Katha Ahura

ලේ සළකුණු | පළමු කොටස| හොල්මන් කතා | කතා අහුර රචක

4.5/5 - (23 votes)

ලේ සළකුණු 
පළමු කොටස

ඒයි චූටි මෙහෙ එනවා…. කන් ඇහෙන්නැද්ද ඕයි…. “අනේ මලවදයක් වුණානේ අප්පා. අදත් උදේ පාන්දර කෑ ගහනවා .. ෂික් අප්පා

මං අයියගේ කාමරේට ගියේ ඔලුව කහ කහ.

අයියගේ වැඩේ මට කෑගහන එක. මොකක් වුණත් එයා අල්ලගන්නේ මාව. මට එපාම වුණේ අද ඉරිදා නිසා ටිකක් සැනසීමෙන් නිදාගන්න නොදී කෑ ගගපු එකට.

මොකද අනේ බෙරිහන් දෙන්නේ? නිදාගන්නවත් නෑනේ…මං අයියගෙන් ඇහුවා .

මේ බලනවා ඕයි වෙලා තියෙන දේ? කියලා අයියා එයාගේ කැම්පස් නෝට් එකක් මට පෙන්නුවා .
හී….හී… මට හිනාගියේ එකපාරටම .

දැන්ද ඔයා මොන්ටිසෝරි යන්නේ… හී…මං ආයෙත් හිනාවුණා.
චටාස්… අයියා එකපාරම මගේ කම්බුලට ගැහුවෙ මට තරුත් පේන්න.
ආ…. ඇහ…ඈ…. පිස්සුද අනේ තමුසෙට? මං මොකද කරේ මට ගහන්න කිය කියා මං අඩන්න පටන් ගත්තා මොකක්ද කරේ අහනවා ලැජ්ජා නැතුව . තමුසෙ තමා මේ ගෙදර මෙහෙම වැඩක් කරන්න ඉන්නේ ඉතිං . දෙකයි පනහේ වැඩ. මට එග්සෑම් එකට ඕනිම නෝට් එකක්. ඒකේ දිය සායම් වලින් ඇදලා… ෂිට්.. දැන් ඔක්කොම ඉවරයි " අයියා තරහෙන් කිව්වා .
" ඕක මං කරේ නෑ. මං ළඟ දියසායම් ඇත්තෙත් නෑ. මං අන්තිමට චිත්‍ර ඇන්දේ ප්‍රයිමරියේ ඉද්දී . මං හිතුවෙ ඔයා ඕක කර කියලා .. ඒකයි මං හිනා වුණේ " මං අඩන ගමන් කිව්වා .
" මේ චූටි ගුටි කන්න එපා මගෙන් . මගේ පොතකට මං මෙහෙම කරගන්න මට පිස්සුද ?" අයියා තරහෙන් කිව්වා .
"මේ අයියේ ඕක ලේ පැල්ලමක් වෙන්න බැරිද? මේ බලනවකො මගේ අතට වඩා ටිකක් ලොකුයි, ඔයාගේ අතට වඩා පොඩියි" මං එහෙම කිව්වේ අයියාගේ මූණ බලාගෙන .
අයියා ටිකක් කල්පනා කරලා අපි දෙන්නගේ අත් දිහා මාරුවෙන් මාරුවට බලලා පොතේ තිබුණ අත් සළකුණ දිහත් බලලා
"චූටි මේ… මගේ යකා අවුස්සන්නේ නැතුව යනවා. වැරැද්දක් කරලා තව පණ්ඩිත කතා කියන්න එනවා" කියලා අයියා කෑ ගැහුවා.
"ඇ…හැ… හැ… ඉතිං මං බොරු නෙවෙයිනේ කිව්වේ " කියලා අඩ අඩම මං කාමරේට ආවේ මේක කවුරු කරන්න ඇත්ද කියලා හිතන ගමන්.
මං හිමෙත්මා සමරනායක . 10 වසරේ ඉගෙන ගන්නේ. මගේ අයියා මේ අවුරුද්දේ ඉංජිනියරින් සිලෙක්ට් වුණේ පේරාදෙණියේ කැම්පස් එකට . එයාගේ ලෙක්චර්ස්වලට පහසු වෙන්න කියලා අම්මයි තාත්තයි උඩ පේරාදෙණියෙන් ගෙයක් ගත්තේ ගිය සතියේ . අපේ මුල් ගම මාතලේ . එහේ ඉදන් අයියා කැම්පස් එවන්න අම්මගෙයි තාත්තගෙයි කැමැත්තක් තිබුණේ නැත්තේ රැග් එක නිසා කියලා එයාලගේ කතාවෙන් තේරුණා . 
තාත්තා මාතලේ පොලීසියේ ඉදන් පේරාදෙණිය පොලීසියට මාරුවක් හදාගත්තා. අම්මිත් කොහොම හරි කරලා පේරාදෙණිය ඉස්කෝලෙට මාරුවීම හදාගත්තා . මටත් මාතලේ සංඝමිත්තා එකේ යාලුවො සේරම දාලා පේරාදෙණියේ ඉස්කෝලෙට යන්න වුණේ නුවර ඉස්කෝලෙකට ඇතුලු වෙන්න අමාරු නිසා. පේරාදෙණිය මික්ස් ස්කූල් එකට යන්න වුණා . හෙට තමා ස්කූල් යන පළවෙනි දවස. අපි මෙහෙට ආවේ ඊයේ. බඩු අස්පස් කරලා මහන්සියට අම්මයි තාත්තයි තාමත් නිදි වගේ. 
අයියා කොහොමත් පොතේම තමා රෑ දවාලක් නෑ. 
"ආ… විකිටා… උදේම නැගිටලා වගේ..  පුරු පුරු ගාලා මගේ කකුලේ එල්ලිලා උදේ කිරි එක නේද ඉල්ලන්නේ ආ.." කියලා මං මගේ පූස් පැටියා වඩාගත්තේ කෑම කාමරේ ඉදලා..
"තාම 6.15යි. අම්මි ඇහැරවන්නේ නැතුව මං තේ හදලා එයාලටත් කතා කරනවා. විකිටා යමු මං ඔයාට ඔයාගේ බෙඩ් ටී එක හදලා දෙන්නම්" කියලා මම පූස් පැටියා වඩාගෙනම කුස්සියට ගියා. 
උදේ වුණාට මෙහෙට ටිකක් මීදුම වගේම සීතලයි . ඒ නිසා එළිය වැටෙන්නේ පරක්කු වෙලා . කුස්සියේ දොර ඇරියත් කරුවල නිසා මම ලයිට් එක දාන්න අනිත් පැත්තට හැරුණා. එතකොටම තමා විකිටා හයියෙන් කෑ ගැහුවෙ . එයා එහෙම කෑ ගහන්නේ වෙන පූසෙක් ඇවිත් එයාට හපන්න ගියාම.
"ආ… විකිටා ඔයා ආවා විතරයි මෙහෙත් ඔයාට තරහකාරයෝ ඉන්නවනේ " කියලා මම විකිටා දිහා බැලුවා .
කුස්සියේ දොර ළගට වෙලා නැට්ටත් පුම්බාගෙන එයා කෑ ගහනවා . මං එබිලා බැලුවේ සතෙක්වත් ඉන්නවද කියලා . ඒත් පේන්න කවුරුත් නෑ.
" කිටී උදේම බොරුවට කෑ ගහන්න එපා . ඉන්නකෝ මං කිරි එක හදලා දෙන්නම්" කියලා මම කෙට්ල් එක අරං වතුර පුරවන්න ටැප් එක ළගට ගියා .
මං ටැප් එක අරිද්දිම අවපාට වතුර ආවේ කුණු ගදකුත් එක්ක . එකපාරම වතුරත් එක්ක පණුවො ගොඩකුත් ආවේ හරිම අප්පිරියා විදියට . ෂික් ඊයා" මං කේතලය එහෙමම සින්ක් එක උඩට අතෑරියා . වතුර බිල් ගෙව්වට වැඩක්‍ නෑනේ . ජරාව පිටින් වතුර එවනවා. අද බඩගින්නේ තමා ඉන්න වෙන්නේ" මම එහෙම කියලා දොර වහන්න ලෑස්ති වුණා .
එතකොටයි මං දැක්කේ මීදුම අතරින් මිදුලේ කවුරු හරි ඉන්නවා කියලා . කවුද ඔතන?" මම ඇහුවේ දොරෙන් එළියට බැහැලා. 

සද්දයක් නැති නිසා මම ඉස්සරහට ඇවිදගෙන ගියා. මං දැක්කේ අදුරෙම කවුරු හරි වාඩි වෙලා වගේ ඉන්නවා බිලිං ගහ යට. මම තවත් ටිකක් ඉස්සරහට ගියාමයි දැක්කේ ඒ පොඩි ගැහැණු ළමයෙක් කියලා . පොඩි කිව්වට මට වඩා අවුරුදු දෙකක් විතර බාල ඇති කියලා මට හිතුණා. සුදු පාට දිග ගවුමක් ඇදන් හිටිය එයාගේ කොණ්ඩය කඩාදාගෙන හිටියා . ගහ මුල වාඩිවෙලා කකුල් දෙක නවාගෙන මූණ කකුල් දෙකේ හංගගෙන වගේ එයා වාඩිවෙලා හිටියා . මං හිමින් හිමින් ළගට ගියා

– නයෝමී නදීරා ධීරසිංහ –

11 thoughts on “ලේ සළකුණු | පළමු කොටස| හොල්මන් කතා | කතා අහුර රචක”

  1. Thakshi Deepali Jayasuriya

    අැඟ කිලිපොලා ගියා ???
    අාරම්භය නම් සුපිරියි….බලන් ඉන්නවා ඉතුරු ටික දානකම්

  2. ම්ම්ම්ම්……….ඔන්න පටන් ගත්තා අලුත් එකක්……………..??? බය හිතෙන්නම ලියන්න හොදේ……….ඒත් කට්ටියව මරන්නෙපා………..???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.