැනල ඇඩ් දාන්නැතුව”

“මේකෙ හතර කොණ පටල ගන්නැතුව අහගන්න”

මගේ ඔලුවටත් එකක් ඇනල කිව්වෙ අනූ .යකො මෙකිට තියෙන තදියම

“ආ.. හරි හරි කියපන්කො”

මං නොරිස්සුමෙන් වගේ කියල අහක බලාගත්තා
???

“එහෙම්ම අපි ඒක මගෙ සාක්කුවේ දාගෙන එලියට ඇවිත් උබලත් එක්ක කෑමත් කාල එන ගමන් ශේප් එකෙ උබල දෙන්නට පචයක් කියල ක්ලාස් එකට එවල අපි ගියෙ රයන් අයියගෙ සැලොන් එකට”

“ඒකට ගිහින් අර ෂෙනාල් දුන්න කොලෙ රයන් අයියට දුන්නෙ ෂෙනාල්ව පෙන්නලා ඌ දෙන්න කිව්වා කියල”

“නැහ්හ්”

අනූගෙ කටින් එම පිටවුනෙ ඇස් දෙකත් ජිල් බෝල සයිස් වෙද්දී

“නැහ් නෙවෙයි බන් ඔව් අප්පේ බලන්නෙපැයි ඒ වෙලවෙ රයන් අයියගෙ මූණ මල් හතයි බන් පැණි බේරෙනවා”

හිනාවෙවී කිව්වෙ අපෙ සිතුවා

“හරි හරි ඉතින් අහපන්කො එතනින් පස්සෙ තමා හොදම සීන් එක”

ඒ කිව්වෙ රිතූ

“ඇත්තටම බන් ඒ වෙලාවෙ ෂෙනාල්ගෙ සෙනසුරු නීච වෙලා සිකුරු පච වෙලාද කොහෙදෝ තිබිල තියෙන්නෙ ඈ ඒ එක්කම වගේ අපි දෙන්නා දිහා බලල දැම්මෙ පැණි හිනාවක් බන් උබ දන්නවනෙ බන් ඌ කොහොමත් පැණියා කියල රයන් අයියා ඒක දැකල හිතුවෙ ඒකා එක්ක හිනාවුනා කියල මූ ලැජ්ජාවෙන් වගේ අර කොලේට මූණ ඔබා ගත්තා.”

“ඒත් එක්කම මං ෂෙනාල්ට නොපෙනෙන්න සිතූ ට ඇහැක් ගහල රයන් අයියට නොපෙනෙන හතරට පහට ඇඹරිලා මල් හිනාවක් දාල ඇහැක් ගැහැව්වෙ ෂෙනාල්ට”

“ඒත් එක්කම මේකි රයන් අයියගෙ කණට ලං වෙලා කිව්වෙ අර බලන්නකො අනේ ෂෙනාල් ඔයාට කතාකරනව කියල”

රිතූ කිව්වෙ සිතූ ව ඇස් දෙකෙන් පෙන්නන ගමන්

“ඒ සැණින් රයන් අයියා ෂෙනාල් දිහා බලද්දිම තමා උගෙ තියෙන මනමාල කමට ඌ මට ඇහැක් ගහලා ෆ්ලයින් කිස් එකක් දුන්නෙ රයන් අයියා හිතුවෙ ඒක එයාට කියල.පස්සෙ රයන් අයියා අපි ලැජ්ජාවෙන් වගෙ අපි දිහා බලද්දි අපි දෙන්න දැක්කෙ නෑ වාගේ අහක බලාගත්තා”

“හොදම වැඩේ කියන්නෙ යකෝ සිතූ සැලොන් එකෙන් එලියට ආවෙ ෂෙනාල්ගෙ ෆෝන් නම්බර් එකත් රයන් අයියට දීල ෂෙනාල් ඔයාට මැසේජ් එකක් දාන්න කිව්වයි කියල”

“කොහොමද අපෙ වැඩ ආ..හ්”

රිතූ කතාව කියල ඉවරවුණා විතරයි සිතූ ආඩම්බරෙන් වගේ කොලර් එකත් උස්ස උස්ස ඇහැව්වෙ අපි සද්දෙට හිනාවෙද්දී

“ඒ පව් බන් අපි අර කොල්ලට ගහන්න ගියෙ”

හිනාවෙවී ඉදපු කෙශාන් අයියා කිව්වෙ අමාරුවෙන් හිනාව කන්ට්‍රෝල් කරගන්න ගමන්

“ඒක නම් ඇත්ත බන් හොද වෙලාවට ගැහැව්වෙ නැත්තෙ”

ඒ අපෙ ලොකූ

“ඒක තමයි බන් බලන් ගියම කොල්ලන්ව තමා මුන් හතරදෙනාගෙන් පරිස්සම් කරගන්න වෙලා තියෙන්නෙ”

රිතූගෙ අයියා හිනාවෙවී කියද්දි අරුන් දෙන්න ලොකූලටත් ගස්සල බැන බැනම රිතූගෙ අයියාව බයික් එක ලගට ඇදන් ගියෙ අපිත් ලොකූ ලට ගස්සල අහක බලගද්දී
???

??????

අපි තුන්දෙනාව ගෙදරට දාල කෙශාන් අයියා ගෙදර ගියෙ රෑට කෑමත් කාල

4 thoughts on “රණ හංසි | 08 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.