Katha Ahura

සඳලතා |3 වන කොටස | හොල්මන් කතා

4.2/5 - (15 votes)

සඳලතා නිසා 03 කොටස

මම හැදුවේ කඹය කිත්සිරිගෙ බෙල්ලට දාලා හිරකරන්න. ඌව මරන්න තරම් ආවේගයක් මට තිබ්බේ. කඹය කිත්සිරි හෙ බෙල්ලට දාල කරනකොටමය් මට පිටිපස්සෙන් හඩක් ඇහුනේ.

” දෙයියනේ මේ මොන අපරාදයක්ද ,කිත්සිරි අයියේ”

පිටිපස්සෙන් ඇහුන ඒ විලාපයට උඩ ගිහින් මම පිටිපස්ස හැරිලා බලද්දී දුටු දසුනින් මට දෙලෝ රත්වුනා.

සදලතා තවත් පොඩි කොල්ලෙක් එක්ක අපි හිටපු පැත්තට දුවගෙන එමින් උන්නා.

” සදලතා මාව අදුරගත්තොත් ලොකු විනාසයක් වෙන්නේ…..එහෙම උනොත් ඔක්කොම ඉවරයි…….”

කලබලෙන් හිතපු මම සදලතා කිට්ටු වෙන්න පෙර කිත්සිරි ව අත ඇරල එතනින් දුවගෙන ගියා.

දුවපු පීමම්ට මම නතරවුනේ කාටවත් පේන්නේ නැති විශාල ගහක කදකට හේත්තුවෙලා.

” දෙයියනේ සදලතා මාව අදුරගත්තද…….සදලතාත මේ ගොම්මන් වෙලාවේ මේ වැවට එයි කියල කොහොම හිතන්ඩද…. ”

මම කම්පාවෙලා හිතමින් ගහකට හේත්තුවෙලා හති ඇරියා.
*************************

වැවෙන් නාගෙන ගෙදර මම ගෙදර ගියා. එදා රෑ මට නින්දක්වත් තිබ්බේ නෑ. මොනව උනත් සදලතා ඒ වෙලාවේ එතනට ආවේ නැත්නම් මම මේ වෙද්දී තිබ්බ තරහට කිත්සිරි ව මරලා. මම එහෙනම් මිනීමරුවෙක්. ඒ ගැන හිතද්දිත් බයයි.

කිත්සිරි ට ඒ වගේ දෙයක් කෙරුවේ මම කියල ගමේ අය හොයාගනියිද… ඒගැනම හිත හිත හිතාම හිටි මට නින්ද යනකොට පාන්දර හතටත් පහුවෙලා තියෙන්න ඇතී. මම ඇහරුනේ තාත්තාගේ උස් හඩට. තාත්තා පාන්දර ජාමේ ඊයේ කඩපු බුලත් ,නගරෙ තිබ්බ බුලත් පොලට ගිහින් විකුනලා ගෙදර ඇවිත් උන්නා.

” ඒයී මේ ඇහුනද….. ඊයේ අපේ වැව ඇතුලේ ,අර මුතුබන්ඩෙලාගේ ගෙදර හිටපු කොල්ලට කවුද තඩිබාලලූ ”

තාත්තා කියපු දේට මම ගැස්සිලා නැගිට්ටවුනා. ඇදෙ ඉදගෙන ඒ කතා අහන් හිටියේ ඕනාකමින්. මගේ දැන් හදගැස්මත් වැඩිවෙලා. ඒක කෙරුවේ මම කියල හොයාගෙනද….

” මොකක් කිව්වා…”

අම්මාගේ හඩත් ඇහුනා.

” ඔව් ඒයී… කොල්ල ඊයේ හරකෙක් කඩාගෙන ඌ අල්ලන්ඩ උගේ පස්සෙන් වැවට ගිහිල්ල තියෙනවා… එතකොට තමයි කවුද මන්ද එකෙක් පිටිපස්සෙන් ඇවිත් කොල්ලගේ ඔලුවට තඩිබාල තියෙන්නේ….”

” දෙයියනේ එහෙම අපරාදයක් කෙරුවේ කවුද… හොයාගෙන නැද්ද….”

” ම්හු…. හොයාගන්ඩ බැරිවෙලා… ඌ මඩ නාගෙන ඉදල තියෙන්නේ.. ඒ වෙලවේ රෑ වෙන්නත් ඔන්න මෙන්න්ලූ… මුතුබන්ඩෙලාගේ සදාකෙල්ල හොද වෙලාවට එතනට ඇවිල්ලා තියෙන්නෙ ,එහෙම ආවේ නැත්නම් කොල්ලව මරල දානවලූ…සදා කෙල්ල දැක්ක විතරයි අරු පැනල දුවලා….”

” දෙයිහාමුදුරුවනේ සදා කෙල්ලත් ඒ වෙලාවේ වැවේද…ඇහට කනට පේන ළමිස්සී… අර කොල්ලටත් අරූ මොනා හරි කරලා සදා කෙල්ලටත් අපරාදයක් කෙරුවනම් මොන දෙයියන්ට කියන්ඩද”

අම්මා කම්පාවෙනවා මට ඇහුනා. අම්මලට පිස්සු මම සදලතාට කරදරයක් කරනවාවැයි….

” ගහපු පාරට කොල්ලගෙ ඔලුව පැලිලලූ… මැහුනුත් දාල එදා රෑම මහ ඉස්පිරිතාලෙට ගිහින්…..කොල්ල මුතුබන්ඩෙලාගේ කුඹුරුවැඩවලට කියල ගිය සුමානේ ගමට ඇවිත් තියෙන්නේ… කිසිම තරහකාරයෙක් ඉදල නැතිව මේ වගේ දෙයක් වුන එකට ගමේ ඔක්කොම ඉන්නේ පුදුමෙන්…. උබ හෙටම ගමෙන් යන්ඩ ඕනා කියලලු ,පොලු පාර දීල තියෙන්නේ…..කටහඩත් හෙන ගොරෝසූ හඩක්ලූ”

” වෙන කොල්ලෙක් ගහන්ඩ ගිය පාර වැරදීමක් වෙලා ඌට ගහලද දන්නෙත් නෑ……..”

” අනේ මන්දා ඒයී…. ගමේ අයටට් පුදුමේ ඒකනේ… ඒ කොල්ල කාටවත් කරදරයක් නැති කොල්ලෙක්…..”

එතනින් එහාට ඒ ගැන අම්මයි තාත්තයි කතා කරන එක නතර කරල දැම්මා. ඊට පස්සේ ඒ දෙන්නගේ මාතෘකාව වුනේ එදා පොලේ බුලත් විකුනුනු හැටී.

අම්මගෙයි තාත්තගෙය් දෙබසට අනුවනම් තවම කිත්සිරි යට ගැහුවේ මම කියල හොයාගන්ඩ බැරි වෙලා…..ඒ ගැනනම් මට දැනුනේ ලොකුම ලොකු සැනසුමක්.

එදා දවසෙ මම ගෙදරටම වෙලා උන්න. වැස්සත් වැටුන එකේ මිරිස් පාත්තියක් හැදුවා. මම තවන් දාපු මේ වෙද්දී පැල වෙලා තිබ්බ මිරිස් පැල මම ඒකේ හිටෙව්වා.

එක කර කර ඉන්නකොටමයි මම දැක්කේ අපේ ගෙවල් පැත්තට කෙල්ලො දෙන්නෙක් එනවා. එක කෙල්ලක් ආවෙ බයිසිකලයක් තල්ලු කරන්. ඕනාකමින් බලද්දියි ඒ කවුද කියල හොයාගත්තේ.

සදලතාගේ හොදම යෙහෙලියක් වුන ඉන්දුමතී ,ඇගේ නැගනියත් එක්ක අපේ වතතට ඇතුල් වුනා.

ඉන්දුමතීගේ රුව දකිද්දී මගේ හිත ගැස්සුනේ නෑ කිව්වොත් ඒ බොරු.

” ඉන්දුමතියි ඇයි අපේ ගෙදර ආවේ… ඉන්දුමතී එහෙම අපේ ගෙදරට එන කෙනෙකුත් නෙමේ…”

ඒ ගැන හිතද්දී මට ගෙවල් පැත්තෙන් කසු කුසුවක් ඇහුනා. සදලතා හින්දා මට එතනට ගිහින් ඉන්දුමතී ට මූන දෙන්නත් බෑ….

” ලොකු පුතේ පොඩ්ඩක් මෙහාට ආවනම්………”

එකපාරටම අම්මා කෑ ගහපු එකට මට දැනුනේ බයක්. මම කර කර හිටපු වැඩේ නවත්තලා ගියා ඒ පැත්තට.

” ලොකු පුතේ මෙන්න මේ නංගිලා බයිසිකලේට හුලං ගහන්ඩ ඇවිල්ලා.. අපේ පොම්පෙන් ගහන්ඩ අමාරුයි වගේ…. පොඩ්ඩක් බලපන්…”

එතකොටයි මට ඉන්දුමතී ලා අපේ ගෙදර එන්න හේතුව හරියට ම දැන ගත්තේ….

ඉන්දුමතීගේ බයිසිකලේ අපේ මිදුලේ පොල් ගහකට හේත්තු කරල තිබ්බ. මම ඇගේ අතින් පොම්මේ අරන් හුලං ගහන්න පටන් ගත්තා….

” කරෝල කැල්ල බිම තිබ්බ වලදේ තියල ආවේ , බළල් ගෙඩියට අහුවෙලාද දන්නේ නෑ…..”

කලබලෙන් කියපු අම්මා එතනින් අඩියට දෙකට කුස්සිය පැත්තට ගියේ අපිව තනි කර….. මම ඉන්දුමතී ගේ මූන බලන්නේවත් නැතිව හුලං ගහගෙන ගියා.

” සුනිමල් අයියේ අපි මෙහෙ ආවේ හුලං ගහන්ඩ නෙමේ…….”

එකපාරටම ඉන්දුමතී ගේ කටින් පිටවුන දේට මම ඇගේ මූන බැලුවේ හුලං ගහන එකත් නතර කරලා.

” එහෙනම්……”

මම අහද්දී ඇය වටපිට බැලුව. ඊට පස්සෙ ඇය ගත්තේ ඉනේ ගහල තිබ්බ හතරට පහට නමපු කඩදාසී කොලයක්.

” හුලං ගහන මුවාවෙන් මේ ලියුම දෙන්ඩ ආවේ…..”

ඉන්දුමතී ඒක මට දිගු කරද්දී මට ඇතිවුනේ කුතුහලය ක්

” කාගෙන්ද????”

” සදාගෙන්……..”

” ස….සදාගෙන්…ලියුමක්….”

ඒ දේනම් කොහොමවත් වෙන්න බෑ හැගීමෙන් මම ඒ ලියම අරගෙන දිග ඇරල බැලුවේ….

” අද හවස පහට ,අක්කර දහය වත්තේ ගේ ලගට එන්ඩ …. මට ලොකුම ලොකු වැදගත් දෙයක් සපුමල් අයියට කියන්ඩ තියෙනවා…. නොවරදවාම එන්ඩ ……………… මීට සදලතා……”

ලියුමේ තිබ්බේ ඒක. මේ දේ මට අදහගන්නත් අමාරුයි. සදලතා ඇයි මෙහෙම දෙයක් ලියල පනිවිඩේ එවුවේ. මොනව වුනත් මේක මට දැනුනේ අසුබ පෙරනිමිත්තක් වගේ……

ඉන්දුමතී ලා ලියුම දීල ගියාට පස්සේ මම ඒ ලියුම සිය පාරක් විතර බලන්න ඇතී
**************************

අක්කර දහය වත්ත කියන්නේ පාලු වත්තක්… ඒ වත්ත මැද ගෙයක් තිබ්බා. කවුරුවත් දැන් එහෙ නැ. කවුරුවත් මිනිස්සු ගැවසෙන්නේ නැති පාලු පරිසරයක ඒ ගේයි වත්තයි තිබ්බේ සදලතාවේ ඉඩමට ලංව තිබ්බ වත්තක්……

මම එදා හවස හතර හමාර ලංවෙද්දිම ඒ වත්තේ පාලු ගේ ලගට ගියා.මම යද්දී සදලතාල ඇවිත් හිටියා. එයාගේ අති ජාත මිතුරියන් දෙන්නා ශාන්තියි,ඉන්දුමතී යි දෙන්න හිටියේ සදලතාගේ බොඩිගාඩ්ලා වගේ.

මාව දකිද්දී සදලතා ගේ මූන වෙනස් වුනා.. හරියට අබ දැම්මත් පිපිරෙන සයිස් එකක් විදිහට ඒ මූන වෙනස් වුනේ…

” ආ…. ඔය ආවේ චණ්ඩියා……….”

සදලතා එකපාරටම ඒක කියල දාද්දී මම අන්දුන්කුන්දුන් වුනා.

” චණ්ඩියා ,කවුද චණ්ඩියා ”

මම ඒක ඇහුවේ මවාගත් සිනාවකින්.

” දන්නෙම නෑනේ…….. ඔයාගෙ ගොරක මදිවෙයි මාව තම්බන්ඩ සපුමල් අයියේ…. මම ඔක්කොම දන්නවා ,ඔයා තමා ඊයේ වැව ඇතුලෙදි අපේ කිත්සිරි අයියට ගැහුවේ….”

” ඔයා මේ මොනවද කියන්නේ සදලතා , මම එහෙම දෙයක් කෙරුවේ නෑ….”

මම කිව්වේ අහක බලාගෙන. සදලතා වගෙ මේ ගැන ගමේ අයත් දන්නවද…එහෙම වුනොත් මම ගමේ ඉදල හමාරයී..

” බොරු….කියන්ඩ එපා සපුමල් අයියේ… ඔයාමයි මේක කෙරුවේ කියල මට දැන් ඔප්පුවෙලා ඉවරයි. මේක අදුරනවද?????”

දෙයියනේ ඒක දකිද්දී මහේ අත ගියේ මගෙ කරට. සදලතා ඒක දැකල මම දිහා බලල සම්ච්චලේට හිනාවුනා. වෙනදා මගේ ගෙලේ තියෙන මාලෙයි සදලතා මට පෙන්නුවේ.. ඒක පහලට වැටෙන්ඩ මම දිහට එල්ලගෙන උන්නා. මගෙ මාලේ නැතිවෙලා කියල මේ වෙනකම්ම මට්ව්පොඩ්ඩක්වත් ගානක් තිබ්බේ නෑ…

” නෑ නේද මාලේ……ඉතින් කොහොමද තියෙන්නේ නේ….. මේ මාලේ මම අහුලගය්හ්තේ කිත්සිරි අයියා වැටිලා හිටපු තැනින්. මේ මාලේ ඔයගේ කියල මම හොදටම දන්නවා… මේ එස් අකුරෙන්. අනික කිත්සිරි අයියට ගහල මාව දැකල දුවද්දිත් මම අදුරගත්තා ඒ ඔයාමයි කියලා….. ලැජ්ජ නැද්ද සපුමල් අයියේ ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන්ඩ…..”

මම කියන දේවල් අහන් හිටියේ කරබාගෙන. කිත්සිරිට ගැහුවේ මමකියල සදලතා සාක්කිත් ඇතුවම හොයාගෙන.

” මම මේ වැඩේ කෙරුවේ ඔයා කියල කාටවත් කිව්වේ නෑ… මේ ගමෙන් දනවනම් දන්නේ… මේ ශාන්තියි ,ඉන්දුයි විතරයි. මොකද මට ඕනේ නෑ.. ගමේ ම්නිස්සුනව හිනස්සවන්ඩ….කිත්සිරි අයියට ගැහුවේ මොකටද කියල ගමේ අය හොයන් ගියොත් මේකට මාත් ගෑවෙනවා.. ඒ හින්දා…මිසක් ඔයාට තියෙන ආදරේ හින්දනම් නෙමේ…..

ඇත්තටම ඇයි සපුමල් අයියේ මේ වගේ දෙකයි පනහෙ බලු වැඩ කරන්නේ….. මේක මාර කරුමයක්නේ අප්පා. කිත්සිරි අයියා කියන්නේ මගෙ ලොකුමාමගේ පුතා… එයත් එක්ක කතා කරලා එයාව මරන්ඩ තරම් හිතෙනව කියන්නේ… මට කිසිම කොල්ලෙක් එක්ක හිනාවෙලා කතා කරන්ඩ බැරිවෙයි… ඇයි ඉතින් ඒ හැම කෙනාවම මරල දාන්ඩ හදනවනේ…….ඔයානම් ඇත්තටම පිස්සුවක්.

මම අද මෙතනට ආවේ දෙකින් එකක් බේරගන්ඩ….එක්කෝ මේ ගමේ සපුමල් අයියා යන්ඩ ඕනා… නැත්නම් මං යන්ඩ ඕනා. මේ කරපු බලුවැඩේට මට දැන් ඔයා ඉන්න ගමකවත් ඉන්ඩ කැමතී නෑ… මොකද කියන්නේ ,සපුමල් අයියා මේ ගමෙන් යනවද,,, නැත්නම් මම යන්ඩද”

ආවේගයින් කියාගෙන කියාගෙන ගිය සදලතා කතාව නතර කරල මම දිහා බලන් උන්නේ තීරණාත්මක දෑසකින්….

” මොනවද සද ලතා මේ කියන්නේ….”

මම ඇහුවේ හොදටම කනස්සලෙන්. ඉන්දුමතියි,ශාන්තියි දෙන්නත් අපේ කතාව දෑස්දල්වා අහගෙන උන්නු හිටපු නිසා මට දැනුනේ මහා මදිකමක්.

” මම කියපු දේ තමා.. ඔයාට තීරණය ක් ගන්න බැයිනම් මම ගන්නම්. මට යන්ඩ ඕනෑතරම් තැන් තියෙනවා. මේ අවුරුද්දට ආපු වෙලෙත් ගල්ගමුවෙ ලොකු අම්මා කිව්වේ මට එහෙ එන්ඩ කියලා. ඔයා මේ ගමෙන් ගියේ නැත්තම් මම හෙටම එහෙ යනවා….”

” මම කරපු දේට ඔච්චරම කලබල වෙලා තීරන ගන්ඩ එපා සදලතා… ”

” ඒක මගෙ අවසානම තීරනේ… ඔයාද මේ ගමේ ඉන්ඩ ඕනා මමද”

සදලතා තීරණාත්මක ව ඇහුවේ…

” ඔයා සදලතා මේ ගමේ ඉන්ඩ ,මමයි මේ ඔක්කොටම වැරදී කාරයා… මම මේ ගමෙන් යන්නම්…..”

මට ඒක කියවුනේ ඇඩිලා වගේ….

” එහෙනම් එච්චරයි. කිත්සිරි අයියට ගැහුවේ කවුද කියන එක සදහටම රහස්ක් වෙලා තියෙයි…මට ශාන්තියි ,ඉන්දුයි ,දෙන්නත් විශ්වාසයි… ඒ දෙන්නත් මේ ගැන කාටවත් කියන්නේ නෑ…..මෙන්න ඔයාගේ මාලේ…”

සදලතා මහෙ කරෙන් වැටුන මාලේ මට දිගුකෙරුවා. මොනව වුනත් ඒමාලේ සදලතාගේ සුවද තියෙනවා. ඒ හින්දා මම ඒක අතට ගත්තා.

සදලතයි ,ශාන්තියි ඉන්දුමතියි තුන්දෙනා පාලු අක්කර දහය වත්තෙන් මහෙන් ඈත්වෙලා යද්දී මම ඒ දිහා බලන් උන්නේ පපුව කඩා හැලෙන දුකින්.
*****************************

සදලතාට පොරොන්දු වුන විදිහටම මම ඊලග දවසේ පාන්දරම ගමෙන් යන්න තීරනය කෙරුවා. කිත්සිරිව ගමෙන් එලවන්න හදපු මට අවසනයේ උනේ ඒ දෙයින් මට ගමෙන් යන්න වුන එක.

මගේ තීරනය වුනේ අපේ අම්මලාගේ මහ ගෙවල් තිබ්බ අපේ ගමේ ඉදල කිලෝමීටර් හතලිහක් විතර දුරින් ගමක ජීවත් වුන කිරිඅම්මලාගේ ගෙදර යන්නයි. ඒ ගමත් මට මගේ ගම වගේම තමයි. ඉස්ස්සර ඉස්කෝලේ නිවාඩු දුන්න ගමන්ම මම එහෙ යන්වා.. ආයේ ගෙදර එන්නේ ඉස්කෝකේ පටන්ගන්නේ හෙට කියලා.

මම එකපාරටම මේ ගත්ත තීරනය ගැන ගෙදර අය එච්චරම හාර හාර අවුස්සන්න ගියෙත් නැ.. මම ගියා කියල ගෙදර අයට පාලුවකුත් නෑ..මට වඩා බාල තව මල්ලිලා දෙන්නෙක් ගෙදර හිටියා.

එදා මම බස් වල ගිලිල්ල බැහල කිරිඅම්මලාගේ ගෙදරට ගොඩ වෙද්දි දොලහ පහුවුනා විතරයි.

මැටි ගහල වරිච්චි බිත්ති බැදල පොල් අතු සෙවිලි කරල තිබ්බ කිරිඅම්මලාගේ ගෙදර හිටියේ කිරි අම්මයි ,කිරි අත්තයි පොඩිමාමයි විතරයි.

පොඩි මාමා ඇවිද්දෙ කිහිලි කරුවෙන් ,උපන් දා ඉද්ලම පොඩි මාමාගේ එක කකුලක් පන නෑ… අපේ අම්මා ඒ පවුලේ වැඩිමල්ම දරුවා වෙද්දී පොඩිමාමා ඒ පවුලේ බාලය වුනා…

ම්ටයි පොඩිමාමගෙයි වයස් පරතරය තිබ්බේ අවුරුදු නමයකින් විතරයී. ඒ හින්ද අපි හරි යාලුවො වගේ. මේ වෙද්දී අවුරුදු තිස්දෙකක් වුන පොඩි මාමා කකුලේ ආබාදය නිසාම විවාහ වෙන්න කැමත්තක් දැක්වුවේ නෑ.

මම ආපු එක ගැන කිරිඅම්ම වගේම් කිරි අත්තත් උන්නෙ සතුටින්. පොඩ් මාම හිටියේ ඊටත් වඩා සතුටින්.

ඒත් මට දැනුනේ මම මගේ වටිනා සම්පතක් ගමේ දාල ආව වගේ හැගීමක් ,ඒ සදලතා නිසා.
***************************

කිරිඅම්මලාගේ ගෙදර ගිහිල්ලත් දවස් දෙකක් ගියා. කම්මැලි කම යන්නත් එක්ක මම ඒ දවස් දෙකම කෙරුවේ කිරිඅම්මලාගේ වත්ත වීසි ගහපු එක.

ඒ වෙලාවෙත් මම හිටියේ කිරිඅම්මාලාගේ වත්තේ ඉස්සරහ් පැත්ත් වීසි ගහ ගහ.

” වැඩ වගේ……”

සදලතා ගැන හිත හිත වීසි ගහපු මම එකපරම උඩ ගියා ඒ හඩට. මම පිටිපස්ස හැරිලා බැලුවා. අරුණ. මේ ගමේ මගේ හොද්ම යලුවෙක් වුන අරුන මම දිහා හිනාවෙල බලන් ඉන්නවා.

ඔහුගේ පෙනුම දකිද්දී මම පොඩ්ඩක් ගැස්සුනා.

” කවදද සපුමල් ආවේ…..”

” පෙරේදා…..”

මම මද සිනාවකින් කියල ඔහු දිහා ඕනෑකමින් බලන් උන්නා. මගෙ වයසෙම උන්නු අරුණ ට මම මීට කලින් දකිද්දී තිබ්බේ ගොඩක් පෘශ්ටිමත් ශරීරයක්. ඒත් දැන් ඒකේ අනිත් පැත්ත.

ඔහු ගොඩක් කෙට්ටුවෙලා තිබ්බ. අතපය වල නහර තිබ්බේ ඉලිප්පිලා. මූන පුරා වැවිලා තිබ්බ රැවුලට රේසරයක් මාස ගානකින් තියල නෑ වගේ. ඇස් පවා තිබ්බේ යටට ගිලා බැහල.

” උබ ගොඩාක් වෙනස්වෙලා….”

ඒ හින්දමයි ම්ට ඒක් කියවුනේ..

” අපිට හරියට කරදර දැන් බං….”

” ඒ……..”

” පස්සෙ කියන්නම්… කෝ මැගී කිරිඅම්මා එහෙම නැද්ද”

” ඉන්නවා…….”

මැගී කිරිඅම්ම කිව්වේ අපේ කිරිඅම්මගේ නම.

මම අරුනත් එක්ක කිරිඅම්මලාගේ ගෙවල් පැත්තට ගියා .

කිරි අත්ත බිම ඉදගෙන බුලත් විටක් බුලත් වංගෙඩියට දල කොටනවා. ඒ ලගම හ්ටපු කිරිඅම්මා රටා තිය තිය වට්ටියක් වියනවා. බූරු ඇදේ ඉදන් හිටපු පොඩිමාම උන්නේ ලොකුම ලොකු ක්ල්පනාවක.

” මේ අරුන ඇවිල්ලා..”

මම කියද්දී තුන්දෙනාම අපි දිහා බැලුවා.

” උබ මේ පැත්තේ…උවමනාවක්ද”

කිරිඅත්තා ඇහුවේ බුලත් විට කොටන එකත් නවත්තලා .

” පොඩි වැඩකට එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් ඕනෑවෙලා තියෙනවා…මෙහෙ තියෙනවද කියල බලන්ඩ ආවෙ….”

” බන්දනයක් කපන්ඩද…”

කිරිඅම්මා ගත් කටටම ඇහුවා.

” ඔව් කිරි අම්මේ කොහෙවත් හොයගන්ඩ නෑ… එක නැට්ටේ දෙහි ,මෙහෙ දෙහි ගස් ගොඩක් තියෙන හින්ද බලන්ද ආවේ….”

” දෙහි තියෙනවා ,ඒත් එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් තියෙන ඒවා තියෙනවද දන්නේ නෑ……ඇයි මොකටද දෙහි කපන්නේ…”

” අපෙ ගෙදර වත්තේ කොඩිවිනයක් වලලල…..ඊරි යකාගේ බැල්ම දැන් වැටිලලූ…. මාස තුනෙන් තුනට ගෙදර එන්න එක්කෙනෙක්ගෙ ලේ බීල මරල දානවලූ…මීට මාස පහකට කලින් කිරි අත්තා මැරුනා… මහ රෑ හූ කියාගෙන මැරිලා හිටියේ…..කිරිඅත්ත මැරිලා මාස තුනයි හරියටම ගියේ… අපෙ පොඩි මල්ලී ඒ විදිහට්ම මහ රෑ හූ කියාගෙන මැරිලා හිටියා….

මැරුන මිනී දෙකම හොදටම සුදුමැලි වෙලා තිබ්බේ. ලේ නෑ වගේ…දැන් පොඩි මල්ලි මැරිලත් මාස දෙකයි… අර දේ ඒ විදිහටම වෙනවනම් තව මාසෙකින් ඊරි යකා තව බිල්ලක් ගෙදරින් ගන්නවලූ…. දේවාලෙකින් තමා මේ ගැන කිව්වේ , ඊට කලින් මේ කොඩිවිනේ කපල දාන්ඩ කිය්ල කිව්වේ….”

” හත්දෙයියනේ ඒක හැබෑව නේන්නම්…සේතන් අයියා මැරිලා හරියටම මස තුනකින්නේ අර පොඩි එක මැරුනේ… ඉතින් මේ කොඩිවිනේ වල්ලල මේ අපරාදේ කෙරුවේ කවුද් කියල හොයාගන්ඩ බැරිවුනාද”

කිරිඅම්මා ඇහුවේ කුතුහලයෙන්

” නෑ දේවලෙ කපුරාල අරුඩයෙන් බැලුවට ඒ අයගේ මුනවල් පේන්නෙ නෑලූ.. කලුපාටින් මූන වැහිලලු පේන්නේ…හැබයි මේ කොඩිවිනේ ආපිට කපන්නෙ… ඒක හරියට කැපුනොත් ,ඒ කොඩිවිනේ කරපු ගුරයි. ගුරාට කරන්න කියපු එකයි. ඒ වැඩෙට උදව් කරපු ඔක්කොටම යි වෙන්නේ…
වලකජ්ජ ගහන්ඩ තමා……”

” ඔව් එහෙම අපරාදයක් කරපු උන්ට එහෙම වෙන්න ඕනෑ….”

කිරිඅම්මා කිව්වේ තරහින්.

” කවදද ඉතින් ඔය කොඩිවිනේ කපන්නේ……”

කිරි අත්තා ඒක ඇහුවේ.

” ලබන බද්දා… කොඩිවින ආපිට කපන්න ඕනා හද මෝරන්ඩ මෝරන්ඩලු , අපි මේ දේ කරන්නේ කාටත් හොරෙන් ,කට්ටියට කියල තියෙන්නෙ බහිරව පූජාවක් දෙනව කියලා…..කොඩිවිනයක් කපනව කියල නෙමේ….”

” අඩේ බං මාත් ආසයි කොඩිවිනයක් කපනව බලන්ඩ…අපිට ඒක බලන්ඩ එන්න බැයිද….”

මම ඇහුවේ උද්යෝගයින්. කිරිඅම්මානම් මම ඒ අහපු දෙට මට රැවුවා.

” මම අහල බලන්නම් ගෙදර අයගෙනුයි ,ගුරාගෙනුයි, හැබයි කොඩිවිනේ කපන දවසට එනවනම් පිලිපදින්න කාරනා වගයක් තියෙනවා…….”

” ඒ මොනවද ඒ…………”

මම ඇහුවේ කුතුහලෙන්…………ඊලග කොටසට

බලමු මොනවද ඒ පිලිපදින්ඩ ඕනා කරුනු කියලා…..අනුමාන කොරන අය අනුමන කරන්නකෝ……

ඔන්න අද දිගම දිග කොටසක් දැම්මා……ලයික් කමෙන්ට්ස් කරන අයට ගොඩක් ස්තූතීයී.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.