Katha Ahura

රොෂෙල් | දහවන කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

සමාදි පාසලේ සිට නිවසට එනවිට ප්‍රවීන් මුණ ගැසුනත් ඇය ඔහු සමග කතා නොකලා ය . සමාදි හා උමායා වෙන්ව ගිය පසු ප්‍රවීන් සමාදිට කතා කලා ය .

” ඇයි අද ඔයා මාව මගාරින්නේ , මන් මොකද්ද කරපු වැරැද්ද ? ” ඔහු එසේ කීමත් සමග ම සමාදි තරහෙන් ඉවත බැලුවා ය . නමුත් ඇය තම කෝපය පාලනය කරගත යුතු බව හා ඔහු ඉදිරියේ සාමාන්‍ය ලෙස හැසිරිය යුතු බවට තීරණය කලා ය .

” ප්‍රවීන් , මම ඔයාව මගාරින්නේ නෑ . මගේ ඔලුව රිදෙනව . මට පොඩ්ඩක් තනියම ඉන්න දෙනවාද ? ” සමාදිගේ මේ වෙනස ප්‍රවීන්ට සැකයක් ඇති කලේ ය . නමුදු ඒ ගැන නොඅසා සිටීමට ඔහු තීරණය කලේ ය . එබැවින් ඔහු වෙන මාතෘකාවක් පිලිබද කතා කලේ ය .

” කොහොමද අද ස්කොලේ ? ”

” අහ්හ් .. නරක නෑ ” සමාදි කීවේ ඉවත බලමිනි .

” අද හවස පාර්ක් එකට යමුද ? ”

” ම්ම් .. අද බෑ ප්‍රවීන් . වෙන දවසක යමු ” සමාදි කීවේ ඇගේ නිදිබර ඇස් දෙකෙන් ප්‍රවීන් දෙස බලමිනි .

” ඔයාට හුගක් මහන්සි පාටයි . ගෙදර ගියාම ටිකක් රෙස්ට් එකෙ ඉන්න ”

” හා .. ” සමාදි එසේ කියා ප්‍රවීන්ගෙන් සමුගෙන ඇගේ නිවස වෙත ගියා ය .

පැය දෙකක් පමණ ගත විය . ඇය දිවා ආහාරය ගෙන අවසන් වී කාමරයට පැමිණියා ය . ඉන්පසු ඇගේ කාමරයේ දොරට තට්ටු කරන හඩ ඇසිණි . සමාදි ගොස් දොර ඇරියා ය . ඇගේ දොර අසල මදූෂි සිටගෙන සිටියා ය . සමාදි ඇයට ඇතුලට ඒමට ඉඩ හැර දොර වැසුවා ය .
ඔවුන් දෙදෙනා ඉදගත් පසුව සමාදි කතා කලා ය.

” ඔයාට මොකද්ද කියන්න තියෙනවා කිව්වේ ? ”

” මම ඔයාට මේ දේ කියන්න තීරණය කලේ ඔයා ප්‍රවීන් කියන්නෙ ඇත්තටම කව්ද කියලා දැන් දන්න නිසයි . මට මගේ ලගින් ම හිටිය යාලුවා නැති වුනේ එයා නිසයි . රොෂෙල් එයා නිසා කොච්චර දුකෙන් හිටියා ද කියලා දන්නේ මම විතරයි . ඒ නිසයි මම ප්‍රවීන් එක්ක මේ තරම් තරහෙන් ඉන්නේ ” ඇය කීවේ බිම බලාගෙන ය. ඇගේ සිතේ රොෂෙල් පිලිබද ඇති දුක හා ප්‍රවීන් පිලිබද ඇති තරහ ඇගේ ඇස් දෙකෙන් දැකගත හැකි විය . එමෙන් ම සමාදි ට ඇය හා රොෂෙල් පිලිබද ලොකු කනගාටුවක් ඇති විය .

” මට මොකද්ද ඔයාට කරන්න පුලුවන් උදව්ව ? ”

” මට ඕන මගේ යාලුවා වෙනුවෙන් පලිගන්නයි ”
ඇගේ ඇස්වලින් කදුලු බිදු ගලා එන්නට විය.
සමාදි ට ඇයට උදව් කිරීමට අවශ්‍ය විය . මන්දයත් ඇය රොෂෙල්ට දුන් පොරොන්දුව ඉෂ්ට කල යුතු ය .

” ඔව් , මට ඔයාව තේරෙනවා . මම ඔයාට උදව් කරන්නම් ”

” රොෂෙල් වින්ද දුක එයත් විදින්න ඕන !! ” ඇගේ දෑස් වෛරයෙන් දිලිසිනි .

” ඔයාට වගේ ම මටත් එයාගෙන් පලිගන්න ඕන . ඒත් හදිස්සි වෙලා ඒක කරන්න බෑ . ඒ නිසා ඉවසන්න . අපි මුලින් ම ක්‍රමයක් හොයාගන්න ඕන ” සමාදි එසේ කියද්දි මදූෂිට ඇගේ වෙනසක් තේරිණි . ඇගේ කටහඩ තරමක් වෙනස් වී ඇති බැව් ඇයට හැගුණත් ඇය ඒ පිලිබද අවදානය යොමු නොකලා ය . සමාදි පවසන දේ නිවැරැදි බව ඇයට තේරුණු නිසා ඇය ඊට එකග විය . ඉන්පසු ඇය තම බෑගයෙන් පොතක් ගෙන සමාදි අතට දුන්නා ය .

” මේ මොකද්ද ?? ” සමාදි ඇසුවේ එය අතට ගෙන ඒ දෙස බලමින් ය .

” ඔය රොෂෙල්ගේ ඩයරි එක . ”

” ඉතින් ඇයි මේක මට ? ”

” ඕක කියවන්න . එතකොට ඔයාට තේරෙයි ප්‍රවීන් කියන්නෙ කව්ද කියලා ” තවත් බොහෝ වේලාවක් කතා කල පසු මදූෂි පිටව ගියා ය . ඇය ගිය පසු සමාදි රොෂෙල්ගේ දිනපොත ගෙන බැලුවා ය . එය රොෂෙල්ට ප්‍රවීන් මුණ ගැසීමට පෙර සිට ලියන්නට පටන්ගත් දින පොතකි . ප්‍රවීන් මුන ගැසීමට පෙර ඇය කොතරම් සැහැල්ලුවෙන් හා සතුටින් සිටියා ද යන්නත් ප්‍රවීන් හමු වූ මුල් දිනවල ඇය සතුටින් කාලය ගත කල අයුරුත් එහි ලියා තිබිණි . එමෙන් ම ඔහුව මුණගැසී මාස කිහිපයක් යන විට සියල්ල වෙනස් වූ අයුරු හා ඔහු නිසා ඇය කොතරම් ලොකු පීඩාවක් වින්දේද යන්නත් ඇය විසින් එහි ලියා තිබිණි . එය කියවා අවසන් වූ පසු සමාදිට රොෂෙල් පිලිබද කනගාටුවක් ඇති විය . ඇය එම දින පොත ඇගෙ කාමරය තුල ප්‍රවේසම් සහගතව තැබුවා ය .

දින කිහිපයක් ගත විය . සමාදිගේ හැසිරීම දිනෙන් දින වෙනස් වන බව ප්‍රවීන්ට වැටහිණි . ප්‍රවීන්ට පමණක් නොව උමායාටද ඒ බැව් වැටහිනි . නමුදු ඔවුන් දෙදෙනාට ම එයට හේතුව දැනගැනීමට නොහැකි විය . ප්‍රවීන්ට සමාදිගෙන් ඇසීමට කොතරම් ප්‍රශ්න තිබුනත් සමාදි දිගින් දිගටම ඔහුව මගෑරීම හේතුවෙන් ඔහුට ඒවාට පිලිතුරු දැන ගැනීමට නොහැකි විය .

ඒ දින කිහිපයට සමාදිගේ හැසිරීම සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබිණි . රාත්‍රියේ දී ඇය භයානක සිහින දකින අතර සෑහෙන නින්දක් නොලබයි . ඒ නිසා ඇගෙ ඇස් ඉදිමී තිබුණි . එමෙන්ම ඇය නානකාමරයට ගිය විට කණ්ණාඩිය ඉදිරියට වී හඩන්නට විය . ඇගේ මුහුණේ සිනහවක් දැකීමට හැකි වූයේ කලාතුරකිනි . ඇගේ හැසිරීම බොහෝ දුරට රොෂෙල්ට සමාන බව වැටහුණේ මදූෂිට පමනි . එමෙන් ම ඇගේ දෙමාපියන්ට ද ඇගේ මේ වෙනස තේරුණු නමුත් ඔවුන් ඒ ගැන කතා කරන්නට උත්සාහ කල සෑම අවස්ථාවකදී ම ඇය ඔවුන් මග හැරියා ය . ඇය කිසිවෙකු සමග වැඩි කතාවක් සිදු නොකල අතර ඇය නිතරම මදූෂි හමුවෙන්නට ගියා ය . දිනක් මදූෂි සමාදිගේ නිවසට පැමිණියා ය . බොහෝ වේලාවක් කතා කොට ඇය සමාදිගේ නිවසින් පිට වූවා ය . ඇය ගිය පසු සමාදිගේ හැසිරීමේ වෙනසක් විය . ඇය තනිව ම සිනාසුනා ය .

මීලග දිනය සෙනසුරාදා දිනයක් විය . පාසල් නොතිබූ බැවින් එදින උදෑසන මදූෂි සමාදිගේ නිවසට පැමිණියා ය . ඉන්පසු මදූෂි කියූ ස්ථානයක් ගැන පවසමින් එතැනට සවස 5 වන විට එන්නයැයි සමාදි ප්‍රවීන්ට කෙටි පණිවිඩයක් යැවුවා ය . ඒ ඔහු සමග වැදගත් යමක් කතා කරන්නට තිබෙන බව පවසමිනි .

14 thoughts on “රොෂෙල් | දහවන කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. රිතූ ?

    මට හිතෙන්නේම රොෂෙල් සමාදිට වැහිලා ඉන්නේ කියලා ????

    ප්‍රවීන් ට මොනවා කරයිද දන්නෑ?

    තව කොටස් දෙකයි ?

    1
  2. කුතුහලය උපරිමයි විනූ නංගියෝ….. ප්‍රවීන්ට මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ…. කතාව හුඟාක් ලස්සනයි නංගියෝ…. All the best!!!

    1

Leave a Comment