Katha Ahura

සඳලතා |6 වන කොටස | හොල්මන් කතා

4.4/5 - (5 votes)

සඳලතා නිසා 06 කොටස

” ඔය මම කිව්වේ ඊරි යක්ශ විමානේ යක්කු හෙන වේගවත් ,මෙහාට කොඩිවිනේ කරපු එකා ඉදල තියෙන්නේ මේ ගමේමයි. ඉකමනටම ආරංචිවෙයි උබලට ,මේ කොඩිවිනේ කරපු එකා කවුද කියලා. මම ආපිට කපපු කොඩිවිනයක් එහෙම ලේසියෙන් වැරදිලා නෑ… මෙතන හිටපු කිසිම කෙනෙක් දැන්ම යන්ඩ එපා හූ ඇහුනේ කොහෙන්ද කියල හොයන්ඩ…මැරුන එකාගේ මිනීවල කපන්ඩ දැන් ලෑස්ති වෙයල්ලා.”

ගුරුන්නාන්සේ කිව්වේ ලොකුම ලොකු හපන්කම ක් කෙරුවා වගේ. ඇත්තටම ඒක ඇත්තනම් ඒක හපන්කම වගේ නෙමේ ,හපන්කම ක් ම තමා……

ගුරුන්නාන්සේ කිව්ව විදිහටම අපි කට්ටිය එකතුවෙලා ආරක්ශ මුට්ටි හතර අරුනලාගේ වත්තේ හතර කොනේ වැලලුවා. එලිවෙන්න තිබ්බේ තව පැය තුන හතරක් නිසාම මම එදා රෑ නිදාගත්තේ අරුණ ලාගෙ ගෙදරයි.

” ඉතින් කොල්ලෝ ,උබ මම ඊයේ කිව්ව දේට කැම්තිද,මගෙ ආවතේවකාරයට එන්ඩ.”

ඊලග උදයේ ගුරුන්නාන්සේ ඒක මගෙන් ඇහුවේ මම කිරි අම්මලාගේ ගෙදරට එන්න ඔන්න මෙන්න තිබ්බ වෙලාවකයි. ඒ වෙලාවේ අපි ලග කිසිම කෙනෙක් උන්නේ නෑ.

” හ්ම්ම්ම්ම් මම එන්නම් ගුරුන්නාන්සේ ,ඒත් මට එන්ඩ වෙන්නේ ගෙදර අයට හොරෙන් තමා.. මම හිතෙන්නේ නෑ ඔය වගේ වැඩවලට මම යනවට ගෙදර අය කැමතිවෙයි කියල ”

” කොහොමහරි… උබ මාත් එක්ක ආවොත් වාසියක් මිසක් අවාසියක්ම වෙන්නේ නෑ කොල්ලෝ….. වශී මන්තරයට වශී මන්තර දාහක් දෙන්නම්කො මම ,එහෙමයි මගෙ වැඩ හහ් හහ් හා………උබ එහෙනම් එනකම් මම බලං ඉන්නවා…..”

මම එදා අරුලාගේ ගෙදරින් ආවේ ,ගුරුන්නාන්සේ ගේ ආවතෙවකාරය විදිහට මම එනවා කියල ඔහුට පොරොන්දුවකුත් දීලා…..

අරුණ ලාගේ ගෙදරයි අපෙ කිරි අම්මාලාගේ ගෙදරයි අතර පොඩි දුරක් තිබ්බා. මම කිරිඅම්මාලාගෙ ගෙදරට එන්ඩ හිතං මද දුරක් එද්දී මම දැක්කේ පාරේ එක තැනකල එකතු වෙලා ගම්මු කීපදෙනෙක් කලබලෙන් වගේ මොනවද කියව කියව ඉන්න හැටි.

මාත් පොඩ්ඩක් එහාට කිට්ටි කරල මොනවද ඔවුන් කතා වෙන්නේ කියල කන්දීගෙන උන්නා.

” වැඩේ වෙලා තියෙන්නේ ඊයේ මහ රෑ ජාමේ…..එකපාරටම නිදාගෙන හිටපු විමලසේනගේ ගෑනිට ඇහිල තියෙනවා ගේ වටේට හයියෙන් කවුරුහරි එක දිගටම දුවනවා… ඊටත් පස්සේ පොල් කොල වහලේ උඩට වැලි වැටෙනවා ඇහිලා ගෑනී හොදටම බයවෙලා….

විමලසේනට කතාකරද්දී විමලසේන හෙයි ඇතුලේ නෑලූ… ඉස්සරහ දොරත් හායි ගාල ඇරිල තියෙනව දැකල විමලසේන ගේ ගෑනී තවත් බයවෙලා…..හොදටම කලබල වෙලා ළමයි එක්ක විමලසේනව හොයද්දී ගෙයි ඉස්සරහ පැත්තෙන් යටගිරියෙන් හූතුනක් ඇහිලා…….”

” අපිටත් හොදටම ඇහුනා ඒ හූ තුන”

කතාකර කර හිටි ගැමියාගේ කතාවට කෙනෙක් බාදාකෙරුවා.

” ඊට පස්සේ විමලසේන ගේ ගැනී එතනට කිට්ටු කරල තියෙනවා. විමලසේන ඇස්ගෙඩි ලොකු කරගෙන දිවත් එලියට දාගෙන එතන වැටිලා. මැරිලා……ඇගේ ලේ බිංදුවක්වත් නැතිව වගේ සුදුමැලිවෙලාලූ…..මිනිය බලන්ඩත් බය හිතෙනවලූ”

” හප්පොච්චියේ යකෙක් වත් ගහලද ,,, ”

තව එක ගැමියෙක් කිව්වේ බයවෙලා වගේ.

” එහෙම තමයි හිතෙන්නෙ,මහ රෑ ඔහොම හූ කියාගෙන මැරිලා වැටෙන්නේ යකෙක් ගහලම තමා… මිනියේ බෙල්ලේ සීරිම් වගයකුත් තිබ්බලූ… ඒ මදිවට කොරේ පිටට මරේ කිව්වලූ…..”

” ඇයි කිරිබන්ඩ යියේ එහෙම කිව්වේ…..”

” ඊයේ රෑම විමලසේන ගේ ලොකු කෙලි බැදල හිටපු උපාලියටත් පොලගෙක් ගහලුනේ…..”

” නෑ….හ්…”

” ඔව් මේ කරදර ඔක්කොම අස්සේ ඌවත් කට්ටියම එක්කහුවෙල මහ ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහිල්ලා……”

තව මොන මොනාවාදෝ ගම්මු එක දිගට කතාවුනත් මම ඒවා නොඅසා කිරිඅම්මලාගේ ගේ පැත්තට ඇදුනා.

විමලසේන කියන්නේ අරුනලාගේ තාත්තගේ අයියා. කොඩිවිනේ ඊයේ රෑ කපල ආපිට හැරවීමත් ,විමලසේන මාමට වුන මේ විපතත් අතර සම්බන්දයක් තියෙනවා කියලයි මගේ හිත කිව්වේ.

අරුනලාගෙ ගෙදර කොඩිවිනේ කපනවා කියලා ගමේ වෙන කිසින කෙනෙක් දැනන් උන්නේ නෑ. හොර රහසේම කරපු ඒ වැඩේ ගැන දන්නේ ගමෙන්ම ,අරුනලාගේ ගෙදර අයයි, අපේ කිරිඅම්මාලගේ ගෙදර අයයි විතරයි.

අරුනලාගේ ගෙදරට ගුරුන්නාන්සේ කෙනෙක් ආව එක ගමය එච්වරම විශේශත්වයක් වුනෙත් නෑ. අරනලාගේ අම්මාගේ නැදෑ කෙනෙක් වුන ගුරුන්නාන්සේ විඩෙන් විඩෙ අරුනලාගේ ගෙදරට ඇවිත් කලක් නැවතිලා යන එකයි ඊට හේතුව වුනේ.
*************************************

කිරි අම්මාගෙයි ,කිරි අත්තාගෙයි අදහස වුනේ අරුනලාගේ ගෙදරට කොඩිවිනේ කරන්න ඇත්තේ අරුනලාගේ මහප්පා වන විමලසේනත්, විමලසේනගේ බෑනයි එක්ක කට්ටඩියෙක් හොයාගෙන කියලයි.

විමලසේනගේ බෑනට එදා රැම පොලගෙක් කෑවේ කොඩිවිනේ කරන්න අත් උදව්දෙන්න ඇති නිසා බවයි ඒ දෙන්නගේ අදහස වුනෙ.

එදාත් හවස් යාමේත් ලංවෙද්දී මම ගියේ ගුරුන්නාන්සේ මාමත් එක්ක කතා කරන අදහසින්. මේ වගේ දේව්ල් කරන්න ගුරුන්නාන්සේ ට පුලුවන් කියන්නේ ඉතින් වශී ගුරුකම් වගේ දේවලුත් හොදටම කරන්න පුලුව්න් ඇතී….

” අයියා මේ වගෙ දෙයක් කරල කියල දැනන් උන්නනම් මම මේ කොඩිවිනේ කපනව මිසක්කා ආපිට යවන්නේ නෑ…”

අරුලාගේ ගෙයි මිදුලට එද්දීමයි මට අරුනලාගේ තාත්තා ජයසේනගේ හඩ ඇහුනේ…….

” හොද අයියා… හරි හමන් අයියෙක්නම් ඔය වගේ දෙයක් අපිට කරයිද.. මට උහුලගන්ඩ බැරී ඒ වැඩේ හින්දා මගේ නොදන්නා මගේ කොලුපැටියත් මැරිලා ගිය එක. තාත්තානම් හිටියේ වයස ගිහින්නේ…..”

අරුනගේ අම්මාගෙ හඩ ඇහුනා.

” ඇයි දෙයියනේ අයියා මෙහෙම දෙයක් අපිට කෙරුවේ….”

” මම කලිනුත් කිව්වේ කෙරුවේ අපිට තියෙන ඊරීසියාව හින්දා… තාත්ත අපිට අදිනවා කියල හිතුවා… අපි අලුතින් කඩයක් දාල ඒක දියුනුවෙනවට ඉදල තියෙනේ ඊරිසියාවෙන් තරහෙන් වෙන්න ඇතී. පවුලේ වැඩමලා කියලා එයා තාත්තගෙන් ලොකු ඉඩම් කෑල්ලක් ඉල්ලලා ඒක තාත්තා නොදුන්නටත් උන්නේ තරහින්……..”

ඔවුන්ගේ කතාව මදකට නතරවෙන්න ඇත්තේ මගේ අඩි හඩ ඇහිලා වෙන්න ඇතී….
*****************************************

ගුරුන්නාන්සේ මාමත් එක්ක තනියම කතාවක් දාන්න මට සෑහෙන්න වෙලාවක් බලන් ඉන්න වුනේ නෑ….

අරුනලාගේ ගෙදර අය මලගෙදර ගියා.

” දැක්කනේ කොල්ලො මගේ වැඩ කොඩිවිනේ කොරපු ,උදව්වුන ඔක්කොම වැලිගම් පිටි යන විදිහට වැඩේ කෙරෙව්වා…මේ වෙද්දී කරපු ගුරාත් එලොව ගිහින් ඇතී….මගේ වැඩ ඉතින් කිරි ගහට ඇන්නා වගේ තමා…..”

ගුරුන්නාන්සේ එදා ඉදගෙන උන්නු පුටුවෙ ඉදගෙනම කතා කෙරුවේ එදා වගේම බුලත් විටක් කන ගමන්මයි…

” ඒ කියන්නේ ගුරුන්නාන්සේ ඔය කොඩිවිනේ අරුනලාගේ වත්තේ වලදාල තියෙන්නෙ අරුනලාගේ මහප්පා”

” නැතුව ආයේ……ඒකනේ ඊරි යකා උන්දැලාම හොයාගෙන ගිහින් ලේ බිව්වේ….”

” ගුරුන්නාන්සේ මාමෙ ඔය ගමන්මටත් කියල දෙන්ඩ බැයිද අර වතුරට මතුරලා වශී කරගන්න මන්තරේ……”

මම ආයචනා කරල වගේ ඒක කියද්දී ගුරුන්නාන්සේ හිනාවුනේ මහ හඩින්. කටේ තිබ්බ බුලත් කතා කෙලත් විස්වෙලා ගියා ඒ හිනාවට.

” ඒවා එහෙම ලේසියෙන් කියල දෙන්ඩ බෑ….විශ්වාසවන්තම ගෝලයෙක්ට විතරයි…අනික ඔය වගෙ වටින මන්තරයක් කියල දෙන්න පඩුරුත් ඕනා…..ඒ මන්තර වලට බැදිලා ඉන්න නොපෙනෙන බලවේග කැමති නෑ ඒ මන්තර නිකම්ම කාටවත් දෙනවට……”

” ඉතින් මම ගුරුන්නාන්සේ ට ගානක් දෙන්නම් ,මට් කියල දෙන්න”

” මට පඩුරු ඕනේ නෑ කොල්ලෝ… උබ මගෙ ආවතේවකාරය විදිහට ආවොත් එච්චරයි…..”

” ඉතින් ගුරුන්නාන්සේ මම එනවා කියල කිව්වනේ…..ඒත් ගුරුන්නාන්සේ ඔය වතුරට කරන වශීගුරුකම දැනන් හිටියට වැඩක් නැනේ. ඒ වශී කරගන්න ඕන කෙනාගේ අතින්න්ම වතුර විදුරුවක් ඉල්ලගන්ඩත් ඕනෑ නේද, ඒ වතුරටනේ ඒ මන්තරය මතුරන්නේ……”

” ඔව් ඒක එහෙම තමයි..”

ගුරුන්නාන්සේ කිව්වා…

” එහෙනම් ගුරුන්නාන්සේ මාමේ මම ගමට ගිහින් එයාගෙන් කොහොමහරි වතුර වීදූරුවක් ඉල්ලගෙන එන්නම්……”

” මොකක්…..”

ගුරුන්නාන්සේ ඒක ඇහුවේ පුදුමෙන්…..අවසානේ මම ගුරුන්නාන්සේ ට මගෙයි සදලතාගෙයි කතව කියන්න වුනා…..

” ඔව් ගුරුන්නාන්සේ මට ඕනා කොහොම හරි සදලාතව කැමතිකරවගන්න විතරයි…… ඒකයි මම ගුරුන්නාන්සේ ගෙන් ඔය ගැන ඔච්චරම හාර හාර අහන්නේ……”

” හරි උබ ඔය කියන සදලතාව බැලි කික්කියක් වගේ උබ පස්සෙන් එන තැනට එන විදිහට මම වැඩේ කරල දෙන්නම්කෝ……”

” ඒත් ගුරුන්නාන්සේ එයා වතුර වීදුරුවක් දුන්නොත් ,ඒ විදිහටම වතුර වීදුරුව අරන් එන්න ඕනද….”

” එහෙම ඕනෙ නෑ…. උබ කොහොමහරි ඒ වතුර බොන්නේ නැතිව වෙන බෝතලයක් වගේ එකකට ඒ වතුර හොරෙන් අහක් කරගනින්…..ඊට පස්සේ ඒ වතුර අරන් වරෙන්… මහෙ හූනීයම් දේවාලෙට වෙලමා ඔය මන්තරේ මතුරනවා කියන්නේ අයෙ කිසි පලිද්දක් නැතිව කිරි ගහට ඇන්න වගේ හරි යනව…… ඉතින් ඒක ඒ විදිහට කරගන්ඩ උබට මා එක්ක යන්න එන්නම වෙනවා කොල්ලෝ…..”

” ගුරුන්නාන්සේ මාමේ මම කොහොම හරි සදලතාගෙන් වතුර වීදුරුවක් ඉල්ල ගන්න එක ඉල්ල ගන්නවමයි……”

මම ඒක ස්තිර හඩකින් කියද්දී ගුරුන්නාන්සේ මම දිහා බලන් උන්නේ යමක් මතක් වුනා වගේ ඉරියව්වෙන්.

” හිටින් කොල්ලෝ මම ඒ වැඩෙ උබට තවත් ලේසි කරගන්න විදිහක් කියන්නම්……”

” මොකක්ද ගුරුන්නාන්සේ මාමෙ ඒ…………..”

ගුරුන්නාන්සේ ගේ කටින් පිටවෙන් ඊලග වචම පෙල අහගන්න මම ගුරුන්නාන්සේ දිහා බලන් උන්නේ ඇසිපිය නොගසා…………..ඊලග කොටසට සඳලතා නිසා

මොකක්ද ඒ ලේසි ක්රමය…. සුනිමල් ට සදලතාගෙන් වතුර වීදුරුවක් ඉල්ලගන්න පුලුවන්වෙයිද….මේ ගුරා මොන වගේ ගුරෙක්ද කියලා බලමු ඊලග කොටසින්….අනුමාන කොරන අය එතකම් අනුමාන කරන්නකෝ.

කතාව මම එච්චර දිග කොටස් ගානකට ඇදගෙන යන්න හිතක් නෑ….දෙයක් පටන්ගත්තොත් ,ඒක හොදද නරකද ,වාසිද අවාසිද සාර්ථක ද අසාර්ථක ද , බලන පුරුද්දක් මට නෑ..(ඒක මගේ දුර්වලකමක්) කොහොම හරිවැඩේ ඉක්මනින් ඉවර කරගන්නයි ඕනා….ඒකයි අනිත් අය දානවා වහේ පොඩි කොටස් දාන්නෙත් නැතිව දිග කොටස් දාල මම කතව ඉක්මනට ඉවර කරන්න හදන්නේ……

අද අපේ පැත්තට කරන්ට් එක නෑ… පෝන් එකේ බැට්රී බැහල…නැත්නම් මීටත් වඩා දිග කොටසක් දාන්න තිබ්බා….

ඉතින් වෙනදා වගෙම කතාව කියවල ලයික් කමෙන්ට්ස් දෙන ඔක්කොටම ගොඩක් ස්තුතී.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.