Katha Ahura

සඳලතා |1 වන කොටස | හොල්මන් කතා

4.7/5 - (29 votes)

සඳ ලතා නිසා 01 කොටස

දෙවැට පාර ලග ගසකට මුවා වෙලා මම බලාගෙන හිටියා. ඒ දෙවැට පාර ගිහිල්ලා කෙලින්ම ඉවර වෙන්නේ අපේ ගමේ වැවට. හවස් වෙද්දී ගමේ අය මේ වැවට නාන්න යනවා.

මමත් මේ වැවට නාන්න යන්න මේ මෑතක ඉදලා ගොඩක් ආසයි. ඒ මගේ පලමු ආදරෙ සඳලතා නිසා. ඇයත් හවස් වෙද්දී මේ වැවට නාන්න එනවා. මම කොච්චර ආදරේ කෙරුවත් සදලතා මය පොඩ්ඩක්වත් ආදරේ කෙරුවේ නෑ… මගේ ආදරේ ඇය ඉස්සරහ මම ප්‍රකාශ කරද්දී ඇය කිව්වේ.

” සුනිමල් අයියේ මට කරදර කර කර මගෙ පස්සෙන් එන්ඩ එපා… මම ඔයාට කැමති නෑ……මේ ගැන දැනගත්තොත් අපේ අම්මල මාව මේ ගමෙනුත් යවයි….”

ඔන්න ඔය වගේ මගෙ හිත හතරට පහට පැලෙන්න තරම් වචන සදලතා කිව්වේ.

ඒත් කොච්චර ඇය එහෙම කිව්වත් මට සදලතා නොදැක එක දවසක්වත් ඉන්න බෑ… ඒ තරම් මම සදලතාට ආදරෙයි…. ඇයගේ මූන දකින්නේ නැතිව මට නින්දවත් යන්නේ නෑ……

” ඇයි දෙයියනේ සදලතා මට කැමති නැත්තේ….”

මම අහස දිහා බලාගෙන දුකින් හිතද්දීම මට හිනා හඩක් ඇහුනා. ඒ හඩ ආපු පැත්ත බලද්දී මගෙ ඇසුත් එක්ක දිලිසුනා.

සදලතා ,තවත් ගැහනු ළමයි දෙන්නෙකුත් එක්ක ,රෙදි පොට්ටනියකුත් අරගෙන දෙවට පාරේ එමින් හිටියේ හිනා තල තල….

” එහෙනම් ඔන්න මාත් එකක් කියනවා… තෝරපල්ලා…….”

එතන හිටපු එකියක් කියනවා මට ලාවට වගේ ඇහුනා…ඒ අපේ ගමේම හිටපු ඉන්දුමතී

” හරි ඉන්දු කියපන් බලන්ඩ….”

” ඔන්න… තෝරපල්ලා…..

පැදුරු එලාගෙන ,දණ බිම ඇනගෙන ,උඩින් එකෙක් ඇත, යටින් එකෙක් ඇත. උඩින් එකාමයි දගලන්නේ……..”

” ඊ… ඉන්දු ඒ මොකකද ඒ තේරවිල්ල… ඒක කුනුහරුපයක්නෙ…”

මට ඇහුනේ මගේ සිහින කුමාරිය සදලතාගේ හඩ. ඇය ඉන්දු කියපු දේට කැමති නෑ වගෙයි මට ඇයගෙ හඩ අනුව තේරුනේ.

” මේ ඉන්දුනම්… අර සදලතාවත් නරක් කරනවා. ඔය වගේ කුනු හරුප කියලා”

මම හිතුවේ ඉන්දු ගැන තරහින්.

” ඒක කුනුහරුපයක් නෙමේ සදා….. තේරවිල්ලක්….ඕකට ඔච්චර මූන සවුත්තු කරගන්න ඕනෑවයි..”

” ඒ වුනාට උබේ කටේ ඔයින් තොර වෙන තේරවිල්ලක් තිබ්බෙම නෑ…..”

සදලතා එහෙම කිය කිය මම මුවාවෙලා උන්නු ගහත් පහු කරගෙනම ගියා. මම පිටුපා යන ඇය දිහා බලන් හිටියේ ආසාවෙන්. සදලතාගේ කොන්ඩය ඉනෙනුත් පහලට කඩා හැලිලා තිබ්බ. රතු පාට මල් වැටුන ලස්සන නිල් පාට ගවුමක් ඇය ඇදන් උන්නේ. අනේ සද ලතා කොච්චර ලස්සනද…

මට පිනක් නැනේ ඇයගේ කටින් ” සුනිමල් අයියේ මම ඔයාට කැමති ”

ඒ වචන ටික අහගන්න තරම්.. මම හූල්ල හූල් ඔවුන්ට නොපෙනී ඔවුන් පස්සෙන් වැවට ඇදුනා. මගෙ ඇතේ තිබ්බේ සදලතාටම දෙන්න කියල මේ දවස්වල ගැහණු ළ්මයි ගොඩක් ආස සබන් වර්ගයක්..

” මට කැමති නැති වුනත් කමක් නෑ ,ඒකවත් සදලතා ගත්තොත් හොදයි..”

***********************************
වැවේ සෙනග හිටියේ නෑ… මම වැවට යනකොට සදලතායි ඉන්දුයි අනිත් කෙල්ල ශාන්තියි දිය රෙද්ද ඇදගෙන වැවට බහිමින් හිටියා. මම සදා පස්සේ එනවා කියල ගමේ වැඩි දෙනෙක් දැනන් උන්නේ නෑ. ඒත් සදලතාගේ ඒ යෙහෙලියො දෙන්නනම් ඒ ගැන දැනන් උන්නා.

මාව ඉස්සරවෙලාම දැක්කේ ශාන්ති. ඇය ඒ එක්කම ලගම හිටපු සදාටත් ඇගිල්ලෙන් ඇනල මාව පෙන්නිවා. සදලතාගේ මූන මම දැක්ක විතරයි කලු වුනා.

සදලතා වැවේ එක පැත්තක නාද්දි මම ඊට පොඩ්ඩ්ක් එහායින් නෑවා. මගෙ ඇස් තිබ්බේම සදලතා ලග. ඒත් සදලතා මම දිහා බැලුවෙවත් නෑ…

” සදා මට පොඩ්ඩ්ක් කතා කරන්න පුලුවන්ද…”

මම ඒක ඇහුවේ සදලතා නාල ආපහු වැවෙන් යන්න ඔන්න මෙන්න මොහොතක.

” සුනිමල් අයියේ අපි මොනව කටාකරන්නද… මම කැමති නෑ ඔයාගේ ඔය හිතේ තියෙන අදහසට.. තේරුම් ගන්ඩ , මෙහෙම හැමදාම මම නාන වෙලාවට වැවට එන්ඩ එපා….”

සද ලතා කිව්වේ තරහින්.

” හරි සද ලතා මම නෑවිත් ඉන්නම්කෝ……..මට කැමති නැතත් කමක් නෑ… ඒත් මම ඔයාට තෑග්ගක් ගත්තා…ඒකවත් ගනවද…”

මම බ්‍රවුන් පේප කෝලේක් ඔතල තිබ්බ අර කිව්ව සබන් කැට තුනක්ම සදලතාට දික්කෙරුවා… මම දැක්කා ඒක මම දික්කෙරුවට පස්සෙ ශාන්තී සදලතාගේ කනට මොනවද මන්ද රහසින් කියනවා. ඊට පස්සෙ සද ලතාගේ ඇස් තිබ්බේ නලලේ…..

” අනේ මට එප්පා……”

සද ලතා ඒක කියල පස්සට පැන්නේ හරියට හොල්මනක් දැකල වගේ.

” ඇයි සදා මම දෙන දෙයක්වත් ගන්නෙ නැත්තෙ… යාලුවෙක් දුන්න විදිහටවත් ගන්නකෝ….”

” මේ සුනිමල් අයියේ මම ඔයාගේ යාලුවෙකුත් නෙමේ.. ඔය ඔය හිතන් ඉන්න විදිහේ කෙනෙකුත් නෙමේ…. මම දැන් කොච්චර දවස් කිව්වද මගෙ පස්ස්න් එන්න එපා කියල… ඔයා ඒක අහන්නෙත් නෑ… දෙයියනේ තේරුම් ග්න්ඩ මම ඔයාට කැමති නෑ… ශාන්ති යමු ,මම ආයේ මේ වැවට පස්පාගන්නේනෑ
වැවට නාන්ඩ එන හින්දනේ මෙහෙම කරදරේ….”

සදලතා තරහින් කිය කිය එතනින් ගියේ යෙහෙලියො දෙන්නත් තනිකර. ශාන්තියි ,ඉන්දුමතියි මා දිහා වරක් අමුතු විදිහට බලල සද ලතා පස්සෙ වැටුනා.

හොද වෙලාවට සදලතා අර දේවල් කිව්වේ පහත් හඩින් හින්ද වැවේ හිටපු අනිත් අයට ඇහිලා නෑ…

” ඇයි සද ලතා මට මෙහෙම කරන්නේ….. ඇයි මට කැමත් නැත්තේ…..”

තරහ දුක ඔක්කොම හිතට දැනෙද්දී මම අර සබන් කැට තුනම ඔතල තිබ්බ බ්‍රවුන් පේප කවරේ වැවේ තිබ්බ නෙලුම් ගෝලකට විසිකර්ල දැම්මා……………

*********************************
සදලතා වැවේදී කියල තිබ්බේ ඇත්ත. මගෙ හිත අසරන කරලා සදුලතා ඊට පස්සේ ගමේ වැවට නාන්න ආවේ නෑ. ශාන්තියි ,ඉන්දුමතී දෙන්නනම් පුරුදු විදිහට වැවෙන් නාන්න ආවා. සදලතා පෙරුම් පුරල පෙරුම් පුරල දවසකට සැරයක්වත් බලගත්තේ මේ වැවේදී. දැන් ඒකත් නෑ..

” ඉන්දු සදාට කියන්න ආයේ වැවට නාන්ඩ එන්ඩ කියල මම ආයේ වැවට නාන්ඩ එන්නෙ නෑ… ”

බැරිම තැන දවසක් මම ඒක වැවට නාන්න ආපු ඉන්දු ය කිව්වා.

” මම හිතන්නේ නෑ සදා ආයේ වැවට නාන්ඩ එයි කියලා….එයා දෙයක් හිතුවොත් හිතුව්මයි ,ආයේ සක්කරය කිව්වත් වෙන්ස් කරන්නේ නෑ…’

ඉන්දුමතී ඒකනම් කිව්වේ මට හොදටම වැදෙන්ඩ.

” ඇයි ඉන්දු සදා මට කැමති නැත්තෙ…..”

” ඒකනම් මම දන්නේ නෑ… ඒත් හැම කෙල්ලෙක්ගෙම හිතෙ සිහින කුමාරයෙක් ඉන්නවා…සදාගේ හිතේ ඉන්න සිහින කුමාරය ඔයා වගේ කෙනෙක් නෙමේ වෙන්න ඇති…..”

ඉන්දුමතී කියන දේවල් වලට මගේ හදවත් පිහිතුඩුව්ලින් ඇනිනවා වගේ හැගීමක් මට දැනුනේ……..

එදා මම වැවෙන් ආවේ ආයෙනම් වැවට යන්නේ නෑ කියල හිතහදාගෙන..
***********************************

මම හිතපු විදිහටම ඊට පස්සේ මම වැවට නාන්ඩ ය්න එක් න්තර කරල දැම්මා. සදලතා නාන්ඩ එන්නේ නැති වැවත් මට පෙනුනේ අමු සොහොන් පිට්ටනියක් වගේ.

දැන් සදලතා දකින්නේ නැතිව සතියක් ගෙවිලා. ඒ රුව දකින්නෙ නැතිව මට පිස්සු වගේ. සදලතාලගෙ ගෙවල් තිබ්බෙත් ගමේ අතුරුපාරක ගිහිල්ලා ඒ අතුරුපාරේ කෙලවරේමයි. ඒ හින්දා ඒ ගිහින් සදලතාගේ ගෙදර යනවනම් ගමෙ මිනිසුන්ට හොදටම නෝට් වෙනවා. ප්‍රදන පාර දෙපැත්තේ තිබ්බ්නම් සද ලතාගේ ගෙදර මට පාරේ යන ගම්න් ඇය ගෙදර ඉන්නවද් බලන්නවත් තිබ්බ.

එදා මම හවස් යාමෙ හිටි හැටියේම ගමේම උන්නු මහප්පල්ගේ ගෙදර ගියේ ලොකු අම්මාගේ කකුලෙ අසනීපයක් හැදිලා කියල ආරංචිවුන හින්දා.

” බලපන්කො සුනිමල් පුතේ ලොකු අම්මගේ දනිස් පොල්කටු දෙක දිරන්න එනවලූ… බේත් කෙරුවෙ නැත්ත්නම් තව අවුරුද්ක යද්දී මල පහ කරන්නවත් එලියට යන්න අමාරුලූ….”

ඒ ගැන විස්තර අහද්දී මහප්පා කිව්වේ ඒක.

” ඉතින් දැන් බේත් කරන්වද…කෝ දැන්… ”

” අර ඉන්නේ.. කුස්සියේ හරි අමාරුවෙන් ඇවිද්දින්නේ…..”

මහප්පා කිව්ව පමාවෙන් මම කුස්සිය පැත්තට ගියා.

ලොකු අම්ම හිටියෙ වලං හොද හොද් කුස්සි පිලිකන්නෙ.. ඇය මාව දැක්කේ නෑ.

“ඒක කිව්වට පස්සෙව් ලොකු අම්මා බයවෙලා.. ඇවිදගන්න බෑ කියන්නේ කොච්කර අවසානවක්ද…”

” ඉතින් මහප්පේ බේත් කරන්නේ නැද්ද…. ”

මම ආයෙම ඇහුවා.

” කරඹ වෙදට කිව්වට පස්සේ ඒ ගැන කියල තැවිල්පොට්ටනියකින් තවන්න කිව්වා… ඊයේ ඉදල කරනවා… අද මේ මගෙ වැඩත් එක්ක තැවිල් පොට්ටනියට ඕන කටන අත්තන කොල හොයගන්ඩ බැරිවුනා…..”

” එහෙම කියල බෑනේ මහප්පෙ එක දිගට තවන්න කිව්වනම් ඒ දෙ කරන්න වෙයි….. කොහෙද මේ හරියේ අත්තන් ගස් තියෙන්නේ.. අර කටු කටු ගෙඩිය වටේ තියෙන ගස්නේ අත්තන කියන්නේ…”

” ඔව් ඒවා තමයී…..මම ඊයේ ඒව කඩන් ආවෙ මුතුබන්ඩෙලාගේ ගෙදර ගිහින් ,එහෙ හරියට තියෙනවා…..”

ඒ නම මහප්පාගේ කටින් කියවෙද්දි මගේ ඇස් දිලිසුනා.. ගමේ හිටියේ එක මුතුබන්ඩයි. ඒ සද ලතාගේ තාත්තා..

” එහෙනම් මහප්පේ මම ටාර් ගාල අත්තන කොල කඩන් එන්නම්….”

මම මහප්පලාගේ ගෙදරින් එලියට පැන්නෙ ලොකු අම්මා එක්ක කත කරන්නෙවත් නැතිව. ඒ තරම් ක්ලබලෙන්.

” ඉතින් ඕකට ඔච්චරම හදිසි වෙන්ඩ එප.. මේ තේ ටිකක්වත් බීල පලයන්… ”

මහප්පා කෑ ගහද්දී මම හිටියේ මම ආපු බයිසිකලෙටත් ගොඩවෙලා.

” ඕනේ නෑ මහප්පේ.. මම ඇවිල්ලම බොන්නම්…..”

මම හයියෙන් කියාගෙම බයිසිකලෙ පැදගෙන ගියා. සද ලතා දකින්න දෙයියෝ දුන්න චාන්ස් එකක් මේකනම්….”

හිත හිත සින්දුවකුත් කිය කියාමයි මම සදලතාගේ ගෙවල් පැත්තට බයිසිකලේ පෑගුවේ.

සදලතාලගේ ගේ ඉස්සරහ දොර ඇරලා ,ඒත් පේන්න නම් කිසි කෙනෙක් නෑ..

මගෙ පුරුද්දක් තිබ්බා ගෙදර කවුරුවත් පේන්න් හිටියේ නැත්තන්ම් කතා නොකරන. මම කතා නොකර ඒ ගේ වටේ ගිහින් බලන්නෙ කවුරුහරි ඉන්නවද කියල.

බයිසිකලේ ගහකට හේත්තු කරල සදලතාගේ ගේ වටේ යද්දියි මට හිනාහඩක් ඇහුනේ…..දුටු දසුනින් මගෙ හදවත ගැස්සුනා………….ඊලග කොටසට

සුනිමල්ගේ හදවත ගැස්සෙන්න තරම් දැක්කේ මොකක්ද කියල බලමූ ඊලග කොටසින්… ඉන්නව නේද ” සද ලතා නිසා ” කතාව එක්ක දිගටම…

පුලුවන්නම් මේ කොටසේ තියෙන අර තේරවිල්ලත් තෝරන්ඩ බලමූ….

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.