Katha Ahura

රණ හංසි | 17 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

* * * * * * * * * * * * * * * * * * ❤️❤️

17 කොටස

?????

කෙශාන් අයියා බීච් එකට ගිහිනුත් කලේ ලොකූ කියපු එකට මාව නෝන්ඩි කරපු එක මෝඩයා
???

“කෝ දෙන්න”

?????

එහෙම කියාගෙන මං කේන්තියෙන්ම ඉදන් ඉදපු බෙන්ච් එකෙනුත් නැගිටලා එයා ඉස්සරහින් හිටගත්තෙ එක අතක් මගෙ ඉනට තියන් අනෙක් එක එයාගෙ පැත්තට දික් කරලා

ඒත් මේන් මේකා එකපාරටම මං දික් කරන් ඉදපු අත ඇදල ඇදල අරන් පිටිඅල්ලට කිස් එකක් දුන්නෙ නැතැයි දැන් ඉතින් ඔය බොරු කෝලං මාව ශේප් කරගන්න තමා හැබැයි ඉතින් ඇත්තටම නොහිතපු වෙලාවක ඒ කරපු දේට මගෙ කෙන්තිය වාෂ්ප වෙලා ගියා

“අයියෝ මං ඒකක් නෙවෙයි මෝඩයෝ ඉල්ලුවෙ”

ඒ සැරේ මං කිව්වෙ බොරු අමනාපයක් මවාගෙන එයාගෙ ඔලුවටත් එකක් ඇනලා

“එහෙනම් කෝකක් ද මැණික ඔයා ඉල්ලුවෙ”

මේකා ඒක ඇහැව්වෙ මං දිහාට මනමාල බැල්මකුත් දාලා ඒ පාර මේකා මාව බයිට් එකට අරන්ද කොහෙද

“මං ඉල්ලුවෙ ඔයාගෙ ෆෝන් එක”

මං කිව්වෙ බෙන්ච් එකෙන් ඉදගන්න ගමන්
???

“ඒ මොකටද මගේ හොර අල්ලන්නද”

කෙශාන් අයියා ඒක මගෙන් ඇහැව්වෙ එක ඇහිබැමකුත් උස්සල සාක්කුවට අතදාලා එයාගෙ ෆොන් එක ගන්න ගමන්

“මට වැඩේමනෙ මෙයගෙ හොර අල්ලන්න”

“අපි අයිස්ක්‍රීම් කමු”

මං කිව්වෙ එයාගෙ අතින් ෆොන් එක ගන්න ගමන්

“අම්මේ බන් උබත් කපටිම නෑනේ”

“ඔහොම ඉන්නවා මං අරන් එන්නම්”

එහෙම කියලා එයා එතනින් ගියේ මගෙ කොණ්ඩෙත් අවුල් කරන්
???

මං කෙශාන් අයියගෙ ෆෝන් එක ඔන් කරපු ගමන් වැටුනෙ මං එයාගෙ බෙල්ල බදාගෙන ගහපු ලස්සන ෆොටෝ එකක්

අනේ ඒක දැක්කාම නම් මට හිතුනේ දුවන් ගිහින් එයාව බදාගන්න
???

හැබැයි එහෙමයි කියල මං මගෙ වැඩේ අමතක කරනවද ගායිස්
???

?????

“යකූ මෙයා ෆොටෝ වලට මෙච්චර හැඩද වෙන කාටද ඉතින් ආඩම්බර”

“ආ……..”

මං ගැලරියට ගිහින් එයාගෙ ෆොටෝ බල බල ඉද්දි මං එකපාරටම හීන ලෝකෙන් බිමට පතබෑවුනේ එයා මගෙ දිහාට දික් කරපු චොක්ලට් අයිස්ක්‍රීම් එක නිසා

“ඇයි එකක් කෝ ඔයාට”

මං ඇහැව්වෙ පුදුමෙන් වගේ එයා දිහා බලලා

“ඔයා කන්නකෝ”

එයා කිව්වෙ ලස්සනට හිනාවෙලා මං දිහා බලලා හැබැයි ඒ බැල්මනම් එච්වර හොද නෑ.

“මෙයාට මොනා වෙලාද”

එහෙම හිතන ගමන් මං අයිස්ක්‍රීම් එක කන්න ගත්තෙ එයා මගෙ දිහා බලන් ඉද්දි

“රසයිද”

ටික වෙලාවකින් කෙශාන් අයියා ඇහැව්වෙ මගෙන්

“නැතුව ආ ඔයත් කාලා බලන්නකෝ”

මං එහෙම කියල අයිස්ක්‍රීම් එක දික්කලෙ එයාගෙ පැත්තට

“මට ඕකෙන් එපා”

ඇහ් මොකක්ද යකෝ ඒ කියපු හරුපෙ මේකෙන් නැතුව කොහොමද කන්නෙ

“එහෙ………..”

මං කෙශාන් අයියා දිහා බලල ඒක අහන්න ගියා විතරයි ඒ සැණින් එයා මගෙ දෙතොල් අල්ලගත්තෙ මගෙ ඇස් දෙකත් ජිල් බෝල සයිස් වෙද්දී

අනේ අම්මපා මේ මෝඩයාට ලැජ්ජාවක් නැති හැටි මිනිස්සු ත් බලනවා ඇති
???

“ම්ම්ම් රසයි ඈ”

ටිකකින් මගෙ දෙතොල් වලින් මිදුන එයාකිව්වෙ ඇහැකුත් ගහලා මගෙ කනට කරලා මං කලේ ලැජ්ජාව වැඩිකමට එයාගෙ පපුවෙ මූණ හන්ගගත්ත එක එයා නම් හොදට හිනාවෙනව
???

?????

“ඇයි”

අපේ ගෙදර ලගට ඇවිත් මං වාහනෙන් බහින්න හදද්දිම මගෙ අතින් ඇදලා එයා නතර කරගත්තෙ මං පුදුමෙන් වගෙ එයා දිහා බලලා අහද්දී

එයා මුකුත් නැහැයි කියලා ඔලුව වනලා එක පාරටම මාව ඇදල ගත්තෙ එයාගෙ පපුවට එහෙමම ටිකවෙලාවක් තුරුල් කරන් ඉදලා මගෙ නලලත් ඉඹලයි ගියෙ

??????

ඔය අතරෙ කෙශාන් ගෙදර ගිහිනුත් කල්පනා කලේ අද උදෙ ඉදලම තමන්ගෙ හිතට දැනෙන මේ මූසල හැඟීම මොකක්ද කියලා

ඔය ගැන කල්පනා කර කර ඉදපු කෙශාන් ට නම් නින්ද ගියෙ සෑහෙන්න පරක්කු වෙලා

?????

අදත් උදෙන්ම මං නැගිටලා ක්ලාස් යන්නා ලෑස්ති වුනේ සුපුරුදු පරිදි අපේ අනූ වගෙ කන්කරච්චලේත් එක්ක ඔය කොච්චර කිව්වත් අපි හැදෙනවද ගායිස්
???

අපි දෙන්නා ලොකූ එක්ක ඇවිත් ක්ලාස් එක ගාවින් බැස්සේ ක්ලාස් එක පටන් ගන්න විනාඩි දහයක් වගේ තියෙද්දි

??????

හැමදාමත් වගේ වාහනෙන් බැස්සා විතරයි අනූ මාවත් ඇදන් දිව්වෙ මට ඉතින් එකසිය ගානට දෙහි කප කප

“මේ අපි වඩේ කමුකො බන්”

ක්ලාස් ඉවර වෙලා බස් හෝල්ට් එකට යන ගමන් සිතූ කිව්වෙ පාරෙ එහාපැත්තෙ තිබ්බ වඩේ කරත්තෙ දිහා කෙල හල හල

“අඩේ ඒක දිහා ඔහොම බලන්නෙපා යකෝ ඒ මනුස්සයාට නූල් බඳින්න වෙයි යකෝ”

රිතූ එහෙම කිව්වෙ සිතූ ගෙ මූණ දිහායි ඒ පැත්තයි දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්

“ඒ මොකටද ”

සිතූ ඇහැව්වෙ වඩේ කරත්තෙන් ඇස් අහකට නොගෙන

“ඇයි යකො බලපන් තොගෙ මූණෙ තියෙන පෙරේත බැල්ම”

“ඒ මනුස්සයා බය වෙයි යකො මල
යක්සණියක් ඇවිත් කියල”

රිතූ කිව්වෙ හිනාවෙවී අනූ ගෙ පිටටත් එකක් ගහල

“අනේ මේ මං කියන්නෑ තොට ඉතින් මලයක්සණී කව්ද කියල”

සිතූ එහෙම කියන ගමන් අපිටත් ගස්සල අහක බලාගත්තෙ අනූ වත් සද්දෙට හිනාවෙද්දී
???

ඒත් එක්කම අනූලගෙ පැත්තට හැරිල ඉදපු මං දැක්කෙ වේගෙන්ම අපේ පැත්තට එන වාහනයක් ක්ෂණිකව ක්‍රියාත්මක වුනු මං පුලුවන් තරම් වෙර දාල අර තුන්දෙනාව පැත්තකට තල්ලු කරනවාත් සමගම මාව ඒ වාහනේ වැදිලා විසිවෙලා ගිහින් බිමට වැටුනෙ ලොකු වේදනාවක් එක්ක මගෙ ඇගම අඩපණ වෙලා යද්දී

“හංසීඊඊඊ”

“දෙයියනේ හිරූ”

අනූ යි සිතූ යි කෑ ගහගෙන මගේ ලගට දුවන් එනවා මං ලාවට වගේ දැක්කෙ දැනුන වේදනාවත් සමග මගෙ ඇස් පියවීගෙන යද්දී

______________________________________________

හිරූ මැරෙයිද යාළුවනේ ????ඕගොල්ලො මොකො කියන්නෙ

එක්කො හිරූ ව අයි කරල අපි කෙශාන් ට අනූව සෙට් කරමු නේ?????
ඔයාලා මොකෝ කියන්නෙ????

8 thoughts on “රණ හංසි | 17 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. හිරුට මොකද උනෙ කෙශාන්ට ගැලපෙන්නේ හිරු කතාව ගොඩක් ලස්සනයි

    1
        1. රිතූ ?

          ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ….
          ඔයා කොල්ලෙක් ද ?කෙල්ලෙක් ද ?
          උපන්දිනය ? ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.