Katha Ahura

රණ හංසි | 16 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

* * * * * * * * * * * * * * * * * *
❤️❤️

16 කොටස

?????

“මාවද හොයන්නෙ?”

මං ගැස්සුනේ කන ගාවින් ඇහුන කෙශාන් අයියගෙ කටහඬට හපොයි ලැජ්ජාවෙ බෑ

“ඇයි මට වෙන වැඩ නෑ කියල හිතුවද ”

බොරු අමනාපයක් මවාගෙන මං එහෙම කියල පිටිපස්ස හැරිල එයා දිහා බැලුවහම මට ඉන්න තැනත් අමතක වුනා
???

යකූ අද මෙයාගෙ ලස්සන අම්මේ බදාගෙන උම්මා දෙන්න හිතෙනවා.මෙයා මනමාලයා කියල හිතාගෙන ද දන්නෑ අද මෙච්චර හැඩ වෙලා ආවෙ ඔන්න හංසියෝ අද නම් මෙයා ගැන ඇහැගහගෙනම ඉනන වෙයි වගේ

“බුදු අම්මෝ හොද වෙලාවට මෙතන මිනිස්සු ඉන්නෙ”

එයා දිහාම ගල්වෙලා වගෙ කටත් ඇරන් බලන් ඉදපු මං පියවි සිහියට ආවෙ එයාගෙ කටහඬට

“ඇයි එහෙම කිව්වෙ”

මං පුදුමෙන් වගේ ඇහැව්වෙ එයාගෙන් ඇයි මොකෝ මං මෙයාව මරන් කනවා යැ

“නැත්තං ඔය මං දිහා බලන් ඉදපු විදියට මං අද රේප් වෙලා තමා නවතින්නෙ”

එයා එකපාරටම ඒක කිව්වෙ හෙන සීරියස් මූඩ් එකක් මවාගෙන

“අර්ර්ර්ර් මෝඩයා”

කේන්තියෙන් ම මං එයාගෙ උරහිසට පාරක් ගහලා ගස්සගෙන ම ඉස්සරහට හැරුනෙ එයා හැක හැක ගාල හිනාවෙද්දී

“මේ…… මැණික”

ඒ ගමන එයා කිව්වෙ මගෙ කනට ලං වෙලා අම්මේ ඉතින් ඒ බටර් පාර ඔය ඉතින් දැන් මාව ශේප් කරගන්න වෙන්නැති
මං අහුවෙයි ඕවට

“ඇයි මොකෝ”

මං ඇහැව්වෙ ටිකක් කේන්තියෙන් වගේ

“මේ අපි දෙන්නත් මහෙම්මම බදිමුකෝ”

“එතකොට ඉක්මණට හනිමුන් යන්නත් පුලුවන්”

“මැණික කැමති නම් ඉතින් මෙතන උනත් කමක් නෑ මට නම් ප්‍රශ්නයක් නෑ”

අනේ අම්මපා මේකා නම් අද ඕනාවට වැඩියි වගේ මං ගාස්සලම බලා ගත්තෙ අහක මෝඩයා

???????

සේරම චාරිත්‍ර ඉවරවුණාම ලොකූ යි අක්කා යි දෙන්නාම ඇවිත් ඉදගත්තෙ එයාලට වෙන් කරලා තිබ්බ අසුනෙ

ටික වෙලාවකින් දෙන්නටම වෙල්කම් ඩ්‍රින්ක් එක ඇල්ලලා කිව්වෙ ඒක දෙන්නට දෙන්නා පොවා ගන්න කියලා

මායි අනූ යි ඇගිලි ගැන ගැන කටත් ඇරන් බලන් හිටියෙ ඕක කොයි වෙලේ කියයිද කියල

අපරාදෙ කියන්න බෑ ඒක බිව්වා විතරයි දෙන්නගෙ මූණු ඇඹරිලා ගියේ මායි අනූ හිරකරන් ඉදපු හිනාව එළියට පනිද්දී මොකද මායි අනූ යි එකතු වෙලා ඔය බීම දෙකට ලුණු දැම්මා ගමකට
???

අනේ පව් අප්පා මගෙ ආදාණීය ලොකූ යි නෑනා පොඩ්ඩයි

ටිකවෙලාවකින් මායි අනූ යි අපේ අනික් ඩබලයි එකතු වෙලා ඩාන්ස් එකක් කලේ කෙශාන් අයියා යි අපේ ලොකූ යි කටත් ඇරන් බලාගෙන ඉද්දි
???

??????

වෙඩින් එක දවස් දෙකක් නැති නිසා ලොකූ යි අක්කා යි හවස් වෙද්දී ගිහින් ඇදුම් චේන්ජ් කරන් ආවහම නම් ඔන්න දෙන්නම එකතු වෙලා ලස්සන ඩාන්ස් එකක් දැම්මා

යකූ මං දැනන් ඉදියෙ නෑනෙ අපෙ ලොකූට මෙච්චර ලස්සනට ඩාන්ස් කරන්න පුලුවන් කියල
???

?????

ලොකූ යි අක්කා යි පිටත් වෙන වෙලාව ලං වෙද්දී නම් හැමෝම වගේ එලියට ආවා.තුෂාරි අක්කා නම් අම්මලාව බදාගෙන අඬනවා.

ඒක දැක්කට පස්සෙ නම් මටත් මතක් වුනේ කවදාහරි දවසක මටත් මේ වගේම ලොකූලව දාලා කෙශාන් අයියා ලගට යන්නා වෙනවා නේද කියලා

එහෙම්මම මායි අනූ යිත් ඇස් වල කඳුළු පුරවන් ගිහින් බදාගත්තෙ ලොකූ ව

හැබැයි කෙශාන් අයියලා නම් එකතු වෙලා ලොකූ ලව හොදට මැඩෙව්වා අනේ පව් අප්පා මගෙ ලොකූ ඒක දැක්කාම නම් මාට හිතුනේ වෙඩින් ඔන්නෑ කෙළින්ම ජම්පින් ගොයින් උනා නම් හොදයි කියල

මායි අනූ යි ගෙදර ආපු ගමන් වොෂ් දාල නිදාගත්තෙ තිබ්බ මහන්සියට

?????

ඔහොම්මම සති දෙකක් ගෙවිල ගියේ ඒකාකාරිව ලොකූලා ඉන්නෙට්ග් මෙහෙ ඉස්සර නම් ලොකූට බකට් පෙරලෙන්නෙ මායි අනූ යි එකතු වෙලානේ ඒකට දැන් අලුත් සාමාජිකයෙක් සෙට් වෙලා අම්මේ ඉතින් තුෂාරි අක්කත් මරු ඈ

පව් අනේ අපේ ලොකූට වෙලාවකට හිතෙනවා ඇති මං කසාද බැඳගෙන තියෙන්නෙ බාලාංශ ලමයෙකද කියල කරන්න දෙයක් නෑ ලොකූ යූ ආර් ටූ ලේට්???

??????

එදා සදුදා දවසක් ක්ලාස් ඉවරවුණාම සිතූ යි රිතූ යි ඉක්මණට ගියෙ කොහෙද යන්න තියෙනවයි කියලා අද අනූවත් නෑ ලොකූට කෝල් එකක් දුන්නාම එයාත් ෆොන් එක ගන්නෑ

මං කෙශාන් අයියට කෝල් එකක් දුන්නාම එයා පැය කාලකට වගේ පස්සෙ ආවෙ මාව එක්ක යන්න අපෙ ක්ලාස් එක ලගට

“අනේ අයියෙ අපි අද බීච් එකට යමුකො”

වාහනෙට නැග්ගා විතරයි මං එයාට කිව්වෙ පොඩි එකෙක් වගෙ එයාගෙ අතේ එල්ලිලා

“පරක්කු වෙන්නැද්ද ගෙදර යන්න”

අද අනූ ත් නැති නිසා අම්මා මං එනකන් බලන් ඉන්නවා කියල දන්න නිසා

“අපි ලොකූට කියමු එයා මොනාහරි කරයිනේ”

මං කෙශාන් අයියට එහෙම කිව්වෙ ටිකක් වෙලා ගියාට පස්සෙ ඒත් එක්කම කෙශාන් අයියගෙ ෆොන් එකට කෝල් එකක් ආවෙ ලොකූගෙන්

“හෙලෝ මචං ම……….”

“ලොකූ අනේ මට බීච් යන්න ඕනි මං කෙශාන් අයියා එක්ක යන්නද”

මං එයාගෙන් ෆෝන් එක අරගෙන ස්පීකර් දාලා ලොකූ කියන්නත් කලින් කියවගෙන කියවගෙන ගියා

“ඇයි උබ වෙනදටත් ක්ලාස් ඉවරවුණාම උබේ අර යාළුවො ටිකත් එක්කන් මූවත් එක්කන් බීච් යන්නෙ මගෙ අහලද”

ලොකූ ඒක ඇහැව්වා විතරයි මගෙ ඇස් ජිල් බෝල සයිස් වුනෙ කෙශාන් අයියා හැක හැක ගාලා සද්දෙට හිනාවෙද්දී

ඇහ් ලොකූ කොහොමද ඒක දන්නේ ෂුවර් එකටම මෙන්න මේ ගොන් අලියා කියන්නැති

“න් නැ නෑ මෙ මේ”

“හා හා පරිස්සමට ගිහින් වරෙන්කෝ”

“හරි ලොකූ තැන්කිව් හොඳේ උම්ම්ම්මමා”

කියගන්න දෙයක් හිතාගන්න බැරුව ඉද්දි ලොකූ කිව්වම මං එහෙම කිව්වෙ සතුටට උඩ පැන පැන

“මං පරිස්සමෙන් කියල කිව්වෙ උබට නෙවෙයි ඔය අහිංසක කොල්ලට”

“උබේ මොනා පරිස්සම් කරන්නද ඌ ‍තමා උබෙන් පරිස්සම් වෙන්නෝනෙ”

යකෝ මේන් මේකා ගත්කටටම එහෙම කියල දඩස් ගාල තියපි ෆෝන් එක

“අර්ර්ර්ර් මෝඩ ලොකූ අහුවෙනවකෝ මට ඉන්දවනවා අර ගෙදර තියෙන පොල් උල උඩ ගස්ගෙම්බා”
???

ඒත් එක්කම කෙශාන් අයියා සද්දෙට හැක හැක ගාලා හිනා වුනේ මං එයටත් ගස්සල ෆෝන් එකටත් රවල ලොකූටත් කුටු කුටු ගගා බැන බැන අහක බලාගනිද්දී

_______________________________________

හපොයි දෙයියනේ ඒ මොකක්ද ඒ හිරූට කිව්වෙ???
ලැජ්ජාවෙ බෑ??????

ඕගොල්ලොන්ගෙ හැම කමෙන්ට් එකක්ම මට ගොඩාක් වටිනවා ඒ නිසා කියවන අය මතක් කරලා කමෙන්ට් එකක් දාගෙන ඔයගොල්ලන්ගෙ අදහස් කියාගෙනම යන්නෝඕඕඕඕඕ ??

5 thoughts on “රණ හංසි | 16 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.