Katha Ahura

සඳලතා |4 වන කොටස | හොල්මන් කතා

4.9/5 - (15 votes)

සඳලතා නිසා 04 කොටස

” සුනිමල් ඒක බලන්න එනවනම් ,මස් මාලු පිලිහිඩි ජාති කන්නේ නැතුව එන්න ඕනා. ඒක කරන්න දවස් තුනකට කලින් ඒ දේවල් කන එක නතර කරල දාන්න වෙනවා……අඩුම තරමේ උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්න්ඩ බෑ…. හොදට පේ වෙලයි මේ වැඩේ කරන්ඩ ඕනා….”

අරුන කියාගෙන් යද්දී මම හිස සැලුවා.

” ඒක මොකක්ද ,මම ඒවා කන්නේ නැතිව එන්නම්”

මම කිව්වේ ස්තිර හඩින්.

” දැන් ඔය වැඩෙ කරන්ඩ ඕනා අනිත් දේවල් හොයාගත්තද කොල්ලෝ ඕවා කපන්ඩ සෑහෙන ජාතී ඕනේ කරනවනේ… සෑහෙන්න වියදමකුත් යයි මගෙ හිතේ ඕක කරන්න”

කිරි අත්තා ඇහුවේ අරුණ දිහා බලාගෙන.

” අපේ අම්මලාගේ ටිකක් ඈතින් නෑ කෙන ගුරුන්නාන්සේ කෙනෙක් තමා මේ වැඩේ කරන්නේ අත්තේ….ගුරුන්නාන්සේ ඕන කරන ලිස්ට් එකම කොලේක ලියල දුන්නා… සෑහෙන්න ජාතී… බදාදට කලින් කොහොම හොයාගන්නද මන්දා… කට්ටියට හොරෙන් කර්න හින්දා. මටයි තාත්තටයි මල්ලිටයි තමා මේ ඔක්කොම හොයාගන්න වෙලා තියෙන්නේ…

” මාත් මේ ගමේ ඉන්න එකේ අරුණ මටත් පොඩි උදව්වක් දෙන්න පුලුවන් වෙයි. මොන වගේ ජාතිද හොයන්න තියෙන්නේ…”

මම ඇහුවා… මේ වගේ දෙයකට මනස වෙහෙසද්දී සදලතා ගැන මතකයත් ටිකෙන් ටික මට අඩු කරගන්නත් පුලුවන් වෙයි. අමාරුවෙන් හරි.

” දෙහි ,එක නැට්ටේ දෙහි ,යකි නාරං, පුහුල්,අන්නාසී, පොල්,තව ඉඹුල්,හබරල අල,නියගලා අල,කිනිහිරියා මල් හරක් ඔලු…. තව සෑහෙන්න ජාති තියෙනවා… බද්දා වෙන්ඩ කලින් ඕව ඔක්කොම හොයාගන්ඩ වෙනවා….. ඔක්කොම හොයාගමූ කියමුකෝ ,ඒත් එක නැට්ටේ දෙහි හොයන එක තමා අමාරුම වැඩේ…..”

ඒක අරුණ කිව්වේ ඒවා හොයාගන්න බැරිවෙයිදෝ ඉරියව්වෙන්.

” බලපං කොල්ලෝ අපේ ගස්වලවත් ඒවා තියෙනවද කියලා… ඔය වගෙ වැඩකට දෙහි කපනවා කියන්නේ ඉතින් ,ඒ දෙහි ගහත් ඉතින් මැරෙනවා තමා ඉතින්. ඒත් වෙන මොනා කරන්ඩද… දෙහි ගහක්නම් ආයේ හිටවගන්ඩ බැරියැ.. ඒවගේද මනුස්ස පරානයක්..”

කිරිඅම්මා කිව්වා.

මායි අරුනයි පොඩි මාමයි ඒ ගමන්ම කිරි අත්තලාගේ වත්තේ තිබ්බ දෙහි ගස් හොයන් ගියෙ අර වගේ එක නැට්ටේ දෙහි තියෙනවද බලන්න.

වත්තේ ගෙඩි හැදුන දෙහි ගස් හට අටක්ම තිබ්බා. මේ දෙහි ගස් ඔක්කොම හදලා තියෙන්නේ කිරි අම්මාගේ දෑතින්. තවම ඒවා කහපාටට පැහිලා නෑ.. අමුයි.

හැම දෙහි ගහකටම එබී එබී අපි තුන්දෙනා එක නැට්ටේ දෙහි හොයද්දී ඒ දේ ඉස්සරවෙලාම හොයාගන්න වෙලා තිබ්බේ අපේ පොඩි මාමාට.

” යන්තම් ඒ වැඩෙත් හරි… අනිත් ඔක්කොම හොයාගත්තත් එක නැට්ටේ දෙහි හොයගන්ඩ බැරිවෙයි කියල අපි බයෙන් උන්නේ. මේ දවස්වල එක නැට්ටේ දෙහි තබා. දෙහි තියෙන ගසුත් හරි අඩුයිනේ…”

එහෙම කියල අරුන පොඩි මාම පෙන්නපු ඒ එක නැට්ටේ දෙහි ඉත්ත කඩාගත්තේ රටක් රාජ්‍ය ක් ලැබුනා වගෙ සතුටින්.

****************************
අරුණ එදා කිරි අම්මලාගෙව් හෙදරින් ගියේ එක ඉත්තෙ දෙහි පමනක් නෙමේ තවත් දෙහි ගෙඩි ගොඩකුත් කඩාගෙන. මම ඔහුට පොරොන්දු වුනා හෙට එහෙ එන්නම් අනිත් ඕනෑ කරන දේවල් හොයාගන්න උදව් වෙන්න කියලා.

කොඩිවිනේ කපනවා බලන්න ආස නිසාම මම එද රෑ කෑමේ ඉදල මස් මාලු පිලිහිඩි ජාති කන එක නතර් කෙරුවා. කිරිඅම්මානම් මම මේ කරන්න යන දේට ඒතරම් කැමත්තක් දැක්වුවේ නෑ. අම්මාගේ පැත්තෙම් බලද්දී මම හින්දා තමා කිරිඅම්මලාට් ඉස්සරවෙලාම තුන් මුනුබුරුවන් බලන්න පුලුවන් වුනේ. ඒ හින්දාමදෝ මන්දා කිරි අම්මා මට අනිත් අයට නැති විශේශ ආදරයක් දැක්වූවා.

” ඔය කොඩිවිනේ කපනව බලන්ඩ ගිහින් උබ පස්සෙත් යක්කු පෙරේතයො එන්ඩ පටන් ගනී… කොඩිවිනේ කපන්ඩ කලින් මහසෝන, ඊරි යකා. කලු යකා හැම යකාටම එතනට ආරාදනා කරනවා… කොඩිවිනේ කපද්දී පොඩ්ඩ වැරදුනොත් ඉතින් ඉවරම තමා….”

කිරිඅම්මා තවත් වරක් මට තරවටු කලේ මම රෑට සම්බෝලයි බතුයි කනවා දැකලා.

” මාත් ආසයි ඔය යක්කු මොනවගේද කියල බලන්ඩ……”

කාපු බත් කට කාල මම ඒ දේ කිව්වේ හිනාවෙලා.

” ඔව් ඔව් උබනම් කියයි… මොනා හරි උනොත් අපිටනේ වද වේදනා විදින්න ඕනා……..”

කිරිඅම්මා මොන දේ කිව්වත් මම පසුදාම අරුනට පොරොන්දු වුන විදිහට අරුණ ලාගේ ගෙදර ගියා.

වැව් ගානේ කැලේ ගානේ පීර පීර අපි කොඩිවිනේ කපන්නඕන දේවල් හෙව්වා. එහෙම එහෙම ජාති හොයන්න ඕන වුනා ජාති 108ක්.

කොඩිවිනේ කපන ගුරුන්නාන්සේ මම ඉස්සරවෙලාම දැක්කේ බද්දා උදේ අරුනලාගේ ගෙදර ගියාමයි. වයස හැටකට එහා පෙනුමක් තිබ්බ ඔහුගේ එක හිසකෙස් ගහක් සුදුවෙලා තිබ්බේ නෑ. සුදු මේස් බැනියමක් හා නිල් ඉරි වැටුන සරමක් ඇදල හිටපු ඔහු මා දැකල ඇස් නොදල්වා බලන් උන්න. ඊට පස්සේ හිසේ සිට පා දක්වා මම දිහා විමසිලිමත්ව බැලුවා.

” මේ ළමයා…….”

මම දිහා බලල ගුරුන්නාන්සේ ඒක ඇහුවේ තේ එකක් අරන් ඔහු ලගට ආවා අරුනගේ අම්මගෙන්.

” ආ ගුරුන්නාන්සේ අයියා දන්නවත් ඇති ,මේ තමා අපේ මැගී නැන්දලාගේ ලොකු කෙලීගේ ලොකුම පුතණ්ඩියා……..”

” ආ… මට ලාවට ලාවට වගේ මතකයක් තියෙනවා… අර හීන්මැනිකේ කියන්නේ එයාගේ……”

ගුරුන්නාන්සේ කිව්වේ තේ එක ගනිමින් මම දිහාම .

” ආ ඔය මතකේ තියෙන්නේ ,හීන්ඇනිකෙගෙ ලොකු පුතන්ඩියා තමා මේ ,සුනිමල්.. අපේ වැඩෙට අපේ කොල්ලත් එක්ක දුවල පැනලා හරියට මහන්සි වුනා…”

අරුනගේ අම්මා ලීලාවතී ඒක කිව්වේ මම දිහා සෙනෙහෙබර බැල්මකින් බලාගෙන. මේ ගුරුන්නාන්සේ අපේ අම්මාගේ නම දන්නව කියන්නේ ඒ කියන්නේ මේ ගමට අමුත්තෙක්ම නෙමේ… හිතපු මම අරුනගෙ අම්ම දිහා බැලුවා.

” කෝ නැන්දේ අරුන…”

මම ඒක ඇහුවේ ආවමයි අරුන පේන්න උන්නේ නැති නිසා.

” පොඩි පුතත් එක්ක එලදෙනයි පැටියයි බදින්න වත්ත පල්ලෙහට ගියා. එනකම් මේ පුටුවක් ඉදගෙන මේ ගුරුන්නාන්සේ මාම එක්ක කතා කර කර ඉන්ඩකෝ..”

එහෙම කියල අරුණ ගෙ අම්මා ගෙට ගියේ මායි ගුරුන්නාන්සේ යි තනිකර.

” මේ ළමයා මට හොදට හුරුපුරුදු මූනක්…… ඔය ළමයගේ ගම් පලාත”

ගුරුන්නාන්සේ ඒක ඇහුවේ මම පුටුවක ඉදගත්තා ට පස්සේ.

” අපේ ගම කොබෙයිගනේ…..”

ගම වෙන නමක් වුනත් මම කිව්වේ අපේ ගමට ලගම නගරයේ නම.

” කොබෙයිගනේ කිව්වේ. මම ඒ හරිය දන්නවනේ… කොබෙයිගනේ ටවුම් එක ලගමද”

” නෑ…කොබෙයිගනේ පහුවෙද්දි හම්බුවෙන ධීරානන්ද මාවතෙන් හැරිල ඇතුලට එන්ඩ ඕනේ ,අපේ ගම අලහේනේගම”

” අලහේනේගම. මම හොදට දන්නවනේ ඉස්සර මම එහෙට ගියානේ මේ වගේ ශාන්තිකර්මවලට මගෙ නෑදෑයොත් ඉන්නව එහෙ. ගොඩක් දවස් එහෙ ඉදලත් තියෙනවා. ඔය ළමයගේ අප්පොච්චගෙ නම මොකක්ද ”

” සියාතුබන්ඩා….”

” ඔහෙප් පලයන් ,මේ සියාතුබන්ඩෙගේ කොල්ලෙක්ද,ඒකනේ මට මූනේ මතකයක් තිබ්බේ… මම හිතන්නේ මේ සියාතු බන්ඩගේ වයසත් එක්ක බලද්දී මේ සියාතුබන්ඩගේ ලොකුම කොල්ල වෙන්ඩ ඕනා… ”

ඒත් ගුරුන්නාන්සේ එහෙම කිව්වට ගමෙ අයනම් කියන්නේ මගෙ මුහුනුවර සමාන අම්මාගේ මූනට කියල. මල්ලිලා දෙන්නටනම් තිබ්බේ තාත්තට සමාන මුහුනුවර

ගුන්නාන්සේ ඒක අහල මගෙ දිහා බලන් උන්නේ දෑස් නොදල්වා.. හරියට මට දැනුනෙ මම දෙන පිලිතුර ඔහුට හෙන වැදගත් දෙයක් වගේ……

” ඔව් මම තමා අපේ පවුලේ වැඩිමලා…..”

මම කිව්වා.

” ඒකනේ මට ටක්කෙටම ඒක හිතුනා. ඉතින් සියාතුබන්ඩෙ සනිපෙන් ඉන්නවද…… සියාතුබන්ඩෙගේ අක්කා නම් කසාද බැදල ආවෙත් අපේ ගමටනේ…. මට ආරංචිවුනා සියාතු බන්ඩෙගේ අයියා… ඒ කියන්නේ ඔය ළමයගේ මහප්පා අන්ත්‍රා වුන පුවතක්. පව් හරි හොද මනුස්සයා. මාත් එක්කත් හරියට කතා බහ කරල තියෙනවා….”

ගුරුන්නාන්සේ කිව්වේ කම්පාවෙලා වගේ.

” ගුරුන්නාන්සේ මාමට වැරදිලා වගේ……මට හිතෙන්නේ ඔය ගුරුන්නාන්සේ මාම හිතන සියාතුබන්ඩෙ කියන කෙනා නෙමේ වෙන්න ඕනා අපේ තාත්තා….”

” ඇ…ඇයි එහෙම කියන්නේ…….”

ගුරුන්නාන්සේ ඒක අහල මම දිහා බලං උන්නේ දෑස් නොදල්වා………..ඊලග කොටස

ඇත්තටම ඇයි සුනිමල් එහෙම කිව්වේ…..මොලකාරයො මොලකාරයො ටික ඊලග කොටස දානකම් අනුමානයක් කරන්නකෝ……… කතාව සමහර විට ඔයාල හිතන්නේ නැති විදිහට ගලන් යනව ඇතී…..

ඉතින් සදලතා නිසා කතාව කොහොම ගලාගෙන ගිහින් ඉවරවෙන තැනට යනකම් මායි මගෙ කතාවයි එක්ක ඔයාල ඉන්නව නේද…

ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩාක් ස්තූතීයි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.