Katha Ahura

සසල අවතාර | 10 කොටස | හොල්මන් කතා |

4.2/5 - (22 votes)

සසල අවතාර 10 කොටස

විසල් වෘක්ශයන් අතු හරස් වීමෙන් අදූරු කාමරේ ට වැටුන සද එලිය මදක් චලනය විය. ශ්වේත දුමාරයක් වන් මීදුමක් ඉතිරි වී මා නෙත් අබියසින් ඒ බයානක ස්ත්රියගේ චායාව අතුරුදහන් වූයේ නෙතු ප පිය හෙලන පමාවටය. මම උන් තැනම බිම වැටී බිත්තියට හේත්තුව දෙදන අස්සෙ හිස ගසා ගත්තේ යටගිරියෙන් නික්මෙන්න තනන බෙරිහන් දීමේ හඩ ආයාසයින් යටපත් කරගෙනය.

” අරෝ මෙහෙ ඇති දෙයක් නෑ බාත් රූම් එකේ දූවිලි මකුලුදැල් පිරිලා”

” ස්…. ස්….සාහිල් මම…. මේ දැන්….”

” අරෝ ගොත ගහන්න එපා මොකද වුනේ..”

මම උත්සහ කලේ මේ ඇස් පනාපිට පෙනී නොපේනී ගිය අද්භූත ගැහනිය ගැන සාහිල් ට පවසන්න ,නමුත් අපේ කතාවට බාදා කරමින් පිටත වීදුරුවක් බිදෙන හඩ ඇසින. සාහිල් මගේ අතින් ඇදන් කාමරෙන් එපිටට දිව්වේ වේගයෙනි. කොරිඩෝව වම් පස අපේ කාමර වූ පෙදෙසේ ටාශි හිටගෙන සිටින අයුරු අප දුටුවෙමු.

” මොකද තමුසෙලට වෙලා තියෙන්නේ ”

” මගෙන අහලට පලයං මිනිහෝ…”

අබිශේක් ඈ අසලට පැමින සැනෙකින් ටාශි ඔඔහුගේ කොලරය අසල අත තබා ඔහුව යලි කාමරේ ට තල්ලු කලෙ ඔහුව ප්රතික්ෂේප කරවමිනි.මාත් සාහිලුත් අදුරේම එඩෙසට දිවගොස් ඔවුන් සාමදාන කරන්න උත්සහ කලේ තත්වේ එන්න එන්න කලබගෑනියක් බවට පත්වෙමින් තිබ්බ නිසාය.

” ටාශි මේක හිමින් විසදගන්ඩ ..ඇයි මේ වැරදි වැටහීමක්නෙ අබීට තියෙන්නේ . අපි ඒක හිමීට අබී එක්ක කතා කරමු ”

මම කිව්වෙමි.

” සාහිල් උබ වරෙන් මාත් එක්ක … ”

අබිසේක් දෙනෙත්වල කදුලු මග හරිමින් කාමරෙන් පිටතට ගියේය.

” බබා ඔයා ටාශී එක්ක කතා කරල බලන්න ….මම යන්නම් අරූ එක්ක අපේ කාමරේ ට.”

සාහිල් හා අබිසේක් පිටතට ගිය පසු මම ගොස් ටාශිලාගේ ඇද මතින් හිද ගත්තේ තෝන්තුවට මෙන් ය. මේ ඉන්නේ ටාශී උනත් ඇගේ සිරුරට අරක්ගත් යම් අද්බූත බලවේගයක් වුවද මම දුර්වල නොවී සිටිය යුතුය. කටකතාවකට වුවද පැවසෙන්නෙ සිය හදවත දුර්වල වූ විට අදුශ්යමාන බලවේග එය අවියක් කරන් අපිටම විරුද්ද වන බවයි….

ටාශී කාමරේට පැමින හිසකේ දමා තිබ්බ කොන්ඩ බූලය ලෙහා දමා කණ්නාඩිය අසලට වී එය ගොතන්න විය. ඇය හිසකේ ගොතා සිටිනු මා දැක ඇත්තේ ඉතා කලාතුරකින් ය. ඈ නිතරම පවසන්නේ එය යල් පැන ගිය ගොඩේ විලාසිතාවක් බවයි. නිතරම කොන්ඩය පෝනීටේලයක් බැද සිටීම ඇගේ පුරුද්දයි.

” ටාශි ඇයි ඔය කොණ්ඩය ගොතන්නේ”

” මීට කලින් කොණ්ඩෙ ගොතනවා දෑකල නෑද්ද”

” නෑ එහෙම නෙමෙ … ඒක අල්ලල දාන්න ඔයා මේකට අබි එක්ක රණ්ඩු කරන්න එපා…මේවා ප්රශ්න තමයි. ඒත් අපි කිසි දෙයක් නොදැන රණ්ඩු කරලා වැඩක් නෑ……’

” කිසි දෙයක්… ඔව්… උබ කිසි දෙයක් දන්නේ නෑ….

එකවරම ටාශී මාවෙත හැරුනේ තත්පරයක මිලියනයකින් එකකටත් වඩා අඩු කාලෙකින් ය. මට ඇස්පිය හෙලන්නවත් වෙලා වක් තිබ්බේ නැත. ක්ශනිකයින් ඈ අතේ තිබ්බ පනාව විසීකර දැමුවේ කෝප වීය. අන්තුරුව ඇගේ හඩ විවර විය. මට එය ඇසුනේ ගර්ජනාවක් මෙනී.

උබට මම කියන්න හද්ද්දී උබ තෙරුම් ගත්තේ නෑ… එකින් එකාව මරනවා…උබ බලාගෙන ඉදපං ඔය කට හොල්ලලා තිබ්බොත් උබව තමා ඉස්සරවෙලාම මුලින්ම මරල දාන්නේ .. නෑ… එකා එකාව මරල දානවා ,අඅපිට එකතු වෙන්න දුන්නේ නැතී හැම බල්ලෙක්වම… හහ්…හහ්…හහ් හා…..

මට එය ඇසුනේ බිහිසුණු ගර්ජනාවක් ලෙසිනි. වියරුවෙන් සිනාසුන ඇය මා අසලට ම එද්දී මම භීතියෙන් ගල් ගැසී ඇද පත්ත ලග ගුලි විය.

” උබ මේ හැමදේම තොපේ ඇස් තොපිට කරපු බොරු වග ,අනිත් උන්ට ඒත්තු ගන්වන්න ඕනා…..මෙහෙන් යන්න හැදුවොත් තොපි ඔක්කොම එක ලේ විලක මරලා දානවා…

ටාශි වියරුවෙන් මෙන් සිනාසී මගේ ගෙල පෙදෙස ස්පර්ශ කලාය. ඒ අතුල් සීතල වී ඇත.කවුලුවෙන් එපිට හූ විලාප දෙන බල්ලෙකුගේ උඩුබිරුමකින් මම වෙවලා ගියෙමි. එක්වරම ඒ අමුනුශ්ය බලවේගය ටාශි ගේ දෙඅතින් මගේ ගෙල සිරකරන්න ගත්තෙ වියරුවෙන් සිනාසෙමින්ය.

බිහිසුණු අදෝනා මතු ඇසෙන්න නියමිතය….

තව කොටසකින් හමුවෙමූ……

කතාව කියවල ලයික් එකක් දීල කමෙන්ට්ස් එකක් කොටන් ම යමුනේ.

✍️නොතෙල්ලා කෙල්ල

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.