Katha Ahura

සඳලතා |5 වන කොටස | හොල්මන් කතා

4.1/5 - (17 votes)

සඳලතා නිසා 05 කොටස

” අපේ තාත්තා ට වැඩිමල් සහෝදර සහෝදරියො නෑ…. තාත්ත තමා පවුලේ වැඩිමලා.”

මම ඒක එච්චරම ගානක් නැතිව කිව්වත් මම දැක්ක ඒ දේ ඇහුවට පස්සේ ගුරුන්නාන්සේ මේ ඇස් දීප්තිමත් වෙනවා.

” එහෙමද ,එහෙනම් මම හිතන සියාතුබන්ඩ ඔය ළමයිගේ තාත්ත නෙමේ වෙන්ඩ ඇතී.”

කියපු ගුරුන්නාන්සේ බිබී උන්නු තේ කෝප්පේ ඉවරවෙලා ඒක ලග තිබ්බ පුටුවක් උඩින් තියලා අතට ගත්තේ බුලත් පෙට්ටිය.

” ගුරුන්නාන්සේ මාම කරන්නෙ කොඩිවින කපන ඒවා වගේ දේවල් විතරද”

” ඇයි එහෙම අහන්නේ ,මම නොකරන දෙයක් නෑ කොල්ලෝ….මට දෙහි කැපීමේ ඉදල යක්කු අරන් වැඩගන්න පුලුවන් තැනට යනකම් ඒ දේවල් පුලුවන්…. උබත් ආසයිනම් මාත් එක්ක වරෙන් ,මට ඕනනම් කියල දෙන්න පුලුවන් ,ඔය පොඩි පොඩි වැඩ….”

කියපු ගුරුන්නාන්සේ ටකස් ගාල ගිරෙන් පුවක් ගෙඩියක් කැපුවා…

” නෑ මාත් ආසයිනම් තමා… ඒත් පොඩ්ඩ්ක් බයයි වගේ… ඕව ඉතින් ගොඩක් කරන්නේ යක්කු පෙරේතයොත් එක්කනේ….. ගුරුන්නාන්සේ මාම ඔය වශි ගුරුකම් වගේ දේවල් ,ඒවත් කරන්න පුලුවන්ද…”

මම ඒ දේ කිව්වේ එදා චාමරගේ උදව්වට බුලත් ඉනි කපද්දී ,චාමර කියපු දෙයක් මතක් වෙලා. ඒක ඇහුවට පස්සේ ගුරුන්නාන්සේ මම දිහා බලල හිනාවුනේ කටකොනකින්.

” ඇයි උබට එක පාරටම වශී ගුරුකම් පැත්තට පනින්ඩ හිතුනේ… ඇයි කෙල්ලෙක්වත් ඉන්නවද වශී කරගන්ඩ…….”

කිසිවක් කියාගන්ඩ බැරිව මම ලැජ්ජාවෙන් හිනාවුනා.

” වශී ගුරුකම් කම තියෙනවා හිසේ කෙස් ගානට ,ටක්කෙටම ඉතින් කරගත්තොත් ජීවීත කාලෙටම ඇතී.. කෙල්ලෙක්ට වශී බන්දනයක් කෙරුවොත් ඒ කෙල්ල දිවි තියෙන තුරාම වශිය කරපු කෙනාට යටත් වෙනවා… අයේ බැලි කික්කියකට චික් චික් ගාල අඩගහනේ එතකොට ඒ බැල්ලී එන්නේ ඒ වගේ එනවා පස්සෙන්…..

සමහර වශි තියෙනවා ඒවා කොච්චර ප්‍රබලද කිව්වොත් කොල්ලෝ ,මේ ආත්මෙට නෙමේ ඊ ලග ආත්මවලටත් ඒ වශී ගරුකමේ බලය යනවා……”

” අම්මො ගුරුන්නාන්සේ ,ඒ වගෙ වශී ගුරුකමුත් තියෙනවද…….”

” අයෙ නැතුව කොල්ලෝ… ඕන තරම් තියෙනවා….”

” ඉතින් ගුරුන්නාන්සේ ඔය ලේසි වශී ගුරුකම් එහෙමනැද්ද ,ඔය නිකම් අපිට වගේ කරගන්ඩ වගේ…….”

” හහ්…හහ් හා… මට පේන්නේ.. කොල්ලටත් ඉන්නව වගේ බෑයි කියන කෙල්ලක් වශී කරගන්ඩ……….”

ගුරුන්නාන්සේ කිව්වේ මහ හඩින් හිනාවෙලා.

” න්…..නෑ…. එහෙම එකක් නෙමේ…. මම ආසයි ඒ ගැන දැන ගන්ඩ…..”

” එකක් තියෙනවා ,ඒක කරන්නේ බුලත් කොලේකට මතුරලා ,ඉස්සෙල්ලාම කරන්නේ ලොකු බුලත් කොලයක් කඩන් ,ඒකේ හරි හතැරැස් කොටුවක් අදිනවා.. ඊට් පස්සේ කොටුවවලට බෙදල ඒ කොටුවක් ඇතුලේ අර මන්තරේ අකුර අකුර ගානේ ලියනවා. ලියල ඉවරවෙලා අර මන්තරය 108 පාරක් බුලත් කොලේ දිහා බලන් මතුරනවා…

ඊට පස්සේ ඒ බුලත් කොලේ අරන් ගිහින් අර වශී කරගන්ඩ ඕනා කෙනාට කන්ඩ දෙන්ඩ ඕනා. බුලත් කොලේ කෑව කියන්නේ ඉතින් ගොඩ…. ”

” වෙන වශී කම නැද්ද ටිකක් ඔයිට වඩා ලේසී”

මම ආයේ පාරක් ඒ දේ ගුරුන්නාන්සේ න් ඇහුවේ අර බුලත් කොල වශිය මම වගේ කෙනෙක්ට කරන්න අසීරුයි බව හැගුනු නිසා… අනික බුලත්කොලේට අමාරුවෙන් හරි මතුරන් ගියා කියමුකෝ. ඒත් බුලත් කොලේ ඇදල තියන මන්තරේ දැක්කම කවුද කැමතිඒ බුලත් කොලේ කන්න.

” හ්ම්ම්ම්ම්. ලේසී එකක් නේ….. ”

එහෙම කියල පුටුවෙන් නැගිටපු ගුරුන්නාන්සේ බුලත් බුලත් කෙල පාරක් මිදුලට ගැහුවා.

” කොල්ලෝ මම මේ දේවල් ,මගේ නෑදෑ කොල්ලෙක්ටවත් කියන්නේ නෑ… ඒත් උබ දැක්කම මහෙ හිත පොඩ්ඩක් පැහදුනා… ඒ හින්දා කියන්නම්කෝ… ඕනනම් ,ඒ මන්තර සාත්තරේ උබට දෙන්න වුනත් මම මනාපයි. උබේ දේහ ලක්ශන වලට වුනත් උබට මන්තර සාස්තරේ හරියන බව පේනවා……”

” ඉතින් ගුරුන්නාන්සේ මාමේ ඒකත් කියන්නකෝ…. මාත් ආසයි ඒකත් දැනගන්ඩ….”

මම කිව්වේ වටපිට බල බලා… අරුනලා එන්න කලින් අහගන්න පුලුවන් වුනොත් හොදා කියලයි මගෙ හිත කිව්වේ.

” ඒ වශිය කොච්චර බලවත්ද කිව්වොත් ,ඒ වශිය ආත්ම ගානක් යනකම් තියෙනවා… ඒක කරන්නේ වතුරෙන්…..”

” වතුරෙන්…..”

” හ්ම්ම්ම්ම්ම් වතුරෙන් තමා කරන්නේ… ඉස්සරවෙලාම වශී කරගන්ඩ ඕන කෙනාගෙන් වතුර විදූරුවක් ඉල්ල ගන්න ඕනා කොහොම හරී. ඊට පස්සෙ ඒ වතුර වීදුරුවට වශි මන්තරෙන් මතුරන්ඩ ඕනා… ඊට පස්සෙ කොහොම හරි ඒ වතුර වීදුරුව අර වශීකරගන්ඩ ඕන කෙනාට පොවන්ඩ් ඕනා….ඒ වතුර බිව්වා කියන්නේ ඉතින් මේ ආත්මේ නෙමේ ඊලග ආත්මවලත් ඒ වශිය බලපවත්වනවා…….”

” ඒත් ගුරුන්නාන්සේ ඇයි ඔය වශිය ඒ තරම් ප්‍රබල ,අනිත් ආත්මවලටත් යන්න තරම්….”

” වතුරෙන් කරන හින්දා… හිතපං ,ඔය වතුරත් හරියට අපේ සංසාර චක්‍රේ වගේ… එකපාරටම අහසේ ඉදල වැටෙනවා… ඊට පස්සේ ගලාගෙන යනවා. ඊට පස්සේ ආයෙම ටික කාලයක් යද්දී ඒ වතුර වාශ්ප වෙලා කාටත් හොරෙන් අහසට යනවා… ආයෙම වැහිවලාකුලු විදිහට ගැබ්බරවෙලා ආයෙත් පොලව්ටා කඩා පාත්වෙනවා…

හරියට අපේ සංසාර චක්‍රෙම වගේමයි. ඉපදෙනවා ,ටික කාලයක් ජීවත්වෙනවා ,මැරෙනවා… ආයේ මව්කුසක් ඇතුලට ගිහින් ආයේ ඉපදෙනවා…….තේරුනාද උබට….”

ගුරුන්නාන්සේ මා දිහා බැලුවා…

” තේරුනා ගුරුන්නාන්සේ ,ගුරුන්නාන්සේ ඉතින් ඔය මන්තරේ මටත් දෙන්ඩ බැයිද……”

මම ඒක ඇහුවේ සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන…..

” මොකද බැරී… දෙන්ඩ පුලුවන් හැබයි ඉතින් උබත් මට දෙයක් කරන්න ඕනා…..”

” ඒ මොකක්ද ඒ…..”

මම ඇහුවේ කුතුහලයෙන්.

” මේ දවස්වල මම තොවිල් පවිල් වලට යද්දී අඩගහගෙන යන ආවතේවකාර කොල්ලා අසනීප වෙලා… මට තනියම තමා දැන් යන හැම තැනම යන්න වෙලා තියෙන්නේ… ඒක මට අමාරුයි… ඉතින් උබට බැයිද මගෙ ආවතේවකාරයා විදිහට එන්ඩ….”

මා දිහා බලල ගුරුන්නාන්සේ කිව්වේ තීරණාත්මක දෑසකින් බලන්.

” ගුරුන්නාන්සේ මාම මට අර මන්තරේ අනිවාර්යයෙන් ම දෙනවනේ….”

” ආයෙත් අහනවා… මා එක්ක එනවනම් ,එක මන්තරේට මන්තර දාහක් දෙන්නම්කො…හහ් හහ් හා…….”

ගුරුන්නාන්සේ ඒක කියල හිනාවුනා.

” හ්ම්ම්ම්ම්ම් මම එහෙමනම් ටික දවසකට හරි එන්නම් ගුරුන්නාන්සේ මාම ගේ ආවතේව කාරය විදිහට…”

” ආන්න එච්චරයි…….”

ගුරුන්නාන්සේ කිව්වා.

*******************************

එදා බදදා රත්‍රී රැය උදාවෙද්දී අපි කට්ටිය අරුනලාගේ කාමරේකට රැස්වෙලා කොඩිවිනේ කපන්න හැටි බලන්න ලක ලෑස්තිවෙලා උන්න. කාමරේ බිම සුදුරෙදි එලා මල් බුලත් තට්ටුව්ක් සාදා කොඩිව්නේ කපන්න ඕන කරන දේවල් අපි පිලිවෙලට හැදුව….

ගුරුන්නාන්සේ මල් බුලත් තටුව ඉස්සරහ අපිය පිටුපා ඉදගෙන ඉද්දී අපි කට්ටිය කරන දේවල් බලන් උන්නා.

” හරි මම මේ මන්තර මතුරද්දී ඔය තියෙන දෙහි මෙන්න මේ තට්ටුව උඩින් අතුරනවා හොදා…”

ගුරුන්නාන්සේ ඒ දේ අරුණ ලාගේ තාත්තට කියද්දී ඔහු හිස සැලුවා.. ඊට පස්සේ ගුරුන්නාන්සේ මන්තර මතුරන්න පටන් ගනිද්දී අරුණ ගෙ තාත්තා ඒ දෙහි පිලිවෙලට අතුරන්න පටන් ගත්තා.

ඒකත් ඉවරවුනාට පස්සේ ගුරුන්නාන්සේ කලේ පංච ශීලය සමාදන් වීම. අපි ඕක්කොම ඒ දේවල් බලන් උන්නේ වැදගෙන.

අරුන විසින් ගිනි කබලකට දාල ඇල්ලූ කට්ටකුමංජල් සුවදින් මුලු කාමරය පිරි යන්න පටන් ගත්තා…. දැන් දැන් ගුරුන්නාන්සේ පොඩ්ඩ පොඩ්ඩ ආවේග ශීලී වෙලා මන්තර මතුරගෙන ගියා දිගටම.

” ශිව මස්තූ……..නමෝ රාමා………
කන්ධ සේනා…….සමාගමා……….
වඩිග තන්ත්‍ර….මණී…….කන්ඨ…
ඔඩ්ඩි මංගල….. නමෝ නමාහ්..

අග්නික් කන්ධංච…..හස්තතේන
හස්තේන…. වඩිග කර්ගතේ…….
මු…..ඛේන විෂ සර්පේන….
ශීර්ශේ….. පංච කේශකේ….

උදරේ……නාග බන්දාමී…..
නීලෝ…..ත් තුරග වාහනා……
සූනීයම් දේවතා…..නාම….
මෛහන්තූ…..පාදකේ…නමාහ්….”

ලයාන්විත හඩින් ගායනා කරමින් ගුරුන්නාන්සේ පලමුව ආරාදන කෙරුවේ අනිවින කොඩිවින වලට බලපවත්වන හූනියම් දෙයියන්ටයී

ඊට පස්සේ කොඩිවිනේට අයත් යකා….. මහසෝනා…ඊරි යකා… කලු යකා…අබීමාන් යකා…කඩවර යකා…. අවසානයේ මාරයා…..ඔය ඔක්කොම යක්කු යක්ශනියන් ගෙන්ව ගන්න මන්තර මතුරන්න පටන් ගත්තේ වියරුවෙන් වගේ….

ඒ වෙද්දී මැදියම් රෑත් කිට්ටුවෙන්න ඔන්න මෙන්න තිබ්බා ,කට්ටකුමංජල් දුම් කබල මායි අරුනයි වරින් වර දිගටම ඇල්ලුවා.

” හ්ම්ම්ම්ම් දැන් ඔය වතුර පුරෝපු මැටි කොරහ මෙහාට ගනිල්ලා……”

ගුරුන්නාන්සේ අරූඩෙන්ම අනකරද්දී අරුනගේ තාත්තා ගුරුන්නාන්සේ ලගට ඒක කිට්ටු කෙරුවා….

ඊට පස්සේ ගුරුන්නාන්සේ තට්ටුවේ අතුරපු දෙහි ගෙඩි එකින් එක කපල කොරහට දාන්න පටන් ගත්තේ ආයෙම පාරක් වියරුවෙන් මන්තර මතුරමින්…………

” අල්ලලා හූ කිඩ ඔට්ටු මරු කුදිර අඩා කුදිර විස කණ්ඩි ඔන්න අරගන් බා බා වින කල ඇදුරා එලාගන් පෙරලාගන් තීන්දූ තීන්දූ ,යමදොරට ගෙන ගිය ඉර ගර අවර බිල්ල ඉරා ශර උරා මරණ පුරු අඩා පුරා ,ශර මරු පෙරලෙයි ගිනි ගුරු උපුටයි. දෙපසට ගිණිලයි. විශයට මරණයි. අටකොන බාරයි. රුවන්දොර පෙරලෙයි………………………

විෂ්ණු රන්දුනු සැරෙන් වින පෙරලා ගිනිගන්.මේ විනකල ඇදුරාට වැදී ගිනි ගන් පෙරලාගන් රවි කුජ ඔට්ටු බිලිපාරේ පන්දු අශට ගතේ… දලේ රේඛා තරූ…….”

ගුරුන්නාන්සේ ආරුඩවෙලා කරන දේවල් වලට දැන්නම් මට ඇතිවෙන්නේ තැතිගැන්මක්…. කපන් කපන් දෙහි කොරහට වැටී වතුර රතුපාටට හැරෙන්නේ අපි ඔක්කොම පුදුමෙන් බලන් ඉද්දීයී. මැටි කොරහේ වතුර තැන් මට පේන්නේ රතුම රතු ලේ වලින් පිරිලා විදිහටයි.

ඒත් තවත් නෑ ගුරුන්නාන්සේ වියරුවෙන් වගෙ ඉතිරි දෙහිත් කපමින් මන්තර එකදිගටම මතුරනවා…….

” වින කල ඇදුරා ඊරි මඩුල්ලේ ඊරී දේවාතාවුන් වහන්සේට බාරයි. ඔහුගේ අඹුදරුවන් නුබට බාරයි. ඔහු මරු හිත කලබා එලාගන්ඩ….තනිපල ඊරී මස්සිනා නුබට බාරයි. ඊරී යක්ශනී විනකල ඇදුරා දිශ්ටි ගං තෝස්වාහා………

වින කල ස්ත්‍රී පුරුශයො ඇත්නම් විනකල ඇදුරෙක් ඇදුරියක් ඇත්නම් ඔහු හිස පුලුටු කුම්බරයාට බාරයි. ගැබ දරණය ලේ කුම්බරයාට බාරයි.

උකුල දෙපා කෙණ්ඩ හෙන කුම්බරයාට බාරයි. දෙවොල් තුන් සමයමට අරක්ගත් ඊරී සොහොන් යක්ශයෝ සත් දෙනාට මේ විනකල ඇදුරාගේ ලේ ඊරී ඇට සන්ධි නහර කැප ගං……………”

ගුරුන්නාන්සේ අවසාන දෙහි ගෙඩියත් ගිරෙන් කපල අර ලේ රතුවුන මැටි කොරහට දැම්මා…………

” හරි දැන් කොඩිවිනේ කපලා ආපිට හැරෙව්වා… ඉස්සරහට ආරංචි වෙයි කවුද මේ කොඩිවිනේ කරපු එකා කියලා….. දැන් ඊරි මඩුල්ල්ලෙ යක්ශ යක්ශනියො, මාරයට ඒ බිලි හොයල දෙන්ද මේ කොඩිනේ කරපු ගුරා ලගටයි ,කරන්ඩ අනුබල උන් කට්ටිය ලගට යි විදිලි වේගෙන් ගිහිල්ලා ඇතී…….දැන් ආයේ ඒ වගේ දෙයක් නොවෙන්ඩ මේ මතුරල තියෙන ආරක්ශක මුට්ටි හතර වත්තේ හතර කොනේම වැලදැම්මොත් හොදා……”

ගුරුන්නාන්සේ එතන තිබ්බ ඒ ආරක්ශක මුට්ටි අපිට පෙන්නුවේ මුහුනෙන් බේරෙන දාඩිය වැල් පිස දමමින්.

ඒ ආරක්ශක මුට්ටි අරුනයි අරුනගේ තාත්තයි අතට ගනිද්දීමයි අපිට ඒ මැදියම් රැයේ ඒ බිහිසුනු හඩ ඇහුනේ………

“හූ………………
හූ………………
හූ……………..

ගම ඇතුලින් යටගිරියෙන් මාරුවිකල්ලෙන් වගේ එක දිගට හූ හඩවල් තුනක් ඇහුනේ මගේ ඇගේ රෝම කූප පවා කෙලින් කරමින්……………ඊලග කොටසට සඳලතා නිසා

මොකක් වෙන්ඩ පුලුවන්ද ඒ හූ හඩවල්… අනුමාන කොරන අය අනුමාන කරන්නකො ඊලග කොටස මම දානකම්….

කාතාව කියවල පිට පාරෙන් යන්ඩ එපා ඉතින් ,ලයික් කමෙන්ට්ස් එකක් දාලම යමූ.. කතාව කියවල ලයික් කමෙන්ට්ස් කරන අයට ගොඩක් ස්තූතී…..

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.