Katha Ahura

සඳලතා |2 වන කොටස | හොල්මන් කතා

4.4/5 - (30 votes)

සඳලතා නිසා 02 කොටස

සදලතා හිටියේ මම අදුරන්නේ නැති කොල්ලෙක් එක්ක එක ලග ඉදගෙන ලෑලී බංකුවක් උඩ. මම එන හඩ ඒ දෙන්නට තවම දැනිලා නෑ.

” කවුද මේ ගස් ගෙම්බා…”

මම මීට කලින් ඌව දැකල තිබ්බේ නෑ. ඌ මට වඩා ලස්සනයි වගේ. ඌට තිබ්බේ මම මීට පෙර මිනිහෙකුගෙන් දැකල නැති හෙන දිග නහයක්. මගෙ හිතේ ඌට දිවෙන් ඒ නහය අල්ලන්ඩත් පුලුවන් ඇති.

කොල්ලා හිටියේ සදලතාගේ අතකින් අල්ලගෙන ඇයගෙ අල්ල දිහා බලන්.

” ඉතින් ඔය බැලුව මදැයි කිත්සිරි අයියෙ.. දැන් කියන්න සාත්තරේ….”

සදලතා කියද්දී අර කිත්සිරි කියන එකාගේ මුනට ආවේ මනමාල හිනාවක්.

” සදාගේ අල්ලට අනුව. සදා කසාද බදින්නේ අවුරුදු 19න්. සදාගේ නෑදෑ කෙනෙක් තමා කසාද බදින්නේ…. ඒ කසාද බදින කෙනේට තියෙනවා දිගම දිග නහයක්……”

කිත්සිරි කියන එකා කට හද හදා කියද්දී මට හිතුනේ ඌට තඩි පොල්ලකින් ඔලුවට පත බාගෙන පතබාගෙන යන්ඩ… ඒ තරම් තරහක් මට ආවේ. මම හයියෙන්උ ගුර පෑදූවේ මේ ජවනිකා තවත් බලන්න බැරි තැන.

ඒ හඩට සදලතයි , කිත්සිරි කියන එකයි උඩ ගිහිල්ලා මගෙ පැත්ත හැරුනා. සදලතා ඉක්මනට කිත්සිරි ගෙන් අත අහකට ගත්තා. මම දිහා ඇය බලන් උන්නේ ඇස් ලොකු කරන්.

” සු…සුනිමල් අයියේ…..”

සදලතා මාව අමතද්ද් කිත්සිරි ,මේ කවුද කියල ඇස්වලින් සදලතාගෙන් අහනවා මම බලාගෙන.

” කෝ ගෙදර කවුරුවත් නෑ……..”

” ගෙදර කවුරුවත් නැත්නම් මේ අපි ඉන්නේ…. ”

සදලතාගෙන් අහපු එකට පිලිතුරු දුන්නේ කිත්සිරි කියන එකා. ඌගේ මූනේ තිබ්බේ හරියට ඌට මම කරදරයක් වගේ හඩක්.

” මම සුනිමල් අයියටකිව්වා…මට්…”

සදලතා කියන්ඩ ගිය දේ මම ඉවර කරන්න දුන්නේ නෑ

” මම ආවෙ කවුරුවත් කරන දේවල් වලට බාදා කරන්ඩ නෙමේ… අපේ ලොකුඅම්මගෙ බේතකට අත්තන කොල වගයක් ඕනෑ… ඒවා මෙහෙ තියෙනවා කියල ආරංචියක් ආවා. ඒකයි මෙහෙ ආවේ ,වෙන මොකකටවත් නෙමේ…”

ඒත් මම කිව්ව දේවල් පිලිගන්ඩ්බ්බෑ වගේ පෙනුමක් ඇගේ මූනේ තිබ්බේ. ඒත් ඇය ඒ ගස් තියෙන ඉසව්ව ගැන මට කිව්වා.

” ඒකටනම් ආවේ ,අන්න අත්තන ගස් තියෙනවා අපේ වත්ත පල්ලෙහ පතහ ලග…කඩා ගන්ඩ…”

දහසක් බලාපොරොත්තු තියා ගෙන සදලතා බලන්න ගිය එකෙන් වුනේ මගේ ඇගේ ලේ රත්වෙන දෙයක් විතරයි.

මෙච්චර කල් මම හිතහදාගෙන හිටියේ සදලතා එක්ක කිසිම කෙනෙක් එක්ක පෙම් සබදතාවයක් තියන් හිටියේ නැති හින්දා. ඒත් මේ කිත්සිරි කියන එකා . ඌ ගැන හොයාගන්ඩ ඕනා.. හොයාගත්තේ නැත්නම් මට නින්දවත් යන්නේ නැති වෙයි. උගෙ අර සාත්තරේ විදිහටනම් කිත්සිරි කියන්නේ සදලතාගේ නෑකෙනෙක්වෙන්න ඕනා.

****************************

ආයේ වැවට නාන්ඩ යන්නේ නෑ කියපු සද්ලතා වැවට ආයෙමත් නාන්ඩයනවා මම දැක්කේ අහම්බෙන්. ශාන්තියි ,ඉන්දුමතියි එක්ක විතරක් නෙමේ ඇය නාන්ඩ ගියේ. අර කිත්සිරි කියන එකත් ඒ එක්ක යමින් උන්නා.

මම ඔවුන්ව දැක්කත් ඒ කවුරුවත් මාව දැක්කේ නෑ. මම ඒ වෙලාවේ හිටියේ අපේ ගමෙ මගෙ යාලුවෙක් වෙච්ච චාමර එක්ක උගේ උදව්වට බුලත් ඉනිවගයක් කප කපා ,මම සදලතා පස්සෙ යනව කියල චාමර දැනන් උන්න.

” ඈ.. බං අර සදලතා එක්ක යන එකා කවුද…උබ දන්නවද”

මම චාමරගෙන් ඇහුවේ ඌවත් දන්නවද කියල හිතං

” ඒ කිත්සිරියානේ… ඌ සදලතාගේ තාත්තගෙ අක්කගෙ පුතෙක්. මගෙ හිතේ ඌ මුතුබන්ඩ මාමගේ කුඹුරුවල වැඩවලට උදව්වට ඇවිල්ල් තියෙන්නේ…”

” ඒක කුඹුරු වැඩවලට උදව්වෙන්ඩ ඇවිත් ඒවා කරල සදලතාවත් කැන්දගෙන යයිද බං ”

මම කනස්සලෙන් කියද්දී චාමර හිනාවුනා.

” උබ සදලතාට තියෙන අදහස තවම වෙනස් කරල නෑනේද…….”

” කොහොම වෙනස් කරන්ඩද බං ,ඒකී වෙන එකෙක් එක්ක යද්දිත් මගෙ පපුව පිච්චෙනවා….. ”

” එකී උබට කැමති නැත්නම් මොනව කරන්ඩද”

” ඇත්තටම චාමර කරන්න කිසිම දෙයක් නැද්ද….”

” එක දෙයක්නම් තියෙනවා….. ඒත්….”

චාමර එක කියන්න අදිමදි කරන බවක් පෙනුනේ. මට ඇතිවුනෙ කුතුහලයක්

” මොකක්ද බං ,ඒත් මේත් කියන්නේ කියන දෙයක් කියපන්කෝ.”

මට එය දැනගන්නකොම් ඉවසිල්ලක් නෑ….. චාමර වටපිට බලල මගෙ කනට කරල ඒක ගැන කිව්වේ රහසින්.

“ඒත් බං ඒහෙම දෙයක් කරන එක හොදයිද.”

චාමර කිව්ව දේට මම පොඩ්ඩක් අවුල් වුනා.

” වෙනනම් දෙයක් මහෙ හිතට එන්නේ නෑ බං ,සදලතාගේ කැමත්ත ගන්ඩ තියෙන්නේ ඕක විතරයි…. ”

කියපු චාමර ලග තිබ්බ වල් බෙලි අත්තකට පිහියෙන් කෙටුවා.
*****************************

චාමර කියපු දේ කරන්න මගෙ හිත අදිමදි කෙරුවා. චාමර ඒක කියල දවස් දෙකක් ගෙවිල ගියා. මම එදා වැව් තාවල්ලට වෙන්ඩ මාලු අහුවෙන්න කියල දැලක් වැවේ අටවල එන ගමනුයි උන්නේ. ඒ වෙද්දී වෙලාවක් හය පහුවෙලා තියෙන්න ඇතී. වැවේ ඒ හරියේ බලු බල්ලෙක් පේන්න නෑ.

” දහ්…. දහ්… දහ්…..”

මට ලගින්ම ඇහුනේ කාගේ හරි හඩක්. මම ඕනෑකමින් ඒ හඩ කාහෙද කියල බැලුවා…සදලතාගේ ගෙදර හිටියා කිත්සිරි වැවේ තනියම. උගේ අතේ කබයක් තිබ්බා. ඌට ටිකක් ඉස්සරහට වෙන්ඩ හිටියේ තනකොල කකා ලොකු වස්සෙක්. මට වෙලා තියෙන දේ අනුමාන කරන්න අමාරු වුනේ නෑ.

වස්සෙක් ලනුව කඩන් වැවට ඇවිල්ලා ,ඌව අල්ලගන්ඩ කිත්සිරි පිටිපස්සෙන් ඇවිත්. මොන දේ වුනත් කිත්සිරියා දකිද්දී මට එන්නේ මාර තරහක්.

” මගෙ සදලතා මහෙන් උදුරගන්ඩ ආවා පාහරයා… කරන්නම් තොට හොද වැඩක්.”

හිතපු මම වැවේ වතුර හිදෙන්න ඔන්න මෙන්න වලකින් මඩ ටිකක් අරන් මගෙ මූනේ අතපය වල හැම තැනම ගාගත්තා… වැවේ තියෙන අදුරත් ඒ මඩ ගාගෙන ඉන්න පෙනුමත් නිසා මම දැක්කත් කිත්සිරි ට අදුරගන්ඩ බැරිවෙයි.

වැවේ තිබ්බ ගහකින්කඩන් වැටුන පොල්ලකුත් අරගෙන මම කිත්සිරි පස්සේ වැටුනා. උගේ සම්පූර්ණයෙන් අවදානය තිබ්බේ අර තනකොල කන වස්සා ලග. මම ඌ පිටිපස්සෙන් එනවා කියල ගානක් නෑ…

මම හෙමින් සැරේ ගිහින් කිත්සිරිගේ ඔලුවට අර පොල්ලෙන් පත බෑවා.

” අම්මෝ…………”

කිත්සිරි උන දේ හිතාගන්ඩ බැරිව ඔලුව අල්ලන් කෑගහද්දි අර වස්සත් එතනින් දුවල ගියේ හොදටම බයෙන්.

කිත්සිරි පිටිපස්ස හැරිලා බලන්න හදද්දීම මම තව පොලු
පාරක් එල්ල කෙරුවා. ඒ පාරට ඌ මුනින් පෙරලිලා බිම වැටෙද්දී මම උගේ පිට උඩින් ඉදගත්තා.

” උබ කවුද…ඇයි මට මෙහෙම කරන්නේ.”

මම ගහපු පාරට කිත්සිරියට තවත් සිහිය නැතිවෙලා නෑ…

” මම තොගේ මාරයා…… හොද හිතින් කියන්නේ… තෝ හෙටම මේ ගමෙන් යන්ඩ ඕනා……”

මම ඒ දෙව් කිව්වේ මගෙ කටහඩ වෙනස් කරල ගැබුරු හඩින්. මේ දේවල් කරන්නේ මම කියල කටහඩින්වත් අදුරග්න්න දෙන්න බෑ..

” ඒත් ඇයි… ඒ මම උබට මොනවද කරල තියෙන්නේ. මේ විදිහට පලිගන්න තරම්…”

” ඒකෙන් වැඩක් නෑ….. උබ හෙට මේ ගමෙන් යනවද නැද්ද ,ගියේ නැත්නම් මම.උබව මරල දානවා…….. මම මෙහෙම හිටියට මිනිස්සු තුන්දෙන්ට් මේ වෙද්දී මරල ඉන්නේ….උබව මරන එක මට ඒ හැටි කජ්ජක් නෙමේ….”

මම බොරු ගොත ගොතා කිව්වේ කිත්සිරියාව තව තව බය කරන්ඩ හිතං. සදලතා ගැන වචනයක් ඌට මම කිව්වේ නෑ. එහෙම කිව්වනම් මේ වැඩේ කෙරුවේ මම කියල සැක කරන්න කට්ටිය පටන් ගනී…. ශාන්තිලා,ඉන්දුමතීල වගේ ගමේ අය මම සදලතා පස්සේ යනවා කියල හොදට දන්නවා.

” ඒත් මම ආවෙ මාමාගේ උදව්වටනේ… ඒ කුඹුරු වැඩ කරල දීල මම යනවා…එතකම් විතරයි ඉන්නේ…”

කිත්සිරි මගේ කීමට කැමතී නැති බවක් පෙනුනේ. මට යකා නැග්ගා.

” එහෙමනම් උබට යන්ඩ බෑ… මම කියන දෙ අහන්ඩ බෑ…හිටින් මම තොට හොද වැඩක් කරන්ඩ ,තොට යන්ඩ බැරි ගමෙන්නේ. මම තෝව ගමෙන් නෙමේ තව දවස් දෙකකින් පොලොවේ පස් යටය යන්ඩ වැඩේ කරන්නම්……”

කෝපයෙන් කියපු මම අතට ගත්තේ කිත්සිරි වස්ස අල්ල ගන්ඩ කියල ගෙනාපු බිම වැටිලා තිබ්බ කඹය………………ඊලග කොටසට

සුනිමල් මොනව කරයිද කිත්සිරිට…….සදලතා කැමති කරගන්ඩ කියල චාමර සුනිමල්ගේ කනට කරල කිව්වේ මොනවද කියල බලමු ඊලග කොටස්වලින්… අනුමාන කොරන අය අනුමාන කරන්නකෝ…..

ඊයේ කොටසේ තිබ්බ තේරවිල්ලේ තේරුම තමා කුරහන් ගල. මොලකාරයෝ මොලකාරියෝ සෙට් එකක් ඒක තෝරල තිබ්බා….

කතාව කියවල ලයික් කමෙන්ට්ස් දෙන ඔක්කොටම ගොඩක් ස්තූතියි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.