Katha Ahura

රණ හංසි | 09 කොටස | කොටස් වශයෙන් පළවන කතා

4.8/5 - (64 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

09 කොටස

ගෙදර ඇවිල්ලත් කෙශාන්ට මතක් වෙලා හිනා ගියෙ හිරූලගෙ ක්ලාස් එක ලග වුණ සිද්දියට

“අහිංසකී වගෙ හිටියට බලන් ගියාම කොච්චි කරලක්නෙ”

කෙශාන්ට එහෙම හිතුනෙ අර වෙලාවෙ හිරූ ෂෙනාල්ට කෑ ගහපු විදිය මතක් වෙලා

?????

කිසිම විශේෂයක් නැතුව කාලය ගෙවිල ගියෙ හීයක වෙගෙන් අපිව පාඩම් වැඩ වලටම හිර කරල

හෙට තමයි අපිට ඒ ලෙවල් එග්සෑම් පටන් ගන්නෙ මේ දවස් වලනම් ඉතින් ගෙදරින් එහෙම තියෙන්නෙ රාජකීය සැලකිලි හැබැයි ඉතින් ඔය සේරම කණකණපිට පෙරලෙන්නෙ රිසාල්ට් ආපු දවසට තමයි.

මායි අනූ යි දෙන්නම ටිකක් වෙලා පාඩම් කරල කාමරෙට ආවෙ නිදාගන්න කියල අපරාදෙ ලියන්න බෑ අනූ නම් කලෙ කාමරෙට ආපු ක්ෂණික ඇදට පැනල නිදාගත්ත එක

මාත් ඉතින් ෆෝන් එක අරගෙන ඇදට පැනල වට්ස් ඇප් පැත්තට ගිහින් යාලුවන්ට විෂ් කලා.හැම ස්ටේටස් එකක්ම වගෙ තියෙන්නෙ ඒ ලෙවල් භීෂ්ණේ ගැන තමයි එව්වත් බලල මං ඕෆ් ලයින් යන්න හදද්දිම වගෙ චීනපටස් කියල සේව් කරල තිබ්බ නම්බර් එකෙන් මට ආවෙ ඕල්දබෙස්ට් කියල මැසේජ් එකක්

ඒත් එක්කම මට හිනාගියෙ ඒ නමත් එක්කම වැටුන කෙශාන් අයියගෙ ඩීපී එක දැකල

මාත් දත් සෙට් එකම එලියට දාන් විරිත්තන් ඉන්න ඉමොජියක් දැම්මා විතරයි මේන් මේකා මට ගුඩ් නයිට් කියල දාල ඕෆ් ලයින් ගියෙ නැතැයි

ඉදකින් විතරක් ගස් හිපාටුවා පුදුම ලොකුකමක් තියෙන්නෙ මාත් ගුඩ් නයිට් කියල දාල ඩේටා ඕෆ් කරල නිදාගත්තෙ හීනෙන් වත් පේපර්ස් ටික පෙනේවා කියල

?????

එක්සෑම් දවස් ටිකත් ගෙවිල ගියෙ ඒකාකාරීව උදේට තාත්තා ගෙනත් දානවා හවසට ලොකූ එක්ක යන්න එනවා.ඉංග්‍රීසි තිබ්බ දවසෙත් කොහිමහරි ගිහින් ලියල ආවෙ තාත්තා මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා කියල පෙපෙරේ දැක්ක ගමන් හිත කෑ ගහල කියද්දී අනික් පේපර්ස් ටිකත් අපරාදෙ කියන්න බෑ කිසි ප්‍රින්ටින් මිස්ටේක් එකක් නැතුව ලස්සනට ප්‍රින්ට් වෙලා තිබ්බා

?????

අදින් එග්සෑමුත් ඉවරයි.ඔලුවෙ තිබ්බ ලොකුබරක් නිදහස් වුනා වගේ දැනුනත් කියාගන්න බැරි දුකක දැනෙන්නේ අද තමා යුනිෆෝම් එකෙන් මෙහෙම පිස්සු නට නට ඉස්කෝලෙ ඉන්න අන්තිම දවස කියල මතක් වෙද්දී

අද ලොකූටත් එක්ක යන්න එන්න එපා කියපු නිසා හැමෝටම සමුදීල අපි හතරදෙනා පයින්ම ආවෙ ඉස්සර ඉස්කෝලෙදි කරපු පිස්සු වැඩ මතක් කර කර

?????

එක්සෑමුත් ඉවර වෙලා සතියක කාලයක් ගෙවිල ගියෙ පට්ට කම්මැලිකමේ ගෙදරටම වෙලා ලොකූගේ වෙඩින් එකත් දැන් ලග නිසා එයත් දැන් හෙන බිසී පර්සන් කෙනෙක් මටයි අනූ ටයි තමා පට්ට කම්මැලි

“මම බොහොම බය වුනා
මගේ පණ එපා වුනා
රෑ දොලහට හොල්මනකට මාව අහුවුනා”

“ආ..ව්හ්හ් අම්මා…..හ්හ්”

උදෙන්ම මගේ කන ගාවින්ම වයිබ්බ්‍රේට් වෙවී ඇහුන සද්දෙට මං උඩ ගිහින් ඇහැරුනෙ බයවෙච්ච පාරට මං ඇදෙනුත් බිමට වැටිල මගෙ පශ්චාත්බාගෙ බිම ඇනෙද්දී

” මම බොහොම බය වුනා
මගේ පණ එපා වුනා
රෑ දොලහට හොල්මනකට මාව අහුවුනා”

මොකක්ද වුනෙ කියල හිතාගන්න බැරුව මං තාමත් ඒ වැටුන ඉරියව්වෙන්ම බිම ඉදපු මං පියවි සිහියට ආවෙ ආපහු ඇහුන ඒ සින්දුවෙ සද්දෙට

මං ඒ ඉරියව්වෙන්ම ඉදගෙන ඔලුවත් කස කස වටපිට බැලුවෙ ඒ මලදානෙ කොහෙන්ද කොහෙන්ද ඇහෙන්නේ කියල බලන්න ඒත් එක්කම මං දැක්කෙ කොට්ටෙ උඩ තියෙන මගෙ ෆොන් එකේ ලයිට් එක පත්තු වෙවී වයිබ්බ්‍රේට් වෙනවා

“ඇහ් මගෙ ෆෝන් එකෙන් නේද ඒක ඇහෙන්නේ?”

මං දඩිබිඩි ගාලා ෆෝන් එක අතට ගත්තෙ මොකුත් හිතාගන්න බැරුව ඒත් එක්කම දැක්ක දේ එක්ක මට ඌරු ජුවල් නැග්ගා.

“කව්ද යකො මේ උදෙ හතට එලාම් එක තියල මේ රෙද්ද රින්ගින්ටෝන් එකට දාල මගෙ කන ගාවින් තියපු කඩප්පුලියා”

“කෝ මේ අනූ ඕකි තමයි ඔය වගෙ සිගිති ආතල් දෙන්නෙ”

“අ….ර්ර්ර්ර්ර්ර් අනෙ අම්මපා මට එන කේන්තියට අහුවෙයකො තෝ මට”

“සීනි දාලා වෙඩි තියනවා තෝව කූඹි කාලා මැරෙන්න වල් ඊරි”

“ඉදකින් විතරක් මෙහෙමත් පාප මිත්‍රයො”

“ආ..හ් අම්මා….. මගේ පස්ස”

අනූටත් කුටු කුටු ගගා බැන බැනම මං කටත් ඇදකරන් නැගිට්ටෙ බිම ඇනුන මගෙ පස්සත් අතගගා
???

මං දත්මැදල වොෂ් එකකුත් දාගෙන කාමරේට එද්දී ම මගෙ ෆෝන් රිං වුනෙ ඩිස්ප්ලේ එකෙ සිතූ කියල වැටෙද්දී

මං එහෙම්මම ෆොන් එක ආන්සර් කරල තියාගත්තේ කනේ

“හෙ….”

______________________________________________

ඒ ගමන මොන වගෙ බකට් එකක් කියලද ඕගොල්ලො හිතන්නෙ යාලුවනේ??

හා හා හොර පාරෙන් යන්නෑ කමෙන්ට් එකක් දාගෙන රේට් කරගෙනම යන්නෝ????☺️☺️❤️??☺️??

5 thoughts on “රණ හංසි | 09 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

    1. අක්කියෝ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.